සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ස්ත්‍රීවාදී ලේඛිකාවක වන
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියට
පිරිමි අරහං ය. 
අප අවට සමාජයේ ද
පවුල් සංස්ථාවේ ද සිදුවන සියලු ව්‍යසනවලට හේතුව පිරිමියා යැයි
සුමිත්‍රා කල්පනා කරයි.
ශ්‍රී ලංකාවේ ගැහැනියකට
ශරීර - බද්ධ නිවුන් දරුවන්
ඉපදෙන්නේ ද පිරිමියකුගේ වරදක්නිසා ය. 
මේ කතුවරිය
පිරිමියාට වෛර කරන්නේ ද?


ශ්‍රී ලංකාවේ බාල වයස්කාර යෞවනියක සෞදි ආරාබියේ දී හිස ගසා මරා දැමීම ලොව පුරා ප්‍රචලිත වූ ආන්දෝලනාත්මක සිද්ධියකි. මේ සංවේගජනක කතා ප්‍රවෘත්තිය මුල් කොට නවකතාවක් රචනා කිරීමේ අපේක්ෂාව ප්‍රබන්ධකරුවන් කිහිප දෙනකුට ම තිබිණි. ඒ ගැන නොයෙක් සාකච්ඡා හා සංවාද පැවැත්විණි. එහි දී මතු වූ ප්‍රධාන ගැටලුවක් වූයේ මරණාසන්න මොහොතේ මේ දැරියගේ හැඟීම් - දැනීම් ජීවමාන ලෙස නිරූපණය කරන්නේ කෙසේද යන්න ය. ඊට පූර්වාදර්ශ නැත.පෙර කියැවීම් නැත. හිස ගැසුම් කන පුද්ගලයා නැවත කතා කරන්නේ නැත. එවැන්නකු මරණයෙන් බේරී යළි ජිවත් වූ බවක් ද දැනගන්නට නැත. එවැන්නකු පිළිබඳ නිරූපණයක් කිරීම බලවත් ම අභියෝගයකි.
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ‘අත අත නෑර” නවකතාව තුළ ද එබඳු බලවත් අභියෝගයක් හා නිර්මාණ අභ්‍යාසයක් තිබේ.ඇගේ කතාවේ ප්‍රධාන චරිතය දෙබිඩිය. අනුරී හා මනුරී ශරීරයෙන් එකට ඇලීසිටිති. එහෙත් ඔවුන් පුද්ගලයන් ලෙස ජීවිත දෙකක් බව ඉතා පැහැදිලි ය. නිවුන් දරුවන් පිළිබඳ අත්දැකීම ලෝකයට අරුමයක් නොවේ. එහෙත් දෙබඩි දරුවන් පිළිබද අත්දැකීම අලුත් ය. ඉරානයේ සිටි දෙබිඩි හෙවත් බද්ධ යුවතියෝ මීට ටික කලකට පෙර ජීවිතයෙන් සමු ගත්හ. දෙබඩි දරුවන් පිළිබඳ කථාන්දරය බොහෝ කොට ම නිරූපණයකි වන්නේ ලේඛකයාගේ පරිකල්පනය මත ය. කතුවරිය ව්‍යාජයකින් තොර ව දෙබිඩ්ඩන් පිළිබඳ නිරූපණයක යෙදෙන්නට වෑයම් කරයි.

“මං කැමැතියි තනියම නාන්න. මං කැමැතියි තනියම පොතක් කියවන්න.මං කැමැතියි මහ කළුවරේ තනියම ඉඳගෙන ඉන්න. තනියම ගමනක් යන්න. මහ සෙනඟක් මැද්දේ නොපෙනී යන්න. තනියම අඳින්න පුළුවන් ඇඳුමක් අඳින්න. ඒ ඔක්කෝටම වැඩිය තනියම නිදාගන්න’ මම කීවෙමි. තනියම! තනියම! හැම දෙනාට ම තමන්ට ම කියා තැනක් තිබිය යුතුය. අනෙකාගේ හුස්ම, අනෙකාගේ දුර්ගන්ධය අනෙකාගේ අප්‍රසාදය නොදැනෙන තැනක් හැමදෙනාටම තිබිය යුතුයි.
(අත අත නෑර 7 පිටුව 20)

දෙබඩි නිවුන්නු පිළිබඳ (මෙහි නිවැරැදි වචනය බද්ධ නිවුන්නු විය යුතුය) පෙර කියැවීමක් නැතත් ඔවුන්ගේ ස්වාභාවයන් උපකල්පනය කරන කල්හි ඉහත නිරූපණය පාඨක සිත් හි බලවත් කම්පනයක් ඇති කරයි. මිනිස් ජීවිතයකට වඩාත් වටින්නේ පෞද්ගලික නිදහස ය. එය අහිමි වූ තැන ජීවිතයක් නැතැ’යි තර්ක කළ හැකි ය. බද්ධ නිවුන්නු වන අනුරීගේ හා මනුරීගේ ;ශීකාලාපය මේ කතාව පුරා ම දකින්නට ලැබේ. ඔව්හු වරෙක ජීවිතය උදෙසා සටන් කරති.තව වරෙක අසරණ ව, අනාථ ව ඇද වැටෙති. තවත් වරෙක සමාජය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරති.
“වේදිකාවට ගොඩ වන සියලු දෙනාටම අවශ්‍ය වන්නේ ඉතා සමීපව අපගේ ශාරීරික බද්ධ වීම නැරඹීමටය. ඔවුන්ට අප අත ගා බලන්නට සිතෙන බව ඔවුන්ගේ හැසිරීම්වලින් පෙනෙයි.’ අනේ පව්! මුහුණු වලින් වේදිකාව පිරෙන විට මෙතෙක් දුන් රඟ සොබා ගැන දුකක් සිතෙයි. අපේ ශරීරය නොව සිත දැකපල්ලා’යි කෑ ගසා කියන්නට මට සිතෙයි. උන් අපගේ පොහොසත් සිත් නොදකින්නෝ ය.
(අත අත නෑර පිටුව 18)

ආබාධිතයාගේ ස්වභාවය වන්නේ හැකිතාක් සාමාන්‍ය ලෙස හැසිරීමට උත්සාහ කිරීම ය. එහෙත් පොදු සමාජයෙදී ඊට ඉඩක් නැත. කරුණාව, දයාව, අනුකම්පාව වැනි වචන පෙරටු කොට වේදිකාවට එන නරඹන්නෝ දෙබිඩ්ඩන් දෙස බලා ආස්වාදයක් ලබති. කතුවරිය මේ විකෘතිය මැනැවින් නිරූපණය කරයි. සිංහල නවකතාවට අලුත් අනුභූතින් හා නව ආඛ්‍යාන අවශ්‍ය කරයි. අත අත නෑර එම අවශ්‍යතාව යම් පමණකින් ඉටු කරනු පෙනෙයි.
මේ ප්‍රබන්ධය තුළ අපූරු චරිත ගණනාවක් තිබේ. ආත්තම්මා, අම්මා, නලිනි, ඔත්තුකාරයා, මිතුරා, ක්‍රිෂ්ණා, පායාස, මහාචාර්ය සංඛත් අතරින් කිහිප දෙනෙකි. ආත්තම්මා සාම්ප්‍රදායික ගැමි ගැහැනියගේ චරිතයට පණ දෙයි. කුල ගර්වය, අහංකාරය, සාරධර්ම ඇයගේ ජීවිතය බඳු ය. මිතුරා යනු බල්ලෙකි. ඌ මේ නවකතාවේ දී කතා කරයි. සංකේත මවයි. පායාස නවකතාවේ කිසිදු තැනක දකින්නට නැති එහෙත් නවකතාවේ උප-ප්‍රධාන චරිතයකි. අම්මා හෙවත් ප්‍රේමනී බොහෝ දුක් දරා සිටින එහෙත් අයුක්තිය ළඟ සටන් නො කරන ගැහැනියෙකි. නලිනී ඊට වඩා වෙනස් ය. ඈ සටන්කාරියෙකි. සටන්කාමී මාවතක සිටින්නීය.
අනුරී හා මනුරී සමඟ ගැටෙන මේ චරිත ජීවිතයේ පිළිබඳ අලුත් කථන්දර අප හමුවේ තබති. මෙහි එන මිතුරා හෙවත් බල්ලා සමාජය ගැන හොඳම විවේචන ඉදිරිපත් කරන විචාරකයෙකි.

“බබා මිනිස්සු උපදින්නෙ එක - එක විදිහට. එක්කෙනෙක්වත් අනෙකාට සමාන නෑ. ඔය දෙන්නත් එක්ක ඉන්න කොට මාත් මිනිහෙක්. ඔය දෙන්න වගේම මාත් සංගීතයට ආසයි. ඒත් මං බල්ලෙක් මිසක මිනිහෙක් නොවෙයි. මට සංගීතය විඳින්න පුළුවන්. ඒත් ගායනා කරන්න බෑ. ස්වාභාව ධර්මය මට කටක් දීල තියෙන්නෙ කන්නයි - බුරන්නයි විතරයි. ඕන නම් හපා කන්නත් පුළුවන්. ඔය දෙන්නා ඇලිල ඉන්න එක හොඳයි. මට බලාගන්න ලේසියි. මගේ හුස්ම තියෙනකල් මං ඔය දෙන්නව බලා ගන්නවා. මගේ ඉව කියනවා ඔය දෙන්නා දුකින් ඉන්නෙ කියලා”.
(අත අත නෑර 7 පිටුව 79)

සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය සුපුරුදු ලෙස ම පාඨකයා ආකර්ෂණය කර ගැනීමට සමත් ය. ඇගේ ආඛ්‍යානය ශක්තිමත් නිසා ම පොත දීර්ඝ වුව වෙහෙසක් නො දැනේ. වේගයෙන් කියවාගෙන යා හැකි ය. අතුරු කතා, සිහින තිබුණ ද ඒවා කතාව හා මනාව බද්ධ වෙයි. ජීවිතයේ නිස්සාරත්වය හා අනිත්‍යය මේ කතාවෙන් හැඟෙන්නේ යැයි කෙනකු කියන්නට පුළුවන. අලුත් තේමාවක්, අලුත් විෂයයක් නිසා තව කෙනකු මෙය වර්ණනා කරන්නටත් පුළුවන. කුමක්වුව මේ නවකතාව ඛේදාන්තයක් සහිත ප්‍රබන්ධයකි. පොත කියවා අවසන් කළ සැණෙන් බරපතළ ශෝකයකින් හා හිස්බවකින් අපේ සිත් පිරීයයි. ඊට ඇත්තේ ද සංවේගජනක අවසානයකි. එහෙත් නවකතාකාරියගේ දෘෂ්ටිය සමඟ අපට එකඟ විය නො හැකි ය

මේ නවකතාව නිත්‍ය ලෙස ම ස්ත්‍රීවාදී ය. කතුවරියගේ මුල් ම ප්‍රබන්ධය වූ “බුමුතුරුණූ” කතාවේ සිට මේ දක්වා සියලු නවකතාවල ස්ත්‍රීවාදී ලක්ෂණ අඩු - වැඩි වශයෙන් දකින්නට ලැබේ. අප පිළිගත්ත ද - නොගත්ත ද; අනුමත කළ ද - නොකළ ද ස්ත්‍රීවාදී සාහිත්‍යයක් පවත්වා ගැනීමේ අයිතිය හා හැකියාව සුමිත්‍රා රාහුබද්ධ මහත්මියට තිබේ. කිසිවකුටත් ඊට අභියෝග කළ හැකි නොවේ. නිශ්චිත භූ ගෝලීය පරිසරයක සමාජ – ආර්ථීක - දේශපාලනික හා සංස්කෘතික පරාසයන්හි ස්ත්‍රියකට හිමි ආස්ථානය, ඇයගේ කාර්යභාරය, ඇයගේ වටිනාකම හා ඇයට කළ හැකි බලපෑම මේ සාහිත්‍ය සම්ප්‍රදායෙන් ප්‍රකට කෙරේ.පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රීයගේ ශරීරයත් - අධ්‍යාත්මයත් සූරාකෑමට ලක් කැරෙන ආකාරය කලාත්මක ලෙස නිරූපණය කිරීම ලෙස ද එය දැක්විය හැකි ය.

“නින්දා පරිභව අපටයි. නින්දා විඳින්නාට, පරිභවයට ලක්වන්නාට එරෙහිව ගල් ගසන්නට අන් සියලු දෙනා එක්වෙති. එය ලෝක ස්වභාවය බව මිතුරා කියයි. ලෝක ස්වභාවය ඒක නම් උඹත් මොකට ද බුරන්නෙ? උඹ වෙනත් කෙනෙක් නෙවෙයි ද? අසනීපෙනුත් ඉඳගෙන, ඔය අසනීපෙ වැඩි කරගන්න එපා. අපිට උඹ මහමෙරක් වටිනවා.”
 “මම නොබුරා හිටියොත් මම බල්ලෙක් නෙමෙයි. බල්ලන්ට පුරුදු නැහැ බබා හැංගිලා බලාගෙන ඉඳීම. ශිෂ්ටාචාරයේ හැමදාම බල්ලා කියන සතා ඔයගොල්ලන්ගෙ මිත්‍රයා. බිරීම අයිති අපිටයි.”
(අත අත - නෑර පිටුව - 230)
නූතන සමාජය ස්ත්‍රිය කෙරහි දක්වන ප්‍රතිචාරය බලු වටින්නේ නැති බව කතුවරිය කියයි. වෙනත් පැහැදිලි කිරීමකට ගියහොත්; අපේ සමාජයේ මිනිසුන් ළග නැති යහගුණ බල්ලන් ළග තිබේ. මෙය තරමක් දැඩි විවේචනයකි. ස්ත්‍රීවාදය නම් සාහිත්‍ය සම්ප්‍රදාය බිහිවන්නේ මාක්ස්වාදී දේශපාලනය හා විචාර කලාව මුල් කරගෙන ය. එංගලන්තයේ ප්‍රභූ සමාජයෙහි සම්බන්ධතාවයක් ද ඊට එක්වන්නේ වර්ජිනියා වුල්ෆ් වැනි ලේඛිකාවන් නිසා ය. මාග්‍රට් ෆුලර් වැනි අය මේ සම්ප්‍රදාය විග්‍රහ කිරීමට උත්සාහ කළහ. කුමක් වුව ස්තී‍්‍රවාදී නවකතාවේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ උත්ප්‍රාසාත්මක දැඩි විවේචන ය. සමාජ යථාර්ථය හෙළිදරව් කිරීමට වඩා විවේචනයට ඔවුහු උත්සුක වෙති. සුමිත්‍රා රාහුබද්ධගේ ප්‍රබන්ධ තුළ ද එම ලක්ෂණය නො අඩුව දකින්නට ලැබේ.
“ඇයි උඹ වරිග සභාවෙ මහ එකී ද?
 අපි හඬ නඟා සිනාසෙමු
“ හැබැයි අත්තම්මෙ ඔය කුලමල හොයපු
 ලොකු කුලවල උදවිය තමන්ගෙ වාසියට තමයි
 චාරිත්‍ර හදාගෙන තියෙන්නෙ”
 “චාර්ත්‍ර උඹලට ඕන විදිහට හැදුවොත්
 හොඳට හිටී”
 “ඕනෑම ඉහළ කුලේක පිරිමියකුට ඕනෑම පහළ කුලේක ගෑනියෙක් එක්ක කසාද නොබැඳ සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. හැබැයි ගෑනුන්ට ඒ වැඩේ බෑ’යි අනුරී කී කල්හි අත්තම්මා නයකු පිඹින්නා මෙන් පිම්බාය.
ස්ත්‍රීවාදය පිළිබඳ දීර්ඝ පර්යේෂණයක නිරත වූ එම්.එච්. ඒබ්‍රම්ස් මේ සංකල්පය ඉතිහාසය හා සම්ප්‍රදාය ප්‍රශ්න කිරීමකට ලක් කරන බව කියයි.සුමිත්‍රා රාහුබද්ධ සිය විවේචනය සඳහා ප්‍රධාන අනුභූතීන් හතරක් තෝරා ගනී.
 (1) ඓතිහාසික සිදුවීම්
 (2) පවුල් සංස්ථාව තුළ සාම්ප්‍රදායික පිරිමියා
 (3) ගැමි සංස්කෘතියේ සාම්ප්‍රදායික ගැහැනිය
 (4) නූතන පරපුරේ ලිබරල් තරුණිය

 ඓතිහාසික සිදුවීම් හා පුරාවෘත්ත තුළ ඇත්තේ පුරාණ ස්ත්‍රිය පුරුෂයන් විසින් රැවටීම හා පීඩනයට ලක් කළ අකාරය බව කතුවරිය කියයි. පුරාවෘත්ත නැවත ලිවිය යුතු බවක් ද; ඉතිහාසය තවත් දෘෂ්ටි කෝණවලින් විමර්ශනය කළ යුතු බවක් ද කතුවරිය කියයි. එය සත්‍යයක් වුව; අසත්‍යයක් වුව එබඳු විවේචනයක් ඇයට තිබේ.
 අපේ පවුල් සංස්ථාවේ සාම්ප්‍රදායික පිරිමියා සංකලනයෙන් ම කුහකයෙකි යන මතය ද කතුවරිය බලවත් සේ ඉස්මතු කරයි. පායාස තමන්ගේ වගකීම් මුළුමනින්ම බැහැර කොට පවුලෙන් පලායන මිනිසෙකි. ඔහු තම බිරිය හා දෙබිඩි දරුවන් පිළිබඳ බිංදු මාත්‍රයක තෙතමනයක් නැති මිනිසෙකි. මේ චරිතය කතුවරියගේ පරිකල්පනයක් මිස ජීවමාන චරිතයක් නොවේ. ඔත්තුකාරයා ද එබඳු ය. ඔත්තුකාරයා ලවා මනුරී දූෂ්‍ය කරනුයේ ද, ඇයට දරුවකු ලබා දෙනුයේ ද පුරුෂයන්ගේ නුගුණ දැක්වීමේ උපාය මාර්ගයක් ලෙස ය. මහාචාර්ය සංඛගේ මමංකාරය හා ආත්මාර්ථය ඔස්සේ පිරිමියා තවදුරටත් දැඩි ලෙස විවේචනය කරන්නට කතුවරිය සමත් වෙයි.
 කතාවේ එන අත්තම්මාගේ චරිතයෙන් නිරූපණය වනුයේ ගැමි සංස්කෘතියේ සාම්ප්‍රදායික ගැහැනිය යි. ඇයට බොහෝ දේ වරදින’මුත් ඇය අවංක බව ද, එඩිතර බව ද, පියවි සිහියෙන් කටයුතු කරන බව ද, ගෞරවාන්තවිත බව ද කතුවරිය පෙන්වා දෙයි.ස්ත්‍රිය හැම අතින් ම ශුද්ධ කිරීම ද, යුක්ති සහගත කිරීම ද සුමිත්‍රාගේ ඉලක්කය වී තිබේ. පිරිමිත් වැරැදි කරති.ගැහැනුත් වාරැදි කරති. ඒ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය ලිංගභේදය නොවේ.කතුවරියගේ සකළ විධ නිෂ්ටාවන් ගොනු වී ඇත්තේ නූතන ලිබරල් තරුණිය වෙත ය. එම භූමිකාව භාර වන්නේ කෘතියේ එන දෙබිඩ්ඩාට ය. හෙවත් මනුරීට හා අනුරීට ය. එහෙත් මේ සමාජය තුළ ඔවුනට කළ හැකි දෙයක් තිබේ ද?
 සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය අපූරු කතා වස්තුවක් ගෙතීමට සිය පරිකල්පනය යොදවයි. එය මෙතෙක් නො වූ - විරූ ආශ්චර්යවත් කතාවෙකි. එහෙත් ස්ත්‍රීවාදයක් හෙවත් ඇගේ වෛරයක් ඊට ගළපා ගැනීම නිසා කතා වස්තුව මුළුමනින්ම කණ පිට පෙරැළෙයි විවේචන පමණක් ඉතිරි වී ඇතියි අපට සිතේ.


 රන්ජන් අමරරත්න
මෙය දිනමිණ පුවත් පත වෙනුවෙන් ලියන ලද්දකි. හෙට දිනමිණ පුවත් පතෙන් ද කියැවිය හැක
--------------------------------------------------------------------------------------------------------------

79 comments:

  1. මේ විචාරය සමගනම් එකඟ විය හැකිය.

    ReplyDelete
  2. මාත් එකග වෙනව නලින් මෙ විචාරෙට.මෙතුම බොහොම දක්ශ විචාරකයෙක් හෑඩයි.

    ReplyDelete
    Replies
    1. රන්ජන් අමරරත්න යනු දක්ෂ ලේඛකයෙක්.....

      Delete
  3. සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ප්‍රශංසනාත්මක නිර්මාණ හැකියාවකින් යුත් කතුවරියක්.. ඒත් ස්ත්‍රී වාදයේ රාමුවට කොටු වී මහා ස්ත්‍රී චරිත ගොඩ නැගීමට දරන වෑයම තුල ඇයගේ නිර්මාණාත්මක හැකියාව දරුනු විදියට කොටු වෙලා .. එකග විය හැකි සාර්ථක විවේචනයක්

    ReplyDelete
    Replies
    1. ඔබ සමග එකඟයි ලකී රෝස්.. ඇය දක්ෂ ලේඛිකාවත් ඒත් ඇය දැන් යන්නේ වැරදි පාරක බවයි රන්ජන් මේ පෙන්වා දෙන්නේ.

      Delete
    2. ප්‍රශංසනාත්මක යන වදන ප්‍රශස්ත විය යුතුයි නේද?

      Delete
    3. ඇයගේ සියළුම නවකතාවල මෙම අන්තවාදී ලක්ෂණ දැකිය හැකියි.ඔබ කියන පරිදිම මෙයින් සිදුවන්නේ එක්තා කපූර්ගේ බාලාජි සෝප් ඔපෙරාවල කාන්තා චරිත අස්වාභාවික ලෙස යෝධ ප්‍රතිරූප ලෙස හුවා දක්වන්න ගිහින් ඒවා විකාර රූපී වීම.තුල්සි ,ප්‍රවීනා වැනි පිරිමි විරෝධී යෝධ ස්ත්‍රීන් නිර්මානයෙන් ඔවුන් වීරවරියන් වීම කෙසේ වෙතත් විහිලුකාර උමතු ස්ත්‍රීන් බවට පත් වුනා

      Delete
    4. සුමිත්‍රා රාහුබද්ද කියන්නෙ මේ රටේ ඉන්න භයානකම පුරුෂ විරෝධී මානසිකත්වයකින් පෙලෙන කාන්තාවක්. මෙයා ලියන කොයි පොතත් මෙහෙම තමයි. ඒකේ දෙකක් නෑ.

      Delete
  4. සුමිත්‍රා ගේ පොත් කීපයක්ම තියෙනවා පොත් කබඩ්වල. ඒත් තාම කියවන්න බැරි වුණා එකක්වත්.

    කොටින්ම ආසාවෙන් ටෙලිය බලපු ඉටිපහන් පොතවත් කියෙව්වේ නෑ. දැන් ඒක අරගෙන අවුරුදු දහයක් විතර වෙනවා!

    ඇයගේ ම පොත් ප්‍රකාශන සමාගමක් තියෙනවා නේද? ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයේ දී මුණ ගැසි පොතකට අත්සනකුත් ගත්තා. ඒ පොත නං මගෙන් එදා හවසම ඉල්ලා ගත්තු කෙනා තාමත් කියවනවා ඇති!

    ReplyDelete
    Replies
    1. සත්‍රි රත්නං පුස්ථකං රත්නං පර හත්තං ගතං ගතහ්

      Delete
    2. නලීන්........ස්ත්‍රී රත්නං..මේකේ තේරුම මොකක්ද?

      Delete
    3. ස්තියත් පොතත් අතින් අතට ගියොත් ගියාම තමයි යන අදහස තමා ඒ ශ්ලෝකයෙන් කියැවෙන්නේ.

      Delete
    4. කිව්වත් වගේ පොත් අස්ථාන ගත වීම ස්භාවිකයි.. ඒත් ගෑනි අස්ථාන ගත වෙලා අතින් අතට ගියොත්.. ?

      Delete
    5. අවුල් වගේ නේද ජීවිතයම. නැත්නං හොඳම දෙය වෙනතක් බලාගැන්මයි සෑම්.

      Delete
    6. සෑම් මං කිවුවේ ගෑහැනිය අස්ථාන ගතවුවොත් අවුල් කියන දේයි.

      Delete
    7. අස්ථාන ගත වෙලා කිව්වොත් නැතිවෙලා කියන තේරුමයි එන්නෙ.
      පුස්ථකන් ස්ත්‍රින් චිත්තං
      පරහස්තෙන ගතෝ ගතඃ
      පුස්තකයද ස්ත්‍රියද චිත්තය හෙවත් රහසද වෙන කෙනෙකුට ගියොත් ආපසු ලබාගත නොහැකිය කියන තේරුම මෙහි තියෙන්නෙ.

      Delete
  5. මම නවකතාවක් කියවන්නේ ඉදහිටලා. එකක් වෙලාව හිගකම . ඒක තමයි හෙනහුරාට හිටින්නේ. ඒත් සමහර විට හොදයි කියල හිතෙන පොතක් හමුවුනොත් කියවනවා. ඒත් පොත් ගැන ලියන විචාර නම් කියවනවා

    ReplyDelete
    Replies
    1. වැදගත්ම දේ ඒකනේ දයා. අප අන් මත නොකියවා ඒ දේවල් ගැන කෙසේ කතා කරන්නද?

      Delete
  6. මේ පොත් නම් කියවන්න ලැබුනේ නැහැ.නමුත් ස්ත්‍රීවාදී අදහස් කීපයක් විචාරයට හසුවී තියෙනවා.මට මීට කලින් කියවන්න ලැබුනා කාලිඩ් හොසේනිගේ THOUSAND SPLENDID SUNS කියන පොත .ඒක පුරුෂ ම්ලෙච්ඡ්ත්වයට එරෙහිව ඇෆ්ගන් ස්ත්‍රීන්ගේ අඳෝනාව යැයි කිව්වත් වරදක් නැහැ.අරූගේ අරකී නම් කියන්නේ සල්ලි තියෙනවා නම් ඒ පොත ඉංග්‍රීසි චිත්‍රපටියක් කරන්න වියදම් කරනවා කියලා.කියවන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. aru මට THOUSAND SPLENDID SUNS පොත නම් කියවන්න ලැබිලා නෑ. ඒ නිසා අරකිගේ අදහස ගැන යමක් කියන්න බෑ. ස්ත්‍රීවාදය සේම පුරුෂ ම්ලේච්ඡත්වයත් අනුමත කළ නොහැක.

      Delete
    2. ස්ත්‍රීවාදය සේම ස්ත්‍රිය පීඩාවට පත් කරන සංස්කෘතික දේවල් වලටත් අපි විරුද්ධයි.ස්ත්‍රිය සංස්කෘතික ලෙස පීඩාවට පත් කිරීමක් තිබෙනවා.මම දැක තිබෙනවා සමහර දේවාල වලට කාන්තාවන් ඇතුළුවීම කිල්ලක් ලෙස සළකන අවස්ථා.මේවා කාන්තාව පීඩාවට පත්කිරීමට හදාගත් ඒවා නොවෙන්න පුළුවන්.නමුත් බටහිර ප්‍රාග්ධනය යොදවලා අසාධාරන මත බලෙන් කාවද්දමින් සැලසුම් සහගත ව්‍යාපාරයක් ලෙස ස්ත්‍රීවාදය ප්‍රචාරය කිරීමට එරෙහි වියයුතුයි.මේ කුමන්ත්‍රණය පැහැදිලි කර දීමේ අභියෝගයයි ප ඉදිරියේ තිබෙන්නේ.

      Delete
  7. ගැහැණිය හැම විටම විනාශ වෙන්නේ පිරිමියෙක් නිසාද?නැහැ කෙටිම උත්තරය.

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඇයගේ අදහස් වලට අපි ගරු කළ යුතුය.එහෙත් ඇයගේ තිබෙන හැකියාව මත මිට වඩා දෙයක් සමාජගත කළ හැකි බව මම විශ්වාස කරමි.

      Delete
    2. ගයනී මෙතැනදී ඇය යනුවෙන් අදහස් කළේ මේ ලේඛ්කාවද? නැතිනම් සමස්ථ කාන්තා නියෝජනය ද?

      Delete
  8. ..පොත කියවල නෑ මම ,හැබැයි ඇය දක්ෂ ලේඛිකාවක් !:)

    ReplyDelete
    Replies
    1. රෙහානි පෝස්ට් එකත් කියවලා නැති හැඩයි. ඇය අදක්ෂ ලේඛිකාවක් ලෙස සටහනක් මෙහි නැ. ඇගේ මතයට තමා මේ විචාරයෙන් ප්‍රහාරය එල්ල කොට ඇත්තේ.

      Delete
  9. අතට අහුවෙන ඕන පොතක් කියවන එක රාළ ගේ පොඩි කාලේ ඉදන් පුරුද්දක් ..... එත් රාළ ආසම පොත් තිබ්බේ බොහොම ටිකයි...... ඒ ආසම පොත් වලටත් දොස් කියල තිබුන විචාරකයින්ගේ ලිපි දැක්කට පස්සේ මම පොත් ගැනනම් විචාර ලිපි කියවන්නැ........ අපි හැමෝටම තියෙනවා කැමතිම පාටක්. අපේ පාටට අනෙක් ය කැමති නැති නිසාත් එයාල කැමති වෙන පාටකට නිසාත් අපිට එයාලට දොස් කියන්න බැ මොකද ලෝකය ලස්සන වෙලා තියෙන්නේ එක පාටක් දෙකක් තියෙන නිසා නෙවි පාට ගොඩක් ලෝකයේ තියෙන නිසා පොත් ගැන උනත් මට හිතෙන්නේ එහෙමයි ( ඒ වගේම බ්ලොග් ගැන උනත් මට දැන් හිතෙන්නේ එහෙමයි...)

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත විචාරයකින් අප බලාපොරොත්තු වන්නේ අපේ මතයම නොවේ තවත් අයෙක් එය දුටු කොණය ගැන ඉගියකි. ඒ ඉගියත් සිතේ දරා තමන් රස විදි ආකාරය හා සන්සන්දනයක් කර බැලීමෙන් වෙනත්ම තෘප්තියක් ලද හැකියි රාළේ. තමන් අකමැති වුවත් ඌට බනින්න හෝ අන් මතත් කියවා බැලීම අපතේ යන වැඩක් නම් නොවේ.
      අන් සටහනක් කියවන්නේ ඒ මතය පිළිගන්නම නොවේ නේ. එයට එරෙහිවන්නටත් හැකි වන්නේ එය කියවා බැලිමෙන් පමණයි.

      Delete
  10. මට තාම කියවන්න ලැබුණෙ නෑ. පොත හොඳ යි කියලා අහල තිබුණෙ. කියවලා බලන්නම් කෝ.

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්...හ්ම්ම්ම්ම්ම්... ම්ම්ම්.. රාජ සම්පත් ලැබේවා.... !

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ රජාව කොපි කරලා. යකෝ උඹට මාර හැකියාවක් තියන එකෙක් නේද බෙනා. තමංගෙම එකක් හදාගනිං බං.

      Delete
  12. රන්ජන් අමරරත්නගේ විචාර ගැන නං මට එච්චර සුබදායක හැඟීමක් තාමත් නෑ.. මොකද නවක ලේඛක ලේඛිකාවන්ට පලු යන්න බනින එකයි, නමක් හදාගත්ත ලේඛක ලේඛිකාවන්ට ලේඛනය ගැන වැරැද්දක් කියන්න කොන්දක් නැති එකෙන් ඒක ගැන ප්‍රශංසා කරලා, වෙන මොකක් හරි කුණුගොඩක් හරි අල්ලගෙන බනින එකයි විතරයි කියල මට නං මේ පෝස්ට් එකෙනුත් පේන්නේ.. අන්න අරහේ පැරාත් ලියලා ජානකී සූරියආරච්චිත් ස්ත්‍රිවාදිනියක් කියලා වගේ කතාවක්.. ගෑණියෙක් සමාජෙට බැහැලා, කට ඇරලා කතා කලොත්, තමන්ගේ අදහසක් වෙනුවෙන් නොසැලී පෙනී හිටියොත් එයා ස්ත්‍රීවාදිනියක් කියන මේ සමාජය ඇතුලේ පුරුෂ අරහං වීම සාධාරණයි කියලා මට නං දැන් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ගෑනියෙක් සමාජයට බැහැලා කතා කිරීම නොවෙයි මෙතන ප්‍රශ්නෙ.දැණ් බලන්න බ්ලොග් ලෝකයේ කොයි තර්ම්න් බ්ලොග් කාරියෝ ඉන්නවාද නමුත් මා අන්තවාදී ස්ත්‍රීවාදී අදහස් දැකලා තිබෙන්නේ එක්කෙනෙකුගෙ දෙන්නෙකුගෙ විතරයි.සමාජයට බහින හැමෝටම කිසිම කෙනෙක් චෝදනා කරන්නේ නෑ.සුමිත්‍රගේ සමාජ ක්‍රියාකාරිත්වයත් අපි නිරීක්ෂණය කරලා තිබෙන්නේ.ඇයගේ පොත් හැම එකකම පුරුෂ විරෝධය,පවුල් විරෝධය හා බටහිර ස්ත්‍රීවාදය අවිචාරයෙන් වැලද ගැනීම කාන්තාව සමස්ත සමාජයෙන් වියුක්තව සැළකීම දක්නට ලැබෙනවා

      Delete
    2. //සුමිත්‍රගේ සමාජ ක්‍රියාකාරිත්වයත් අපි නිරීක්ෂණය කරලා තිබෙන්නේ.//

      ඔයා මෙතන අපි කියලා අදහස් කරන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද....

      Delete
    3. වැදගත්ම ප්‍රශ්නයක්.අපි කියන්නෙ මා අතුළු අපේ විද්වත් කවය.මා නම් විද්වතෙක් නොවෙයි.ඒක මා දන්නේ නෑ.ඒත් බ්ලොග් එක ලියන මා හුදකලා කෙනෙක් නොවෙයි.බ්ලොග් එක මම තනිවම කළාට අපේ මිත්‍රයන් පිරිසක් සිටිනවා.ස්ත්‍රීවාදයට එරෙහි මතයට සහාය දෙන ගිහි පැවිදි විශාල පිරිසක් සිටිනවා.ඇතමෙකු ගැන කීවොත් ඔබ පුදුම වේවි.සමහර අවස්ථා වලදී ලිපි හදිසියේ වෙනස් කළේත් ඔවුන්ගේ උපදෙස් මත.වෙබ් අඩවිය එළිදැක්වූ විට වීඩියෝ ඉදිරිපත් කරන විට වගේම මෙම ලිපි එකතු කොට පොත එළිදක්වන දවසේ ඔබට ඒ සියල්ල දැනගන්න ළැබේවි.

      Delete
    4. ඇත්තටම මම ඔය ප්‍රශ්නේ ඇහුවේ ඔයා මේ ගොඩක් අයට එන්ජීඕ සල්ලි වලට ලියනවා කියන චෝදනාව දාපු නිසා.. මතකනේ මුලදි...

      හැබැයි මේ රිප්ලයි එක හින්දා මට හිතෙනවා අනිත් අය කෙසේ වෙතත් ඔයා නං එන්ජීඕ සල්ලි හෝ වෙනත් මුදල් පරමාර්ථයකින් මේ මතය ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා කියලා...

      Delete

    5. හිරු @

      ඇයි කෙනෙකුට ලියන දෙයක් වෙනුවෙන් මුදල් ගෙවන්නෙ.කාටද එහෙම අවශ්‍ය.මුදල් ගෙවීම් සිදුවන්නේ බටහිර අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අයට.1995 බෙයිජින් සමුළුවේදී බිලියන ගනනක් මුදල් වෙන් කළේ මේ විදියට ගෙවන්න තමයි.අනෙක් අතට ඒ විදියට මුදල් ගෙවන්න කාටද පුළුවන් බටහිරයට හැර.ඇයි බටහිරය තමන්ගෙ සල්ලි වියදම් කරගෙන අපේ රටවල එන් ජී ඕ පවත්වාගෙන යන්නෙ කියල නිකම් හිතන්න.යුද්ධ කාලෙ එන් ජී ඕ වලින් මොන තරම් සල්ලි විසි කලාද.සල්ලි බෙදා ගන්න බැරුව නඩුත් කිව්වෙ.ඊනියා සාම එන් ජී ඕ ඔය තරම් ලොකුවට කළේ කොහොමද එන් ජී ඕ සල්ලි නැතිනම්.එහෙම සල්ලි දෙන්න සුද්දට ව්ට්ගිබෙන වුවමනාව මොකක්ද? කාන්තා සංවිධාන වලටමොනතරම් සල්ලි විසිකරනවද? එහෙම කරන්න සුද්දට යටි අරමුනක් නෑ කියල හිතන්න පුළුවන්ද? සුද්දට පිස්සුද මෙහෙම සල්ලි රාජ්ය නොවන සංවිධාන වලට දෙන්න

      Delete
    6. //සුද්දට පිස්සුද මෙහෙම සල්ලි රාජ්ය නොවන සංවිධාන වලට දෙන්න//

      සුද්දට පිස්සුද කියල මං දන්නේ නෑ.. හැබැයි බටහිර වල තියෙන හොඳ දේවල් කෙසේ වෙතත් අනිත් හැම කුණුගොඩක්ම මේ රටවල් අස්සට ගේන බව මම දන්නවා.. ඒවා ගේන්නේ ආණ්ඩුද නැත්තං එන්ජීඕද කියලා නෑ.. ඒවා කුණුගොඩවල් විතරයි... ඔයා ඔය ස්ත්‍රීවාදය කියන එකත් ඒ වගේ එක කුණුගොඩක් විතරයි... ඒත් ප්‍රශ්නේ තියෙන්‌ෙන දැනට මේ සමාජේ තියෙන ලෙඩ ටික හොඳ කරගන්නත් ඕනෙ... ගෑණියෙක්ට පාරෙ බැහැලා නිදහසේ ගමනක් යන්න බැරි සමාජයක් අද ලංකාවේ තියෙන්නේ... අන්න ඒකෙදි මම කතා කරන දේවලුත් ඔයා පටලවගන්නවා ස්ත්‍රිවාදයත් එක්ක... අන්න ඒක තේරුම් ගන්න... ඔයා කියන දේ වැරදියි කියලා මම කියන්නේ නෑ.. හැබැයි ඔයා තාම හරියට දන්නේ නෑ ලාංකීය සමාජයේ කාන්තාව ඉල්ලන නිදහසයි ඔයා කියන ස්ත්‍රීවාදයෙයි අතර තියෙන වෙනස....

      ඔයාට කීයක් හරි හොයාගන්න ඕනේ නම් සමාජය ලෙඩ නොකරවන ක්‍රමයක් හොයාගන්න.. මට නං මේ බ්ලොග් ලිවිල්ලෙන් මෙච්චර කාලෙකට සත පහක ආර්ථික ලාබයක් වෙලා නෑ... මම හිරු නැති ‌හෝරාව ලියන්නෙත් මොනම විදියේ වත් ආර්ථික ලාබයක් බලාගෙන නෙවෙයි...

      මම දැන් මේ පැතුම්ගේ එකේ දාලා තිබ්බ කමෙන්ට් ටිකට රිප්ලයි දාලා ආවේ... ඒකෙදි කිව්වා වගේ මට ආයිත් ඔයා එක්ක කතා කරන්න කැමැත්තක් නෑ.. බොහොම ස්තූතියි...

      Delete
  13. //අපේ සමාජයේ මිනිසුන් ළග නැති යහගුණ බල්ලන් ළග තිබේ. //

    මෙයනම් සත්‍යයකි.

    නලින්, ඔබගේ මාතෘකාව මාව තවත් පොස්ටුවක් ලියන්න බලකරනවා....

    ReplyDelete
  14. මෙම ස්ත්‍රීවාදිනිය කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසද සේවය කළාය.ඒ කාලයේ කාන්තා දිනය පවා අතිශයින් ප්‍රචන්ඩ පිරිමි විරෝධී එකක් විය.සංධාන රජයක් යටතේ මෙවැනි දේ සිදුවීම මට පුදුමයක් විය.ගබ්සාව නීතිගත කිරීමටද මැය දුෂ්ට ප්‍රයත්නයක් දැරුවාය.ස්ත්‍රීවාදිනියන් සමඟ කතා බස් කර ආශ්‍රය කර ඇති මම ඔවුන් සියලුම දෙනා කාන්තාව යනු පීඩිතයාය.පිරිමියා යනු පීඩකයාය යන මතයේ සිටිති.එසේම ඔවුහු සියළුම ලොකු කුඩා පිරිමින්ට වෛර කරති.මෙය ඔවුන් තුල අවිඥානකව තිබෙන්නකි.අපට අවශ්‍ය වුනේ මෙම මතවාදය මානව සමජයට ඉතා හානිකර බව පෙන්වා දීමටය.ලිංගික ලෙස බෙදුන සමාජයක් හානිකරය.එසේම මෙවැනි වෛරී අන්තවාදී කාන්තාවන් හෙළි දරවු කරමින් රන්ජන් අමරරත්න මහතා කරන කාර්ය භාරය අනර්ඝය.රන්ජන් මහතා අපහ්ගේ මතය දරන්නෙක් නොවේ.ඔහු ස්වාධීන විචාරකයෙකි.කාන්තාව පිළිබද සාම්ප්‍රදායික මත වලටද පහර දෙන්නෙකි.
    සුමිත්‍රාගේ හැම පොතක්ම පුරුෂ විරෝධය නම් වූ එකම තේමාවකින් ලියැවී ඇථ.ඒවායේ දික්කසාදය වැනි දේ උත්කර්ශයට නංවා ඇත.සුමිත්‍රා රාහුබද්ධ සමාජ විරෝධී චරිතයක් බව පෙනේ.ඇයගේ පොත් කියවා ජීවිත නන්නත්තාර කරගත් කාන්තාවන් ඇත.සුමිත්‍රලාද අන්තිමට නවතින්නේ බටහිර නන්නත්තාර ස්ත්‍රීවාදයේය.එය සමාජයට වෛර කරන ස්ත්‍රිය කායික හා මානසිකව පුරුෂයෙක් කළ යුතුය යන අස්වාභාවික මතය දරන්නකි.ඇයට කාන්තා හා ළමා කටයුතු පැවරී තිබුනි.එහිදී
    ළමා කටයුතු වලදී පිරිමි ළමුන් සම්පූර්නයෙන් නොසලකා හැරීමට සුමිත්‍රා වග බලා ගනු නිරීක්ෂණය කළ අපට ඇය අන්තවාදී කෲර ස්ත්‍රීවාදිනියක් බව අවබෝධ විය.අප ලිපි වල පෙන්වා දුන් බටහිර ස්ත්‍රීවාදිනියන්ගේ අමානුෂික දේශීය සෙවනැල්ලක් ලෙස පෙන්වා දිය හැක.සමාජය මේ ත්‍රස්තවාදීන් ගැන දැනුවත් වීම වැදගත්ය.මොවුන්ටත් මොවුන්ට මතවාදී රැකවරනය සලසන මාක්ස්වාදී හා නව ලිබරල් වාදී මුග්ධයන්ටත් එකසේ විරුද්ධ වීම වැදගත්ය.ස්ත්‍රීන් හා පුරුෂයන් එකිනෙකාට ද්වේශ කරන ලෝකය අපට අනවශ්‍යය.පිරිමියා යනු කාන්තාවගේ තරඟකරුවා,සතුරා හෝ අනෙකා නොවේ .මෙවැනි නරුම මත දරන දුෂ්ට සිතුම් පැතුම් ඇති යක්ෂනියන් හදුනා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. සුමිත්‍රා රාහුබද්ද තමයි පහුගිය කාලේ කන්තා කටයුතු අමාත්‍යංශයේ වැඩ සේරම තීන්දු කරලා තියෙනේ. අර පොන්න ඇමතියා කරන්නේත් මේ වගේ අයට උඩගෙඩි දීලා පැත්තකට වෙලා ඉන්න එක. ඌත් කාන්තා විමුක්තිවාදීන්ගේ කාඩ්බෙඩ් වීරයෙක්. තව ඔයවගේ චරිත කීපයක් ඉන්නවා. සුමිත්‍රා රාහුබද්ද එක්කෙනෙක් විතරයි. ඔය ස්ත්‍රීවාදය රටට තවම හරියට වින කරන්න පටන්ගත්තේ නෑ තවම විෂබීජේ වැඩෙනවා.

      Delete
    2. ඔය ගෑනි තමන්ගේ පුරුෂ විරෝධී ආකල්පය අනුව තමයි ඒ කාලේ කාන්තා කටයුතු අමාත්‍යංශය මෙහෙයවලා තියෙන්නේ. ඇමතියත් මේ ගෑනිගේ පැත්තේ තමයි හිටියේ. කොහොම උනත් අදටත් ඔය අමත්‍යංශයෙ මේ ලක්ෂණේ තියෙනවා.

      Delete
  15. විචාරය සමග එකඟ වෙමි... මෙහෙම දෙයක් මටත් දැනිලා තිබුනා...

    ReplyDelete
  16. මේ විචාරයනම් ඉතා ඉහලයි. මටත් කරුණු කීපයක් තියෙනවා කියන්න. ඒ තමයි එකක් මේ ලේඛිකාව ගැන. සුමිත්‍රා රාහුබද්ධ කියනේ පුරුෂ විරෝධී ස්ත්‍රීවාදිනියක්. මෙයා කලක සිට කියන දෙයක් තමයි ලංකාවේ ගෑනියෙකුට පාරේ බැහැල යන්නවත් බැරි තරම් බලවත් අතවර සිදුවන බව. මෙයාගේ මානසික තත්වය බටහිර කාන්තාවාදීන්ගේ මානසිකත්වයෙන් වැඩි වෙනසක් නෑ.හෑම සමාජ ගටලුවකදීම අවසාන වරද පුරුෂයාටයි පුරුෂ මූලික සමාජයටයි පටවන එක මේ මානසික තත්වයෙන් පෙලෙන අයගේ ප්‍රධාන කාර්‍යක්.මේ අය පුරුෂයන්ගේ කුහකත්වය විවේචනය කරන්නේත් තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ වාසියට විතරයි. ඔය සුමිත්‍රා රාහුබද්ද්ලා වගේ අය කියන සටන්කාමී ගෑනුන්ව වීර චරිත හැටියට හඳුන්වන පිරිමි කසාදබඳින්න ගියාම සම්ප්‍රදායික ගෑනු හොයනවා. එහෙම නැත්නම් නූතන යුගයේ ගෑනු කසාද බැන්දත් තමන්ගේ ලිංගික ආශාව හරියට තෘප්තිමත් කරගන්න සම්ප්‍රදායික වුර්තීය මට්ටමේ ගණිකාවො ආශ්‍රය කරනවා නැත්නම් මසාජ් ක්ලිනික් යනවා. මේ වගේ දේවල් රාහුබද්ද් නෝනලාට පේන්නේ නෑ. තමන්ගේ ලිංගය ප්‍රානවත් කරගන්න ඕන වෙනකොට ඇඟේ මයිල්ගහක් නැති ලස්සන රූපසුන්දරියො හොයන සමහර පිරිමි වැඩේ කරගෙන ඉවර උනාට පස්සේ තමන්ට පිරිමි ලිංගයක් ඇතැයි හිතාන පිරිමින් කරන දේ කරමින් සටන්කාමී ලෙස සමාජය වෙනස් කරන්න යන ගෑනුන්ගේ වීරකම් ගැන කියව කියවා වුන් වීරවරියන් හැටියට හඳුන්වන කුහකකම වගේ දේවල්නම් මේ අය කවදාවත් කතාකරන්නේ නෑ. ඒක මේ ස්ත්‍රීවාදීන්ගේ තියෙන තව කුහකකමක්.

    ReplyDelete
    Replies
    1. දුලන්තගෙ කතාව ඇත්ත.යම් යම් මානසික හේතු නිසා ස්ත්‍රීවාදීන් වූ කාන්තාවන් හා මැසොකිස්ට් හා ෆූට් ෆෙටිශ් වගෙ මානසික රෝග තිබෙන පිරිමින් හැර ඉතිරි සියල්ලෝම කරන්නේ බිස්නස් එකක්.හැබැයි මේව ට සල්ලි දෙන සුද්දියො නම් ඉන්තේරුවෙන්ම ස්ත්‍රීවාදීන්.මේ ලෝකෙ හැම වැරැද්දක්ම පිරිමි නිසා සිදුවෙනවා කියන මතය සරල වැඩි නිසාම මෝඩ ගෑනු සමහරක් පහසුවෙන් වැළැද ගනීවි.

      නමුත් ඉස්සර වගේ නොවෙයි දැන් විවිධ කෝන වලින් ප්‍රශ්න දෙසා බලනවා.හදගමගේ තනි තටුවෙ කතාවට වෛද්‍යවරු විචාරයන් පළ කරල තිබුන එහෙම හැසිරෙන වෛද්‍ය විද්‍යාත්මක හේතුවත් දාල.මාක්ස් සර්වඥ කියල හිතාගෙන උගෙ දාස් කැපිටාල් එක බයිබලේ වගෙ හිතන් ඉන්න කස්කබල් මාක්ස්වාදීන්ට මේ වගෙ තත්වයන් දරන්න බෑ.අනෝමා ජනාදෙරීත් කියල තිබුන ස්ත්‍රීවාදී සිනමාපට හදපු ඊනියා ප්‍රබුද්ධ කලාකරුවන්ගෙ හැටි ගැන.තාක්ෂණයෙ දියුණුවත් එක්ක මාක්ස්වාදී කසිකබලුන්ට අනාගතයක් නෑ.දෙවියන් හා යක්ෂයා අතර සනාතාන් ගැටුම වගේ සරල සමාජ විග්‍රහයන් කරමින් එජ්ක දිහා බලලා ස්ත්‍රිය හා පුරුෂයා කියල ද්විඝටන තර්කයක් ගේන ස්ත්‍රීවාදීනුයි න්‍යායාත්මකව නිරුවත් කිරීමයි සිදු විය යුත්තේ.එක මානව හිතවාදී ඊනියා කලාකරුවෙකුගෙන් බේරුනා කියන්නෙ දෙනවක හාමිනේ විතරලු.මේක කලා ක්ෂේත්‍රයෙ කියමනක්.

      මුන්ගෙ ප්‍රෝඩාව එළිදරවු කරන්න ඕන.දෙමළ උපසිරැසි තිබෙන ඕනෑම කලාකෘතියක් සම්භාව්‍ය වෙනවා වගේ ගෑනියෙක් විලාප දිදී රෙද්ද උස්සන කාලාකෘති හා පොත් උසස් වෙන ගොන්පාට් රජවෙන එකයි වෙන්නෙ.

      ඔය කුහකයන්ගෙ සැබෑ ජීවිත හා ඔවුන් මවා පෙන්වන ජීවිත අතර වෙනස දුලන්ත ලස්සනට පෙන්වල තිබෙනවා.ඔය ස්ත්‍රීවාදීන් කියන විදියට හැමෝම හැසිරෙන්න ගත්තොත් ඒක තමයි මානව සංහතියේ අවසානය

      Delete
    2. ඔය කාන්තාවාදයට අඩේ යන සමහර පිරිමි කොලුකාරයෝ. උන් ඒක ප්‍රසිද්දියේ කියන්නේ නෑ. තව සමහරු තමන්ගේ ලිංගික අශ්වාදය සන්දහාම කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය අගයකරන ඉන් අසුව ඒ ස්ත්‍රීත්වයටම පයින් ගහන ගරහන එවුන්. මේව රාහුබද්දලා දන්නෙ නතුවට වඩා දැනගෙන නොදන්නව වගේ ඉන්න එකයි වෙන්නේ.

      Delete
  17. සුමිත්‍රා රාහුබද්ධගේ කතා දෙක තුනක් කියවලා තිබුනා ඉටි පහන් එක්කම. සුමිත්‍රා වගේම හඳගමටත් තියෙන්නේ එකම ජාතියේ "අවුලක්" වගේ තේරුන නිසාත්, සුමිත්‍රා එක්ක එකඟ වෙන්න බැරි නිසාත් එතනින් එහාට කියවන එක අත ඇරලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. එහෙම අවුල් තිබෙන එවුන්නෙ ඉහල තැන් වල ඉදන් ප්‍රතිපත්ති හදන්නෙ.මේ මතවාදී ආධිපත්‍ය තමයි හෙළිදරවු කරන්න ඕන.ස්ත්‍රීවාදය ,මාක්ස්වාදය හා ලිබරල්වාදෙ හැර තවත් මතවාද තිබෙන බවයි අපි කියන්නෙ.මේ අඹ ගස හැර තව අඹ ගස් තිබේද කියන්නා වගේ.නමුත් යුදෙවු චින්තනය ඒක නොවෙයි.මම මේ යුදෙවු කතාව අල්ලගත්තෙ නලින් ද සිල්වගෙනුයි දුලන්තගෙනුයි.දුලන්තත් ඒක ගන්න ඇත්තෙ නලින් ගෙන්.මුන් කියන්නෙ ස්ත්‍රීවාදය හැර වෙනත් මත නෑ.ඒවා මර්ධනය කරන්න ඕන කියල.මේ අධිපතිවාදය වගේම දේව වාක්‍ය උපුටා ගැනීම් පවා මුන් ක්‍රිස්තියානියෙන් ගෙඩි පිටින් ගත් ඒවා.විශාල ප්‍රාග්ධනයක් යොදවමින් මුන් කරන මේ ආක්‍රමනය හෙළි කළ යුතුයි.

      Delete
    2. මේ යුදෙවු චින්තනය හරහා ගලගෙන එන මතවාදී ආක්‍රමණයේ එක් ස්වරුපයක්. ඒ මතවාදයෙන් මොළේ හෝදාගත්තට පස්සේ එවුන් සේරම ඒකෙන් අන්දවෙලා ඉවරයි. එහෙම උනාට පස්සේ එතනින් එහාට ඉපදෙන පරම්පරාව ඔය මත්වවාද වල මානසික වහල්ලු වෙනව නොදැනුවත්ව.

      Delete
    3. ඒක ඇත්ත...අන්තිමට ඉදිරි පරම්පරාවන්ට බැනලා වැඩක් නෑ පවතින පරම්පරාවන් වැරදි නිවැරදි කරගන්නේ නැතිව...

      අවාසනාවට නොවෙන්නෙත් ඒකමයි.

      Delete
    4. අප නිශ්ශබ්දව නොසිටිය යුතුයි.හදගම ලාට සුමිත්‍රලාට එරෙහිව ජනමතය පෙළගැස්විය යුතුයි.කවුරුන් හෝ පළමු පියවර තැබිය යුතුයි.ඒක අපේ යුතුකම.මෙම සමාජ විශබීජ පැතිරවීම ගැන විශේෂ පුද්ගලයන් දැනුවත් කිරීමට අප යන්නේ අපේ කාලය,මුදල් හා ඉන්ධන වැය කරමිනුයි.එහි ප්‍රතිඵල තිබෙනවා.අපට සහාය දෙන්න ඉදිරිපත් වන අය දෙස බැලුවාම සතුටක් තිබෙනවා.නමුත් අපේ සම්පත් සීමිත නිසා ලොකු පිමි තවම පනින්න බෑ.දැනට කෙරෙන්නේ මතවාදීමය වශයෙන් ශක්තිමත් වීමයි

      Delete
    5. මම මේ කියන්නේ ඇත්තටම මට මේ ගැන හිතෙන දේ... මේ ඔයාලා කරන්න හදන්නේ නැති විශබීජයක් ගෙනල්ලා මේ තියෙන ප්‍රශ්න යට ගහලා තමන්ගේ මූල්‍යමය අවශ්‍යතා සපුරා ගන්න හදනවා කියලා... ඇත්තටම ඔයාලගේ මතයට මේ සමාජය පොළඹවා ගන්න එක එච්චර අමාරු නෑ... මමත් පිළිගන්නවා ඔයා හැමතිස්සෙම කියන ජාතියේ පිස්සු ගෑණු තරම් අන්තවාදී වෙන්න ඕනෙ කමක් නෑ කියලා... නමුත් මේ ඔයාලා කරන වැඩෙන් වෙන්නේ මේ ලාංකීය සමාජයේ තියෙන ප්‍රශ්න තවත් වැඩි වෙන එක විතරයි... මේ නලීන් අයියගෙම පරණ පෝස්්ට් වල වැටුන ඔයාගේ කමෙන්ට් වලදි කොච්චර ප්‍රශ්න ඇති උනාද කියලා ඔයාට මතක ඇති... බොහොම අන්තවාදී විදියට ඔයා ඔයාගේ මතය ඉදිරිපත් කරන්න උත්සාහ කළා...

      ආසියාතික ගැහැණිය යන්තම් කකුල් දෙකෙන් හිටගෙන තමන්ගේ ජීවිතේ මනුශ්‍ය ප්‍රාණියෙක් විදියට, තව කෙනෙක්ගේ වහලියක් වෙලා ඉන්නෙ නැතුව, හදාගන්න උත්සාහ කරද්දි ඔයාලා කරන්නේ තවත් ඒක ආමරු කරන එකයි.. මොකද ඔයාල කොච්චර ගෑණුන්ගේ පැත්තට කතා කරන්න උත්සාහ කරනවා කිව්වත් ඒ මතයම ගැහැණියක් පාගලා දාන්න යොදා ගන්න එච්චර අමාරු නෑ... හොඳට මතක තියාගන්න මේක යුරෝපය හෝ ඇමරිකාව නෙවෙයි.. මේක ආසියාව.. ලංකාව....

      මට ඔච්චරයි කියන්න තියෙන්නේ... ඔයලාගේ වැඩ පිළිවෙල ගැන මගේ හිතේ සතුටක් නෑ.. මොකද මම ගැහැණියක් නිසා.... මමත් මේ සමාජයේ ප්‍රශ්න වලට මැදි වෙලා, ඒවට මූණ දීලා සහ දැනටත් මුහුණ දෙන නිසා... මම දන්නවා ඔයාලගේ මතයෙන් ගැහැණීයකට කොච්චර මානසිකව සහ ශාරීරිකව බලපෑමක් කරන්න පුළුවන්ද කියලා අපේ ලංකාවේ සමාජයට...

      Delete
    6. සැමට මිතුරු සහ දුලන්ත ඉතාම ආවේගශීලී සංවාදයක යෙදෙන බව පෙනේ.ආවේගයේ උච්චම අවස්ථාවන්හී දෑස් වැසී යයි.දෑස් වැසුනු පසු ලියන්නේ හෝ කියන්නේ පෙනෙන දෙය නොව හිතේ තිබුනු දේ සහ අසා තිබෙන දේය.හිරු කීමට සුදානම් වුයේ ස්ත්‍රීවාදය හරි යැයි කීමට නොවේ කියා මට හිතේ.ඇය ආසියාතික ගැහනියගේ ඛේදවාචකය ඉස්මතු කරලීමට ගත් උත්සාහයකි.ඔබ දෙපොල එයට නිර්දය ලෙස පහරදුනි. පුරුෂ ආධිපත්‍යයේ මැඩලිය නොහැකි එක් අංගයක් ලෙස එය මම දකිමි. හිරු ආසියාතික ගැහැණිය යන යෙදුමට වඩා දකුණු ආසියාතික යැයි කීවා නම් කාරනාව තවත් සාධාරණය.මම ස්ත්‍රීවාදයට එකඟ නැත. පුරුෂ ආධිපත්‍යයට කොහෙත්ම එකඟ නැත.ලියන මම ගැහැණියක් නොව පිරිමියෙක් බව සලකන්න.ගහන්න පොලු හදන්නේ නැතුව හිතන්න ඔලු හැදුවා නම් හොඳ බව මගේඅ අදහස්යි.

      Delete
    7. කාන්තාවන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න අපේ සංස්කෘතික සීමාව තුල සාකච්ඡාවට ගත යුතුයි.නමුත් එවැනි සෑම අවස්ථාවක්ම බටහිර ස්ත්‍රීවාදී සංවිධාන වල බළල් අත් වීමෙනුයි අවසන් වන්නේ.ඊට හේතුව බටහිර ස්ත්‍රීවාදීන් සතුව විශාල ප්‍රාග්ධනයක් තිබීමයි.මම නම් සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවන් නිකම් හෑල්ලු වෙන දෙයක් කවුරුහරි කීවත් ඊට එරෙහි වෙනවා.බහුතර කාන්තාවන්ට ස්ත්‍රීවාදයක් අවශ්‍ය නැහැ.කාන්තාවන්ට මූලිකත්වය දෙන සමාජයක් හදන්නයි අපට ඕන.ඒක කරන්න වෙන්නෙ ආකල්ප වෙනස් කිරීමෙන්.පාරෙදි දකින කාන්තාව බඩුවක්,කෑල්ලක් නොව සහෝදරියක් යන ආකල්පය ඇති කළොත් සිදුවෙනවායැයි කියන හිංසනයන් වලක්වා ගත හැකියි.ඇත්තෙන්ම හිංසනයන් තිබෙනවා.නමුත් ස්ත්‍රීවාදීන් කියන ප්‍රහිශතවලින් නොවෙයි.කාන්තාවන් පිරිමින් කරන හැම වැඩක්ම 50%ට නූලට කරන්න ඕනෙ නෑ.නමුත් ඔවුන්ගෙ දක්ශතා දියුණු කරගන්න කැමති රැකියාවක් කරන්න කැමති තරම් ඉගෙන ගන්න අවස්ථාව තිබිය යුතුයි.කායික හා මානසිකව පුරුෂයන් අනුකරනය කිරීමවත් පිරිමින්ට දෙස් දෙවොල් තබමින් පොලවෙ පස්කන බටහිර ස්ත්‍රීවාදය සමාජයට මාරාන්තිකයි.කාන්තාවක් නිතරම කාන්තාවකගෙ පැත්ත ගටහ් යුතු නෑ.ඇමරිකාවෙ වගෙ ලිංගික වශයෙන් බෙදුන සමාජයක් හරිම අප්‍රසන්නයි.සමලිංගිකයො හොරෙන් ගල් කපා ගත්තට ආප්ප සෙල්ලම් කළාට අපට කමක් නෑ.හැබැයි ඒ අය පංච මහා බලවේගවලින් එකක් වෙලා පොර ටෝක් දදා සමාජ සංස්ථා සහ හර පද්ධති වලට පහර දෙන එකයි වරද.සුමිත්‍ර ගැන මතක් වුන නිසා කීවෙ 2012 කාන්තා දිනය දා පත්තර ආරන් බලන්න පුදුම ආවේගෙකින් පුදුම වෛරෙකින් ස්ත්‍රීවාදීන් හැසිරුනේ සුමිත්‍රගෙ හයිය අරන් .නමුත් 2013 දි ඒ වගෙ ප්‍රචන්ඩත්වයක් අපි දුටුවෙ නෑ.සුමිතරටත්,අනුලටත්,ඊවටත් ,සුබංගිටත්,පෝල්‍රාජ්ටත්,සාවිත්‍රීටත්,නිමල්කටත් තව තාව් එවුන්ටත් කියන්න තිබෙන්නෙ එකම දෙයයි.කාන්තාවන් පිරිමින්ට එරෙහිව පෝස්ටර් හා බැනර් අතට ගෙන උද්ඝ්හෝෂනය කරනවා බලන්නට ඇපි කැමති නැත.අම්මා සහ දුව එක්වී තාත්තාට සහ පුතාට එරෙහිව සංවිධානය වී සටන් කරනවා බලන්නට තබා අසන්නටවත් අපි කැමති නැත.බටහිර වියුක්ත යුදෙව් චින්තනය මෙන් නොව අපේ සමාජයේ කාන්තාව පවුලෙන් හා සමාජයෙන් වියුක්ත නැත.

      Delete
  18. මම මේ පොත කියෙව්වා. කොහොමත් කාලයක ඉඳ සුමිත්‍රාගෙත්, සුනේත්‍රාගෙත් ලියමන් වල ඒකාකාරී ගතියක් තියනවා. විවිධ ආකෘති අරගෙන ලියන්න හැදුවත් අන්තිමේ එකම කතාව වගේ.

    පිරිමින්ට වෛර කිරීමක් නම් මම මේ පොතේ දකින්නේ නෑ. සුමිත්‍රා කතා ලියන්නෙ ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් තමයි. ස්ත්‍රියක් හැටියට සුමිත්‍රා එහෙම ලියන එකේ වරදක් මම දකින්නේ නෑ. මොකද පිරිමි ලියන නවකතාවලත් මේ තත්වයම තියනවා. පිරිමියෙක් විසින් පිරිමියෙන් කාන්තාවන්ට ඉහලින් උළුප්පා දැක්වීම අපේ සමාජයට දැනෙන්නේ නෑ. මොකද සමාජගතවෙලා තියන සාමාන්‍යය එක නිසා. නමුත් ස්ත්‍රියක් ඇවිත්, ස්ත්‍රියන් පිරිමියාට වඩා ඉහලින් තබන්න හදන එක හැමෝටම පේනවා, ඒක සමාජ සම්මතයට විරුද්ධව යන්නක් නිසා. ස්ත්‍රීන්ගේ වැරදි ද බහුලව මේ පොතේ තියනවා. අත්තම්මා, නලිනි වගේම නිවුන් චරිතද එකිනෙකා විවේචනය කර ගන්නවා. නුවුන්නු එකතුවෙලා ක්‍රිෂ්ණාව දරුණු ලෙස පාවා දෙනවා. ප්‍රේමනීගෙ පායාස ගැන තියන හැඟීමත්, පිරිමි ගැන වෛරයක් ඇති කරවන්නක් නොවේ. මෙහි එන එකම පැහැදිලි කළු චරිතය ඔත්තු කාරයා. ඒ ඇරුණාම අනෙකුත් චරිත එක් එක් අවස්ථාවන් වලදී සුදු කළු ලෙස හැසිරෙනවා.

    //සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය සුපුරුදු ලෙස ම පාඨකයා ආකර්ෂණය කර ගැනීමට සමත් ය. ඇගේ ආඛ්‍යානය ශක්තිමත් නිසා ම පොත දීර්ඝ වුව වෙහෙසක් නො දැනේ. වේගයෙන් කියවාගෙන යා හැකි ය. අතුරු කතා, සිහින තිබුණ ද ඒවා කතාව හා මනාව බද්ධ වෙයි. ජීවිතයේ නිස්සාරත්වය හා අනිත්‍යය මේ කතාවෙන් හැඟෙන්නේ යැයි කෙනකු කියන්නට පුළුවන. අලුත් තේමාවක්, අලුත් විෂයයක් නිසා තව කෙනකු මෙය වර්ණනා කරන්නටත් පුළුවන. කුමක්වුව මේ නවකතාව ඛේදාන්තයක් සහිත ප්‍රබන්ධයකි. පොත කියවා අවසන් කළ සැණෙන් බරපතළ ශෝකයකින් හා හිස්බවකින් අපේ සිත් පිරීයයි. ඊට ඇත්තේ ද සංවේගජනක අවසානයකි.//

    මේ පොත සම්බන්ධයෙන් වැදගත් වන්නේ මෙපමණකි. මෙයින් කියවෙන්නේ පොත සම්බන්ධයෙන් රන්ජන් ට ඇත්තේ ධනාත්මක අදහසකි. නමුත් ඉන්පසු එය ඔහු, ඇයගේ දෘෂ්ඨිවාදය යැයි ඔහු සිතනා යමක් ඉදිරිපත්කර ඇයව විවේචනය කරයි.

    ගුරු ගීතය අද ද නැවත නැවත කියවා රස විඳින පිරිස කොපමණ වේද? ගුරු ගීතය ලියූ චිංගීත් අයිත්මාතෙව්ගේ දෘෂ්ඨිය පොත කියවන්නාට අදාල ද? ඔහුගේ පොත් ලියැවුණේ ජනතාව යුද්ධයකට මානසිකව සූදානම් කිරීමට යන්න නිතර කියවෙන කාරණයකි. යමෙකුට කලා කෘතියකින් යම්කිසි දෘෂ්ටිවාදයක් සමාජගත කර එයට ජනයා අනුගත කරගත හැකි නම්, ලේ වගුරන විප්ලව, යුද්ධ, පෙළපාළි වෙනුවට මම අනිවාර්යයෙන් තෝරාගන්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. සුමිත්‍රගෙ පොත් වල පිරිමි චරිත නිතරම කළු චරිත.ගැහැනු චරිත නිතරම සුදු චරිත.ඇත්තටම මට මේක ප්‍රශ්නයක් නොවෙයි.ප්‍රශ්නය මේකයි .මේ වගෙ අන්තවාදයන් දීර්ඝකාලීනව සමාජයට අහිතකරයි.අස්වාභාවික චින්තනයක් සහිත පරම්පරාවක් බිහි වෙනවා.වෛරය හදවතට මුල්බැසගත් කාන්තාවන් සමලිංගිකත්වයට හුරු වෙනවා.ඔවුන්ගෙ විවාහ ජීවිත දෙදරනවා.මොකද යටි හිතේ පිරිමි ගැන වෛරයක් තිබෙන නිසා.එවැනි කාන්තාවන්ගෙ ලිංගික ජීවිතයත් අසාර්ථකයි.

      එහෙම වුනාම තමන්ගෙ යටි හිතේ ඇති වෛරය තවත් වැඩි වෙනවා.ඒ වගේම වෛරය තවත් තහවුරු වෙනවා.ඇයි දැන් සාක්ෂිත් තිබෙනවානෙ.බලමු මේ තරම් දුර දිග ගිය මේ කාරනාව ආරම්භ වුනේ කොතනද සංගෙ නැති ගෑනියෙක් ලියපු නවකතාවකින්.කෙල්ලො කම්මැලිකමට කියවන නවකතා වල ඒ අයගෙ පවුද්ගලික ජීවිත විතරක් නොවෙයි මුළු සමාජයෙම නන්නත්තාර කරන විශබීජ තිබෙන්න පුළුවන්.අපි කතා කරන්නෙ මේකයි.ඇයි මේ වගෙ එවුන්ම වරක මදුල වගෙ තියාගෙන වන්දනාමාන කරන්නෙ.මුන් සමාජ විරෝධීන් කියල හංවඩු ගහන ක්‍රමවේදයක් නැද්ද?

      Delete
    2. තිසර කිව්ව දේට මගේ අදහසත් ගොඩක් සමානයි...
      පොතක තියෙන පණිවිඩේ නියමාකාරයෙන් දෙන්න ඇය නම් සමතෙක්... අනුලා ද සිල්වා උනත් එහෙමයි... එත් දක්ෂ විදියට තමන්ගේ ඒ පණිවිඩේ දෙන්න දැන් ගොඩක් අයට හැකියාවක් නැහැ...

      Delete

    3. උපේක්ෂා @

      අනුල ද සිල්වත් මෙයා වගේම අන්තවාදී ස්ත්‍රීවාදිනියක්.අනුලා නොවෙයි එයා ඒක ලියන්නෙ අනුල කියල .එතනින්ම එයාගෙ මානසිකත්වය තේරෙනවා.එයා ස්ත්‍රීවාදිනියක් වුන හේතුවත් කියල තිබුන සදාචාරාත්ය්මක හේතු මත ඒ ගැන කතා කරන්න බෑ.අනුල යි ඊවා රණවීරයි වනිතා විත්ති කියල අන්තවාදෙ සඟරාවක් 1994 දි ගැහුවා.මට අද වගෙ මතකයි පුස්තකාලෙ කට්ටිය ඒ සඟරාවෙ පිට කවරෙ දැකල බක බක ගාල හිනා වෙනවා.යකෝ මේ අපේ ආන්ඩුව කියල පිට කවරෙ ලොකුවට තිබුනෙ.ඊවා රනවීර විවාහ නොවුනෙ පිරිමින් යටතෙ ඉන්න බැරි නිසා කියල තිබුනට ඒ ඇ‍යි කියල හැමෝම දන්නවා.අතවර,අතවර ,කාන්තා හින්සනේ කිය කිය මුන් මේ සමලිංගිකත්වය ඇතුළු හැම බටහිර ස්ත්‍රීවාදී දහජරාවම සමාජගත කරන්නයි යන්නෙ.

      Delete
    4. නැහැ එහෙම ක්‍රමයක් අවශ්‍ය නැහැ. යම්කිසි නිර්මාණයක් කරන මනුස්සයා සමාජ විරෝධියෙක් වෙන්නෙ නෑ. ඒ නිර්මාණය ඔස්සේ සමාජය පිරිහීමකට ලක්වෙනවා නම්, ඒක සමාජයේ ඇති දුර්වලකමක්.

      මේ පොත් කියවන කාන්තාවන්ගේ යටිහිතේ පිරිමි ගැන වෛරයක් ඇති වෙන එක වළක්වන්න ඔයා කරන්නේ එවැණි පොත් ලියන අය ගැන වෛරයක් අවුස්සන එක. //මුන් සමාජ විරෝධීන් කියල හංවඩු ගහන ක්‍රමවේදයක් නැද්ද?//

      මේ බ්ලොග් අවකාශෙම ඔයාට පේනවනේ, ඔයාගේ මතයට විරුද්ධ අය ගොඩක් ඉන්නවා කියලා. හිතන්නකෝ එයින් එක්කෙනෙක් මේ රටේ ජනාධිපති උණාය කියලා... (නිකමට හිතන්න ඒ මමයි කියලා ). මම හරිම කැමතියි සමලිංගිකත්වයට කියලාත් හිතන්නකෝ.... ඉතිං මම සුමිත්‍රා වගේ අයට තව තව බලතල දීලා, ඔයා වගේ අයව හංවඩු ගහනවා සමාජ විරෝධීන් කියලා. කැමතිද? (හැබැ‍යි ඇත්තටම මම ජනාධිපති උනොත්, ප්‍රකාශනයේ නිදහස සහ මර්ධනයේ නිදහස දෙකම දෙනවා.. හැහ් හැහ් )...

      සුමිත්‍රාගෙ පොතක් කියවන්නත් යම් කිසි බුද්ධි මට්ටමක් තියෙන්න ඕනේ... පොත කියවලා හනේ හරි දුකායි කියලා නිකං ඉන්නේ නැතුව, ඊට යටින් ඇති දෘෂ්ටිය දැනෙන්න තව ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ වගේ කෙනෙක්, පොතක් කියවූ පමණින් ඔයා ඔය කියන විදිහට හැසිරෙන්නෙ නෑ. ඔන්න සුජාත දියණී බලන අය නම් එහෙම ඇති.

      Delete
    5. ස්තූතියි තිසර...

      කලින් කීප වතාවක්ම, ස්ත්‍රීවාදය, ලියවරුණ සහ දැන් සැමට මිතුරු කියලා මේ එක් කෙනාට මාත් ඔය ටික කියන්න උත්සාහ කලා.. ඇත්තටම මේ පෝස්ට් එක දැක්කමත් මට මතක් උනේ මේ පුද්ගලයව... අද නං නලීන් අයියට කමෙන්ට් වලට රිප්ලයි දෙන්න ඕනෙ වෙන එකක් නෑ කියලා... හි හි...

      ඇත්තටම එයාගේ ගොඩක් කමෙන්ට් කියවනකොට මට හිතෙන දෙයක් තමයි ස්ත්‍රීවාදය සාධාරණයි කියලා.. ඒකත් මම එයාටම කලින් කියලා තියෙනවා...

      ඇත්තටම පිරිමින්ට වෛර කරන කාන්තාවෝ ලංකාවේ ගොඩක් අඩුයි කියලා මම දන්නේ.. හේතුව 80% කට විතර තාත්තලා ඉන්න එක.. බිව්වත්, කුණහරුප කිව්වත්, ගැහුවත් මේ අපේ තාත්තා කියලා කට ඇරලා අපේ ළමයි තාම කතා කරනවා... වෛරයක් ඇතිවෙනවනං ඇති වෙන්නේ සමාජයත් එක්කයි... ගැහැණියක් සමාජයේදී, පා‌ෙර තොටේදි සැබෑ ලෙසම මුහුණ දෙන ප්‍රශ්නයක් එක්ක සමාජයට බැස්සම එයා බඩුවක්, කෑල්ලක් විදියට හඳුන්වලා, එළිපිට කතා කළාම වෙන කියන්න දෙයක් හොයාගන්නම නැත්තං එයාගේ අතිශය පෞද්ගලික ලිංගික ජීවිතය ඇඳලා අරගෙන ස්ත්‍රිවාදිනියක් විදියට හංවඩු ගහන එකෙන්ම එයා පිරිමි විරෝධි වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න පුළුවන් නම්....

      පිරිමි විතරක් නෙවෙයි.. ගෑණුත් වැරදි කරනවා.. හැබැයි පිරිමින්ට වෙන වැරදි වලට වඩා ගෑණුන්ට මේ සමාජය ඇතුලේ විඳින්න සිද්ධ වෙන මානුෂීය පීඩා වැඩියි... ඒක මේ ආසියාතික සමාජයේ තියෙන ලොකු වැරැද්දක්.. ගැහැණු පිරිමි කියලා වෙනසක් නැතුව මේ හැමෝම මිනිස්සු කියන තැන ඉඳලා හිතන්න පොළඹවන එකයි කරන්න ඕනෙ... නැතුව කට්ටියක් සමාජ විරෝධීන් කියලා හංවඩු ගහන එක නෙවෙයි... එයාලා එහෙම වෙන්න හේතුව තේරුම් අරන් ඒ හේතුව නැති කරන එක මිසක්.. මුන් ඔක්කොම එන්ජීඕ වලින් සල්ලි අරන් මේ නටන්නේ කියලා හෝ ඒ අයගේ පෞද්ගලික ජීවිත අල්ලගෙන බැන වැදීමෙන් කාටවත් යහපතක් වෙන්නේ නෑ .... කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය ( ඒ කෙනාට හෝ තව කෙනෙක්ට හෝ කීප දෙනෙක්ට කරදරයක්, හිරුහැරයක්, බාධාවක් නෙවෙනකම්) සමාජයේ බූදලයක් නෙවෙයි... ඒකයි ඒකට පෞද්ගලික කියන්නේ...

      Delete
    6. තිසර @

      කෙනෙක් සමාජ විරෝධියෙක් වෙන්නේ එයා කරන වැඩ අනුවයි.එය සාපේක්ෂ දෙයක් නොවේ.දෙමළ චිත්‍රපටයක පෙම්වතුන් කනේරු ඇට කා දිවිනසාගත් විට මුලින් මඩකලපුවෙත් ඉන්පසු පොලොන්නරුවේත් ඉන්පසු රටපුරාමත් කනේරු වසංගතයක් ආව.මේකට මගේ මිත්‍රයෙක් මෙහෙම තර්කයක් දැම්මා.ඒ විදියට ඉවත් වෙන්නේ සමාජයට අනවශ්‍ය ජාන කියා.මම ඒ මතයට එකෙඟ නෑ.මෝඩයන් අනිසි ලෙස යොදා ගන්නවානම් යම් නිර්මාණයක් සමාජගත නොකිරීමයි වඩා හොද

      බ්ලොග් අවකාශයේ මට විරුද්ධ කීප දෙනෙක් ඉන්නවා.බ්ලොග් ලියන්න කාලය ලබා ගන්න නම් යම් ආර්ථික ශක්තියක් ඇති අය විය යුතුයි.විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හරුන විට අනෙක් හැමෝම ආර්ථික වශයෙන් ශක්තිමත් අය.ඔවුන් සමස්ත සමාජය නියෝජනය කරන්නේ නෑ.නමුත් බ්ලොග් ලියන්නේ සමාජයේ විශේෂ පිරිසක්.

      ජනතාව අවදි කිරීම ඔවුන් දැනුවත් කිරීම.බුද්ධිමය සංවාද ඇති කිරීම තුලින් සමාජ සවිඥානකත්වය වර්ධනය කිරීමයි අප කළ යුත්තේ.
      ස්ත්‍රීවාදයාට් එරෙහිව ලියන්නේ මා පමාන්ක් නොවෙයි.මම බ්ලොග් තුනක් දැක තිබෙනවා.ඒ අය විශාල වශයෙන් මුදල් සොයා ගටහ් හැකි ලිපි නොලියා මෙසේ ලිවීම ගෑන් ඔවුනට ස්තුති කළ යුතුයි.වැඩිම මුදල් ප්‍රමානයක් සංසරනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියන විශය ක්ෂේත්‍රයට.
      හැබැයි විශ්ව විද්‍යාල සිසුන්ට පත්තර හා බ්ලොග් ලිපි වලට එන් ජී ඕ වලින් ගෙවන ප්‍රමානය මදි බව මාත් පිළිගන්නවා.මේ ගෙවීම් ශාස්ත්‍ර පීඨ සිසුන්ට ආර්ථික වශයෙන් ලොකු පිටිවහලක් බව මමත් පිළිගන්නවා.පත්තර වලට වෙබ් අඩවි වලට කොමෙන්ට් හා ලිපි දාන අයට අදාල ගෙවීම් ක්ලට වෙලාවට නොකරන බවත් ඔවුන් මැසිවිලි නගනවා.එන් ජී ඕ එකේ රැකියාව කියන මිදි වල්ල බලාගෙන නිසා සල්ලි ගැන සිසුන් එතරම් හිතන්නේ නෑ.හුගක් දුරට පළමු වසරේ සිසුන්ගේ ලිපි වලට ගෙවන්නේ නැති තරම්.සල්ලි කඩා ගෙන ජොබත් ෆිට් කරගන්න මොළෙත් ඕන.ශාස්ත්‍ර පීඨ සිසුන්තුල ඇති රැකියා පිළිබද අනාරක්ෂිත බව ස්ත්‍රීවාදී එන් ජී ඕ වලට කුලියට ලියන්නට ඔවුන් පොලඹවා ඇති බවයි මා සිතන්නේ

      මට විරුද්ධ කොමෙන්ට් ආ පලියට මා සුළුතරය හෝ කොමෙන්ට් දමන්නන් බහුතරය වෙන්නේ නෑ.එසේම කලා ක්ෂේත්‍රයේ වැජබෙන අයටහ් බටහිර ප්‍රාග්ධනයෙන් මෙහෙයවෙන නිසා විද්වත් සමාජය තුලත් ස්ත්‍රීවාදය බහුතරය ලෙස සලකන්න බෑ.

      ඔබ ජනාධිපති වුනොත් ප්‍රකාශන නිදහස දෙන බව කියා තිබුනා.මම ජනාධිපති වුනොත් මා කරන්නේ මේ ක්‍රමය වෙනස් කරන එකයි.ඉන් පසු කුලියට ලියන්නවත් ඊනියා ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නවත් අවශ්‍ය වෙන එකක් නෑ

      Delete
    7. හිරු @

      මේ රටේ කාන්තාවන් ගෙන් අති මහත් බහුතරයක් පිරිමින්ට වෛර කරන්නේ නෑ.ඊට හේතුව ස්ත්‍රීවාදය මුල්බැසගෙන නොතිබීම.ඊට හේතුව සමාජයේ සමාජ සංස්ථා ශක්තිමත්ව තිබීම.ස්ත්‍රීවාදය මා හදුන්වන්නේ කතෝලික මළමිනිය කන පණුවා ලෙසයි.මේ අර්ථ අර්ථකථනය මගේයි.බටහිර ලෙඔකයේ පල්ලියේ ආධිපත්‍ය බිද වැටීමෙන් පසු ඒ රික්තයටයි ස්ත්‍රීවාදය රිංගා ගත්තේ.ක්‍රිස්තියානි නොවන කිසිම රටක ස්ත්‍රීවාදය බලවේගයක් නොවෙයි.යුරෝපයේ හා ඇමරිකානු මහාද්වීපයේ හැර කිසිම රටක ස්ත්‍රීවාදය බලවත් නෑ.ඉන්දියාවේ දිල්ලිය ප්‍රමුක කරගත් සංස්කෘතිකව ක්‍රිස්තියානි සමාජයේ ස්ත්‍රීවාදී ඡායාවන් දක්නට ලැබෙනවා.එපමනයි.නැතිව පිරිමින්ට විර නොකරන්නේ හැමෝටම තාත්තලා ඉන්න නිසා නොවෙයි.ඔබ හිතන්නේ ස්ත්‍රීවාදී සුද්දියෝ ඉපදී ඇත්තේ අමුතු විදියකට කියාද?

      Delete
    8. @සැමට මිතුරු,

      ඔයා එක්කෝ ඉන්නේ මම ඉන්න ලෝකයේ නෙමෙයි. බ්ලොග් ලියලා එන්.ජී.ඕ වලින් සල්ලි ගන්නවා කියන්නේ පට්ට ජෝක් එකක්. මේ රටේ බ්ලොග් ලියන්නෙත්, කියවන්නෙත් සුළු පිරිසක්. ඔය තව ටිකකින් කියයි, මිනිස්සු පාන් කන්නෙත් එන්.ජී.ඕ වලින් සල්ලි ගෙවන නිසා කියලා. ඊට පස්සෙ වැසිකිලි යාම පවා සිද්ධ වෙන්නෙ එන්.ජී.ඕ එක ගෙවන ගාණ අනුව. ඕක අර කෝකටත් තෛලයේ කොටසක්... යුධ විරෝධී චිත්‍රපටියක් හැදුවොත් එන්.ජී.ඕ, ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්සොත් එන්.ජී.ඕ.

      ඒක නෙමෙයි ඔයා විද්වතෙක් නෙමෙයි නම්, ඔයා විද්වත් කවයේ ඉන්නෙ කොහොමද? විද්වත් නැති කෙනෙක්ව විද්වත් කවයට ගත්තා නම් අනික් කට්ටියත් කියන තරම් විද්වත් නැතුව ඇති.

      ආහ්.. මට අමතක උණා... අර පටාචාරා කතාව, ගිහි ගෙයින් නික්ම යෑම, වගේ සිද්ධි පොත්වලින් අයින් කරලා දැම්ම නම් හොඳයි. ගෑණු ටික හෙළුවෙන් දුවන්න ගත්තොත් ඕක බලලා.... පිරිමි ගිහිගෙය කල කිරිලා බුදු වෙන්න යන්න ගත්තොත් එහෙම.... අනික අර රාහුල හාමුදුරුවෝ ගිහිං තමන්ගේ දායාද ඉල්ලපු කතාවත් අනිවාර්යයෙන් අහක් කරන්න ඕනේ. නැත්තං අපේ ස්වාමීන්වහන්සේ කෙනෙකුට මලාට පාරට බැහැලා යන්න වෙන්නෙ නෑ, කස්ටිය ඇවිත් දායාද ඉල්ලන්න ගත්තොත්.

      ඒක නෙමෙයි, ඇත්තටම මට කීයක් හරි දෙනවා නම් ඔයාගෙ පැත්තට ලියන්නම්... මම හිතං හිටියේ මේ බ්ලොග් කියන්නෙ නිකං ඉන්ටනෙට් කනෙක්ෂන් ඉකක් තියන එවුන් නිකං ජොලියට වගේ කරන වැඩක් කියලා.

      Delete
    9. ඔබ ඉන්නෙ මේ ලෝකෙ නොවන බව මට පැහැදිලියි.බ්ලොග් ලිපි වලට මුදල් ගෙවනවාද කියා මම දන්නෙ නැහැ.මොකද බ්ලොග් කලාව ආවෙ මෑතක නිසා.හැබැයි පත්තර වල ලිපි වලට නම් යුද්ධ කාලෙ එන් ජී ඕ වලින් ගෙව්වා.ස්ත්‍රීවාදී ලිපි වලටත් ගෙව්වා.බ්ලොග් නිර්මානය සඳහාත් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් වැඩසටහන් කරනවා.බ්ලොග් ලියන කාන්තාවන් ඒ කියන්න මා සමඟ වාද කරන අය එහෙමයි කියල නිකම් ඇඟවෙන විදියෙ කතාවක් වත් මම කියලා නෑ

      මම විද්වතෙක් කියල මම කියන්නෙ කොහොමද?ඒක කියන්න ඕන සෙසු අයනෙ.මතවාදය තුල සිටින අනෙක් අය විශ්වතුන් තමයි.ඒ අයගෙන් සමහරෙක් විද්වතුන් ලෙස සමාජය විසිනුත් පිළිගන්නවා.පැවිදි උතුමන් සමාජය විසින් පිළි ගන්නා අය

      ඔබ කතා කරන විදියෙන් ඔබ ගැන නම් බරපතල සැකයක් එනවා.මොකද කිසිම කෙනෙක් නොකළ ලෙසින් එන් ජී ඕ වෙනුවෙන් ඔබ කතා කරන නිසා.ඔබ එන් ජී ඕ එකේ තේ හදන කෙනා විය හැකියි.මොකද විචක්ශන එන් ජී ඕ කාරයෝ මෙහෙම අතේ කයිතන් වෙන්නෙ නැති නිසා.
      එන් ජී ඕ නොවෙයිනම් සුමිත්‍රගෙ කා කා ස කෙනෙක්ද?

      ඔබ පිළි නොගත්තාට ජනමාධ්ය වලින් සිදුවන සමාජ බලපෑම හැමෝම පිළිගන්නවා.ඔබ සුමිත්‍රගෙ කතා වල චරිත බිඋදු සිරිතට සමාන කරලා.බුදු සිරිත කිසිම කෙනෙක් අනුගමනය කරන්න යන්නෙ නෑ.සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බුදුන් වහන්සේ සමබන්ධ දේවල් වෙනමමයි සළකා ඹැලෙන්නේ.නමුත් සුමිතරලගෙ පොත් බොළද කාන්තාවන් වැලද ගන්න ඉඩ වැඩියි

      පියන් මහත්තයො මැඩම් වෙනුවෙන් කතා කරන කොට ඔයාගෙ අං දෙකයි වලිගෙයි එළියෙනෙ.පියන් කියල කීවෙ ප්බ කරන්නෙ පියන් වැඩක් නිසා.

      Delete
  19. මෙතන ලොකුම ප්‍රශ්නේ සුමිත්‍රා රාහුබද්ද මේ ඒ ප්‍රශ්න සේරටම විසඳුම හැටියට මොකක්ද කරන්න නිර්දේශ කරන්නේ කියන එක.

    ReplyDelete
    Replies
    1. ඇයටත් විසදුමක් කෙළින්ම කියන්න බෑ.හිට්ලර්ට වගෙ ඇයටත් විසදුම් ඇති.ඒත් බටහිර ස්ත්‍රීවාදී පාතාල කල්ලි වලින් කරනව වගේ නරුම මත කෙළින්ම මේ රටේ එළියට දාන්න අමාරු ඇති.බටහිර රටවල අන්තවාදී කුඩා කන්ඩාය වලින් සමාජගත කරන අදහස් මේ රටේ මිනිස්සු විශ්වාස කරන එකක් නෑ.ඒ තරම්ම පුදුමාකාරයි.මුළු බටහිර සමාජයම රෝගී වෙලා කියල හිතෙනවා ඒ අදහස් ගැන අහන කොට.

      Delete
  20. කියවල නැහැ... කියවන්න කැමති පොතු ලැයිස්තුවේ එකක්....

    ස්ත්‍රීන්වත් ස්ත්‍රීය ගැන නොලිව්වොත් වෙන කවුරු ලියන්නද? හැම ස්ත්‍රීයකටමත් කියා ගන්න කතාවක් තියෙනවනේ.... හර්ද සූත්‍රය වගේ ස්ත්‍රී පුරුෂ දෙන්නෙක් එකතු වෙලා එක පොතක් ලිව්වොත් කියලත් හිතෙනවා...

    ස්ත්‍රීවාදී පුරුෂවාදී නොවී ජීවිතය ගැන සමබර දැක්මක් තියෙනවනම් මම වඩා කැමතියි...

    ReplyDelete
    Replies
    1. මටත් ඕන එහෙම සමබර දැක්මක් තමයි.ඒ සදහායි ලියන්නේ.බුදුන් භාරද්වාජ බමුණාට කී ලෙසින්ම මුලින්ම ක්‍රෝධයම නැසිය යුතුයි.වෛරය හා ක්‍රෝධය නැති අක්ල විට ඒ සමබර දැක්ම අපට ලැබේවි.අපි එක්තරා කල්ලියක් ,තෝරාගත් සෙනගක් ,අරුන් අපේ සතුරන් යන අගතිගාමී දැක්ම බැහැර කරන්න ඕන.පීඩක පීඩිත නිරන්තර අරගලය කියන කතාවම වැරදියි.ලෝකය ඉදිරියට යන්නෙ ගැටුම් නිසායැයි කී පෞද්ගලික ජීවිතේ අන්තිමට අසාර්ථක පවුලේ අයට යුතුකම් ඉටු නොකළ ඒ කාලකන්නි යටි රැවුලාගේ දැක්ම බැහැර කරන්න ඕන.

      Delete
  21. @ සැමට මිතුරු

    අනුල ද සිල්වා, සුමිත්‍රා රාහුබද්ද වගේ අය ජනමාධ්‍ය වලට අරක්ගෙන ඉන්නේ. ජනමාධ්‍ය හැමතිස්සෙම මේ වගේ ගෑනුන්ගේ පැත්ත අරන් ස්ත්‍රීවාදය්ට උල්පන්දම් දෙන්නේ ඒකෙන් මාධ්‍ය ජනප්‍රිය කරගන්න පුලුවන් කියලා හිතාගේන. ඒ වගේම ස්ත්‍රීවාදී එන්.ජී.ඕ කල්ලි වලින් ජරාව කන්න පුලුවන් නිසා. ඔය ඊවා රනවීර කියන ගෑනි ත්මන්ගේ පුද්ගලික මනෙවිකාර අදහස් සේරම වනිතා විත්ති හරහා සමාජගත කරන්න හදන උන්මත්තක ගෑනියෙක්. උන්ගේ පරම්පරාවල් තව ටික කාලෙකින්න් ඉවරයි.උන් හිතාගෙන ඉන්නේ උන්ගේ පිරිමි විරෝදී මතයට ලොකු තැනක් තියෙනවා කියලා.නමුත් උන් අනාගත පරපුරේ මොළ හෙදා කටයුතු කරල තියෙන එකෙන් මේ ස්ත්‍රීවාදී බොරු විශ්වාස කරන පිරිසකුත් හැදිලයි ඉන්නේ.

    ReplyDelete
  22. මේ සංවාදයේදී මා දුටු දෙයක් තමයි හැමෝම එක මතයකට ආපු එක.අපි කිසිම කෙනෙක් කාන්තා විරෝධී බමුණු මත නියෝජනය කරන්නේ නෑ.මට වෙලාවකට හිතෙනවා ඇතුලතින් ගත්තොත් අපි ඔක්කොම සමාන අදහස් දරන අයද කියලත්.අපි එකිනෙකාට එකිනෙකා හදුනගන්න බැරි වෙලා.හැබැයි ඒක එක අතකට හොදයි.එහෙම නැත්නම් සංවාදයක් බුද්ධි කලම්බනයක් නැහැනෙ.සංවාදෙදි ඇතැම් විට මාව සම්ප්‍රදායික පුරුෂාධිපති අද්හස් දරන්නෙක් ලෙස හංවඩු ගැහෙනවා.ඒක 100 % ක් වැරදියි.මම තර්ක කරන්නෙ බටහිර සංස්කෘතික ආක්‍රමනයක් ගැන.ඒ කියන්නෙ මාක්ස්වාදය,ස්ත්‍රීවාදය හා ලිබරල්වාදයට පදනම් වූ බටහිර මූලික දාර්ශනික පදනම වැරදියි කියන එකයි.රෝගී බටහිර දාර්ශනික මූලයන්ගෙන් එන විශබීජ පරාජය කරලා බටහිරයාට ඒ අයගෙ සංස්කෘතික රෝගී බව සුව කරගන්න උදවු කරන එකයි කරන්න ඕන.

    ReplyDelete
  23. මේ සංවාදයට එක් වුණු හැම දෙනාටම බොහොම ස්තුතියි. මතවාදීව ගැටුණත් ඉතාමත් හොඳ තැනකට සංවාදය ඇවිත් තිබෙනවා. වෙන වෙනම උත්තර දෙන්න නොගියත් හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම කියනවා මා කැමතිත් ස්ත්‍රීවාදයවත් පුරුෂාධිපත්‍යවත් නොමැති මානූෂීය සමාජයකට. මොන දේ කළත් පවුල් සංස්ථාව රැකෙන සමාජයකට. එය විනාශ කරගත් ඒ නිසා විදවන්නේ නැති සමාජයකටයි.

    ReplyDelete
  24. mama poddak udin pallen kiwwe oyawage kenek bandoth kohomada :D

    ReplyDelete
  25. කොහොමත් මං සුමිත්‍රා දකින්නේ ගැහැණු ඇසකින් ලෝකේ දකින හැටි කියන සමාජ විචාරිකාවක් විදිහට. ඒ දැක්ම පට්ට හිතා ගන්නවත් බැහැ අපිට......සුමිත්‍ර ගැහැනියෙක්ව අභ්‍යන්තරිකව නිරුවත් කිරීම, ගැහැනියක් අතින් සිදු වීම තවත් හිත ගන්න බැහැ......මේ මන් සුමිත්‍රාගේ දැක්ක විදිහ..........

    http://rasthiyadukarayamo.blogspot.com/2013/02/blog-post_24.html

    ReplyDelete
  26. ඔයවගේ මෝඩ ගෑනුන්ට පුලුවන් හැමදාම මේ වගේ පුරුෂ විරෝධී පොත් ලියලිය ගොන් ආතල් ගන්න විතරයි.

    ReplyDelete
  27. පොත ස්ත්‍රිවාදීද පුරිශවාදීද කියන එක වැදගත් නැ... පුලුවන් තරමට පොත් කියවපල්ලා... කොහෙවත් තියෙන විචාර වලින් පත්තර පි‍ටු බ්ලොග් පි‍ටු පිරෙව්වට කාටවත් වැඩක් නැ ... මේ සමාජය තනිකරම පුරුෂ මුලික සමාජයක් , ගැහැනියක් විදියට ඇය එය අද්දකිනවා නම් එකේ කිසිම ගැටලුවක් නැ...මෙක අපේ සමාජයේ අත්දකින සත්‍යය.
    මෙකේ තියෙන කමෙන්ට් කියෙව්වම හිතුනේ අපේ සමාජය නිරුපනය කරන අන්ධබව මේ මෙකෙනුත් එ විදියටම නිරුපනය වෙනවා කියලා.

    ReplyDelete
  28. මමත් පොත අතට අරන් ටිකක් කියවනවා ආපහු තියනවා. මට නම් පේන්නේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය සුනේත්‍රා රාජකරුණායකගේ ආරෙන් ලියන්න යාම නිසා මෙහි දෙදෙනාම නොවෙන අමුතු අයෙකු පොත් ලියනවා වගේ. "කන්දක් සේමා" උනත් , "දුල දුලාය" කියන එකෙත් මට හිතාගන්න බැරි උනා මේ කියවන්නේ මේ දෙන්නගෙන් කාගෙ පොතක්ද කියලා.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT