සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


හ්ම්..අද මෙහෙ සිටි පැය කීපය ගැන සිතමින් ජිනා ඇන්ටිට සමු දුන් මා විදුලි සෝපානයෙන් බිම් මහල ට බැස ලිබර්ටි සිව් වැනි මහලේ සිට MC වෙත ගමන් ගතතේ සෙරමික් අලියගෙ බඳ ඇතුළේ පුරවා ඇති ලංකාවේ කළු පැහැ තේවලට මගේ බොක්ක වගේ ඉන්න ජප්පෝ කැමති නිසා උන් වෙනුවෙන් ම්ලෙස්නා එකෙන් ටී පැකට් කීපයක් මිලට ගන්න.

ගාලු පාර ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වී ඉදිරියට යන විට....

හාහාහායියියි...............රෝහිත් යනුවෙන් ගැහැණු කට හඩක් දකුණු කන් පටලයට වැදුනි.

මගේ නම ඇසුන දෙසට නෙත් යොමු කළ විට දුටුවේ ඕඕඕඕ මයි දෙයියනේ යුරේනි...,

රෝහිත් මේ මගේ දුව.



..............................................................................................

මගේ සිත අවුරුදු 8ක ට විතර එහා අතීතයට ගමන් කරන්නට විය. 
රූ ගත කිරීමකට ඇයගේ සහෝදරයා අධ්‍යක්ෂණය කරන සිනමා පටක රූ ගැන්වීම් ඔවුන් ගේ නිවසේ ම තිබුණ දිනක දී ඇය මට හමු විය.
එතැන් පටන් අපි දෙදෙනා කොළ බොක්කේ ම මිතුරු මිතුරියන් වුයෙමු.

මා සහ ඇය පිච්ච මල්  සුවද සෙව්වේ නැත.
හමු වූ සැම විටම හැමුවේ වෙරළු මල් සුවඳ පමණි.

නමුත් ඒ හැම විටකම මම පාපුරුවේ ගමන් ගත්ත ද, ඉන්ටර් සිටි හරහා දිගු ගමන් නොයාමට යාමට වග බලා ගත්තෙමි.
...............................................................................................
දෙවසරක පමණ අපේ ඇසුරේ තවත් එක් හමු වූ සොඳුරු මොහොතක විඩාවෙන් මොහොතකට පසු එන සුවදායක මොහොතේ  ඇය දොඩමළු වන්නට විය.....

මට ගෙදර කට්ටිය ප්‍රොපොසල් එකක් ගෙනල්ල... ටැමිල් බෝයි කෙනෙක් එන සන්ඩේ කට්ටිය අපේ ගෙදර එනව.

හ්ම්......... මොකද්ද කිව්වේ....

...............................................................................................

පසු දින යළිදු අප හමු වූ මොහොතේ  ඇය පැවසුවේ එම තරුණයා එම මස අවසන ඔහුගේ නිත්‍ය පදිංචි කැනඩා රටට යන බැවින් දින 10 ක් තුළ විවාහය සිදු විය යුතු බවයි. ඒ පිළිබඳව දෙපැත්කේම වැඩිහිටියෝ කැමැත්තෙන් සිටින බවයි.

වෙනදා මෙන්ම එදින ද සුව පහසු ඇදේ කිරිකිරිය මෙන්ම අප අවට වෙරළු මල් සුවඳ ඳ යහමින් වහනය වන්නට විය.

අපි දෙදෙන නැවත හමු නොවෙන ලෙසට මිතුරන් ලෙසට වෙන්වුනෙමු.
...............................................................................................

වෙන් වීමෙන් දින 7 කට පසු ඇයගේ ඇමතුමෙන් කියවුනේ පසු දින ඇය හමුවන ලෙසය.....

රෝහිත් මේකට ඔයා බැහැ කියන්න එපා.

ඔයා මාව අද ඉන්ටර්සිටි එකක එක්කන් ගිහින් සතුටු කරන්න.

මට ඕන ඔයාගේ වෙරළු මල් සුවඳ හැමදාම මගේ මතකයේ තියා ගන්න. වෙනදා වගේ වුණොත් ඒ සුවඳ සැගවිලා යනවා. මට ඕන ඒ සුවඳ මගේ ළඟන් හැමදාම වහනය වෙනවා දකින්නයි. මගේ ලේන්සුවෙන් ඒ සුවඳ හමනවා දැනෙන්නයි.

මා එය සතුටින් ඉටු කළෙමි. ඇය ද ඉතාමත් සතුටු සිතින් මට පින් දි වෙන් ව ගියා ය.
...............................................................................................
රෝහිත්...රෝහිත්....මොකද අනේ ඔයා දුවගෙ මුණ අල්ලගෙන හිනා වෙවී ඉන්නෙ?

අහ්..නැ..නැහැ..මම මේ බැලුවෙ දුව තාත්ත වගේමයි නේද යුරේනි?

ඔයා ඇන්ටන් ව දැකලත් නැතිව කොහොමද කියන්නෙ එයා වගේ කියල?

නැහැ මම කිව්වේ........



හාහ්..හාහ්..ok ...ok ...රෝහිත්, ඇන්ටන් කා පාක් එකේ බලන් ඉන්නව. අද රෑ අපි යනව,මේ තේ පැකට් ටිකක් ගන්න ආපු ගමන් කියමින් මා සිප වැළඳ සමුගෙන යන ඈ දෙස බලා සිටියෙමි.

එදා තිබුන වෙරළු සුවඳ ඇය වෙතින් අද හැමුවේ නැත.

හැමුවේ Christian Dior Poison විලවුන් සුවඳ පමණි.
කෙන්ජි @ ජැපෑන්

අප කවුරුත් දන්නා කෙන්ජි විසින් රචිත පිළිතුරු කතාවකි. කා අරබයා කාට කියන ලද්දැක් දැයි බ්ලොග් කියවන හිත මිතුරන්ට කිව යුතු නොයේ.. දන්නෝ දනිති මුලකුරුවල කතන්දර...


සේයාරූ ගූගල් වෙතිනි..

150 comments:

  1. කෙන්ජියාත් අත්දැකිම් බහුල බුවෙක් කියල මට හිතුනා :ඩී

    ReplyDelete
    Replies
    1. මගෙ අත්දැකීම් ලිව්වොත් පිරිමිත් බඩ වෙනව බං.

      Delete
    2. තව රස කතාවක් කියහන්කො :D

      Delete
    3. අපේ අම්මේ කෙන්ජි මාව මේක කියවන්නද එවුවේ ඈ

      Delete
  2. යකඩෝ .............ඔය තියෙන්නේ දැන් බලමු පළමු කතා කාරය මොකද කියන්නේ කියල...,.

    ReplyDelete
    Replies
    1. පළමු කතා කාරය ඇවිල්ල මොනව හරි කෙබරයක් කෙලියි.

      Delete
    2. බොලා කෙබර වලට ඇත්ත කියනවා, ඇත්ත ඒවට කෙබර කියනවා.. ඉතිං මක්කැයි මං කොරන්නේ... කෙන්ජියා ලිව්වොත් ඒක බොරු වෙන්න නං බෑ ඒක සුවර්...

      Delete
    3. @දේශකයෝ (රහසින්)එතකොට උඹ බොරුද බන් ලිවේ ?? ඇත්ත මොක්ක්ක්ද කියහන් හොඳේ ???


      Delete
  3. මේක නම් ඇත්තම කතාවක් කියල මට නම් හිතෙන්නේ අර වගේ අබග්ග ගතියක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන් නම් කියන්න බය වියයුතු ද?නේද අනේ..

      Delete
    2. ඒකනේ කෙන්ජියෝ කියන්නේ කියන්න මක්කටෙයි බය වෙන්නේ...

      Delete
    3. ඒ වුනාට උබ මොකක් හරි හැංගුව දෙස්හෝ ......

      Delete
  4. එකෙක් පිච්ච මල් සුවද හොයනවා එකෙක් වෙරලු මල් සුවද හොයනවා..
    දැං හැමෝම මල් සුවදවල් හොයයි වගේ නේ.. ^_^

    ReplyDelete
    Replies
    1. කොච්චර උනත් තණමල්විල මල් සුවදත් මල් මසුරං.

      Delete
    2. තරියා උඹ හොයන මල් පරවෙන්නත් කිස්ටුයි හරිය...

      Delete
    3. මලක් දැක්ක කාලයක් මතක නෑ..

      Delete
  5. ෆොටෝ එක දැකල නැතත් වෙරළු ගෙඩිය කොයි වගේද කිව්ව හැටි මරු!

    ReplyDelete
    Replies
    1. කාගෙ ෆොටෝ එකද කොල්ලො?
      මම කිව්වොත් මරුම තමා.

      Delete
  6. දැන් එතකොට බ්ලොග් ටිකත් අර මල් සින්දු වගේ මල් ආටිකල් දාන්න පටන් අරගෙනද?

    ReplyDelete
    Replies
    1. ඇයි මල් අවුල්ද?

      Delete
    2. නෑ නෑ ඔහොම යමු බලන්න තව මොන මොන මල් එයිද බලන්න!

      Delete
  7. වෙරළු මල් සුවඳ කියද්දී මට බකාස් ගාල හිනා ගියා. ඒත් මම කියෙව්වේ නෑ.. ඔන්න ඔහේ හිටියා නිවාඩුව කියෝලා දාන්ට.. කුප්ප ගතියට නෙමෙයි ඈ...

    එක්සලන්ට් නිර්මාණයක් ඈ..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මගෙ ලග නිර්මාණ නැහැ බෙනෝ.Thanks .

      Delete
    2. ඒක නං ඇත්ත මේ කෙන්ජියා ගාව ජීවන නිර්මාණ විතරයි තියෙන්නේ (ලය්ව් ඕර් රෙකෝඩඩ්)

      Delete
    3. හෑ.... අප්ප කාපං ගණන් බලාපං කිව්වලු.. හික් හික් හී...
      මොකෝ කෙන්ජි අයියේ බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ ඈ.. ඔය ජීවිතේම ලියන්න පුළුවන් නේ එතකොට..
      නැත්ද දේශකයෝ... :D

      Delete
  8. මුල් ටික කියවලා ආයෙත් උඩට ගිහින් බැලුවා , ම සමකය වටේ කියලා හිතාගන වෙන එකකට ඇවිත් කියලා , අන්තිමට දාලා තියන එව්වානං තේරුනේ නැ , ඇයි මේ කෙන්ජියා බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. අතට ලැබිච්ච දේ කටේ දාගන්න බැරි පින් මද පුතුන්ට මේවා කොහෙත්ම තේරුම් ගන්න බැහැ තමා.

      Delete
    2. සරුමද බව තමා... ඉතිං

      Delete
    3. හි හි කෝ මේ ගමන් මගියා ,,එයා දන්නවා කාගේද එහෙම කියලා දේශක තුමෝ.. අටම් සහ දේශක තුමා වගේ නෙමේ ගොන්ජි කෙලින්ම ලස්සනට ලියලා

      Delete
  9. දේශකය කියන එකා මෙහෙ වර :D

    ReplyDelete
    Replies
    1. පෙරහැර ගියාට පස්සෙ එයි:).

      Delete
    2. ඕං එහෙම එකෙක් ආවා. මොන මගුලක්ද බං මම බොලාට මගේ ටය්ම් ටේබල් එක දීල තියෙද්දි ඊට පිටින් වැඩ කරන්නේ.. ඒ ටයිම් එකෙන් පිට මම නෑ.

      http://deshakaya.blogspot.com/2012/10/blog-post.html

      Delete
  10. අනේ පව් දේශකයා...:)

    ReplyDelete
    Replies
    1. මම හිතුව මම පව් කියයි කියල.

      Delete
    2. බැන්දට පස්සෙ අපේ පොඩ්ඩි කෙල්ලත් නරක්වෙලා තියෙන තරම් !

      Delete
    3. සරා.. බැන්දට පස්සේ තමා වැම්පයර් නගා හොද වෙලා තියෙන්නේ.. මට හිතුනා උඹවත් මං ගැන දුකෙන් ඉදීවි කියල පොඩ්ඩියේ.. ඇඩෙනවා

      Delete
    4. මේ අහපන් දෙස්හෝ ... බත් මාළු පිනි කන මනුස්සයෙක් කරන වැඩක් නෙමේ උඹ අර කරලා කරලා තියෙන්නේ.ඉටි පන්දම් හඳුන්කුරු කන එවුන් නැති නිසා කවුරුත් උබ ගැන දුක් වෙන්නේ නැහැ බන් ..... ඉඳගෙන .....

      Delete
    5. සරා,පොඩ්ඩි නරක්‌ වෙලා නෙමේ."දැන් එයා හොද ළමයෙක්" වෙලා.
      කන්නෙ එළවලු/පලතුරු විතරලු.

      Delete
  11. මමත් කොමෙන්ට් එකක් දාලා මාර විදියට දුක් උනා....

    ReplyDelete
    Replies
    1. හැක්.. මාතලං ගොයියා හරි නරකයි

      Delete
    2. ඒක කියවල මටත් දුක වැඩිකමටම තමා මෙය ලියවුනෙත්.

      Delete
  12. කෙන්ජි ඉත්ං කවදත් වැඩ කාරයනෙ. ඔන්න ඔහොම නූනා නම් ඉතිං මට පුදුම හිතෙයි.. අපේ දේශා මල්ලි හිත පාලනය කරපු කෙනෙක්නෙ.. එයාගෙ ඔක්කොම කතා කියවපු මට ඉතිං ඒක ෂුවර් ... ඇයි අවුල්ද ?

    ReplyDelete
    Replies
    1. අපොයි අවුලක් නෑ. අන්න මට ආරස්සාවට එක සහෝදරයෙක් ඉන්නව කියල බය නැතිව කියත හැකි.. සරා ගොයියා බුදු වේවා!

      Delete
    2. අටමයි,දේශ ගෙයි ලිපි දෙක කියවල මුන් පිරිමිද කියල අවුල් නිසා තමයි සරා මේක ලිව්වෙ:).

      Delete
    3. මන් ප්‍රතිපත්තියක් විදියට අනෝ කොමෙන්ට් දාන්නේ නැහැ ඒ නිසා කියලා දාන්නම් ලාවට ,,දේශක තුමාගේ අර පිච්ච මල් කතාවෙන් පස්සේ කියෝපු කතාවමේක ,,අනේ මන්ද මෙවුවා දැන් නම් වෙරලුමල් සුවද කියන එක ගැන යම් අදහසක් ආවා ,,ඔව් ,, :-) ශික් විතරක් ඉදගෙන

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  13. කතාව ලස්සනයි... කෙන්ජි අයියට ලස්සනට ලියන්න පුළුවන්... කතාව සත්‍යයද, මායාව ද කියල හිතන්න හිත වෙහෙස කරන්නෙ නෑ මම නම්...

    කෙන්ජි අයියේ... කෙටි කතා පොතක් කරමුද... මම සම්පුර්ණ සහයෝගය දෙනවා.. ටයිප් කරල, පිටු හදල, ප්‍රෙස් එකට යන මොහොත දක්වාම... ඔයා ලියනවනම්.... ( හා නම් පණිවිඩයක් දාන්න. වැඩේ පටන් ගනිමු. tharurasi@gmail.com )

    වෙරළු මල් සුවද කියන එකේ යටි අරුතක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ගොයි ඇනෝ සුරි කැවඳ

      Delete
    2. මේවා ලියන්න වෙන්නේ තරුරසී, ප්ලේබෝයි සගරාවටයි අළුතෙන් පටන් ගන්න ඉන්න “ජපන් බේබද්දා“ සගරාවටයි විතරයි.. හැක්..

      Delete
    3. මට නම් හිතෙන්නෙ සරල ලිංගික වින්දනයට එහා ගිය මානව සම්බන්ධතාවයක් ගැන ලස්සන කතාවක් මේ අත්දැකීමෙන් ලියන්න පුළුවන්.... කියලයි...

      Delete
    4. කොහෙද කුපාඩි හැත්ත බලන්නෙ කැත ඇසෙන්ම නෙ.
      තරුට විතරයි ඒක තේරුම් ගියේ.
      තරු;වෙරළු මල් සුවද දැනගන්න ඕනෙ නම් පල්ලෙහ මාතලන් දාල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න.

      Delete
  14. වෙරළු මල් පිපිලා කියලා පනාපුත්‍ර තුමාගේ නෝනත් ගීතයක් ගායනා කරලා තියෙනවා නේද...හැමෝටම මොකම මේ එක සැරේ පිච්ච මල් සුවද දැනෙන්න අරන් තියෙන්නෙ...දේශකයටත් පිච්ච මල් සුවදක් දැනිලා..

    ReplyDelete
    Replies
    1. සිරා... සුවද හමන විදිය ප්‍රැක්ටිකල්.. පිච්ච මල් සුවද ට පස්සේ තමා වෙරළු මල් සුවද..

      Delete
    2. මේක බන් හැමදාම පොල් ගහට නැඟල පොල්වල්ල අතගාල ආපහු බැහැල අවුරුදු දෙකක්...... පොල් කඩල නැහැ...අයි බන් මූත් කන්නේ අපි කන කෑමම තමා බොලව් ...

      Delete
    3. ඔය සිංදුවෙ විස්තරේ වෙද මහතා මාතලන්ගෙ පල්ලෙහා ලින්ක් එකේ ලිපියට කොමන්ට් කරද්දි ලියල තියෙනවා.

      Delete
    4. ලින්කුව ආයෙ දාන්න...

      Delete
    5. මැලේ ගිහිල්ල බොට දැන් සිංහලත් අමතකද මලේ.
      පල්ලෙහා මාතලන් ලොක්කගෙ කොමන්ට් එකේ තියෙන ලින්කුවට යන්න.

      Delete
  15. කෙන්ජයියා ඒකද රට හැර ගියේ .....? අහෝ දුකකි ,
    නෑ මේ එකද දේශකයා බොන්නේ..?
    එතකොට නලින් අයියා ඇයි මේක පබ්ලිස් කොරන්නේ.......?
    අයියු පිස්සු වගේ අප්පා
    ගනිල්ලා බෝතලයක් දෙකක්‌ දාගන්ට

    ReplyDelete
    Replies
    1. මටත් පිස්සු වගේ තමා ඉවාන්.. ගනිං එහෙනං ඕක මාත් සැට් වෙන්න...

      Delete
    2. අපි තුන් දෙනාට බෝතලයක් මදි වෙයි නේදෝ... වැටෙන්න බොන්න ඕනේ මට මෙව්වා කල්පනා කලොත්නම්..

      Delete
    3. බොලා ලට බොන බනේම තමා.තුහ්..හුජ්ජ කොල්ලෝ.

      Delete
  16. අත්දැකීම් ලියනකොට ලස්සනට ලියවෙනවා නේද කෙන්ජි. ඉතින් ඉන්ටර්සිටි ගමන කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉන්ටර්සිටි ගමනෙ සාර්ථකත්වය තමා එයා එක්ක හිටියෙ අයිලාස්.

      Delete
  17. වෙරළු මල් සුවද, මගේ පිච්ච මල් සුවදට මාරු කරන්න හදපු අර අධම ත්‍රයිබාසා ගෙන් උත්තර ගනිල්ලා... හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. මං මොනව කියන්නද, කියන්න ඕන ටික කෙන්ජි කියල තියෙනවනේ. හැක් හැක්...

      Delete
    2. දේශක..මේ අරකට උත්තරේ වෙන්ටැ.. බින්ද නේද හිරි ඔතප්

      Delete
    3. ඒකට උත්තරේ නිසානෙ දේශා කෝටුවෙන් වටේ නෙල නෙල යන්නෙ :).

      Delete
    4. ඇඩෙනවා වෙරළු මල්ද? පිච්ච මල්ද ?

      Delete
  18. සිරාවට මට කොයිල් වගේ.... මං තාමත් කල්පනා කරනව "මුලකුරු වල කතන්දරේ" මොකක්ද කියලා ????

    ReplyDelete
    Replies
    1. මේක තේරුම් යන්නෙ නැත්නම් බොට පොඩි කාලේ ෆොන්ටෙරා එකේ කිරිපිටි බොන්න දීල නැහැ මගෙ හිතේ.

      Delete
    2. kenji+++++++++++++++++++++++++++++++:D

      Delete
  19. පිච්ච මල් සුවඳට අභියෝග කරන වෙරළු මල් සුවඳ. හරි නම් වියයුත්තේ සකුරා හෝ චෙරිමල් සුවඳ නොවේද?

    ReplyDelete
    Replies
    1. සකුරා පිපෙන දේශයේදී ලැබුන සකුරා මලයි,චෙරි ගෙඩි දෙකයි මගෙ ජිවිතයම වෙලාගෙන ඉද්දි මොනව ලියන්නද හෙන්රියො?

      Delete
  20. මං මේ කල්පනා කළේ........... දෙන්නයි දෙන්නයි කිව්වට ඊට වැඩියි වගේ... හි හි....

    ReplyDelete
    Replies
    1. ඕව ගැන කල්පනා කරන්න යන්න එපා කෙල්ලෙ.
      දෙන්න එක්ක දරුවෙක් හදන ඒක හිතහල්ල.

      Delete
    2. ඒ මොකටදෑ සීයේ... හි හි...

      Delete
    3. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
  21. නිර්මාණය නියමයි කෙන්ජි.

    දැං අපි මොන කතාවද විශ්වාස කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් ප්‍රසා.
      මගෙ එක ඇත්ත.දේශය කිව්වෙ බොරු.නැත්නම් නැට්ටට කිරි උනන්නෙ නැති ලෙඩේ වෙන්න ඇති.

      Delete
  22. අනේ මන් දන්නේ නෑ අපිත් නරක වෙනවා මෙව්වා කියෝලා..

    කෙන්ජි නියමෙට ලියනවනේ...

    ReplyDelete
    Replies
    1. මමත් ඕක හිතුව.
      නරක්‌ වෙන එකෙක් නරක්‌ වෙද්දෙන් කියල කොටලා දැම්ම.

      Delete
  23. වෙරලු මල් සුවඳ ද? බගන්දරා මල් සුවඳ ද?

    ReplyDelete
    Replies
    1. බගන්දරා මල්?ඒ මලත් අර සුවදමද?

      Delete
    2. බගන්දරා මල් ගැන අහලම නැද්ද?

      Delete
    3. බගන්දරා යනු රෝගයකි. මේ කියන්නේ බාඳුරා මල් ගැන ද

      Delete
  24. මෙන්න වෙරළු මල් සුවඳ ගැන මාතලන් ශූරීන් ලියු කව...

    http://maathalan.blogspot.com/2011/12/you-are-too-naughty-babe.html

    ReplyDelete
    Replies
    1. ඔබගෙ ඒ ලිපියෙ වෙරළු මල් ගැන මල් හතේ කොමන්ට් ටිකක් තියෙනව.

      Delete
  25. මටත් ටිකක් තේරුනා මදිවගේ... ඒත් කෙන්ජි අයියා තමන් ගැන සුදු හුණු ගාගන ජාතියේ කෙනෙක් නෙමේ නිසා කතාව ඇත්තම වෙන්න ඇති නේ?

    ReplyDelete
    Replies
    1. ගොතල කතා මා ලග නැහැනෙ නංගො.

      Delete
  26. කෙන්ජි අයියේ ජිනා අක්කට ඇප දෙමුද ?

    මම හිතුනා නලීන්ට තද වෙලා වත්ද කියලා. :)

    ReplyDelete
    Replies
    1. බැහැ මල්ලියො ලොකුම අතක් පොවල නිසා හරි ගියේ නැහැ.
      නලිය තද වෙන පොරක් නෙමේනෙ,බෝ පැලයක් නෙ.

      Delete
  27. මම කියවගෙන ගියා ඉඳල ඉඳල නලින් කතාවක් ලියල තියෙන්නෙ කියල හිතාගෙන.බලපුවම මේ කෙන්ජිගේ කතාවක්නෙ ඉඳගෙන,
    ලියන්න බෑ බෑ කීවාට ඔය ලියලා තියෙන්නෙ ටොප් එකට.මට තියෙන එකම ප්‍රශ්නේ දේශකයා මොකද කෙන්ජිගේ පස්සෙන් යන්නේ කියන එක

    ReplyDelete
    Replies
    1. අර කෙල්ල වචනයක් පුරුදු කරල ඉදගෙන ඉදගෙන කියල.ඉස්සර මට ඔය පුරුද්ද තිබුන.
      නැහැ හැලප නිකං හිතන්න ගෙඩි පිටින්ම අවුරුදුම 2ක් අමුවෙන්ම ඉන්න එකා මොකාද?කෙල්ලට ගොඩොල් ලෝඩ් නොබෑවත් අඩු ගානෙ ඒකිට කියල හස්ත කෘතයක්වත් නොකර ගන්න මෝඩය මොකාද?මට ඒකමයි මල පැන්නෙ.

      Delete
    2. //මට තියෙන එකම ප්‍රශ්නේ දේශකයා මොකද කෙන්ජිගේ පස්සෙන් යන්නේ කියන එක//
      ඔන්න ඔන්න . . . ඔයා බබා වෙන්න හදනව

      Delete
  28. රෝහිත නම දැක්ක හැටියේ මම දැනගත්තා කතාවේ අයිතිකාරයා ගැන. කෙන්ජි අය්යේ මේක හරියන්නේ නැහැ.. අපි පටන් ගමු බ්ලොග් කටුවක්.. ඉතිහාසයේ ජනප්‍රියම බ්ලොග් එක වෙනවා සිකුරුයි ඒක.. ඊළඟට ඉන්න අනිත් එකා තමයි DDT ... එක්කෝ උඹලා දෙන්නා හවුලේ කරන් පලයව් බ්ලොග් එක.. DDT කාරයා මදුරු නාශක ගහයිද දන්නේ නැහැ කෙන්ජි අය්යට.. සති දෙකක් යදි මදුරු නාශක සුවඳ වහනය වේවිද දෙන්නා ලගින් ?

    ReplyDelete
    Replies
    1. අකුරක් කොටපු ගමන් මෙකගෙන්නෙ බේරෙන්න බැරි.ඉස්සෙල්ලම මල්ලිය තමා ආරාධනා කලෙත්.DDT මල්ලිය මට සෙට් උනොත් ඒකගෙ නමත් කුණු වෙනව.
      බලමුකො මල්ලි.

      Delete
  29. කෙන්ඡි අයියේ සහන් කියනවා වගේ ලියමුකෝ බිලොග් එකක්. නියමයි ඔයාගේ හැකියාව.
    නලින් අයියන්ඩි ඔයාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ආයිබෝං මෙන්ඩිය.ඕව කියන තරම් ලේසි නැහැ අප්ප තියෙන වඩාත් එක්ක.බලමු නේද ඉදිරියේදී.

      Delete
    2. අන්න මම කැමතිම නම..මම ආයමත් ඉස්කෝලේ යනවා වගේ දැනුනා

      Delete
  30. කෙන්ජි මැලේසිය ආපු වෙලාවක මාව හම්බ වෙන්න මෙයා .... ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා වගේ ......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඉන්නේත් මැලේසියාවේ නේද?

      Delete
    2. රාල මලය,මාව මුනගැහිල ඉවරවෙලා උඹේ ඔෆිස් එකේ මැලේ/චීන කෑලි බොලා බඩකරලා හිරේ විලංගුවේ වැටෙනව දකින්න මම ආස නැහැ.

      Delete
    3. කකා,එහෙත් මගෙ තැනක් තමා.

      Delete
  31. කෙන්ජි, සත්‍යය හා ප්‍රහසනය බ්ලොග් ලොවට එකතු කල ඔබා මාමාව මතක් වෙනවා ඔබේ කතාවලින්. සුභපැතුම් බ්ලොගයක් පටන් ගැන්මට.!

    ReplyDelete
    Replies
    1. සාගර ස්තුතියි ඇගයීමට.හේතු ඉහත කියල තියෙනව බලමු නේද පස්සෙ.

      Delete
  32. මෙක තමයි නාඩි වැටෙන මිනිහෙක් නම් සිද්ද වෙන්නෙ ( මම නම් හිතන්නෙ )

    ReplyDelete
    Replies
    1. දමිය අරුන් දෙන්න උඹව අහු වුනොත් මස් කරයි පස්සෙ ආපු අග ලොකුවුනාද කියල:).

      Delete
  33. නලීන් උඹ කෙන්ජියට බ්ලොගක් හදන වැඩේට පස් පිඩැල්ල කැපුවා.කෙන්ජි කියන්න වචණ නැහැ.අපි නොදන්න වෙරළු මල් නේද මෙයා.සංතෝශයි කෙන්ජියෝ.ගමනේ යා!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කියන පරක්කුවෙන් ආව නේද?
      බ්ලොගෙන් නැතත් කට්ටිය එක්ක එකට ඉදගෙන කොමන්ට් කරන එකත් ලෙහෙසි වැඩක්ද මාස්ටර් සර්..!
      නලී ඉතින් කාටත් පිහිට වෙන බොක්කක් නෙ.

      Delete
  34. ජීවිතයේ කිසි දිනෙක නොදැක, ඔබ කවුරුන්ද යැයි නො අසා බ්ලොග් තුළින්ම ඇතිකරගත් සහෘදත්වය මත කෙන්ජි නමින් ඉන්නේ කවරෙක්ද යැයි මම හඳුනාගත්තෙමි. ඒ විටෙක චන්ඩමාරුතයක්ව ද තවත් විටෙක පවන් රැල්ලක්වද අප හමුවට එන සේයාවෙනි. ඉන් ඔබ්බට මා ඔහු ගැන අල්පයක් හෝ නොදනිමි. ඒත් මේ මිනිසා තුළ සුන්දර නිර්මාණ කරුවකු වූ බව නම් පසක් කොට ගෙන සිටියෙමි.
    මේ කතාව ඔස්සේ ඒ බැව් ඔබ සැමටත් දැනෙන්නට ඇතැයි සිතමි.
    දේශකයා ද එවැනිම වූ නිර්මාණ කරුවෙකි. දේශකයාගේ කතාවක් ඔස්සේ වේවා මේ අයුරින් කෙන්ජි කරළියට පිවිසීම බොහෝ දෙනකුට සොම්නසට කරුණක් වූ වග මේ වන විට ඔප්පු වී හමාරය.
    මේ දෙදෙනාගේම කතා ද්විත්වයේ සැගවුණු අපූර්වත්වයක් ඇත. මානවීය ගුණාංගයන්ගෙන් පිරිපුන්ය.
    දැන් කළ යුත්තේ තවත් පියවරක් ඉදිරියට තැබීමයි.
    සමාජයේ කළු චරිත නැත, සුදු චරිතද නැත. ඇත්තේ මේ ද්විත්වයේම සම් මිශ්‍රණයකි.මේ දෙදෙනාම ගෙනා කතා ද්විත්වයේ සැගවුණු අරුත එළියට ගත යුතුව ඇත. ඒ සඳහා වඩාත්ම සුදුස්සන් ලෙස මා තෝරාගන්නේ ඉවාන් පවුලූෂා හෝ තරු රසී ය. දෙදෙනාටම මේ ඇරියුම. මේ කතා දෙක තුළ සැගවුණු මානවීය සහලක්ෂණ එකතුකොට ගොඩ නගන්න තවත් අනගි කතාවක්.
    එසේම නිර්මාණ තුළින් පෞද්ගලිකත්වය සොයන්න එපා යන ඉල්ලිමද කරමි.
    මේ කාතාව හා එක්වුණු ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජියගේ එක නං අදින්න ඕන මොකද ඒක ඇත්තම සින් එකක් කියල මිනිහ කියන්නේ...(එක කිව්වේ කතාව නැතිව අහවල් එකක් නෙමෙයි හරිය)

      Delete
    2. නලින්අයියා ඔයාගේ මෙි කමන්ටුව සුපිරිම හැදින්විමක් කෙන්ඡි ගැන...ඉදලා හිටලා පොඩි කොක්කක පැටලුනාට අපි උඹට ආදරේයි කෙන්ඡි අයියන්ඞි

      Delete
  35. නොදැනම එක්ලක්ෂ පනස් දාහත් පහුකරලානේ අද. දැන් දැක්කේ.

    ReplyDelete
    Replies
    1. මම බලද්දි 150047 යි

      Delete
    2. 150000 ට සුබ පැතුම් නලින් සහෝ...

      Delete
  36. නලින්ට ස්තුතියි..!
    ඔබගේ යෝජනාව හරිම අපුරුයි.එම දෙදෙනා ඔබගේ ඉල්ලීමට සැලකීමක් කරනු ඇති සිතමි.
    තරු මේ කතාවේ කවුරුත් නොදැක්ක පැතිකඩක් දැක ඇති බව ඇය දෙවරක්ම කල ප්‍රතිචාර වලින් වැටහුනා.
    ඔබ කිව්ව වගේ ඉවාන් මල්ලියත් කතා ලියන්න දෙයිය.
    අපි බලමු ඒ දෙදෙනාගේ ප්‍රතිචාර.
    ඇත්තටම නලින් ඔබ මේ යෝජනා කල මෙවැනි දෑ බ්ලොග් අවකාශයේ සිදු විය යුතුයි කියා මා සිතනව.
    කියවපු/ප්‍රතිචාර දැක්වූ/නොදැක්වූ සියලු දෙනාට මාගේ ප්‍රණාමය...!!!

    ReplyDelete
    Replies
    1. අපි බලමු මොකෑ කියනනේ කියලා මේ උන්දැල නැද්ද කෙන්ජෝ...

      Delete
  37. 150'000 පසු කලාට සුභ පැතුම්...!!!

    ReplyDelete
  38. අර කතාවක් තියෙනවනෙ තරුණ කාලෙ විප්ලව වාදියෙක් නොවෙන එකත් මහළු වෙලත් විප්ලව වාදියෙක් වෙල ඉන එකත් දෙන්නම මෝඩයො කියල. අන්න ඒ වගේ තරුණ තනිකඩ කාලෙ නෙලා ගන්න තියෙන මල් දිහා බලන් විදර්ශනා වඩල වයසට ගියාම මල් කඩ උන් දිහා බලන් මල පන්නගන්න එකේ තේරුමක් නෑ.

    උඹේ කතාව ඇත්තටම මාවත් ඒකාලෙට ඇදන් ගියා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික.
      ඇදන් ගියාට කමක් නැහැ,ආපහු කොරන්න ලේස්ති වෙනව නෙමෙයි :).

      Delete
    2. කතාව මල් හතයි ඉන්දික...+++++

      Delete
  39. ලියමු නේ කෙටි කතාවක්... මේ කාර්යබහුල දවස් ටික පහුවෙලා....

    නලින්ටත්, කෙන්ජි අයියටත් ස්තුතියි එවැනි වැඩක් පවරන්නට මා සුදුසු බව හිතීම...
    බ්ලොග්කරුවන්ට එකතු වෙලා කෙටිකතා පොතක්, කවි පොතක් හෙම කරන්නත් හැකියි නේද කියල මට හිතුණා.. මේ කතා බහ අස්සෙ...

    ඒ වගේම සුබ පැතුම් සමකය බ්ලොග් අඩවියට...

    ReplyDelete
    Replies
    1. ආරාධනය පිළිගෙන ප්‍රතිචාර දැක්වීම ගැන තරුසී නංගිට ස්තුතියි.!

      Delete
  40. කෙන්ජි, ඔබට මොකවත් නොලියා ගියොත් හොඳ නැහැ. මා පත්තර සමාගමක අයිතිකරු වෙක් නම්, මගේ "ලිංගික අධ්‍යාපනික" පත්තරේ කතුකමට ගන්නේ කවුද කියල හිතුවේ.
    සෘන්ගාර රසය හා අද ගොඩක් බ්ලොග් වල ලියවෙන කුණුහරුප රසය අතර පරතරය දිගටම තබාගෙන ලිවීමට හැකි වෙන්න කියා පතමි. සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..හේ..පැතුමට තුති රයිගම සහෝදරය..!

      Delete
  41. මේක කෙන්ජි අයියගේ සුපිරි කතාවක්නේ , මම හිතන්නේ කෙන්ජි අයියගේ අත්දැකීමක් වෙන්ටැති... තව මේ වගේ අත්දැකීම් ගොඩක් ඇති මගේ හිතේ ..මේ ලියලා තියෙන විදියට මම හරි කැමැති ..

    ReplyDelete
  42. කීප වතාවක් කියවුවෙමි. අදහස් දක්වම්දෝ නොදක්වම්දෝ කියා සිතමින් සිට නොදැක්වීමට සිතුවෙමි. ඒ අතරේ කෙන්ජි මගේ අඩවියටම ඇවිත් නෝක්කාඩු කියා ගොස් තිබුණි.

    ඇත්තටම වෙරළු මල් සුවඳ ගැන ලියා තිබුනේ මෙහි අදහස් දක්වා ඇති කතන්දරකාරයා ය. වෙරළු මල් සුවඳ විඳ නැති ජීවිතයෙන් වැඩක් නැත. මන්ද කඩුපුල් මල් මෙන් දුර්ලභ නිසා වෙරළු මල් සුවඳද හැමදාම විඳින්නට ලැබෙන්නේ නැත. විඳින විට අනන්න්තයටම විඳින්නට ලැබෙයි.

    මේ කතාව නිමවෙන්නේ 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳඑළිය සේ අචින්ත්‍යයි' යන්න පසක් කරමින් නිසා කතාව අගයමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක තුමනි,ප්‍රතිචාරයට.මට සෙට් වෙන අය බලෙන් ගෙන්ව ගත්තට සොරිම තමා සර්....!

      Delete
  43. එතකොට දෙන්නයි...මෙයයි තුනයි..
    හත්තිලව්වයි තව ඉන්නවද දන්නෑ :D :D

    ඇයි මේ හැකියාව ඔබේම බ්ලොග් එකක දිගහැරගන්නේ නැත්තේ...මේ වගේ පුලුවන් වෙලාවට ටික ටික ලියමු.

    ReplyDelete
    Replies
    1. මම එකක් කියන් නම් හිරුව වගේ ගණන් හදන්න ලේස්ති වෙන්න එපා.
      පස්සෙ කාලෙක ඔය ගාන හරි ගාන වෙයි.
      හැකියාවට රැකියාවක් ලැබිල දෙකක් හදල එව්වන් ගෙ දේවල් එක්ක ඉදන් තමා මේ කොටන්නෙ.

      Delete
  44. අයියෝ සල්ලි කියල කියවෙන්නේ මේ වෙලාවට තමයි

    ReplyDelete
    Replies
    1. සල්ලි කිව්වෙ ජිනා ආන්ටියට දීපුවද?

      Delete
  45. වෙරලුමල් සුවඳ හොඳටම එන්නේ අවුරුද්දේ මුල් කාර්තුවේ විතර. ඒත් ජීවිතවල නම් ලමා වියෙන් යොවුන් විය ආවාම ජීවිතේ පුරාම වෙරලුමල් සුවඳ තමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා ප්‍රතිචාරයක් දැක්වීම ගැන ඔබට.
      අපේ සහෝදරයන් ඩබලක් දාපු ලිපියකට උත්තර බැන්දොත් කොහොමද කියල හිතුන නිසයි මෙය කෙටු වෙ.
      මාතලන් කලකට ඉහත පල කරපු ලිපිය සහ කොමන්ට් වලින් වෙරළු මල් සුවද වෑහෙනවා.

      Delete
  46. නිර්මාණයක් වස්ගයෙන් නම් ඉතා ඉහලයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල නොහැකි දේ ව්‍යංගයෙන් අපූරුවට ඉදිරිපත් කර තියනවා.

    මේවා හුදු කතන්දර නොව, සමාජයේ සැබවින්ම සිදුවන දේ. - මා දන්නා මෙවැනි සිදුවීම කීපයක්ම තියනවා. මගේ ප්‍රශ්ණය මෙයයි. මර්වියා " අපිට නං අල්ලපු ගම්වල ගෑණුන්ගෙනුත් ලමයි ඉන්නවා" කී විට, අප ඔහු පාදඩයෙක් ලෙසත්, මේ කථා නායකයා වැන්නවුන්ව වීරයයි හැටියටත් සැලකන්නේ ඇයි? කියන එකයි

    ReplyDelete
    Replies
    1. //මගේ ප්‍රශ්ණය මෙයයි. මර්වියා " අපිට නං අල්ලපු ගම්වල ගෑණුන්ගෙනුත් ලමයි ඉන්නවා" කී විට, අප ඔහු පාදඩයෙක් ලෙසත්, මේ කථා නායකයා වැන්නවුන්ව වීරයයි හැටියටත් සැලකන්නේ ඇයි? කියන එකයි//

      මැරවියා පාදඩයෙක් වී කෙන්ජියා එසේ නොවන්නේ ගල් කැපුවාට බඩ වෙන්නේ නැති නිසාවෙනි

      Delete
    2. ඕනයා කතාව හරියට කියෝල නෑ වගේ :)
      //රෝහිත් මේකට ඔයා බැහැ කියන්න එපා.ඔයා මාව අද ඉන්ටර්සිටි එකක එක්කන් ගිහින් සතුටු කරන්න........මා එය සතුටින් ඉටු කළෙමි. ඇය ද ඉතාමත් සතුටු සිතින් මට පින් දි වෙන් ව ගියා ය.//
      උඹ දන්නවද "හතර හිනාව" කියන්නෙ කොකක්ද කියලා :)


      Delete
    3. ඇනෝ
      මම හතර හිනාව දන්නව :D මම හිතන්නෙ ඔයා ඔය අගවලා තියෙන්නෙ හතර හිනාවෙ එන තාත්ත පුතාව වඩාගෙන මගේ පුතා යයි කියනවිට අම්මට යන හිනාව ගැන වෙන්න ඕනෙ

      කතාව කියනවලා නෑ කීව එකට
      මම කතාව කියෙවුව මතුපිට කතාව වගේම ඇතුලෙ හැංගුන කතාවත් හොදහැටි තේරුනා. මේ ඇනෝ උඩ ඇනෝගෙ කොමෙන්ට් එක සහ මම "ඊට" දුන්න උත්තරේ කියවලා නෑ වගේ හරි හැටි

      Delete
  47. ජිනා ඇන්ටිලා ඉන්නේ පොෂ් තැන් වලද? ඒ කාලේ කොල්ලෝ මරදානේ යන්නේ චාලට් අක්කා හමුවෙලා එන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි මෙයා ඔයාලට කිට්ටුවෙන්ම හිටි මිගමුවෙ බබක්කා ????

      Delete
    2. ඇයි ජොලි සීය කියන ලලක්කා. හෙක්.. හෙක්...ඒකත් ඇත්ත කතාවක්. බලමු බලමු විවේක ඇති විට හිමීට ලියන්න.....

      Delete
    3. වෙද මහත්තයා දැකලා තියෙනවද ලලක්කා සිංදුව මධ්‍යම අප්‍රිකානු රටක කට්ටියක් එළකිරි වගේ කියනවා. මෙන්න බලලා නැතිනම් බලන්න

      http://www.youtube.com/watch?v=ZZ2JCNHInp4

      Delete
    4. ඕනයා අපි හම්බෙලා මේ ගැන ගැඹුරින් කතා කරමු!

      Delete
    5. දැකලා තියනවා බුද්ධි. ඒත් මේවා බොහොම සුලභ කතා. නම් ගම් විතරයි වෙනස්.

      Delete
  48. බ්ලොග් යුගයේ ජනප්‍රියම තරුව Kenji @ Japan බව මට හැඟෙයි.

    ReplyDelete
  49. ජිනාය කීවම මතක් උනේ මගෙ සහෝදරයෙක් හිටිය මෙඩිකල් රෙපෙක්, ඌ දවසට තුන්පාරක් යනව නෙව ඔතෙන්ට

    ReplyDelete
  50. අඩේ........... අපේ කෙන්ජිගේ කතාවක්නෙ මරු....... මරු....කතාවත් නියමයි. අන්තර්ගතය ත් නියමයි. දැන් දැක්කෙ.

    ReplyDelete
  51. සංසාරේ වේද මහත්තයෝ .... ත්‍රිවිද රත්නයේ විදියට මේ තරම් පරක්කු උනේ මොකද ????? අප්පමාතෝ අමතපදන්.....

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT