සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සේයාරුව ගත්තේ මෙතැනින් www.romance-fire.com

පළිපාන හොටලයක් තුළ තුරුණු සුවය සොයද්දී නුවර ඔහුගේ මහ ගෙදර දී ඔහුගේ දෙන්නා දොමාල්ලෝ කතිකාවක නිරතව උන්හ. මේ ඉන් අනතුරුව යි.

............................................................................................
"ගන්න ඕනේ පුතාට කෝල් එකක්" කල්පනා ලෝකෙන් මිදුණු පලිපානගේ පියා කොරිඩෝවේ කෙළවර පුටුවට බර දී පලිපාන ඇමතුවේ දිගුකතාවකට මුල පුරන්නය.

පියා : "හලෝ පුතා .,..,කොහෙද ඉන්නේ"...

පලි :"ආ..අ..තාත්තෙ..මේ..මේ..ම්ම්.............තාම ඉන්නෙ හොටෙල් එකේ"... පලිපානගේ ස්වරයේ අමුත්තක් දැනුනද ගණනකට නොගත් හේ  "අර බණ්ඩාර ඇමතියි, සිරි බ්‍රෝකරුත් එක්ක ද? "

පලි : "නැහැ තාත්තෙ...එයාල රෑ කෑම කාල ගියා"....

පියා : "එහෙනම් කමක් නැහැ පුතා..ඔය බණ්ඩාර ඇමති ගැන මට පැහැදීමක් නැහැ..
අනිත් එක සිරි කියන්නෙ දෙපැත්ත කන,ලොක්කන්ව ගුබ්බැයන් වලට පන්ගාර්තු කරල ජිවත් වෙන කෙනෙක් ...ඒකට අහු වුනොත් ඉතිං"...බැරෑරුම් හඩින් හුස්මක් පිටකළ පියා යලි කතාවට වැටුණි.

පියා : "දැන් කොහොමද එහෙ(ජපානයේ)යාර්ඩ් වල තත්ත්වෙ.".? (පරණ වාහන ගාල්)

පලි : "ආ...ගයිජින් මල්ලි ගානට ඒව ටික හරියට කරනව තාත්තෙ....ගිය මාසෙත් මිනිහ නගොයා US ඔක්ෂන් එකෙන් බිඩ් කරල ගත්ත සුපිරි ස්පෝර්ට්ස් කාර් තොගයක් යැව්ව ඔස්ට්‍රේලියාවට....
එයාගෙ බොක්කෙ...මේ..මේ...නියම යාලුවො වගයක් ඉන්නව එහෙ රයිගම,කකා,පොඩ්ඩි කියල එයාලගෙන් අදුරගත්ත ඩිලර්ස්ල කට්ටියකට"....පලිපාන මහත් උනන්දුවෙන් පිළිතුරු දෙනවිට පියා ඔහුගැන බොහෝ සෙයින් උද්දාමයට පත්විය .

පියා : "හෙහ්..මිනිහ දක්ෂය"....අර ඉබරකිවල යාඩ් එක මගෙන් ඉල්ලනව මේ විජේරාමෙ අහවල් ලංකා කියල පාට්ස් ගෙන්වන අරූ කියල කෙනෙක්..එයාලා විජේරාමේ දෙල්කද ගම් කාරයො..එයාගෙ තාත්තත් කතා කලා මට..කාලෙකට පස්සෙ..දයාරත්න කතා කලේ.. රත්තරන් මනුස්සය රත්නෙ.මම ඒක එයාලට දෙන්න තීන්දු කලා...

පලි : "මමත් තාත්තට කියන්න හිටියෙ ගිෆු,නගොයා,ඔසාකා ටික විතරක් කරමු කියල"...

පියා : "ඔව්..ෂියක්ෂෝ (ටවුන් හෝල්)වලින් එයාලගෙ අබිලි දේවල් එකතු කරනවට හරියට අවුරුදු පතා ගෙවන්නෙ ඔය තුන නේ...".
"අර ලක්මාල්  ළමය මලික් අංකල්ට අදුන්නලා දුන්නනෙ ඔයා කියපු නිසා..
මලික් කියනව... එයාගෙ ගාමන්ට් වල මැෂින් ටික පුදුම උනන්දුවෙන් ලු බලා කියා ගන්නේ...
මේ ලගකදී පැත්තක දාල තිබ්බ හොදට දුවන පළාත් සභා පැජරෝව ඒකට දීල ඕනේ නම් අරගෙන ගිහිල්ල දුවන්න කියල...".
ඒක කියල "අනේ සෑර්...ඕව ඇතුලෙ රිංගගෙන මම එලවද්දී පාරේ මිනිස්සු දුවල,හැපිල මැරෙයි ඩ්‍රයිවර් කෙනෙක් නැති වාහනයක් එනව කියල"...

පලි : "එයා කොහොමත් ආස එලියෙ හුලං වදින වාහන වලට..
අතට ලැබෙන දේ කටට දා ගන්න පින් නැති එකා තාත්තෙ".......

පියා : "පුතා යන ගමන් මැලේ වලටත් යන්න අර රාල ළමය කිව්ව AEON BiG Mall වල ෂෙයාර් හෝල්ඩ් ඇග්රිමන්ට් ෂයින් කරන්න ඕන කියල,ඒ ටිකටත් පොඩ්ඩක් බලන්න.අනිත් එක එහෙ සුබන්ජයා වල හදන සන්වේ බිල්ඩිම ගැනත් ටිකක් බලන්න.රාල පුතා කිව්වෙ නම් 2014 වෙද්දී ඕපන් කරන්න පුළුවන් කියල..ඒක මැරීගෙන වැඩ.හොද කොල්ල."..

පලි : "එහෙ ඔයිල් ෆාම් එක කොහොමද තාත්තෙ?....

පියා : "සරත් ඒ ටික හරියට කරනව" ."අන්න පුතේ මින්ස්සු. මනුස්ස කම ගැන කියල වැඩක් නැහැ"..මිනිස්සුන්ගෙන් මනුස්ස කම තෙරුන්  අරගෙන වැඩ ගන්න පුළුවන් ලෝකේ එකම මිනිහ විදියට තමයි එයා ගැන හිතන්නෙ..සරත් ලංකා ගැන කියල වැඩක් නැහැ..

මෝල්ලන්තේ හෙන්රි කියල එයාගෙ යාලු ලංකාවෙ ටීචර් කෙනෙක් එහෙ හෝටල් වලට පාම් ඔයිල් ඕඩරයක් අරන් දීලා...මම කිව්ව හෙන්රිට 20% කමිෂන් එකක් දෙන්න කියල.

පලි : අපේ ෆිල්ම් වැඩ ...

පුතුගේ උනන්දුව ගැන පියා යටිහිතින් සතුටු විය ,, මදක් කල්පනාවට වැටුණු හෙතෙම නැවත

" ආ....ඒ ටික ඉවාන්,අයිලාෂ්,ඩ්‍රැකි කට්ටිය හරියට කරගෙන යනව....ඉවාන් කිව්ව හොලිවුඩ් ටීම් කීපයක් එනවලු ලංකාවට ෂූටින් වලට හැලප කියල අංකල් කෙනෙක් සෙට් කලාලු....

අයිලාස් ළමය කිව්ව ලගදි ජර්මනියෙ ඉදල ආපු ඇල්කෙමි කියල අයිය කෙනෙක් හෝඩුවාවල් දුන්නලු එහෙ මුවි ආම්පන්න තියෙන තැන්...ඔය අනම් මනම් ගැන මොකටත් ....මං කිව්ව තුන්දෙනාටම ගිහිල්ල අලුත්ම දේවල් ගේන්න කියල..

කොහොමත් අපේ හෝටල් භාරව ඉන්න ඔයාගෙ හොදම මිත්‍රයා  ප්‍රියන්ත පුතා ලොකේෂන් ටික පෙන්නයි සුද්දන්ට ලංකාවෙ පදිංචි වෙන්න හිතෙන තැන්. ..හැක් හැක් හැක් ....ප්‍රියන්ත ගිය අවුරුද්දෙ හෝටල් කටයුතු,ගණන් හිලව් කටයුතු ගැන හොදටම දන්න සුදික කියල එයාගෙ බැජෙක් අදුන්නලා දුන්න.ඒ ළමය දැක්ක ගමන් පේනව ගණන් වලටම උපන් කෙනෙක් කියල..
දෙන්න එකතු වෙලා වැඩ ටික හොදට කරගෙන යනව.

ඔන්න ඔයාගෙ අර යාළුවා .... සහන් පුතා....අන්න එයාට  වෙන් කෙරුව නායක තුමාට කියල තලෙයිමන්නාරමේ ඉදල ඉන්දියාව යා කරන අධිවේගී මාර්‍ගයේ ප්‍රධාන සැලසුම් උපදේශක/පරිපාලන/නිරීක්ෂක සියලු බලතල ඇති විදියටම.....පුතා සතුටු ද වැඩේ  ගැන තරමක් ගාම්භීර හඩකින් එවර ඔහු කතාව නිම කළේය.

පලි : හරි සතුටුයි තාත්තෙ....

පියා :ආ...මට කියන්න අමතක වුනා..අර නංගිලා එක්ක ගෝතමී ගිය හිරු දුව ගිය අවුරුද්දෙ කසාද බැන්ද. අපේ හැම වේඩින් එහෙකටම කේක් සප්ලයි කලේ ඒ දරුවගෙ අම්මනෙ.
ලංකාවෙ වස විස නැතිව කේක් කෑල්ලක් කනවනම් ඉතින් ඒ මනුස්සය හදන කේක්ම තමා ඉතින්.
මේ සැරේ නිවාඩුවට ආපු ඩොරති ආන්ටිගේ රංගි දුවත් වැටිල කකුලත් කඩන් ගිය මාසෙ ආපහු ගියා.

පාලි :හික්..හික්...එයාට ඉතින් පුංචි විසයක් යෑ තියෙන්නෙ.

පියා :අර වෙදමුල්ල අංකල්ගේ ඉටලි වල ඉන්න දුව ලක්මිණි (පුන්චිකුමාරිහාමි) ඒ ළමය මේ සැරේ ආවම වෙඩින් එක ගන්නව කියල අත්සන් කරන එකට නායක තුමාව ලේස්ති කරලා දෙන්න කිව්ව

පලි :එහෙමද...?

පියා :..පුතේ මේක අහන්න ....මන් අද ගත්තෙම වැදගත් දෙයක් ගැන කතා කරන්න ....."මං...මල්ලිලා දෙන්නයි..නංගිලා තුන් දෙනාටයි වඩා ඔයාගෙ පස්සෙන් නේද කාලේ ගෙව්වෙ....මතක ද පුතාට ? ඒ දවස් වල .............ඉතින් ...

පලි : අපෝ හරි හරි තාත්තෙ මන් දන්නවා කියන්න ඕනේ දේ ,,,මේ අහන්න දැන් නංගිලා ටිකයි ලොකු මල්ලයි සෙට්ල් නේ...දැන් පොඩ්ඩයි මායි විතරනේ..."හා නැද්ද ,"

පියා : හ්ම්ම් "පොඩ්ඩ ගිය මාසේ ස්කයිප් ඇවිල්ල කතා කරද්දී කිවව කැනඩාවල එයාගෙම කැම්පස් එකේ ලංකාවෙ ළමයෙක් එක්ක යාලුයි කියල"...
ඒ ළමය අම්මත් එක්ක කතා කරල,අම්මගෙ වර්ණනාව කියල වැඩක් නැහැ..
ඒ දරුවගෙ තාත්ත ලේක් හවුස් එකේ කතෘ කෙනෙක්ලු.....

පලි : තාත්තෙ මේ....ඔය පත්තර කාරයො ගැන මට කියන්න එපා....ම...

පියා : "මේක අහන්න දරුවො...ඒ දැරිවිගේ තාත්ත තාම යන්නෙ එන්නෙ කෝච්චි/බස් වල ලු...
ලැප් ටොප් එකක් එවල තියෙන්නෙත් ඒ දරුව පාර්ට් ටයිම් කරල හම්බකරපු සල්ලි වලින් ගත්ත පාවිච්චි කරපු එකක්ලු" ....එවර ඔහුගේ ස්වරය තරමක් මෘදු විය

පලි : "දෙකට නැමෙන්නෙ නැති එහෙම අයත් එහෙනම් පත්තර වල ඉන්නවා"...
කමක් නැහැ තාත්තෙ..යන්න ඉස්සර මම එයාව හම්බවෙන්නම්...
එයා බොනවද දන්නෙ....නැහැ.....

පියා :පුතේ ඔයා විහිළු කතා කරනවද...පත්තර කාරයො කිව්වොත්....හැමෝම බොනව....
වතුර විතරයි එයාල අඩුවෙන් බොන්නෙ....
ඒ වතුර ටිකක් වැඩිපුර බිව්වත්...බොන්නෙ රෑට කුණු වෙන්න බිල නිදා ගෙන පාන්දර ඇහැරිලා උගුර කට වේලිච්ච වෙලාවට බොන වතුර ටික විතරයි.........පත්තර කාරයන් හා ඇති පදම් මුහුවී සිටි කාළය පුතු සමඟ දිගහැර තේරුමක් නොවන බව වටහාගත් හෙතෙම කතාව උක්ත අරමුණ කරා මෙහෙයවන අදහසින් නැවත ......
............................
පියා : "පුතේ ....අම්මගෙන් බේරිල්ලක් නැහැ..ඔයාට කසාදයක් ....කරල දෙන්න කියල"...

"දැන් ඉතිං මෙච්චර කල් නටපු නැටිලි මදෑ පුතේ"....."අර ....ඩග්ලස් කාරය පෑලියගොඩදී පොලිසියට අරන් ගිහින් කුරූ ගණන් කරන්න දැම්මෙත් උඹේ
තියෙන දඩබ්බර වැඩ හින්දනේ"....නියම වෙලාවට නියම තැනට ගැසීමේ උපන් හැකියාවක් තිබු පලිපානගේ පියා අවස්ථාව ප්‍රයෝජන කරගත්තේය..

පලි : "හරි දැන් තාත්ත මොකක්ද මට කියන්නෙ" ...?

පියා : "පුතා ට කසාද බදින කාලේ හරි..කවුරු හරි යාලු ළමයෙක් ඉන්නවද "..
.
මම ඔයාව බදිනවා කියල වචනෙ දීල....මම අම්මට ...වචනෙ දුන්න වගේ...?

පලි : "නැහැ තාත්තෙ.............කොච්චර යාලු ...එක්කෝ ඕනේ නැහැ තාත්තට මම එක දවසක් පොරොන්දු වුනානේ, මගේ අම්ම වගේ ම කෙනෙක් තාත්තම හොයල දෙනකන් බදින්නෙ නැහැ කියල"...

පියා : "හරි පුතා..එදා මලික් අංකල්ල ගෙ ගෙදර පාටි එක වෙලේ....කිරිඇල්ල අන්කලුයි, මමයි ඇවිල්ල එයාගෙ ඔස්ට්‍රේලිය ඉදන් ආපු ඩොක්ටර් දුවව අදුන්නල දුන්න මතකද"...."හරි අපුරූ කෙලි පොඩිත්ත"..."ඔයා දෙන්න එක්ක වරුගානක් කදේ දාගෙන ඉන්නව මම දැක්ක"....

පලි : "හි..හි..ඔය කියන්නෙ ඔමායා  ගැන නේද තාත්තෙ"..???

පියා : "එයා ගැන තමයි පුතේ.....උඹල පොඩි කාලේ කිරිඇල්ල අන්කල්ගෙ දුවයි, පුතයි මගේ පැටියෝ ටිකයි නුවර වැවේ මාළුවන්ට පාන් කඩල දදා ඔයාල විනෝද වෙන දිහා බලල කිවව....පලි...මගෙ එකම කෙල්ල ...ඔමායාව  ..උබේ  ලොකු පුතාට දෙනව කියල"

පලි : "එයාගෙ මල්ලි මොකද කරන්නෙ තාත්තෙ...එදා රෑ කතුර වගේ වචන කැපුව මිසක් අපි දෙන්න ......මලයන්ඩි ගැන අහන්ඩ බැරි වුනා"...

පියා : ඒ දරුව B ටීම් ඒකට ප්ලේ කරනව...හැබැයි ඒ  දරුවට
 හීනෙන් ඇවිදින කරුම ලෙඩේ නැහැ..
මොකද පුතා ඔයාගෙ අදහස....???

පලි :"පෙනුමෙන් නම් බැට් එකක් අල්ලන්න තරම් වත් හයියක් තියෙන පාටක් දැක්කේ නැහැ " "කොල්ලා ජැන්ඩියට හිටියා හැබැයි "...."මම ...කැමතියි ...තාත්ති....ඔමායට....ඔයාලා කතා කරලා බලලා කැමති තීරණයක් ගන්න"."එයාට ..මම ආදරෙන් ඉන්නවා...මගෙ...තාත්ත අපේ අම්මට ආදරෙන් ඉන්නව වගේ"...

පියා :තව දෙයක් පුතාට කියන්න හිටියෙ.ප්‍රියන්ත පුතා කෝල් කරල කිව්ව වෙබ් සයිට් එහෙක දැක්කලු මේ සැරේ නයිට් රෝඩ් රේස් වලට පුතාව ගෙන්න්වන්න යනව කියල.ඒ කතාව ඇත්තද...?

පලි :මොන බොරුද තාත්තේ...

පියා :එහෙනම් කමක් නැහැ.කොහොමත් ඔය රේස් පැදිල්ල මේ අවුරුද්දෙන් පස්සෙ නවත්තල දාන්න.හෙට රෑ කෑමට  ජපන් අයත් එක්ක නාවල ගෙදරට එන්න. එහෙනම් මම නවතිනවා පුතේ...බුදු සරණයි...

පලි :හොදයි..තාත්තෙ....බුදු සරණයි....


Kenji@japan


මතු සම්බන්ධයි.
පලි & ඔමායා  කසාද බදියිද..?? මතුවට බලමු

85 comments:

  1. මම කැමතියි ඔමාට. ඔමා කැමති නෑ මට

    අනේ බං යකෝ මේක දැන්නං බොරුවක් කියල තමා හිතන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොරු සල්ලි කියල දාමුද නම එහෙනං

      Delete
    2. මොකද්ද ඒ හරුපේ.

      Delete
    3. මම හිතුව බස් එකේ බඩ දරු අම්මගෙ බඩ අතගාල තාම ඇතුලෙ කියල..
      නස්පියට ඇප දීල එහෙනම්...

      Delete
    4. මංජු නංගිය ඕව ඔළුවට නොගෙන ඉන්න..

      Delete
  2. //පත්තර කාරයො කිව්වොත්....හැමෝම බොනව....
    වතුර විතරයි එයාල අඩුවෙන් බොන්නෙ....
    ඒ වතුර ටිකක් වැඩිපුර බිව්වත්...බොන්නෙ රෑට කුණු වෙන්න බිල නිදා ගෙන පාන්දර ඇහැරිලා උගුර කට වේලිච්ච වෙලාවට බොන වතුර ටික විතරයි.////////// මේ කොටස ඇත්ත බව මේ බ්ලොගයේ අයිතිකරු මොනවට කියාපායි කීවලු හි හි

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මෙහෙමත් මඩ ගහන්නේ... එව්වගෙන් කමක් නෑ විගහට කසාදෙට ලෑස්තිවෙයන් කෙන්ජ බලාගන ඉන්නේ..

      Delete
    2. ඔමායාත් පලිපාන කෙනෙක් වෙයිද? මෙන්න අද දිනයේ ප්‍රශ්නය... :D:D

      Delete
    3. නෑ බං පොඩ්ඩි.
      දැනටමත්ඔය ඔමායා ක්ලියෝ පැට්ට්‍රා වෙලා තියෙන්නේ.

      Delete
    4. අනේ පොඩ්ඩියේ මන් නම් ඔය වගේ කෙනෙක්ට කමතිවෙන්නේ නෑ ,, අම්මලා පුතාලා මොනා කරලා ආවත් නාවලා ගෙට ගත්තට අපිටනම් එපා නාකි සුද්දියෝ එක්කයි ක්ලබ් ගානෙයි නටපු සල්ලිකාර වැද්දෝ

      Delete
    5. පොඩ්ඩි,බලමු දෙවන කොටසින්.
      පලිපානලට එකතු වෙන්නත් පෙර පිනක්ම තියෙන්න එපෑය :).
      කිරිඇල්ල වෙච්ච පලියටම බැහැ නොවැ.

      Delete
    6. @ ඔමාය;
      රජීව් පලිපාන පුතාව දෙමව්පියො දෙන්න හදල තියෙන්නෙ හොදම විදියට.
      මාලකගේ අම්ම වගේ නෙමේ රජීව් ගෙ අම්ම.

      Delete
    7. //පලිපානලට එකතු වෙන්නත් පෙර පිනක්ම තියෙන්න එපෑය :).//
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    8. :):):)
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  3. ෂූටිං වලට එනකොට මාසෙකට විතර කලින් කියල තිබ්බනං හොඳා,ගොඩක් දේවල් ලැස්ති කරගන්නත් එපැයි,දැන් කවුද මේන් ඇක්‌ට්‍රස් අපේ ඔමාද.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප ඔබ ඉතින් දන්නවනෙ ෂූටින් වල තත්වෙ.
      පිශ්ෂුද හැලප මම බදින්න ඉන්න කෙල්ලව යවනවද බයිස්කෝප් වලට?

      Delete
    2. කෙන්ජි අයිය හැලපයියව අන්කල් කෙනෙක් කරලා විලිලජ්ජාවේ සන්තෝසේ බැහැ

      Delete
  4. සමකය වටේ අයිතිය කෙන්ජි පවරගෙන ද? :D

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් වැඩි කොටස කෙනජි ලඟ. පේනවද නලිනුත් කියවන්නෙක් විතරයි.

      Delete
    2. දිලිනි මට හැමදාම එගේන්ස්....:)
      කමක් නැහැ බං...
      මම හිතා ගන්නං.....
      දුක තමයි...දිලිනි කියල .... :)



      Delete
  5. සමහර නූගත් ඌරො ඉන්නව, ලොකූ සල්ලිකාරයො කියල ව්‍යන්ගයෙන් ලෝකෙට පෙන්නල සිඟිති ෆැනටසියක ජීවත් වෙනවා පව්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචං...
      එහෙමත් XX ස්ටල්ල ඉන්නවලු බං.

      Delete
  6. අප්පට සිරි බලන් ගියාම අපි ඔක්කොම කෙන්ජයියගේ බිස්නස් පාට්නර්ලානේ.....! මරුවට ලියලා තියෙන්නේ . "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ...සමකය වටේ = කලුසල්ලි වටේ වෙලාද?

    ReplyDelete
    Replies
    1. උඹ බලපන් ඊ ලග කොටසෙ අපේ ඉතිරි එවුන් එලියට එන විදිය.

      Delete
  7. අනේ මේ මම නම් ඔය පලිපානයගෙන් කාර් එහෙම ගත්තේ නෑ හී හී...

    මේ අර තාත්තා කියන තැන්වලට 'අප්පච්චි' කියලා දාන්ට තිබුණේ. පලිපානලා 'තාත්තා' කියනවා මම අහලා නෑ. :D

    ReplyDelete
    Replies
    1. තත්තා කියන නම පහත් කුලවල අය පාවිච් කොරන එකක් විදිහට තමයි ඔය වලව් කාරයින් විශ්වාස කොරන්නේ. මොකද පොඩ්ඩි ඕව නොදන්නේ. පොඩ්ඩිත් ඔය නවල් කටුවක් ලීවේ.

      Delete
    2. අනේ මන්ද ගයිජින්ට ඔයාල ඩිලර්ස් ලව අදුන්වල දුන්නට ඔයාල අරගෙන නැහැ.
      මම ඉතිං නොදන්නවය අපේ පරම්පරාවෙ අය කවදත් පාවිච්චිය,BENZ ,BMW ,VOLVO ඒව මිසක්ක ඒෂියන් කුනකටු නෙමේ කියල.

      Delete
    3. හ්ම්ම්ම්......පලිපානලා අප්පච්චී පාවිච්චීය වැඩිය තමයි.....
      /////////
      ඇයි පොඩ්ඩි දැන් හබී වෙන්ඩ හබි කාලෙ ඇවිත් අරන් ගිය Lexus LFAඑක ..... :D

      Delete
    4. ඔන්න යවපු කෙනාම උත්තර දීල.
      දැන් කොහොමෙයි බොරු කියන්නෙ.
      Thanks ගයිය.

      Delete
  8. මටත් එක පාරටම මතයට ආවේ මම කැමතියි ඔමායට ඔමා කැමති නැහැ මට කියල තමයි. මඩ ලෝඩ් එකක්ම ගහලානෙ....
    හෙක්.... හෙක්....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැත වෙද මහත්තයෝ..

      Delete
  9. අපේ කෙනජිට කසාදයක් කොරලා දෙන්න යනකොට අම්මගෙන් නෙමේ බෙරීල්ලක් නැත්තේ. කෙන්ජිගෙන් කෙනජිවමයි බේරගන්න බැරි උනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ..
      උඹ තමයි මාව නියමෙට තේරුම් අරං ඉන්න බුවා...
      සතුටුයි බං ...ඔහොම යමු අපි එකට...

      Delete
  10. තනියෙන් හිනා වෙවී බැලුවා.. තාත්තයි පුතයි ගාණට බ්ලොග් ලෝකෙම අල්ලල... කෙන්ජ් අයියටත් මාර සංකල්පනා තමයි පහළ වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු...
      ඔබ නිර්මාණයක් ගැන හැම කෝනයකින්ම බලන කෙනෙක් බව මම දන්නව.

      Delete
  11. වටේටම මඩ ගහලනේ අප්ප... මේකෙ තියෙන බොරු කන්දරාව හින්දා ඇත්තට කියලා තියෙන දෙයක්වත් විශ්වාස කරයි යැ කවුරුවත්.... බලන්නකෝ අනේ.. නලීන් අයියා බොනවා කියලානේ.. පවු ඒ අහිංසක මනුස්සයා... හි හි

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් නේද අක්කේ පව්

      Delete
    2. හිරුව,ඒ කියන්නෙ බොලා ලගෙ කේක් වස විෂ සහිතද..?
      නොමිලෙ ඇඩ් එකක් දැම්මත් කිසිම ගුණයක් නැහැ..
      ගෝතමී ගිය එකියො ඔහොමමයි ..අපේ ගෙදර එකී වගේ..:):)

      Delete
    3. ගෝතමී ගිය එකියො ඔහොමමයි ..අපේ ගෙදර එකී වගේ..:):)////

      හි හි.. කෙන්ජි දන්නවනේ අපේ කෙල්ලො ගැන... ඒක නිසා හිතාගන්නකෝ මොකද්ද කිව්වෙ කියල මේක කියවල... හි හි... අපිට අහුවෙන කොල්ලො ............................................. !!!

      හි හි......

      Delete
  12. දැන් අපි ඕමායට කතාකරන්න ඕනේ කොහොමද ? ඔමායා පලිපාන කියලද නැත්නම් මිසිස් කෙන්ජි කියලද ?...හික්..හික්..

    ReplyDelete
    Replies
    1. මම කසාදෙ තීන්දු වෙච්ච ගමන් හරියට කියන්නං චමිය..
      මේ දැනුත් එයාගෙන් කෝල් එකක් ...
      තාත්තලගෙ බලපෑම තද වැඩිම කමට "ලව"නැගල යනව බං ..

      Delete
  13. Replies
    1. මෙන්ඩිය මොකෝ බං උඹට වෙලා තියෙන්නෙ මචෝ ...
      හැම තිස්සෙම කොමන්ට් කරන වෙලාවට මතක් වෙනව.
      සිංහලෙන් අකුරු කොටන එක එච්චර අමාරුද බං ...
      උඹට නිදහස් වෙලාවට අපි එක්ක ඉදපන් මචං ..
      උඹේ නම අපේ හදවතේ රැදී ඇත...

      Delete
  14. අනේ කෙන්ජයියේ මගේ පාර්ට්නර් ෂිප් ෂෙයාර් එක තාම ඔයාගේ තාත්තා එකවූන්ට් එකට දාලා නැනේ ...... දීපාවලි හින්ද අමතක වෙලාද දන්නෙත් නැ..... පොඩ්ඩක් මතක් කරහන්කො බන්

    ReplyDelete
    Replies
    1. ඒව ඔටෝ වෙලාවට එකවුන්ට් වලට වැටෙන ලෙසට ඔබම හදල තියන බවයි මම නම් දන්නෙ :).
      මොකටත් බෑන්ක් එකට කතා කර බලන්න.
      දිග නිවාඩුවක් ලැබෙනව නේද..?

      Delete
  15. අම්මෝ......පැන්සොන් කාරයා නිසා නාකි මම බේරිලා නේද? නැත්නම් මේකා මාවත් පටලවනවා මොකකට හරි.

    අපේ ගෙවල් පැත්තේ අඟලෙන් අඟලට තියනවා ජපානෙන් වාහන කොටස් සහ විවිධ යන්ත්‍රසූත්‍ර ගෙනල්ලා විකුණන තැන්. හප්පොච්චියෙ ඒ එක තැනක අයිතිකාරයෙක් දවසක් මට කිව්වා සර් මේවා කාටවත් කියන්න එපා කියලා ඔය ව්‍යාපාරයේ හැටි. උන්ව උල තියන්න වටිනවා ගන්න අසාධාරණ ලාබෙට.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා හිතන් ඉන්නෙ බේරිලා කියලද..හෙක්..ආ...?
      මෙහෙන් ගන්න ගානයි ඔහේ විකුණන ගනනුයි නම් කියල වැඩක් නැහැ.
      ලංකාවෙ Tax කෙලියත් පුංචි නැහැ.

      Delete
  16. මේක නිකං ෆිල්ම් එකක් ඇතුලේ ෆිල්ම් එකක කතාවක් යනවා වගේ දෙයක්.. මේවටත් කැමති උන් ඇති.. මට නම් හිතෙන්නේ මුල් කතාවේ රස මේ නිසා නැතිවෙලා.. නිකන් විකාරයක් වෙලා වගේ කියලා..

    කෙන්ජියා තියා අම්මා අප්පා උනත් මට හිතෙන එක මම කියන්න එපාය..

    ReplyDelete
    Replies
    1. අන්න කෙන්ජයියේ ප්‍රියන්ත පුතාට තදවෙලා , හෝටල් ටික නිකම්ම බලාගන්න දෙන්නේ නැතුව ෂෙයාර් එකක් දෙන්න තිබ්බානේ ..:D

      Delete
    2. ඔය හැම දෙයක්ම එයාලට ඕන විදියට කරන්න දීල තියෙන විදිය ඔබ දන්නවා නෙ මල්ල.
      දැන් බයිස්කෝප් බඩු ගේන්න ඔයාලට ජර්මනියට යන්න කියන එකෙන්ම තේරුම් යන්නෙ නැද්ද හැම දෙයක්ම ඔබලාට ඕන විදියටයි වැඩ යන්නෙ කියල..

      Delete
    3. >>කෙන්ජියා තියා අම්මා අප්පා උනත් මට හිතෙන එක මම කියන්න එපාය..<<
      මෙන්න මේ උතුම් ගුණය මා හරිම අගය කරනව ලොක්ක.
      බොක්කෙ අදහසට තුති...!
      මම ඔබලා එක්ක ලිපි කියවල අදහස් බෙදාගැනීමට ප්‍රථම දවසෙ ලැබෙන නිවාඩුව ගෙව්වෙ රුපවාහිනි ය සමග,නිව්ස්,ඩිස්කවරි,ස්පෝට්ස් [සුමෝ,රෙස්ලින්,බාස්කට් බෝල්,බේස් බෝල්,F 1 රේස්,පා පැදි රේස් ] සහ JUST for LAUGH වැනි විනෝදාත්මක වැඩ සටහන් නැරඹීමට.
      එයාලට යන්න කියල ඔයාල එක්ක එකතු වුනා.
      මොකද එයාල එක්ක ඉදල බලල සතුටු වන එක පමණයි වුනේ....
      නමුත් ඔබලාගේ ලිපි කියවල,මුහුණට මුහුණ බලාගෙන වගේ අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම මගෙ සිතට හරි සතුටක් දැනුන.
      මගෙ කොමන්ට් බලල ගොඩක් අය සතුටු වෙන බව හැගුන.
      කෙන්ජි ගෙ නම ප්‍රසිද්ධ වෙන්න ලිපි ලියන ඔබලා වගේම ඇනෝවරුන් ලොකු උදව්වක් වුනා.
      පසුව අපේ සහෝදර/සහෝදරියන් ඉල්ලා සිටිය බ්ලොග් ගඩොලින් ගෙයක් සාදා ලියන්න කියල.
      ඉතිං ලිවිල්ලත් ඇවිල්ල එක්තරා කලාවක් නොවැ,
      "අර"කලාව වගේ ලේසි දෙයක් නොවෙන බව,ලියන ඔබ වගේම මමත් දනිමි.
      මා නලින් මල්ලගෙ බොගට වැදී ඔහුගේ අවසරය මත කතාවල් ලියන්න ගත්තෙ,"අර" කලාවට සහජ හැකියක් තිබුන ද,ලියන කලාව ටිකක් හුරුවන්නය.
      එය හරි නොයන බව වැටහුනොත් ,ඔබලා අතහැර පරණ අය ලගට යමි.
      මොකද මම "ආදරය" හැර අන් සියලු දේ ටික කලකින් එපා වන පුද්ගලයකු බැවින්....
      ඔබ සැමට ජය..!
      (පලි: සිංහලින් ලිවීමට මුලින්ම මගෙ මේලයට ලින්කය එවූ අප සහෝදර රයිගමට මාගේ ප්‍රණාමය..!)
      ,

      Delete
    4. මේ කොහේ යන්නද ඈ :( තාම ලිපි කීයද ලිවේ ඈ .. ඊලග කොටස ලියන්න නියමෙට

      Delete
    5. බලමු.,.,.දරුවෝ,.,..

      Delete
    6. කියපු දේ අවසෝසනය කොරාන තියෙන්නේ වැරදියට.. මම කිව්වේ.. උඹයි, මැලේ රාලයි දෙන්නම කරන්නේ බ්ලොග් ලියන් උන්ගේ චරිත කතාවට දාලා කතාවේ රහ මරණ එක. ඒක බ්ලොග් කාරයන්ට නම් හොඳා.. ඒත් උඹ කරපු වැඩේ රහ නැතිවෙලා ගියා.. ඔහොම මගේ නම්ත් දාගෙන සමහර උන් ලිව්වා.. ඒත් එක පෝස්ට් එකක් විතරයි.. මෙහෙම දිගටම ලියන කොට... මට නම් ප්‍රස්තුතය මතු වෙන්නේ නෑ මචෝ..

      ලියන එක ගැන නෙමෙයි කිව්වේ..

      Delete
  17. යකඩො බලාගෙන යද්දි මෙ අපෙ සැට් එකම ලොකු බුසිනෙස් කාරයො නෙ
    හය හතර

    ReplyDelete
    Replies
    1. අපේ සැට් එක එක්ක පුදුම බැදියාවක් තියෙන්නෙ දමිය.
      උඹල එක්ක වචන ටිකක් හුවමාරු කරගෙන පුදුම සතුටක් ලබනව බං..

      Delete
  18. කෙන්ජි වගේ ගණන් කාරයෙක්ගේ ගණන් හදන එක සුළු පටු කාරියක්ද ? නලියෝ දුව දුව ....

    ReplyDelete
    Replies
    1. සුදික මල්ල මා එක්ක ගනු + දෙනු වැඩ වුනා නම් වලිම තමා :):)
      අප්පොච්ච එක්ක නිසා කරදරයක් නැහැනේ :)

      Delete
  19. කෙන්ජියා නිකං චීනෙ සිරි ලංකාව ඇල්ලුව වගේ නලියගේ බ්ලොග් එක අල්ලල තියෙන්නෙ.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බං සැමා...
      නලින් මල්ලිය ලියන්න පුහුණු කරනව...
      thanks මචෝ ඊ ලග මඩ ගුලිය තොපටත් වැදිය හැක.

      Delete
  20. කපන්න බැරි අත ඉඹිමු

    මම ගොන්ජි පජාන් වලින් ඕනෑම පොස්ට් එකකට බඩු ගැහීම, කොල්ලෝ ගැහීම ඇතුළු පජා කොමෙන්ට් මගෙන්

    ReplyDelete
    Replies
    1. මේ අර ගැහැණු දරුවන්ගෙ බ්ලොග් වල බෙටි දාන බුවාද..??
      අඩෝ....වහාම තොගේ අවලම් වැඩ නවත්තාපන් ..හරිය...

      Delete
    2. මම නම් තැන තැන වල බෙටි දාන්නේ නැ උඹ වගේ. උඹ තමයි වලං කඩේට පැන්න ගොනා වගේ ඕන තැනයි එපා තැනයි වලත්ත කතා ලිය ලිය යන්නේ නැ.
      හොඳයි මම මේ දාන එක නැවතුවේ නැත්තං උඹ මොනවා කරන්නද ?.
      රං ගොජා ඔච්චර වයසට ගිහිනුත් තැනක හැසිරෙන්න දන්නැති හැටි.

      Delete
    3. මොකෙක්ද මේ පොන්සියා

      Delete
  21. //අතට ලැබෙන දේ කටට දා ගන්න පින් නැති එකා තාත්තෙ//

    සහතික ඇත්ත කතාව බං . ඌ එහෙම කාලම කන්නියෙක් තමා

    ReplyDelete
    Replies
    1. එකනේ අපි කිව්වේ එවෙලේ පැනලා ඇවිත් "නිය රතු කලහින්දයි බේරෙන්නේ" කියලා පොර වගේ පොස්ට් දැම්මට පස්සේ අපරාදේ කියයි කියලා ..හැක හැක

      Delete
    2. ඔය කතාව දැම්මෙ අටම් මල්ලිය උඹේ සිත රිදවන්න එහෙම නෙමේ හරිය...
      කවද හරි මම නැති දාක උඹලට හිනා වෙන්න හරි බැරිය මේව නැවත කියවල.....

      Delete
  22. අම්මටසිලි කිව්වලු. කවද්ද වෙඩිම ඈ

    ReplyDelete
    Replies
    1. කොහොමත් තරුව එන අප්‍රේල් පළමු සතියෙ සකුරා මල් පිපෙන දවසෙ තමා...

      Delete
  23. කෙන්ජි ස්පෙෂල් එකක්, කෙන්ජි ජනාදිපති උනොත් මරා වගේ පවුලෙ උන්ට විතරක් නැතිව අපිටත් සලකයි.

    ReplyDelete
    Replies
    1. අනිවා කම්මල...
      අප්පොච්චි ලංකාවෙ ඉදල යමක් කරන්න දෙන්නෙ නැහැ නොවැ ..

      Delete
  24. උඹ මේ පාර ස්වයංක්‍රීය ගිණි අවියකින් වටේටම නෙලලා තියෙන්නේ. අර සීයට විස්ස ලැබුන නිසා හොඳයි. නැතිනම් මමත් මාර අමරුවේ මොකද මේක හරිම වියදම් මාසයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං නොවෙම්බර් අන්තිමට රිටර්න් ටිකට් 3 ට යන වියදම සුළු පටුද..
      දෙයියොම බලලද කොහෙද...:):)..

      Delete
  25. හපොයි ඊ ලඟට මොකක් වෙයිද? :D

    මේ "ඔමා" කිව්වේ. අපූරිට.ද ? :D

    ReplyDelete
    Replies
    1. අපේ අපුරි හැර වෙනත් අපුරියන් මේ බ්ලොග් ලොවේ සිටීද ලක්මිණි නැගණියනි..?

      Delete
    2. ලක්මිණි වෙදමුල්ල කියන්නේ මගේ කසාද ගෑනි බං. උඹලා හිතුවට ඒකි තවම අවිවාහකයි කියලා ඒකි වටෙිටම අල්ල අල්ලා යන ගණිකාවක්, වේසියක්

      Delete
  26. Not Related to this topic.

    Note: මම හිතුවේ නලියට මොළේ කළඳක් ඇත කියලයි. මුගේ බොරුවලට මම උත්තර දීපුව FB එකේ ඇත.

    උත්තර: http://thahanamwachana.blogspot.com.au/2013/10/how-i-butchered-sinha-ali.html

    ReplyDelete
    Replies
    1. fb ලින්ක් එකත් දාන්න

      Delete
  27. ඊළගට මොකද වෙන්නෙ කියල බලන්න ඔ්න....ඉක්මනටම.........

    ReplyDelete
  28. බ්ලොග් කියවන අයත් ලියන්න පටන් අරන් තියෙන එක සතුටට කරුනක්. නලින්ගෙ උසස්වීමට සුබ පැතුම්.

    ReplyDelete
  29. කෙන්ජියෝ.......උඹේ බ්ලොග් එක බලලා තමයි නලීන්ගේ එකට ආවේ. මෙතනින් පස්සේ දිගටම කෙන්ජිගේ කොලම නේද? දයාරත්නට නම් බිස්නස් භාර දෙන්න එපා. වැඩිම උනොත් බිස්නස් එක මාසයයි.

    ReplyDelete
  30. හතර අතට වනන ගමන් මෙහෙත් ඇවිත් මටත් වැනුවා නේද කෙන්ජි .. ආයිත් මොකුත් නෑ රිදෙන තැනටම දීලා හක් හක් හා..

    ReplyDelete
  31. දැන් ඔය බස් කොච්චි වල යන ලේක් හවුස් තාත්තා නලීන් මාමා ද හැබෑට :D

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT