සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සෑම දාම පාන්දර හතරට ගේ අද්දරින් ඇදෙන බස් රථයේ නලා හඬින් පියතිලක අවදිවිය. ගෙදර ඔරලෝසුවටත් වඩා පියතිලකට මේ බස් රථයේ නලා හඬ විශ්වාසය. 
වැඩකරන දිනක් වුව නොවුව මේ නලා හඬින් අවදිවීම දැන් පියතිලක ගේ දිවියේ අංගයක් ම බවට පත්ව ඇත. එතැන් පටන් පාන්දර පහ වනතුරු ඇඳේ සිට විවිධ කල්පනාවන් ඔස්සේ දවස මෙනෙහි කිරීමත් නින්දත් නොනින්දත් අතර  ඇඳටම වී සිටිම ත්, ඔහු දවසේ ගෙවනු ලබන තෘප්තිමත් ම හෝරාවයි.

රාජ්‍ය සේවාවේ විධායක තනතුරක් හොබවන පියතිලක රාජකාරියට යාමට සැරසෙන්නේ උදේ 5ට ය. දරුවන් පාසල් යන්නේ නම් බොහෝ විට ඔහුට ද උදේ තේ එක ලැබේ. නැතිනම් උදේම නැගිට සුදානම්වන හේ ඇල්වතුර වීදුරුවක් බී නිවසින් පිටත් වෙයි.
සාලයේ දැල්වෙන අඩ අදුරු බල්බයෙන් කාමරයට වැටෙන ලා එළියෙන් තමන් අසලම ගුලිවී සිටින පුංචි දියණිය තවමත් සුව නින්දේ බව පියතිලකට පෙනෙයි. දියණියට එහායින් සිටින බිරිය හා පුතුද තවමත් හැල හොල්මනක් නැත්තේ නිදි නිසා විය යුතු ය.
මේ ගෙවීයන්නේ බිරිය හා ඇසුර අතැර එකම යහනක ගෙවන  හයවැනි වසර බව පියතිලක ට මතකය. 
පත්මා වෙනත් පිරිමියෙකු හා යහන් ගතව අතටම අසු වූ දා සිට ඇය හා ඇසුර පියතිලක අතැරියේ ය. එයිට කලින් ද ඇගේ නොමනා ක්‍රියාවන් ගැන මිතුරන් පවසද්දී වුව පියතිලක නිහඬ වුයේ සිය දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන සියාය. රට්ටු කී කයි කතන්දර සිය අතටම අසු වූ දා මුළු ලොවම හිස මත කඩාවැටුණා මෙන් විය. දිවි නසාගන්නට කිපවිටක්ම සිත් වුව පියතිලක දරුවන් වෙනුවෙන් ඉවසීය. බිරිය දික්කසාද කරන්නට තම මාපියන් පුන පුනා කියද්දීත් එසේ නොකළේ එවකට පුංචි දියණිය ළදරු වයසේ සිටි නිසාවෙනි. දරුවා වෙනුවෙන් එතැන් පටන් පියතිලක නිවෙසේ ගෙවූයේ අනගාරික දිවියකි. තම තරුණ දිවිය හේ එසේ දරුවන් වෙනුවෙන් කැප කෙළේය.
එහෙත් ඉදහිට දිනෙක අගනුවර රාත්‍රී සමාජශාලාවකට ගොඩවන පියතිලක සිත් සේ සිය ඉදුරන් තෘප්තිමත් කර ගෙන තමන් තෘප්තිමත් දිවියක් ගෙවන්නෙකු සේ ලොවට පෙන්වමින් දිවි ගෙවීය. මෙවන් මතකයන් සමඟ සිට පියතිලක පුංචි දුවණිය තුරුල් කරගනිමින් යළි අඩ නින්දට පිවිසියා පමණි.........
මොකද්ද වනචරයෝ ඔය කරන කුපාඩිවැඩේ තේරුම ....... අවලමා දරුවකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි.....යැයි පද්මා කෑමොර දෙමින් පියතිලකට පහර දෙන්නට විය. 
කිසිවක් නොදත් පුතුත් දියණියත් මේ වන්නේ කුමක් දැයි වටහාගත නොහැකිව තූෂ්නිම්භූතව බලා සිටියි. ගැහෙන දියණියගේ මුව දකින පියතිලක අසරණ වෙයි...මුව පැටියෙකු සේ අහිංසක දියණිය බියෙන් භ්‍රාන්තව සිටයදී තව දුරටත් පියතිලකට පත්මා හා ඔට්ටුවන්නට නොහැක. ඇය සැපින්නියක සේ හැසිරෙන මුත් පියතිලක කෝපය පිට කළේ මිටින් ඇද විට්ටමට තදින් පහරක් ගසමිනි.
පත්මා නවත්තපිය පට්ට වේ....... 
දියණියගේ ඇඩුමත් සමග ම ............ නෑ දුවේ තාත්තා රණ්ඩු කරන්නේ නෑ...... පියතිලක නිහඬවෙයි.

සිය චරිතය මකාලිය නොහාකි තරමට විනාශකොටගෙන ඇති ඇති පද්මා අද පියතිලකට දමා ගැසුවේ රන් කඩුවකින් බව පත්මාට වැටහිණි. දෙවරක්ම දික්කසාදව සිය තුන්වැනි විවාහයේ රස බලන රාජ්‍ය පරිපාලන සේවයේ සේවය කරන තම ඥාති සොයුරිය දුන් ඔවදන් හරියටම හරි බැව් පද්මාට වැටහිනි.

"අක්කේ පිරිමිංව දන ගස්සන එක දැං ඒතරං අමාරු නෑ. ඔය අපේ දැං එකත් ඉන්නේ මා ගාව කුක්කා වගේ...රස්සාවෙං මිනිහා මට වඩා උසස් වුණාට ඌව පාලනේ කරන්නෙත්  මං. ඇයි ඔයාට බැරි. මං කියන විදියට වැඩ කරන්නකෝ"...

අලුයම මේ ගෝරනාඩුව අසල්වැසියන්ට ද ඇසෙන්නට ඇති. මේ ලජ්ජාව කෙසේ නම් වසාගන්න ද. පියතිලකගේ ඔලුව යකාගේ කම්මල වැනිය. 
පුතේ මං මේ තරම් දවසක් ඉවසුවේ උඹලා දෙන්නා හන්දා.. මට තවදුරටත් මේවා ඉවසන් ඉන්න බෑ. උඹලගේ අම්මට කියපන් දික්කසාද වෙලා යන්න කියලා. ඔය දෙන්නත් අම්මා එක්කම යන්ඩ. කැමතිනං මං එක්ක ඉන්න. මං  ආචිචි අම්මට කියන්නං මෙහේ ඇවිත් ඉන්න කියලා. ආච්චි මෙහෙන් ගියෙත් අම්ම හින්දනේ. පොඩි උන් දෙන්නා තාමත් බියෙන් ගැහෙමිනි. 

හනික ඇදගත් පියතිලක ගෙදරින් පිට වුණේ දික්කසාදයට නීතිවේදියෙකු හමුවීම සඳහා යන බව පත්මාට ඇසෙන්නට පුතුට කියමින් ය. බස් රියට ඔහු ගොඩ වුණේ කිසිදු නිනව්වක් නැතිවය. වෙනදා මග තොට හමුවන මිතුරන් කවුරුන් හමුවුණාදැයි වත් ඔහුට නිනව්වක් නැති ගාණය.

"පියතිලක මහත්තයට අද මොකද වෙලා තියෙන්නේ අර... තනියම කියෝනවා කල්පනාවක් නැ වගේ නේ"...
බස් රියේ වෙනදා විහිළුතහළුවෙන් යන පියතිලකගේ හැසිරීම අද අන් අයට ද අමුතුය.

ගමනාන්තයට තව බොහෝ දුර තිබිය දීම හදිසියේ මෙන් පියතිලක බසයෙන් බැහැගත්තේ පොලිසිය නම් පුවරුව දැකීමෙනි. කෙළින්ම පොලිසිය තුළට ගිය පියතිලක එහි පැමිණිලි ලියාගන්නා නිලධාරියා ඉදිරියේ වමාරන්නට විය.

"මහත්තයෝ අර පොඩි ළමයි දෙන්නෙක් මගේ පස්සෙන් එනවා... මට බයයි....... මං ළමා අපචාරකයෙක් නෙමේ මහත්තයො.... මාව බේරගන්නකෝ"... නිලධාරියා ඉදිරියේ හෙතෙම වැඳ වැටෙන්නට විය.

පෙනුමෙන් ඇද පැළඳුමෙන් යමක් කමක් ඇති වැදගත් රැකියාවක නියුතුවෙකු ලෙස පෙනෙන මේ මනුස්සයා දෙස පොලිස් රාළහාමි නිරික්ෂනාත්මකව බලන්නට විය. 

"අඬන්නැතුව කියනවකෝ මොකද තමුන්ට වුණේ"......

"අනේ රාළහාමි අර ළමයි මං පස්සෙන් එනවා...මං ළමා අපචාරකයෙක් නෙමේ අර උන් දෙන්නා එන්නේ මාව පොලිසියට අල්ලලා දෙන්න තමා"....

"කොහෙද අයිසෙ ළමයි එන්නේ... තමුසෙට පිස්සුද"?

"සාජන් මහත්තයා මේකා මොකක් හරි මගුලක් කරලා එන එකෙක්ද කොහෙද? පොඩ්ඩක් චෙක් කරල බලමුද? උදේ පාන්දරම ආව අපිව කන්න"..

"හම් ගන්නව තමුසෙගෙ අයිඩින්ටිය.... මොනවද මේ බෑග් එකේ"..... 

"අනේ රාළාමි අර ළමයි එනවා මේ පැත්තට"........

"සාජන් මහත්තයා මේකා දේශිය ආදායම් එකේ සහකාර ගණකාධිකාරි කෙනෙක්....බෑග් එකේ තියෙන්නේ ඊයේ ඩේලි නිවුස් පත්තරේ විතරයි..තව රාජකාරි ලිපිගොනුවකුත් තියනවා... අපි කෝකටත් ඕඅයිසී මහත්තයට කියමු මේ ගැන.. මෙයාව යවන්න එපා දාන්න කූඩුවට...... මොකක් නමුත් දෙයක් කරගන මේ ඇවිත් තියෙන්නේ"
........................................................................................................

"සාජන් ඔය හාදයව කූඩුවෙන් එළියට ගන්නවා...නිට්ටඹුවේ පොලිසියට කෝල් කරලා අහන්න මොකක් හරි ළමා අපචාරයක් ගැන පැමිණිල්ලක් ඇවිත් තියනවද කියලා. මට පේන්නේ මෙයා අපරාධකාරයෙක් නෙමේ මොනවා හරි කේස් එකකට ඔලුව අවුල් කරගත්තු කෙනෙක්"...

"හරි සර්"....

"මෙයාගේ පදිංචි ලිපිනය අරගන ගෙදරට නොයා වට පිටින් ටිකක් හොයල බලන්න මොනවද තොරතුරු කියලා. ගෙදරට යවන්න එපා පොලිසියේ කවුරුවත්.. එතකං තේ එකක් ගෙනත් දිලා කන්ඩත් මොනවහරි දීලා අර කාමරේ නවත්තගෙන ඉන්නවා. මං එනකං යවන්න එපා මිනිහව"...

"ඕකේ සර්".....

............................................................................................................

"සර් මෙයාට විරුද්ධව පැමිණිල්ලක් නං නැ.... හොදට හෙව්වා... බොහොම වැදගත් විදියට ජීවත් වෙච්චි කෙනෙක්... මෙයාගේ විස්තර හොයන්න ගිය පින්සිරි රාළහාමි ඇවිත් ඉන්නවා මෙයගේ අල්ලපු ගෙදර කෙනෙක් එක්ක"...

"තමා මේ මහත්තයා ගැන දන්නවද"?

"ඔව් සර් මේ අපේ පියතිලක මහත්තයා"...

"ඒ වුණාට පියතිලක තමා ව අදුනන්නේ නැනේ දැන්"......

"ඒක තමයි මහත්තයා... යස අගේට හැමෝටම උදව් උපකාර කරගන හිටිය මහත්තයා... අද පාන්දර ගෙදර කෑගහන සද්දයක් ආවා...විනාඩියක්වත් සන්ඩුව තිබුණේ නෑ..... මං බලාන මහත්තයා පිස්සෙක් වගේ ගෙදරින් එළියට යනවා"..

"අනේ මහත්තයෝ කිව්වට මොකද මේ මහත්තයා බැදල ඉන්න පද්මා නෝනා එක විදියක කෙනෙක්... අපිනං ඒවා සේරම දන්නවා. මේ මහත්තයත් ඒව නොදැක්ක වගේ තමා හිටියේ....මිනිහෙකුට ඉවසගැනීමෙත් සීමාවක් තියනවනේ මහත්තයෝ.... අනේ අප්පේ පවු පියතිලක මහත්තයට වුණු දේ"......
............................................................................................................

"සාජන් අර අංගොඩ දොස්තර මහත්තයට කතා කරලා කියන්න රෝගියෙක් ඉන්නවා කියලා ඇම්බියුලන්ස් එක එවන්න කියන්න මෙයාව ගෙනියන්න කණ්ඩායමක් එක්කම එන්න කියන්න....
පැමිණිල්ලක් ලියන්න එපා සාජන්... මේ අහිංසකයෙක්... පොඩි නෝට් එකක් දාන්න රෝගියෙක් පොලිසියට ආවා ඔහු  රෝහල් ගත කළා කියලා විතරක්.. දේශිය ආදායම් එකට කෝල් එකකුත් දෙන්න මේ ගැන"

ප.ලි
ඉවාන් පවුලූෂා ලියූ ලොකු දෝණි කෙටි කතාව කියවා ලද කම්පනයත්.. යකාගේ අඩවියේ ලියැවුණු 

යකෙක් වුනත් හූ හතේ හූ කියන කතන්දරයක් හෙහෙ හෙහ් හෙහෙ කතන්දරයත් පුවත් පතක සේවය කරන්නෙකු ලෙස මා ඉදිරියේ සමාජයේ එක්තරා මහත්මයෙකු කළ පාපොච්චාරණයක් ද හේතුවෙන් මෙය ලියැවිණි. 


ස්ත්‍රීවාදයේ බොහෝ පිරිමින් නොදකින පැතිකඩක්ද මෙයින් ගම්‍ය වේ. ස්ත්‍රීවාදය මට අපුල ඇයි කියා දෙදෙනකුම මගෙන් අසා තිබිණි. මේ සත්‍ය කතාවත් එයිට එක් හේතුවකි. මෙහි සිද්ධිය සත්‍යය. මවිසින් අතින් ඉතා සුළු කොටසක් එක් කොට ඇත.

ස්ත්‍රීවාදයට මුවා වි එන මේ ව්‍යසනයටයි මගේ ඇති අපුල...

නම් ගම් මනංකල්පිතය

51 comments:

  1. සමතැන නොඉල්ලා නිසිතැන හඳුනාගතහොත් මෙවන් අවුල් අඩුවේවි. හද කම්පා වෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. අන්තවාදී නොවන ලෙස කාන්තාවන් හා පිරිමින් හිතන්න පුරුදු කිරීමත් සමතැන කියන භයානක දෙය ගැන සමාජය දැනුවත් කිරීමෙනුත් තමයි මේ ගැටළු විසදාගත හැක්කේ.

      Delete
    2. අනිවා බස්සි ,යකා ...මාත් එකගයි

      Delete
    3. කාන්තාවන්ටනම් ප්‍රශ්න කතාකරන්නවත් පුලුවන් ඒත් අවාසනාවට පිරිමින්ට මේවගේ කරදරයක් උනොත් ඒව කියාගන්න කෙනෙක් නෑ. සමහර ව්ට ඔය ස්ත්‍රීවාදයෙන් නොමග ගිය මිනිස්සු අර වගේ ප්‍රශ්නයකට මුහුනදෙන පිරිමියා ගැනත් බලන්නේ වපරෙට.

      Delete
    4. සැමට නීතියේ රැකවරණය තිබිය යුතුයි.

      Delete
    5. සමතැන කියන එකනම් කොහොමත් ප්‍රායෝගික නෑ නේද?

      Delete
  2. බලන්න ඉතින් අර ගෑනි නටන්ඩ තියන නැටුම් ඔක්කම නටල අර අහින්සක මනුස්සයට හේතුවක් නැතුව බැනපු හැටි...සාමාජයේ හැම තැනම ස්ත්‍රී දූෂනේ කියල පිරිමියට වරද පටෝනව, බලද්දි කිසිම දූෂනයකට සම්බන්ධයක් නැති මිනිස්සුත් කොච්චර මේ වගේ නිකරුනේ වැරදිකරුවො වෙලා ඇතිද...

    ReplyDelete
    Replies
    1. ධන බලය ස්ත්‍රීවාදීන්ට ( මම ඔය වචනෙ අල්ලගත්තෙත් මේ සතියට දෙකට බ්ලොග් කියෝල හෙහෙ හෙහෙ )තිබෙන නිසා ඔවුන් කුලියට දේශකයො පත්කරගෙන රටපුරාම වැඩ මුලු කර කර පිරිමින්ට බනිනව.මේ විදියට සමාජයෙ මනස හදපුවම පද්මල වගෙ ගෑනු බෝවෙනව.එහෙම නොවෙයි සාධාරනව හිතන සමාජයක් හදන්න ඕන.ඔබ කී ලෙසම අහිංසකයන් දස දහස් ගනන් බොරු චෝදනා නිසා විපතෙ වැටිලා.

      ඔබ දන්නවද 1995 අංක 22 දරන සංශෝදනයට අනුව ගෑනියෙක් දෙස බැල්ලීමත් සාපරාධී වරදක් බව.එසේම ආයතන ප්‍රධානියෙකු මුහුණ පිම්බීම පවා ලිංගික ආරාධනයක් ලෙස සිතා එම කාන්තාව නොවෙයි වෙන කෙනෙකුගේ ලිපියකින් හෝ නිර්නාමික ඇමතුමකින් පවා ආයතන ප්‍රදානියා අත් අඩංගුවට ගත හැකියි.මෑතකදී කාන්තා සංවිධාන දෝස්මුරයක් දාල තිබුන අත් අඩංගුවට ගන්නා සහ හිරේ දාන පිරිමින් සංඛ්‍යාව ප්‍රමානවත් නෑ කියල.

      ඔය සංඛ්‍යා ලේඛන වලින් හතරෙන් තුනක්ම බොරු.මේ ලඟදි මම දැක්ක එක ගමක මිනිස්සු ඔක්කොම උද්ගෝෂනයක් කරල.මොකද එක ගෑනියෙක් ගමේ ඔක්කොම පිරිමින්ට එරෙහිව බොරු චෝදනා කලා කියල.

      කොල්ලෙක් කෙල්ලෙක් යාලුවුනහමත් කෙල්ලගෙ දෙමවුපියෝ පොලීසියෙ එන්ට්‍රියක් දානව .ඒක ත් වාර්තාවෙන්නෙ අතවරයක් ලෙස.අනික මෙතන වචන පටලැවිල්ලකුත් තිබෙනව.ගෑනියෙක් දිහා බැලුවත් ඒක අතවරයක්.සමහර විට දූෂනය කරන ඒවත් අතවර විදියට පත්තරවල දානව.මේව බලන කෙනා හිතන්නෙ යකෝ අවුරුද්දට මෙච්චර ගෑනු දූෂනේ කරල කියල.නෑ 1995 අංක 22 දරන නීතියට අනුව ගෑනියෙක් දිහා බලපුවත් එක්කයි.ඒ.ඒ නීතිය කොච්චර දරුනුද කියල ඕනම කෙනෙකුට තේරෙනව.

      Delete
    2. ස්ත්‍රීවාදය තමයි අද සමාජය වනසන ප්‍රධාන රෝගකාරකය වෙලා තියෙන්නේ.

      Delete
  3. පිටින් එන ඕන වසංගතයක් දොහොත් මුදුන් දීලා පිළිගන්න අපේ රටේ උන් ලෑස්ති වෙලා ඉන්න හින්දා තමයි මේ වගේ නස්පැත්ති. ඇත්තටම අවශ්‍ය නොවන රාජ්‍ය නොවන සංවිදාන මඩින්න ක්‍රමයක් නැද්ද නලින්.

    ReplyDelete
    Replies
    1. අපේ කාන්තාවන්ගෙ ඔළු අවුල් කරන මේ අන්තවාදීන් ගැන සමාජය දැනුවත් වීමත් මුන්ගෙ සංවිධානාත්මක බවට ප්‍රතිචාරයක් ලෙස අවශ්‍ය නම් සංවිධානය වීමත් තමයි වෙන්න ඕන.බලන්න මේ අන්තවාදීන් ගබ්සාව නීතිගත කරන්න හදපු හැටි.එතනදි ආගමික බලවේග මැදිහත් වුනා.එම බලවේග ඔවුන් නිකුත් කළ නිවේදනයකින් මත් කීව කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරමින් බටහිර බංකොලොත් කාන්තා විමුක්ති වාද වලට නොරැවටෙන ලෙසත්.

      මම එතනදි තේරුම් ගත්ත හැම ආගමකම නායකයො මේ අයට විරුද්ධ වුනොත් නම් මේ අයට සමාජය විනාශ කරන්න ලේසි වෙන්නෙ නෑ කියල.

      Delete
  4. ලමයි නිසා කියල මේ වගේ දේවහගෙන ඉන්න කොට කොහෙන් හරි එෆෙක්ට් එක පිට වෙනව.ලමයින්ගෙ උඩින් නොගිය එක හොදා

    ReplyDelete
  5. තවත් එක් කතාවක්... ඒ කියලා ඔක්කෝම ස්ත්‍රීන් ඒ කැටගරි එකට දාන්න බෑ.. අනික ඔක්කෝම හොඳ පිරිමිත් නෙමෙයිනේ.. ආන් අවුරුදු 14 කෙල්ලෙක් බබෙක් හම්බ වෙන්න ගිහින් මැරිලා.. මට නොතේරෙන දේ තමයි.. නොගැලපෙනවනම් ඇයි එක්ව ඉන්නේ කියන් එක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔක්කොම කාන්තාවන් ඒ කැටගරි එකට දාන්න බෑ.ඒත් පිරිමියෙක් මේ වගෙ දෙයක් කළොත් ඔක්කොම පිරිමින් ඒ කැටගරි එකට දානව නේද? පිරිමින්ගේ පාප කදට දෝස විදින ලදුනේ කියල සින්දුවක් තිබෙනව.මේ සින්දුවෙන් බඩු පොට් එකකට කවදාවත් නොගිය පිරිමියටත් බනිනව.මාධ්‍ය වල මම නම් දැකල තිබෙන දෙයක් තමයි කාන්තාවන් කරන වැරදි සාධාරනීකරනය කරන එක.මම හිතන්නෙ ඒක පොදුවේ සමාජයට හානිකරයි.මගෙ බ්ලොග් එකේ මම පිරිමින් වරදක් කලත් විවේචනය කරනව කාන්තාවන් වරදක් කළත් විවේචනය කරනව.ක්‍රියාව කරන්නා කාන්තාවක් වීම නිසා එම ක්‍රියාවට සුජාත බවක් ළැබෙන්නෙ නෑ.

      Delete
  6. දුක හිතෙනවා සමාජෙට වෙලා තියෙන දේ ගැන

    ReplyDelete
  7. මම යකාගෙ අඩවියෙ යකා.එකම රාමුවලට කොටුවෙලා හිතන මිනිස්සු න්ට ප්‍රශ්න වල පේන්නෙ එක පැත්තයි.මගෙ ලිපියෙ උදාහරනයක් ලෙස උතුරෙ ප්‍රශ්නෙත් අරන් පෙන්නුවා.බලවතා සහ දුබලයා කියල දෙන්නෙක් ඉන්නව හැබැයි ඇත්තටම බලවතා කවුද දුබලයා කවුද?සංවිධානාත්මක පුද්ගලයා තමයි බලවත්.දැන් මේ කතාවෙ පත්ම අනාචාරයේ හැසිරිලා ගෙදර ඇවිත් මම අනාචාරයේ හැසිරුනා තමයු උබට මොකද කියල පියතිලකගෙන් අහනව.එතකොට පියතිලක ඇයි උබ එහෙම කලේ කියල ඇහුව කියමුකො.පත්මට පුළුවන් වාචිකව ඇයව හිංසනයට ලක් කළා කියල නීතිය ඉදිරියට යන්නට 2005 ගෘහස්ත හිංසන පනටහ් යටතේ.ඒ පනත යටතෙ පියතිලකව ගෙදරින් පන්නනව කිසියම් කාලයකට.ඒ කාලයෙ අනියම් සැමියව ගෙදරට එක්කගෙන එන්නත් පද්මට පුළුවන්.මෙතනින් ආරම්භ වෙන නඩු කටයුත්ත අවසන් වෙන්නේ පද්මට විශාල වන්දියක් ගෙවන්න පියතිලකට සිදුවීමෙන්.පියතිලකට යන එන මන් නැතිවෙනව.හිරේ යන්නත් වෙන්න ඉඩ තිබෙනව.කාන්තා සංවිධාන පද්මට උදවු කරනව .පියතිලකට කාත් කවුරුවත් නෑ.

    මම නම් මේ ප්‍රශ්න කාන්තාවගෙ පැත්තෙන්වත් පිරිමියගෙ පැත්තෙන්වත් නොවෙයි බලන්නෙ.බටහිර දිහා බලල හදන නීති නිසා වෙලා තිබෙන අවුල පහදන්නට මට ඕන.ඒ වගේම අපේ කාන්තාවො එක්කො මේ නීති දන්නෙ නෑ.නැත්නම් වගකීමෙන් හැසිරෙනව.මම හිතන්නෙ පළමුවෙනි කාරනේ.නැත්නම් පිරිමින්ට ඉන්ඩ හම්බ වෙන්නෙ නෑ.එළියට බැස්සත් හිරේ ගෙදර හිටියත් හිරේ යන නීති තිබෙන්නෙ.

    කොහොමහරි මේ ප්‍රශ්නවලදි වැඩිම පීඩාවට පත් වෙන්නෙ පිරිමියා.හැබැයි සාධාරනව ප්‍රශන් විග්‍රහ කරන්න කිසිම කෙනෙක් නෑ.මාධ්ය වල නිතරම පෙන්වන්නෙ අඩා වැටෙන ගැහැණිය.එන් ජී ඕ කලාකෘතිවල තිබෙන්නෙ පිරිමියාගෙන් අසාධාරනයට ලක් වෙන ඝැහැණිය.මේක පැහැදිලිවම අන්තවාදයක්.මාක්ස්වාදීන් නිතරම පිරිමියා දකින්නෙ පීඩකයෙක් ලෙස,සූරාකන්නෙක් ලෙස .ඔවුන්ට අනුව ගැහැණිය කියන්නෙ ගොදුර. ඒත් ඇත්ත ඒක නොවෙයි.ගැහැනිය පිරිමියාගෙන් පීඩාවට පත්වෙන අවස්ථා වාගෙම ඒකෙ අනික් පැත්තත් තිබෙනව.ඒ පැත්ත කවුරුවත් කතා කරන්නෙ නෑ.පිරිමියා හැමදාම තමන්ගෙ පීඩාව දත්මිටිකාගෙන ඉවසන්න ඕන.

    මේ ප්‍රශ්න වලදි අන්තිමට වැරදිකාරය වෙන්නෙ පිරිමියා.කාන්තා සංවිධාන විසින් දැවැන්ත අධිපති මතවාදයක් හදල.කාන්තාවක් පීඩාවට පත්වෙනව කියල ටෙලිඩ්‍රාම එකක් හැදුවත් ආධාරදෙන්න පොරකනව.පිටරට එන්ජී ඕ වලින්.ඇත්තටම දුප්පතාත් පීඩිතයාත් පිරිමියායි.අන්තර්ජාතික ප්‍රාග්ධනය ස්ත්‍රීවාදීව යොදවන නිසා පිරිමියා වහලෙක් ලෙසයි ඉන්න වෙන්නෙ.

    ගුනදාස කපුගේ ගෙ සින්දුවක් මතක් වෙනව."කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ"

    අන්තර්ජාතික ප්‍රාග්ධනයෙන් ආඪ්‍ය සංවිධානාත්මක ස්ත්‍රීවාදය නිසා පිරිමියා අසරන වෙලා.තමන්ගෙ භාර්යාව මේ කතාවෙ තිබෙනව වගේ අනාචාරයෙ හැසිරුනොත් කිසිම පිරිමියෙකුට ගැලවිල්ලක් නෑ.ඔහුට හැප්පෙන්න වෙන්නෙ ලොකු බලවේග එක්ක.මේව කිසිම පිරිමියෙක් දන්නෙ නෑ.ස්ත්‍රීවාදයට පක්ශව කොමෙන්ට් දැම්මත් තමන්ගෙ බිරිද අවි ඔසවන්නේ නැතිතාක්කල් ඔවුන් සුරක්ශිතයි.එහෙත් ඔවුන්ගෙ හිසට උඩිනුත් කඩුවක් එල්ලලයි තිබෙන්නේ.

    මේ එක් කතාවක් විතරයි.මෙහෙම කතා දස දස් ගනනක් අපේ සමාජයෙ තිබෙනව.

    සමාජයෙ ජනප්‍රිය කරවල තිබෙන තව කතාවක් තමයි නැන්දම්ම ලේලිට හිරිහැර කරනව කියන එක.නමුත් වඩිපුරම සිදුවෙන්නෙ ලේලි නැන්දම්මට හිරිහැර කරනව කියන එක.හුගක් පිරිමින්ගෙ දෙමවුපියො පපුවෙ අමාරු හැදිලම මැරිල තිබෙනව.ඒත් එන් ජී ඕ වලින් මතුරන්නෙම ලේලිට හිංසනය තිබෙනව කියන එක.නිකම් බලන්න ලේලිල විසින් පන්නල දාපු සැමියගෙ දෙමවුපියි විස්සක් වත් එක ගමක නැද්ද කියල.පොලීසිය පරිවාසය ඔය හැම තැනකදිම වාචිකව හා කායිකව හිංසනයට ලක් වෙන්නෙ පිරිමියා.සමහරවිට පිරිමියගෙ දෙමවුපියො.නමුත් මේ කතාව කිසි කෙනෙක් කියන්නෙ නෑ.ඒක පිරිමිකමට ලැජ්ජාවක්ලු.මොකක්ද මේ පිරිමිකම කියන විහිලුව?.තමන්ගෙ දෙමවුපියන්ට ගෑනි හිරිහැර කරන කොට විරුද්ධ වෙන්න වත් බැරි නම් මොකක්ද මේ සමාජෙ.හැම මාධ්‍යම පිරිමියට විරුද්ධනම් ඒ සමාජෙ සාමාජිකත්වයෙන් ඇති වැඩේ මොකක්ද?

    නිහඩ බහුතරය සංවිධානාත්මක සුළුතරයේ හොඳම සඟයාය කියල කතාවක් තිබෙනව.මට නම් බෑ දුෂ්ටකමේ සඟයෙක් වෙන්න.මගෙ යාලුවො ඉන්නව කසාද බදින්නෙ නෑ ගෑනිගෙන් අම්මට වෙනස්කම් වෙයි කියල.හැමදේම නීතියයි ඔක්කොම ගෑනුන්ගෙ පැත්ත ගන්න එක අසාධාරනයි නේද?ඒකෙන් සමහර විට වක්‍රාකාරව ගෑනුම පීඩාවට පත් වෙනව.

    දැන් නිර්මානය වෙලා තිබෙන ස්ත්‍රීවාදී වටපිටාව නිසා කොයි පැත්තෙන් බැලුවත් පිරිමිය පීඩාවට පත්වෙනව,වැරදිකාරය වෙනව.කතා කරන්න කෙනෙකුත් නෑ.

    කොමෙන්ට් එක දිග වුනා.සොරි හොදේ.

    ReplyDelete
    Replies
    1. මේ ලිපි පෙලට ආරම්භයක් දීම ගැන ස්තුති යකා... ඒ වගේම මං හිතනවා මේ තුලින් යම් තාක් දුරකට හරි මිනිස්සු දෙයක් ලබාගත්තා.. ඔයාගේ ලිපිය සහ කොමෙන්ට් තුලින් ,හිරු අක්කගේ කොමෙන්ට් තුලින් මං නොදන්නා පති ඉගෙන ගත්තා, ඒ වගේම මේ ලිපිය ලියපු යාලුවට ස්තුති...

      Delete
    2. දැනටමත් පවුල් සංස්ථාව රැකිලා තියෙන්නේ පොතේ තියන නීති වලට වඩා පාරම්පරිකව අපි රැගෙන එන රීති වල පිහිටෙන් කියලයි මට හිතෙන්නේ යකා.

      Delete
    3. itnishantha@ කාන්තා සංවිධාන වලට ඕන වෙලා තිබෙන්නෙ ඒ පාරම්පරික රීති නැතිකරල දාන්න.බටහිර නිර්නායක වලට අනුව ඒ රීති පසුගාමීලු.කාන්තා සංවිධාන විශාල මුදලක් වියදම් කරනව මේ රීති නැතිකරල දාන්න.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ලෝකේට පේන්න බොරුවක් ජීවීතේ කර ගත්තම ඇති වෙන ප්‍රශ්ණ....

    තමන්ට අවංක උනා නම් කාටවත් ප්‍රශ්ණයක් එන්නේ නෑ....

    ReplyDelete
  10. මගේ අදහස නම් මේ කතා තුනේම වෙන්නේ බොරු හුඹස් බියක් ඇතිවීම පමණයි කියලයි.

    මෙහෙම සිදුවීම් විය හැකියි. නමුත් එයට හේතුව ස්ත්‍රීවාදය නොවේ. අප අතර වෙසෙන හොරු, තක්කඩි පිරිස්ය. ඔවුන් හැමදාම සිටිති.

    පවුලක ප්‍රශ්නයක් ඇති නම් එය විසඳා ගත යුතුයි. දික්කසාදයද එක විසඳුමකි.

    මෙහි ඇති මට පෙනෙන අනිත් ප්‍රශ්නය නම් - විමර්ශනයකින් තොරව නිගමනවලට එළැබීමේ වරදයි.

    ඔය ස්ත්‍රීවාදය තිබුණත් නැතත්, බස් එකකදී ගෑණියෙක් පිරිමියෙකුගේ කම්මුලට ගැසුවොත් එය දකින සියළු දෙනා එකම තීරණයකට එළැඹෙනු ඇත. මේ ගැණ කියවෙන කතාවකුත් ලඟදී ලියලා තිබුණා නේද අර සල්ලි එක්ක පර්ස් එක ගෙදර දාලා ගිය කතාව?

    ReplyDelete
    Replies
    1. හැම විටම හුඹස් බියක් පමණක්ම වෙන්නේ නෑ කකා . මා ලියූ කතාව ගොඩනැගුවේ සත්‍ය සිද්ධියක් ඇසුරෙන්.

      Delete
    2. ඉවාන්, ඔයාටයි, නලීන්ටයි, යකාටයි ඔක්කොටම ඒ සිදුවීම් වලින් කතාවක් ගොඩනගන්න හිතෙන්නේ ඒ සිදුවීම් අපි සමාජයේ නිතර අහන දකින සිදුවීම් වලට වඩා වෙනස් නිසා. මේ කතා සත්‍ය සිදුවීම් කියලා තුන්දෙනාම කියලා තිබ්බනේ, ඒක පිළිගන්න පුළුවන්. නමුත් ඒ කතා සුවිශේෂී වෙන්නේ ඒවා පොදු කුලකයෙන් වියුක්ත වෙන නිසා. ඒ කියන්නේ සමාජයේ තාම බහුලවම සිද්ධවෙන්නේ කාන්තාව පීඩනයට පත්වීම. ඒවා ආශ්‍රයෙන් නිර්මාණයක් කරන්න අපූර්ව නිමිති හොයාගන්න නෑ, ඒ තරම් සුලභයි.

      Delete
    3. කකා @ හුඹස් බියක් නොවෙයි කකා මේ සිදුවීම් වලට හේතුව ස්ත්‍රීවාදය තමයි.මොකද අධිපති මතවාදය කියල දෙයක් තිබෙනව අපි ජීවත් වෙන්නෙ ස්ත්‍රීවාදී ලෝකයක.ඉතින් මෙහෙම සිද්ධි සිදුවෙන්නත් ස්ත්‍රීවාදී මානසික බලපෑම් හේතුවෙනවා.ඒ වගේම එම සිද්ධි වලට අවශ්‍ය නීතිමය හා සමාජමය ආරක්ෂාව ස්ත්‍රීවාදයෙන් ලැබෙනවා.

      Delete
    4. තිසර @ ඔබට විශේෂයෙන් ස්තුතියි මේ සංවාදය නියම තැනට ගෙනාවට.
      තිසර මේවා සමාජයේ නිතර සිදුවන ඒත් කිසිවෙක් කතා නොකරන අවාසනාවන්ත පැත්තක්.පැය 24 ම අහන්න ලැබෙන්නෙ කාන්තාව පීඩනයට පත් වෙනවා කියන එක.ඒක තමයි විශාල මුදලක් වැය කරල නඩත්තු කරන මතවාදය.
      මේ සිද්ධි කිසිම මාධ්‍යයක පළවෙන්නෙ නෑ.මේව විදින අය දත්මිටිකාගෙන ඉවසනව.සමාහරු සියදිවිනසා ගන්නවා.සමහරු මානසික ලෙඩ්ඩු වෙනව.අධිපති මතවාදය වෙලා තිබෙන්නෙ ස්ත්‍රීවාදය.ඔය එක ඉස්ද්ධියක්වත් කිසිම මාධ්‍යයක පළ කරන්න බෑ.ඔබ නොසිතන අභ්‍යන්තර බලවේගයක් යටින් තිබෙනව.

      නමුත් කොල්ලෙක් එක්ක කෙල්ලෙක් යාළුවුනත් කෙල්ලගෙ දෙමවුපියො පොලීසියෙ පැමිනිලි කලාම ඒක අතවරයක්.ස්ත්‍රී දූෂනයත් අතවරයක්.මේ විදියට සංඛ්‍යාලේඛන හදපුවම අවුරුද්දට මෙච්චර දූෂනය වෙනව කියල ගාන හැදනව.එතකොට තත්පරේට ගෑනු 9 ක් විතර දූෂනය වෙනව.නමුත් 1995 දි දාපු දරුණු නීති වලට අනුව ගෑනියෙක් දිහා බැලීමත් අතවරයක්.
      මේ විදියටයි අතවර වැඩියි කියන්නෙ.

      පිරිමින්ට මාධ්ය බලය නැතිනිසයි මේ වගෙ සිදුවීම් වාර්තා නොවෙන්නෙ.පිරිමින්ගෙ දෙමවුපියො පපුවෙ අමාරු ඇහ්දිල මැරුනත් සියදිවිනසාගත්තත් ඒ ගැන මාධ්යවල පල කරන්න බෑ.නමුත් කාන්තා හිංසනේ කාන්තා හිංසනේ කියල මන්තරේ වගෙ මතුරනව.ඒ කරන්නෙ කාන්තාවන්ට තිබෙන අදරේට නොවෙයි.සමාජයේ ලිංගික වෛරාය්ක් වපුරල පවුල් සංස්ථාව විනාශ කරල ජනගහනය අඩුකරන්න.මේක අත්හදා බලල සාර්ථක වුන දෙයක්.වසරි වසර විවාහ දරු උපත් අඩුවෙනව.වසරින් අව්සර කාන්තා සංවිධාන වලට ලැබෙන ප්‍රතිපාදන වැඩි වෙනව.ඔවුන් ලිංගික වෛරය වපුරනව,පවුල් කඩා ඉහිරවනව,සමලිංගිකත්වය ජනප්‍රිය කරනව.සමාජය් සංකර කරනව.ඔවුන්ගෙ අරමුන සමාජය විසංවිධානය කරන්න.

      කාන්තා හිංසන ප්‍රමානයන් බහුතරයක් මවා පෑම්.ඒ වගේම ඉහත කියපු සිද්ධි වගෙ දස දහස් ගනනක් කියන්න ක්‍රමයක් නැති නිසා කාලයේ වැලිතලාවෙන් වැහී යනව.

      Delete
    5. පිරිමින්ට මාධ්‍ය බලය නෑ? කොයි රට ගැනද යකා කතා කරන්නේ? දැන් මේ කතාව ලියන්නේ ලංකාවේ පුවත්පතක කතුවරයෙක්. ඉතින් මේ ලියන්නේ අගේට... කොහෙද? දැන් කවුද නලින්ව පාලනය කරලා මේවා ලියන්න එපා කියන්නේ? අහ්‍යන්තර බලවේග බයිලා නැතුව කෙලින් කියන්න.. මොනවද ඒ කාන්තා සංවිධාන.. කවුද ඒවගේ නායකයෝ... ඒ අය මොනවද කරලා තියෙන්නේ? අන්න එහෙම පැහැදිලිව එන්න. නැත්නම් යකා ඔයාගේ මේ පට්ට පෞරාණික, "බැලුවත් හිරේ යන නීති" ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවක් කියන්න. අපිත් මිනිස්සු ආශ්‍රය කරනවා, නමුත් ඔයා කියන ඔය මහා භයානක ස්ත්‍රීවාදය නම් මට කොහේදිවත් හම්බවෙලා නැහැ. මේක තරුණියක් දූෂණය වුණාම, ඒ ඇය අඳන් ගිය ඇඳුම නිසා කියන ගෑණුත් ඉන්න රටක්. සාරුවාල දූෂණය කරපු ගෑනු ගණන අනුව පාටි දාපු රටක්. ඒ සාරුවාල වෙනුවෙන් බෝධිපූජා තියන රටක්.

      මේ කතාව උදාහරණෙට ගන්න.

      1. දැන් පද්මා අනාචාරයේ යන්නේ ස්ත්‍රීවාදය හරි කාන්තා සංවිධාන හරි නිසා ද? ලෝකෙ ඊට කලින් ගැහැණු අනාචාරයේ ගියේ නැද්ද? නාචාරයේ යන වැඩි දෙනා යන්නේ තව පිරිමියෙක් එක්ක මිසක් ගෑණියෙක් එක්ක නෙමෙයිනෙ. ඉතිං එතකොට අනාචාරයක් උණාම එතන බොහෝවිට ගෑණියෙකුයි පිරිමියෙකුයි දෙන්නෙක් ඉන්නවා.

      2. තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් පලිගැනීමේ චේතනාවෙන් සිටින බිරිඳක්, මේ කාන්තා සංවිධාන, ස්ත්‍රීවාද නැත්නම් නිකම් ඉන්නවද? යකාගෙම කතාව අනුව පලමු අදහස මරා දැමීමයි. ඒ ස්ත්‍රී සංවිධාන වලින් තොරව ගහපු ප්ලෑන. කවුද දැන් මිනීමැරුම සිද්ධ කරන්නේ? බොහෝ විට අනියම් පෙම්වතා, හරි වෙන පිරිමියෙකු හරි නේද? එතැනදි සැමියා මැරිලා තව පිරිමියෙක් බොහෝ විට හිරේ යන්න ඉඩ තියනවා. අනුබල දීම කියන එකට මිනීමැරීමට තරම් ලොකු දඬුවමක් ලැබෙන්නේ නෑ. දැන් කාන්තාව සංවිධාන නොතිබ්බා කියලා සැමියාට, අනියම් සැමියාට (පිරිමි ) හොඳක් වෙලා තියනවද?

      3. ඒ වගේම සැමියාගෙන් පලිගැනීමට සිතා සිටින බිරිඳකට, නීතියේ මෙවන් තැන් පෙන්වීමට (එහෙම නීති තියනවා නම්) කාන්තා සංවිධානම ඕනෙද? ස්ත්‍රීවාදීන්ම ඕනෙද? මෙහෙම නීතියක් තියනවා නම් නීති ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට ඒ උපදේශය ලබා දෙන්න පුලුවන්නේ.

      4. චෝදනා කරපු පමණින්, ඔප්පු වෙනවා කියා කියන්නේ කොහොමද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ වැරදිකරු බවට ඔප්පු කරන තුරු නිවැරදිකරු කියන මූලික උපකල්පනය මත. ළමයෙක් අපචාරය වී ඇතිදැයි පරීක්ෂා කල හැකියි. මේ කතාවේ කියනවෙන පරිදි, අසල්වැසියන්, රැකියා ස්ථානයෙන්, කරුණු සෙවිය හැකියි.

      5. ඕනෑම බොරු චෝදනාවකට ලක්වූ කෙනෙකුට ඇතිවන මානසික තත්වයක් පියතිලකට ඇතිවෙන්නේ... ගී ද මෝපසං ගේ 'නූල් කෑල්ල' කෙටි කතාව මතකද? අවාසනාවන්ත තත්වයක් තමයි. බොරු චෝදනා කියන ඒවා මේ ස්ත්‍රී සංවිධාන වලින් පමණක් මතු වෙන ඒවද? ස්ත්‍රීවාදය නිසා පමනක් මතුවෙන දේවල් ද? දැන් අය කුඩු චෝදනාවකට අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරියා කියන්නෙත් බොරු චෝදනාවක් කියලා. මේ වගේ බොරු චෝදනා කරන අය කොච්චර ඉන්නවද? තමන්වම ගස් බැඳගත් සමෘධි නිලධාරියා, පහුගිය කාලයේ නිදන් හොරුන්, සුදු වෑන් කරුවන් ඇල්ලූ පොලිස් නිලධාරීන්ට මොකද උණේ?

      ගැහැණු සහ පිරිමි පොදුවේ ගත්කල එකසේ වැරදි කරනවා. මේ සියළුම දේවල් වලට මූලික වෙලා තියෙන්නේ අපි අවුරුදු සියදහස් ගණනක් තිස්සේ දැකපු කාමයේ වරදවා හැසිරීම. ඒ මත ගොඩ නැගුණු පළිගැනීමේ චේතනාව. ස්ත්‍රීවාද හෝ කාන්තා සංවිධාන නැති වුණා කියලා මේ ගෑණු මිනිස්සු පවුල් කන්නේ නෑ හරියට. මේ කියන කතා ඇත්ත කියලා හිතුවොත් කාන්තා සංවිධාන වල දායකත්වය පලිගැනීමට දැනට නීති පද්ධතියේ ඇති දුර්වල තාවයක් සොයා දීම (එහෙම තියනවා නම්). ඕනෑම නීතියක් දුර්වල නම් ඒවායෙන් රිංගා යන්න මිනිසුන් ටික කලකින් පුරුදු වෙනවා. ඒකට ස්ත්‍රීවාදයවත් කාන්තා සංවිධානවත් ඕනෙ නෑ. එහෙම නීති තියනවා නම්, කල යුත්තේ නීති වල තියෙන ඒ හිඩැස් වසා ගැනීම වෙනුවෙන් හඬ නැගීම මිසක්, හිඩැස පෙන්වා දෙන කෙනා විවේචනය කර කර ඉඳීම නෙමෙයි. අද කාන්තා සංවිධානයකින් පෙන්වන ඔය හිඩැස හෙට වෙන කවුරුහරි පෙන්වන්න පුළුවන්. බඩේ අමාරුවට බෙහෙත් නොකර හිරට අමුඩේ ගහනවා කියන්නේ ඕකට තමයි.

      කාන්තාවක් තමන්ව පාලනය කරන්න එයි කියලා බය වෙලා නිකං මර බයේ අනේ අපි බැලුවත් හිරේ යන්න පුළුවන් වගේ මෝඩ කතා නොකියා, වැරද්ද තියන තැන හොයාගන්න. ස්ත්‍රීවාදය, කාන්තා සංවිධාන ගැන ඔබ ඇති කරන 'සීතාම්බර සළු' බිය ඇඳගෙන යද්දි ඇත්තටම ඉන්නේ හෙලුවෙන් බව මතක තියාගන්න.

      Delete
  11. මේ සිද්ධිය ඇත්තෙන්ම තිගස්සෙන් සුළුයි. නමුත් මේ හම දෙකින්ම අවසානයේ පීඩනයට පත් වෙන්නේ දරුවන් . ඒ දරුවන් වැඩිහිටියන් වූ දවසට ලෝකය කෙසේ වෙයිද ?

    ReplyDelete
  12. මට නම් මේ කතා කියෙව්වහම දැන් හිතෙන්නේ මුළු ගෑනු සංහතියම පිළිකුල් කරන්න ඕනේ, උන් ඔක්කොම අර නාසි ගෑස් ආදහානාගාර වගේ තැන් වලට ගාල් කරලා මරලා දන්න ඕනේ කියලා. දැන් මම වැඩ කරන තැන ගෑණු ඉන්නවා. එකට වැඩ කරන්නත් සිද්ධ වෙනවා. දැන් උන් කොයි වෙලේ හරි කිව්වොත් මම දූෂණය කරන්න තැත් කලා ලිංගික හිරිහැර කලා කියලා මම ගස්නේ. නැත්නම් මම මානසික ලෙඩෙක් වෙයි. ගෑනිවයි පොඩි කෙල්ලවයි යවන්නත් ඕනේ... කාන්තා සංවිධාන වල කතා අහලා ගෑනි මොනවා කියයි ද? පොඩි කෙල්ල කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා කාන්තා සංවිධාන ඇවිත් කෙල්ලට මොනවා උගන්නයිද? අහල පහල ගෙවල් වල ගෑණුත් විස්වාස නෑ... හදිස්සියකට බඩුවක් ඉල්ලගන්න ගිය වෙලාවක මම ලිංගික බලපෑම් කලා කියලා කිව්වොත්? අහ්හ් බස් වල කෝච්චි වල යන ගෑනු... වැඩේ හරි යන්නේ නෑ, ඔක්කොම ටික යවන්න ඕනේ... ගණිකාවෝ ටික තියාගන්නවද කියලා මම කල්පනා කලේ.. උන්ට උණත් ඔය කාන්තා සංවිධාන අලුත් කතා උගන්නලා අපිව උගුලට අහුකරගන්න බැරි නෑ... උණුත් යවන්න ඕනේ...

    කොහොමත් ඔය ගෑණු ජාතිය මහ වනචර ජාතියක්... උන්ට එක මිනිහෙක්ගෙන් සතුටු වෙන්න බෑ... දැන් අලුත් ට්‍රේඩ් එක ගෑනු ගෑනු සෙට් වෙන එක.. ඒ නිසා උන් අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. අනික උන් මහම මහ මෝඩයි. කාන්තා වංවිධාන වලින් අවිත් උගන්නලා යන එවා ඉස් මුදුනේ තියලා පිළිගන්නවා. ලේසියෙන් අන්දන්න පුළුවන්. හිතන්න මොලයක් ඇත්තෙම නෑ.

    හිට්ලර්ට විතරයිනේ ඇත්තට මේක හරියට තේරුණේ.. ඌ ඉස්සෙල්ලම කලේ ගෑනු ටික වෙනම අරගෙන ගෑස් දාලා මරපු එක. තියාගත්තේ වැඩ ගන්න පුළුවන් ටික විතරයි. උනුත් දුර්වල වෙනකොට ගෑස් ගහලා මැරුවා. අපේ ගමේ පිරිමි කීයක් මළාද ගෑනිගෙ වෙන සම්බන්ධ හින්දා... හැබැ‍යි මේ අලුත් සීන් එක නිසා පිරිමියව මරන්නේ නෑ... බොරු චෝදනා වලට හිරේ යවනවා විතරයි. අර එක යකෙක් කියපු කතාවෙත් තිබ්බේ, මුලින්ම මරන්න ප්ලෑන් කරලා පස්සේ මේ කාන්තා සංවිධාන වල අලුත් සොයාගැනීම නිසා බොරුවට හිරේ යවනවා... ඉවාන්ගෙ කතාවෙත් තිබ්බේ එහෙමනේ... යකෝ බලං ගියාම කාන්තා සංවිධාන නරකම නෑනේ... ඉස්සර නං කෙලින්ම මැරුවා, දැන් ඉතිං නොමැරී හිරේ ගිහිං බේරෙන්න පුලුවන්.

    යකෝ... මටත් තියෙන්නේ හිරේ යන්න... මුලින් ගිය තරමට පොඩ්ඩක් රැස්පට් එකේ ඉන්න පුළුවන්නේ... ඔව් මාත් ලඟම පොලිසියට ගිහින් ඇරෙස්ට් වෙනවා... ගෑණුන්ට ගෑස් ගහලා මරලා මට පව් පුරෝගන්න සිද්ධ වෙන්නෙත් නෑ, මට මැරෙන්න සිද්ධ වෙන්නෙත් නෑ... හිරේට වෙලා ආතල් එකේ ඉන්නවා.... ආතල් ඕයි....

    ReplyDelete
    Replies
    1. ඔබට පුද්ගලිකව ස්ත්‍රීවාදීන්ගෙ ප්‍රශ්නයක් නැතිව ඇති .අපටත් නෑ.නමුත් ඔවුන් පොදුවේ සමාජයට කරන හානිය අපට තේරෙනවා.පහුගිය සතියට දෙකට බ්ලොග් කීපයකම තිබුන මීට සම්බන්ධ ලිපි මම කියෙව්වා.සමහර පිරිමි ඉන්නවා ස්වභාවයෙන්ම ස්ත්‍රීන්ට කීකරු අය.ඒක පොදුවේ බලන කොට අස්වාභාවික වුනත් ඒ කාන්ඩයෙ පිරිමි ස්ත්‍රීවාදයට කැමතියි.තවත් සමලිංගික වගේ සම්මටයෙන් පිට පනින ලිංගිකත්වයන් තිබෙන අයත් ස්ත්‍රීවාදයට කැමතියි.මොකද ස්ත්‍රීවාදීන් සමාජ බැරියර බිදින නිසා.තමන්ටත් ප්‍රයෝජනයක් වෙන නිසා.ඒ කතා තිසරට අදාල නෑ.

      මට හිතෙන හැටියට තිසර වගෙ කෙනෙක් තමන්ට ආදරණීය භාර්යාවක් ඉන්න නිසාත් තමන්ට ඇය විශ්වාස නිසාත් ස්ත්‍රීවාදයෙන් ප්‍රශ්නයක් නෑ කියල හිතනව ඇති.ඒ වගේම තමන්ට ඉන්නෙ දුවෙක් නිසාත් ස්ත්‍රීවාදීන්ගෙ නීති වගෙ දෙවල් වලිනුත් අනාගතයෙ කවදාවත්ම ප්‍රශ්නයක් නෑ කියලත් හිතනව ඇති.

      නමුත් ස්ත්‍රීවාදය නිසා පිරිමියෙකුට තමන්ගෙ දේපල අහිමිවීමේ අවදානමක් තිබෙනව.ඊට අදාල නීති සැදීම ත් ස්ත්‍රීවාදීන්ගෙ අනාගත සැලැස්මේ අංගයක්.ඒ අව්ගේම ස්ත්‍රීවාදීන් නිසා නීතිමය හා සමාජමය වශයෙන් පීඩාවට පත් වෙලා ඒ ගැන කියාගන්න ක්‍රමයක් නැතිව සිටින ලක්ෂ ගනනක් ගැන තිසරට හිතන්න උවමනාවක් නැතිව ඇති.ඇත්තටම මටත් මේ ගැන කතා ලියනවනම් අපේ ගමේ පමනක් සිදුවූ කතා විස්සක් තිහක් ලියන්නපුළුවන්.ඒව මම ලියන්නෙ නෑ.නමුත් මේව පිටුපස තිබෙන මූල්‍ය සංසරනය වගෙ දේවල් ගැන කතා කරන එක වටිනව.මොකද මෙතන මානව සංස්කෘතිය විනාශ කරල අස්වාභාවික රුචිකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අසාමාන්‍ය න්‍යායපත්‍රයක් තිබෙන නිසා.

      මම අහල තිබෙනව බටහිර රටවල ස්ත්‍රීවාදීන් ස්වාභාවික ලිංගික චර්යාවට ,මවුකිරිදීමට අව්ගෙ දේවල් වලට තමයි විරුද්ධ වෙන්නෙ.

      තිසර බලන්න සිරස ප්‍රධානව මාධ්‍ය වල යන ටෙලිනාට්‍ය.මේ හැම එකකම පිරිමිය දුර්වල,මෝඩ දුෂ්ටයෙක් ලෙසයි නිරූපනය කරන්නෙ.ඒව නිකම්ම සිද්ධ වෙන දේවල්ද? පවුලෙ ගෘහමූලිකය පොන්න ටයිප් එකට අරන්.කොහොමද අපේ පවුල් සංස්ථාව ඉදිරියට ගෙනියන්නෙ.

      Delete
  13. ඇයි කාටවත් මේවාට පිළිතුරක් සොයන්න බැරි

    ReplyDelete
  14. කතාව හොඳයි නලින්,කියන්න දෙයක් නං නෑ ඔක්කොම වගේ ඉහලින් කියවිලා.

    ReplyDelete
  15. නලීන්
    ඉවාන් කිව්වා වගේ තවමත් අපේ රටේ පවුල් සස්ථාව මේ තරමින් හෝ රැකිලා තිබෙන්නේ මේ රටේ තිබුන සදාචාරාත්මක රීති පද්ධතිම නිසා..හණමිටිය කරේ තියාගෙන යන්න අවශ්‍ය නෑ .නමුත් පැරණියි කියල හැමදේම අහක දැමීමත් මෝඩ කමක්..අලුත් ප්‍රවණතාවක් මං දැකලා තියනව සල්ලි තියනවනං අපිට මිනිස්සු ඕන නෑ කාටවත් යටත් නොවී ඉන්න පුලුවං කියන . බය නැතුව කියනවා ඉතාලියෙ ශ්‍රී ලාංකික වැඩිහිටි කාන්තාවන්ගෙන් 80% එහෙමයි..
    වැරැද්දක් නෑ ඒක තමුන්ගෙ කැමත්ත.ප්‍රශ්නෙ ඕක හොඳට පවුල් කන ගෑනුන්ගෙත් ඔලුවට දාන එක..පරමාදර්ශී පවුල් ජීවිත ගත කරන සාධු චරිත වලට නං ඔය කතන්දරය ගානක් නැති වෙන්න පුලුවන් .නමුත් අපි වගේ පෘතග්ජන දාහක් ප්‍රශ්න අස්සෙ පවුල් ජීවිතේ රස්සාව යාලුමිත්‍ර කම් බේරගෙන දෙයියනේ කියල ජීවිතේ ගැටගහගන්න මිනිස්සුනට ඕකත් ප්‍රශ්නයක් තමා.. කාන්තාව පහත් කොට සැලකීම හෝ බ‍ය කරගෙන පවුල් කෑම ට මමත් උපරිමයෙන් විරුද්ධයි ..නමුත් මේ යන්නේ වෙනම අම්මට $%&* කතන්දරයක් !!!

    ReplyDelete
    Replies
    1. 80%ක් විතර කාන්තාවන් ඒ තත්වයට පත්වෙලා නම් ශෝචනීයයි.ඇත්තටම කාන්තා සංවිධාන වල අවශ්‍යතාවය එයයි.සමාජය වනසන කද පනුවන් සේ ඔවුන් කරන්නේ එයයි.මේ රටත් විනාශ කරමින් වැඩ මුළු පවත්වමින් ඔවුන් තම විනාශකාරී වැඩ කරමින් ඉන්නවා.

      Delete
  16. ම්ම්..... වෙනස් කතාවක්. ඔහොම සිද්ධි ත් සැබෑවටම නැතුවා නොවේ.

    ReplyDelete
  17. කාන්තා සංවිධාන ආදිය මා දන්නා තරමටම එක් ප්‍රෙද්ශයක් නියොජනය කිරීමක් වගේ මොකද තවම ඔය දේ ග්‍රාමීය ප්‍රෙද්ශවලට ගිහින් නැතුව ඇති. නමුත් ඒ පැති වලට වෙනත් සංවිධාන නම් යනවා මං මේ අදහස් කලේ ණය ලබාදෙන ආයතන, බඩු භාණ්ඩ සහනදායි මිලට ලබා දෙන ආයතන වැනි දේ. නමුත් මම තාම අහල නෑ ඔය වගේ සංවිධානයක් වන්නියට ඇවිත් ද යන්න

    ReplyDelete
    Replies
    1. බොහෝ විට න්‍යායාතමකව විනාශකාරී අදහස් දරණ සංවිධාන තිබෙන්නේ කොළඹ ආශ්‍රිතවයි.ඔවුන් ගම් වල තිබෙන ණය දෙන ආයතන වල සමාජිකාවන්ට වැඩ මුළු ආදියට යැයි කියමින් ආරාධනා කෙරෙනවා.ඔවුන් එම ඡායාරූප සුද්දන්ට දෙන්නේ ම්ලේච්ඡයන් ශිෂ්ට කරනවා කියනවා වාගෙයි.නමුත් වන්නියේ බලහත්කාර ගබ්සා හා උපත්පාලන වැඩසටහන් ස්ත්‍රීවාදීන් කරගෙන යනවා නේද?

      Delete
  18. බොහෝ දුරට මෙවැනි සංවිධාන තරමක් දියුණු ප්‍රෙද්ශවල ඇති බව මගේ හැගීමයි . මොකද ඒ ප්‍රෙද්ශවල ගෑනුන්ට වෙනත් වැඩක් නෑ. ඒකත් මං කියන්නෙ මේ නිමි ඇදුම් ක්ෂේත්‍රෙය් වැඩ කරන කාන්තාවන් වගේ උදවිය නොවේ. මොකද වැඩ කරල කරල උන්ට ඕව අහන්න වෙලාවක් නැතුව ඇති.අර පොඩි එකා ඉස්කෝලෙ ඇරල , නැත ඉස්කෝලෙ ඉවරවෙනකම් පාරවල් ගානෙ රස්තියාදු වෙන ගෑනු ඉන්නෙ අන්න ඒ අය

    ReplyDelete
  19. සමහර පුද්ගලයින් ඉන්නවාත ඒ අයගේ පළිගැනීමේ ඡේතනාව ඉතාම දරුණුයි.එහෙම වෙන්නෙ බොහොදුරට ඒ අය සමාජය පිළිනොගන්නා තරම් තත්ත්වයේ පහත් වැඩක් යැයි සම්මත දෙයක් කලාමයි. ඒ කෙන් බේරෙන්න ඒ අය නොකරනා දෙයක් නෑ.තමන්ගෙ අසරණ දුවා දරුවන් පවා පාවා දෙන මට්ටමක් පවතිනව. ඒක හරිම සෝචනීය තත්ත්වයක්.මේකට පළමුවෙන්ම වෙඩිල්ල පත්තු කරන්නෙ ප්‍රථමයෙන්ම වැරැද්ද කරපු කෙනා.ඔහු හෝ ඇය වීම විය හැකියි.මේකේ චොදනාව ගැහැණියට පමණක් එල්ල කලයුතු නෑ. බොහෝ අය එක් පැත්තක් ගෙන ලියනවාය කියනවාය. ඒ හැටිය .(මේ ලියන මාද එසේමය) මෙන්ම මගේ මතයද එයය.බොහෝ අයට මධ්‍යස්ථව සිතන්ට මෙන්ම ලියන්ටද කියන්ටද නොහැකිය.එක් පැත්තක් ගෙන හැම දේම කරයි. එයද අප සැමට පොදුය.

    ඒ කෙසේ නමුදු ඔබේ කතාව මගේ සිත් ගත්තේය.එක දිගට කියවාගෙන යාමට මා හට හැකියාව ලැබුණි. එය නීරස නම් පලමු වෙනි ඡේදයේදීම කියැවීම නතරවනු ඇත.ඔබේ කතාවේ කතා නායකයා පිරිමියෙකි. ඔහුට මහත් වූ පෙෘරශත්වයත් තිබුණු බව ඔබ පෙන්නුම් කරයි.ඒ මන්ද යත් වසර හයක් තිස්සේ හුදකලාව රාත්‍රිය ගතකල බව පවසා තිබුණී.ඔහුට ඊට කලින් මානසික ලෙඩක් නොසෑදීම පුදුමයකි. වෙනත් අයෙකු නම් එසේ වී හමාරයි. (ඒ ඔහු හොද පියෙකු නිසාය) (වෙනකෙකු නම් වෙනතක් බලා ගෙනය)

    ReplyDelete
  20. මේ කෙහෙල්මලට මොකද්දෝ වෙලා නලින් අයි

    ReplyDelete
  21. //ස්ත්‍රීවාදයට මුවා වි එන මේ ව්‍යසනයටයි මගේ ඇති අපුල...//+++ මම හිතන්නෙ ඔය හූ කියන කවුරුත් ස්ත්‍රීවාදය කියන්නෙ මොකද්ද කියල හරියට අඳුනගෙන නෑ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද අනේ ස්ත්‍රීවාදය කියන්නෙ ඔයා දන්නවනම් කියල දෙන්නකො

      Delete
  22. ඔව් මෙහෙම කතා නැති වෙන්න බැරි නැහැ,මේක දැන් විපරිත වෙච්ච සමාජයක්.

    ReplyDelete
  23. ස්ත්‍රීවාදය කියන්නෙ ස්ත්‍රිය කායික හා මානසිකව පුරුෂයෙක් කිරීම.60 දශකයෙදී ස්ත්‍රීවාදීන් ඇන්දෙ පැළැන්දෙත් පිරිමි වගේ.දරුවන් ලැබීම හා ස්වාභාවික ලිංගික සම්බන්ධතා ප්‍රතික්ෂේප කළා.එදා ස්ත්‍රීවාදී රැල්ලත් එක්ක බොහෝ ගැබිණි කාන්තාවන් ගබ්සා කර ගත්තා.ඔවුන් එදා සැලකුනේ වීරවරියන් ලෙස.නමුත් අද ඔවුන් පාපොච්චාරනය කරනවා ඔවුන්ගෙ ජීවිත කාලකන්නි වූ බව පාවසමින්.එබදු කතා නෙට් එකේ තිබෙනවා.

    60,70 දශකයේ බ්‍රා බර්නින් ෆෙමිනිස්ම් ලෙස හැදින්වූවේ මෙයයි.80 න් පසු ස්ත්‍රී පුරුෂ සමාජභාවය නමින් වෙස් මාරු කරගෙන ස්ත්‍රීවාදය ගෙන ආවා.පුරුෂ විරෝධී නොවී ස්ත්‍රීවාදී වෙන්න බෑ.මෙහිදී ස්ත්‍රියගේ අනෙකා ,තරඟකරු,ප්‍රතිවාදියා පිරිමියායි.මෙය ඉතා භයානකයි.බටහිර ලෙඔකය ක්ඩා වැටී තිබෙන්නේ ස්ත්‍රීවාදය නිසයි.දරුවන් නොලබන 60,70 දශකයේ වීරවරිය වෙනුවට දරුවන්ට කිරි නොදෙන දරුවන් නොසළකන වීරවරිය යන්න ස්ත්‍රීවාදී සටන්පාඨය ලෙස වෙනස් වුනත් සමාජ හානියේ වෙන්සක් නෑ.

    කාන්තාව පවුලේ වගකීම් වලින් සම්පූර්නයෙන්ම ඉවත් කිරීමත්,මව සහ දරුවා අතර සම්බන්ධය බිද දැමීමත් ස්ත්‍රීවාදය ලෙස හදුනා ගත හැකියි.මෙසේ පැහැදිලි කළේ ස්ත්‍රීවාදය කුමක්ද යන්න සමහරුන්ට ප්‍රශ්නයක් නිසයි.පිරිමි දරුවන්ට පමනක් විරුද්ධ වීම,වෙනස්කම් කිරීම වැනි විවිධ ස්ත්‍රීවාදී නිකායන් තිබෙනවා.ඒත් ප්‍රධාන ධාරාව ගැනයි මා කීවේ.

    ReplyDelete
  24. අම්මයි තාත්තයි ඔය විදිහට රණ්ඩුවෙන එක අර දරුවො දෙන්නට මොන තරම් මානසික පීඩනයක් ගේනවද? අන්තිමට කාගෙන්වත් ආදරයක් රැකවරණයක් නැතුව ඒ දරුවො අසරණ වෙනවා

    ReplyDelete
  25. ගැනු පිරිමි හැමොම අතරෙ හොද නොහොද දෙකම තියෙනව.හැබැයි ගැහැනියට මෙ සමජයෙන් ලැබෙන අනුකම්පාව ඉතාම කැත විදියට භාවිත කරන අවස්ථා බොහොමයි.අර පොලිස් ප්‍රකාසකත් මිනිහෙක් පැහැරගෙන යාම ගැන කිවුවෙ එවගෙ කතාවක් විස්වාස කරන්න බැ නෙද කියල.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි පිරිමියෙක් පොලීසියට ගිහින් පැමිනිල්ලක් කළොත් වෙන දේ හිතා ගන්න පුළුවන් නේද? ඒ වාගෙම පිරිමියෙකුට විරුද්ධව පැමිනිල්ලක් ආවොත් ඒකටත් වෙන දේ හිතා ගන්න පුළුවන් නේද? ගෑනියෙක් මිනිහෙකුට ගැහුවොත් ඒක විස්වාස කරන්න අමාරුයි. එහෙම නැත්නම් වීරකමක්.

      Delete
  26. සිරි ලංකාවේ හෙළ බොදු උත්තර සමාජයට පිළිලයක් වෙමින් වැඩෙමින් පවතින "ස්ත්‍රීවාදය" නම් වූ බටහිර ක්‍රිස්තියානි මර උගුල නිසා සිදුවුණු තවත් ශෝචනීය කතාවක් මෙන්න, අන්සතු දිනපොත බ්ලොග‍යෙන්.

    http://ansathudinapotha.blogspot.com.au/2014/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීවාදය බටහිර ක්‍රිස්තියානි මර උගුලක් කියල කියන්නෙ කවුද කකා? අනික හෙළ බොදු කතාවකුත් මෙතන නෑනෙ.සමහරු කෝකටත් තෛලෙ වගෙ සිංහල බෞද්ධ මුවහමට තලනවා.ස්ත්‍රීවාදය කතෝලික සමාජයටත් හානියක්.ගබ්සාව නීතිගතකිරීමට මුට්ටිය දාපු වෙලේ විරුද්ධ වුනේ අතිගරු කාදිනල් තුමානෙ.

      මම ඔය ලින්ක් එකට ගියා .ඒ සිද්ධිය බුද්ධාගමේ වැරද්දක් නොවෙයි.ඔය කතාවෙ ඉන්න තාත්ත වගෙ අය තමයි ස්ත්‍රීවාදීන්ට ඕනම කරන අය.තමන්ගෙ ගෑනි ගෙන් හම්බකරගෙන කන්න රට යවල.තමන්ගෙ වගකීම් පැහැර හැරල.ඒ මදිවට දුවත් විකුනනවා.මේ වගෙ පවුල්වලට රිංගන්න ස්ත්‍රීවාදීන් ට ලේසියි.

      ස්ත්‍රීවාදීන් ස්ටන්කරන්නෙ ඒ වගේම ඒ අය විරුද්ධ වෙන්නෙ මේ කතාවෙ ඉන්න සැමියට නොවෙයි.තමන්ගෙ වගකීම් නිසිස් ලෙස ඉටුකරන පිරිමින්ට.ඒ අයටත් පුරුෂාධිපත්‍ය කියල කියන්නෙ.
      ඒ කියන්නෙ මේ උදාහරනෙ මේකට ගැලපෙන්නෙ නෑ.මේ කතාව ලියන්නෙ තිබුනෙ ස්ත්‍රීවාදයට විරුද්ධ කෙනෙක්.සම්ප්‍රදායික වගකීම් පැහැර හැරි සැමියෙක් ගැනනෙ.

      Delete
    2. යකෝ,

      මං ඔය උඩ තියෙන කමෙන්ටුවම ඔබේ බ්ලොග් 'අඩවියේ' දැම්මා. ඔබ එය මැකුවා.

      හේතුව ලෙස කියන්නේ එයින් බුද්ධාගමට අපහාසයක් වෙනවාලු.

      ඒ එක්කම වැරදි අදහසක් ඇතිකරනවාලු.

      1. මෙයින් බුද්ධාගමට වෙන අඔඅහාසය කුමක්ද?
      2. ඔබ සාකැසම්, උත්ප්‍රාසය, සරදම් බස දන්නවාද?

      කැමති නම් පිළිතුරු දෙන්න.

      Delete
  27. කිසිම මාධ්‍යයක මීවගෙ කතා පළ කරන්නෙ නෑ.ප්‍රාදේශීය මාධ්‍ය වේදියෙක් මේ වගෙ කතාවක් වාර්තා කළොත් අපෝ ජෙන්ඩර් වලට විරුද්ධයිනෙ කියල ආයතනෙන් ප්‍රතික්ෂේප වෙනවා.ඒ අනුව මාධ්‍ය වල පෙන්වන්නෙ පුරුෂයා පීඩකය ඊට එරෙහිව කාන්තාව අරගල කරල සමාජ ව්‍යුහයම බිද දමන්න ඕන කියන අදහස එන කතා විතරයි.මේකයි ඇත්ත වාරණය.මව සහ දරුවා අතර සම්බන්ධෙ බිදින්න,කාන්තාව නිවසේ වගකීම් වලින් 100 % ක්ම ඉවත් කරන්න අවශ්‍ය කතා තමයි මාධ්‍ය වල යන්නෙ.මේ තත්වය සංවිධානාතමකව වෙන දෙයක්.රට මෙහෙම බේරිලා තිබෙන්නෙ ආගමික බලපෑම නිසා.මෙතන ආගමික කියන්නෙ බෞද්ධ,කතෝලික,මුස්ලිම්,හින්දු ඔක්කොම.නමුත් අප්‍රිකාවෙ ස්ත්‍රීවාදී එන් ජී ඕ යකා නටනව.අප්‍රිකාවෙ මුස්ලිම් නොවන මධ්‍යම හා දකුණු ප්‍රදේශ වල.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT