සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අද ඉන්දියාවේ බලගතුම පුද්ගලයාගේ බිරිය මෙයට වසර කිහිපයකට පෙර විසූයේ දිළිඳු ගම්මානයක එක් කාමරයකින් යුත් නිවෙසක ය.
Jashodaben Modi සේයාරුව ගූගල් වෙතිනි
මුද්‍රිත සාරියකින් හා සැහැල්ලු හැට්ටයකින් සැරසී සිටින ඇගේ මුහුණ රැළි වැටී ඇත. හිස කේ පසු පසට කර තදට ඇද බැඳ සිටින ඇගේ දෑතින් පෙනෙන්නේ ඇය ගත කළ ජීවිතයේ රළු බව යි. සෙරෙප්පු යුගලක් පැළඳ සිටිය ද ඇගේ දෙපයේ දූලි වැකී තිබේ. ඇය ගුජරාටයේ රාජෝ සභා ගම්මානයේ වෙසෙන අනෙක් ඕනෑම කාන්තාවකට සමාන ය. ඇගේ නම ජශෝබදෙන් විමන්ලාල් මෝඩි ය. එ ගම සියලු දෙන ඇය නරේන්ද්‍ර මෝඩි ගේ බිරිය බව දැන සිටියහ.




2002 දී ගොද්රා හි ඇති වූ කලබලවලින් අනතුරුව ඇය මෙම ගම්මානයේ ජීවත් වූයේ බියෙන් යුතුව ය. 2500ක් පමණ වූ ගම්වැසියන් ගෙන් බහුතර ය මුස්ලිම් ජාතිකයන් වූ අතර ඔවුන්ගෙන් අනතුරක් තමාට සිදුවනු ඇත යන බිය ඇයට තිබිණි. ඇය තමාගේ බිරියය යන්න නරේන්ද්‍ර මෝඩි ප්‍රතික්ෂේප කර නොතිබූ අතර එය පිළිගෙන තිබුණේ ද නැත.
ඇයට සමීප ගම්වැසියන් පැවසූයේ ඇය ඔහු හා විවාහ වී තිබුණේ ඔහුගේ උපන් ගම්මානය වූ වද්නගර් හිදී බව ය. 

සත්වෙනි ශ්‍රේණිය දක්වා ඒ වන විට ඉගෙන ගෙන තිබූ ඇය විවාහයෙන් දින කිහිපයකට පසු යළි ඇගේ පියා වෙත එවා තිබේ. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු නිම කරනු පිණිස ය. දෝලාකා වෙත පැමිණි ඇය සාමාන්‍ය පෙළ 1972 වසරේ දී සමත්ව ප්‍රාථමික ගුරුවරියක ලෙස පුහුණුව ලබා අහමදාබාද් හි තෙමසක කාලයක් රැකියාව කර ඇත.
1978 දී ඇය දෙක්වාලි ගම්මානයේ විද්‍යාලයක වැඩ බාර ගෙන ඇත. ඇයට ස්ථාන මාරුවක් ලැබී ඇත්තේ රූපල් ගම්මානයේ පාසලකට ය. එහි ඇය මාස 12 ක කාලයක් රාජකාරී කර ඇත. ඇය රාජොසානා ගම්මානයට පැමිණ ඇත්තේ 1991 දෙසැම්බරයේ 2 දා ය. ගැමියන් පවසන්නේ ඇය ඉඳ හිට අහමදාබාද් වෙත ගිය ද කිසි විටෙක ඇගේ සැමියා එහි නතර වන්නැයි ඇගෙන් ඉල්ලා සිට නැත කියා යි.
මෙම ලිපිය ‘ඕපන්’ සඟරාවට සැපයූ හයිමා දේශ්පාන්ඩේ ඇය සේවය කරන විද්‍යාලයට ගොස් ඇගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට උත්සාහ කරද්දී ඊට බාහිර බාධා එල්ල වී ඇති අතර ජශෝබදෙන් පසුව ත්‍රිරෝද රියක නැඟී පාසලෙන් පිටව ගොස් ඇත. හයිමාට වහා එම ගම්මානයෙන් පිටව යන ලෙස තර්ජන එල්ල වී තිබේ. 2009 අප්‍රේල් මස 11 දා නිකුත් වූ ඕපන්’ සඟරාවට ඇය සැපයූ ලිපියට ඇය මෙහි පහත පළවන කරුණු එකතු කරගෙන තිබුණේ ගම්වැසියන් ගෙනි.
මසකට ඉන්දීය රුපියල් 10,000 ක වැටුපක් ලබන ඇය මසකට රුපියල් 150 ක් ගෙවා පදිංචි වී සිට ඇත්තේ එක් කාමරයකින් යුත් නිවෙසක ය. ටකරං සෙවිලි කළ එම නිවෙසට නාන කාමරයක් තිබී නැත. හොඳ වැටුපක් ලබා ඇයට එම දිළිඳු ගම්මානයෙන් පිටවී ගොස් අන් තැනක පදිංචි විය නොහැකි ද?
තමා ගැන දන්නා එගම වැසියන් ගෙන් තමාට කරදරයක් නොමැති හෙයින් එහිම පදිංචිව සිටින වග ජශෝබදෙන් පවසා ඇත. ඇය ටකරං නිවහනේ සිට පොදු වැසිකිළියක් පාවිච්චියට ගන්නේ එම නිවහනට වැසිකිළියක් හෝ නොමැති හෙයිනි. රාජෝසානා විද්‍යාලයයේ ඇය ජනපි‍්‍රය ගුරුවරියකි. එහි ඉගෙන ගන්නා බහුතරයක් මුස්ලිම් දරුවෝ ඇයට බෙහෙවින් ආදරය කරති. ගමේ සියලු දෙනා ඇයව සමීපව ඇසුරු කරති. සෑම ඉරිදාවකම ඇය ත්‍රිරෝද රියක නැඟී එම ගම්මානයේ සිට කි.මී. 20ක් ඈතින් වූ බ්‍රහ්මන්වාදා හි වෙසෙන තම සොයුරාගේ නිවෙසට යන්නීය. ඇගේ් සොහොයුරා බ්‍රහ්මන්වාදා හි සිල්ලර වෙළෙඳ සලක් පවත්වාගෙන යන බව ඇය පවසා තිබේ.
ගම්මුන්ගේ අදහසට අනුව ජශෝබදෙන් ආගමික ජීවිතයකට නැඹුරු වූ කාන්තාවකි. හයිමා සිය ලිපියේ තව දුරටත් සඳහන් කර තිබුණේ 2009 වසරේ ඔක්තෝබරයේ දී ඇය විශ්‍රාම යාමට නියමිතව තිබූ බවයි. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරීන් නිතරම ඇය දෙස ඇස ගසා ගෙන සිටින බවත් විරුද්ධවාදීන්ට ඇය මෝඩිට එරෙහිව හසුරුවන්නට ඇති සියලු ඉඩකඩ අසුරුලන බවත් හයිමා තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබිණි.
ගුජරාට මහ ඇමැති ධුරය දරමින් භාරතයේ ජනපි‍්‍රය පෙරළිකාර චරිතයක් බවට පත් වූ නරේන්ද්‍ර මෝඩි ගේ බිරිය ජශෝබදෙන් ගැන එරට මාධ්‍ය කතා නොකරන තරම් ය. මේ මෙම වසරේ පෙබරවාරි 01 දා ‘හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ පළවූ කෙටි ලිපියක සිංහල පරිවර්තනය යි.
භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි ගේ බිරිය යැයි කියැවෙන තැනැත්තිය පවසන්නේ රාෂ්ට්‍රීය ස්වයං සේවක් සංග් හි කටයුතුවල නියැළෙමින් කාර්ය බහුල වූ තම සැමියා තමාගෙන් ඈත්වූවා කියායි. ගුජරාට මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි තමාගේ සැමියා වීම තම දෛවය බවත් සිදුවූ කිසිවක් ගැන තමා පසුතැවෙන්නේ නැති බවද ඇය පවසයි.
දැනට 62 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක වන ඇය පවසන්නේ තම විවාහය තෙවසරකට සීමා වූ බවයි. ඉන්පසු කිසි විටෙක මෝඩි තමාට කතා නොකළ බවද ඇය පවසන්නී ය. යම් දිනෙක මෝඩි ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන බව තමාගේ විශ්වාසය යැයි ද ඇය පවසන්නී ය.
 “එයා දවසක් මගෙන් මෙහෙම අහුවා, “මම රට පුරා මට හිතුණු හැම තැනකම යනවා. ඔයා මගේ පස්සෙන් ඇවිත් මොනවා කරන්න ද?” පසුව දවසක ඔහු මට කීවේ ඉගෙනුම් කටයුතුවලට මගේ අවධානය යොමු කරන්න කියා යි. පසුව මම ඔහුගේ නිවහනට ගිය කිසිම වෙලාවක ඔහු එහි හිටියේ නැහැ. ඔහු එහි ඒම නතර කර තිබුණා. එයා මුළු ජීවිතයම කැප කළේ රාෂ්ට්‍රීය ස්වයං සේවක් සංග් හී කටයුතු වලට. පලක් නැති නිසා මම ඔවුන්ගේ නිවාස වෙත යන ගමන් නතර කළා.”
නරේන්ද්‍ර මෝඩි තම විවාහය රහසක් ලෙස තබා ගන්නට ඇත්තේ රාෂ්ට්‍රීය ස්වයං සේවක් සංග් හී ඉහළට යාමට එය බාධාවක් විය හැකි හෙයිනි. මේ වන විට ජශෝබදෙන් රජයෙන් ඉන්දීය රුපියල් 14,000 ක විශ්‍රාම වැටුපක් ලබයි. මේ වන විට ඇය ජීවත්වන්නේ බටහිර ගුජරාටයේ තම සොයුරාගේ නිවෙසේ ය.
 “අපි හොඳින් වෙන් වුණා. අපි අතරේ ගැටුම් ඇතිවුණේ නැහැ. වසර තුනක් ඔහුගේ මහ ගෙදර ජීවත් වුණත් අපි එකට ඉන්න ඇත්තේ මාස තුනක් විතර කාලයක්. අදත් මම ඔහු ගැන විස්තර සහිත පුවත් පතක් අතට අවු වුණොත් ඔහුගේ විස්තර නොකියවා ඉන්නේ නැහැ”
හයි මා දේශ් පාන්ඩේ ‘ඕපන්’ සඟරාවට ලියූ ලිපියේ එක් කොටසකින් මෙම ලිපිය අවසන් කිරීමට අපි සිතමු. ඒ කොටස මෙසේ ය.
 “ගම්මානයේ මිනිසුන් පවසන්නේ මෝඩිගෙන් යම් දවසක තමාට දුරකථන ඇමතුමක් ලැබේය යන බලාපොරොත්තුව ඇගේ සිත්හි ඇති බවයි. ජශෝබදෙන් නිතර ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයන් හමුවී විමසා ඇත්තේ තමාට සැමියාගෙන් ඈත්ව සිටින්නට සිදුවී ඇත්තේ මන්ද කියා ය. ඒ සෑම ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු ම පවසා ඇත්තේ අනාගතයේ දිනෙක ඇයට සැමියා හා එකට වෙසෙන්නට ලැබෙන්නේ ය කියායි’”
දැන් නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිවරයා ය. ජශෝබදෙන්ට ඉන්දීය අගමැති බිරිය වීමට ඉඩ ලැබෙනු ඇත් ද? ඊට පිළිතුරු අවිනිශ්චිත ය.


කේෂව කාරියවසම්
ඕපන් සඟරාව සහ හින්දුස්තාන් ටයිම්ස්
පුවත්පත ඇසුරිනි

64 comments:

  1. සමහර විට එක්වෙන්නත් ඉඩ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කාලය බලය දේශපාලනය එය විසඳාවි. එතෙක් අපි බලා සිටිමු.

      Delete
  2. Replies
    1. උඹ කොහොමද දන්නෙ,පණ්ඩිත කතා නොකිය වැඩක් බලාගෙන ඉඳින්.

      Delete
    2. එහෙම කොහොමද මම මංජුල පීරිස්ගේ ක්ලාස් යනවා දැන් ... බලන්නකෝ අපි කිව් දෙයක් වැරදිලා නෑ ...(හැබැයි හරි ගිහිල්ලත් නෑ ) :D

      Delete
    3. වලියක් වලියක්....... සුම ෙන් ගාවට ගිෙය් නැද්ද?

      Delete
    4. ඉවාන් .මංජුල පීරිස් කිව්වෙ නැද්ද උඹට යන්න කාලෙ ලං වෙලා කියලා ??

      Delete
    5. පොර කිව්වා මගේ අතින් විදෙස්ගත ජන්මියෙක් මියයනවා කියලා

      Delete
    6. පල යන්න ඉවා නිකන් කෙප්ප කෙලින්නේ නැතුව,
      පුළුවන් නම් ඔය විදෙස්ගත ජන්මියාගේ මයිල් ගහක් හරි හොල්ලපන් බලන්න.....!

      Delete
    7. පස්සේ කිව්වා ,විදෙස්ගත එකෙකුයි , මෙහෙ ඉන්න එකෙකුයි දෙන්නෙක් මැරෙන්න පුළුවන් කියලා , ලැස්ති වෙලා හිටපං නිමෝ

      Delete
    8. අනේ විකාර නොකිය හිටු...! උබව උ මුරුංගා අත්තේ තියලා....

      ඔය සාස්තරේද මොකක්ද එක උබට කිව්ව මොකක්ද එකා ඒක කියලා තියෙන්නේ අනික් පැත්තට,

      හරි විදිය තමයි "විදෙස්ගත ජන්මියෙකුයි මෙහෙ එකෙකුයි එකතු වෙලා උබට වැඩේ දෙනවා කියන එක " හැක්....!

      Delete
    9. ඕ යේස්.. මැරෙන්න බැරි නං රුපියල් ලස්සයකුයි ගල් බෝතලේකුයි දියං.. අපි සලකල බලන්නං !!!
      ඇඩ්වාන්ස් කරනවනං පොඩි කමිෂන් එකක් අඩු කරන්න පුලුවන්..හැබැයි රෙඩි කෑශ්.. චෙක් බෑ !!!

      Delete
    10. අර ගඩොලක් වැටුනා කිව්වේ..

      Delete
    11. පේනවනේ ඉවාන් පත්තරයාගේ කොමෙන්ට් එක.
      ජිවත් වෙන්න ඕනේ නම් බඩු රෙඩි කරලා කතාකරපන්... තැනයි වෙලාවයි අපි දෙන්නම්....

      Delete
    12. නියම තැන නියම වෙලාවට සෙට් වෙමු මචෝ නිමෝ උඹත් වරෙන් එක දෙයයි වෙන්නේ. බයිට් වැඩියෙන් දාන්න ඕන.

      Delete
    13. හැබැයි බයිට් එක වෙජි වෙන්න ඕනේ.....!

      Delete
    14. අනේ උඹලා ගිහින් තියෙන්නේ වැරදි මිනිහා ගාවට බංස්ලා යන්න ඕනේ අර සුමනදාස කාරයා ගාවට වෙච්චි.

      Delete
  3. මෝඩිගේ ගෑනි ගැන ලියන්න කලින් ලියපංකෝ උඹලගේ මහ එකාගේ බිසෝ ගැන..

    ReplyDelete
    Replies
    1. පුදුම ටෝක්ස් එකක්නේ ඇනෝ උඹ දෙන්නේ. ඒ ගැන ලියයි කවදා හරි හේමා ප්‍රේමදාස, ඉමෙල්ඩා මාකෝස් කැටගරිය ලියන කෙනෙක් කාලය ආපුවාම.

      Delete
    2. ලිවිය යුතු හැම කෙනා ගැනම ලියැවේවි අනාගතයේ. ඒ ගැන හොඳම ඉගිය අරු දිල තියෙන්නේ ඉහළින්

      Delete
  4. ඇත්තට ම දැන් මෝඩිට බිරිද බලාගෙන ඉන්න වෙලාවක් නැතෑ... ඉතින් ඔන්න ඔහේ ආවනං මකැවෙනවැයි කියලා කිව්වනං අහවරයි නොවැ...... නලියා අපේ අදහස් මෝඩිට කියලා යවපං...

    ReplyDelete
    Replies
    1. අපි යවන්න ඕන නෑ. රෝ එක ඒවා ගාණට කරනවා. ඉන්දියා යන්න වීසා ගන්න ගියාම තමා ඒ ගැන හරියට දැනගත්තේ. පාස්පෝට් එක ජර්නලිස්ට් නම් ලියපු සේරම දේවල් ගැන හොයනවා.

      Delete
  5. එක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.

    ඒත් හිතේ එක පැත්තක් කියනවා ඒක එහෙම වෙන එකක් නැත්දෝ කියලා. :(

    ReplyDelete
    Replies
    1. කාලයට ඉඩ දී බලා සිටිමු අපි.

      Delete
  6. මේ දේපල එක්වෙවා කියාලා අපි සුබ පතමු...

    ReplyDelete
    Replies
    1. මේ අපේ ලාංකීය සිතුවිල්ල නේද?

      Delete
  7. චැහ් .... අගමැතිතුමා හරි සවුත්තු වැඩක්නේ කරල තියෙන්නෙ. මහඇමති වෙලත් දශකයකට වැඩි කාලයක් හිටිය නේද, ඒ කාලෙවත් එයාට තිබුන අර අහිංසක මනුස්සය ගෙන්නගෙන සුවදුක් බලන්න. ඉදිරියටවත් එහෙම වෙයි කියල අපි හිතමු.

    හැබැයි අගමැති බිරිඳ විදියට ලෝකය ඉදිරියට ආවත් මෝඩි ඇන්ටිගෙ බාහිර පෙනුම මොඩ් වෙයි කියල නම් මම හිතන්නෙ නෑ. ඒ අතින් ඉන්දියාව අපිට වඩා ගවුගානක් දුර ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මචෝ සිද්ධාර්ත යසෝදරා අතහැර ගියා වගේ දෙයක් නේද මේ වෙලා තියෙන්නේ.. මෙන්න මේ ටික හිතන්න // “එයා දවසක් මගෙන් මෙහෙම අහුවා, “මම රට පුරා මට හිතුණු හැම තැනකම යනවා. ඔයා මගේ පස්සෙන් ඇවිත් මොනවා කරන්න ද?” //

      Delete
    2. // “එයා දවසක් මගෙන් මෙහෙම අහුවා, “මම රට පුරා මට හිතුණු හැම තැනකම යනවා. ඔයා මගේ පස්සෙන් ඇවිත් මොනවා කරන්න ද?” //

      මම හිතන්නෙ නලින් අයියවත් ඕක විශ්වාස කරන්නෙ නෑ. දේශපාලනය කරන්න ආපු මුල් කාලෙදි සමාජ සේවකයෙක් විදියට ඉන්දියාව වගේ විශා රටකදි ඕක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මහඇමතිවරයෙක්, අගමැතිවරයෙක් කියන්නෙ පිස්සු බල්ලෙක් වගේ රට වටේ දුවන මිනිහෙක්ට නෙවි.

      Delete
    3. DDT මලයෝ මේ අපේ රට නොවේ. උග්‍ර හින්දු භක්තික පවුලක කතාවක්. එතැනදි කාන්තාවට හිමි තැන ගැන හිතාගන්න හැකියි නේද? මෝදි වුණත් කරලා තියෙන්නේ ඒ දේ. ඔහු ඇයව විවාහ කරගන්නේ දැරියක වයසේදී. ඔහුගේ අරමුණ දේශපාලනය වෙනුවෙන් දැවැන්ත ඉන්දියාව පුරා යන එක. එය ඉන්දියාව නොවේ ඔහුගේ ප්‍රාන්තය විය හැකියි. එම ප්‍රාන්තයත් අපේ රට වගේ දහ පහළොස් ගුණයක් ලොකු තැනක්.

      Delete
  8. මටත් හිතෙන ලෙසට මේ දෙදෙනා එක්වේවි නැවතත්...එහෙම උනොත් එය මෝදිගේ දේශපාලන ප්‍රතිරූපයට බොහොම ලොකු වාසියක් ගෙන දෙනවා...මෙතුමා මෝඩි නොව මෝදි ලෙසයි හදුන්වන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක් වීම ගැන අපට දැන්ම අනුමාන කරන්න අමාරුයි. මෝදි ද මොඩි ද උච්චාරනය අනුවයි. ඉන්දිය අය වුණත් චැනල් එකෙන් එකට මේ දෙකම භාවිත කරනවා. නමක් යනු සංකේතයක් පමණයි.

      Delete
    2. තමා එක්ක එකට තේ හදපු මිත්‍රයාව දිව්රුම් දෙන අවස්ථාවට විශේෂ ආරාධිතයෙක් හැටියට ගෙනාවා නම් තමන්ගෙ බිරිද දිහා නොබලා ඉන්න එකක් නෑ...

      Delete
    3. මේ ලංකාවේ නොවේ සිරා මලයෝ ඉන්දියාවේ. අපේ තැනින් හිතන්නෙපා. කුලවාදය ආගම්වාදය ජාතිවාදය බොහොම දරුණුවට තියන රටක් ඉන්දියාව කියන්නේ.

      Delete
  9. මාර ජීවිතයක් නේ ගෙවල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හොඳම තීන්දුවක් දෙන්නා අරන් තිබෙන්නේ. නොගැලපේ නම් එකට නොයිද දෙතැනක වාසය. එවිට දෙන්නාටම තමන් ගේ අරමුණු කරා යන්න නිදහස තියනවා.

      Delete
  10. එකතු නොවුනත් මෝදී ලොක්ක ඇවිල්ල එක දවසක් හරි සැප දුක් බලල ගියොත් මේ මනුස්සයා ඉතිරි ජීවිත කාලෙම මීට වඩා සන්තෝෂෙන් ජීවත් වේවි

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක වෙනවානම් හොඳයි කියන තැන මාත් ඉන්නවා තිලකේ... හැබැයි ඒවත් අපේ සංස්කෘතික ලක්ෂණ නේද?

      Delete
  11. මන්දා, කෝම වුනත් අභියෝග ජය ගත්ත දිරිය කාන්තාවක් විදිහට දකින්න පුළුවන් ඇයවත්..

    ReplyDelete
    Replies
    1. අභියෝග ජයගත් ද ඉන්දිය සංස්කෘතිය රැකගත් ද කියලා මට සැකයි

      Delete
  12. ආදශමත් චරිතයක් රාජ්‍ය නායකයෙකුගෙ බිරිඳ වීමට සුදුසු චරිතයක්..

    ReplyDelete
    Replies
    1. අන්තවාදි හින්දු චාරිත්‍රයන්ගෙන් බැට කන කාන්තාවක් මට හිතෙන්නේ එහෙමයි.

      Delete
  13. මටත් හිතෙන්නෙ මේ දෙන්නා නැවත එක් වේවි කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවානම් හොඳයි කියා අපි අපේ සංස්කෘතියත් එක්ක හිතනවා. ඒ අනුව මාත් කැමතියි මේ දෙන්නා එක් වනවානම්.

      Delete
  14. ලංකාවේ ගැණු මට්ටමෙන් මේ මනුස්සයව මනින්න යන්න එපා.. මේක ඉන්දියානු සංස්කෘතිය... ළමා විවහා සිද්ධ වෙන.. මෑතක් වෙනතුරුම (ඇතැම් විට ආරංචි නොවුනට තවමත් විය හැකි) සති පූජාව කෙරෙන හෝ බලෙන් කරවන රට...

    පුරුෂයාට දෙවියාට මෙන් සලකන්න උගන්නපු තැනක.. ඒ ඉන්නේ මෝදි නැමැති පුරුෂයාගේ පවුල පමණක් නෙවෙයි මෝදි නැමැති දෙවියාගේ බැතිමතියක්ද විය හැකියි...

    ReplyDelete
    Replies
    1. මලයා ඔබ හරි එන්න පරක්කු වුණා අද දවසේ මට. මේකත් ළමා විවාහයක් තමා. පාසල් දැරික ලෙස ඇය ඉන්නා විටයි ඔහු ඇය විවාහ කරගන ඇත්තේ. ඔබ කියනා ලෙසම ඇයගේ දෙවියා ඔහුම විය හැකියි.

      Delete
  15. Replies
    1. මේක අලුත් දෙයක් නොවේ මෙන්ඩා මලේ

      Delete
  16. අපේ නලින් අයියට පින් සිද්ද වෙන්න ඔං පොඩි නිවුස් කෑල්ලක් දැනගත්තා....!

    ReplyDelete
    Replies
    1. රැඳී සිටින්න අපත් සමඟ , හැක්

      Delete
    2. නිවුස් නං දෙන්නං කෝ ගමකට... නිමෝ....

      Delete
  17. //මම රට පුරා මට හිතුණු හැම තැනකම යනවා. ඔයා මගේ පස්සෙන් ඇවිත් මොනවා කරන්න ද?” //
    යකෝ අපි කොයිතරං නං අපේ උන්දැලට කියනවද අපෙ පස්සෙං එන්නැතුව ගෙට වෙලා හිටු කියලා. කො මුං එක දොහක්වත් අපේ කීම පිළිගෙන මේ වගෙ ගෙට වෙලා ඉන්නවද මං අහන්නේ.

    ReplyDelete
    Replies
    1. උග්‍ර හින්දු සංස්කෘතිය එහෙම තමා ඇලා.

      Delete
  18. අැය යලිත් එක්කරගනියි කියල හිතන්න අමාරුයි.. එක්කරගනනවානම් ඡන්දෙට පෙර තමයි සිදුවෙන්න තිබුනේ.. පුදුමේ තියෙන්නේ දේශපාලන විරුද්ධ වාදීන් මේක ප්‍රයෝජනේට නොගත්ත එක.. අැයව ගොයාගෙන ගිහිං දේශපාන වේදිකාවලට නැග්ගුවේ නැති එක..
    (ලංකාවේ නං එහෙමයි)

    ස්තුතියි තොරතුරු බෙදාගත්තාට

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ මේ ඉන්දීය සංස්කෘතිය. අපේ තැනින් හිතන්න එපා. ඉන්දීය ගැහැනිය තාමත් ගෙයි මුල්ලේ. සිනමාවේ පෙන්වන තැන් ධන කුවේරයන් අතර පමණයි. සාමාන්‍ය අය පෙර සේමයි

      Delete
  19. මේ දෙන්නා අවුරුදු තුනක කාලයක් එකට ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ වෙන්වෙලා නේද? දෙන්නාගේ කැමැත්තෙන් එහෙම වුණාට පස්සේ ආයෙම එක්වීමක් ගැන හිතන්ට අමාරුයි. මම නම් හිතන්නේ එහෙම වෙන එකක් නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. කාලය තමා මේවට උත්තර හොයා දෙන්නේ..

      Delete
  20. බොහොම ස්තූතියි! නලින් මේ නොදන්නා විස්තරේට. අප්‍රකටව හිටියත් කාලයා විසින් එක්කරාවි කියා හිතෙන්නෙ.

    ReplyDelete
  21. අපි බලමු චන්දි අක්කා..

    ReplyDelete
  22. මෝඩිගෙ විවාහය ගැන අහපු හැටියෙම මට හිතුනෙ ඒක ශෝකාන්තයක් කියල. ළමා විවාහයක් තමයි සිද්ධවෙලා තියෙන්නෙ. ඊට පස්සෙ දෙන්න දෙපැත්තට වෙලා වෙන වෙනම තමන්ගෙ ගමන ගියා. පවුල් ගැන හිතුවෙ නෑ. මේක නං රියල්ම ඛේදාන්තයක්. ඉන්දියාව කියන්නෙ (පවුල් ජීවිත පැත්තෙන්) මොන වගේ රටක්ද කියල පෙන්නන කැඩපතක් තමයි මෝදි සහ නෝන.

    ReplyDelete
  23. මාස තුනක් විතරක් එකට ඉඳලා වෙන් වෙච්චි දෙන්නෙක් අවුරුදු ගණනකට පස්සේ ආයෙමත් එකතු වේවි කියලා.ළමා විවාහ වගේ ඒවා ලෝකයෙන් පිටු දකින්න ඕනේ කියන එකට මේ කතාව ගත හැකි වේවි උදාහරණයකට.

    ReplyDelete
  24. ඇත්තටම ආයෙ එක් වුනොත් හුඟක් හොදයි. ඇය සතුටුවේවි. දුක් වින්ද අතිතය ඉවරයි කියල.

    ReplyDelete
  25. එක් වේ ද නොවේද කියල නම් දන්නේ නෑ...හැබැයි වැදගත් ලිපියක්.....
    ඉස් ඉස්සලාම ෆලෝ කරලා ඉන්න ඕනේ....
    කොහෙද ඉතින් මේ මනුස්සයා පැදුරටත් නොකියා බුකියෙන් ගිහිල්ලනේ.....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT