සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ඔස්ට්‍රේලියා මැතිවරණ වේදිකාව මත පසුගිය දිනවල කම්කරු පක්ෂය හා ලිබරල් සන්ධානය අතර පැවැති උණුසුම් වාද විවාදවලදී කාබන් බද්ද, සංක්‍රමණික ප්‍රශ්නය වැනි සංවේදී මාතෘකා ද තිබිණි. මේ වාද විවාද අස්සේ ලොවපුරා ආකර්ෂණයට ලක් වූ තවත් දසුනක් විය. ඒ, ඇහැට – කනට පෙනෙන සිය තරුණ දියණියන් තිදෙනා ද පිරිවරාගත් ලිබරල් පක්‍ෂ නායක ටෝනි ඇබට්ගේ මැතිවරණ ව්‍යාපාරයයි.







සංවාදයට තුඩුදුන් දේශපාලන මාතෘකා පිළිබඳ අදහස් දක්වමින් සහ සිය මැතිවරණ පොරොන්දු ඡන්ද දායකයා ඉදිරිපිට තබමින් ඇබට් දෙපසින් වූ ෆ‍්‍රාන්සස් , බ්‍රිජට් හා ලුයිස්’ තමා දෙසට සෙනෙහසින් තුරුලු කරගනිමින් මෙවැනි ඉල්ලීමක් ද ඡන්ද දායකයන්ගෙන් කළේ ය.

“බලන්නකො මට ඇහැට කනට පෙනෙන දුලා තුන් දෙනකුත් ඉන්නවා, ඉතින් මට ඡන්දය දෙන්න ඒකත් හේතුවක් නෙවෙයි ද? “ මැතිවරණ ව්‍යාපාරයේදී ද පෙනෙන්නට තිබුණේ ඇබට්ගේ ඉල්ලීම කෙසේ වෙතත්; දියණියන් නිසා ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට විශාල ආකර්ෂණයක් ලැබී තිබු බවයි. හිටපු අගමැති කෙවින් රඩ්ගේ නායකත්වයෙන් යුතු වූ කම්කරු පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරයට ඒ හැටි ආලෝකයක් නොතිබිණි. මැතිවරණ දිනය ආසන්න වන විට රඩ් ට තිබූ මාධ්‍ය අවධානය ද බෙහෙවින් ම අඩු විය. ජනමත විමසුම්වලින් ද පැහැදිලි වෙමින් තිබුණේ. කම්කරු පක්‍ෂය පැහැදිලි පසුබෑමකට ලක්ව ඇති බවයි.

මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වන විට ඒ පෙර ලකුණු සැබෑවී තිබිණි. කම්කරු පක්‍ෂ පාලනය සම්බන්ධයෙන් ඇති වූ සමහර ප්‍රතිපත්තිමය ගැටලු, ඇබට්ගේ මැතිවරණ පොරොන්දු මෙන් ම ෆ්‍රාන්සස්, බ්‍රිජට් හා ලුයිස් ගේ ආකර්ෂණීය රූ සපුව හා සිනහව ආදී මේ සියලු කාරණාවලට ඔස්ට්‍රේලියානු ජනතාවගේ වැඩි කැමැත්තත් එක්වී ටෝනි ඇබට් අගමැති පුටුවට පත්විය.

ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ ඔහුගේ ම පක්‍ෂයේ ඇතැම් අයට පවා විශ්වාසයක් නොවිණි. කොටින් ම 2009 දී ඔහු ලිබරල් පක්‍ෂ නායකත්වයට පත්වූයේ ද එක් වැඩි ඡන්දයකිනි. එහෙත්, ඊට සිවුවසරකට පසු ඔහු ඔස්ට්‍රේලියාවේ අගමැති පදවියට පත්වූයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබමිනි.

ඇබට් සිය දියණියන් තිදෙනා මැතිවරණ ව්‍යාපාරයට එක්කරගත්තේ’ හුදුු සැරසිල්ලක් ලෙස බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. ඒ අර්ථයෙන් ඇබට්ගේ කේක් ගෙඩිය සැරසු අයිසින් මල් බවට පත්වූයේ ෆ්‍රාන්සස්, බ්‍රිජට් සහ ලුයිස් ය. ඇබට් ගේ වැඩිමහල් දියණිය ලුයිස් 24 හැවිරිදි ය. ඇය රැකියාව කරමින් ජීවත්වන්නේ ස්විට්සර්ලන්තයේ ය. ‘පියවරුන්ගේ දිනය’ යෙදී තිබුණු දා ඇය සිය පෙම්වතා වූ ස්ටෙෆානෝ’ ද සමඟ යළි මවු බිමට පැමිණියේ සිය පියාගේ’ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමටයි.

දෙවැනි දියණිය, ෆ‍්‍රාන්සස් 22 හැවිරිදි ය. ඇය විලාසිතා නිර්මාණ ශිල්පිනියක වීම සඳහා ඉගෙන ගනිමින් සිටී. බාල දියණිය 20 හැවිරිදි බ්‍රිජට් ය. ඇය විකිරණවේදය පිළිබඳ ශිෂ්‍යාවකි. මැතිවරණ ව්‍යාපාරය තුළ ඔවුන් තිදෙනාම ඇඳුම් ඇන්දේ ද ඊට ගැළපෙන ආකාරයකටයි. අලුත් ම විලාසිතා ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් ද තිබිණි. සිය පියා ජනහමු අමතන විට මේ ඇඳුම් විලාසිතාවලට ද බොහෝ දෙනාගේ අවධානය යොමු වූ බව පෙනිණි. ෆ‍්‍රාන්සස් මෑතදී කාම්බෝජයේ අනාථ නිවාසයක ස්වේච්ඡා සේවිකාවක ලෙස ද කටයුතු කළා ය.

ෆ‍්‍රාන්සස් හා බ්‍රිජට් බොහෝ විට මැතිවරණ ව්‍යාපාරයේදී මුල පටන්ම එකට දැකගත හැකිවිය.

ඔවුන්ගේ වැඩිමහල් සොයුරිය ඔවුන්ට එකතු වූයේ එය අතරමැදයි. විලාසිතා සඳහා ප්‍රසිද්ධියක් උසුලන ඇබට් දියණියෝ විලාසිතා නිර්මාණ දැක්මවලදී ද සිය දස්කම් විදහා පා තිබේ. විලාසිතා නිර්මාණ පිළිබඳ සඟරා සංස්කාරකවරුද ඔවුන් ගැන විශාල උනන්දුවක් දැක්වූහ. ඔවුන් සහභාගි කරගනිමින් කදිම විලාසිතා නිර්මාණ දැක්මක් ඉදිරිපත් කළ හැකි යැයි එක් සංස්කාරකවරයකු කියා තිබිණි.

මේ රූමත් යුවතියන්ගේ ඡායාරූපය පළකරමින් ඔවුන් පාඨකයාගෙන් ඉල්ලා තිබුණේ ඇබට්ගේ ලස්සන දියණියන්ගේ ඡායාරූපය රසවිඳ ප්‍රතිචාර දක්වා එවන ලෙසයි.දේශපාලනයේ දී තවමත් බොහෝ දුරට කාන්තා ප්‍රතිරූපය යොදා ගැනෙණුයේ සැරසිල්ලක් වශයෙන් පමණක් බවට මෙය හොඳ නිදසුනක් යැයි ද මත පළවිය. ලිංගික ආකර්ෂණය පිළිබඳ කාරණය එහිදී බැහැර කළ නොහැකි බව ද ඉන් පැහැදිලි කෙරිණි.

එහෙත්,මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් වන්නේ’ ඇබට්ගේ ප්‍රතිවාදියා වූ අගමැති කෙවින් රඩ් මීට මාස කිහිපයකට පෙර එම පුටුවට පැමිණෙද්දී එහි අසුන්ගෙන සිටියේ ජුලියා ගිලාඩ් බවයි. ගිලාඩ්ට පුටුව අහිමි වූයේ පක්‍ෂ අභ්‍යන්තර කාරණා හේතුවෙනි. හිටපු අගමැතිනි ජුලියා ගිලාඩ් 2012 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් නව අගමැති ටෝනි ඇබට් ට දූවරු දේශපාලන වේදිකාවේ සැරසිල්ලක් කර ගැනීම ගැන විවේචන එල්ල වෙද්දී යළි අවධානයට ලක්විය.

එදා ඇය කීවේ ඇබට් කාන්තාවන්ට ද්වේෂ කරන බවයි. සමහරවිට තමා එසේ නොවන බව පෙන්වීමටත්, ඇබට් මේ උපක්‍රමය මගින් අපේක්‍ෂා කළා වන්නට ඉඩ තිබේ. කොහොමටත් එය දෙවනුවට යෙදෙන කාරණයකි. පළමු කාරණය ඔහු සිය දුවරුන්, ඡන්ද ව්‍යාපාරයට එක්කරගත්තේ, ඉන් ලැබෙන ආකර්ෂණය ගැන සිතමින් බව පැහැදිලිය.

කාන්තාවන් පිළිබඳ ඇබට් ගේ ආකල්පය ගැන එල්ල වූ මේ විවේචන කෙසේ වුවද සිය මැතිවරණ පොරොන්දු අතර, ඔහු ඉහළින් ම තැබූ එක් පොරොන්දුවක් වූයේ තමා බලයට පත්වූ විට මාතෘ නිවාඩුව සය මසක කාලයකට දීර්ඝ කරන බවයි. එමෙන් ම එකී කාලසීමාව තුළ මවුවරුන්ට ඉහළ වැටුපක් ලබාගැනීමට සලස්වන බව ද ඔහු කීවේ ඒ සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 5ක් වැය කරන බව ද දක්වමිනි.

ඇබට්ගේ මැතිවරණ පොරොන්දු අතර මේ පොරොන්දුවට විශාල ආකර්ෂණයක් මෙන්ම පිළිගැනීමක් ද තිබිණි. විපක්‍ෂය එය විවේචනයට ලක් කළේ, එතරම් මුදලක් මේ සඳහා වැය කිරීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දෙමිනි.

එම ගණන් බැලීම්වලට අනුව ඇබට්ගේ පොරොන්දුව ඉටු කිරීමට එක් මවකට ඔස්ට්‍රේලියානු ඩොලර් 75000ක පමණ වැටුපක් එම කාලසීමාව තුළ ගෙවීමට සිදුවෙයි. දැනට ඔස්ට්‍රේලියානු මවුවරුන්ට හිමි ප්‍රසූත නිවාඩුව සති 18ක් පමණි. මේ වකවානුව තුළ ඔවුන්ට ලැබෙනුයේ සතියකට ඔස්ට්‍රේලියානු ඩොලර් 622.1 ක වැටුපකි.

මේ විවේචන කෙසේ වෙතත්, ඡන්ද ව්‍යාපාරයේදී නිතර සිය බිරිය මාග්‍රට් සහ දූවරුන් සමඟ පෙනී සිටිමින් තමා ආදරණීය සැමියකු හා පියකු යන ඉඟිය ජනතාවට ලබාදීමටත් ඇබට් කල්පනා කළා විය හැකිය. එමගින් යම් විශ්වාසයක් ගොඩනැඟීමත් ඔහුගේ අභිප්‍රාය වන්නට ඇත.

ඇබට්ගේ මැතිවරණය ව්‍යාපාරය පුරා ඔහුගේ බාල දූවරුන් දෙදෙනා වූ 22 හැවිරිදි ෆ‍්‍රාන්සස් සහ 20 හැවිරිදි බ්‍රිජට් විය. ඔහු ඡන්දය ප්‍රකාශ කළේ ද සිය බිරිය හා දූවරුන් පිරිවරාගෙන ය. මේ සෑම කාරණයක් මගින්ම කාන්තාවන් පහතට ඇද දැමීම පිළිබඳ වන ඔහුගේ අතීත භාවිතාව වසා දැමීමටත් ඔහු සිතුවා විය හැකි බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි.

එමගින් ඔවුන් කියා පෑමට වෑයම් කරන්නේ, ඇබට් කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකර ඇත්තේ ඔවුන්ට ලැබිය යුතු ගරුත්වය ලබා නොදෙමින් බවයි. ඒ සමඟ ම පරිණත දේශපාලනඥයකු නම් ඔහු සිය දූවරුන් මෙතරම් සැහැල්ලුවෙන් දේශපාලන වේදිකාවේ දී භාවිත නොකළ යුතු බව ද ඔවුුහු පවසති.

ඇතැමෙක් මෙය පෙන්වා දෙන්නේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ ජනපි‍්‍රය වී ඇති කාන්තා චරිත එසේ වීමට ඔවුන්ගෙන් මතුවන ලිංගිකත්වය ඔස්සේ ජනපි‍්‍රයවීම සඳහා වූ ඉල්ලීම ද හේතුවී ඇති බවයි. මෙහිදී ද ඊට සමාන දෙයක් වූ බව පෙනෙන්නේ යැයි එම විචාරක අදහසය. “මැතිවරණ සංග්‍රහයක්” ලෙස ඇබට් තම දූවරුන් යොදාගත් බව ඔවුන් කියන්නේ ඒ ගැන නොමනාපයෙනි. කාන්තාවන් යනු සැරසිලි භාණ්ඩ වැනි යැයි ඇබට් කල්පනා කරන බවට ඔහුට එරෙහිව දැඩි විවේනනයක් එල්ල වන්නේ ද මේ නිසා ය. විවේචන කෙසේ වුවද ඔහුගේ උපාය මාර්ගය අකුරට ම වැඩකර ඇති බව පැහැදිලි ය.

දූවරුන්ට ඇති ආකර්ෂණය හැරුණු විට ඇබට් ද ක්‍රීඩාශීලි පෞරුෂයක් සහිත අයෙකි. 55 හැවිරිදි වියේ පසුවන ඔහු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ද කීවේ උදැසන දිවීමේ ව්‍යායාමය අත්හරින්නට නම් තමාට නොහැකි බවයි. ‘ඔක්ස්ෆර්ඩ් හි ශිෂ්‍ය ජීවිතය ගෙවා දමද්දී ඔහු ආධුනික බොක්සිං ක්‍රීඩකයකු ලෙස ද දස්කම් දක්වා තිබේ.

මැතිවරණ ව්‍යාපාරය අතුරතුරදී ද පාපැදි ධාවකයකු ලෙස ඔහු ඊට එක්වූයේ ජනතා ආකර්ෂණය තමන් වෙත නතු කරගනිමිනි. ඇබට්ට ස්වේච්ඡා ජීවිතාරක්‍ෂකයකු ලෙස ද අත්දැකීම් තිබේ. ඔහු ගිනි නිවන භටයකු ලෙස ද කටයුතු කළ අයෙකි. මේ අනුව බලන විට ඔහු එක්තරා දුරකට රුසියානු ජනාධිපති විලදිමිර්පුටින් වැනි අයෙකි. පුටින් ද දේශපාලනයට අමතරව බහුවිධ හැකියාවලින් යුතු මිනිසෙකි. විවිධත්වයෙන් විචිත්‍රවත් වූ චරිතයකි.

මැතිවරණ ව්‍යාපාරයේදී බොහෝ කාටුන් ශිල්පීන් ඇබට් ඇඳ තිබුණේ ගිනි නිවන භටයකු ගේ ඇඳුම සංකේතවත් කරමින් රතු - කහ හිස් වැස්මක් ඔහුගේ හිසේ පලඳවමිනි. බොක්සි ක්‍රීඩාවට අමතරව රගර් ක්‍රීඩකයකු ලෙස ද ඔහු සිය දස්කම් දක්වා ඇත.

රෝමානු කතෝලික පූජකයකු වීම සඳහා ඔහු සිය තරුණ වියේ දී වසර 3ක පුහුණුවක් ද ලබා තිබේ. ඔහුගේ පෙළපත් නාමය, මධ්‍යස්ථ මතධාරී අදහස් ද හේතුවෙන් මේ වසරේ දී ඔහුට “උමතු පූජකයා” යනුවෙන් සුරතල් නාමයක් ද පටබැඳී තිබිණි. පූජකයකු වීම සඳහා පුහුණුව ලබා තිබුණ ද රාජ්‍ය පාලනයේ දී ආගමික මතවාදයත් හරස්කර නොගන්නා බව ඔහු සැමවිටම ප්‍රකාශ කර ඇත.

ඔස්ටේ‍්‍රලියාවේ නව අගමැති ලෙස පත්වන ටෝනි ඇබට් උපතින් ඕස්ටේ‍්‍රලියානුවකු නොවීම ද විශේෂ කාරණයකි. ඔහු බ්‍රිතාන්‍යයේ උපත ලැබූවෙකි. මවුපියන් ඕස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ ඔහුගේ කුඩාකාලයේදී ය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ඇබට්ට සුබපැතුම් එක් කළේ තවත් මධ්‍යස්ථමතධාරියකු සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන සතුටුයි! කියමිනි.

ඔස්ට්‍රේලියා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 15ක් දෙනා ලියාපදිංචි වී සිටියහ. එරට නීතිය අනුව ලියාපදිංචිය ඇති සියල්ලන්ම ඡන්දය ප්‍රකාශ කළ යුතු ය. එසේ නොකළහොත් දඩමුදලක් ගෙවීමට ඔවුන්ට සිදුවෙයි. ඇබට්ගේ ජයග්‍රහණයත් සමඟ සයවසරක කම්කරු පක්‍ෂ පාලනය නිමාවට පත්විය.

කම්කරු පක්‍ෂ නායක හා හිටපු අගමැති කෙවින් රඩ් පරාජය භාරගනිමින්, පක්‍ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීම තවත් කැපී පෙනෙ කාරණයකි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ඔහු කියා තිබුණේ විවිධ දේශපාලන බෙදීම් හා මතවාදීමය වෙනස්කම් හුදෙක් දේශපාලන ක්‍ෂේත්‍රයට සීමාවන අතර සෑම දෙනෙකුම ඔස්ට්‍රේලියානුවන් වීම පොදු සාධකය බවයි.

දිනමිණ "සමකය" අතිරේකය සඳහා මේ ලිපිය සකස් කළේ
ධම්මික සෙනෙවිරත්න
සියලු තොරතුරු හා සේයාරූ අන්තර්ජායයෙනි

56 comments:

  1. මා හිතන්නේ ලෝකයේ බොහෝ රටවල නෝනලා, දුවලා, ප්‍රදර්ශනය කර වහෙන් ඔරෝ විදිහට ඡන්දේ ඉල්ලීම සිදුවෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ මහරජතුමාට වෙලාවට ඉන්නේ කොල්ලෝ තුන් දෙනෙක් ,,

      Delete
    2. ඔව් ඔව් විචාරක...

      Delete
  2. හොද ලිපියක් ,,නියම තාත්තා තමයි

    ReplyDelete
    Replies
    1. කවුද මම ද ටෝනි ද

      Delete
    2. ඔබත් හොද තාත්ත කෙනෙක් තමයි.

      Delete
    3. උඹට ඉන්නෙත් ලස්සන කෙල්ලෝ දෙන්නෙක්..

      Delete
  3. ඔය දූලා වගේද අපේ ආඩම්බරකාර තාත්තාගේ පුත්තු තුන්දෙනා... :D

    ReplyDelete
  4. ඔයවගෙ නොයෙක් ක්‍රම වලට මහජන අවදානය ගන්නවනෙ.චන්ද්‍රිකා නොන දෙවෙනි ජනාධිපතිවරනෙදි කොන්ඩෙ ටිකක් සුදුකලෙත් එකටනෙ.ඔයවගෙ ක්‍රම ගොඩාක් සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. ඔව් රනිල් මහත්තයත් මේ වගේ ඡන්ද කැම්පේන් එකක් කළා මතකද? එකල මාත් ඒ කැම්පේනයේ හිටියා. බිල් ක්ලින්ටන් මෙතඩ් එකේ එකක් ඒක.

      Delete
  5. හරි! ඊළඟ සැරේ ඉඳන් අපේ ජන්ද වලත් මේ වගේ කාන්තා මූණු දකින්න තියෙයි!

    ReplyDelete
  6. "ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ"
    හි..හි...හි මේ තාත්තෙක්ද?පාත්තයෙක්ද? ගැහැණු පාර්ෂවය යොදා මැතිවරණ දිනන්නන් හෙළා දකිමු!නැත්තම් අපේ රටටත් ඔය සැන්තෑසිය බෝ වෙන්න වැඩි කලක් යන්නේ නෑ
    :p

    ReplyDelete
    Replies
    1. කැත දුව..... ඇයි අනේ එහෙම කියන්නේ...

      Delete
    2. ලංකාවෙ වෙන්නෙ ඔයිට වඩා දේවල් නේ....

      Delete
  7. ලස්සණ දුවලා ඉන්න තාත්තලාට ජයවේවා...
    කමෙන්ට්ස්වලට උත්තර නොදාන තාත්තලා වර්ජනය කරමු....:D:D

    ReplyDelete
  8. ඒ අයට එහෙම කැත නැතිව ගේන්න පුළුවන් නෝනල,දරුවන් ඉන්න නිසානෙ එහෙම ගේන්නෙ.
    අපේ ගොරක දේශපාලුවන්ට කොහෙද එහෙම පිනක්.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔය අපේත් ඉන්නේ නිළි නංගිලාව බැඳගත්ත දේශපාලකයෝ...

      Delete
  9. මාත් කවදා හරි චන්දෙ ඉල්ලුවොත් දෝණිවත් ඇන්න නගිනවා ස්ටේජ් එකට...

    ReplyDelete
    Replies
    1. දොණි නැතත් ඔයාට ඡන්දයක් නම් දෙන්නම්...ඒ දෝණිට ගැලපෙන්න අනේ මට කොල්ලෙක් නෑනේ...

      Delete
    2. කොල්ලෝ ඉන්න තාත්තලා දුක් වෙනවා කෙල්ලෙක් නැහැනේ කියලා.. කෙල්ලෝ ඉන්න තාත්තලා හිතනවා මන් වගේම කොල්ලෙක් උන්නා නම් කොච්චර දෙයක්ද කියලා... මොනවා උනත් මගෙත් වැඩි කැමැත්ත දුවලට තමයි...

      පොඩ්ඩක් නෝනගෙන් අහලා බලන්න නලින් අය්යේ..

      Delete
  10. එ කිය්න්නෙ කසදයක්, ඉලග ටාගට් එක දුවෙක්.... ලෙසිනෙ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි ට්‍රයි කරමු නේද රාළේ

      Delete
  11. මැතිවරණ කියන්නේ සෙප්පඩ විජ්ජා තමයි බං. ඔබාමාත් ඕක කරා. අපේ බබා මාමාත් කෙල්ලෝ නැතිවට කොල්ලෝ දාගෙන කරන්නෙත් ඕකම දේශීය චින්තන මොඩ්ල් එකට.

    ReplyDelete
    Replies
    1. මැතිවරණ ජය වෙනුවෙන් නොකෙරෙන දෙයක් නෑ අරූ...

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ පිරිමි ප්‍රතිශතය වැඩි ඇති අනිවාර්යයෙන්ම.

      Delete
  12. ඇබට් ඒන්ජල්ස් ගැන ළිපියට ඒ ලියපු එකාට අපේ ප්‍රණාමය..

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ඉන්නේ කොල්ලොද කෙල්ලොද කියලවත් අපි දන්නේ නැහැ ...කියපන්කො විස්තර ටිකක්...

      Delete
    2. පුත්රයෙක්ලු.එයා තමයි බොගට සප් එක එහෙම දෙනව කියන්නෙ.
      තව පුත්‍රයෝ දෙන්නෙක් හදල සමාගමක් පිහිටුවන්නලු ඉන්නෙ.

      Delete
  13. එහෙනම් ඔස්ට්‍ර්ලියාවෙත් එහෙමයි කියල තමා හිතන්න වෙන්නේ....

    ReplyDelete
  14. අනේ දරුවෝ විකුණන් කන එක නම් හොඳ නෑ.

    ReplyDelete
  15. අපේ රටෙත් ඔය විදියටම නැතත් ඕකම තමා වෙන්නෙ.. මොකද පබා නෝන එහෙම පර්ලිමේන්තු ගියෙ දේශපලන විද්‍යාව ඉගෙනගෙන ඇවිත්යෑ..

    ReplyDelete
  16. ඔය ක්‍රමේ මෙහෙත් තියනවා..හෙට පෙනෙයි ප්‍රතිපල :)

    ReplyDelete
  17. /* මැතිවරණ ව්‍යාපාරයේදී බොහෝ කාටුන් ශිල්පීන් ඇබට් ඇඳ තිබුණේ ගිනි නිවන භටයකු ගේ ඇඳුම සංකේතවත් කරමින් රතු - කහ හිස් වැස්මක් ඔහුගේ හිසේ පලඳවමිනි. */

    කෝ මේකට අදාල කාටුන් චීත්‍රයක් දාන්න බලන්න!

    ReplyDelete
  18. මේ රටවල දේශපාලන සංස්කෘතිය ගැන කියලා වැඩක් නෑ...ඡන්දය අස්සෙ මිනී මැරුම් බෙලි කැපිලි, ප්‍රචණ්ඩ ක්‍රියා නෑ...තමන්ට ඡන්දෙ දුන් නුදුන් හැමටම සේවය කරන මෙහෙම නායකයන් ලබන්න අපි පින් කර මදි...ලබන ආත්මයේදීවත් සිරිලංකාවේ මෙහෙම දේශපාලන සදාචාරයක් ඇති වේවා .

    ReplyDelete
  19. අන්න අගමැතිලා. එකට අපේ එවුන් හැදුවොත් හදන්නේ මදාවි පුතෙක්මයි

    ReplyDelete
  20. කලින් දාන්න තිබ්බේ මේක. මේ පාර වයඹ ඡන්දෙට කාටහරි මේ වැඩේ යොදා ගන්න තිබබා නැත්තම්

    ReplyDelete
  21. එන්න එන්න හැමදේම වෙනස් වෙනවා. ලෝක ජීවිතේම ඔම්ලට් වෙලා වගේ මට පෙන්නේ ඈ..

    දැන් ඉන්න තාත්තලා දූලා විකුණන් කනවා වගේ වැඩක් නෙව මේක. ලෝකෙට මෙහෙම නම් මේ උන්දෑ ගෙදරට කෝම ඇත්ද...?

    මොනා උනත් ගෑල් ළමයි නම් ලස්සනයි. වයස මදි නෙව නැත්නම් ටෝක් එකක් දාන්න තිබ්බා.. :D


    - මම Bora Diyaka Induwara

    ReplyDelete
  22. එහෙනං ඉතිං අපේ ප්‍රියසාද් උන්නැහැටෙත් ඇබට්ටයෙක් වෙන්න බැරියැ.. නැද්ද මං අහන්නේ..

    ReplyDelete
    Replies
    1. කොහොමද පොර චන්දෙ ඉල්ලුවොත්.... :D

      Delete
  23. දුවලට ජන්දේ දෙන්න බැරිද? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පුලුවන්. එයාලට 18 ට වැඩී....:D:D

      Delete
  24. අපෙන් කොපි කරලා වගෙයිනේ...

    ReplyDelete
  25. මහින්ද මාමා ගේ සංකල්පෙ ලෝකෙ පුරා යනවා වගේ... කොල්ලො නම් ඡන්දෙ දෙන්න ඇති ෂුවර් එකටම!

    ReplyDelete
  26. මේක සම්පුර්ණ ඇත්තක් නම් නොවේ නලින්. මේ මැතිවරණයේ ප්‍රතිඵල වලට ටෝනිගේ දුවල තුන් දෙනාගේ මහා බලපෑමක් තිබුනා යයි කියන්න බැහැ. මොකද එයාල වේදිකාවට එනකොට ටෝනි දිනලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මම දැක්ක ගමන් ම දන්නව ධම්මික ගෙ චුන් පාන් ලිපියක් කියල.
      අර අපේ කකාත් ලියල තිබුනෙ කාටුන් එක දාන්න කියල.
      නලියට කරන්න දෙයක් නැහැ.
      ඔබලා මෙවැනි පිස්සු යක්කු ලියන ඒවා ට පුළුවන් නම් පිළිතුරු ලිපි ලියන්න.

      Delete
    2. කමෙන්ට් දදා ඉඳල හරියන්නෙ නෑ.. මොනවහරි ලියන්න

      Delete
  27. කතන්දර රයිගම් කෙන්ජි තිදෙනාම මේ කතාව බැහැරකරනා බැවින් එහි සත්‍යයක් ඇතැයි මම ද සිතමි. කතන්දර කියූ කාටුනය ගැන සොයා බැලූවද මට ද එවැන්නක් සොයාගත නොහැකිවිය.
    සමාව අයැදිමි.
    වෙන වෙනම පිළිතුරු නොලිම ගැන කමාවන්න

    ReplyDelete
  28. අනේ මන්ද නලින් සහෝ ,, එකෙත් පොඩි ගතියක් තියෙනව

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT