සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මේ ජාත්‍යන්තර සඟරාවක් වූ TIME සඟරාවේ අලුත්ම කලාපයයි. හොඳින් බලන්න එහි කවරයේ සේයා රුව හා කතාව  The Face of Buddhist Terror. මොකද මේ ගැන හිතෙන්නේ.

The Face of Buddhist Terror
It's a faith famous for its pacifism and tolerance. But in several of Asia's Buddhist-majority nations, monks are inciting bigotry and violence--mostly against Muslims

His face as still and serene as a statue's, the Buddhist monk who has taken the title "the Burmese bin Laden" begins his sermon. Hundreds of worshippers sit before him, palms pressed together, sweat trickling down their sticky backs. On cue, the crowd chants with the man in burgundy robes, the mantras drifting through the sultry air of a temple in Mandalay, Burma's second biggest city after Rangoon. It seems a peaceful scene, but Wirathu's message crackles with hate. "Now is not the time for calm," the monk intones, as he spends 90 minutes describing the many ways in which he...

කෙටි ටයිම්ස් ලිපිය ගත්තේ මෙතැනින්


34 comments:

  1. IM කෑල්ල තට්ටෙට වැහිච්චි හින්දා මේක ටයිම් සගරාව මය කියල පිළිගන්න නං බෑ..

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න ටයිම් ලිංකුව දාලා තියනවා

      Delete
  2. Replies
    1. බිය නොවන්න වැම්පයරයෙක් වී ඔබ බේරාගන්න ට ඒවි එයා ළගදිම.

      Delete
    2. මම ගැනද කිව්වේ ?

      Delete
  3. මේකෙ මොකක්ද තියෙන්නෙ කියලා සිංහලෙන් පොඩ්ඩක් ලිවුවනම් වටිනවා නේද

    ReplyDelete
    Replies
    1. වෙලාව හරස් වුණා මලයා වැඩ කරන ගමන් දැම්මේ

      Delete
    2. ඒ වගේම තාම සම්පුර්ණ ලිපිය අවුට් කරලත් නෑ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇයි මාතලන් මැකුවේ ඒ කමෙන්ට් එකේ අවුලක් නෑනේ.

      Delete
    2. එයාගෙ වාටියෙ ලිපියත් මැකිල.

      Delete
    3. ආයෙත් දැම්මා. පෝස්ට් වෙලා නෑ.. උඹ දැක්කනේ ... ඒ ඇති...

      Delete
    4. "වාටියේ ලිපිය" හෙට දානවා. දාපු එක තාම ටාගට් ඇචීව් කරලා නෑ...

      Delete
  5. මේ කියන්නේ අපේ රටේ හාමුදුරුවරු ගැන නෙමෙයි වෙන රටක බින් ලාඩන් කෙනෙක් ගැන. ඒකත් මෑතකදි ළෝකෙම ප්‍රචාරය උනා. ඊළඟට අපේ බින් ලාඩන්ලා ගැන ලියන දිනය වැඩි ඇතක් නෑ. මම ගව පෙරහැර නවතනු එහෙනුත් කිව්වේ ඒකයි..

    දැන්වත් තේරෙනවද උඹලට ලංකාව තියෙන්නේ ළොකේ ඇතුලේ මිසක් ළෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ නෙමෙයි කියලා.. රාජිතලට මල් තියලා වඳින්න ඕන බය නැතුව කතා කරනවට.

    ReplyDelete
    Replies
    1. ඉවසීම ගැන ප්‍රා මිනීමරුවන්ගෙ බණ අපිට අවශ්‍ය නෑ.සුළු ජාතික ජාතිවාදය බිහිසුණු බවින් අඩුවක් නෑ.අනික රාජිතලා ආවඩන දෙමළ ජාතිවාදය කලාපීය හා ගොලීය වශයෙන් ගත් කළ මහ ජාතිවාදයක්.තම නිජබිම වන තමිල්නාඩුවෙන් ඊළමක් ගන්න ගියොත් හෝ මැලේසියාවෙන් ,සිංගප්පූරුවෙන් ගන්න ගියොත් රජ කෑමක් කන්න වෙන බව දැනගෙන අවිහිංසාවාදී ථේරවාද බෞද්ධ ලංකාවෙන් ඊලම ගන්න ගියා.ඒ අය අපේක්ෂා නොකළ විදියට යුද්ධය ඇදීයද්දි තමයි බුදුදහම පාවාදීම ගැන තම්බයියා පොත් එහෙම ලිව්වේ.එන් ජී ඕ කාරයො මෑතක් වෙනකන්ම මතුකළ් ප්‍රශ්නාය් තමයි බෞද්ධයන්ට යුද්ධය කැපද කියන එක.ක්‍රිස්තියානීන් මේ ප්‍රශ්නය නැගුවෙ ප්‍රසිද්ධියෙම.අද තත්වය වෙනස් වෙලා

      Delete
    2. බෞද්ධයාට කොහේවත් කෙනෙහිලිකම් සිදුවන්නේ නැතිද?

      Delete
    3. ඉවසීම ගැන ප්‍රා මිනීමරුවන්ගෙ බණ අපිට අවශ්‍ය නෑ.සුළු ජාතික ජාතිවාදය බිහිසුණු බවින් අඩුවක් නෑ.අනික රාජිතලා ආවඩන දෙමළ ජාතිවාදය කලාපීය හා ගොලීය වශයෙන් ගත් කළ මහ ජාතිවාදයක්.තම නිජබිම වන තමිල්නාඩුවෙන් ඊළමක් ගන්න ගියොත් හෝ මැලේසියාවෙන් ,සිංගප්පූරුවෙන් ගන්න ගියොත් රජ කෑමක් කන්න වෙන බව දැනගෙන අවිහිංසාවාදී ථේරවාද බෞද්ධ ලංකාවෙන් ඊලම ගන්න ගියා.ඒ අය අපේක්ෂා නොකළ විදියට යුද්ධය ඇදීයද්දි තමයි බුදුදහම පාවාදීම ගැන තම්බයියා පොත් එහෙම ලිව්වේ.එන් ජී ඕ කාරයො මෑතක් වෙනකන්ම මතුකළ් ප්‍රශ්නාය් තමයි බෞද්ධයන්ට යුද්ධය කැපද කියන එක.ක්‍රිස්තියානීන් මේ ප්‍රශ්නය නැගුවෙ ප්‍රසිද්ධියෙම.අද තත්වය වෙනස් වෙලා

      Delete
  6. ලෝකෙ කොහෙවත් අන්තවාදෙ හොඳ නෑ. ඒ කියන්නෙ බංගලිදේශෙ, ඉන්දුනීසියාවෙ මුස්ලිම්, පකිස්තානෙ වහාබි, සවුදියෙ අල් ඛයිඩා, ඇෆ්ගනිස්ථානෙ තලේබාන්, ඉන්දියාවෙ හින්දු, ලංකාවෙ බෞද්ධ, ජර්මනියෙ යුදෙව්, ඇමරිකාවෙ ක්‍රිස්තියානි, මේ කොහෙත් තියෙන්නෙ එකම අන්තවාදය. ඒ නිසා එකෙක්වත් හොඳ යක්කු නෙමෙයි, සේරම නරකයි. ඉතින් එකක් නොදැක තව එකක වැරදි දකින බටහිර පත්තර කලාවෙ මේ වගේ ලිපි ගැන එච්චර හිතන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව හැර ඔයා ඔය කියන අනික් කිසිම රටක වර්ගවාදයක් නෑ.වර්ගවාද තිබෙන්නේ ලෝකෙ තිබෙන අන්ත ම්ලේච්ඡ රටවල පමණයි.ඒ ම්ලේච්ඡ රටවල් කියන්නේ බටහිර රටවල් වලටයි.

      Delete
    2. ඉන්දික බෞද්ධයාට එරෙහිවත් දැවැන්ත මෙහෙයුම් ක්‍රියාවට නැංවෙනවා. අප ඒවා ගනන් නොගෙන වෙන දේවල් කතා කරනවා.

      Delete
    3. @ලිය වරුන,

      ඔයා ලෙමන් පෆ් වගේ කන්නෙ? ඒකනෙ මම අන්තවාදයක් ගැන කිව්වම වර්ග වාදයක් ගැන කියවන්නෙ. ඔය දෙකේ වෙනස නොදැන තව මොන කතාද?

      නලින්, අනතුරක් නැති ආගම මොකද්ද? එහෙම කියල අකුලගෙන නොහිටිය නිසා තමයි මුස්ලිම් ලෝකෙ මැද්දෙ ඉශ්‍රායලේ තියෙන්නෙ ( උන් කරන හැම දේම හරි කියනව නෙමෙයි ). ඒත් බොරුවට කෑ නොගහ වැඩක් කරන්න ඕන ආගම නැති නොවෙන්න.

      Delete
  7. මම හොන වෙලාවට ඉන්දික උපශාන්තගේ අදහස් ටික දැක්කේ. මම ලියන්න හිතපුදේ ඒ විදිහටම ලියලා තියනවා. ස්තුතියි ඉන්දික.

    නලීන්, මේවා කාලය සමග ගරා වැටෙන විකාර පමණයි. නිර්මල බුදු දහමට මෙයින් හානියක් වන්නේ නැහැ. තමන් මෙතෙක්කල් අදහපු යැදපු දෙයියෝ, බොරුවක්, මිත්‍යාවක්, මිරිඟුවක් කියලා පෙනෙන උන්නැහේලා මේවා කරපුවාවේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ මුළු ලෝකයෙන් සියලුම ආගම් නැතිවෙනවානම් තත්ත්වය හොඳ අතට හැරෙයි. කොයි ආගම්වලත් ත්‍රස්තවාදය තියනවා. ඒ අතින් බොදුනුවන් අතර තමයි ඒ තත්ත්වය අවම

      Delete
    2. නො වොරීස් විචාරක!

      නලින්, ඔන්න ඔබ හරි.

      Delete
  8. නලින් සහ මෙය කියවන සහෘද්ධයන් වෙනුවෙන් මා ඒ කොටස පරිවර්තනය කළා

    //බෞද්ධ ත්‍රස්තවාදයේ මුහුණත

    එම ලබ්ධිකයන් ප්‍රසිද්ධියක් ඉසුලුවේ ශාන්තිවාදීත්වය සහ ඉවසීම පිලිබඳවය. නමුත් ආසියාවේ බෞද්ධ බහුතරයක් ඇති ජාතීන් අතර, භික්ෂූන්වහන්සේලා වර්ගවාදයට පෙලම්බවීම් ඇති කරනවා - වැඩියක්ම මුස්ලිම් වරුන්ට එරෙහිව.

    උන් වහන්සේගේ පෙනුම පිළිමයක් තරමටම ශාන්ත සහ නිසල බවක් උසුලයි, "බුරුම බින් ලාඩන් ලා" යන විරුදාවලිය ලත් බෞද්ධ භික්ෂුව බණ දේශනාව අරඹා ඇත.

    සියගණනක් වන්දනාකරුවන් දෑත් එක්තැන් කොට ඔවුන් ඉදිරියේ හිඳ සිටින්නේ ඔවුන්ගේ ඇඳුම් පිටටම ඇලී සෙමෙන් දහදිය ගලද්දීය.

    රැන්ගූන් වලට පසු බුරුමයේ විශාලම නගරය වන මැණ්ඩලේහී පන්සලකින්, සුලං පොදක් නැති වා තලය පුරා විහිදෙන පිරිත් දේශනයට, මෙම රතු වයින් පැහැති සිවුරු පොරවා ගත් භික්ෂුව සමග බැතුමතුන්ද එක් වෙති. එය සාමකාමී දසුනක් සේ පෙනුනද, විරතුගේ පණිවුඩය වෛරය ගිනිපුපුරු පිට වේ. "දැන් ශාන්තිවාදී වීමට කාලය නොවේ", භික්ෂුව හඬ නගයි, උන් වහන්සේ විනාඩි 90ක්ම විස්තර කරන්නේ එය සිදු විය හැකි ආකාරයන්
    //

    මේ තිබෙන්නේ උන් වහන්සේගේ ෆේස්බුක් ගිණුම

    වීරතූ ස්වාමීන් වහන්සේ

    මේ තියෙන්නේ ඒ වෙනුවෙන් ඔවුන් නිකුත් කල නිවේදනය

    නිවේදනය

    එයට විරුද්ධව අත්සන් කරන පෙත්සමට මෙතනින්

    පෙත්සම

    ReplyDelete
    Replies
    1. හදවතින්ම කෘතවේදීත්වය පිරිනමනවා සූදීක මේ පරිවර්තනය වෙනුවෙන්.

      Delete
  9. ලෝකය මෙන්ම මිනිසුන්ද තේරුම ගැනීමට අසීරුයි, හැමෝගෙම ආසාව සජීවන්යෙන් ජීවත් වීම.
    #බෞද්ධයන් හා මුස්ලිම් ජනතාව අතර මියන්මාරයේ ඇතිවී තිබෙන ගැටුම් හැමෝම හෙලා දකී, මැදපෙරදිග ඉස්ලාම් හැර කිසිදු ආගමක් ඇදහීමට තත් කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් කිසිවෙකු එහි වරදක් නොදකී.
    #ලංකාවට වඩා ද්‍රවිඩ ජනගහනයක් තමිල්නාඩුවේ පමණක් නොව කැනඩාවේද වෙසෙයි ,එහෙත් ඊලම දියයුත්තේ ලංකාවෙනි.
    #ඕස්ට්‍රේලියා අගමැතිනිය මුස්ලිම්වරු තමන්ගේ ක්‍රමයට අනුගත් නොවේනම් රටින් පිටවිය යුතු බව ප්‍රසිද්ධියේ කියයි.අපි දීඝවාපිය , කූරගල ඩෝසර් කරන අයුරු බලා ඊට විරුද්ධ වන්නන් ජාතිවාදීන් කරයි.
    අනේ මන්දා?

    ReplyDelete
    Replies
    1. හැමෝටම පේන්නේ බොදු අන්තවාදයක්. ඒත් අන් අන්තවාද නොපෙනෙන්නේ ඇයි. එසේනම් වරද ඒ අන්තවාද පතුරන්නන් අතර අන් ආගමිකයන් දක්ෂ බවයි. බෞද්ධ ක්‍රමවේද අසාර්ථකයි.

      Delete
  10. බටහිර මාධ්‍ය ඇතුළුව අධිපති මතවාදය විසින් අපට හිතන්නට පුරුදු කළ ක්‍රමයක් තිබෙනවා.ඒ තුල සිට එහි හොදයැයි සම්මත දේ හොදයි ඒව කොයිතරම් හානිකර වුනත්.සමාජයට කොයිතරම් හිතකර වුනත් අධිපති මතවාදයට පටහැනි නම් නරකයි.ලෝකෙම දරුණු ඝාතකයො බිහිවුනේ බටහිරින්.සියවස් ගනනාවක් තිස්සේ කළ මේ අපරාධ අතර කැපී පෙනෙනම දේ තමයි නව ලෝකය ලෙස හැදින්වෙන ප්‍රදේශයේ කළ සමූලඝාතන.ඕස්ත්‍රේලියාවේ ඇබොරිජින් ජනගහනය අඩු කරන්නට කාන්තාවන් මරා දැමුවා.දෙවන ලෝක යුද්දයේදී ගෑස් කාමර වලට දමා වධ කදවුරු වලදී ලක්ෂ ගනනක් මරා දැමුවා.
    ජපානයට පරමාණු බෝම්බ දමා ලක්ෂ ගනාන්ක් මර දැමුවා.ඉරාකයේ.ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් විශාල ලෙස මරා දමනවා.ලොව පුරා ත්‍රස්ත සංවිධාන නඩත්තු කරනවා.
    නමුත් ක්‍රිස්තියානි භීෂණයක් ගැන කිසිවක් කියන්නේ නෑ.ලෝකෙ කොහෙහරි හාමුදුරුනමක් උගුර පෑදුවොත් ඒඅක බී බී සී ,සී එන්,එන් වලට ලොකු ප්‍රවෘත්තියක්.ඔය සඟරාවල ඩ්‍රෝන යානා වලින් පාකිස්ථානෙ ගෝත්‍රික ගම්වල කරන මිනී මැරුම් ගැන කවදාවත් කතා කරල තිබෙනවද?
    මේ සියළු අපරාද සැලසුම්සහගතව බටහිරයා විසින් බටහිර නොවන අය මරා දමන්න කරන වැඩ.
    නමුත් ඒ බටහිර ශිෂ්ටාචාරයේ වරදකැයි කිසිවෙක් කියන්නේ නෑ.
    බටහිරයන්ට අද අපරාදකරුවන් වෙලා තිබෙන්නෙ විරාතු හිමියන් වගෙ අයයි.

    ReplyDelete
    Replies
    1. ඔබ දකිනා මේ සත්‍ය අන්‍යන්ට නොපෙනෙන්නේ මන්ද යන්න මට ඇති ගැටලුවක්.

      Delete
  11. liya varuna ට 100% එකඟයි. ඇයි ලෝකය මේ තරමට බෞද්ධයන්ට බය. ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් වලින් සිදුවන හිංසන ගැන මේ තරම් ලොකු මතයක් නගනන් ටයිම් සඟරාව ඉදිරිපත්වෙයිද? මට නම් තේරෙන්නේ ඉදිරියට එන්න තියෙන සත්‍යය ඔවුන් වසන් කරන්න හදනවා. ඒත් අලියෙක් පොල් කට්ටකින් හංගන්න බෑ. බෞද්ධ දර්ශනය දිනක ලෝකයම පිලිගන්නවා.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණ වලට එක හේතුවක් තමයි බෞද්ධයන් ලෝකයේ සුළුතරයක් වීම. ඔවුන්ට දරා ගන්න බැරි ඒකයි. අනිත් කාරණය තමයි සත්‍ය වටහා ගත යුරෝපීයයන් බුදු දහම වටා එක රොක් වීම.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT