රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2015-08-26

සැඟවුණු සුන්දරත්වය සොයා මී මුරේ දේවාලකඩුල්ලට චාරිකාවක්

යෝධයෙකු සේ නැගි සිටිනා ලකේගල
සුදු සේලයක් දිග හැරියා සේ දුම්බර මිටියාවත සිසාරා සුදෝ සුදු වලාවන්ගෙන් හාත්පස ගිරි ශිඛරයන් වෙලී සුන්දර දසුන් මවයි. බැස යන හිරුගේ රන් පැහැ කිරණින් ඒ සළු පිළි නෙක වර්ණ රටා අප දෑස් ඉදිරිපිට මවමින් අපව අමන්දානන්දයට පත් කරවයි.
දැන් අප සිටින්නේ හුන්නස්ගිරිය මී මුරේ මාර්ගයේ ‘අට්ටල වෙට්ටුව’ නොහොත් ‘කෝබර්ට්ස් ගැප්’ නම් ස්ථානයේ යි. ඓතිහාසික පුරා වෘත්තයන් රැසක් සගවාගත් මී මුරේ ලකේගල කඳු පන්තිය මැද්දෙන් ගලා බස්නා ‘හීං ගඟේ’ පතුළේ වසරේ වැඩිම කාලයක් සැඟව පවතින ‘දේවාලකඩුල්ල’ නම් ස්ථානය සොයා යන චාරිකාවේ දී අපි ‘මදක් කෝබට්ස් ගැප්’ හි නැවතුණෙමු. සිසිල් වුණු අපේ සිරුරු උණුසුම් කරගන්නට ද මෙතැන කදිම ස්ථානයකි. එහෙත් ඒ සියල්ල කළ යුත්තේ සුළ‍ඟේ වේගයට මුවා වෙමිනි.
මී මුරය දක්වා වාහනයෙන්

මහියංගනය හසලක සොරබොරවැව අවට තැනිතලාව සිසාරා හමා එන සුළං ධාරා නකල්ස් කඳු පන්තිය මැදින් ගලාවිත් අනෙක් පසට තල්ලු වි යන්නේ ‘කෝබට්ස් ගැප් නොහොත් අට්ටලවෙට්ටුව’ හරහාය. හුන්නස්ගිරිය සුළං කපොල්ල හරහා හමා යන්නේද මේ සුළං ධාරාවෝය.

කොබට්ස් ගැප් සිටිනවිට ඇස ගැටෙන දසුන්

සුළං කපොල්ල

අපේ නඩය


හුන්නස්ගිරිය සිට මී මුරේ දක්වා වූ දුර කිලෝ මීටර් 38කට ආසන්නය. එම මාර්ගයේ ගමන් කරන්නෙකුට හමුවන ඉහළම ස්ථානය මෙය වෙයි. හුන්නස්ගිරියේ සිට අට්ටලවෙට්ටුවට ඇති දුර කිලෝමීටර් 15ක් පමණ වෙයි.
වේගයෙන් හමා එන සුළං ධාරා මෙම ස්ථානයෙන් කඳුවැටියේ අනෙක් පසට සේන්දුවන්නේ එතැන සිට දසුන් නරඹන අප කාගේත් සිත් සතන් ප්‍රබෝධයට පත් කරවමිනි. 
වසරේ ඇතැම් කාලවල මිනිසෙකුට සිටගන සිටිමටවත් නොහැකි තරමට මෙහි සුළග වේගවත් ය, ප්‍රභලය. එහෙත් ඒ සීතල සුළගත් සමග පැය ගණනක් සිටිය ද? කාලය පිළිබඳ හැගුමක් අප සිත්තුළ ඇති නොවේ. ඒතරමටම මෙහි දසුන් මනරම්ය. මෙතැනින් මතු අප සියලු දෙනාම තාක්ෂණ ලෝකයෙන් මිදෙයි. ත්‍රී ජී නැත, සිග්නල් නැත, කොටින්ම රේඩියෝවක් හෝ වැඩ නොකරයි. නිතර ඇගිලි තුඩු දුවන අත්බනුවලට මෙතැනින් මතු නිවාඩු දෙන්නට අනිවාර්යෙන්ම සිදුවෙයි.
‘අට්ටලවෙට්ටුවේ’ සිට මී මුරය දක්වා ඇත්තේ දැඩි වංගු සහිත පල්ලම් මාර්ගයකි. පාරද අබලන් ය. ගමන අසීරු ය. කැබ් රථයක්, ජීප් රියක් වැනි වාහනයකට නම් අසීරුවකින් තොරව  මේ මාර්ගයේ ගමන් කළ හැකිය.
යන්තම් බිම් කරුවල වැටෙන හෝරාවේ අපි මේ අසීරු මාර්ගයේ මී මුරේ ඓතිහාසික මී ගස යටට සේන්දු වුණෙමු. මෙතැනින් එහාට වාහනයක ගමන් කිරීම අපහසුය. ‘යමන්’ කණ්ඩායම සමග මී මුරේ චාරිකා යද්දී කවදත් අපේ පළමු රාත්‍රී නවාතැන වන්නේ මී මුරේ කපුහේන වලව්වයි. මී ගස ළඟ සිට කිලෝමීටර් එක හමාරක විතර දුරක් පයින් ඇවිදිමින් එහි යා යුතුය. ඒ ගමනද ඉතාමත් සුන්දරය. බඩවැටි, නියරවල් මැදින් කඩුළු ගණනාවක් පනිමින් ඇළ දොළ ද පසුකර ගොස් අවසන සීඝ්‍ර බැවුමක් සහිත කන්දක් තරණයකින් පසුව කපුහේන වලව්ව හමුවෙයි.

අවට පරිසරය

කඩුළු මතින් කපු හේන දක්වා


කපුහේන වලව්වේ රාත්‍රී සාදය

විදුළි ආලෝකය නැති කපුහේන වලව්ව අප පිළිගන්නට පන්දම් එළියෙන් සැරසී බලා සිටියහ. අප්පු අයියා වෙනදා සේම කේතලය රත් කොට තිබුණේ උණුසුම් තේ කෝප්පයකින් ම අප පිළිගන්නට ය. ගමේ කිතුල් හකුරු කැටයක් එක්ක ඒ තේ පොල්කට්ට සියලු වෙහෙස නිවාලයි.

පන්දම් එළියෙන් විරාජමාන කපුහේන වලව්ව
අප මෙන්ම පැමිණි තවත් සංචාරක කණ්ඩායමක් ද අප යන විටත් කපුහේන මිදුලේ එළිමහනේ සප්පායම් වෙමින් සිටියහ. ඇගපත සිහිල් දියෙන් දොවා ගත් අපිද මිදුළේ තවත් කොනකට එකතු වෙමින් රාත්‍රියේ රසාස්වාදය නොඅඩුව ලැබුවෙමු. සුරා ගේ රස කතා ද කල්පගේ තාල නාද ද? රිද්මගේ ඉල කැඩෙන ඇම්ඩා වර්ගයේ කතා ද අසමින් අලුයම් කාලය දක්වාම අපි රස සයුරේ කිමිදුණෙමු. හෙට දින කටයුතු ද ඇති බැවින් හෝරා දෙකක පමණ කෙටි නින්දකින් පසු උදෑසන ම අවදිවූයේ අවට සිරි නරඹන්නයි. සියොත් හඬ සමගින් උදා හිරු කිරණින් නැහැවී යෝධයෙකු සේ නැගි සිටිනා ලකේගල මේ ගම්මානයට ම නායකයා සේ විරාජමානව වැඩ සීටි. එය නෙතට ප්‍රිය දසුනකි.


දේවාල කඩුල්ල බලා පිටත්වෙන්නට සැලසුම් කොට තිබුණේ එදින අපර භාගයේයි. කිසිදු ආවරණයක් රහිත හිංගඟ දිගේ මද්දහනේ රත් වු ගල් මත ඇවිද යාම අසීරුය. 
එනිසාම අපේ කණ්ඩායම තාලි කටට ඔබ්බෙන් පිහිටි ස්වභාවික දිය තඩාගයේ දිය නාමින් ගල් පාඬින්ගේ පහසින් දෙපා සම්බාහනය කරගනිමින් සිත් සේ විනෝද වුණෙමු. ‘ෆිෂ් තෙරපි’ නමින් දැන් බොහෝ තැන්වල සිදු කෙරෙනා ඇතිකරන ලද මාළුන් පිරි ටැංකි හෝ කොටු මත දෙපා හොවා ලබනා පහස මෙහිදී ස්වභාවික දිය දහරේ සිට ලබා ගත හැකිය. ගල් පාඬියා නම් මත්‍යයා මනා පුහුණුව ලද්දකු මෙන් දෙපා සම්බාහනය කරන්නේ අමුතුම වින්දනයක් ගතට ලබා දෙමිනි. පළමු වරට මේ ගල් පාඬින්ගේ පහස ලද පුබ්බා ‘ගෑණු මොකටද බං මාළු මෙහෙම සැප දෙනවනං’ යැයි කියමින් බෙරිහන් දුන්නේ අප කවුරුත් සිනා සයුරේ ගිල්වමිනි.

දේවාල කඩුල්ල



සැහැල්ලුවෙන්

එකාවන්ව හැමෝම වැඩ

එකාවන්ව හැමෝම වැඩ

එකාවන්ව හැමෝම වැඩ

සිත් සේ නිදහසේ

ගිනිමැලය සූදානම්





තේ වක්කරන එකත් ලේස් නෑ


කැළේ විදියට බාබකිව් පිසිමින්

දහවල් ආහාරය යළිත් කපුහේනේදී ම ලබාගත් අපි හිරු හැරුණු හෝරාවේ දේවාල කඩුල්ල සොයා ඇදුණෙමු. වසරේ වැඩිම කාලයක් මහා සැඩ පහරක්ව ගලායන ජල කඳක් සහිත ව ගලා බස්නා හිං ගග පතුලේ මේම ස්ථානය සැගව පවතී. මේ දිනවල මී මුරයට ඉඩෝර කාලයයි. වෙනදා අඩි 20ක් තම් උස ජල කඳක් සහිතව ගලා ගිය හීං ගඟ දැන් එකම ගල් මල් යායකි. නෙක හැඩ රටා මැවූ දහස් ගණනක බෝල ගල්වලින් පිරි ගිය ශෙලමය පාරක් වැනිය. එහෙත් තැන තැන ස්වභාවික ගල් ඇඳි මත තැනුණු ජල තඩාගයන්ගෙන් නම් අඩුවක් නැත. දිය නාන්නට මේ තැන් කදිමය.

සිත් සේ විනෝද වන්නට සීතල ජල ධහරා


විසිතුරු ගල් සිත්තම්

වසරේ වැඩිම කාලයක් මේ ඒදන්ඩේ උසට ජයල ගලා යයි

සිඳී ගිය හීං ගං පතුල

දේවාල කඩුල්ල යනු එකල ගැමියන් දෙවියන් උදෙසා බැති සිතිත් වන්දනා මාන කළ ගලින් නිර්මිත ස්ථානයකි. වසරේ වැඩිම කාලයක් මේ ස්ථානය ජලයෙන් වැසී පවතී. හිඳි ගිය හී ගං පතුලේ ඇවිද යමින් අප සොයා ගියේ මේ ස්ථානයයි. කපුහේනේ සිට රක්ෂිතය මැදින් කිලෝමීටර් තුනක් පමණ පයින් ගමනකින් පසු අපට මේ ස්ථානයට ළගාවන්නට හැකි විය. අපේ අරමුණු වූයේ එදින රාත්‍රිය එහි කඳවුරු ගැසිමයි. ඒ සඳහා අවැසි සියල්ල යමං කණ්ඩායම විසින් සුදානම් කොට තිබිණි. ඇඳිරියත් සමගම ගිනිමැලය මෙන්ම රාත්‍රී කඳවුරකට අවැසි සියලු අංගයන්ගෙන් පෝෂිතව අප එදින රැය එහි සිත්සේ විනෝදයෙන් අවට ලෝකයෙන්ම මිදී ගත කෙරුවෙමු. 
අප දෙස බලන්නට කිසිවකු නැත. කිසිවකුගෙන් බාධාවක් ද නැත. අවට ලෝකය සමඟ කිසිම සබඳතාවක් ද නැත. සොබා දහමට අවනතව අපි සියලු රසයන්ගෙන් සන්තර්පණය වූයෙමු. රාත්‍රි ආහාරය මෙන්ම පසුදා උදේ ආහාරයද එහිදීම පිළියල කර ගත් අපි තවත් අපූරු කඳවුරු අද්දැකීමක් එසේ ලබා ගතිමු. අමතක නොකළ එකම කාරණය නම් පසු දින අප එන විට එහි අප සිටියා ය කියන්නට කිසිම සටහනක් නොතබා පැමිණිමයි. පරිසරය විඳින්න. එය නොවනසන්න. අපගේ ඉල්ලීම එයයි. රැගෙන ගිය සැම දෙයකම ඉතිරි ය ආපසු රැගෙන එන්න.

තාලි කටේ ජල ක්‍රීඩා අනෙක් ලිපියෙන්

44 comments:

  1. හරිම ලස්සනයි. උම හරියන්නේ සංචාරක සටහන් වලට තමා..

    ඒක නෙමෙයි බං වසරේ වැඩිම කාලයක් වැහිලය තියෙන්නේ කියල කී පාරක් නං කිව්වද?? හැක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ දේශෝ වැරදි පේන්නේ පාඨකයන්ට. ඔව් එතැන අඩුවක් තියනවා ලියැවිල්ලේ. එකම දේ රිපිට් වෙලා.

      Delete
  2. මේක කියවනකොට මායාරන්ජන්ගේ දිගා මඩුල්ලේ ආශ්චර්‍යය මතක් වුනා.
    නලින්ගේ ලියවිල්ල ඊටත් වඩා ටිකක් උසස්.

    ReplyDelete
    Replies
    1. මායාරන්ජන හුගාක් හොදට ලියන කෙනෙක්.... අපට වඩා ගොඩක් ඉහළින් ඉන්න කෙනෙක්.

      Delete
  3. පින්තූර ටිකත් විස්තරයත් මරු. හැම තැනටම යන්න බැරිවුණත් මේ වගේ තැන්වල රූප, වීඩියෝ බලන්න මාර ඇඩික්ට් වෙලා තියෙන්නෙ මාත්. ඒ තරං රිලැක්ස් එකක් නෑ තවත්.

    අවසානෙට දීලා තියෙන උපදෙසනං බෝඩ් හදලා පිටේ ගැහුවත් වැඩක් නෑ සමහර යක්කුන්ට. ඇල්ලවල් සේරම කාලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ ගමන්වලදි කාටවත් දොසක් කියන්න බෑ තම තමන්ම තමන්ගේ යුතුකම හරියට කළානං ගැටලු අවමයි.

      Delete
  4. රජ කාලේ දඬුවමක්ලු
    මේ මුරේට ගෙනත් දාපු
    කිතුල් තෙලිජ්ජත් තියේලු
    මයියොක්කත් හරි අගේලු

    ReplyDelete
    Replies
    1. කිතුල් තෙලිජ්ජනං යහමිං තියනවා

      Delete
  5. සැඟවුන පරිසරයක අත්දැකීම් හරිම සුන්දරයි. නලින් මල්ලි කාලෙකින් හරිම ලස්සන පැත්තකට ගිහින්. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. කීප වතාවක්ම ගිහින් තියනවා මේ ඉසව්වට සටහනක් දැම්මේ මේක විතරයි

      Delete
  6. සැඟවුන පරිසරයක අත්දැකීම් හරිම සුන්දරයි. නලින් මල්ලි කාලෙකින් හරිම ලස්සන පැත්තකට ගිහින්. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  7. අම්මෝ නලින් කාලෙකට පස්සෙ කියවන්න කතාවක් ලියලා.

    ReplyDelete
    Replies
    1. හැලප අයියත් සංචාර සටහන් කියවන්න මනාපයි එහෙනං.

      Delete
  8. ඉරිසියා හිතුණා නලින් අයියේ... මීමුරේ කියන්නෙ තාම හැබෑ කරගන්න බැරිවෙච්ච මගෙත් හීනයක්...

    ReplyDelete
    Replies
    1. ඔය කැමරාවත් අරං රවුමක් දාල එන්නකෝ ඒ පැත්තේ වෙලාවක. ඔයාට කියාපු තැන.

      Delete
  9. ෂඃ ................නියම සංචාරයක් නලින්. ඒ වගේම සර්ව සම්පූර්ණ විස්තරයක්. මේ පැත්තේ යන්න හිතාගෙන ඉන්න අයට හොඳ මගපෙන්වීමක්.

    ReplyDelete
    Replies
    1. සිතට විවේකයක් දෙන්න නම් යන්න සුදුසුම තැනක් මී මුරේ.

      Delete
  10. අර බාබකිව් කරන්නේ මොනුන්ද? :D

    ReplyDelete
    Replies
    1. කලින් පදම්කරගන අරං ගිය කුකුලා තමා.

      Delete
  11. වර්ණවත් විස්තරයක් නලින්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රයිගම් පිංතුර මෙයිට වඩා හොදට ගන්න තරම් කැමරාවක් මා සතුව තිබුණේ නෑ. මේ ෆෝන් එකෙන් ගත්ත කිපයක්.

      Delete
  12. සොබාදහම තරම් අපිව සුවපත් කරන කෙනෙක් නෑ.. ඇගේ තුරුලටම ගිහින් අපිත් එක්කත් ඒ සෙනෙහස බෙදා ගැනීම අගෙයි...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..... ඒ වින්දනීය අද්දැකීම් ලබන්න නං මේ වගේ නිස්කලංක තැන්වලටම යන්න වෙනවා.

      Delete
  13. මීමුරේ හීතල හුලං වදිද්දී එකාවන්ව හැමෝම වැඩ කරන්න ඇති බව හිතා ගත්තෑකි. විස්තරේ ලස්සනයි. දැන් ඔය පැත්තේ කැලේ ඇතුලේ එනසාල් වගාව නැද්ද?

    ReplyDelete
    Replies
    1. මී මුරේ අසලට වෙන්න නං එනසාල් වගාව නෑ. එත් ගම්මු කියනවා කැලේ ඇතුළට වෙන්න හොරෙන් වගා කරල තියන වගක්. ඒත් අපි දැක්කේ නෑ ඒවා.

      Delete
  14. මේ වතාවේ ලංකාවට ආවම මාත් යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.. ඒ හන්දා මේක වෙනදට වැඩිය ඕන කමින් කියෙවුවා..

    ReplyDelete
    Replies
    1. යා යුතු තැනක් දිනේෂ්.. ඒ තරමටම ලස්සනයි.

      Delete
  15. "දේවාල කඩුල්ල යනු එකල ගැමියන් දෙවියන් උදෙසා බැති සිතිත් වන්දනා මාන කළ ගලින් නිර්මිත ස්ථානයකි."

    උබල මෙතන BBQ එකකුත් දල නේද මචන්. ගමේ මිනිස්සුනේගේ සංස්කෘතියට ඔයිට වඩා ගරුකරනම් හොදි නේද ?

    ReplyDelete
  16. පුදබිබෙන් එපිට ගල්තලාවක ඒ කටයුතු සිදුවුණේ. මෙතැන ජනාවාසයක් නෑ. වටේටම රූස්ස කැළැව. ඉදහිට අහල ගමක අයෙක් දිය සිදී ගිය කාලයට ඇවිත් තම භක්තිය පෙන්වා යනවා පමණයි සිදුවන්නේ.

    ReplyDelete
  17. මේ තමයි...ජීවිතේ.......

    ReplyDelete
    Replies
    1. ජීවිතේ විඳින්න හොදම තැනක්

      Delete
  18. සොයමින් ගිය දේවාල කඩුල්ල පිලිබඳ තව විස්තර ඇතුලත් වුණානම් හොඳයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒ තැන ගැන වැඩි යමක් විස්තර නෑ. දියෙන් මතුවන කාලවලදී මි මුරේ කයිකාවල වැනි ගම්වල ජනතාව මෙතැනට ඇවිත් දෙවියන් සිහිකර පඬුරු ගගට දානවලු. මෙතැන පිළිම ආරාම කිසිවක් නෑ. හාස්කම් ගැනත් වැඩි විස්තරයක් නෑ. නමුත් ගැමියන් මෙතැන දෙවියන්ගේ තැනක් හැටියට සලකනවා ලු.

      Delete
  19. ලස්සනයි සතුටුයි දුකයි ඉරිසියයි.. :)

    ReplyDelete
  20. ගමන පට්ට අැති... මොකද රූප ටික ගමනට වඩා පට්ටනේ..... උඹේ කටු බොඩිය නම් සුපිරියි නලියෝ.........

    ReplyDelete
  21. මේව දාල මාව අවුස්සන්න එපා යකූ.මේ ඔක්කොම අත ඇරලා මී මු‍රේට වෙලා ඉන්න හිතෙනවා :-D

    ReplyDelete
    Replies
    1. හෑ අලුත් එක්කෙනෙක් බ්ලොග පැත්තට ඇවිත්

      Delete
  22. නියමයි...ආස හිතෙනවා දැක්කම. ඔය ලකේගල වෙන්න ඇති ලංකාවේ තියන ලස්සනම කන්ද.

    ReplyDelete
    Replies
    1. සයුරි බොහොම කාලෙකින්...

      Delete
  23. ඕකනේ ඉතින් බැරි......
    අපිව කුලප්පු කොරනවා පුටොත් දාලා......
    මටත් ඕනේ ඔය කැලේ රිංගන්න

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්