සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

කොළඹ - නුවරපාරේ සිට  මාවනැල්ල ඔරලෝසු කණුව අසලින් ඇති සරදියල් ගම්මානය පාරේ කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1400 ක් පමණ උස උතුවන් කන්ද අපට දැකගත හැකිය. එහි උස ගල්කුල සරදියෙල් ගල ලෙස අද හදුන්වයි. 
උතුවන්කන්ද තරණය කරන අයකුට කඳු මුදුනට ආසන්නවීමට පෙර මාර්ගයේ දකුණු පසට වෙන්නට වනරොදින් වැසීගිය සරදියල් ගුහාව දැක ගත හැකිය. මේ ගුහාව සරදියෙල්ගේ වාසස්ථානය ලෙස සැලකේ. මහා ගල් කුළක සෙවණ ලබන මේ සරදියල් ගුහාවේ ගල අභ්‍යන්තරයට විහිදෙන උමං මාර්ග ඇත. ඒවාට රිංගාගත හැක්කේ බඩගාගෙන ගොස්ය. අඩි 30 ක් පමණ ඇතුළට මෙම මාර්ගය පිහිටා ඇතැයි කියනු ලැබේ. සරදියෙල් මෙම මාර්ගය ඔස්සේ ගොස් ක්‍ෂණිකව ගල් ගුහාවට රිංගා ගැනීමට සමතෙකු බව පැවැසෙයි.

සතුරු උවදුරුවලින් ඔහු බේරී සිටියේ මේ උමන් මාර්ග තුළ ට රිංගමින් බව එහි ගම්වාසීහු අප සමග පැවසීය.
මෙන්න ගුහාව ඇතුළත සත්‍ය දර්ශන ඇසුරින් හැදූ වීඩියෝව. විනාඩි හතරයි අවසන් වෙනතුරුම බලන්න.... අද ගුහාව අවට වෙන දේත් දැනගන්න. 



10 comments:

  1. නියමයි අයියේ...
    බොහොම පැහැදිලිව මේ ස්ථානය ගැන දැනුවත් කරාට ස්තූතියි !!!
    අන්තිමට දුන්න අවවාදයත් බොහොම වටිනවා..

    ReplyDelete
  2. නියමයි.

    ලවු කරන්න ගියාමනං දැන් ඉන්න උංට ඉලව්වක් වෙනකල් තේරෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  3. පුරා විද්‍යා කැණීම් කරල නෑ නේද ? සරදියෙල්ට බොහොම ඉස්සර ඉඳන් භාවිතා වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. පුරාවිද්‍යාත්මක කැණිම් කිසිවක් කෙරිලා නෑ. මේක බොහෝ විට ඔහුට පෙර මානවයන් සිටි තැනක් විය හැකියි යන්න මටත් හිතුණා.

      Delete
  4. උතුවන් කන්ද නගින්නත් එක්ක දවසක යන්න ඔනේ

    ReplyDelete
  5. හය්යෝ මටත් යන්න ඇත්නම්. දැක්කමත් ආසයි. යන එවුන් ගැන ඉරිසියයි

    ReplyDelete
  6. ස්තූතියි නලින් අයියා.
    වීඩියෝ එක මරු

    ReplyDelete
  7. නියමයි අයියේ !

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT