සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මීරිගම පල්මඩ අපේ ගමේ රක්ෂිත වනය මැදින් වැටි ඇති මග දෙපස සුදෝ සුදු කකුලන් අට දෙනකු පසුගිය දා දකින්නට ලැබුණා.
වළි කුකුළන් නිතර මේ වනයේ ගැවසෙනු ගම්වාසීන් දැක තිබුණත් මෙවන් සුදෝ සුදු කුකුළන් කිසි දින වනයේ දී දැක තිබුණේ නෑ.








පසුව කරුණු සොයා බලද්දී දැනගන්නට ලැබුණේ යම් කිසි පිරිසක් වාහනයකින් පැමිණ බාරයක් ඔප්පු කිරිම සඳහා මෙසේ ඇති කරන සුදෝ සුදු කුකුලන් වනයට මුදා හැර ගොස් ඇති බවයි.
මිනිසුන්ගේ මිත්‍යා මත කුමක් වුවත් මේ කුකුලන් වනයේ සිටින වලි කුකුලන්ට විපතක් බව ඔවුන් දැන සිටියේ නැතිද?.
මේ ගෘහස්ථ කුකුලන් හා වලිකුකුලන් කලවම් වූයේ නම් මතු දිනක ගමේ වන කකුලා නැත්තටම නැතිවන්නට ඉඩ ඇත.

එසේම මේ කුකුලන්ට ද යන එන මන් නැතුව සිටි අයුරු දුටු ගම්වාසින් ඉන් කීප දෙනකු අල්ලා කුඩුවකට ගාල්කර සිටී.
දෙදෙනෙක් මේ වන විට වන සතුන්ගේ අහර බවට පත්ව ඇති බවද එක් කුකුලෙකු අල්ලාගැන්මට නොහැකිව තාම වනයේ කෑගසමින් සිටින බවද පැවසූහ. 
ගෘහස්ථ සත්වයෙකු වනයට මුදා හැරිම යනු වනයට මෙන්ම ඒ සතුනටද වන සතුනටද හානියකි.
කවදා මිනිසුන්ට නුවණ පහළවේවිද?


61 comments:

  1. වලි කුකුලන්ට අවුලක් කියල හි්තන්නැතිව ඇති..

    ReplyDelete
  2. කුකුල්ලු හොරකම් කරා මදිවට ඒක බ්ලොග් එකෙත් දාලා... හෙට අනිද්දා පත්තරෙත් යයි....

    ReplyDelete
    Replies
    1. දැන් පත්තරේ නෑ මචෝ ඒ හින්දා යන එකක් නෑ...

      Delete
    2. මොන ආණ්ඩුව ආවත් දිනමිණ නං යන්නෙ නෑ මේ ආත්මෙට...

      Delete
  3. කුකුළන්ගේ තරම්වත් මොළයක් නැති මිනිස්සු...

    ReplyDelete
  4. තොගේ පිටින්ම කල්එළියට පැටෙව්වා නං ඉවරනෙ නලින්.

    ReplyDelete
    Replies
    1. ඔතන තොගේ කිව්වේ නලින්ට ද?

      Delete
    2. එහෙනං ඉතිං යන්නෙ පිටින් නෙමේ අල්ටෝ එකකනෙ.

      Delete
    3. අප්පට සිලි අපේ ගමේ උන් හොද හින්දා මුන් ටික දැන් ගෙදරක බලුකූඩුවක.

      Delete
  5. වී කුරුල්ලන්ට කරන අපරාදය දැකල තියනවනෙ. අපලවලට ශාන්තියක් කියල හඳහන් කාරයො කියනව කුරුල්ලො නිදහස් කරන්නෙයි කියල. ඒ සඳහා උන්ව අල්ලනවා අල්ලන එවුන්ගෙන් බාගයක් විතර මැරෙනවා ඉතුරු එවුන් එවුන් කූඩුවල දාල තියන් ඉන්නවා අපල තියන එවුන්ට මිලදී අරගෙන නිදහස් කරන්න. ඒ බූරු ගෑණු මිනිස්සු උන්ව නිදහස් කරනව සතුටෙන්. ඉතින් තව අල්ලනවා නිදහස් කරන්න. මෙහෙමත් රටක්

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ට කරදර දැඩි පීඩනය වැනි දැ ඇතිව තිබෙන අවස්ථාවන්වලදි මේ බහුබූත සාත්තර කාරයන් තමන්ගේ ගාන කඩාගන්නවා මදිවාට අහින්සක සත්තුන්වත් දැන් මේ ආකරයට බිලි දෙවනවා.
      ඉස්සර නං බෝධි පූජාවක් දෙන්න නැත්තං මරන්න ඉන්න හරකෙක් නිදහස් කරන්න වගේ දේවල්නේ කෙරෙව්වේ.
      දැන් අලුත් ස්ටයිල් එකට ඒවා වෙනස් කරලා වි කුරුල්ලන් ගිරවුන් පරවියන් කුකුලන් තව ඉස්සරහට හිරකාරයන්වත් අල්ලලා නිදහස් කරන්න කියා දේශපාලු ලොක්කන්ට මුන් ළණුව දෙයිද දන්නේ නෑ.

      Delete
  6. ඔය අපලවලට බාරවෙන්න දේවාල වලයි, කපුවොයි පස්සෙ යන මිනිස්සුන්ට ඔයිට වැඩිය මොළයක් තියෙයි කියල හිතන්න බෑ. ගෘහාශ්‍රිතව හැදෙන සත්තු කැලේට අතාරින එක ඒ සත්තුන්ටත් වන සත්තුන්ටත් දෙගොල්ලන්ටම අනතුරුදායකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පිස්සු විකාරවලින් ඔලු පුරවලා.

      Delete
  7. නලින් ආපහු ලියනවා. ඔන්න පන්තියේ යාලුවෝ ඔක්කොම ආපහු ඉස්කෝලේ එනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ. අවුරුදු උත්සවේ දාට යාලුවෝ සේරම හමුවෙයිනේ.

      Delete
  8. හෙහ් හෙහ්, කොහොමද සුදු කුකුල්ලු දැකලා, වලි කිකිලියන්ට උන්හිටි තැන් අමතකවෙලා, 'ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා' කියලා කෙකර ගගා, නටන්න පටන් ගත්තම.

    ReplyDelete
    Replies
    1. සුදු එවුන් පෙන්නන්ම බැ තාම නේහ්....එනව නේද 30.

      Delete
    2. අනේ එන්න බැරිවෙනවා නලින්. එදාට අපේ නෝනට ක්ලිනික් එක. එව්වට නෙවෙයි බොල, කොන්දේ අමාරුවකට. හරි හරි ඒ කොන්දේ අමාරුව ඉතින් මං හින්දා තමා.

      Delete
  9. ඔය සෙට්එක වලි කුකුලා එක්ක කලවං උනානං ටිකක් වලියට බර අඩු කුකුළු පරපුරක් බිහිවේවි. නරකද ඒක?

    ReplyDelete
    Replies
    1. රාජ් දැනටමත් අපේ කැලේ ඉන්නවා ගම් ඌරන් වල් වැදිලා වල් ඌරන් හා කළවම් වුණු ඌරු පරපුරක්.

      Delete
    2. ඒ ඌරො මොනපාටද.... බයියෝ පාටද?

      Delete
    3. කලවං පරපුරේ උනාට කමක් නෑ නලින් එකෙක් සැටමෝල් කරගන්න පුලුවන්නං අපට අනික් සැරේ පල්මඩ ඇල්ලට නාන්න එන්න පුළුවනි.

      Delete
    4. හෙහේ හැලප අයියේ බලමු බලමු. උන් නැතත් අපි සැට් වෙමු. මචං ඇනෝ ගමේ උපන් අපි කවදත් බයියොම තමා බං උඹල තරම් පොෂ් නෑ මචෝ.

      Delete
  10. දැන් මේ කුකුලන්ගේ තනියට කිකිළියෝ දෙන්නේ නැතිද?

    ඔය වගේමනේ නලින් අයියා අර ගෙවල් වල මාලු ටැංකි වල ඇති කරන සමහර මාලු ජලාශ වලට ගිහින් දාලා කරන වින්නැහියත්.

    ReplyDelete
    Replies
    1. අන්වා අර ටැංකි සුද්දා කියන ස්කැවෙන්ජර් මාලුවාත් සාමාන්‍ය මාලුවාට දැඩි හානියක් කරනවලු

      Delete
  11. වලි කුකුලන්ට ගං කුකුලන්ගෙන වෙන හානිය මොකද්ද නලින් අයියෙ

    ReplyDelete
    Replies
    1. මුන් මුහුන් වුණොත් නියම වලිකුකුල්ලු නැතිව යනනේ නැතිද?

      Delete
  12. ආයෙත් උන්ට කරදරයක් වෙන්න කලින් නලීන් මොකක් හරි තීරණයකට ආවා නම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. හෙ හේ පිනට ඇරපු එවුන්නේ ගම්මු ඒවට අත තියන්නේ නෑ.

      Delete
  13. මං හිතන්නේ අදයි මේ පැත්තේ ආවේ..

    ඇත්තටම සතෙක්ට තරම්වත් මොලයක් නැති මිනිස්සුන්ගේ වැඩ..

    ReplyDelete
    Replies
    1. කොහෙ එන්නද නිර්මාණි ඔයාලට එන්න මං ලියන්න එපැයි. කාලයක් පැල් බැඳන් ලිව්වට මෑතක සිට ලිව්වේම නැති තරම්නේ. ඔයා මොකක්ද ලියන බ්ලොග.

      Delete
    2. මං මේක බලනකොට නලීන් හොයාගෙන ඇවිත්.. දැන් මං ඉන්න තැන දන්නවානේ..

      පරණ පෝස්ටු මං කියවලා තියනවා...

      Delete
  14. හා නලින් අයිය ආයෙ කුකුලන්ගෙන්ම වැඩ අල්ලලා.

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද ඔය හිතුණට ලියා දැම්මා කසුන්.

      Delete
  15. එක අතකින් මේක හොඳයි. අලුත් වලි කුකුලන් හා කුකුළන් ප්‍රබේද බිහි වෙයිනේ.
    මතක විදියට වලි කුකුළන් තව වර්ගවල කුකුලන් එක්ක මිස්‍ර වෙලා හැදුන පැටව් ඉන්නවා. වටුවෝත් එක්කද මන්දා. මන් කලින් වැඩ කල fauna එකක නම් උන් ඔක්කොම හිටියේ එකට.

    මේ ළඟදි ඩොකියුමන්ට්‍රි චැනල් එකක දැක්කා ප්ඹුරෝ ඔහොම මික්ස් වෙලා. ඇමරිකාවේ. උන් අම්බ සයිස් විතරක් නෙමෙයි සාමාන්‍ය පිඹුරන්ට වඩා සෑහෙන විසයිලු. කිසි ගේමක් නැතිව ඕනෙම ලොකු සතෙක් ගිලින්න වගෙ අපුළුවන්ලු. ළමෙක්, හරකෙක්, එළුවෙක් වගේ ඒවා පෙන්නුවා. කොටින්ම මේ රටවල දැණ් ඇතිවෙලා තියෙන අලුත්ම හොබිට් එක ඔය සර්ප හුරතල්ලුනේ. අන්තිමට උන්ව අතෑරලා දාල උන්ව අනාථ කරලා සමාජයට විනාශයක් කරන හැටි ගැන ඒකේ පෙන්නුවා. වෙනදා වගේ නෙමෙයි එදායින් පස්සේ මම පාක් යන්නෙත් බයෙන්. කොයිවෙලේ පිඹුරෙක් ඇවිත් මාව ගිලීද කියලා බයෙන්...

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න බෑ රංගි. ඔය විදියට ක්‍රොස් වෙන්නෙ නෑ.
      පිබුර කියන්නෙ නිර්විශ සර්පයෙක්.

      Delete
    2. මේක මම හිතන්නේ ජාන මොඩිෆයි කරපු සත්තු. පොඩ්ඩක් ඒ ඩොකියුමන්ට්‍රි එක හොයලා බලලා ලින්ක් එක තිබ්බොත් දාන්නම් මෙතන. ඒක මේ සති දෙකකට විතර කලින් බැලුවේ. ගොඩාක් විස්තර සහිතව පෙන්නුවා.

      Delete
    3. //කොයිවෙලේ පිඹුරෙක් ඇවිත් මාව ගිලීද කියලා බයෙන්...///

      උඹව ගිලින්නනං එන්ඩෝනැ පිඹුරෙක් නෙවෙයි අලියෙක් :D හැක හැක

      Delete
    4. ඒවගේද යකෝ බැරි වෙලා හරි ඌට මාව පොඩියට පෙනිලා ගිල්ලොත්? එපා කියන්නද? අනේ අහිංසක මම!

      Delete
    5. ලින්කුව දාන්න තියේ නම්. ඔබ කියන කරුණ හරි නමුත් එවන් දෙයින් වෙන්නේ ලංකාවට ආවේනික වූ වලිකුකුලා අතුරුදන් වීම නෙමේද?. මේ වන විට ලංකාවේ සිටි බටු හරකා අතුරුදන්. ලංකාවේ තිබුණු පොඩි පැපොල් අතුරුදන් වෙලා. ඒ තැන අරන් තියෙන්නේ ජාන විකෘති පළතුරු වර්ග හරක් වර්ග.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. http://www.natureworldnews.com/articles/20320/20160322/burmese-python-python-snake-reptiles-florida-wildlife-everglades-largest-biggest.htm
      its about this one. an invasive. i cant find proper documentary i watched. anyway its about this burmese pythons

      Delete
  16. අෑ බං වලි කුකුල්ලුයි ගං කුකුල්ලුයි මිශ්‍ර වෙන්නෙ කෝමද
    උන් විශේෂ දෙකක්නෙ

    ReplyDelete
    Replies
    1. මේ අතහරින ගංකුකුලෙකුට වලි කිකිලියක් හා එක්වෙන්න අවස්ථාව නැතිද? එය විය නොහැකිද? දැනට එසේ මිශ්‍ර වූ ඌරන් අපේ කැලේ ඉන්නවා.

      Delete
  17. ඕකට කියන්නෙ දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනව කියල !!! හැක්

    ReplyDelete
    Replies
    1. අම්මපා මට බොලාවත් මතක් වුණා මේක දානකොට. අර පොල් රා කට්ටත් එක්කම.

      Delete
  18. ආ අලුත් බ්ලොග් එකක් :D

    හිටිං රෝලට දාන්න..හැක හැක

    ReplyDelete
    Replies
    1. මාත් දාගත්ත බං.

      Delete
    2. අම්මට උඩු ඔව්මයි, කාගෙද බන් මේ බ්ලොකේ

      Delete
    3. අඩු කින්ඩි දානවා කියල මේමත් කින්ඩි දානවැයි.

      Delete
  19. නලිං අයිය ලියන්න ඇරං කියපල්ලකො
    හම්සේ සංතෝසෙ

    නලිං අයියෙ ඔය නිදහස්පකරන උං හිතන්නෙ නෑනෙ ඔය සත්තු ඉන්නෙ නිදැල්ලෙ පස්දෙ උංව කූඩුකරන්නෙ ඔය වගේ දෙපා හරක් හංද කියල

    වීකුරුල්ලො වේවා කුකුලො වේවා උංව උංගෙ පුරුදු පරිසරයෙන් ගලවල දානෙක උංගෙ පැවැත්මට තර්ජනයක් කියලමුං කවදතේරුං ගනීද

    ReplyDelete
    Replies
    1. තමන්ගේ අපලය ගැන හිතලා ගන්න මෝඩ තීන්දු. පිනක් කියා කරන්නේ එයිට වඩා පවක් මුන්.

      Delete
  20. දැං නම් ටිකක් වේගෙන් වේගෙන් මිනිස්සු සාත්තර කාරයො පස්සෙ වැටෙනවා.සමාජයක් විදිහටම ඉලක්කයක්,ආත්ම විශ්වාසයක් නැතිවෙලා වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. රටේ ඉන්න මහ එවුන් සේරම එහෙම කරනකොට අනිත් එවුන් නොකර ඉදීයෑ.

      Delete
  21. නලියා....උඹ ආපහු ලියන එකනම් මරු මචෝ!!!!

    සුදු කුකුලෝ සෙට් එක හරි ලස්සනයි. අපේ මෝඩ මිනිස්සු හැදෙන්නේ නැහැ.

    මාතෘභූමියේ දේශප්‍රේමි වලිකුකුල් සංහතිය ජිනිවා මර උගුලට කරගහගෙන යන පර සුදු කුකුලන්ගේ අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමන්ත්‍රනයට අප දෑත් ඔසවා විරුද්ධ වෙමු කියලා කියයි වීරවංශ ගොයියා දැක්කනම්.

    ReplyDelete
  22. අපලවලට මුදාහරින කුකුල්ලු, කූඩුවල ගාල් කිරීම නුසුදුසුයි. වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ගය වන්නේ අප්‍රේල් මස මැද භාගයේදී ආහාරයට ගැනීමයි.

    ReplyDelete
  23. නලින්ගේ බ්ලොග් එකේ දාන පලවෙනි කොමෙන්ට් එක ඕන්. මේක කියෙවුවම මට මතක් වුනේ ඉස්සර අපේ මහගෙවල් කිට්ටුව ගෙදරක හිටපු කුකුල් දණ්ඩෙක්ව. ඌට වටේ අය කියුවේ බල්ලා කියලා. පැටියා කාලේ පිහාටු ලස්සන නිසා අංකලයා කොහෙන්දෝ උස්සන් ඇවිත්. ඉලංදාරි වෙනකොට මූ පොඩි පැස්බරෙක් වගේ විශාලයි. ගෙදර බල්ලාගේ ජොබ් එක කලෙත් මූ තමා. අපිනම් හාල් මිටක් දෙකක් දාල ෂේප් කරන හිටියාට අඳුනන්නේ නැති අයට දෙයියන්ගේ පිහිටයි. රෑට බය නැතුව ගෙදර දොරවල් ඇරලා නිදා ගන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්නේ පුත්‍රයාගේ තරම. මූත් හයිබ්රිඩ් එකෙක් කියලා තමයි පස්සේ ආරංචි උනේ.

    ReplyDelete
  24. අපේ කස්ටිය එහෙම තමයි නලින් අයියේ...
    හැම රෙද්දටම බාර වෙන එක තමයි...

    ඔව්වා විතරක් නෙමෙයි තව කොයිතරම් විකාර බාර තියෙනවාද?

    ReplyDelete
  25. මේක කියෙව්වම මට මතක් උනා මං ලිව්ව පළවෙනි ලිපිය.. මෙතනින් බලන්න . මේකෙ එන කුරුලු පැටව් නිදහස් කිරිම ඇත්තටම උනු දෙයක් ..
    ඒ සිදුවිම ඇත්තටම දැක්ක දවසෙ මට හිතුනා ඒ කඩේ හිටිය ඔක්කොම සත්තු ගැලපෙන විදි වලට නිදහස් කරල දාන්න.. පුංචි පුංචි කුඩු වල හිර කරල හිටියෙ එයාලා..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT