සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

හෙට දිනට (මාර්තු 8) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වූ අපගේ දැක්ම


සේයාරුව ගූගල් වෙතිනි
ශ්‍රී ලාංකේය සමාජයේ හා සංස්කෘතියේ පදනම වන්නේ ස්ත්‍රිය මිස පුරුෂයා නො වේ. මේ පිළිබඳ නොයෙක් මතවාද, දර්ශන හා තර්ක ඇතත්; සත්‍යය තත්ත්වය එය ම වේ. පවුල් සංස්ථාවේ නායකත්වය හිමිවන්නේ ගෙදර අම්මාට ය. නැතහොත් අම්මාගේත් අම්මාට ය. රටේ මුළු ජනගහනයෙන් බහුතරය ස්ත්‍රී පක්ෂයට අයත් වේ. ඔවුන්ගේ ඡන්දය, ක්‍රියාකාරකම් හා සමාජ නායකත්වය මේ රට හසුරවන ප්‍රධාන බලවේගයක් බවට පත් ව තිබේ. එය කිසිවකුටත් උදුරාගත නො හැකි යථාර්ථයෙකි.

ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාවේ තත්ත්වය වූයේ ස්ත්‍රියට ගෞරවයෙන් සැලැකීම ය. අම්මා යන සංකල්පය වුව ඊට කදිම නිදසුනකි. අම්මා යනු වචනයක් පමණක් නො ව; ගැඹුරු සංකල්පයකි. මේ සංකල්පය වර්ධනය කළ එක ම රට ශ්‍රී ලංකාව බව ද මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙයින් පෙනී යන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ ගැඹුරු සංකල්පයක් මෙන් ම සූක්ෂ්ම වැටහීමක් ද ශ්‍රී ලාංකේය සමාජය තුළ පවතින බව ය.
අද අන්තර්ජාතික කාන්තා දිනය යි. මේ දිනය සමරනු වස්; විවිධ විකාර හා විච්චුම්බර රට පුරා සිදුවන්නට පුළුවන. කෙනෙක් කාන්තා විමුක්තිය ගැන කතා කරති. තව කෙනෙක් රටේ විමුක්තියට කාන්තාවගේ දායකත්වය ගැන කතා කරති. සමහරු පෙළපාලි යති. තව සමහරු සමානාත්මතාව ඉල්ලා සිටිති. තවත් සමහරු ගෘහස්ථ හිංසනයක් ගැන කතා කරති. මේ සියල්ල බොරු නො වේ. එහෙත් කාන්තාවගේ හෙවත් ගෘහණියකගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉහත කී බලවේග ශත පහක වැඩක් සිදු කරන්නේ නැත.
ඕනෑ ම රටක කාන්තාවන් සංවිධානය කිරීමට නොයෙක් සංවිධාන ඉදිරිපත් වෙති. ඇතැම් විට ඒ සඳහා ම ප්‍රසිද්ධ පුද්ගලයෝ ඉදිරිපත් වෙති. නරකක් නැත. කාන්තා විමුක්තිය සඳහා අවංක ලෙස ඉදිරිපත් ව කටයුතුවල යෙදෙන කෙ‍ෙනකුට මුළු රටේ ම සහයෝගය ලැබිය යුතු ය. ඔවුන්ගේ අපේක්ෂාව වනුයේ පුරුෂ වෛරයක් ගොඩනැඟීම හෝ ස්ත්‍රීවාදයක් පවත්වාගැනීම නො වේ. ස්ත්‍රීන්ගේ සුවිශේෂී ප්‍රශ්නවලට බුද්ධිමත් විසැඳුම් සැපැයීම ඔවුන්ගේ ඉලක්කය වේ.
ස්ත්‍රීන් විෂයයෙහි ඉදිරිපත් වන ඕනෑම පෙත්සමක්, පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අලුත් කොමිසමක් ද පත් කර තිබේ. මේ කොමිසමට ආණ්ඩු පක්ෂයේ පමණක් නො ව; විපක්ෂයේ ද කැපී පෙනෙන ස්ත්‍රී චරිත යොදාගෙන තිබේ. මේ කටයුත්ත ඉතා වැදගත් ය. ස්ත්‍රීනට පමණක් විශේෂ වූ ප්‍රශ්න තිබේ. ඒ හැරෙන්නට පොදු ප්‍රශ්නවලදී වැඩිපුර තැවෙන්නේ ද ස්ත්‍රී පක්ෂයම වේ. මේ හෙයින් කාන්තා සංවිධාන ගැන ද කාන්තා ඡන්ද ගැන ද, කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ගැන ද සොයා බැලීම වැදගත් ය.
ජාත්‍යන්තර කාන්තා දිනය යනු හොඳ හැටි කා බී ජෝගි නටා, සටන් පාඨ කිහිපයක් කියා විසුරුවා හැරීම නො වේ. සමිති සමාගම් වසා දැමීම ද නො වේ. තවත් කිසිවකුට තර්ජනය කිරීමක් ද නොවේ. මෙබඳු දිනයෙක සිදුවිය යුත්තේ බුද්ධිමය ලෙස කාන්තාවගේ ශක්තිය හා එකමුතුභාවය ඒකරාශී කරමින් අලුත් ගමනකට පිඹුරුපත් සකස් කර ගැනීම ය.
ස්ත්‍රීන් පිළිබඳ සත්‍යවාදී ප්‍රකාශනයක් නූතන සමාජ කතිකාව තුළ නැත. එබඳු කතිකාවක් ඇතිවීමේ ඉඩ හසර හා මංපෙත් ධනපති සමාජය විසින් ම අසුරා දමනු ලැබ තිබේ. කතිකාවට බොහෝ දෙනෙක් බිය වෙති. කතිකාවකින් ස්ත්‍රිය පිළිබඳ ශාරීරික හා මානසික දුර්මතයන් පහකළ හැකි ය. එවැන්නක් සිදුවුවහොත්; සාධු සම්මත චරිත එකින් - එක බිඳවැටෙනු ඇත. ඔවුන්ගේ ප්‍රයෝග හා වංචා වඩාත් විස්තීරණ ලෙස හෙළිදරව් වනු ඇත. මේ වනාහී ස්ත්‍රීවාදී වියමනක් නො ව; පුරුෂ උත්තමවාදී ප්‍රවාහයට දක්වන ප්‍රතිචාරයක් පමණි.
අද දකින්නට ලැබෙන විශේෂ දේශපාලන පසුබිම වන්නේ ඕනෑ ම විවේචනයකට ඇති ඉඩ-කඩ පුළුල්වීම ය. ස්ත්‍රීන් විෂයයෙහි ශ්‍රී ලංකාවේ තත්ත්වය පුළුල් වන්නට වූයේ මේ ක්‍රියාමාර්ගය නිසා ය. අපට නොයෙක් මතවාද තිබේ. නොයෙක් වැඩසටහන් තිබේ. එහෙත් ඒවායෙහි ප්‍රතිඵලයක් ලැබෙනතුරු කිසිවක් විශ්වාස කළ නො හැකි ය. මෙරට ස්ත්‍රීවාදී සමාජයට දිගින් දිගට ම එම අභියෝගයට මුහුණ දෙන්නට සිදු විය.
යුද්ධයක දී වඩාත් දුකට පත් වන්නේ කාන්තාව හා දරුවන් යැයි කියමනක් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ යුද්ධයක් නැත. එහෙත් අදටත් ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම දුකට පත් ව ආතතියෙන් යුතුව ජීවන මඟට එකතු වී ඇත්තේ කාන්තාව ය. ඊළඟට දරුවන් ය. රටේ සිදුවන බරපතළ අපරාධ, හිංසන හා අපහරණයන් පිළිබඳ සැලැකිල්ල යොමු කරන විට එම තත්ත්වය පැහැදිලි වේ. අතීතයේදීත් එය සිදු විය. අදත් එය සිදු වේ. අනාගතයේදීත් එය සිදුවීමට ඉඩ තිබේ.
අද කාන්තාදිනය යැයි නො දන්නා ගැහැනු ද සිටිති. ඒ බව දැනගත්ත ද ප්‍රමාණවත් ශක්තියක් හා බලපෑමක් ‍නොමැති බැවින් කාන්තාවට කළ හැකි බලපෑම හා ආකර්ෂණය පහළ බැස තිබේ. මේවා වෙනස් විය යුතුය. කාන්තාවට ද පිරිමියකුට සේ ඉදිරියට යෑමට බාධාවක් නැත. එවැන්නක් අද ඇත්තේ ද නැත. කළ යුතු අපහසුම කාර්යය වන්නේ අපේ රටේ ගැහැනියට ඔළුව හෙවත් බුද්ධිය ලබාදීම ය.

72 comments:

  1. නැත නැත.. වැරදියි.. මිනිහටත් ඔළුවක් ඕන ගෑනු ගැන ගෑනු විදියට හිතන එක නවත්තන්න..

    ReplyDelete
    Replies
    1. මං කතාකරන්න අකැමතිම මාතෘකාවක්,,

      අවසාන චේදය දැක්කම හිතුණේ මේක ලියපු කෙනා අර සම තැන ඉල්ලන බටහිර කාන්තාව අනුගමනය කරන කෙනෙක් කියලා

      Delete
    2. එහෙම හොදද දේශකයෝ

      Delete
    3. ගෑනු ගෑනු විදිහට හිතන එක නවත්වන්න නම් මහත්තයෝ පිරිමින්ටත් මුළුතැන්ගේ පැත්තට එන්න වෙයි.. එහෙම එන එක මදි පාඩුවක් නෙවෙයි කියල තේරෙන්න පිරිමින්ට ඔළුවක් ඕනි.. :)

      Delete
    4. මං කියන්නේ ඒක තමා. ගෑනු තමන් ගෑනු විදියට හිතන එකත් පිරිමි තමන් පිරිමි විදියට හිතන එකත් දෙපැත්තට හිතන එකත් නවත්තල එකම සත්ව කොට්ඨාශයක් කියල හිතුවනං ඒකම ශක්තිය තියෙන එකම හැකියාව තියෙන එකම අයිතිය තියෙන.. වැඩේ අහවරයි

      Delete
    5. ඔය මානසිකත්වයම තමයි දේශක තුමෝ ගෑනියෙකුට ගෑනියෙක් විදිහට ජීවත් වෙන්න තියෙන බාධාව.

      Delete
    6. එකම සත්ව කොට්ඨාශයේ උනත් ලිංගිකත්වය කියන දේ පැහැදිලි සාධකයක් ඒක මකලා දාන්න බෑ. පිරිමින්ට පුරුෂභාවය වැදගත් වගේම කාන්තාවන්ට ස්ත්‍රී භාවය තමන්ට වැදගත් කියලා සලකන්න අයිතියක් තියෙනවා මේ දෙකම එක ලෙස පිළිගන්න ඕනේ.

      Delete
    7. අන්න හරි මිනිහට තමයි ඔලුව දෙන්න ඕනේ ගෑනු ගැන සම්ප්‍රදායික විදිහට හිතන එක නවත්වන්න.

      Delete
    8. දේශක තුමා හරි.ගෑනු පිරිමි කියන බෙදීම් ඉවත් කරන්න ඕනේ.

      Delete
    9. ලිංගිකත්වය කියන දේ ස්වභාවික ගුණාංගයන්ට දක්වන අනුකූලතාවය සම්ප්‍රදායික වෙන්නයි ඒ ගුණාංග නොපිළිගනිමින් ඒවා බලෙන් වෙනස් කරන්න යන එක නූතනත්වය වෙන්නේයි කොහොමද කියලා ඔය වනිතා හඬට පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

      Delete
    10. මිනිහට දෙන්න ඕනේ බටහිර කාන්තා විමුක්තියෙන් හෝදපු මොළයක් වෙන්න ඇති නේද? ඒ වැඩේනම් කරන්න ටිකක් අමාරුයි. මොකද මිනිස්සු හැමදාම අවිචාරයෙන් ජීවත් වෙන්නේ නෑ.

      Delete
    11. ඔය වනිතා හඬ කියන කෙනාට කිසිම තර්කයක් නෑ තියෙන්නේ බොරු සටන්පාඨ විතරයි. අපට සම්ප්‍රදායික කියන මෙයාට තියෙන්නේත් බටහිර කාන්තාවාදයේ සම්ප්‍රදායික මෝඩ තර්ක විතරයි.මේ සේරම කුහක දෙබිඩිකම්. පුරුෂයාගේ කුහකකමුයි පුරුෂාධිපත්‍ය ගැනයි අවස්ථාවාදීව කතා කරන්නේ ඒවගේන් තමන්ට අවශ්‍ය කොටස් අරගෙන් ඒවයේන් ප්‍රයෝජන්යද ගනිමින්.

      Delete
    12. උඩ ඉන්න ගොන් වාහෙට හරියට සිංහල ලියන්න උගන්වපං...රෙදි ඉස්කෝලෙටවත් ගිය එකියෙක් නෙමේද කොහෙද...

      Delete
    13. ලෙස්බියන් ආගමනය, නීතිගත කිරීම හා පිරිමි නැතිව ලමයි හැදීමේ නව තාක්ෂණය වරේවා... ව.හ.

      Delete
  2. හොද ලිපියක්,, ඒත් මේ මාතෘකාව දැක්කම කේන්ති යනවා. ඒක එහෙම දාන්න හේතුව මොකක්ද ? මෙවර තේමාපාඨයද ?

    ReplyDelete
    Replies
    1. අෙපායි නෑ අපූර්වි ෙහඩිමක අාකර්ශනය ගන්නයි ඒෙහම දාන්ෙන්

      Delete
    2. හෙක් හෙක් මාතෘකාව වෙනස් කරන්න "ඔමාට ,බස්සිට සහ ශානුට ගෙඹි ඔලු ලබාදෙනු " කියලා හැක්

      Delete
    3. පව් ඈ :(

      Delete
    4. මේක කොහොමද හොඳ ලිපියක් වෙන්නේ. මේකෙන් කාන්තාවට පුරුෂාධිපත්‍යට එරෙහිව සටන් කරන්න සහය ලැබෙනවද?

      Delete
    5. @ වනිතා හඬ
      පුරුෂාධිපත්‍ය කියන්නේ මොකක්ද කියන එකයි. ඒකෙන් කාන්තාවන්ට අයහපතක් වෙන්නේ කොහොමද කියන එකයි ඒකට ඔයගොල්ලන් යෝජනා කරන විසඳුමයි අපට පැහැදිලි කරන්නකෝ ටිකක්?

      Delete
    6. වනිතා හඩ @ තමුන් වගේ අය මෙහෙම කොමෙන්ට් කරද්දී නම් හිතෙනවා නලින් අයියා මේකට දාලා තියෙන්නේ ගැලපෙන මාතෘකාව කියලා...

      මේක හොද ලිපියක් තමයි .. ඔබ ඔය කතා කරන්නේ මගේ රටේ ශ්‍රී ලාංකීය කාන්තාවගේ සටනක් ගැනද ? නැත්නම් ඔබ අධ්‍යනය කරන බටහිර කාන්තාවගේ සටනක් ගැනද ? ඔබ සමග වාද වලටනම් අකමැති ඒවා කාලයක් නාස්තිකිරීමක් වෙන නිසා

      Delete
    7. ඔය වනිතා හඬ කියන කෙනාට කිසිම තර්කයක් නෑ තියෙන්නේ බොරු සටන්පාඨ විතරයි. අපට සම්ප්‍රදායික කියන මෙයාට තියෙන්නේත් බටහිර කාන්තාවාදයේ සම්ප්‍රදායික මෝඩ තර්ක විතරයි.

      Delete
  3. ඔය කියන දේ උනා දාට ඇත්තටම පිරිමි අපිට මොකක් වෙයිද ??

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් උඹට වෙච්ච් දේ වෙයි .... :D

      Delete
  4. ලිපියේ සමහර කරුණු වලට එකඟ වෙන්න පුලුවන් .මේ ගැන මමත් ලිපියක් පළ කරනවා.

    ReplyDelete
  5. හපොයි අපේ දේශපාලනයටම වෙලා තියන දෙය මදැයි,එකම මහා විහිළුවක් වෙලා මේ නිලියෝ ටික නිසා ,සමහර (රාජ්‍ය) ආයතන වලට ගියාම ගෑනුන්ගෙන් වඩා පිරිමින්ගෙන් වැඩක් කරගන්ඩ ලේසියි,ගෑනු පණ්ඩිතයි,දන්නා දෙයකුත් නැහැ නොදන්නා දෙයකුත් නැහැ,කියන දෙයක් ත්රුම් ගන්නෙත් නැහැ,ඒවායේ ඉන්නේ ඉතින් අපි බුද්ධිමත් කියල හිතන පිරිසනේ.අනේ ගැහැණු මේ ඉන්න විදිය හොදා මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. කරුනාකරලා කාන්තාවන්ට අපහාස කරන එක නවත්තගත්තොත් හොඳයි ඇනෝ.

      Delete
    2. @ වනිතා හඬ
      මෙතන තියෙන අපහාසේ මොකක්ද. මේක එදිනෙදා ජීවිතේ කෙනෙකුගේ අත්දැකීමක්.

      Delete
    3. ඇවිල්ලා... තනියමද ඉන්නෙ? තනියමද කන්නෙ?

      Delete
  6. ස්ත්‍රියට මොළය දෙනු කියලා දාපු එකට නම් මාත් කැමති නෑ... සම තැනට වඩා කාන්තාවට නිසි තැන ලැබෙනව නම් හොඳයි කියලයි මම හිතන්නේ ...

    ReplyDelete
    Replies
    1. සමස්ථයක් විදිහට ලිපියේ කියල තියෙන දේවල් වලට එකඟ උනත් "ස්ත්‍රියට මොළය දෙනු" කියලා පෝස්ට් එක නම් කරපු එකට නම් මාත් කැමති නෑ..

      Delete
    2. නිසි තැන කියන එක මාත් පිළිගන්නවා. ඒක ලැබෙන්නේ ස්ත්‍රී ලිංගිකත්වය කියන සාධකය බාල්දු කරන එක නවත්වලා ඒක හරියට පිළිගත් දවසට. ඒටික නොවන තාක් කුහක පිරිමින් තමන් ජාතක වෙච්ච විදිහත් අමතක කරලා ගෑනුන්ට බලෙන් පිරිමිකමක් පටවලා සමතැන් දෙන්න යනව.

      Delete
  7. ලිපියේ බොහෝ කරුණු වලට එකඟ වුනත් හෙඩිමට පූර්ණ විරෝධය පල කර සිටිමි! :(((

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++

      ඇයි අන්තිම වාක්‍යට

      Delete
    2. ඔව් හිරු අක්කා. අන්තිම වාක්‍යත් එකඟ වෙන්න බැරි අදහස් කිහිපයෙන් එකක්.

      Delete
  8. නලින්ට මතකද අර තරස්වින්ගෙ අවොඩ් විනින් කාර්ටුන් එක? බැරිද ඒක හොයල මේ කාන්තා දිනේට ආයි පබ්ලිෂ් කරන්න?

    ReplyDelete
  9. නලින්ලත් මේ වගේ හිතන ලියන එක ගැන මට ඇත්තටම කනගාටුයි. මේ පළමු වන ලෝකයේත් කාන්තාවකට, කාන්තාවක් වීම නිසා රැකියා ස්ථානයේදීදීද, පාරේද, ගෙදරද කෙරෙන නොවෙනස් කිරීම් තවම නතර වෙලා නැහැ. ඔබ මොලේ දෙන්න කතා කරනවා, අද ලෝකය මෙයට දශක දෙක තුනකට වඩා ටිකක් වෙනස් වෙලා. තව ගොඩක් වෙනස් වෙන්න තියනවා. එකම ශිල්පිය ඥානයක් අවශ්‍ය රැකියා වලදී වුනත්, තවම වෙනස්කම් කිරීම නතර වෙලා නැහැ. මේවා ගැන ලියවුන (අද ඊයේ පවා) දේවල් ඕනේ තරම් තියනවා. තමන්ට කෙරෙන මෙවැනි පහත කිරීම් වලට හේතු වන්නේ, කාන්තාවන්ගේ කටයුතුමයි. ඔබට මෙවැනි ලිපියක් මෙහෙ ජාතික පුවත්පතක පළ කරන්න නොහැකියි.

    ReplyDelete
    Replies
    1. මෙතන වරද වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන දේ ස්වභාවධර්මයෙන් නිර්මාණය වෙලා තියෙන් ආකාරය පිළිගන්න තියෙන අකමැත්ත. ඔය විෂබීජේ තමයි සමාජයේදි ලිංගික කුහකත්වය කියලා හඳුනගන්න පුලුවන් වෙන්නේ.අන්න ඒක අත අරින්න පුලුවන්නම් කාන්තාවන් කියන්නේ පිරිමින් නොවන බවත් පිරිමින් කියන්නේ කාතාවන්ද නොවන බවත් වගේම ස්වභාවයෙන් පිරිමින් හා කාන්තාවන් දෙපිරිසම කැමති එකිනෙකාගේ විශේෂත්වයන් අනුව ජීවත්වෙන්නත් විරුද්ධ ලිංගික සුවිශේෂතා හඳුනගන්නත් කියන එක පැහැදිලි වෙනවා. ගෑනුන් පිරිමින් කියලා දෙපිරිසක් ස්වභාවයෙන් බිහිවෙන්නේ දෙපිරිසම එකම දේ කරමින් එකිනෙකා හැප්පෙනවට වඩා එකිනෙකාගේ විශේෂත්වයන් වැඩිදියුණු වන ආකාරයටයි.

      Delete
  10. මදැයි ඉඳලා, ඉඳලා නලින් ලීව ලිපියක් බැලුවා...:D

    ReplyDelete
  11. කාන්තාව වෙනුවෙන් කතා කිරීම, කාන්තා විමුක්තිය වෙනුවෙන් කතා කිරීම, සමතැන, නිසිතැන සහ කාන්තවන්ට් සමාජයෙන් සිදුවන අසාධාරනකම් ගැන කතා කිරීමද අද වන විට එක්තරා මෝස්තරයක් බවට පත්ව තිබේ .

    සමහරුන්ට එය මුදල් මවන උල්පතක් බවටත් ,සමරුන්ට සිවිල් සමාජය තුල ප්‍රතිරූපය ගොඩනැංවීම උදෙසාත් මේ ජනප්‍රිය සටන් පාඨ භාවිතා කරනු විනා ,කාන්තාව කෙරෙහි සැබවින්ම ගෞරවයෙන් හෝ සැලකීමකින් කරන්නක් නොවන බවට ඕනෑතරම් උදාහරණ පවතී, සිනහවට කරුණ වන්නේ මෙවැනි තැන්වල බොහෝ විට මුල් පුටුවේ සිටින්නේත් කාන්තාවක් වීමයි.
    මෙහිදී කිසිවෙකු එකඟ නොවන නලින් මහතාගේ මෙම ලිපියේ මාතෘකාව සමග මම එකඟ වෙමි, ඒ මන්ද අප රටේ කාන්තාව සැබෑ ආකල්පමය වෙනසකට සූදානම් විය යුතුය . මේ සටන්පාඨ සමගින් එනේ බොහෝ කාන්තා විමුක්තියේ නියමුවන්ගේ සැබෑ මුහුණවර හඳුනා ගැනීමට ඔවුන් බුද්ධිමත් විය යුතුය. එකිනෙකා කෙරෙහි සහජීවනයෙන් සහ අවබෝධයෙන් ජීවත්වීම මේ සියල්ලටම විසඳුම බව කාන්තාව මෙන්ම පුරුෂයාද තේරුම් ගත යුතුය

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි මාත් හිතන්නෙ ඉවාන්. ඕක මිනිස්සු තමන්ගෙ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය වෙනුවෙන් මිිනිස්සු විසින් ගොඩනගාගත් මතිමතාන්තරයක්.අද ගැහැණිය සම තැන නෙමේ ඊට වඩා ඉහළින් වැජඹෙනවා.තමන්ගෙ අම්මට නොසළකා ඉන්නෙ කවුද? තමන්ගෙ බිරිදට නොසලකා ඉන්නෙ කවුද? එසේනම් ඔවුන් ඉල්ලන සම තැන කුමක්ද? මේක අපභ්‍රංශයක් විතරයි.මේක හරියට විච්චුර්ණයක් විතරයි

      Delete
    2. පුරුෂයා තේරුම්ගන්නේ නිතරම පුරුෂාධිපත්‍ය රාමුව ඇතුලෙනේ ඒකයි අත්තම ප්‍රශ්නේ.

      Delete
    3. පිරිමියා කියන්නේ පිරිමියා ,, එයා ඒ තුල නැතුව ඔයාගේ ඔළුවේ තියෙන ඔය ඊනියා පුරුශාධිපත්යක් එයාලගේ ඔළුවල නැහැ ..නිකන් මෙතන විහිළුවක් වෙන්න එපා

      Delete
    4. මටනම් "වනිතා හඬක්" ඇහෙන්නේ නෑ මෙයා ඔයාගේ කතාවලින් "පඩිනා ගඳක්" නම් දැනෙනවා ..

      Delete
  12. අනේ මංද කොච්චර කතා කලත් වැඩක් ඇත්මෙ නැති මාතෘකා වලින් ඉහලින්ම තියෙන 1ක් තමා ඔය

    ReplyDelete
  13. හෙඩිම හින්ද නලින් අයිය කනව අද ගෑණු ළමයින්ගෙන්. :D

    ReplyDelete
    Replies
    1. මටත් ටයිප් කරගන්න බැරි නිසා හොදයි...හි හි....

      Delete
  14. සමහරු මේ ගැන කතා කොරන්නේ අවුරුද්දටම එක දවසයි නෙව බොලං... ලොහ් ලොහ්...

    ReplyDelete
  15. මේ කාරිනාව ගැන කියනවානම් මට කියන්න තියෙන්නේ මම ගිය අවුරුද්දේ කියාපු දේම තමා නලින් අයියේ..

    ReplyDelete
  16. ස්ත්‍රීයට ආයෙත් අලුතෙන් මොළයක් දෙන්න ඕනා නෑ.ස්ත්‍රීයට මොළය දෙන්න ඕනා කියලා හිතන පසුගාමී පුරුෂ චින්තනයට තමයි මොළය දෙන්න ඕනා.
    මේකට කියන්නෙ හීනමානය කියලා.ස්ත්‍රී-පුරුෂභාවය සැලකිල්ලට අරගෙන මේ වගේ පසුගාමීව හිතන එකයි අවුල.උදාහරණයක් විදිහට නිළියො චන්දෙ ඉල්ලන්න ගත්තමයි හැමෝටම මතක් වුණේ දේශපාලනේ විනාශ වෙනවා කියලා.ඒත් මේ තාක් කල් චන්දෙ ඉල්ලපු නූගත් පිරිමි ගැන කතා කළේ නෑ.සමහරු කුඩුකාරයෝ,තවත් සමහරු ස්ත්‍රී දූෂකයෝ.ඒ වගේම නූගතුන්.
    වික්ටෝරියානු චින්තනේ ඉදන් ගෑනු අය අයිති කුස්සියටයි,ළමයි වදන්නයි කියලා හිතන තාක්කල් මේ කතා මෙහෙම්මමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, නිලියො විතරක් නෙවෙයි සටන්කාමී කාන්තා චරිත සේරම චන්දයට ඉදිරිපත් කරන්න පුලුවන්නම් ඒකත් ඉතා හොඳයි.

      Delete
  17. මෙහෙම හිතන එකම පිරිමින්ගේ චින්තනයේ අඩුපාඩුවක්නේ..!

    ReplyDelete
  18. විහේෂයෙන් දැනුම සහ ආකාල්ප අනුව ගම්බද කාන්තාවන් තවම ගෙදරදොර කටයුතු හැර වෙනත් දේ ගැන දන්නෙ නෑ නරය ඊට වෙනස් සංස්කෟතියක්.
    ඒ මොනව වුනත් ඇය "දුවකි, බිරිඳකි, සොයුරියකි, මවකී" කියල කියන්න පුළුවන්

    ReplyDelete
  19. ඔන්න මමත් මේ ගැන ලිපියක් පලකළා ගැහැනියට ගැහැනිය ලෙස ජීවත්වෙන්න තියෙන නිදහස තමයි අද නැතිකරලා තියෙන්නේ.
    http://sabalingikanidhahasa.blogspot.com/2014/03/blog-post.html

    ReplyDelete
  20. බටහිර කාන්තා විමුක්තිවාදයේ කියන්නේ සහ සුද්දෙන් කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන ස්ත්‍රී ලිංගිකත්වය ඇතුලු සමස්ථ ස්ත්‍රීත්වය මත පදනම වන එකක් නෙවෙයි. ඒක මන්දබුද්ධික නොවන වගේම කුහකයන් නොවන ඕනෑම කෙනෙකුට තේරෙනවා. බටහිර කාන්තා විමුක්තිවාදය කියන්නේ ස්වභාවධර්මය විසින් නිර්මාණය කර තිබෙන ලිංගිකත්වයේ ස්වරූපයෙනුත් එය සොබාදහමට අනුව පරිනාමය වන ආකාරයෙනුත් පිට පනින මිනිස් කුහකත්වයන්ගෙන් පැනනගින්නක්. බටහිර සමාජයට මේ ව්‍යාධිජනක මතවාදය කර තිබෙන විනාශය කියන්න බැරි තරම්. අද ඒ වසංගතේ මේ හාටත් බෝකරගන්න මෙහෙ ඉන්න ව්‍යාජ පණ්ඩිත රැලක් උත්සහ කරනවා. ඒක හිතන තරම් සාර්ථක නොවෙන්නේ රටේ ලොකු වාසනාවක්ට.

    ReplyDelete
    Replies
    1. ස්වභාවය මත්තේ එල්ලිලා ඉන්න පිරිමි සේරම කාන්තාවන් ස්වබාවයටම කොටු කරනවා එහෙම කරලා කාන්තාවන්ට අභියෝග ජයගන්න තියෙන හැකියව නැතිකරනවා.

      Delete
  21. මේවගේ ලිපි දාල ඔබ වැන්නන් කරන්නේත් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන්ම තවත් පුම්බන එකමයිනේ. අප ජීවත් වන්නේ 21 වන සියවසේ. සම්ප්‍රදායික ගෘහණියන් පුරුෂාධිපත්‍ය තුල හිරවන මෝඩ ගෑනුන් ළමයි වදන එකෙන් එහාට යමක් හිතන්න බැරි මවුවරුන් ගැන බයිල ගහලා වැඩක් නෑ.නූතන කාන්තාවන්ට අද ලෝකේ මීට වඩා දේවල් කරන්න පුලුවන්.මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ ඔබ වැනි සම්ප්‍රදායික පිරිමින් තමයි ස්ත්‍රියට මොළය දෙන්න කියලා ඒ අයට පුරුෂාධිපත්‍යට එරෙහිව සටන් කරන්න තියෙන හැකියාව නැති කරලා සම්ප්‍රදායික කාන්තා චරිත වලට කොටු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙන් එකක් ඉල්ලන්න කැමති ඔය හැම කොමෙන්ට් එකක් ගානෙම හල හල යන පුරුෂාධිපත්‍ය කියන වචනේ මොකක්ද ? ,,, තමුන් ඉන්නේ කීවෙනි සියවසේද?,,,, දැන් ලෝකේ දියුණුයි,, කාන්තාවට පිරිමියා ඉක්මවා ගිහින් සමතැනක අවශ්‍ය නැහැ ,, ඇයට නිසි තැන ලබාගන්න අද ලෝකයේ කොහෙවත් තහංචි නැහැ... අරාබි ,කරයේ ගැහැණිය වෙනුවෙන් ඕනෙනම් සංවිධානයක් හදන් ගිහින් කතා කරන්න.. ගැහැණිය කියන්නේ ගැහැණිය ඇය තවත් පිරිමියෙක් නෙමේ,, තමුන් ඔය දාන් ඉන්න ප්‍රොෆයිල් පික් එක දැක්කම පවා අප්පිරියයි ...

      Delete
    2. ඔමා පැටලෙන්න යන්න එපා බං මේ හොල්මනත් එක්ක , "වනිතා හඬ" නෙවෙයි "පඩිනා ගඳ"

      Delete
    3. @ වනිතා හඩ

      බීලා ද ඉන්නෙ දවල්ටත් ...

      @ඕමා අක්කා වැඩක් නේ කතා කරන්න එපා ..

      @ ඉවාන්
      "වනිතා හඬ" නෙවෙයි "පඩිනා ගඳ"
      සිරා කතාව

      Delete
  22. කට පොඩ්ඩක් අඩුවෙලා තව මොළෙත් ටිකක් වැඩි උන නම් ,
    මගේ නෝනගේ වටිනාකම කියල වැඩක් නෑ...
    කියල නිම කරන්න බෑ....

    නලින් අයියගේ කැමතිම සින්දුව :P

    ReplyDelete
    Replies
    1. කට පොඩ්ඩක් අඩුවෙන්න කියල කියන්නේ උඹල වගේ මිනිස්සුන්ගේ අධිපතිවාදයට එරෙහිව කට හොල්ලන්නේ නැතුව ඉන්න වෙන්න ඇති නේද? අනේ පලයන් යන්න. ගෑනුන්ට කට තිබුනේ නැත්නම් උඹල වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න ගෑනුන්ව කොච්චර තලා පෙලා පාගාගෙන ඉඳියිද?

      Delete
    2. තමුන් ගෞරව ලබන්න නම් අනුන්ට ගෞව්රව කරන්න පුරුදුවෙන්න.. ඔහොම කතාකරන්න එපා පිරිමි ළමයින්ට ..සහ ඕනෙම මනුෂ්‍යයෙක්ට

      Delete
    3. කට පොඩ්ඩක් අඩුවෙන්න කියල කියන්නේ උඹල වගේ මිනිස්සුන්ගේ අධිපතිවාදයට එරෙහිව කට හොල්ලන්නේ නැතුව ඉන්න වෙන්න ඇති නේද?///

      @ වනිතා හඩ

      ඇයි අනී ඔයා කරන්නෙ කටෙන් සද්දේ දාන එක විතරද ? වැඩක් නෑ හොදේ කටෙන් තව බොහෝ වැඩ ගත හැක

      Delete
  23. කාන්තා සංවිධාන ඉන්නේ ලොරි ටෝක් දදා පාටි දදා විනෝද වෙන්න විතරයි කාන්තාවන් වෙනුවෙන් දෙයක් කරන කෙනෙක් නැහැ

    ReplyDelete
  24. ඔන්න ආණ්ඩුවේ පත්තරේ කාන්තා දිනය දවසෙ කතු වැකිය.ගැහැණියට කෙසේ වෙතත් ඕක ලියපු අදාල කතු තුමාට හෝ සංස්කාරක තුමාට තමයි මොළය දිය යුත්තේ.

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. අප්පෝ නලිනුත් ඉඳලා ඉඳලා ගු ගොඩක් අවුස්සලා පලාතම ඉවරයි. පඩිනා ගඳ නෙවේ කෙලින්ම ගූ ගඳ.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT