චුල්ලවග්ග පාලිය හා යාඥා හෑල්ල
සිංහල අකුරින් ලියන ලද දැනට ශ්‍රී ලංකාව සතුව ඇති පැරැණිතම පුස්කොළ පොත ලෙස සැලකෙන්නේ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති 'චුල්ලවග්ග පාලිය' යි. මේ පොත ලියා ඇත්තේ 1236-1271 වසරවල ශ්‍රී ලංකාවේ රාජ්‍යය කළ දෙවැනි පැරකුම්බා රජතුමාගේ කාලයේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. ඒ මහතාගේ පරීක්ෂණ අනුව මේ පුස්කොළ පොතට දැනට වසර 800ක් පමණ වෙයි.
දෙවැනි පැරකුම්යුගයේ මේ පුස්කොළ පොතට දැනට වසර 800ක් |
පිට කවරයේ ලන්දේසි මුද්‍රාව |
රන් වැඩින් නිම කළ රතු පාට හමින් යුතු යාඥා හෑල්ලේ පිටකවරය |
වයස අවුරුදු 277ක් වූ වසර 1737 දී ලන්දේසින් අච්චු ගැසූ බවට සඳහන් මුල් පිටුව |
මෙහි පරණකම මැන බැලිය හැක්කේ එහි ඇති අකුරුවල තත්ත්වය හා අවසන් පත් ඉරුවේ සඳහන් බෙලිගල සුමේධ හිමි හා මේධංකර මාහිමියන් ගැන සඳහන් නම් ගම් අනුව බව පරණවිතාන මහතා සඳහන් කරයි.
චුල්ලවග්ග පුස‍්කොළ පොතේ කොළ ගණන 163කි. පුස්කොළ දෙකතුනක් පලුදු වී ඇති නමුත් අවුරුදු 800ක් පමණ වුවත් පුස්කොළ වල ශක්තියේ හැටියට මේ පොත ආරක්ෂා වී ඇත.
දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ මෙහි (මයිකෝ පිල්ම්ස්) ගත කර ඇති ඡායාරූප පාට මඟින් සමීප දර්ශන සහ පිටුවෙන් පිටුව ලියා ඇති දේවල් බලාගත හැක. චුල්ලවග්ග පාලිය පුස්කොළ පොත විශේෂ විදුරු ප්‍රදර්ශන කුටියක අධි ආරක්ෂිතව තබා ඇත.
සිංහල පොත් පත් ඉතිහාසයේ මී මුත්තා ලෙස සැලකෙන්නේ මෙයට වසර 277කට පෙර මුද්‍රණය කර ඇති 'යාඥා' පොතෙනි. එහි නම කුමක්ද යන්න පොතේ විශේෂයෙන් දක්වා නැත. මෙය ක්‍රිස්තියානි යාඥා පොතක් බව එහි මුල් පිටුවේ සඳහන් සිංහල සංඥාපනයේ සඳහන් වේ.
'ප්‍රධාන වූ යාඥාවල් පහද අපේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ පංගු දොළහ සහ දෙව් ස්වාමි දුරුවානන් වහන්සේම අනාඥවල් දසයද මෙහි ඇත.'
මේ පොත ගැන ලිපියක් ලියා ඇති ඇල්.ටී.පී. මංජු ශ්‍රීයන් සඳහන් කර ඇත්තේ මෙහි සඳහන් ප්‍රධාන යාඥා පහනම් උදේ හවසත් කෑමට පෙර පසුත් නින්දට පෙර කරන යාඥා පහය.
මේ පොත මුද්‍රණය කර ඇත්තේ ක්‍රි.ව. 1737දීය. මේ කාලයේ (ඕලන්ද) ඉන්දියානු සමාගම යටතේ ලංකවේ ඕලන්දයන් සන්තක වූ මුහුදු බඩ තීරයේ ආණ්ඩුකාරයා වී සිටියේ (1736 - 1739) ගුස්තාව් විල්ලම් වැරන් වන් ඉම්පෝච් නැමති පුද්ගලයෙකි.
පළමුවන සිංහල පොත මුද්‍රණය කරවීමේ ගෞරවය ඔහුට ලැබුණද 1732 - 1734 සිටි ආණ්ඩුකාරවරයා වූ රේකොබ් කිස්තියන් පිලාත් නැමැති ආණ්ඩුකාරවරයා මුද්‍රණ අච්චු කන්තෝරුවක් ඇති කොට ක්‍රිස්තියානි පොත් සිංහලයෙන් මුද්‍රණය කරවා තම පළාත්වල
යටත්වැසියන් අතට පත් කිරීමෙන් ඔවුන් පාලනය කිරීමේ පහසුව ගැන තමාට පසුව එන ආණ්ඩුකාර ඉව් නොව්ට දන්වන ලදී. මේ ක්‍රියාව ක්‍රියාත්මක කර ඇත්තේ පිලාත් ලංකාවෙන් ගොස් අවුරුදු තුනකට පසුවයි.
ඉම්පෝව් ආණ්ඩුකාරවරයා සාමකාමී පුද්ගලයෙකි. ඇල්.ටී.පී. මංජු ශ්‍රී යන් සඳහන් කරන පරිදි එවකට උඩරට පාලනය කළ නරේන්ද්‍ර සිංහ රජතුමාද ඉම් හෝව්ගේ පාලනය ගැන සතුටු වී ඔහු සමඟ සමාදානයෙන් සිටියේය.
ඉව් නොව් මුහුදු බඩ වැසියන්ගෙන් අය බදු ගැනීම අතහැර දැමුවේය. මෙය මුහුදු බඩවැසියන්ගේ ප්‍රීතියට හේතු විය.
මේ පොතට සිංහල අකුරු සැදුවේ තුවක්කු ගබඩාවේ බාස්වූ ගේබ්‍රියල් සේඩ්ය. සිංහල මුද්‍රිත අකුරු ඉතිහාසයේ ආරම්භකයා ලන්දේසි ගේබ්‍රියෙල් සෙඩ්බාස් ලෙස ගෞරවය හිමි වේ. ඔහු සිංහල අකුරු පිත්තල තහඩුවේ කපා ගත්තේය. එම අකුරු එකල පුස්කොළපොත්වල තිබූ පන්සල් අකුරු ය.
පිටු 14 යුත් මේ පොතේ අකුරක් අඟල් තුන්කාලක් පමණ වේ. ඕලන්ද කොම්පඤ‍්ඤේ මුද්‍රාව පොතේ ඇත. රන් වැඩ කළ රතු හමින් බැඳි පිටකවරයකි.
අදට අවුරුදු 277ක් වුවත් පොත ඉතා හොඳ තත්ත්වයෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේ අධි ආරක්ෂිත කුටියක සුරක්ෂිතව තබා ඇත.
මෙය තිබෙන තැනින් එළියට ගෙන ඡායාරූපගත කිරීමට කෞතුකාගාර අධ්‍යක්ෂගෙන් විශේෂ අවසරයක් ගත යුතුය. එම අවස්ථාව මෙතෙක් ලැබී ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණි.
නන්දික බැද්දේගම
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
දිනමිණ පුවත් පත වෙනුවෙන් විශේෂයෙන්ම ලියන ලද ලිපියකි
බෝම ස්තුතියි.. තොරතුරට හා පින්තුර වලට
ReplyDeleteදාපු කමෙන්ටුව මොකද වුනේ ???
ReplyDeleteවටින ලිපියක් ..විස්තර ටිකත් නියමයි ..පින්තුර ටික නම් ගොඩක් වටිනවා ...
ReplyDeleteවැදගත් තොරතුරක්. අපත් සමඟ බෙදාගත්තාට තුති...
ReplyDeleteලිපි පෙළක්ම තියෙනවා වාගේ.මේ විස්තරය ගැන ස්තුතියි....
ReplyDeleteඅම්මටසිලි සිලි ...සිරාවටම වැදගත් ඇ..
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteහැමදාම වගේම වැදගත් ලිපියක්...ස්තූතියි ..
ReplyDeleteවැදගත් ලිපියක් අයියේ :)
ReplyDeleteකියෙව්වෙ නැහැ බං මගේ එකේ එවුන්ට රිප්ලය් දීල ඇවිල්ල කියවන්නම්...
ReplyDeleteවටින ලිපියක්. තැන්කුයි නලින් අයියේ...
ReplyDeleteඔය ක්‍රිස්තියානි පොත් කඩමල්ල හේතු පාඨය කරගෙන තව ටික දවසකින් ගොන් පාදිලියො කියයි මේක ක්‍රිස්තු දේශය කියලා...දැනටම හලාවත පැත්තෙ එහෙම කියනවලු...
ReplyDeleteඅවුරුදු 800 ක් පරණ පුස්කොළ පොත දැම්මෙත් ඒ නිසාම තමා ඇනෝ
Deleteස්තුතියි විස්තර වලට. පොතේ පිටත ආවරණය හරි ලස්සනයි නොවැ.
ReplyDeleteකන් ගැට්ටා එලියට දැම්මද බං...
ReplyDeleteගොඩක් වටින විස්තරයක්..
ReplyDeleteසෙල්ලං නෑ වගේ. විස්තරය ඔන්න වටිනවා ලොවෙත්.
ReplyDeleteතව ඉදිරියටත් මේවැනි ලිපි එනවා
Deleteනොදන්නා දෙයක් ගැන දැන ගැනීමට සැලැස්වීමට නන්දිකට ස්තුතිය.
ReplyDeleteලිපි පෙළක්ම තියනවා ඉතා වටින
Deleteමමත් කීප විටක්ම ජාතික කෞතුකාගාරයට ගියා හැබැයි ඡායාරූප ගන්න නම් දෙන්නෙ නෑ තමයි.
ReplyDeleteවිශේෂ අවසරයක් ගත්තොත් ගන්න හැකියි දයා
Deleteගොඩක් වටිනා තොරතුරු ටිකක්.
ReplyDeleteබෝම වටිනවා...කියන්න වචන නැහැ...
ReplyDelete