සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මහතා විසින් අට වන වරට පවත්වනු ලබන ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයක් මෙම මස 10 සිට 12 දක්වා මාකොල උදේශී සිටි ක්ම්පෙල්ක්ස්හි දී පැවැත්වේ. ,"Dance in a Trance – 2014", යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රදර්ශනය නොමිලේ පවත්වනු ලැබේ.




චලනය පෙන්වීම අඩු කාචද්වාර වේගයකින් ගන්නා ලද පිංතූර (Slow shutter speed photography) මේ සඳහා තෝරා ගෙන තිබීම මෙම ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වයකි. මෙහිදී නර්තනයේ ඇති ලාලිත්‍ය බව ඡායාරූප ඇසුරෙන් පෙන්වීමට රාජකරුණා මහතා උත්සාහ දරා ඇත.
හෙන්රි රාජකරුණා මහතා අන්තර්ජාතික මට්ටමෙන් පවත්වන ලද ඡායාරූප ප්‍රදර්ශනවලදී ත්‍යාග හා සම්මාන ලද ඡායාරූප සහ වේදිකා නාට්‍ය ඇසුරෙන් ලබා ගන්නා ලද ඡායාරූප මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
රාජකරුණා මහතා අන්තර්ජාතික ඡායාරූප කලා සංගමය මගින් දක්ෂතා වෙනුවෙන් පිරිනමනු ලබන ඉහලම සම්මානය (MFAP) හිමි කරගත් ඡායාරූප ශිල්පියෙකි.
මෙම මස 10 වෙනි දින ප.ව.5.00 ට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන මෙම ප්‍රදර්ශනය 11 සහ 12 යන දිනයන්හිදී මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව රාජකරුණා මහතා පවසයි.

3 comments:

  1. ස්තූතියි තොරතුරට ... ප්‍රදර්ශනය බලන්න යන්න ඕනේ..

    ReplyDelete
  2. මේ ෆොටෝ 3 මාර ලස්සනයි. මන් හිතුවා පහලට තව ඇති කියලා. කොච්චර හොද කැමරාවක් තිබ්බත් වැඩක් නැහැ හොද ඇහැක් නැතුව . එතුමාගේ හැකියාව ඉහලයි ,

    ReplyDelete
  3. තුන්වැනි ඇස සමග මිශ්‍රවූ පොටෝසොප් ඥාණය නැත්තම් මොනම පොටෝග්‍රැපර් කෙනෙක් වත් වැඩක් නෑ.. එතුමාට මේ දෙකම අඩු නැතිව පිහිටල තියෙනව...
    අපූරු පිංතූර තුන

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT