සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

Amazing Sri Lanka 
beauty episode 1
Travel Kumana with GoPro

මේ පාසල් නිවාඩුවේ චාරිකාවක විනෝදය වගේම දැනුමටත් බොහොම දේ එකතු කරගත හැකි ගමනකි කුමන අභය භූමිය නැරඹිමට යාම.
1970 ජනවාරි 20 වන දා ජාතික උද්‍යානයක් වශයෙන් නම් කරන ලද කුමන වඩාත් ප්‍රසිද්ධ එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.එය කුරුලු අභය භූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත් ක‍රන ලදී.
මෙම අභය භූමියේ විශාලත්වය හෙක්ටයාර 35,664 කි

සතුන් හා ශාක කළපු සහ වැව්වලින් යුක්තය. කුඹුක්කන් ඔය පිහිටා ඇත්තේ මෙහි වේ. පලු, ඇහැළ, බුරුත, නෙළුම්, මානෙල් වැනි ශාක වලින් සමන්විතය.මෙහි පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.අලි-මානාවා, හීන් බහුරු මානාවා, යුරාසියා හැඳිඅලවා, මහ ගොළුකිරළා මෙන්ම සංක‍්රමණික පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ග, හැඳි ආලාවා, පොරෝ කෑදැත්තා වේ.තිලාපියා සහ ගල් මාලු යන මත්ස්යයන්, කිඹුලන් සහ කැස්බෑවන් වැනි උරගයන් මෙන්ම හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද මෙහි වාසය කරයි.උද්‍යානයේ අලි ගහනය 30-40 පමණ වේ.
නැරඹීමට යාමේදී දැනගත යුතු කරුණු 
අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් සංක‍්රමණය වන නිසා එම කාලය නැරඹීමට යාමට වඩාත් සුදුසු කාලයයි.

කුමන යන්නේ නම් වඩා පහසු පානම පිවිසුමට ගොස් ඇතුළු වීමයි.  මොණරාගල , සියඹලාන්ඩුව, ලාහුගල, පොතුවිල්, අරුගම්බේ ඔස්සේ පානමට ළගා විය හැකියි.

Ramsar wetland kumana
Sri Lanka designates Kumana Wetland Cluster Ramsar Site as its 5th Wetland of International Importance
This Ramsar Site (19,011 ha; 6°37’N 81°44’E) falls within two existing protected areas, Kumana National Park and the Panama-Kudumbigala Sanctuary. Located South-east of Sri Lanka in the Ampara District, this site consists of a diversity of coastal wetland habitats, including lagoons, estuaries, irrigation reservoirs, mangroves, salt marshes, interspersed with sand dune, scrubland and forest vegetation.

17 comments:

  1. දන්නවා ද වැඩක්
    අන්න අරහේ මෙඝා බ්ලොග් ස්ටාර් තෝරනවා හිතරම් කොන්ත දාලා උඹේ මනාපෙත් දියන් මචන් පොඩි එවුන්ගේ ආසාවනේ

    ReplyDelete
  2. කුමන අපේ රටේ තියෙන සත්ව අභයභූමි වලින් වැදගත් එකක් පොඩි ළමයින්ගේ පෙළ පොත්වල දේශීය ශාක සතුන් පිලිබඳ ඉගෙනීමට තියනවා ඉතින් සැබෑ ලෙස මේවා නැරඹීමෙන් ඔවුන්ට මහත් පරෝජනයක් වේවි. ඒ වගේම පිටරට සංචාරය කරන්න කලින් අපේ රට නරබන්න කියලා අපේ ලාංකිකයන සියලු දෙනාට මතක් කළයුතුයි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබ් අපේ රටේ නරඹන්න බොහොම තැන් තියනවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. ගිය සතියේ මේ ළඟටම ගියත් කුමන යන්න වෙලාවක් තිබුනේ නෑ...
    යන්න ආසාවෙන් ඉන්න තැනක්... සටහන අපූරුයි...

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද? දවසක යන්න හරිම සුන්දරයි මේ වන පෙත

      Delete
  4. තාම කුමන ගිහින් නෑ. පොඩි උන් එක්ක මේ පාරවත් යන්න ඕනේ.

    ReplyDelete
  5. "කුමන" කොතනින් හරි යාලටත් සම්බන්ධ වෙනවාද නලින් අයියා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔය කතරගම පා ගමන එන්නේ ඔකඳ සිට කුමන හරයා යාල මැදින් කතරගමට.

      Delete
  6. ම්ම් ගිහින් නෑ නේ

    ReplyDelete
  7. satahana apurui..kumana yannata athi kemeththa thawath wedi una..sthuthi satahanata

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT