රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2013-06-27

ඉන්දියාවේ සිංහල සළකුණ නාගර්ජුන්කොණ්ඩා



ඉන්දියාවේ හයිඩ්‍රාබාද් පුරවරයේ කළ සංචාරයක මතකයකි මේ. 


හයිඩ්‍රාබාද් නගරයේ සුන්දරත්වය රිසිසේ විඳි අප රාත්‍රිය ගත කරන්නට පැමිණියේ තාරමනී භාරාධරි හරිත නිකේතනයටයි . දිවා කල දුටු නෙත පිනවන දසුන් පෙළින් සිතට ප්‍රබෝධයක් දැනුනද ගතට දැනුණු වෙහෙස නිවාගන්නට මෙතැන කදිම තැනකි . හාත්පස සිසාරා පැතිරුණු නිල්වන් ගෙ උයන , පසෙකින් දිස්වන පිහිනුම් තටාකය , මනරම් විදුලි ආලෝකයෙන් නැහැවෙමින් දුරින් දිස්වන භාරාධරි මණ්ඩපය අපේ වෙහෙස අපටත් හොරා සඟවාගෙන ගියා සේය . මිතුරු ඇසුරේ ටිලි ටිලි හඬින් වීදුරු එකිනෙක ගැටෙද්දී තව පැය ගණනක් මෙතැන සිටියද කාලය ගලායාමක් නැති සෙයකි . හෙට දින නාගර්ජුන් සාගර් බලා කිලෝ මීටර් එකසිය තිහක් පමණ දුරක් යා යුතුය . එහෙයින් සුන්දර මොහොත කෙටි කෙරුවෙමු . 


හයිඩ්‍රාබාද් සිට නාගර්ජුන් සාගර් වෙත යන්නට අපි උදෙන්ම සූදානම් වුණෙමු . සුව පහසු මාර්ගයේ මේ ගමන පැය 4 කින් යා හැකිය . නගර ගම් මෙන්ම ගොවි බිම්ද මග දෙපස විය . එක යායට සරුවට වැවුණු මිරිස් යාය අතිශය සුන්දරය . රතට රතේ මහ පොළවේ වේලෙන මිරිස් දසුන ඊටත් සුන්දරය . ඒ මිරිස් වියළන පුද්ගලයන් ගේ ජීවිත නම් අප හිතන තරම් සුන්දර නැති බව මගේ හැඟීමයි . පැය කීපයක ගමනකින් පසු අපි නාගර්ජුන් සාගර් නගරය වෙත සේන්දු වුණෙමු . එය අන්ද්‍රා ප්‍රදේශ් හි තවත් ඓතිහාසික සංචාරක පුරවරයකි . 
මග තොට දුටු මිරිස් වියළීම

සිංහල මහා විහාරය නාගර්ජුන්කොණ්ඩා
මෙහි නරඹන්නට ඇති තැන් බොහෝය . මේ නුවරට නම ලැබී ඇත්තේ අතීතයේ මෙහි වැඩ සිටි නාගර්ජුන නම් බෞද්ධ මහ නා හිමි නමක් නිසාවෙනි . ඉන්දියානුවෝ මේ හිමියන් හඳුන්වන්නේ ආචාර්ය නාගර්ජුන ලෙසින්ය . මීට වසර දෙදහසකට පෙර කලක දී උන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ප්‍රදේශයේ බෞද්ධ විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන ගොස් ඇත . 
නාගර්ජුන් බලා යන බෝට්ටු සේවාව
නාගර්ජුන් සිතියම
නාගර්ජුන් වේල්ල
මේ සරසවියේ දැනුම ලබන්නට ලොව නන් දෙසින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නාගර්ජුන් පුරවරට වැඩම කර ඇති බවට තොරතුරු ඉන්දීය පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත . සුප්‍රකට ක්‍රිෂ්ණා නදිය ගලා බසින්නේ මේ නුවර මැදිනි . විශාකා පට්නම් නගරය ( විශාකා පටුන ) ආසන්නයෙන් එය මහ මුහුදට වැටේ . ක්‍රිෂ්නා නදිය ඔස්සේ රට රට වල භික්ෂූන් නාගර්ජුන් සරසවියේ දැනුම ලබන්නට පැමිණ ඇතැයි පුරාවිදු තොරතුරු හෙළි කරයි . 


නාගර්ජුන්කොණ්ඩා කෞතුකාගාරය
ශ්‍රී ලංකාවෙන්ද භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලබන්නට මෙහි ගොස් ඇති බවට තොරතුරු රැසක්ම මේ වන විට පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ . එහි නටබුන් අදටද දක්නට සුරැකිව ඇත . ක්‍රිෂ්ණා ගංගාව හරස් කර 1927 වසරේදී මහා වේල්ලක් නාගර්ජුන් හි ඉදිකෙරිණි . එහි වැඩ නිම වූයේ 1956 වසරේ දිය . මේ මහා වේල්ල හේතුවෙන් අති දැවැන්ත ජලාශයක් නාගර්ජුන්හි ඉදිවිණි . එනිසා මෙ පුර එතැන් පටන් නාගර්ජුන් සාගර් විය . 
ඉන්දීය පුරාවිද්‍යාඥයන්ගේ දැඩි කැපකිරීම් හේතුවෙන් කැණීම් කටයුතු සිදුකොට පාදාගන්නා ලද නාගර්ජුන් විශ්වවිද්‍යාලයේ හා නාගර්ජුන් කොණ්ඩා නටබුන් නාගර්ජුන් සාගර් ජලාශයට යටවෙන බව හෙළි වීමෙන් පසු එම නටබුන් එදා තිබූ පරිද්දෙන්ම පසු කලෙක වෙනත් ප්‍රදේශයක ස්ථාපිත කෙරිණි . අප පළමුවෙන්ම ගියේ නාගර්ජුන් සාගර් ජලාශයට යටවෙන්නට ගිය නාගර්ජුන් සරසවිය එපරිද්දෙන්ම නැවත ස්ථාපිත කොට ඇති අනුපු වෙතයි . එදා ලොවටම ඥානය බෙදාදුන් ආචාර්ය නාගර්ජුන් හිමි ගේ සරසවියේ නටබුන් දකින අපේ සිත්තුළ පහන් හැඟුම් ඇති විය . එදා සරසවි අධ්‍යාපනය කෙතරම් සුන්දර අද්දැකීමක්ද යන්නට නිදසුන් ගණනාවක්ම එහි විය . සරසවි භූමියට අනෙක් පසින් පිහිටි එළිමහන් රංග පීඨය එයට කදිම නිදසුනකි . එතැනින් අප පිටවුණේ නාගර්ජුන්කොණ්ඩා බලා පිටත් වීමටයි . ඒ සඳහා නාගර්ජුන්සාගර් වේල්ල අබියස ඇති ජැටියෙන් බෝට්ටුවක නැගී විනාඩි 45 ක් ගමන් කළ යුතුය . 

එය අතිශය සුන්දර ගමනකි . අන්ද්‍රා සංචාරක දෙපාර්තමේන්තුව මේ සඳහා බෝට්ටු සේවා සපයයි . වරකට 400 කට පමණ ගමන් කළ හැකි විසල් බෝට්ටු හතරක් මේ සඳහා සේවයේ යොදවා ඇත . බෝට්ටුවේ සිට දකින විට දැවැන්ත වේල්ල කදිම දසුන් මවා පායි . විසල් සාගරයේ මැද
( නාගර්ජුන් සාගර් ) පිහිටි දූපත් කන්දක් නාගර්ජුන්කොණ්ඩා ලෙස හැදින්වෙයි . මේ දූපතට පිවිසෙන ඔබට ඉපැරැණි බෞද්ධ සංස්කෘතියක නටබුන් රැසක්ම දැකගන්නට හැකිවෙයි . 
අශ්වමේධ යාග පොකුණ

ඉන්දියාවේ සිංහල උරුමය ලොවට කියන සිංහල මහා විහාරය දැකගන්නට ලැබෙන්නේ මෙහිදිය . නාගර්ජුන් සරසවියේ ඉගෙනුම ලබන්නට ලංකාවෙන් මෙහි ආ භික්ෂූන් වහන්සේ නවාතැන් ගෙන ඇත්තේ සහ වතාවත් ඉටුකොට ඇත්තේ මේ විහාරයේ දි බවට සෙල්ලිපි හමු වී ඇත . මෙයට අමතරව බොදු උරුමයන් රැසක් ද මෙහි ඇත . පරිභෝග චෛත්‍ය , උදේශිකා චෛත්‍ය , අස්වමේධ යාග පොකුණ , හින්දු කෝවිල සහ කෞතුකාගාරය මෙහි ඇති නැරැඹිය යුතු ම තැන්ය . ඉන්දීය පුරාවිද්‍යාඥ මහාචාර්ය චෙන්නා රෙඩ්ඩි මහතා මේ පුරාවස්තු සුරකින්නට මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළ පුද්ගලයෙකි . ඒ මහතාට සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම ස්තුතිය අපි පිරිනමමු . 


විශේෂ ස්තුතිය මා සමග මේ සංචාරයට එක් වූ 
ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි සොයුරාට
නැවත පළකිරීමකි

30 comments:

  1. ඉතා වටිනවා ‍ඓතිහාසික උරුමයන් සුරැකීම..

    ReplyDelete
    Replies
    1. හැමදේම සුරකින්න ඕන.එහෙම නේද දේශකයා.

      Delete
  2. ඔබටත් සමන් අයියාටත් ස්තූතියි! සුන්දර සටහනක්. මිරිස් වේලීම දැක්කාම බඩ පිරෙනවා.

    ReplyDelete
    Replies
    1. හපුයි කට දයියා. ඒ වගේද ඒ මිරිස් වේලන ජීවිත චන්දි අක්කා.

      Delete
  3. එහෙන් නේ බං බුද්ධාගම මෙහේට ආවේ... ඔය පොළොන්නරුවේ වැඩ ඔක්කෝම ඉන්දියන් පොරවල්ගේ තමයි..

    ReplyDelete
    Replies
    1. අපේ බොහෝ නිර්මාණයන්ගේ තියෙන්නේ ඉන්දීය ආභාෂය තමා මාතලන්

      Delete
  4. හලේ මන්දා,, මේ රූප ටික දැක්කාම ගිහින් බලන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. යමු යමු දවසක.... දෙන්නත් එක්කම.

      Delete
  5. යන්න ඇත්නම්..!!

    නලින් අය්යා හචිං ගියේ නැද්ද අර මහා විසාල මිරිස් ගොඩේ ඉන්න කොට..!:))

    ReplyDelete
    Replies
    1. එහෙමනං වුණේ නෑ ඒත් මාර සැරක් ඇස් රිදෙන ගතියක් දැනුනා.

      Delete
  6. ඔය විශ්වවිද්‍යාලෙ පුරා විද්‍යාව හදාරන හාමුදුර් කෙනෙකුටද අර තමිල්නාඩුවේදි පන්න පන්න පහර දුන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ සිද්ධිය වුණේ පූණේ පැත්තේ ඉගනගත් හිමි නමකට නේද

      Delete
  7. හොඳ විස්තරයක් නලීන්. අර සිතියම පැරණි එකක්ද?

    මට ඉන්දියාවේ සිත්ගත් එක් දර්ශනයක් තමයි අබ මල්, යායට කහපාටින්, පිපිලා තියෙන හැටි.

    ReplyDelete
    Replies
    1. පැරැණි නියම සිතියම කෞතුකාගාරයේ තිබෙනවා.

      Delete
  8. යන්න ලැබුණොත් බලන්නම් කෝ....

    ReplyDelete
  9. //රතට රතේ මහ පොළවේ වේලෙන මිරිස් දසුන ඊටත් සුන්දරය //
    ඇත්තටම සුන්දර දර්ශනයක් නම් තමයි. හිංදි ෆිල්ම්ස් වල ඒ දර්ශන සෑහෙන්න තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම ලස්සනයි දසුන නම්. ඒත් ඒ යට ජීවිත හරිම දුක්ඛිතයි.

      Delete
  10. කොහොමද නලින් අයියා අර මිරිස් ගොඩ ගාව ඉදන් පොටෝ ඇල්ලුවේ.
    නාහයට සැර එහෙම දැනුනේ නැතෙයි...?

    දේශාටන චාරිකා ටිකක් ලියන්නකෝ මේ වාගේ.

    ReplyDelete
    Replies
    1. තව ගිය තැන් නං බොහොමයක් තියනවා කොටන්න වෙලාව හොයාගන්න එකයි අදාළ පිංතුර හොයාගන්නයි ටිකක් කරදරයි බලමු ටික ටික හරි දාන්න.

      Delete
  11. කවද හරි ගිහින් බලන්න ඕන.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අදහසක් සිතුම්

      Delete
  12. ඔබ මේ දවස්වල ඉන්දියාවේද ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ ඉන්නේ

      Delete
  13. මිරිස්ව්ල සැරත් අමතක උනා එලලා තියන ලස්සනට ...ගිහින් බලන්නම වටිනවා මේ දේවල්

    ReplyDelete
    Replies
    1. මහත්තයා ඉන්න රට පැත්තේ රවුමක් දාල එන්නකෝ නිවාඩුවට.

      Delete
  14. වැදගත් අදහස් තියෙන ලිපියක්. ඉන්දියාවේ තිබෙන අප්‍රකට බෞද්ධ තොරතුරු මෙසේ ඉදිරිපත් වීම ගැන ස්තුතියි.සාමාන්‍යයෙන් සිංහල අපි දන්නා තැන වල ඉඳන් (බුධගයාව/ බරණැස වැනි) ලෙහෙසියෙන් යන්න්ට් පුළුවන් මාර්ග සිතියමක් සහ ප්‍රවාහන පහසුකම් සහ නැවතීමේ පහසුකම් සමගම ඉදිරිපත් කරන්න පුළුවන් නම් ආධුනික වන්දනා කරුවන්ට හා සංචාරකයන්ට එය වඩාත් උපකාරී වේවි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස හරි wmk අනෙක් ලිපි මගින් ඒ දේ කරන්න වෙර දරන්නම්.

      Delete
  15. නලීන්...නාගර්ජුන හාමුදුරුවන් කියන්නේ මහායාන බුද්ධාගම පවුලේ ප්‍රධාන න්‍යයාචාර්‍යවරයා...ඒතුමා ගෞතම බුද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යනය කලා මෙන්ම එයට නව අර්ථකථානයක්ද එක් කලා...ඒ නිසාම ඇතැම් මහයානෛකයන් තුල දෙවැනි බුදුන් ලෙස සලකනවා....

    ත්‍රිපිඨකයේ අභිධර්මය ලියැවි ඇත්තේ නාගර්ජුන හාමුදුරුවන්ගේ ප්‍රශ්ණ කිරීම වලට ලංකාවේ මහාවිහාරික පිලිතුරු ලෙස බවයි මගේ හැඟීම.....

    ReplyDelete
  16. වැදගත් සටහන් පෙලකි. ස්තුතියි !

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්