සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දකුණු ලක මුහුදු තීරිය කැස්බෑවන්ට සුර පුරකි. සිය වර්ගයා බෝ කරන්නට කැස්බෑවන් බිජු ලන්නට නිරන්තර මුහුදු වෙරළට සේන්දු වෙයි. එහෙත් එම බිජු පැටවුන් බිහි කරනවා වෙනුවට ගොඩ දමා හෝටලවලට අලවි කිරීමට තරම් මිනිසා කෘර වී ඇත.

එනිසාම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන දකුණු කීපයක්ම දකුණු මුහුදු තීරයේ ආරම්භ වී තිබේ. 
නොබෝදා අපි අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය දැක ගන්නට ගියෙමු.
මිනිසුන් ගොඩ දමන කැස්බෑ බිත්තර මුදලට අරන් නිසි පරිදි ඒවා රැකීමකට ලක් කොට දින පැටවුන් මෙලොව එළිය දුටු පසු මුහුදට මුදා හැරීම මෙහිදී සිදුවෙයි.
ඔවුන් ඒ වෙනුවෙන් මහත් කැප කිරිමක් වියදමක් දරයි.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එම මධ්‍යස්ථානයේ දෛනික ක්‍රියාකාරිත්වයන් ය.

11 comments:

  1. මේ සම්බන්ධ මගේ ප්‍රබල විවේචනයක් තියෙනවා. ඔය මුදා හරින කැස්බෑ පැටවු එකෙක් වත් ජීවත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කැස්බෑ පැටවු බිහිවෙන්නේ රාත්‍රියේ... උං රෑම ඈත මුහුද කරා පිස්සුවෙන් වගේ පීනනවා. ඒකට කියන්නේ ළදරු උන්මාදය කියලා... ඒක උන්ට ස්වභාවිකව ජාන මගින් එන දෙයක්. නමුත් උන් ඒ සංක්‍රාන්ති කාලය දැං ගත කරන්නේ ටැංකිවල. ඒ දින කීපය ගත වෙලා මුදාහරින පැටවුන් (විශේෂයෙන්ම දවල්කාලයේ මුදා හරින පැටවු) හුඟක් දුර යන්න කලින්ම විලෝපිකයන්ට ගොදුරු වෙලා මැරෙනවා. ඒක නිසා ඔය තැංවල සංරක්ෂණයන් සිදුවන්නේ නෑ. වෙන්නේ බිස්නස්.

    ReplyDelete
    Replies
    1. https://roar.media/english/life/reports/hatcheries-turtle-conservation-effort/?fb_comment_id=1630322443660439_1631429850216365

      Delete
    2. Thanks Pra Jay, worthy and unbiased article that is...
      In my point of view, this ex-situ conversation is not successful and in-situ conservation must be encouraged as the Rekawa conversation centre does. In most of the hatcheries, their main target is tourism not the conservation.

      Delete
    3. Yep. They justify it by saying "something is better than nothing". But, there are means of doing it properly in situ. Probably, we should look for a compromise - have a few in a kind of petting zoo and in a few (not all) in situ sites observation hides could be established.

      Delete
    4. එකගයි...මමත් ගියා ඔය තැනට..තනිකර බිස්නස් එකක්..

      Delete
  2. වෙරළේ රෑට රැකගෙන ඉඳලා බිත්තර ගොඩ දාන උන් අල්ලලා පුපට පයින් ඇනලා හිරේ දැම්මානං සංරක්ෂණේ නියමෙටම වෙනවා.

    ReplyDelete
  3. මේ පුංචි වෑයම එල...එල...

    ReplyDelete
  4. මමත් විශ්වාස කරනවා වඩා සාර්ථක රැකව සංරක්ෂන කටයුතු කෙරෙන විදියයි. ඒ අර සුරකින්නේ ස්වභාවිකවම කැස්බෑවිය බිත්තර දමන බිම කොටසයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT