samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සතුට ඇතිවන්නේ අප කරන කියන දේ තුළ ය. හිතේ කුකුසෙන් වුව ලියන ලද පසු ගිය ලිපිය බොහෝ දෙනකුට ප්‍රයෝජනවත් වූ බැව් මසිතට ඇති කළේ සතුටකි. එකී ලිපියෙන් මා පෙන්වා දුන්නේ ගූගල් සේවාව මගින් අපට ලබා දුන් සේවාවක් පිළිබඳවයි. ඒ භාෂා පරිවර්තන පිළිබඳව ය. 


images+(2)


එතැන අපේ භාෂාව වූ සිංහල ය පරිවර්තනය සිදු නොවේ. එනමුත් සිංහල පරිවර්තකයක් ද මේ වන විට ගූගල් අත්හදා බලමින් සිටියි. ඒ වෙනුවෙන් දර දිය අදින අපේ විද්වතුන්ට ද අපේ උපහාරය හිමි විය යුතු මය.
පරිපූර්ණ පරිවර්ථනයක් සිදු නොවුවද මේ වන විට අත්හදා බැලෙමින් පවතින ඒ උපාංගය ගැන දැනුම්වත් කිරීමය මේ කෙටි සටහනේ අරමුණ. 

මෙය දැනට ගූගල් ඇප් එකක් ලෙසින් අපට භාවිතයට ගත හැකිය. ඉංගිරිසි වදනක් ළග අප කර්සරය තබන විට එහි සිංහල අරුත මේ උපාංගය මගින් අපට ලබා දෙයි. මේ සේවාව ලබා ගත හැක්කේ ගූගල් ක්‍රෝම් හරහා පමණි.
දැන් අප බලමු එය කරගන්නා ආකාරය. පළමුව ගූගල් ක්‍රරෝම් විවෘත කර ගෙන එහි මෙනුවේ සෙටින්ග්ස් (settings) වෙත යන්න. ඉන් පසු එහි එක්ස්ටෙන්ෂන් (extensions)වෙත ගොස් එය ක්ලික් කරන්න. එය විවෘත කළ පසු එන පිටුවේ අඩියේම ඒ වන විට එන Get more extensions යළි ක්ලික් කරන්න.
Capture+4

 එහි පහත සඳහන් ස්ථානයේ මෙන්න මේ වදන ( LKTips) යන්න මේ මේ විදියට ම කොටන්න.  එසේ කොට එන්ටර් බොත්තම ඔබන්න.


Capture5



Capture3

එවිට මේ ආකාරයේ දසුනක් ලැබේවි.


Capture2

දැන් එය පරිගණකයට ඇතුළත් කරගන්න. එපමණයි. 

ඉන්පසු සියල්ල අවසානයේ ක්‍රෝම් වින්ඩොවෙන් ඉවත්ව යළි එය විවෘත කරන්න දැන් ඔබේ තිරයේ දිස්වන ඉංගිරිසි වදනක් මත කර්සරය තබන්න එහි සිංහල අරුත ඔබට පෙනෙන්නට පටන් ගනිවි මේ විදියට.
gu

මෙය ඔබ දැනටමත් දන්නා දෙයක් වන්නට හැකිය. කමා වෙත්වා මෙය කෙටුවේ නොදන්නා අයගේ හිත සුව පිණිසය.

මේ ගැන නොදන්නා අය ඉන්න හැකියි ඒ අය වෙනුවෙන් හැකිතාක් ෂෙයා කරන්න මිතුරනි.

මේ ලිපිය දමා පැය කීපයකින්ම එහි වැරදි තැන් කීපයක්ම නිවැරදි කළා තිදෙනෙක්. ඔවුන් හරි . 
මචෝ මං තාක්ෂණය දන්න එකෙක් නොවේ. උඹලා කියන එක හරි ඇති. මෙය මං දාගත්තෙත් මිතුරෙකු ගේ මාර්ගයෙන්. එය මෙතැන දැම්මේ නොදන්න එවුන් වෙනුවෙන් මෙහෙම එකක් තියනවා කියන්නයි.. උඹලගේ අදහස්වලට තුති. තව ඔබ සැම දන්නා තොරතුරුත් මෙතැනට එක්කරන්න. දැන් මා ඔබ කී ලෙස මාතෘකාවද නිවැරදි කළා. වරද පෙන්වාදීම ගැන තුති.



55 comments:

  1. DSC00022

    නලින් මම දන්නා විදිහට නම් මේක Google ලගේ වැඩක් නෙවේ. මේක මුලදී හැදුවේ Firefox ඇඩෝනයක් විදිහට. ඒ කාලේ මේක Firefox වල විතරයි වැඩ කරේ පස්සේ තමයි chrome වලට ආවේ. මම නම් මේක පාවිච්චි කරන්නේ දැන් ගොඩ කාලෙකට කලින් ඉඳලා. මුල් සංස්කරණේ ඉඳන් මම ගත්තේ මෙතැනින්
    http://lionlk.com/news/lktips3

    මේ වගේ ඇඩෝන තවත් කීපයක් තියනවා මගේ හිතේ. නමුත් සරල හා සාර්ථක එක මේක. තවමත් මේක Firefox වලට හොඳින් සහය දක්වනවා chrome වලට විතරක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ස්තුතියි නිශාන්ත...

      Delete
  2. blank

    Meka Google la hadana ekak newey. Lankawe set ekak hadana ekak. Meka translator ekak newey dictionary ekak. Me site ekata gihin balapan http://lionlk.com/lktips

    Deyak danna kalin poddak hoyala balala dammoth thamay honda.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වරද පෙන්නුවට ස්තුතියි... එය නිවැරදි කළා මචෝ....

      Delete
  3. ec0fef13d10e68ee3afd390e9ff50bf1

    Firefox වලට මේ වගේ ඇඩ් ඔන් කිහිපයක්ම තිබුනා.ඉඟිය,ensitip කියන්නෙත් එහෙම ප්ලගින් දෙකක්. මමත් දන්න විදිහට මේක ගූගල් එකෙන් කල දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නුඹටත් ස්තුතියි මිත්‍රයා..

      Delete
  4. blogger_logo_round_35

    මචෝ මං තාක්ෂණය දන්න එකෙක් නොවේ. උඹලා කියන එක හරි ඇති. මෙය මං දැම්මේ නොදන්න එවුන් වෙනුවෙන් මෙහෙම එකක් තියනවා කියන්නයි.. උඹලගේ අදහස්වලට තුති.

    ReplyDelete
  5. blank

    thanks නලින් අයියේ. මේක මාත් කලින් දැකලා තිබ්බා ඒත් අරන් තිබ්බේ නැහැ. අද add කරගත්තා ,ඒ වගේම Extensens වලට ගිය ගමන් තව ටුල් ටිකකුත් ගන්න පුළුවන් වුණා. මොනා උණත් ඔයා දැනගත්ත දේ අනිත් අයත් එක්ක බෙදා ගත්ත එක වටිනවා. ඔබේ සිහිනය සැබෑවෙවා කියලත් පතනවා ගූගල් දෙයියා සිංහල ට්‍රාන්ස්ලේට් කරලා දේවි ,

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැඩක් වුණානම් සතුටුයි. මොකද්ද මගේ සිහිනය..

      Delete
    2. photo

      පුදුම වැඩක්නේ යකෝ මේක එතකොට ඔයාගේ සිහිනය ඔයා දන්නේ නෑ ඔමා දන්නවා .....? හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු.

      Delete
    3. blank

      අපෝ මේ මොකද අනේ,, ඔයා ගොඩක් ආසාවෙන්නේ ඉන්නේ ගුගල් එකට සිංහල ට්‍රාන්ස්ලේටර් එකක් එනවට මං ඒක ගැන කීවේ,, ඔයාගේ වෙන සිහින නම් මන් දන්නේ නැහැ ඉදගෙන

      Delete
    4. blogger_logo_round_35

      @ ඉවාන් ++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. blogger_logo_round_35

    පෝස්ට් එක මාර වටිනවා මේ ගැන නොදැන හිටි අයට..ජාතකේ වැඩක් නෑ.කවුද හැදුවේ කොහෙන්ද ආවේ කියලා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්තටම මේක හදපු අය ගැන මං දැනගන හිටියේ නෑ. දන්නවානං ඒ ගැනත් දානවා.

      Delete
  7. 197344_156019957792520_5855085_n

    වෙලාවකට ඕක මාර ඇණයක් වෙනවා .. කොහේ ගියත් ඕක පෙන්නනවා . එතකොට නම් මල පනිනවා ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මට නං තාම ඇණයක් වුණේ නෑ.. බලමු..

      Delete
  8. 11312781_909946182385043_9158189637692344954_o

    හොයගත්ත එකා Firefox හරි මොන අටමගෙලෙක හරි, ඔය නඟිනවා කියන එක අපිත් දාගන්න හදන්නේ..

    ස්තුති ඇ..

    ReplyDelete
  9. images

    අර කිවත් වගේ ඕක හැදුවේ ලංකාවේ කොල්ලො. google එකෙන් නම් නෙවේ. FF වලට තමා මුලින්ම ආවෙ.
    හැබැයි ඕක දාගන්න එක නම් හොඳ නැහැ. අපි කම්මැලි වෙනවා. දන්නැති වචනයක් මදුරෙන් බලන එක තමා හොඳම ක්‍රමේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ හදපු කොල්ලන් ටික ගැනත් විස්තර දන්නවනං දාන්න මලයා... ස්තුතියි. ඇත්තටම වදනත් දැන ගත්තාම එය මතකයේ තබා ගැන්මයි වැදගත්වන්නේ

      Delete
  10. blogger_logo_round_35

    ඕක නම් නලින් අයියෙ මාත් පවිච්චි කරනව. ෆයර් ෆොක්ස් වලටත් වැඩ. තව තියනව ඉඟිය කියල එකක්. ඒකෙදි සිංහල වචනව වල තේරුම ඉංග්‍රිසියෙනුත් ඉංග්‍රිසි වචන වල තේරුම සිංහලෙනුත් පෙන්වනව. කොහොම වුනත් ස්තුතියි. අපේ සමන් බන්ඩාර මහත්තයත් ඔය ගැන ලිපියක් දාල තිබුන. ලින්ක් එක හොයල දාන්නම්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නොදන්නා කෙනෙකුගෙ ප්‍රයෝජනය උදෙසා..

      LK tips

      ඉඟිය

      Delete
    2. blogger_logo_round_35

      ස්තුතියි චන්දන අපිත් බ්ලොග ලෙඩ වුණාම චැනල් කළේ ඔයාලවනේ. මේ ලිංකු ටිකටත් විස්තරයටත් ස්තුතියි.

      Delete
  11. FB_IMG_1561654098205

    මේකේ තියෙන ඒවා තේරුම් ගන්න බැරි ගොඩ දෙනෙක් මට හම්බ වෙලා තියෙනවා. එවන් අයට මේක බොහෝ සෙයින් උපකාරි වෙයි. එමෙන්ම "බනී" කියා ඇති දේ සමඟත් මම 100% එකඟයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වැදගත්ම දේ මේ හරහා වචනයක තේරුම දැනගත් වහාම එය මතකයේ තබා ගැන්මයි. එසේ නොවුණොත් වන්නේ දැනුම මොට වීම

      Delete
  12. 1620660_540673746066368_1008982561639182722_n

    LK tips

    english to sinhala එසැන පරිවර්තකය,,, ඉංග්‍රීසි වචනේ උඩට ගියාම සිංහල තේරුම පෙන්නනවා... මේක google chrome extention එකක් මේක දැන් firefox වලටත් තියනවා..

    මේකේ භාවිතා වෙන්නේ english to sinhala උනාට ඉඟිය කියන addon එකේ සිංහලත් ඉංග්‍රීසියට හරවල පෙන්වනවා... Google ලගේ product එකක් නෙවෙයි අයියේ... lionlk එකෙන් මේක කරේ...

    ඕක ඉන්ස්ටෝල් කරද්දී සමහර වෙලාවට ඉන්ස්ටෝල් වෙන්නේ නෑ විශේෂයෙන් chrome වලදී... ඒ වගේ වෙලාවට

    LK tips chrome addon එක බාගන්න තැනට ගිහින් එක උද රයිට් ක්ලික් කරලා save as දීලා desktop එක හරි කොහේ හරි වෙන ලොකේෂන් එකක් තෝරලා download කරලා..

    chrome browser එකේ... settin>extention ගිහින් Developer mode කියන එකට tik එක දාල අර download කරගත්තු ෆයිල් එක ඇදලා දාන්න.. ටික වෙලාවකින් බ්‍රවුසරේ පොප් අප් වෙනවා ඉන්ස්ටෝල් කරන්නද කියලා... ;-) ඊට පස්සේ බඩු වැඩ..

    කිසිම ලිපියක් දාන්න මට වෙලාවක් නෑ අයියේ... මේ වගේ දාන එක ගොඩක් වැදගත්.. ජය වේවා//// ^_^

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නියමයි මලයෝ මේ සටහනත් වටිනවා නොදන්න හැමෝටම..

      Delete
  13. blogger_logo_round_35

    පොඩි යාවත් කාලීන කිරීමක්
    මේ වගේ ඕනෑම එක්ස්ටෙන්ෂන් 1ක් දැන් ඔපෙරා වලත් ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ සුලු දෙයක්
    ඔපෙරා අලුත් බ්‍රව්සරයට යාවත්කාලීන වෙලා ඔපෙරා හෝම් පේජ් 1ට ගිහින් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් සපෝර්ට් ඇඩෝනය ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඊට පස්සෙ ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් පේජ් 1ට ගිහින් පෙර සේම ක්‍රෝම් වලට ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      තොරතුරට බොහොම ස්තුතියි මහේෂ්.....

      Delete
  14. images+%282%29

    නොදන්නා අය දැනුවත් කිරීම අගෙයි..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සුපුරුදු කෙන්ජි නැතුව පාළුයි...

      Delete
    2. photo

      කියලා වැඩක් නෑ නලින් අයියේ මෙයා දැන් පිරිත් පැන් ද කොහෙද බොන්නේ තුන් වේලටම

      Delete
    3. blogger_logo_round_35

      ++++++++++++++
      අනතුරෙන් පසු කෙන්ජාගේ ලැජ්ජා නහර හරියට හදලා

      Delete
  15. 4612_1153885331604_6370426_n%5B1%5D

    @ පත්තර මල්ලි සහන් දෑන් සයිලන්ට් ඈයි?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සොයා බලමු මටත් කිසිම තොරතුරක් තාම නෑ.

      Delete
    2. Close-up+of+baby+holding+mother%27s+finger

      ප්‍රා ජේ.

      මං ඊයකුත් විද්දා !!! රිප්ලයි නෑ මචං !!!


      Delete
    3. Close-up+of+baby+holding+mother%27s+finger

      නමුත් ඌ නිස්සද්දව ඉන්න එකට මං කැමති නෑ !!

      Delete
  16. blogger_logo_round_35

    නොදන්නා අයට ලිපිය වගේම ප්‍රතිචාරත් වැදගත් සම්බන්ධවන සියිලු දෙනාටමත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අදහස් දැක්වීම ගැන ස්තුතියි

      Delete
  17. lion

    මේක දාල නොදන්න අපිව දැනුවත් කර නලින්ටත්, නිසි ජාතකේ පැහැදිලි කරල ඒ අයට හීමි ගෞරවය අර්න් දුන්නු අපේ මිත්‍රයින්ටත් ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බ්ලොගක් අටවගන්නේ කොහොමද කියලවත් නොදැන සිටි මාත් ඉගන ගත්තේ සුදුමහත්තයා වගේ අයගෙන් අහගන. මේ උපාංගය ගැන මාව දැනුවත කළෙත් හිතවතෙක්. මා දන්න දේ පමණයි කිව්වේ. ඒ වගේම මේ නිසා දැන් බොහෝ තොරතුරු ලැබෙන්න පටන් අරන්. ඇත්තටම නොදන්නා දෙයක් ගැන මේ විදියට තොරතුරු ලැබීමම මොන තරම් දෙයක්ද.

      Delete
  18. purity-color-lotus-flower-bud-15299186

    හුඟක් වටිනවා.. ස්තූතියි..

    ReplyDelete
  19. photo

    දැන් අපිටත් බාසා වෙල්ලෝ වියහැකි බව පෙනේ .සොයාගත් අයටත් නලියා මහතාටත් .අනෙක් අදහස් වලටත් තුති

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අන්න කකාගේ පෝස්ට් එකේ ඒ අය පිරිලා...විවිධ බාසා කමෙන්ට් කරන්න අරන්.

      Delete
  20. 11659415_894934480581263_6736145559461767013_n

    එල එල ඈ නලින් අයියෙ, ඕක දාගෙන පිටරට කෑලි ටෝක් කරමු :D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අපි නං සම්පුර්ණ ඒවට තමා..

      Delete
  21. .com/img/b/R29vZ2xl/AVvXsEgme04XFiZMTYYyILzAeVsrA-_HR6y8OB9G8s9RHpASvB2VCD1sDUzSI220d8RETkkSdSrUnuzXW2RudR0KcVCawYP2qNxHoXARqem5n14AkPsnzGLnnPTiOHZoBMXHdw/s45-c/

    ඉඟිය කියන ප්ලගින් එක නම් කාලයක් පාවිච්චි කලා. සෑහෙන ප්‍රයෝජනවත් තමයි.ඒත් අර යසිත් කියල තියෙනවා වගේ, වෙලාවකට නම් ටිකක් කරදරයි

    ReplyDelete
  22. blogger_logo_round_35

    මමත් ඔය ගැන අහල තියනවා. ඔපෙරවලට ගන්න විදිහක් නැද්ද? පරිවර්තනයක් හෙම කරන වෙලාවට මාර වටිනවා. මධුර එකේ දදා බලන්න ඕනෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔපෙරාත් හැකියි කියලා ඉහත කමෙන්ටුවක යාළුවෙක් කියලා තියනවා බලන්න ඒක

      Delete
  23. blogger_logo_round_35
  24. blogger_logo_round_35

    මමත් මේ ජාතියේ එකක් කාලයක ඉඳලා Firefox වල පාවිච්චි කරනවා.

    ඒක නෙවෙයි කතන්දරේ, උඩ දිලිනි මධුර එකේ ගගහා බලනවා කියලා තියෙනවා.තවත් මේ වගේ ගොඩක් අය ඇති.ඒ අයගේ දැනුවත්වීමට නම්, ඇත්තටම මධුර ගොඩක්ම ප්‍රාථමිකයි.

    ඊට වඩා 100 ගුණයකින් දියුණු,ගොඩක් පහසුකම් තියෙන, ඩික්ශනරියක් තමයි නාමල් Dictionary එක.fim එකක් බලන මොහොතෙම english subtitles සිංහල වචන ටිකට හරවන උපාංගයකුත් මේකේ අන්තර්ගතයි.පොඩ්ඩක් ඒක ගැන හොයල බලන්න.

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
  25. blogger_logo_round_35

    අපි මෙහෙ එවුන්ට මැලේ වලින් මේල් යවනවා ඔය ටිරිකිස් එකෙන්....... සමහර වෙලාවට මුන් එනවනේ මේල් එකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් මොකද්ද ලියලා තියෙන්නේ කියලා අහගෙන

    ReplyDelete
  26. blank

    කාගෙන් හරි දොස් අහගෙන හරි නොදන්න අපිට යමක් කියාදීම ගැන ස්තූතියි. මෙහෙම හරි යමක් දැම්මොත්නේ හරි වැරදි හරි අනිත් අය පෙන්නන්නේ.

    ReplyDelete
  27. blank

    තෑන්ක්ස් නලින් අයියෙ! ඉස්සර FFවල දාගෙන හිටියාට Chrome වලට මාරු උනාට පස්සෙ අඩුව දැනුනා.

    ReplyDelete
  28. blogger_logo_round_35

    අදමයි මම දැක්කේ මේ ඇප් එක.නියමයි.. තෑන්ක්ස්. නලින් අයියා.. මමත් දා ගත්තා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT