සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සාමාන්‍යෙයන් අලි කතා මට නිතරම වගේ එවන්නේ අපේ චන්දන. චන්දන වගේම මමත් අලින්ට කැමතියි. ඉතින් අදත් ඔබට ගේනෙන්නේ පුංචි අලි කතාවක්.
අලි අල්ලන එක ලෙසි කටයුත්තක් නොවේ නමුත් අලි කිව්වට දඟකාර අලි පැටියෙකු අල්ල ගන්න එක ටිකක් දඟකාර වැඩක්. පසුගියදා අම්පාර එක්ගල් ඔය ප්‍රදේශයේ වගා ළිදකට අලි පැටියෙකු වැටිලා හිටියා. මේ අලිපැටියා පොඩි වුණාට ළඟපාතකට කාටවත් කිට්ටු වෙන්න බැරි වුණා දඟකාර කම වැඩි හින්දම .






































































මේ අලියා ළිදෙන් ගොඩ ගත්තට එයාට යන්න දෙන්න වන ජිවි නිළධාරින් අකමැති වුණා. ඒ අලි පැටියගේ ඇඟේ තුවාල කිපයක් තියෙන හින්දයි. පශු වෛද්‍යවරයා ට අලි පැටියව අල්ල ගන්න කාර්යය ලේසි වුණේ නෑ. නිළධාරින් හැමොම විනාඩි කිපයක් ඇතුළත යුද්ධයකට සුදානම් වුණා.
මේ අලි පැටියා හැමෝවම පන්නන්න පටන් ගත්තා. මේ සේල්ලම් වැඩේ නතර වුණේ නිළධාරින් හැමෝම එකවිටම අලි පැටියගේ ඇගට පැන අහුවුණු තැනින් අල්ල ගත්තට පස්සේ යි. මේ චණ්ඩියා අල්ලලා වාහනේ තියෙන ආරක්ෂිත අලි පෙට්ටියට දාන්න එයාව උස්සන්නත් අපේ නිළධාරින් හට සිදු වුවා.
පැටියා වතුරට වැටුණට පස්සේ අලි අම්මා යන්න ගිහින් පෙන මානයක එයා හිටියේ නෑ එක අලි ප්‍රශ්නයක් වුණා.

සේයා රූ හා සටහන චන්දන ලියනාරච්චි

23 comments:

  1. photo tikata oyage post eka ekatu unhama apit etana hitaya wage. ela ayyandi.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එහෙම හැගුමක් ආවනං හරිම සතුටුයි සන්ජීව

      Delete
  2. අඩේ අප්පා කට්ටිය එහෙනම් අලියෙක්වත් ඉස්සුවා...
    හරි අපුරු අලි සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. උස්සලා බේත් දාලා ආයිමත් කැළේටම තමා කාලෙකින්. එතකං ඇත් අතුරු සෙවණට.

      Delete
  3. අනේ මටත් ආසයි රට වටේ ගිහින් විස්තර හොයන්න පුළුවන් ජොබ් එකක් කරන්න.... ජොබ් එකක් විදිහට නෙවේ. ආසාවට :)

    ReplyDelete
    Replies
    1. එහෙනං ගයිඩ් කෙනෙක් හෝ පත්තර රස්සාවක් තමා ගැලපෙන්නේ.

      Delete
    2. ඔය රස්සාව හැමෝටම කරන්න බැහැ ... ආසාව තියෙනකම් උපරිම මාස 3 කරයි..ඊට පස්සේ පැදුරුටත් නොකියා ගොඩක් දෙනා යනවා...බොරු නම් චන්දනගෙන් අහන්න...

      @ නලී

      මට චන්දන එක්ක ටිකක් කතා කරන්න හිතෙනවා..පොඩ්ඩක් එන්න කියන්නකෝ අපේ පැත්තේ...

      Delete
    3. චන්දන මට හමුවන්නේත් අහම්බෙන්. මා ඔහු දකින පළමු දිනයේම ඔහුගේ හැකියාව වටහාගන්නවා. එතැන් පටන් ඔහු අප සමග ඉන්නවා. ඒ වගේම ඒ හැකියාවට යා යුතු තැන්වලටත් ඔහුව යොමු කොට තියනවා. සහන් ඔබේ ලිංකුව මා අනිවා ඔහුට යවනවා.මා හිතනවා ඔහු ඔබටත් ප්‍රයෝජනයක් වේවි. චන්දන අති දක්ෂ වීඩියෝ කරුවෙක්.

      Delete
  4. ඉතිං දැන් ඔය උන්දැව පොඩි කාලම මිනිස් ඇසුරේ තිබ්බම ආයිත් කැලේට යයිද අවුලක් නැතුව... මං මේ කල්පනා කළේ ඒකයි...

    ReplyDelete
    Replies
    1. උන්ගේ චර්යාවන් යම් තරමකට වෙනස් වුවත් හිරු ඇත් අතුරු සෙවණින් මේ වන විට මුදා හල අලින් ක්‍රමයෙන් වනගත දිවියට හුරු වි තිබෙනවා.

      Delete
  5. යකෝ මෙච්චර පොඩියට ඉන්න එකාද අච්චර ලොකු වෙන්නේ ...?

    ReplyDelete
    Replies
    1. මෙතනදි මං රූලෙන් පිට පයිනවා. නුවරඑළි ගියාම තියන එකත් නෑම තමා.

      Delete
  6. අනේ හරිම හුරතල් අලි පැටියෙක්

    ReplyDelete
    Replies
    1. මගේ හිතට ආපු එකම මෙන්න මෙයා කියලා...හරිම හුරතල් අලි පැටියෙක් :D

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. පැටියා වුණත් අලිය නේ...සෑහෙන මහන්සියක් වෙලා තියනවා....

    ReplyDelete
  10. අන්කල්ගේ අත්දැකීම් නම් හරිම වටිනවා..හැබැයි මම බයම සතා තමා අලියා :(

    ReplyDelete
  11. http://www.bornfree.org.uk/campaigns/elephants/campaign-action/sri-lanka-elephants/elephant-transit-home/
    මේ අලි පැටවුන්ට මොකද වෙන්නෙ කියල විස්තර ටිකක් තියෙනව මෙතන. නිවාඩු පාඩුවෙ කියවලා බලන්න..

    ReplyDelete
    Replies
    1. දැන් මං මේක බලන්නං.

      Delete
  12. Nikan video ekak beluwa wage. Saralai . wedi talk ne. Supiri machan.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT