ජීවිතය කෙතරම් අවිනිශ්චිත හා තාවකාලික දෙයක් දැ’යි පසක් කරන බරපතළ සමුගැනීමක් සිදුවිය. එය නො සිතූ මොහොතක කඩා වැදුණු නාය යෑමකට සමාන ය. එදා අප දුටු මහකන්ද මුළුමනින් ම බිමට සමතලා විය. දැන් එහි ඇත්තේ පස් ගොඩක් පමණි. ඒ මහකන්ද යළි කිසි දිනෙක නැඟී සිටින්නේ නැත.
කරුණාදාස සූරියආරච්චි, කසුරි මහත්තයා හෙවත් කසුරී ද මහ කන්දක් වගේ ය. ඔහු මිය ගියේ යැයි විශ්වාස කළ නො හැකි ය. මේ දැනුත් ඔහු අප අතර සිටිනවා වැනි ය. කසුරිගේ හිනාව, කතාව, විශේෂ වචන හා උපදේශන අප අත් නෑර අප සමඟ ම සිටී. ඔහු රෝහලෙන් නික්ම නැවත කන්තෝරුවට එනතෙක් අපි බලා සිටියෙමු. ඒ ඉදිරියේ කළ යුතු දෑ සැලැසුම් කරමින් ය. එහෙත් කසුරී ආවේ නැත. යළි එන්නේ ද නැත.
අප ගොඩනැඟූ සංවාද අතරමග නැවතිලා ය. අප ගෙතූ ප්‍රබන්ධ අලුත් සංකල්ප නැති ව හිරවෙලා ය. අපේ සැලැසුම් තව නොබෝ දිනෙකින් හමස් පෙට්ටියේ සිර වනු ඇත. රුවල් බිඳී ගිය පුරාණ නැවක් සේ අප ද කොතැනකට හෝ ඉබාගාතේ සේන්දු වනු ඇත. ස්වාභාව ධර්මයේ නීතියට අප සියලු දෙනා ම යටත් බව ද, අවනත බව ද පෙනී යයි. එය බොරුවක් නො වේ.
කසුරී හා අප අතර සමීප ඇසුර පටන් ගත්තේ 2005 සිට ය. 2005 යනු ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ අලුත් ගැම්මක් ඇති වූ වර්ෂයෙකි. ඒ ගැම්මත් සමඟ ම කසුරී අප ආයතනයට පැමිණියේ ය. ඔහු වසර අටකට වැඩි කාලයක් ‘සිළුමිණ’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ලෙස රාජකාරි කළේ ය. එක් අතෙකින් එය වාර්තා සහගත තත්ත්වයෙකි. පසුව උසස්වීමක් ලැබ සිංහල පුවත්පත්හි උපදේශක කර්තෘ ලෙස වැඩ කළේ ය. කුමන තනතුරක සිටිය ද, කුමන ජය - පරාජයන් ලැබුව ද කසුරී යනු දිගින් - දිගට ම වැඩ කරන තැනැත්තෙකි. ඔහු ළඟ කළකිරීමක් තිබුණේ ම නැත. අලසකමක් ගෑවිලාවත් නැත. එකවර වැඩ කිහිපයක් කිරීම ඔහුගේ සිරිත ය.
කසුරී ඉතා හොඳින් ජීවිතය වින්දේ ය. ඒ පමණට ම ඉතා මහන්සියෙන් වැඩ කළේ ය. ඔහු ලෙඩ-රෝග ගණන් ගත්තේ නැත. වෘත්තීය ඇදවැටීම්, පරාජයන් මෙන් ම ජීවිතයේ ඇදවැටීම් ද ඔහු ඉතා නිර්භීත ව විඳ දරා ගත්තේ මහා පුරුෂයකු ලෙස ය. ඔහුට එරෙහි ව නැඟී සිටින සතුරා දැක-දැකත්; සතුරාට අතට-අත දී සිහින් සිනහවකින් සංග්‍රහ කරන්නට තරම් ආත්ම ශක්තියක් කසුරීට තිබිණි. ඒ හැටි උස-මහතක් නැති මධ්‍යම ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කී මේ සුන්දර මිනිසා තුළ තවත් යෝධයෝ හතර-පස් දෙනෙක් ජීවත් වූහ. අපගේ නිරීක්ෂණයට අනුව; ඒ පහත සඳහන් පරිදි ය.
(I) අභීත පත්‍රකලාවේදියා
(II) අපූරු ගවේෂකයා
(III) ප්‍රබන්ධ කථාකාරයා
(IV) සුන්දර රසවතා
කසුරී නම් පත්‍ර කලාවේදියා ජීවත්ව සිටි ධරමාන කාලයෙන් වැඩි කොටස වෙන් කර ඇත්තේ පත්තර වෙනුවෙන් ය. සුළු කාලයක් ගුරු වෘත්තියෙහි යෙදුණ ද ඔහු ගුරුකමෙන් ලබාගත් දෙයක් නැතැ’යි අපට සිතේ. කසුරිගේ වෘත්තීය පත්‍රකලාවේදය තුළ පැතිකඩ කිහිපයක් තිබේ. එනම්; තීරු ලිපි රචකයා, විශේෂාංග රචකයා හා කර්තෘ වශයෙන් ය. කසුරිගේ තීරු ලිපි ඉතා සුන්දර ය. ගවේෂණශීලී ය. එලෙස ම උපහාස රසයෙන් යුතු ය. කසුරිගෙ කොලම ඊට නිදසුන් ය. ඔහු මේ රචනා විලාසය හැඳින්වූයේ “රහට ලිවීම” ලෙස ය.
“ඔහොම ලියන්ඩ බය හිතෙන්නෙ නැද්ද? ටිකක් පරෙස්සමෙන් ලිව්වොත් නේද හොඳ! මොනව වුණත් කොලම රහයි.”
(කසුරිගෙ කොලම පොත ; පිදුම)
වටරවුමෙන් පටන්ගත් ඔහුගේ තීරු ලිපි රචනා කලාව අවසන් වූයේ “ම-සිත” නම් තීරු ලිපියෙන් ය. ඒ වනවිට ඔහු දේශපාලන විවේචන හා විග්‍රහවලින් ඉවත් වී සංවේදී කතා ගොතන්නට පටන්ගෙන තිබිණි. එම තීරු ලිපියෙන් ප්‍රකට වූයේ කතාන්දර ගෙතීම හා නිර්මාණාත්මක භාෂා ලක්ෂණ ය. මම වරක් නාම්කාඕගේ කෙටිකතා පොතක් ඔහුට දුන්නෙමි. ඔහු එහි සඳහන් සංවේදී කතාවක් තේමා කොටගෙන අපූරු තීරු ලිපියක් ලියා තිබිණි. එය කෙතරම් සංවේදී රචනාවක් ද යත්; කියවන කාල මගේ දෑසට කඳුළක් නැඟිණි.
විශේෂාංග රචකයකු ලෙස කසුරීගේ භූමිකාව මේ සියල්ලට වඩා විචිත්‍ර ය. ඔහු ඉතිහාසය ඇවිස්සුවේ ය. ජනශ්‍රැතිය හැදෑරුවේ ය. ශ්‍රී ලංකාවේ හතරදිග්භාගයේ ම ඒ සඳහා ඇවිද්දේ ය. කසුරී රට පුරා ඇවිද්දේ වායුසමීකරණ සහිත අලුත් කාරයකින් නො වේ. ඔහු ඈත පළාතකට ගියේ බසයෙන් ය. නවාතැන් ගත්තේ පන්සලක හෝ අම්බලමක ය. මේ දුෂ්කර ගමන් නිසා ඔහුට හමු වූ අව්‍යාජ ගැමියන්ගේ ගණන කෙළවරක් නැත. ඔහු මේ ගමන් නිසා ලබාගත් අත්දැකීම්වල ද නිමාවක් නැත. රටේ ඉතිහාසය, සංස්කෘතිය හා ගැමි ජීවිතය පිළිබඳ පරිපූර්ණ දැනුමක් කසුරිට තිබිණි. ඒ අතින් බලන විට ඔහු සමඟ හැරෙන්නටවත් අපට පුළුවන්කමක් නැත.
කර්තෘ පදවියේ දී ඔහු තරම් අනම්‍ය-දරදඬු හා ප්‍රතිපත්තිගරුක පුද්ගලයකු අප දැක නැත. ඔහු කර්තෘ යන්නට නියම අර්ථය හා භාවිතය ලබා දුන්නේ ය. තමා නිවැරැදි යැයි අදහන මතයේ සිට ම ඔහු පත්තරේ කටයුතු කළේ ය. ඔහුගේ අනුදැනුමකින් තොර එක අකුරක්වත් පත්තරේ පළවීමට ඉඩක් නො තිබිණි. කසුරී ඇතැම්විට දේශපාලකයන් හා රණ්ඩු වුණේ ය. නිලධාරීන් හා කොකු ඇද ගත්තේ ය. විශේෂයෙන් දැන්වීම්කරණයට ඔහු යටත් වූයේ ම නැත. දැන්වීම් මත යැපෙන පත්තර කලාවට කසුරී ශාප කළේ ය. ඔහුට අවශ්‍ය වූයේ ජනතාවගේ හදවතට කතා කරන සංවේදී පත්තරයක් එළි දැක්වීමට ය. ඔහු ඒ වෙනුවෙන් ම ජීවිතයේ බොහෝ දේවල් කැප කළේ ය.
සූරියආරච්චි මහතාගේ ඊළඟ භූමිකාව මතු වන්නේ නවකතාව ඔස්සේ ය. මගේ මතකය නිවැරැදි නම්; ඔහු නවකතා දහයකට වැඩි ගණනක් ලියා තිබේ. ‘නෝමා සහ සෝමා’ ප්‍රබන්ධයේ සිට ‘මම තව ම යමි’ කෘතිය දක්වා නවකතා ගොන්න එක තලයකත්, “නෑසෙන මානයේ” සිට “උං ගියා දෙං” නවකතාව තෙක් ඔහුගේ ප්‍රබන්ධ වෙනත් තලයකත් ගමන් කරන බව අපගේ වැටහීම ය. “නෑසෙන මානය” නවකතාවෙන් පසු ඔහු මේ විෂයය සම්බන්ධයෙන් පරිපාකයකට පැමිණ සිටි බවක් පෙනෙන්නට තිබේ.
සැබෑවට ම පසුගිය මාස කිහිපය තුළ කසුරී තවත් අලුත් නවකතාවකට කතාවස්තුව ගොඩනඟමින් සිටියේ ය. අපගේ පිළිගැනීමට අනුව නම්; කසුරීගේ හොඳ ම නවකතාව එය වන්නට ඉඩ තිබිණි. ඔහු ඒ සඳහා සූදානම් වූයේ අපූරු පිළිවෙළකට ය. මේ වනවිට නව ප්‍රබන්ධ කථාවේ ශිල්පීය ලක්ෂණ පිළිබඳ සැලැකිය යුතු වැටහීමක් ඔහු ළඟ තිබිණි. කසුරී චරිත ගවේෂණය සඳහා සැලැකිය යුතු කාලයක් මිඩංගු කළේ ය. අලුත් වචන හඹා යන්නට පටන් ගත්තේ ය. ඔඩු දුවන සමාජ ගැටලු ගැන නැවත කියැවීම ආරම්භ කළේ ය.
කසුරි මහතා සිය ජීවිතයේ අවසන් කාලය ගෙවා දැම්මේ අප සමඟ යැයි කීම නිවැරැදි ය. විශේෂයෙන් අවසන් මාස කිහිපයේ ඔහු අපට වඩාත් සමීප විය. නො කිව යුතු දේ පවා අප සමඟ කීවේ ය. හිටිහැටියේ අසනීප වී රෝහල් ගතවීමට පෙර සෑම රාත්‍රියක ම පාහේ කොහේ හෝ සිට ජංගම දුරකථනයෙන් අපේ කල්ලියේ කෙනකු ඇමැතීම ඔහුගේ පුරුද්ද වී තිබිණි. ඒ සෑම විටෙක ම පාහේ ඔහු කල් යැවූයේ අප්‍රමාණ සන්තෘෂ්ටියකින් ය. දුකක් පේනතෙක් මානයක තිබුණේ නැත.
ඔහු සිය ජීවිතයේ අන්තිම කාල පරාසය ගෙවා දැම්මේ ගවේෂකයකු ලෙස යැයි අපට සිතේ. කසුරී කුමක්දෝ දෙයක් සොයමින් සිටියේ ය. එය ජීවිතයේ අර්ථය වන්නට පුළුවන. වෙනත් දෙයක් වන්නටත් පුළුවන. ඔහු මේවා සොයමින්; හොඳට ම බීවේ ය. වෙරි වැටෙන තුරුම බීවේ ය. දිනක් ඔහුගේ ආදරණීය බිරිය කසුරිගේ මේසය මත පුංචි සටහනක් ලියා තැබී ය. එහි වූයේ වේදනාවෙන් පිරුණු වාක්‍යයෙකි.
“ඔබේ සතුට හැමවිට ම මගේ කඳුළ වී තිබේ.”
මේ සටහන කියැ වූ කසුරී එම කොළයේ පසුපස පහත සඳහන් වාක්‍යය ලියා තැබුවේ ය.
“ඔබේ කඳුළ හැමවිට ම මගේ සතුට වී තිබේ”
අපේ මිත්‍රයා හැමවිට ම ආදරය සමඟ ජීවත් වුණේ ය. ඔහු තම මුනුබුරාට බෙහෙවින් ආදරය කළේ ය. ඔහුගේ සුරතල් කතා අප සමඟ ප්‍රතිකතාවකට ගොඩනඟන විට කසුරිගේ දෑසෙහි කඳුළු පිරී තිබෙනු දැක ගත හැකි ය. මුනුබුරා ඔහුට ප්‍රාණ සරි ය. කසුරී තවත් අයට ආදරය කළේ ය. එහෙත් එය රහසක් සේ සිත තුළ ම තෙරපා ගත්තේ ය. අප සමඟ බීමත් ව සිටින කල ඔහු සිංදු කියන්නට පටන් ගනී. හැම සාදයක් ම අවසන් වන්නේ සිංදුවලින් ය. කසුරී පැරණි හින්දි ගීතවලට කැමැති ය. ඔහු ඒවා තාලෙට ගායනා කළේ ය.
මෑතක සිට ඔහුගේ ජනප්‍රිය ම ගීතය වී තිබුණේ “මට මගේ නො වන මගේ ම ආදරයක් තිබුණා!” යන ගීතය යි. කසුරිට මුළු ගීතයේ ම වචන මතක ය. තනුව මතක ය. සංගීතය මතක ය. ඔහු එම ගීතය ගායනා කොට සැහැල්ලුවෙන් සිනාසෙන අවස්ථා ද, ශෝකයෙන් සුසුම්ලන අවස්ථා ද තිබිණි.
මේ සුන්දර මිනිසාගේ ලියැවිල්ල වෙතින් ද ජීවිතය වෙතින් ද උගත හැකි පාඩම් ගණනාවක් තිබේ. ඒවා පිළිවෙළින් මෙසේ සටහන් කළ හැකි ය.
(1) ලියැවිල්ල
(I) ලියන්නට පෙර බොහෝ අත්දැකීම් ලැබිය යුතු ය.
(II) ලියන්නට පෙර බොහෝ දෑ කියැවිය යුතු ය.
(III) ලිවීමෙන් පසු නැවත-නැවත සංස්කරණය කළ යුතු ය.
(IV) නිරන්තරයෙන් ම වැඩ කළ යුතු ය - වැඩට වේලාවක් නැත.
(2) ජීවිතය
(I) තමන්ගේ ශරීරයට ආදරය කළ යුතුය
(II) ලෙඩ රෝග ගණන් ගත යුතු ය.
ලේඛනයේ දී ඉහතින් දැක් වූ ආදර්ශ සියල්ල කසුරී අකුරට ම අනුගමනය කළේ ය. එහෙත් ජීවිතයේ දී කිසිදු ආදර්ශයක් ඔහු ගණන් ගත්තේ නැත. ඒ ඔහුගේ හැටි වෙන්නට පුළුවන. කුමක් වුව අපගේ ඇදහිල්ලට අනුව කවදා කොතැනක දී හෝ අප යළිත් මුණ ගැසෙනු ඇත. වසන්තය එයි; ගිම්හානය යයි! ගිම්හානය එයි; වසන්තය යයි! අපි තවත් වසන්තයක් එනතුරු බලා සිටිමු.
- රන්ජන් අමරරත්න
මාත් ඒ දවස් වල කසුරිගේ වටරවුම නොවරදවා කියෙව්වා. ඊට පස්සේ කසුරිගේ කොළම. ඊටත් වඩා මුල් පිටේ විටෙක දාන පින්තුරෙට අදාළ කසුරිගේ කවිය.. ඒත් 2005 න් පස්සේ මට ඔහු ගැන එ් තරං කියවන්න ලැබුනේ නැහැ. මොකද මම සිළුමිණ කියවන එක නතර කරා.
ReplyDeleteඔහුට සුභ ගමන්. අර දරදඩු පුද්ගලයා නං හරිම වසවර්තියෙක් නේද??
මාත් කැමතිම පින්තුරෙට අදාළ කසුරිගේ කවියට.
Delete“ඔබේ කඳුළ හැමවිට ම මගේ සතුට වී තිබේ”,නිවන් සුව පතමි !
ReplyDeleteහිතේ දුකෙන් ඉන්න ඇත්තේ මෙහි සඳහන් 2005 සිට. හෘදය සාක්ෂිය කියා දෙයක් තියෙනවානේ.
ReplyDelete+++
Deleteරන්ජන්ලට කසුරි 2005 හම්බ උනාට. අපිට කසුරි නැති උනේ ඒ අවුරුද්දෙම තමයි..
ReplyDelete+++++++
Deleteහරියට හරි බං,මං ඔය කතාව කොතන ලියන්නද කියල හිත හිතා හිටියෙ.
Delete+++
Deleteහොඳ වැඩි නරක අඩු මිනිහෙක්. ඔහුගේ සමහර දේශපාලන මතිමතාන්තර සමග එකඟ වන්නට බැරිවුනත්, කසුරි කියන සාහිත්‍යධරයාවනම් මා සෑමවිටම ආදරයෙන් වැළඳගන්නවා.
ReplyDeleteඔහුට නිවන් සුව පතනවා.
I now him well but I do not like to critize after his demise. But I should tell you that none of us should follow his foot path. We should not live to drink and stay happy all the time with friends while our family kept at the home. This is okay for few days but not for everyday. We should allocate sometime to stay with family and keep the family happy and alive. Some people are jolly fellows for the outsiders and when he come to home they behave like dead fellows.
ReplyDeleteSome people are jolly fellows for the outsiders and when he come to home they behave like dead fellows.//
Delete+++++
කුඩා කල කසුරිගේ ලිපි කියවන විට හිතුනේම මේ ලියන්නේ අවුරුදු දහ අටක විස්සක තරුණයෙක් කියලයි. ඒ තරමටම කසුරිගේ අකුරු ජීවයෙන් පිරී පැවතුනා.....
ReplyDeleteසොඳුරු කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්!
අමු මිරිස් සල්ලි පොලියට ගත්තේ කවුද? අමු මිරිස් සල්ලි වලට මොකද උනේ?
ReplyDeleteඅමුමිරිස් අභියෝගයේ ගිණුමට වැටුණු මුදල් කිසිවිට එක් අයෙකුට ලබා ගත නොහැක. ඒ සදහා තිදෙනකු අත්සන් කළ යුතුය. ඒ සඳහා අනිවාර්යෙන්ම භාන්ඩාගාරික චමිර දෙද්දුවගේ සිටිය යුතුමය. මෙහි එක සතයක් හෝ කිසිවකු විසින් ලබාගන නොමැති බව දැනුම් දෙනු කැමැත්තෙමි. සියලු දෙනා කාර්ය බහුල වු බැවින් අභියෝගයේ ගමන මදක් බාල වූ බව සැබෑය.
Delete2005 පසු ඔහු ගමන් කල මාවතේදී බොහෝදේවල් ඔහුට මඟ හැරෙන්නට ඇත.ඔහු වැඩි වැඩියෙන් බොන්නට ඇත්තේද ඒ නිසා වියයුතුය.කොහොම වුනත් දැන් ඒවා කථා කොට පලක් නැත.ඔහුගේ මතු භවය යහපත් වේවා,කෙදිනක හෝ නිවන් දකින්නට හැකිවේවා!
ReplyDeleteඅනෙක් කතන්දර මොනවා උනත් ඔහුගේ කවි සංකල්පනා නම් හරිම අපූරුයි. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔහුට............
ReplyDeleteකසුරිගේ කවියට මාත් කාලයක් පුදුම විදිහට ආසාවෙන් හිටියේ.. ඔහුට සුබ ගමන් ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteදේශකය කියන ඡායාරූපයක් සමඟ තිබුනු කවි සංකල්පනාව නිසා තමයි මම මුලින්ම කසුරි කියන නම දැනගත්තෙත්.
ReplyDeleteසසර ගමන කෙළවර නිවන්සුව ලැබේවා !
කසුරිව සිළුමිණට ගෙන එන්න ඇත්තෙ හොඳ හිතින්, අද මරා මරාලයක් උනාට එදා යුද්ධෙ ඉවර කරන්න පත් කරගත්තු මහරජා. මනුස්සය මුල් කාලෙ හොඳ මිනිස්සුන්ට හොඳ දේවල් බාර දුන්න. නමුත් කරගෙන යන්න දුන්නෙ නෑ! ඒ නිසා කසුරි සිළුමිණට ආව දවස නෙමෙයි නැතිවුන දවස වෙන්නෙ ආ එකෙන් පලක් නෑ කියල තීරිලත් එතනින් නොයම ඉන්නව කියල හිතපු දවස. ඒක දන්නෙ කසුරිම විතරයි.
ReplyDeleteකසුරි බීල බීම නිසා මලා. නොබී හිටියත් මැරෙන එකේ බීල මල එක මොකද නරක කියල කවුරු හරි හිතන්න පුලුවන්. කොහොම මලත් කසුරි මලේ තම්න්ගෙ කොටස කරල සහ කරගෙන.
නමුත් අපි අතරෙ ඉන්නව එහෙම නැති, තාම තමන්ගෙ කොටස ඉවර නැති පත්තර කාරයොත්. අන්න උන් බීල නැතිවෙන්න හදන එක ගැනත් මේ වෙලාවෙ අයි හිතල බලන්න මතක් කරනව.
කසුරි වගේ මිනිස්සු නිවන් යන්නෙ නෑ. යවන්න ඕනෙත් නෑ. කසුරි ඔබ ආයෙ අප අතර ඉපදෙන්න, අපී ඊලඟ පරම්පරාවකටත්, අප ලද රසය බෙදන්න ලැබෙන්න!!
නමුත් අපි අතරෙ ඉන්නව එහෙම නැති, තාම තමන්ගෙ කොටස ඉවර නැති පත්තර කාරයොත්. අන්න උන් බීල නැතිවෙන්න හදන එක ගැනත් මේ වෙලාවෙ අයි හිතල බලන්න මතක් කරනව.///
Deleteඅද වැටවල් ගහන්න හිතෙන කතා ගොඩයි....
තදින්ම හිතට වැදුණි..
Deleteවටරවුම මම කාලයක් කියෝපු ලිපියක්.
ReplyDeleteඑත් කාලෙත් එක්ක වඩාත් එක්ක පත්තරේ බලන එක මගෙන් ටිකක් විටහ්ර ඇත වුනා..
------------------------
අපේ හිතවත් පත්‍ර කලාවේදියාට නිවන් සුව.
මේක රන්ජන්ගෙ බ්ලොග් එකද නලින්ගෙ බ්ලොග් එකද...
ReplyDeleteකසුරිව අඳුරගත්තෙ අර කවි සංකල්පනාවෙන් තමයි... එතනින් එහාට දේශපාලනයක් ගැන තේරුම් ගන්න තරං දුරට ඒවා කියෙව්වෙ නෑ... බීල බීල මළාට කමක් නෑ මැරෙන්නෙ තනියෙන් නං.. ඒත් තව ජීවිත කියක් මරාගෙන මැරෙනවද කියල හිතන්න බැරි මනුස්සයො කොහොමද රටක ජාතියක නායකයො හෝ උපදේශකයෙ වෙන්නෙ...
"කසුරි"හරි අපුරූ නම.සිළුමිණේ කසුරිව නම් ඇසුරු කරලා නැහැ.ඔහුට සුබ ගමන්.
ReplyDeleteපිරවිය නොහැකි හිස්තැනක් ඇතිකළ නික්මයාමක්.. ලෝ දහමට එකඟ වෙන්න වෙනවා කාටත් ඔහුට පතනෙමි නිවන් සුව!!!
ReplyDeleteනිවන් සුව ප්‍රාර්ථනා කරනව...!
ReplyDeleteසොඳුරු කලා කරුවානනි ඔබට නිවන් සුව !
ReplyDeleteඇත්තෙන්ම මා බොහෝ කාලයක් ඔහුගේ ලිපි කියවූයේ ඔහු තරුණියකයයි සිතා ගෙනයි, ඒ තරමට ඒ ලිපි සංවේදී සටහන් විය. ඒවායේ මානුශීය දයාව පිරී තිබුණි. ඒ සමඟම කවිකම සරල බව සෙනෙහස උතුරමින් තිබුණි. දේශපාළන කතා මට වැදගත් නොවීය. පෞද්ගලික ජීවිතයද වැඩක් නැත. මේ සොඳුරු මිනිසාට, කලාකරුවාට නිවන් සුව පතමි!
ReplyDeleteඔහු ගැන බොහෝ දේ නොදන්නාමුත්, ඔහු මළ පසු ඔහු බොහෝ වටිනා මිනිසෙකු බව අවබෝධකරගතිමි.
ReplyDeleteසුබගමන් කසුරි...
කසුරි ගැන ලියන්න වෙන්නේ දිවයිනේ කසුරි කියලා තමයි. මෙවන් ඛේදජනක ලෙස බීමට ඇබ්බැහිවූ මාධ්‍යවේදියෙක්වූ අමරබන්ධු රූපසිංහයන් ගැන තමයි මම මේ දවස්වල ලියමින් ඉන්නේ. මේ මිනිසා මහා කලකිරීමකට ලක්වුනේ නොයෙකුත් හේතු මතයි. කසුරිටත් එවැනි හේතු බොහෝ තියෙන්න ඇති.
ReplyDeleteමට මගේ නොවන ආදරයක් තිබුනා කියන්නත් හේතු තිබුනා..ඒවා අදාල නැහැ. මම කසුරිව දන්න කාලේ කසුරි ඉතාමත් ජනප්‍රියයි. ඒවා නැතිවෙන කොටත් යම්කිසි පසුතැවිල්ලක් එනවානේ.
කසුරිට සුබ ගමන්. කොහේ හෝ වට රවුමක අපි නැවත හමුවෙමු.
කසුරි ගැන පහුගිය දවස්වල මම අහපු සමහ දේ ගැන ඉතාම කණගාටුයි. ඒ දේවල් දැනගත්තාම මට හිතුන දේ ලියන්නත් බැරි තරං අප්‍රසන්නයි!
Deleteනලියා මහින්ද චින්තනේ යටතේ සිද්ද වෙච්ච් තව හොඳ /නරක දෙයක් තමා වීරයෝ වගේ හිටපු පර්වත බලු කුක්කෝ වගේ චුට්ටං වෙච්චි/කරපු එක.කසුරිටත් මේක අදාලයි.ඉතින් කසුරි මහින්ද අබේසුන්දර මට්ටම තෙක් නොයා මහෙම ගියපු එක හොඳයි. එතකොට වටරවුම ලියපු කසුරි ගැන තියෙන ෆැන්ටසිය සිළුමිණ කතෘ කසුරි නිසා මස්තබාල්දු කර ගන් නැතුව ඉන්න කෙනෙකුට පුළුවන් .
ReplyDeleteකසුරි මියගිය බව දැනගත්තෙත් හුඟක් පහුවෙලා.. මේ ලිපිය දැක්කෙත් හුඟක් පහු වෙලා.. ඇත්තටම 'දිවයිනේ' කසුරි මියගියානම් මීට වඩා ශෝකාන්තයක් වෙන්න තිබ්බා.. ඒත් සිළුමිණේ කසුරි අපි දන්නෙම නැතුව මැරිල හිටපු නිසා මේක ලොකු ශොක් එකක් නොවෙන්නත් හේතු වෙන්න ඇති.. කොහොම උනත් සිළුමිණේ කසුරිට නිවන් සුව.. දිවයිනේ කසුරිටනම් නිවන් යන්න දෙන්න කල් වැඩියි.. ඔහු නැවත අප අතර ඉපදෙන්න ඕනේ..
ReplyDeleteඔවුහුද මනුෂ්‍යයෝය. ප්‍රබාකරන් ගැන අනුකම්පාකරන ඇතැමුන් කසුරි ගැන එසේ නොකිරීම පුදුමයි. මම කිව්වෙ මෙතන කමෙන්ට් කළ අය ගැන නෙමෙයි. ඔහු ගැන පළවූ ඇතැම් බ්ලොග් ලිපි ගැන.
ReplyDeleteGood Work, Nalin!
නලියා ලියන්නැත්තේ අැයි????? මොකක්ද අවුල???
ReplyDelete