සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සංචාරයට සීමා මායිම් නැත.  ඒ ආශ්වාදයට ද සීමා මායිම් නැත. එකිනෙකා විවිධාකාරයට විනෝදාශ්වාදය ලබති. අද අප ඔබ වෙත ගෙන එන්නේ එවන් සංචාරයක් තුළ ලබාගත් අපූරුම  වින්දනීය අද්දැකීමක රූපරාමු පෙළකි.
සංචාරයට කැමැත්තෝ විවිධ වර්ගයේ සංචාරයන් තෝරා ගනිති.‍
අප අද ඉදිරිපත් කරන්නේ මුහුදු වෙරළක් අසබඩ මාළු වාඩියක රාත්‍රිය ගත කළ අපූරු අවස්ථාවක් ගැනයි.
මේ ඔකඳ වෙරළයි.  ශ්‍රී ලංකාවේ ගිනිකොන දිසාවට වන්නට අපූරු වන වන ගහනයකට එපිටින් මේ ඔකද වෙරළ තීරය පිහිටා ඇත.
ආරුගම්බේ සිට කිලෝ මීටර විස්සක් පමණ දුරින් කුමන අභය භූමියට ආසන්නව මේ ඔකද වෙරළ පිහිටා ඇත.
එම වෙරළ අද්දර පාරම්පරික ධීවරයෝ වාඩි ගසා ගනිමින් තම ජීවිකාව සරිකර ගනිති. අපේ අරමුණ වූයේ ඔවුන්ගේ වාඩියක  රාත්‍රියක් ගත කිරීමයි.
ඒ සඳහා අවශ්‍ය ය අවසරය අදාළ ආරක්ෂක අංශයන්ගෙන් මෙන්ම එම ධීවරයන්ගෙන්ද කල් ඇතිවම ලබාගත් අපි හැන්දෑ වරුවේ ඔකඳට ළඟා වීමු.
රාත්‍රී ආහාරයට මෙන්ම පසුදින ආරයට ද වශ්‍ය සියලු කළමනා අප විසින් රැගෙන යන ලදී. විශේෂයෙන් ම  කිවයුතු  මේ ප්‍රදේශයේ පානීය ජලය එතරම් සුදුසු තත්ත්වයක නැති බැවින් පානීය ජලය අවශ්‍ය ප්‍රමාණය රැගෙන යා යුතු බවයි.
ඉර අවරට ගිය පසු කිසිදු විදුලි බලයක් නොමැති හෙයින්  ඉර අවරට හැරෙන්නට කලින් පි අපගේ රාත්‍රී ආහාරය සකසා ගතිමු.
සැන්දෑවේ උදාවත් සමඟ වනසතුන් අප කඳවුරු භූමිය ආසන්නයට පැමිණෙනු දක්නට ලැබිණි. චමත්කාර දසුනකි. එසේම පසුදින අලුයම හිරු උදාව දවසක නැරඹිය යුතුම දසුනකි. මේ වින්දනීය අත්දැකීම් ලබාගන්න නිසි අවසරය ගෙන ඔබත් යන්න. ගෙන ගිය සියලු දෑ රැගෙන එන්න එහි පාසටහන් පමණක් තබා. පරිසරයට දැඩි සංචාරක එක්වන්න අපේ ඉල්ලීම එයයි.
ඒ වින්දනීය මොහොතේ වීඩියෝව පහතින් නරඹන්න. 












12 comments:

  1. ලංකාවේ ඉන්නා කාලයේ බොහෝ ප්‍රදේශ වලට ගොස් තිබෙනවා . ඒත් යුද්ධ කාලයේ අනාරක්ෂිත බව නිසා ඒ කලාපයට යන්න බැරිවුණා . ඔබේ ලියමන සහ වීඩියෝව එහි යන්න බල කරනවා . තවත් චාරිකා එකතු කරන්න . වෙලාවක් තිබුණොත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩවැදිලා උතුරු ඇමෙරිකානු සංචාර බලන්න .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි එන්නම් ඒ විදෙස් චාරිකා ලිපි ‌ෙපෙළ බලන්න

      Delete
  2. හිත ඔකඳ කරවන ලස්සණක් තියන වෙරළට හරියන නම දැම්මේ කවුද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කතරගම ‌ෙදෙවියන්ට කියන නමක් ‌ෙනේ ‌ෙමේ

      Delete
  3. අවසර ගැනිම් කොහෙන්ද කරගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පොලිසිය නාවුක හමුදාව හා ඒ ධිවර වාඩියක හිමිකරුවෙකුගෙන්. ‌ෙපොලිසිය හා නාවික හමුදාව දැනුවත් කර යන එක ඉතා අත්‍යවශ්‍යයි. නැතිනම් අනවශ්‍ය කරදර ඇති ‌ෙවෙන්න හැකියි. ‌ෙහොරෙන් ඔසී පනින අය පනින්න ‌ෙතෝරගන්න ඉසව්වක් ‌ෙමේක.

      Delete
  4. grate place. Thanks for the info. ladieslata security kohomada?

    ReplyDelete
  5. In particular, drinking water in this area is not very suitable, and it is necessary to take as much drinking water as possible.

    ReplyDelete
  6. නලින් මලේ .. කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවහම, ඔකඳ ගැන ලිවිලා තියෙනවා දැකලා ලොකු සතුටක් දැනුනා. අපි ඕකන්ද කියලා කිව්වේ ඔකඳටම තමයි. මම ඕකන්දේ අවුරුදු හතරහමාරක් විතර හිටියනේ. ඔකඳ, කුමන ගැන තව දුරටක් කියවන්න කැමති කෙනෙකුට මේ ලිංක් එකෙන් යන්න පුළුවන් http://wildlifegiritale.blogspot.com/

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT