සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

මේ පාසල් නිවාඩු කාලයේ දකුණු ලක සිරි නරඹන්නට යන ඔබට පුංචි ඔත්තුවක් දෙන්නයි මේ වෑයම. මාදු ගඟ සවාරි ගැන නම් ඔබ දැනටමත් දන්නවා ඇතිනේ. නොදන්නේ නම් මෙතැනින් විස්තර දැනගන්න. එසේ මාදු ග‍ඟේ චාරිකාවේ දී අමතක නොකර මේ ස්ථානයත් නරඹන්න යන්න. 

බළපිටිය මාදු ගෙඟ් මිරිදිය ජාකොටුවක්, පවත්වාගෙන යන සමන් වසන්ත  ඒ ඇසුරින් අපූරුම මත්ස්‍ය චිකිත්සක ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. ජාකොටුවලම මොසැම්බික් විසිතුරු මසුන් සහ තිලාපියා මසුන්  ඇති කිරීමට ඔහු පෙළඹෙන්නේ මේ  නිසාය. මේ ඇසුරින් මත්ස්‍ය චිකිත්සාව සාර්ථකව කළ හැකි බව ඔහු අවබෝධ කරගත්තේ ය.

ශ‍්‍රී ලංකාවේ එවැනි චිකිත්සක ක‍්‍රමයක් ආරම්භ කළ මුල්ම පුද්ගලයා ඔහුය. මෙම තරුණයාගේ මත්ස්‍ය පොකුණ පිහිටියේ මාදු ගඟ මැදය.  මත්ස්‍ය චිකිත්සාවෙන් ලේ ගමනා ගමනය වර්ධනය වී සමේ ඇති වන ඇතැම් චර්ම රෝග සුව කර ගැනීමට ද ආතතිය හා පීඩනය අඩු කර ගැනීමට ද හැකි බව පිළිගෙන ඇති මතයකි. මේ ක්‍රමයෙන් මැරී ගිය සම ස්වභාවික ලෙස ඉවත් කර ගැනීමට මාළුවා උපකාරි වේ.





සමන් වසන්ත
සමන් වසන්ත තිස්තුන්වන  වියෙහි පසුවන පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර තරුණයෙකි. බලපිටිය මාදු ගංගාවේ ජා කොටුවල මසුන් ඇති කරමින් ජීවත් වූ තම තාත්තාගේ පසුව මෙම රැකියාව දැන් සිදු කරන්නේ සමන් වසන්තයි. මාදු ගගේ ජාකොටු වළ ඇති කරන මසුන් විකුණා ඔවුහු ජීවත් වූහ. දැන් මෙම චිකිත්සක ක්‍රමයෙන් ඔහු ආදායමක් උපයයි.

මිහිරියාවක් සතුටක් වින්දනයක් ලැබෙන්නා වූ මේ සුන්දර මත්ස්‍ය චිකිත්සාව ඔහු දෙස් විදෙස් සංචාරකයන්ට ඉතාමත් පහසු සහ අඩු මිලකට ලබාදේ. 

මේ ක්‍රමය තායිලන්තයේ ජපානයේ අතිශය ප්‍රසිද්ධ චිකිත්සක ක්‍රමයකි.
pix by lankinda nanayakkara

61 comments:

  1. මේ ගැන දැනුවත් කිරීමට ස්තුතියි නලින්.

    මේ වගේ එකක් පටන් අරගෙන පිරානා මසුන් දාලා අපේ සමහරක් දේශපාලුවන්ට චිකිත්සාවක් දුන්නොත් හොඳා නේද?

    ReplyDelete
    Replies
    1. හරි යන්නේ නැහැ මචන්.. උන්ගේ විසට පිරනා ටික මැරිලා යයි..

      Delete
    2. අන්න කරනවා නම් පින් අතේ වැඩ

      Delete
    3. එයාලව දාන්න ඕනෙ මිනීමෝරු එක්ක.. ඒත් වෙඩ්ක් නෑ. මිනීමෝරු ටිකත් කාල දමාවි.. පව්..

      Delete
    4. ආයි අහල මෝරු දුවාවි කකුල් වලින්, උන්ගේ ගදටම..

      Delete
    5. pissuda ban ape kattiya nikan gala ado wage ekenuth lissala yayi.

      Delete
  2. ඔය කොටුවක බැහැල ප්‍රතිකාරේ ගන්න බැරිද කීයක් උනත් කමක් නෑ.. හැක්..

    ස්තුතියි තොරතුරට.. මම පත්තරේක දැක්ක වගේ මතකයි ඔය ගැන..

    ReplyDelete
    Replies
    1. ඕවල බැහැල ප්‍රතිකර්ම ගන්න නම් සම මතු පිට කරගැට තිබෙන්න ඕන.
      ඔබත් එවැනි කෙනෙක්ද ලොකු මල්ලිය?

      Delete
    2. මට ඇත්තේ පොඩි ගැට දෙකකි. ඒ මදිද අයියා..

      Delete
    3. සමහර ගැට තියෙනව කඩා ගන්න හොද නැති.
      ගැට පිහිටල තියෙන තැන් අනුව තමයි ඉතිං ...
      මාළුවන්ට එක කටට එක වර ගන්න පුළුවන් වෙන්න ඕන එක ගැටයක්.
      නැත්නම් මාළුව පව් පරන කරගැට ගිලල.

      Delete
    4. Kenji අයියන්ඩි
      මුගේ යටි පතුල් වල ගංජා ගැටද මන්ද තියන්නේ

      Delete
  3. මරු , දැන් අපිට ඉස්කෝල නිවාඩු නැති එක තමයි පුරස්නේ

    ReplyDelete
    Replies
    1. මරුම කමෙන්ට් එක ඉවාන්... හි හි

      Delete
    2. ඔව්..අප්පා..අපිට කොහෙද ඉස්කෝලේ නිවාඩු...

      Delete
  4. බොහොම වැදගත් ලිපියක්. අපේ ඉස්කෝලේ ට්‍රිප් එකනම් ගියා නේ. මම ගියේ නැහැ නේ. කමක් නැහැ ආයේ ට්‍රිප් යැවෙන්නේ නැහැ. පෞද්ගලිකව ගියොත් අනිවාරෙන් යනවා.
    බොහෝම ස්තූතියි අයියේ.. නොදන්නා දෙයක් දැන ගත්තා... :)

    ReplyDelete
  5. ට්‍රිප් එකක් නම් අද හෙටක තියා තව මාස ගාණකට යැවෙන එකක් නෑ. යන එකෙක්ට හරි කියන්න පුළුවන්නේ අඩුම ගානේ...

    ඔතන මිල ගණන් මොනවද කියලා දළ අදහසක් දුන්න නම් වඩා හොඳයි නේද අයියේ?

    ReplyDelete
  6. බලමු බලමු...වේලාවක් හම්බවුනොත් ගිහින් එන්න..

    ReplyDelete
  7. මම අර පුදුමාතලන් බලන්න කස්ටිය යනවා වගේ නඩයක් ලෑස්ති කරන් ඉන්නේ රතුපස්වල යන්න.

    ReplyDelete
    Replies
    1. මමත් එනවා සිංහ කොඩියකුත් ගෙන්නැයි...?

      Delete
    2. මට ඉන්නේ 18 ට වඩා අඩු ළමයින්යැ...18 ට අඩු උන් හට රතුපස් වල ප්‍රදේශය අපල බැවින්..මම නම් එන්නේ නැත...

      Delete
    3. කිරිබත් එහෙම උයනවද?

      Delete
    4. මචං,ට්‍රිප් එකට මගේ නමත් දාගනින් හරිද.

      Delete
    5. හැලපේ ..... උඹේ බ්ලොග් රෝල් එකේ මගේ මාතලන් අඩවිය නෑ. තියෙන්නේ සින්ඩිය විතරයි. කන්නේ නැතිව ඒකත් ඇඩ් කර ගන්නවද...?

      Delete
    6. අන්න හරි මාතලන් ඉල්ලන්න ගේමම, ඕක හැලපයා ඩයස්පොරාවත් එක්ක එකතුවෙලා කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.

      Delete
  8. මෙතනනං මරු වගේ හැබැයි! යන්න ඕනෙ වෙලාවක

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. කිවත් වගේ මරු පොට් එකනේ.
    මේ වැඩේ මිල ගණන් එහෙම කොහොමද..?

    ReplyDelete
    Replies
    1. මාළුන්ගේ තෙරපි එකට නම් ගත්තේ රුපියල් 50යි...

      Delete
  10. නලින් ගොයියටනම් හොටෙල් එකෙන් free tour එකක් දෙයි වගේ පබ්ලිසිටියට .......

    ReplyDelete
  11. ශා මරු මරු .....................කවදා යන්නද ඉතිං

    ReplyDelete
  12. රජරට කොල්ලන්ට මොනවටද අයියන්ඩි ජාකොටු? වැවේ, ඇලේ පනින අපිටනම් මාළු කොටනවා කියන්නේ මල ඇනයක්

    ReplyDelete
    Replies
    1. ඒ තුවාල තිබුනොත් නේද ඇවිල්ල කොටන්නෙ?

      Delete
    2. උන් තුවාල නැතත් ඇවිත් කොටනව කෙන්ජි අයියෙ. තුවාලයක් තිබුනොත් වැඩි. මටත් මල ඇණයක් තමයි ඒක. උඩ පැන පැන ඉන්න ඕන..

      Delete
    3. මාළු කොටනවා කියලා ගැනි මගේ පොඩි එකාව බයකරනවා වැවට බහින්න එපා කියලා. අපි වැව් වල බැහැලා හිටපු හැටියට එහනම් අපේ කකුල් නැති වෙන්න ඕනා.

      Delete
  13. මමත් ඔය තැනට ගියා..මාළුන්ට කන්න..සොරි...තෙරපි වලට කකුලත් දැම්මා...ඇත්තටම හරිම ශෝක්..රුපියල් 50යි ගත්තේ...
    ඒ සවාරියට තව තැන් ඇතුලත්..දූපත් කීපයකම අපිත් ගියා...
    යන්න..යන්න...කවුරුත් යන්න...

    ReplyDelete
  14. බල පිටියේ මගෙ යාලුවෙකුත් ඉන්නවා හැබෑටම. නොගයොත් නම් හොඳ නැ. ඒ ගමන්ම මාදු සවාරියත් යත හැකි. නිවාඩු කාලේ ඇවිත් ඕවයෙ ගියේ දැන්ට් අවුරුදු අටකට, දහයකට කලින් නෙව..

    ReplyDelete
  15. ෂා මරු තැන ......මාදු ගගට යන විදිහ පොඩ්ඩක් විස්තර කරනවද නලින් අයියේ,දුරකථන අංකයක් තියේ නම් දෙනවද

    ReplyDelete
  16. මිනිස්සුන්ටත් හිතෙන දේවල්! ව්‍යාපාරික ඥානය තමයි.

    ReplyDelete
  17. ස්තුතියි මිත්‍රයා මීට අවුරුදු දහසයක විතර අතිතයක් ආවර්ජනය කරන්නට උල්පන්දම් දුන්නාට , ඒ දවස් වල හෙද විදුහලේ ඉන්න කාළේ විනෝදෙට යන්නේ ඔය පැත්තේ තමා , හැබැයි ඒ කාළෙ නම් ඔය චිකිත්සාව තිබුනේ නැහැ , ඒත් පුදුම සුන්දර පරිසරයක් . ඔය පැත්තෙන් චාරිකාවකින් තමා අපේ කතාවත් ආරම්භ උනේ :)
    ස්තුතියි

    ReplyDelete
  18. මේ ක්‍රමය සම්බන්ධව වෙනත් මතයක් ලඟකදී මෙහේ පත්තරයක පලවුනා.අන්තර්ගතය ගැන එච්චර මතකයක් නැහැ.ලන්ච් පැක්ට් එකක් ගන්න සල්ලි මදිව ඉන්න කට කැඩිච්ච කොල්ලෙකුට මම ඔය ගැන පෙන්නුවා.ඌ කියනවා"මම අයියේ..බත් පැකට් එකට සල්ලි මදිව ඉන්නවා.ඔයා මේ පුකට කොටන මාලු සෙට් ගැන කතාකරකනවා"කොල්ලට මල පැන්නා.
    නලීන්......උත්සවය සාර්ථකද?

    ReplyDelete
  19. මේ පාර නම් බෑ. ලබන නිවාඩුවකට වත් යන්නම් කෝ....

    ReplyDelete
  20. අලුත් දෙයක්.. ඇහුවෙත් අදමයි

    ReplyDelete
  21. අලේ මට නම් බෑ අප්පා ඕවවා.. :D

    ReplyDelete
  22. රත්නපුරෙදීත්, සිංහරාජේදීත් ඔය ට්‍රීට්මන්ට් එක මටත් නොමිලේම හම්බුණා. හැබැයි තිලාපියා මොසැම්බිකා ගෙන් නෙවෙයි. ගල් පාඩියා ගෙන්. (ගල් පාඩියා දන්නේ නැති අයට: අපේ මාළු ටැංකි වල ඉන්න ටැංකි සුද්දා වගේ එකෙකි.)

    ReplyDelete
  23. මෙහෙම චිකිත්සක ක්‍රමයක් ගැන ඇහුවෙත් අදමයි!බොහොම ස්තූතියි සහෝ දැනුවත් කලාට.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
  24. මේ ගැන කොහේ හෝ කියවා තිබුණා. යලි මතක් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔයා නොකියවපු... එහෙම නැත්තම් නොදන්න දෙයක් නෑ නේද? මාර පොරක් මෙයා ඔයා.....

      Delete
    2. නැහැ නැහැ මාර නැහැ වීර. ඇනෝ කොහවත් යන්න ඉස්සර ඔයා Account එකක් හදා ගන්න

      Delete
  25. මරුනෙ ගිහින් බලන්න ඕනෙ

    ReplyDelete
  26. මෙම චිකිත්සාව අපේ ආයතනයේ වැඩ කරන ළමයෙකුගේ ‍ගෙදරත් කරනවා බෙන්තර පැත්තෙ.

    ReplyDelete
  27. ඇත්තටම අපූරු තැනක් විය යුතුයි. මාලු රෑනක් ඇවිත් හැපෙනකොට මට හිතෙන්නේ ඇතිතටම හොඳ ප්‍රතිකාරයක් කියලයි.

    ReplyDelete
  28. පින්තුරවල විදියට කකුල් විතරද ඔය ප්‍රතිකාරවලට ගන්නෙ

    ReplyDelete
  29. පාසල් නිවාඩුවෙ කොහෙ යන්නද???? වෙලාවක් නැහැනේ!!

    ReplyDelete
  30. මට නම් දැන් නිවාඩු ඇතිවෙලා.:)

    ඔය විදියට කකුල් මාලු ලව්වා කොටවා ගන්ට මම නම් ආසා නෑ. :D

    ReplyDelete
    Replies
    1. කවුරු ලව්ව කොටවගන්නද ආස?

      Delete
  31. මාළු අනිත් ඒවත් කඩාගෙන කයිද දන්නේ නෑ!

    ReplyDelete
  32. ගිය සතියෙ මගෙ පුතා යාලුවො කට්ටියක් එක්ක ඔතනට ගිහින් තිබුනා.හරි ජොලි කියා කිව්වා. නමුත් මාලු කොටද්දි සමහරු කැගහනවලු. කිති වැඩි නිසා. එක දිගට කකුල් වතුරෙ තියන් ඉන්න බැරිලු.තව එක එක විදියෙ බෝට් රයිඩ්ස් ගැන කිව්වා. ඒව ගොඩක් කේට කරන්නෙ විදේශිකයින්ට.

    wind surfing -$ 130

    wave surfing $ 60

    jet ski -$ 28

    banana ride - $ 6

    tube ride -$7

    canoeing -$ 10

    ඔය වගේ තව ගොඩක් ඒව තියෙනවා. එයා කොලයක් ගෙනත් තිබුනා ගොඩක් විනෝද වෙන්න පුලුවන්.

    ReplyDelete
  33. එකෙත් පොඩි ගතියක් තියනවා නේද ...

    ReplyDelete
  34. හෝව් හෝව්.. යන්න තියන තැන් ලිස්ට් කරනවා. යන්නත් නිවාඩු නැහැ බොලන්ලා... කාලෙකින් බ්ලොක් ගඩොල් බලන්න ගොඩ වුනෙ. මුලින්ම මතක් වුනෙ නලියාව. :D

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT