සිරිසෝම...ජයතිස්ස ලේකම් තුමාට එන්න කියන්න.
හොදයි ඇමති තුමා.
....................................
ඇමති තුමා..... කතා කළාද?
ආ..ඔව්..වොව්....සිරිසෝම තමුසෙ ගිහින් මැඩම්ට පොඩ්ඩක් උදව් කරනව මම ඕන උණොත් කතා කරන්නම්.
හරි සර්...............
ඇමැති : කෝ ජයේ ජප්පො එක්ක මං තිබුණ සාකච්ඡාව මාධ්‍යවල නැගල ගියෙ නැහැනෙ?මම උන්ට මාස් පතා බොන්ට/කන්ට වියදම් කරන සල්ලි වලින් ප්‍රයෝජනේ ගන්න උඹ දැනගන්න ඕන නේද?
මොකොද බං ඇස් උඩ ගියෙ..??ඔව්..වොව්..වොව්..මගෙ බිල් ගෙවන්නෙ වටේ ඉන්න කොන්තරාත් නාන්සෙල තමා,ඒ උණාට සැලකිල්ල මගෙන්නෙ හෙක්..හෙක්..හේ...
ලේකම් :මම පත්තර වලටයි චැනල් ටිකටයි සේරම විස්තර ටික දුන්න නෙ ඇමති තුමා.ඇයි ඊයේ හැම එහෙකම තිබුණෙ.පායෙ පල්ලෙහා බෝඩ් එක කට කැපෙන්න ඔබ තුමාගෙ/ජප්පන්ගේ විස්තර තියෙන නිව්ස් පේජ් වලින් පිරිල.
ඇ :එහෙම වැඩක් නැහැ බං මේවා හැමෝටම සතියෙන් අමතක වෙනව,ඒක නිසා දවස ගානේ සතියක්වත් ගියොත් අපේ ගොන් හැත්තට සති දෙකක්වත් මතක හිටිනව.
හැමෝටම කතා කරල හෙට ඉදන් දවස් 5ක් 6ක් දිගටම පින්තුරයි වචනයි මාරු කර කර දන්නා කියහන්.ආ...තව එකක් අර පලිපාන කාරයගෙ නමත් හැම එහෙකම දාන්න කියන්න.
මේව ඇහෙන්න/දකින්න ලැබුණම ලොක්ක මගෙ කොල්ලට සභාවට ඉල්ලන්න චෑන්ස් එක නොදී ඉන්න බැරි වෙනව.
ම්.....තව එකක් ජයේ,මිට පස්සෙ සංග්‍රහ දීමනා වලට මාරියො කාරයන්ගෙන් ළමයි ගන්න එපා,උගේ ළග ඉන්න ඒකිල උස්සල සුද්දෙ දානව මදිවට ලොන්ඩරි කාරයට ඔත්තුත් දෙනව.
ගයනසිරි කිව්ව මෙගා වල ඉන්න පොඩිම කෑලි විතරක් සප්ලයි කරන සහන් කියල අලුත් පොරක් ෆීල්ඩ් එකට බැහැල කියල.සිරියට කියන්න පොරත් එක්ක අදම මාව මීට් වෙන්න කියල.
පලිපාන කාරයත් විනෝදෙට බර මිනිහ.පළවෙනි දවසෙ ගිය ට්‍රිබල හැමතිස්සෙම කතා කර කර අහනව ආයේ යන්නෙ කවදද කියල.හොදට සලකන්න ඇති.
........හ්ම්....ඔන්න ලොක්කට ට කෝල් එකක් ගනින්............................
සර්....මේ...මේ.....මම බණ්ඩාර....
ලොක්කා : මොකෑ..මම නොදන්නවයි කට හඩ.ආ..දැන් ජප්පො එක්ක නේද වැඩ? මම දැක්ක නිව්ස් එහෙම.මොනව හරි අමාරු තැනක් ආවොත් අපේ පුත්‍රයවත් එකතු කර ගන්න.විදේශ ගනුදෙනු වලදී එයා පුදුම දස්කම් දක්වන්නෙ අහල ඇතිනෙ බණ්ඩාර.ඔය ජප්පො එක්ක ගනු දෙනු කරද්දී ප්‍රවේශමෙන්.අහල ඇතිනෙ බඩ කපාගෙන මැරෙන හැත්ත කියල.
මම දැක්ක වැඩපිළිවෙළ.ඕක ඉක්මන් කරල පටන් ගත්තොත් ඉදිරි පළාත් ඡන්දෙදි ඔය වතුර කතාවම මරල දිනඇකි.
ඔය කට්ටිය සෙට් කරපු පොර කැපුවත් මෙව්වා එකේ හැත්ත නේද?
ඇ : පොරට පක්ෂ භේදයක් නැති බවයි කථාවෙන් තේරුණෙ සර්..පොරගෙ තාත්ත කාරය ඔය කැපුවත් පාට එකේ තමයි. දැන් ඉතින් සර් පුතාල කොප්පරවලට පොල් බිදිනව වගේ තාත්තලගෙ ඔළු පලන්නෙ.
සල්ලි ඔලට පිය පුතු සෙනහසත් ඒ වගෙ තමයි සර්..හෙක්....හෙක්...හේ...
එහෙනම් මම නවතින්නෙයි?
ලොක්කා :ආ...හා...හා...හොදයි...හොදයි..
ඇ :එහෙනම් ඔබ තුමාට බුදු සරණයි...සියලු.......කීං....කීං.......අම්මට උඩු කට් කොලා.
හැක්..හැක්..හැක්...ලොක්ක බුදු හැපී එකේ ජයේ..හැක්...හැක්...හිනා ගිහිල්ලම පණ යනව යකෝ මේවට හැඃ.......
දැන් ජයේ මගේ පදනමට ගාණක් කපන්න ඕන මෙවුන්ගෙන් හරිය.
පොඩි හාන්දුරුවන්ට කතා කොරල වෙලාවක් දාගෙන මුන් තුන් දෙනාව රිවරාරාමයට ගෙණිල්ල කරඩුව ඔළුව උඩ තියල සුදු නුල් කෑලි තුනකුත් ගැට ගස්සගෙන එන ගමන් පලියට වචනෙ දාන්න.
ආ...අමතක උණා අර දම්වැලෙන් ගැට ගහල ඉන්න අලි පැටියගෙ බඩ යටිනුත් පුළුවන් නම් ජප්පන්ව යවපන්,මාර හැපී වෙයි..
ඔන්න පලියට ගනින් කෝල් එකක් ම්ම්ම්...මේ තියෙන්නෙ ඒ යකාගෙ කාඩ් එක.
ට්රිංග්.....ට්රිංග්.......................................
Kenji @ ජපන්
මතු සම්බන්ධයි.
අන්තිමේ නලියාගේ ජොබත් ගහලා යයි වගේ. කෙන්ජියෝ.. නලියට ජොබ් එකක් ඔහෙන් සෙට් කරපන් දැන්මම... මේ යකෝ ඇත්ත කතා නේ....
ReplyDeleteඑහෙම වුණොත් මටත් ජපන් පනින්නම තමා වෙන්නේ.
Deleteමටත් පේන විදියට කතාව යන හැටියට නලින් අයියටත් ජපන් රටේ රස්සාවක් කරන්න පුළුවන් වෙයි වගේ,
Deleteමාතලන් ලොක්ක දන්න වනේ මා ලග තියෙන්නෙ ඇත්ත කතා මිස ගොතන කතා නොවන බව.
Deleteනලීන් දැන් නම් තත්ත්තේ බරපතලයි වගේ. කෙන්ජිගේ කතා නම් මරු ඒත් ඔබේ බ්ලොගෙ දැම්මම හෙක්...හෙක්..හෙක්..
Deleteකෙන්ජි කියන්නෙත් නලීන්මද මංද!
ReplyDeleteනැතෝ කෙන්ජි කියන්නේ කෙන්ජිම තමා.
Deleteහික් හික් මොකද නලින් අයියේ බය වුනේ ..?
DeleteKenji@Japan නලියානම් වෙන්න බෑ.
Deleteකෙන්ජියාව ප්‍රොෆයිල් කර ගන්න ඉඟි නම් තියෙනවා.
කෙන්ජියා පළිපාන වාසගම ඌගේ කියනවා.
my life as gajiniඑකේ බුකියේ ලින්ක් දාන්නේ පළිපාන කෙනෙක්.
මුන් දෙන්නාම ලියන්නේ ජපානේ ගැන.
එකෙක් 50+ චරිතේට අඳිද්දී අනිකා පොඩි කොලුවෙක්ගේ චරිතේ කරනවා.
නිකන් ඩොක්ටර් ජැකිලුයි මිස්ට හයිඩුයි වාගේ නේද?
මයියොක්ක ගන්න ආවනම් ඉඩමෙ අක්කර ගාන නොසොය පලයන් බං.
Deleteමා ලග බොරු නැති බව ඔබ දන්න වනේ.
ReplyDeleteජයතුංගයගෙන් බඩු ගන්නව කියන්නේ වහ කෑව වගේ තමා...
Deleteකෙන්ජිගේ කතා ටැග් එක තව එකකට දාන්න මග ඇරිලා නේද? අර ආහාර වට්ටෝරුව?
ReplyDeleteඔව් ඔව් මට ඒක අමතක වුණා මතක් කළ එකට ස්තුතියි.
Deleteඅප්පා පිස්සු බම්ප් වෙනවනෙ එල එල ඩිගටම ලියමු.,...
ReplyDeleteහ්ම්... එහෙමද...?
Deleteමෙක ලන්කවෙනම් වෙන්න බෑ .වෙන රටක වෙන්න ඇති
ReplyDeleteඑයාලටම x ගහන අයට එහෙම තමා සිතුම.
Deleteඅම්මට සිරි ලංකා කිව්වාලු.
ReplyDeleteමචං ඔය ජයතුංගයගේ පරණ ෆිල්ම් එකක මගේ මස්සිනා කෙනෙකුත් ලොකු රෝලක් කරා.
එහෙමද.?
Deleteමම නම් ඒ අය එක්ක සම්බන්ධයක් තිබුනෙ නැහැ.
කෙන්ජියො, අවංකවම කියන්නෙ උඹට ලිවීමේ ටැලන්ට් එක නෑ.
ReplyDeleteඋඹට පුලුවන් ඔය දැනට කොරන කොමෙන්ට් කිරිල්ල තමයි.
ඒකට ඉතින් කුණුහරුප ටිකක් සහ අවකැපෙන කතා කියන්න පුලුවන් අවලම් කටක් තිබුණම ඇතිනෙ.
ඇත්තටම.... කෙන්ජි උඹ කියන්න හදන සරලම දේ උනත් අපිට තේරෙන්නෙ නෑ...
Delete@ඇනෝ at 5:06 AM ;
Deleteස්තුතියි ඔබට ඇත්ත එලසටම කිව්වට.
මගෙ බොක්කෙ අයට පයින් ගහල ඔබට තැන දෙමි.
@ඇනෝ at 3:54 PM :
Deleteතේ රෙන්නෙ නැත්නම් නොකියව හිටිං බං.
කෙනජයියේ.... නලින් අයියා අහිංසක දරුපවුල් කාරයා හොඳේ
ReplyDeleteඒකනෙ තාම කෝච්චියෙ ගමන.
Deleteමම නොදන්නවය මලේ.
කෙන්ජි බ්ලොග් එකක් පටන් ගන්ටකෝ.:)
ReplyDeleteහ්ම්..නමක් නැතිව තිබුන.
Deleteඅද කකා නමක් මතක් කලා,බලමු...
ඇනොල කියන එකට මුල් තැන දෙන්න එපෑය.
කෙන්ජි.. මේවා සමාජ යථාර්ථයන්. කිහිප දෙනෙක් අතර විතරක් හුවමාරු වෙන කිහිප දෙනෙක් පමණක් ඇසින් දකින දේවල්.. පයි ස්ටාර් හොටෙල් එකකට බැහැල බලන්න ඕන දවස් දෙක තුනක් ඉදල මොනාද වෙන්නේ කියලා. පීචං නොවී ගේම ගහන අදබාලයෝ වැහි වැහැල. කනගාටුවක් නෑ මුං ගැන. කනගාටුව තියෙන්නේ අපි ගැන...
ReplyDeleteමේ වගේ දේ හැමදාම රටේ වෙනව දේශා.
Deleteනොදන්න අයට හිතන්න නිකම් ලිව්ව.
ලිව්ව එක හොදා කෙන්ජි මාමේ...
Deleteඅඩේ නලීන් අයියේ... දැන්ම බඩු මුට්ටු ටික පැක් කර ගත්තනම් නේද හොද??
ReplyDeleteඑහෙම ඕන නැහැ ජි කොල්ලො.
Deleteවෙනස අත ලගයි.
එහෙමද අනේ වාසනාවන්
Deleteජප්පො අන්දන්න මාර ට්‍රයි එකක්නෙ දෙන්නෙ.
ReplyDeleteඅර අහක ඉන්න සහන් කාරයත් ගාවගෙන නේද මේකට.
අනේ බෝ පැලයක් වගේ ඉන්න සහන් මල්ලව මේ කැත වැඩවලට ගාවන්න එපා ප්‍රසා.
Deleteමේ දවස්වල සැපයුම් ලෝකෙ ඉදිරියෙන් ඉන්න ඇත්ත බුවා.
ඒ සහන් සහ මේ සහන් අතර සම්බන්ධයක් නැහැ ..:)
Deleteකතාව නම් බොහොම හොදට යනවා කෙන්ජි. නමුත් මේවා ඇත්තම කතා වගේ තමයි මටත් පෙනෙන්නේ. ඔබ දන්න බොහෝ දේ ඇති ඒ නිසා දැන් කාලෙ හරි ඔබේම බ්ලොග් එකක් පටන් ගන්න. ඔබා අයියත් ඔහොමයි. අපි මොනතරම් කන් කෙදිරිගාලද බ්ලොගක් අටවා ගත්තේ. ඉක්මනින් පටන් ගන්න.
ReplyDeleteඇනෝ ල එපා කියනව වෙද මහත්තයෝ.
Deleteකෙන්ජි දිගටම කපුට්කූඩුවෙ බිත්තර දාන්න ද හදන්නෙ?
ReplyDeleteචික්...මගෙ නලී මල්ලියට කපුට කියනව.
Deleteහරිම නරකයි.
//එහෙම වැඩක් නැහැ බං මේවා හැමෝටම සතියෙන් අමතක වෙනව,ඒක නිසා දවස ගානේ සතියක්වත් ගියොත් අපේ ගොන් හැත්තට සති දෙකක්වත් මතක හිටිනව?//
ReplyDeleteඅම්මපල්ල මෙහෙම කතාවක් මම අහල තියනව මගේ කන් දෙකින්ම. දැං ඉහලම පුටුවක ඉන්න බුවෙකුගෙන්.
This comment has been removed by the author.
Deleteමේ කතාව වගේ කතා ඇත්ත බව දැක්කෙ ඔබ මාතලන්,දේශා සහ වෙද මහතා පමණයි.
Deleteස්තුතියි රාජ්.
හිතාගන්නවත් බෑ මේ ඇත්ත කතා කියල,නමුත් කෙන්ජි කියනවනෙ ප්‍රබන්ධ නොවෙයි කියල...ඇත්තටම මෙවැනි දේ මේ රටේ උනාද
ReplyDeleteකතාව ඉවර වුනාම ම ඔබේ අදහස කියන්නකො හැලප.
Delete"කෙන්ජිගෙ කින්ඩිය" කියල නම දාල බ්ලොග පටන් ගම්මු
ReplyDeleteපවුනෙ අපේ නලින්.. කොල්ලගෙ රස්සාවටත් කෙලවෙයි..
එකත් නියම නම සරා.කොහෙද අපේ ඇනෝල කැමති නැහැනෙ මම ලියනවට.
Deleteකොහේද SB ගෙ කටට බ්රේක් නැහැ වගෙ,මගේ ඇගිලි වලට බ්රේක් නැහැ.
:)
ReplyDeleteඔයාට හිනා.
Deleteජනතාවට දුක:).
කෙන්ජයියෙ...මොනවද බන් තවත් හිතන්නෙ...හොද වෙලාවක් බලලා ඇරපංකො බොට කියලා බොගක්..
ReplyDeleteහොදට ලිපි ලියන උඹලට කොමන්ට් කිරිල්ලත් නවතින වැඩක් වෙනව මලේ ඒක.
Deleteමටත් අවංකව දුක ඒක තමා අපි බලියක් ඇරියත් කට ඇරන් ඉදපු කෙන්ජියා අපේ මිත්තරයා.. යන්න යනව වගේ දැනෙන්නේ
Deleteබය වෙන්න එපා දේශා,මම බොගක් ලියල දෙන කතාවකට වඩා ආතල් එකක් දෙනවනෙ කොමන්ට් කරල.
Deleteනැද්ද මම අහන්නෙ.
නලිය ට මේ දවස්වල අධික බිසී නිසා මේක පාලුවට යන නිසා නිකන් හිතුන යමක් කොටන්න.
මේ කථාවෙන් පස්සෙ කොටහංකො එහෙනං කොල්ලා කාලෙ ආදර සිදුවීමක්...දෙකක්...
Deleteදැන් ලිව්වොත් තොට නැට්ට කෙලින් වෙනව.
Deleteඅප්පට සිරි මගේ රෙද්දත් ගැළවිලා නේද ..? කමක් නැහැ ඉතින් කවදා හරි රට්ටු දැනගන්නවනේ ඇත්ත නැත්ත.. :(
ReplyDeleteපිස්සුද මලේ,ඊ ලග ලිපියෙදි ඔයාගෙ රෙද්ද හේදෙයි..
Deleteහෑ.....
ReplyDeleteබ්ලොග් එකක් පටන් ගන්න..
අමුතු රහක් තියෙනවා. මං ඒ පැත්ත ෆලෝ නැති නිසා තේරෙන්නේ නැහැ.
ජය වේවා...
- මම Bora Diyaka Induwara
මාතලන්ගෙ ලිපි ගොඩක් කියවන්න.
Deleteඑයින් පසු හොද දැනුමක් එයි ඔබට.
සහසුද්දෙන්ම කිහකි අත්ත කතාවක් බව.නමුත් ඔය නලින් කොලුවගෙ අරක්ශාව ගන හිත්ල චරිත වලට නම් දිල ආති නෙහ්
ReplyDeleteනලින් - ඡේද, දෙබස් අතර ඉඩ තියන්න හැකිද? කතාව කියවන්න දෙබස් කාගෙද කියාල තේරුම් ගන්න ලේසියි එතකොට!
ReplyDelete