රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2014-09-10

මොහාන් රාජ් අපට තිළිණ කරන ආදරණිය වික්ටෝරියා


මා සිත් ගත් ගත් කතුවරයකු වන මොහාන් රාජ් මඩවල සොයුරාගේ ආදරණිය වික්ටෝරියා කෘතිය මේ වන විට පාඨක සුරතට පත්කර ඇත. ඒ මාහැගි කෘතිය කියවා තිබුණ ද මේ දිනවල මා අත ගසා ඇති අමුමිරිස් අභියෝගය හා පුද්ගලික කරදර කීපයක් හේතුවෙන් ඒ පොත ගැන මා සිතේ හටගත් අදහස් ගොන්න අකුර කරන්නට වෙලාවක් නොවීය. නමුත් ඔහුට කරන ගෞරවයක් ලෙස මිරර් ගර්ල් අඩවියේ පළ වූ මේ සටහන සමකය වටේ අඩවියට උපුටා එක් කරමි. 


mohanrajmadawala ලාංකේය සාහිත්‍යයයේ නමක් තැබු ඔහු මාගම් සෝලිය, ලොවීනා යන නවකතා වලින් ඔහු අපව සාහිත්‍යමය වශයෙන් සන්තර්පණය කළා. ඔහු මොහාන් රාජ් මඩවල. මේ කතා බහ ඔහුගේ ආදරණිය වික්ටෝරියා ගැන කතා කරන්නමයි.

කවුද මේ වික්ටෝරියා කියන්නෙ?

'ආදරණිය වික්ටෝරියා' පොතේ වික්ටෝරියා කියල චරිත දෙකක් තියනවා. එක්කෙනෙක් අන්දිරිස් නමැති පොතේ ප්‍රධාන චරිතයේ දියණිය. අනිත් කෙනා 1837 සිට 1901 දක්වා එංගලන්තයේ මහා රැජින ලෙස සිටි වික්ටෝරිය රැජින. මේ චරිත දෙකෙන් ආදරණිය වික්ටෝරිය කවුද කියල පොත බලන අයට තීරණය කරන්න පුළුවන්.

'පානදුරාවාදය' ඔබ මේ පොතේ ඍජූ ලෙස ප්‍රශ්න කරනවා. ඔබ කියන විදියට පානදුරවාදයට එදා සහයෝගය දුන්නෙ ඔය කියන විදියට අරක්කු රේන්ද ව්‍යාපාරයේ සිටි ධනපතියන්ද?

පැහැදිලිවම ඔව්. සමහරු ඒ ගැන විවෘතව කතා බහ කරන්න බය උනාට ඉතිහාසයේ ඒ පිළිබඳ ව පැහැදිලි සාක්ෂි තියනවා නම් ඇයි අපි බයවෙන්නේ ඒ ගැන කතා කරන්න.

ඔබේ කතාව පටන් ගන්නේ මුල්ම දුම්රිය කොළඹ සිට මහනුවරට ගිය ඓතිහාසික සිද්ධියෙන්. එකට විශේෂ හේතුවක් තියනවද?

ඔව් අරක්කු බීම රටපුරා පැතිරෙන්න බලපාපු ප්‍රධාන කරණා දෙක තමයි මේ දුම්රිය ගමනාගමනය ආරම්භ වීම සහ තේ වගාව හඳුන්වා දීම. මේ මහා පරිමාණ ව්‍යාපෘති දෙකේම වැඩ කල කම්කරුවන් තර මුදල් සංසරණය වෙන්න පටන් ගන්නවා. ඒ හම්බ කරගත් සබ්බ සකලමනාවම ඔවුන් එදා පුජා කලේ තැබෑරුම් වලට ගිහින් අරක්කු බොන්න.

1860 දශකයේ මුල්ම දුම්රිය ඔබ හඳුන්වා දෙන්නේ 'දුම් කරත්ත' කියල. ඒ විදියටද එදා මිනිසුන් එය හඳුන්වා දෙන්නෙ?

ඔව් එදා ලාංකිකයන් ඕනෑම ගමනකට පාවිච්චි කළේ කරත්ත. බක්කි කරත්ත, ගොන් කරත්ත, අස්ස කරත්ත විදියට ඒවා හැඳින්වුවා. ඒ නිසා ගමනාගමනයට එකම විකල්පය මේ කරත්ත පමණයි. ඒ නිසා මේ කෝච්චියත් ඔවුන් දැක්කේ දිග කරත්තයක් විදියට. ඒකට හේතුව වුණේ ඒක ඔවුන්ට අර්ථ දක්වන්න බැරි ගල් අඟුරු වලින් ගමන් කිරීම සහ ඒකෙන් 'දුම්' පිටවීම. ඒ නිසා තමයි ඔවුන් කෝච්චියට 'දුම් කරත්තය' කියල නම් කළේ.

'ආදරණිය වික්ටෝරියා ' තුලින් ඔබ කියන විදියට ලංකාවේ මුල්ම ධනපතියන් එකතු වෙන්නෙ අරක්කු රේන්ද ව්‍යාපාරය හරහා. එය සත්‍යක්ද?

ඔව් ඒ විතරක් නෙමෙයි. ඒ ධනපතියන්ගේ ක්‍රියාකාරිත්වය සහ අද ධනපතියන්ගේ ක්‍රියාකාරිත්වය අතර පුදුමාකාර සමාන කමක් තියනවා. ඒ අර්ථයෙන් මම කියන්න උත්සාහ කරන්නෙ වර්තමාන ධනපතියන්ගේ සැබෑ වර්තමාන කතාව.

ඔබ ඔය කියන්නේ ඔබ ඉතිහාසය ගැන ලියන නවකතාකරුවෙක් නෙමෙයි කියලද?

ඇත්තටම ඔව්. ඉතිහාසය කියන්නෙ මට කියන්න හදන දේට මං පාවිච්චි කරන Backdrop එකක්. තවත් අර්ථයකින් කිව්වොත් මං කියන වර්තමාන කතාවේ fantasy එකක්.

මාගම් සෝලිය , ලෝවීනා, වගේම ආදරණිය වික්ටෝරියා ලියන්නත් ඔබ යම් ගවේෂණයක් කරලා තියෙන බව පේනවා?

ඔබට එවැන්නක් දැනෙනවානම් මට සන්තෝෂයි.

ඔබේ මුල් නවකතා තුලදී වගේම මේ මේ තුලත් ඉතිහාසයේ සිටි සැබෑ චරිත ඔබ ඍජූ ලෙස පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට ජෙරමියෙස් දියෙස්, චාල්ස් ද සොයිසා , අනගාරික ධර්මපාල, මහමුදලි බණ්ඩාරනායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක වැනි චරිත . අයි ඔබ ඒ චරිත ඍජූ ලෙස භාවිත කරන්නෙ?

නවකතාව කියන්නේ සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන දෙයක්. ඒ නිසා මම මට අවැසි විදියට සත්‍ය හා කල්පිතය මම මගේ නවකතා තුල පාවිච්චි කරනවා. අනගාරික ධර්මපාල හරහා මතුවන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ගැනත් ඔබ මේ තුලින් කතා කරන්න උත්සාහ කරලා තියනවා. ඒ ගැන මට වෙනම විවේචනයක් තියෙන්නේ... 'ආදරණිය වික්ටෝරියා' තුලින් ඔබට එය බාගවිට අල්ලාගන්න පුළුවන් වේවි.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය යම් තරමකට මේ පොතෙත් දක්නට ලැබෙනවා. ඔබ එය ඔබේ අනන්‍යතාවය විදියටද පාවිච්චි කරන්නෙ?

එක නම් මට කියන්න තේරෙන්නෙ නැහැ. හැබැයි අපේ ජාතක පොත , සද්ධර්ම රත්නාවලිය හරියට කියවලා තියෙන අයට මේ භාවිතාව අගන්තුකයි කියල මට හිතෙන්නේ නැහැ. අනෙක් අතට පවතින යථාර්ථය සුක්ෂමව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් මේ ඉන්ද්‍රජාලික භාවිතාවේ තියන බව මම විශ්වාස කරනවා. ඒ අනුව එය මට හුදු ඉන්ද්‍රජලිකයක් නොව පවතින යථාර්ථයයි.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගේ පියා මහමුදලි බණ්ඩාරනායක ඉංග්‍රීසින්ට බරපතල ලෙස ගැතිකම් කළ පුද්ගලයෙකු ලෙස ඔබ ඔබේ පොතේ හඳුන්වා තිබෙනවා නේද?

සැබෑ සත්‍ය එය නම් එය කතා කිරීමේ වැරැද්ද මොකක්ද කියල මට තේරෙන්නේ නෑ. අනෙක් අතට 1948 අප ලැබූ 'නිදහස', නිකම්ම නිකම් හතරක් උනේ මේ ඉංග්‍රීසින්ට විරුද්ධව ගැතිකම් කළ කළු සුද්දන් නිසා.

මහා මුදලි බණ්ඩාරනායක සිට ඩී එස් සේනානායක, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක අද බොහෝ දේශපාලනඥයන් ක්‍රියා කළේ දේශීයත්වය ගැන පෙනී සිටින බවට බොරුවට පෙන්නමින් බටහිරට ගැතිකම් කරමින්. ශ්‍රී ලාංකීය දේශපාලනය අද පවා මේ තරම් මස්තබාල්දු වී තිබෙන්නේ මේ පුර්වාදර්ශය නිසා.

ආදරණිය වික්ටෝරියා තුලින් ඔබ යම් තරමකට ලිංගිකත්වය භාවිතා කරලා තියනවා.

ඔබ ඔබේ ජීවිතයෙන් ලිංගිකත්වය සහමුලින් ඉවත් කල දාට මට දැනුම් දීමක් කරන්න. අන්න එදා සිට සහතික ලෙසම මම මගේ පොත්වල ලිංගිකත්වය ලිවීම නතර කර දානවා.

24 comments:

  1. පොත කියවන්නේ නැතුව අදහස් දක්වන්න බැහැ නලීන්. හැබැයි ඇද දිනමිණේ නම් අමරරත්න උන්නැහේ මඩවල උන්නැහෙව පට්ට ගහලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට මට නං පොත හොඳයි. ඒ වගේම මාකටින් පාරවලුත් තියනවනේ.

      Delete
    2. රන්ජන්ගේ විචාරයේන් උපුටා ගැන්මක්..
      //මොහාන්ගේ නිරූපණය මෙන් ම ආඛ්‍යානය ද අපූරු ය. ඇතැම් සිදුවීම් හා ක්‍රියා අතිශයෝක්තියෙන් දක්වන ඔහු ඒ ඔස්සේ සිද්ධියෙහි හා ක්‍රියාවෙහි බරපතළකම තීව්‍ර කරයි. නැවත ඒවා හාස්‍යට හා විවේචනයට හසු කරයි. අපේ අභිචාර විධි හා අධි මානුෂික ඇදහීම් තුළ පවත්නා මායාව කතුවරයා නවකතාවේ යථාර්ථය සාධනය සඳහා අපූරුවට යොදාගනී. මේවා තේරුම් ගැනීම සඳහා කතුවරයාගේ කාල්පනික ලෝකයට සමීප වීම බෙහෙවින් වැදගත් ය.//

      Delete
    3. අඩේ නලියා අමරෙගෙ විචාරෙ දාපංකො!

      Delete
  2. මොහාන් රාජ් මඩවල ලාංකිය නවකතාවේ සුවිශේෂ ළකුණක් වී හමාරයි..

    පොත අනිවාර්යයෙන් කිය විය යුතුමයි..

    ReplyDelete
  3. පොතනම් හොඳ වගේ. සුද්දන්ට ගැතිකම් කල අය ගැනත් කතා කරලා තියෙන්නේ.

    ඉස්සරහට නම් ගැතිකම් කරන්න වෙන්නේ සුද්දන්ට නොවේ. ඒ ගැන දැන ගන්න මේක කියවන්න.
    මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව

    ReplyDelete
    Replies
    1. මාත යමක් ලියන්නේ හොදට හිතලා බලලා

      Delete
  4. නලින්ට මොකද උනේ කියල හිත හිතා හිටියේ,මොකද දැන් වැඩිපුර පෙනෙන්න නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අමු මිරිස් කනවා..

      Delete
    2. සිරාවටම මේ ටිකේ ඒකට ටිකක් යොමු වෙලා මචං

      Delete
  5. //නවකතාව කියන්නේ සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන දෙයක්. // ඇත්තම ඇත්ත.

    මේ පොත් ටික මට ඉක්මණට හම්බ වෙනවා කියලා මතක් වෙනකොට දැන්නේ හරිම සතුටක්. පොත් ලිස්ට් එකට නලීන්ට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  6. තාම ලොවීනා කියවන්නත් බැරි උනා.. තවත් එකක් ඇවිත්ලු.. ඇත්තමයි මේ කියනකං දන්නේ නෑ..

    ReplyDelete
  7. කියවන්ට ඕනෑය...
    අර අන්තිමට දීලා තියෙන උත්තරේ තමා උත්තරේ...

    ReplyDelete
  8. ඇත්තෙන්ම හොඳ ගවේෂණයක් කරන්න වෙනවා , මොකද ඍජු චරිත යොදාගන්නවානම් ඒ පිලිඹද වගකීම ගන්න සිද්ධ වෙන නිසා , මොහාන් රාජ් මඩවල කියන්නේ සිංහල ලේඛන කලාවේ සලකුණක්

    ReplyDelete
  9. කියවලා බලන්න හිතුනා මේක දැක්කම!

    ReplyDelete
  10. දැනුවත් කලාට ස්තූතියි ! බලන්නම ඕන..

    ReplyDelete
  11. නලින් අය්ය
    ලොවීන නං ඒතරං අල්ලල ගියෙම නෑ... බොරු කියන්න ඕන නෑනෙ...
    මේක තාම කියෙව්වෙ නෑ කියෙව්වාම තමා මොනා හරි කියන්න ඕන... එහෙම නැතිව බොරුවට මෙතන මොනා හරි කොටන එක එච්චර හොද දෙයක් නෙවී නෙව..

    මොහාන් නැගල යන්නෙ පොත හොද හින්දට වඩා ලෙසටම කරන මාකටින් වැඩ හන්ද...
    පොතේ පිටකවරෙ ඉදන් පටං ගන්න මාකටින් එක නතර වෙන්නෙ විචාරකයො සියක් විතර පොතපට්ට ගැහැව්වට පස්සෙ..
    හෙක් හෙක්

    ReplyDelete
  12. මගේ හිනයක් මගේම කියලා පුස්ථකාලයක් පටන් ගන්න එක (ගෙදර පොඩි මෙන්ඩාට අනාගතයට). ඔයා පොත් ගැන ලියන එවා මට වටිනවා.

    ReplyDelete
    Replies
    1. පොඩියට හරි පටන් ගනිං.කාටවත් පිට ගෙනියන්න දෙන්න එපා.

      Delete
  13. මහේශ් කියන දේ ඇත්ත++++++++++++

    ReplyDelete
  14. පෙන්ඩින් ලිස්ට් එකට තවත් පොතක්. ස්තූතියි නලීන් අයියේ.

    ReplyDelete
  15. මං කැමති අයිතිහාසික නවකතා නම් කතෘගේ මත, ජාතිය, ආගම , රට ආදියෙන් පුලුවන් තරම් කතාවට බලපෑමක් නැති, කිසිම පණිවුඩයක් දීමට අදහස් නොකරන, හැම පැත්තම රිසර්ච් කරල පුලුවන් තරම් දුරට අයිතිහාසික නිරවද්යතාවයෙන් යුක්ත, දෙපැත්ත හෝ සියලු පැති සඳහන් විදිහට, තම ඉමැජිනේශන් එක කතාවට රසයක් දීමේ අදහසින් පමණක් භාවිතා කරල ලියන ඒව

    ReplyDelete
  16. නලියා........................

    නියම ලිපියක් අදත් අපිට ගෙනල්ලා. කියෙව්වා. පොත කිවෙව්වා වගේ. ඒත් පොතත් කියවන්න ඕනේ......... ස්තූතියි මචං

    ReplyDelete
  17. මීට අවුරුදු විස්සකට විතර කලින් මොහාන්ගේ බෝදිලිමා කෙටි කතා පොත බැලුවා . මතකේ රැඳෙන පොතක්. ඒත් මට මාගම් සෝලියනම් ඕවර් ඇක්ටින් වගේ . ලොවිනා හා මේකත් අරගෙන බලන්න ඉන්නේ . ස්තුතියි මචන් මේ තොරතුරු බෙදා ගත්තට

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්