සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සිංහල ජාතිවාදය රට වනසනවා ය යන මතයක් මේ වන විට සයිබරය පුරාම පැතිරිලානේ තියෙන්නේ. ආවේගශීලිව හැසිරෙන සිංහලයන්දෙස ඇතැම් සිංහලයන් ම බලන්නේ බූරුවන් හරකුන් සේය. සුළු ජාතික ජාතිවාදය දරුණු ගැටලුවක් බව බොහෝ දෙනකුට නොපෙනේ.ව්‍යසනය ඉදිරියට ය. එසේම අති ධාවනකාරී විරොධයෙන් වන්නේ ද එයම ය. දැන් ඒ කරුණු පසෙකින් තබමු. ආවේගශීලි නොවන මනා හැදියාවෙන් යුතු පිරිස් සිංහලය වෙනුවෙන් කර ඇත්තේ කුමක් ද? නිසි ලෙස හෝ බස හසුරුවයි ද?. 

මේ සයිබරය තුළ ම කොතෙක් දුරට බස නැසේ ද?
මගේ බ්ලොගයේ ලිපියක වූ වැරදි වදන් දෙකක් පෙන්වා දෙමින් හැලපයා බ්ලොග ලියන හැලපේ කමෙන්ටුවක් දමා තිබුණා. මේ සයිබරයතුළ අප කරන වැරදි එසේ පෙන්වා දෙන්නේ නම් අපට ද අපේ බස නිවැරදිව ලියන්නට (කොටන්නට) හැකි ය. 

එසේ එදිනෙදා භාවිතයේ හමුවන වදන් හි නිවැරදිම වදන් එකතු කොට ගූගල් ඩොක් එකක් සෑදීම ට මා තිරණය කළා. මේ සඳහා වියත් සිංහල ඇදුරන් කීපදෙනකුගේම සහාය එක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. එය සැමටම භාවිතයට ගත හැකි ලෙසයි නිර්මාණය කරන්නට බලාපොරොත්තුවන්නේ. 

සිංහල බසට ලැදි ඔබ සැමට ම ආරාධනය කර සිටිනවා මේ හා එක්වන ලෙස. ඒ වෙනුවෙන් මා සයිබරයේ නිවැරැදි සිංහල බස නමින් මූණු පොතේ මිතුරු සමූහයක් හැදුවා. බ්ලොගක වේවා මුහුණු පොතේ වේවා ඔබ දකින වැරදි වදන් නිවැරදි කර මේ සමූහයේ සටහන් කරන්න.

වාද විවාදවලින් අනතුරුව හොඳින්ම තහවුරු කරගත් වදන් ඩොක් එකට එක්කරනවා. මුලින්ම වදන් 100ක් තහවුරු කරගත් පසු ඩොක් එක එළියට දානවා. 

ඒ වගේම මේ මිතුරු සමූහය සඳහා හොද කවරයේ සේයා රුවක් හා ලාංජනයක් හැකිනම් නිර්මාණය කර මගේ මේලයට එවන්න. ඒ ඇරියුම දක්ෂ නිර්මාණ හැකියාවැති මිතුරන්ට යි.
 මම ද මහා භාෂා දැනුමැත්තෙක් නොවෙමි. අප කරන වැරදි පෙනෙනුයේ වෙනත් අයට ය. එබැවින් ඒ වැරදි පෙන්වා දෙන ලෙස ද ඉල්ලා සිටිමි. ප්‍රශ්න ගත තැන් ඒ සඳහා සුදුසුකම් ලත් විද්වතුන් හරහා තහවුරු කර ගන්නට කටයුතු යොදා ඇත.

සිංහල බස වහරන එකම රට ශ්‍රී ලංකාව යි. සිංහලය නසනවා යනු රටම නසන්නා වගේ වැඩකි. පොත පතෙන් ඈත්වන අනාගත පරපුරට සයිබරය පාසලක් කරමු. 

එසේම මේ අදහස මගේ හිතට දුන් දයාබර හැලපේ අයියාට ස්තුතිය. එසේම මේ වන විටත් මේ සඳහා හොඳ සහායක් ලබා දෙන සිංහල ඇදුරු සුරංග ලක්මාල්, අනු ඉලන්ගන්තිලක, රසික සූරිආරච්චි, හා දයාබර කෙන්ජි අයියාටත් ස්තුතිවන්ත වෙනවා.

සයිබරයේ නිවැරැදි සිංහල බස මිතුරු සමූහයට මෙතැනින් යන්න.

සයිබරයේ නිවැරැදි සිංහල බස පිටුවට මෙතැනින් යන්න.

සුරංග ලක්මාල් ගේ අනගි සිංහල පන්තියට මෙතැනින් යන්න.


79 comments:

  1. පලවෙනි ජේදයෙන්ම අවශ්‍ය තැනට ටොක්ක ඇන ඇත ලස්සනට, ස්තුතියි ලින්කු වලට, වැදගත් වෙනවා අනිවා.

    ReplyDelete
    Replies
    1. මාවත් ඇඩ් කරගන්න නලින් අයියේ, මගේ කොමෙන්ටුවක වැරදි දෙයක් කියවුනාද මන්දා රිප්ලයි කරන්නේ නැත්තේ. (මොකද තරහින්ද?.............)
      (ජෝකයකි හොඳේ)

      Delete
    2. කිසිම වරැදි දෙයක් සිදුව නැත.ඔබව ඇඩ් කිරිම සඳහා මට ඔබේ ඊමේලය දෙන්න.

      Delete
  2. දෙන්නම පිස්සු කෙලිනවා අපි දැකලා තියෙනවා නේ. භාෂාවට නීතී දාන්න යන්න නරකයි. භාෂාවත් මිනිස් ශිෂ්ඨාචාරයත් එක්ක දියුණු වෙන්න ඕන. සමහර් ඒවා එකතු වෙනවා. සමහර ඒවා හැලෙනවා. මිනිසුන්ට තේරෙන විදියට ලියන්න පුළුවන් නම් එච්චරයිනේ. දැන් ඔය භාෂාව හෙළුවෙන් වනන්න හදපු උන් සාර්ථක උනාද? මේවට යොදන කාලය. අර ඔබ සඳහන් කළ හරකුන් ගැන ලිපියක් ලියන්න. කවියක් ලියන්න වෙන කලානම් ඊට වඩා වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඔබ ඉංගිලිසියෙන් ලියන කොට ස්පෙලින් වරද්දා ලියනවද මාතලන්. මගේ වෑයම අඩුම තරමින් එදිනෙදා භාවිත වන වචන ටිකවත් නිවැරැදිව ලියන්නට හැමෝම දිරිමත් කිරීමයි. අනාගත දරුවන් පොත පතෙන් ඈත් වෙලා. ඒ අය ඇසුරු කරන්නේ සයිබරය. ඉතින් ඒ අය වෙනුවෙන්වත් අප ලියන දේ හරියට කළොත් ඇහැ හුරු වීමෙන් හෝ හරි දේට පෙළඹෙයි.

      Delete
    2. මංදා මටනං හිතට එන දේවල් ලියාගෙන යද්දී ඒ වේගෙට අකුරු වරදිනවා. අනිත් දේ තමා මං ලියාපු දේ මටම ආයෙත් සැරයක් කියවන්න අජූවයි... :D

      ඒ හින්දා ආයේ කියවලා ඕවෑ වැරදි හද හද ඉන්න යන්නෙත් නැහැ. අනික ඉතිං මං මේ හිතේ සැහැල්ලුවට කරගෙන යන දේ ඕනවට වඩා හිත හිත කරන්න ගියොත් මට බ්ලොග් ලිවිල්ලෙන් තියෙන සහනෙත් නැති වෙන එක විතරයි වෙන්නේ. ඒ හින්දා කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ බ්ලොග්කරණයේදී මංනං ඔය දේවල් ගැන ඒ හැටි තකන්නේ නැහැ. හැබැයි නිවැරදි සිංහලය මෙය යැයි කිසිවකුට ඉගෙනුමට ඇවසි නම් ඒ සදහා වෙනම අඩවියක් ආරම්භ කර.. ඊට සුදුස්සන් කිහිප පොලක් පත් කර වැඩ කිරීමේ වරදක් නැහැ.. එතකොට නිවැරදි සිංහලය උගැන්මට උවමනා කෙනා ඒ අඩවියෙන් ප්‍රයෝජන ගනීවි. එහෙම නැතිව මේ බ්ලොග් අවකාශය නිවැරදි සිංහලෙන් යුත් අවකාශයක් බවට පත් කරන්න ගියොත් වෙන්නේ ලියන උන්ට ලියන එක එපා වෙන එකයි.. කියවන උන්ට මෙලෝ රහක් නැති සාම්ප්‍රධායික පත්තරයක් කියෙව්වා වගේ හැගීමක් එන එකයි.

      නලින් අයියා දන්නවද අනුරාධපුර සෝන්/ සොහොනා/හීරෝ වගේ නම් රාශියකින් හඳුන්වන හාදයව... ඒකගේ සිංහල දැක්කනං නලින් අයියා මේ යන විදියට බ්ලොග් ලියන කියවන දෙකම නවත්තනවා.. ඒත් අපිනං උගේ කුණුහරප ලිවිල්ලත් ආතල් එකක් බවට පත් කරගත්තා විතරයි...

      Delete
    3. අනිත් කාරණාව මේ අඩවියට එන හැම වෙලේම මොනවා හරි තව පේජ් එකක් ඕපන් වෙනවා වගේ දෙයක් වෙනවා.. මං හිතන්නේ මොනවා නමුත් අනවශ්‍ය වැඩසටහනක් මේකත් එක්ක යනවා.. ටිකක් හොයලා බලලා ඒක ඉවත් කරලා දාන්න...

      Delete
    4. ඔබේ කමෙන්ටුවේ ඇත්තේ වැරැදි 3යි. ඒ කියන්නේ ඔබ නොදැනුවත්වම නිවැරැදිව බස හසුරුවනවා. නිවැරැදි දේ නිතර දකිනකොට ඉබේම එහෙම වෙනවා.

      උනත් > වුණත්
      පොලක් > පොළක්
      සාම්ප්‍රධායික > සාම්ප්‍රදායික මෙන්න ඒ වචන තුන

      අනිත් කාරණයනං මට දැනුනේ නෑ. එහෙම වෙනව නං ඒක හදාගන්න මං දන්නෙත් නෑ. චන්දනමලයවත් අල්ලගන්න වෙනවා. මගේ වෛරස් ගාඩ් එක පරණ වෙලා දැන්.
      දැනුම්වත් කළාට ස්තුතියි. මෙතැනට ආ එක ගැනත් සතුටුයි.

      Delete
    5. ඉංග්‍රීසී බස අද කොතරම් කෙටි වෙලාද?
      ඉස්සරහට ඒවා තමයි වචන බවට පත්වෙන්නේ..
      ඔයා පරණ ඉන්ගිරිසි පොතක් කියවලා බලන්න මෙළෝ හසරක් තේරෙනවද කියලා..
      අද බස සරළ වෙලා...

      Delete
    6. මාතලන් - බස සරළ විය යුතුයි කියන තැන මාත් ඉන්නවා. ඒත් අපට බෑ නේද හිතුමතේ අක්ෂර වෙනස් කර ලියන්න. දැන් බලන්න ඉංගිලිසියේ MOTHER අපට ලියන්න පුළුවන්ද MATHER කියලා.කට වහරට අනුව ඒක නේද ලේසි.ඒත් අපට එහෙම ලියන්න බෑ නේද?

      මේ පොඩි ජෝක් එකක්

      මල්ලිකා වෛශ්‍යාවකි. කොල්ලෝ ඇයට ගොනා කියයි. ගොනා තණ කයි යනුවෙන් කියන්නේ මල්ලිකා තණකොළ කන බව නොවේ. ඒත් කොල්ලෝ නම් ඉඩ ලද විට මල්ලිකාගේ කන්නේ තන ය.

      Delete
    7. ගොනා තන කයි කිව්වම..

      ඌ කන්නේ තනකොලද නැත්නම් ගෑණුන්ගේ තන්ද කියලා තේරෙන්නේ නැති එකත් පඨ්ඨ ඝොණ් ඛමඛ් ණේධ....

      Delete
    8. හික්ස්. ඒත් මල්ලිකාගේ උලෑකෑවද දන්නේ නෑ නේද?

      Delete
    9. ඔය ගොනා තණ කයි කියන එක ලගදි සිංහල ඉගෙනගන්න ආපු කොල්ලෙක් බහු වචනෙන් කිව්වලු "ගොනා තන් දෙකම කයි" කියලා ඔහොම ගිහිල්ලා අපිටත් එහෙම කියවෙයිද මන්දා ? :D

      Delete
    10. එහෙම කතාවක් මාත් අහලා තිබුණා.

      Delete
    11. ඒ අවුල නම් එන්නෙ "මගේ පිටුවේ මේ දැන් සැරිසරනවා" කියල දාල තියන ගැජට් එකෙන් වෙන්න ඔන. බ්ලොග් එකේ හිස් ඉඩක මවුස් ක්ලික් කලාම ඒ අයගෙ වෙබ් එකට යැවෙන්න වෙනම වින්ඩෝවක් ඕපන් වෙනව. ඒක අයින් කරල බලන්න.

      Delete
    12. බොහොම ස්තුතියි චන්දන. මට මේ මොකක්ද කියලා හොයාගන්න බැරුවයි හිටියේ.

      Delete
    13. නලින්ටත් හෙළුව වැහිචිච එක ඒ තරං හොද නෑ. මොකද සිංහල තවත් ඉදිරියට යවනවද, ඒක ආරක්ෂා කරනවද කියන එක රදා පවතින්නේ ඔය බහුබූත මහප්පාරාන මත නෙමෙයි අපි එය සජීවි බසක් බවට පත් කරන විදිය අනුවයි. තව ටික දවසක් ගියාම උඹ කියාවි බ්‍රාහ්මී අක්ෂර තමා නියම සිංහල කියලත්... මම විරුද්ධයි විකාර සිංහල කාරයන්නට.. තව උන් වගයක් හිටියා ඔය පිලි ජාති එකම වර්ගයෙන් කරන්න ගියපු. පොතුත් ගැහුවා. අන්තිමට උනුත් නෑ පොතුත් නෑ. ඒත් හැමදාම සරල සිංහල භාවිතය නැගලම යනවා.

      Delete
    14. දේශක මා කතාකරන්නේ හෙළු සිංහල ගැන නොවේ. වරදවා වටහාගන්න එපා. සරළ සිංහලයේ අක්ෂර හා සාමාන්‍ය වියරන ගැනයි.

      Delete
    15. ඔබ ඔය විජ්ජුම්බර දාන්නේ හෙළුවට බහින්න තමා වෙන මොකටද? අපත් උගෙනගෙන ඇත්තේ සිංහල විපරීතවයි. මා කියන්නේ ප්‍රායෝගික සිංහල භාෂාවක් ගැන පමණකි. කොහෙන් පරිනාමය වී ආවත් එබස පැවතඑන්නේ වැරදි විදියටය. ඒකම තවත් කරේ තියන් යන්න දැගලීමෙන් පලක් නැත. “නිවැරැදි“ ලෙස සටහන් කළද “නිවරැදි“ ලෙස සටහන් කළද එහි වෙනසක් නොමැත. අර්ථය ගම්‍ය වේ. අනෙක “නිරවද්‍ය“ හෝ “නිවරද්‍ය“ ලෙස සටහන් කරන අවස්ථෘ මා එමට දැක ඇත. අර්ථය ගම්‍යා නොවන ලෙස එය “වැරැදි“ ලෙස සටහන් කරන්නේ නම් අන්න දෝෂසහගත ප්‍රකාශනයකි.

      සිංහල හා ඉංගිරිසිය පටලවන්න එපාය. මොකද ඉංග්‍රිසි භාෂාව තරම් කාලානුරෑපව වෙනස් වූ වෙනත් භාෂාවක් කොහේවත් නැති නිසාය. වදනක් හරියට ලියනව කියන්නේ ඔය විකාර භේද පටලවා ගැනීම නොව කිවන්නාට නියම අර්ථය ගම්‍ය කිරීමට හා අදහස් ප්‍රකාශණයට පමණි. පාරම්පරිකව සිංහල භාෂාවට විනකටින ලද, අනාගතයක් නොදැකි නාමික වියතුන් නිසා සිංහලයට වූ අපමණ අහිතකර දෙයකි මෙය. සිංහල භාෂෘවේ ප්‍රසාරණය අතීතයේ සිට ගෙන බැලුවහොත් ඔබට එය තේරෙනු ඇත. මම නං ණන ලල භේදය, අරවා මේවා ලියන වචනය කෙරේ නියම අදහස නොඒනම් භාවිතා නොකරමි. ඔබ තියා මා වත් සිංහලයේ ඔය කියන භේද හරි හැටි නොදන්නා අතර, ප්‍රායෝගිකව ඊට යොමු ව නැත. අධ්‍යාපනයේ වැරදි ඇත. නමුත් එය කාලානූරුපව පවත්වාගෙන යන්නවුන්ගේද ලොකු වරදක් ඇත. මේ ගැන මීට වඩා කල්පනා කළ යුතු (සිංහල සරල භාෂාවක් කිරිම) දෙයක් ලෙස දකිමි..

      මහාචාර්ය දේශක (හැක් හැක්)

      Delete
  3. මේක නම් හොඳ වැඩක් නලියෝ...මාතෘකාව දැක්ක හැටියේ මම හිතුවේ වෙනින් දෙයක්..බ්ලොග් කරුවන් විදිහට නිවැරදි සිංහල බස භාවිතා කිරීම අපේ වගකීමක්..ඉස්සරනම් " අනේ ටයිප් කරන්න දන්නේ නැහැ " කියලා බේරෙන්න පුළුවන්...

    ඒත් අද වෙනකොට සිංහල ටයිප් කිරීමේ පහසුකම් බොහොමයක් තියෙන නිසා අරයට මෙයාට බෝලේ පාස් නොකර , නියම සිස්ටොන් එකට අකුරු ටික , ව්‍යාකරණ ටික ගලපලා පෝස්ට් ලියන්න කාලේ හරි වගේ..

    ස්තූතියි දැනුවත් කිරීම ගැන..

    ReplyDelete
    Replies
    1. කරන්න අමාරු වුණත් කළ යුතු දෙයක් මේක. මේ වෙනුවෙන් මා දිරිමත් කිරීම ගැන ස්තුතියි සහන්.
      ඉංගිලිසි අකුරු වරද්දා ලිව්වොත් අපට සමාවක් තියනවද? නැ නේද?

      Delete
  4. හා.. ඔන්න මාත් රික්වෙස්ට් එකක් දැම්මා .. ඇඩ් කරගන්න එකයි....

    සිංහල හරියට පාවිච්චි කරන්න ගිහින් අපිට කුමාරතුංග මුනිදාස/අහුබුදු මහත්තරු වගේ වෙන්න වෙයිද දන්නෑ...

    වැරදි = වැරැදි?

    අපි කතා කරනකොට පාවිච්චි කරන්නේ වැරදි කියලා.. ඕක ලියද්දි වැරැදි කියලා ලිව්වට වැඩක් නෑ ඒ විදියට කියවෙන්නේ නැත්තම්.. ඒ විදියට කියවන්න ගියාම වෙන්නේ කුමාරොදය කියෝනවා වගේ වෙන එක... මං මේ කල්පනා කළේ මේක හරියන වැඩක්ද කියලා...

    ReplyDelete
    Replies
    1. මූට කොන්දේ විතරක් නෙමෙයි මොළෙත් අමාරුවක් තියෙනවද කොහෙද? ඉක්මනට වැඩට ආවනම් හරි.

      Delete
    2. හි හි.. මාතලන්.. කොන්දට බේත් බැඳලා ඔළුවට බේත් දීලද මන්දා....

      Delete
    3. මිස්ටර් ආරියසේනට උනේ සීමාව ඉක්මවා යෑම හිරු..fuck කියලා දුන්නත් කොහෙන් හරි පද නිරුක්තියක් හොයන් ගිහින් **නවා කියන එකට සමාන කරලා සිංහල ලේබලේ ඇලෙව්වනේ ..සිංහලය ජෝක් එකක් උනේ එවැනි මිනිස්සු අතින්...ඔය වගේ ගොන් පාර්ට් නිසා තමයි අද වෙනකොට බොහෝ දෙනා " න , ණ " භේදයවත් සලකන්නේ නැත්තේ හිරු...


      මම නම් කියන්නේ අනවශ්‍ය මහා ප්‍රාණ නැතුව , සාමාන්‍ය විදිහට කතා බහ කරාම ඇති..

      Delete
    4. හිරුවෝ ඔයත් හොඳට සිංහල බස හසුරුවපු කෙනෙක් නේද? පුදුමයි ඔබේ මේ කමෙන්ටුව. කතාකරන බස කුමක් වුවත් ලියන දේ හැමෝම දකින්නේ. එය නිවැරැදිව කරන්න උත්සාහයක් ගැන්ම මොලේ අමාරුවක් සේ ද දකින්නේ.

      Delete
    5. මාතලන් - තනිපංගලමේ ඉන්න කොට එක එක දේවල් හිතට එනවනේ.

      Delete
    6. මං වැරැද්දක් කිව්වා නෙවෙයි නලීන් අයියේ...

      මං ඔය මට හිතුන දේ කිව්වේ.. සිංහල හරියට පාවිච්චි කරන්න ඕනේ කියන එක ගැන මං ලියලත් තියෙනවානේ... හැබැයි අපිට සමහර වචන දැන් මේ වෙනකොට හරි උනත් පාවිච්චිය අතෑරිලා තියෙන්නේ.. ඔය මං පෙන්නපු උදාහරණේ වගේ... එහෙම ඒවා ඒ විදියට තියෙන්න අරින එක තමයි හොඳ කියලා මට හිතෙන්නේ.. අපි උනන්දු වෙලා හදාගන්න ඕනේ වචන වල අර්ථය වෙනස් වෙන විදියට න,ණ,ල,ළ වගේ දේවල් පාවිච්චියයි.. අනිත් එක අර්ථය නොදැන වැරදි විදියට පාවිච්චි කරන වචන එහෙම හරිගස්සන එකයි... සමහර වචන අපි වරද්දන්නේ අර්ථය දන්නේ නැති නිසයි.. අන්න ඒවයි හදන්න ඕනේ..

      අපි වැරදි කියන වචනේ වැරැදි කියලා ලිව්වට කියවන්න ගියාම වැරැදි කියලා කියවෙන්නේ නෑ නේද දැන් කාටවත්... එහෙම කියෙව්වම ජෝක් එකක් වගේ පෙනෙයි... මං ඒකයි කිව්වේ....

      මේ ළඟදි මං ඇහුවා වචනයක් පාවිච්චි කරනවා “ තුෂ්නිම්භුත වෙලා අනුමත කරන්න ” කියලා.. ඔය වචනෙට මං දන්න තේරුම හොල්මන් වෙලා, නැත්තම් බය වෙලා වගේ තේරුමක්.. ඒත් එතනදි ඒක පාවිච්චි කළේ නිශ්ශබ්ද වෙලා කියන තේරුමෙන්.. මේ වගේ වචන වලට අපි නොදන්න අර්ථ කොච්චර තියෙනවද.. අන්න ඒවා ගැන නම් කතා කළ යුතුමයි.... අපේ වාග් කෝෂය මේ වෙනකොට හරිම පුංචි වෙලා තියෙන්නේ.. ඒවා වත් හරියන්නේ නැතෑ....

      Delete
    7. හරි හරි මං දන්නවා ඔබත් බස ලෙසට හසුරුවන්න කැමති කෙනකු බව. ඒ වගේම ඔබ කියන අර්ථයත් ඉතාම වැදගත්.

      Delete
    8. හි හි..
      හි හි..
      හි හි..
      හි හි..
      හි හි..

      Delete
    9. ඇනෝ හුඟකාලෙකින්නේ

      Delete
  5. ඔන්න මාවත් ඇඩ් කරගන්ට. ගිහින් කියවලා බලලා ආවා. අම්මෝ ඔලුවත් එක්ක රිදෙනවා. දැන් මෙතන ඔලුවද? ඔළුවද? :D

    ReplyDelete
    Replies
    1. ඔයාව ඇඩ් කළා. නිවැරැදි වදන ඔළුව ය.

      Delete
    2. උඹට මොකක් හරි අමාරුවක් තියේද බං. අපරාදේ මං සිකුරාදා මීරිගම ආවා (යටගම යන ගමන්) උඹට හොද බෙහෙතක් දෙන්න තිබ්බා හෙළුවෙන් බහින්නම.. හැක්

      Delete
    3. කොන්දේ ආබාධයකින් පීඩා විඳිමින් කල් ගෙවමි

      Delete
    4. වැරදි පත්තුවක් ඔළුවට බැන්දද?? හැක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි..බොක්කෙන්ම

      Delete
  6. ඔන්න මාවත් ඇඩ් කරගන්ට. ගිහින් කියවලා ආවා.

    ReplyDelete
  7. භාෂාව කියන දේ කාලානුරුපීව වෙනස් වෙනවා ඉස්සර සීගිරියේ කැටපත් පවුරේ ලිව්වේ සාමාන්‍ය මිනිසුන්ගේ බස් වහර.අද අපට ඒවා පුලුවන්ද ? ඒ නැතත් සිංහලයට වෙනත් භාෂා වලින් එකතුවුණ වචන කොතරම් තියෙනවද මොනා වුනත් ඔබගේ උත්සාහය අගය කරනවා ඩී එෆ් කාරියකරවන මහතාගේ පොත් කිහිපයක් තියෙනවා ඔය ගැන එතුමා සිළුමිණේ තීරු ලිපියකුත් ලියනවා

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ ඇත්ත. භාෂාවන් වෙනස් වෙනවා තමයි.දැන් කමෙන්ටුව කියලා අප කියනවා. ඒවා හදාගත් අලුත් වචන. කාරියකරවන කෝපරහේවා ඊලියන් ද සිල්වා වැනි වියතුන් හා ගැවසෙන්න මමත් පින් කර තිබුණා. අද ඒ අයගේ ලොකු අඩුවක් තියනවා.

      Delete
  8. apuuruei vadee.f\b log unaama maath requiest ekak evannam.

    ReplyDelete
  9. හොද දෙයක්.උවමනා කරන අය ප්‍රයෝජනයක් ගනියි.
    දැන් ඔය කෑගහන අයියල/මල්ලිලත් අනිත් උන් හරියට ලියද්දි එයාලත් වැරදි හදාගෙන ලියන්න ගනියි.
    ඔබේ උත්සාහය 100% සාර්ථක වේවායි පතමි.!

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකු කැමතියි අයියා මේ වැඩේට.

      Delete
  10. මට හරිම සතුටුයි මම නිසා නලින් මෙවැනි හොඳ වැඩක් පටන්ගැනීම ගැන,පළමුවෙන් අපි හරියට ලියමු එතකොට දකින අයත් නිවැරදිව ලියන්න ගනී නොදැනුවත්වම

    ReplyDelete
    Replies
    1. හැලප,ඔබ හැමදාම ලියද්දි බලාපොරොත්තු වුන දේ නලින් මල්ලිය පටන් ගත්ත නිසා අපි හැමෝම බැහැල වැඩේට ෆුල් සප් එක දෙමු.

      Delete
    2. මේ වැඩේට මා දිරිමත් කළ ඔබ දෙදෙනාටම ස්තුතියි. ඔව් මා අද ලිපිය කෙටුවේ හොදින් හිතමින් තමයි.

      Delete
  11. හැමෝම අර "වන් මැලේසියා" අලුත් කොල්ලව එල්ල ගෙන සප් එකක් දෙන්න පින්වතුනි.!

    ReplyDelete
    Replies
    1. කවුද වන් මැලේසියා. ලිංකුව දෙන්න

      Delete
  12. ඔන්න මේක නම් ඉතිං කියලා වැඩක් නෑ නලින් අයියේ

    ReplyDelete
    Replies
    1. බලමු උත්සාහයක් කරලා.

      Delete
  13. අපි වගේ අයට නම් ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි මටත් මාත් දෙයක් ඉගන ගන්නවා මේ වැඩෙන්.

      Delete

  14. උඹ අදහස් කරන්නේ

    *අක්ෂර වින්‍යාසය (spelling
    *ව්‍යාකරණ
    *වාග් මාලාව
    *යෙදුම්

    මේ හැමදෙයක්මද?

    මම බ්ලොග් ලියන භාෂාව ගැන (සිංහල ඉංග්‍රීසි දෙකම) උඹ අවංකවම හිතන්නේ මොකක්ද?



    ReplyDelete
    Replies
    1. ඔබ ඔබටම ආවේනික වූ ශෛලියකින් බ්ලොග ලියන්නේ. එහි රස වෑහෙනවා. මා අදහස් කරන්නේ ලියැවිල්ලේ වාග් මාලාව හෝ යෙදුම් නොව. ඒවා තමන්ට රිසි සේ හසුරුවන්නට කාටවත් බලපෑම් කරන්න බෑ. එය නිර්මාණ කරුවාගේ අයිතියකි. එහෙත් මා අදහස් කළේ කුමන විදියට ලිවුවත් අක්ෂර භාවිතය හා වියරණ රැකිය යුතුයි යන්නයි.කොහොමත් ඔබගේ වියරණ හා අක්ෂරද බොහෝ සෙයින් නිරවුල්. මේ කමෙන්ටුවේ පවා. ඒ වගේම අලුත් වචනත් ඔබ බිහි කර තිබෙනවා නේද,
      අජිත් තිලකසේන මහතා අකුරු ලිව්වෙත් අමුතුම ක්‍රමයකට. ඒ එයාටම ආවේනික දඩබ්බර ශෛලියක්.

      Delete
    2. ස්තුතියි මචං. මමත් ඒකට වෙනම ආයාසයක් ගන්න වුනත් නිවැරදිව ලියන්න උත්සාහ කරනවා. මට ඔය නණලළ නම් පැටලෙනවා මචං. ඕක උගන්නපු ගුරුවරුවත් අවංකව ඔය සද්ද වල වෙනස දැනගෙන හිටියද කියලා මට සැකයි. නයන්නෙයි ණයන්නෙයි තියන වෙනස මොකක්ද කියලා අහපු කිසිම වෙලාවක පැහැදිළි උත්තරයක් ලැබිලා නෑ.

      ඇත්තෙන්ම ඉංග්‍රීසියෙන් 'z' ශබ්දයයි, tion වල තියෙන 'ෂ' ශබ්දයයි sion වල තියෙන 'ෂ' ශබ්දයයි ඕනෙ හොඳ ශබ්දකෝෂයකින් ඉගෙන ගන්න පුලුවන්. අපේ 'ශ'යන්නේයි 'ෂ'යන්නෙයි වෙනස මොකක්ද කියලා මට තාම තේරුණේ නෑ. මම මේ අන්තිමට ගහපු 'ණ'යන්න මම ගැහුවේ ඇත්තෙන්ම අවබෝධයකින් නෙවෙයි. සම්ප්‍රදාය නිසා.

      ඔන්න ඔය ටික කියලා දෙන්න කෙනෙක් නෑනේ.

      Delete
    3. සත්‍ය ගැටලුව එතන තමයි ඇත්තේ. මා අදහස් කරන්නේ එදිනෙදා භාවිත වදන් ටික හෝ නිරවුල්ව කෙනෙකුට දැකගත හැකි වදන් එකතුවක් හැදිමයි.

      Delete
    4. ඕකට දැනටමත් තියෙන භාණ්ඩයක් දවසක් කකා ලින්ක් එකක දාලා තිබ්බා. ඒක මම වතාවක් දෙකක් පාචිච්චි කලා, නමුත් ෆයර්ෆොක්ස් අලුතෙන් ඉන්ස්ටෝල් කරලා ඒක නැතිව ගියා.

      මට ඕනෙ ලැයිස්තුවකට වඩා මේ වගේ එකක්.

      අපිට ඕනෙ ඡේදය අනේ මේ විජේසේකර කී බෝඩ් එක දන්න උන්ට විතරක් නෙවෙයි, මේ අපි වගේ සිංග්‍රීසි යුනිකෝඩ් කොටන එකෙකුට වුනත් ඒ විදියට ටයිප් කරලා ඇලෙව්වාම ඒකේ අක්ෂර වින්‍යාසය (spelling)වැරදි නම් රතුවට යටින් ඉර ඇඳලා (underlined or highlighted) පෙන්නන, ඒක උඩ රයිට් ක්ලික් කලාම හරි එක පෙන්නලා ඒ වචනේ දාලා නිවැරදි කරන,
      එතකොට ව්‍යාකරන වැරදි නම්, උදා: ඔහු ගියාය කියලා තිබුනොත් ඒක වෙන පාටකින් යටින් ඉරි ඇඳලා (underlined or highlighted) පෙන්නන ගැජට් එකක්. මේක ඔන්ලයින් නොවී බාගෙන පාවිච්චි කරන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ. අන්තිමට නිවැරදි ඡේදය කොපි කරලා අලවගන්න පුලුවන් වෙන්න ඕනෙ.

      දැනට MS WORD වල ඔය විදියට පෙන්නනවානේ ඉංග්‍රීසි නම්.

      Delete
    5. කතන්ර කියන ඒ සුබස උපාංගය මා දැක තිබෙනවා. එයත් සාර්ථකයි. මට එවන් දෙයක් කරන්න තරම් අයි ටී දැනුමක් නෑ. ඒත් එවැන්නක් කරන කෙනෙකු වෙනුවෙන් වදන් එකතුවක් ගොඩනගා ගැන්මයි වෑයම. මා හදන්නට යන එකේ ද අවශ්‍ය වචනය සිංගිරිසියෙන් ගැසූ සැනින් පෙනෙන විදියට නිර්මාණය කරන්නයි අදහස. සුබස දැනට හොඳම විකල්පයකි.

      Delete
    6. ඔය පහසුකම දැනට google input tools වල තියනවනේ. හොයා ගත්ත දෙයක් ආයෙත් හොයා ගෙන වැඩක් නැ.

      Delete
  15. හොඳයි හොඳයි.. මට නම් ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. බලමු චන්දන දැන් වචන ගොඩක් එකතුවෙලා තියනවා. ඩොක් එකත් හදාගන යනවා.

      Delete
  16. සිංහල බස සජීවි භාෂාවක් නොවේ. ඒ හේතුව මත කතක හා ලිඛිත ආකාර දෙකක් පවතින අතර, පුරානයේදි එය ආකාර තුනකින් පැවතුන බවටද මතයක් ඇත. සජීවි බසක් බවට සිංහල බස පත් කිරීමට නම් ඔය මහප්පරාන සහිත පුහු සිංහල භාෂාවේදින්ගේ කටවල් වැසිය යුතුය. අපට සිංහල ව්‍යාකරනානුකූලව පවත්වා ගැනීම අතිශය අත්‍යාවශය දෙයක් වුවත් අනවශ්‍ය සිංහල ශබ්ද කෝශයක් හේතුවෙන් සිංහල බස මළ බසක් බවට පත්ව ඇත. සරල විය යුතු දේ තවත් සංකීර්ණ කරගන්නට යන්නේ නම් අප කරන්නේ ආපස්සට යෑමකි. සිංහල බස සරල වීම යනු භාව්තය පහසු වීමයි. එය සිංහල අයට පමණක් නොව සිංහල බස හදාරණ අයට ප්‍රයෝජනවත් වනු ඇත. මහප්පාරාන ගැන හිත හිතා ලියනවා කියන එකෙන් අදහස් වන්නේ ඔබ තවත් ලොකු බරක් හිතේ තියාගෙන ලියන බවකි. මා නම් මහප්පාරාන නැතිව ලියන්නට කැමතිය. බාසාව සජීවි වන එකට කැමතිය. එසේ නොමැති නම් ඔබ තෙපලන පරිදි ඉතා අත්‍යාලංකාර වූ බස් වහරක් භාවිතය මාගේ සියළු සිතුවිළු එකළු කිරීමට සමත්කම් නොපාන බව ඉදූරාම පැවසිය හැක්කේය.. අන්තිම පේලිය මටවත් තේරෙන්නේ නෑ.. හැක්

    ReplyDelete
    Replies
    1. හුදු හෙළුව ගැන නොවේ මා අදහස් කරන්නේ සරළ සුගම සිංහලය නිවැරැදිව භාවිතයට එදිනෙදා හමුවන වදන් හි නිරවුල් ලියැවිල්ලක් නිර්මාණය කර ගැන්මයි.

      Delete
    2. මා කියන්නේ ඔබ යන්නේ හෙළුව දිහාවට බවකි..

      Delete
  17. පබාගේ උත්සාහය සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. කවුද පබා මම ද?

      Delete
    2. සමාවෙන්න ඕන, ටයිපින් මිස්ටේක් එකක් නලින්

      එය ඔබගේ කියා නිවැරදි විය යුතුයි.

      Delete
  18. ඉතා අගනා වැඩකි. ජය පතමි. සුබ පතමි!

    ReplyDelete
  19. තියෙන්නෙ පුංචි වෙලාවක් නිසා ඒ වෙලාවෙ අනිත් බ්ලොග් කියවන්නයි සටහන් ලියන්නයි මගෙම බ්ලොග් එක යථාවත් කරන්නයි ගියාම දඩිබිඩි ලියවිල්ලක් ඉබේම පුරුදුවෙලා. මා අතින් වෙන වැරදි පස්සෙ මටම පෙනෙනවා. ඒත් කෝ වෙලාවක් හදන්න ? හැබැයි ඉතින් මං ලියන්නෙ කතාකරන භාෂාවෙන් නිසා මට සමාවක් ලැබේවි..

    ReplyDelete
  20. නලින් අයියේ මේ වැඩේ නම් ගොඩක් හොද වැඩක්.නමුත් මට මෙහෙම ගැටළුවක් තියෙනවා.මොකෝ මම සිංහල කොටන්නේ "ක්ලවුඩ් ඉන්පුට් ටුල්ස්"වලින්.අර "සින්ගිල්ස්"කියන්නේ අන්න ඒ විදියට.නමුත් මේකෙන් සිංහල කොටනකොට සමහරක් වචන වල නිවැරදි අරුත එන්නේ නැහැ.
    උදහරණයක් විදියට දැන් මට "අබ"බයන්න කොටන්න ඕන උනත් එකට විදියක් නැහැ.මොකෝ මේ "ක්ලවුඩ් ඉන්පුට් ටුල්ස්"වලින් "අබ"බයන්න කොටන්න විදියක්(මම දන්නේ) නැති නිසා.ඒවැනි අවස්ථාවක කුමක්ද කලයුත්තේ.විජේසේකර කී බෝඩ් එකෙන් කොටන එක හරිම ව්‍යකුලයි.
    ඒ නිසා වෙනින් ක්‍රමයක් නැතිද දැන් අපිට මේ නිවැරදි සිංහල කොටන්න.

    අනිත් එක අර හෙන්රි අයියා කිව ක්‍රමේ නම් ගොඩක් හොදයි. අක්ෂර වින්‍යාසය වැරදි නම් ඉරක් ඇඳලා හරි හයිලයිට් කරලා හරි පෙන්නන පුළුවන්නම්.එක නිවැරදී කර ගන්න.

    දැන් මේකේ උනත් වියරණ වැරදී කොච්චර තියේද දන්නේ නැහැ.
    ඔන්න මාවත් එක්කරගන්න මමත් අයදුම් කලා.

    ReplyDelete
    Replies
    1. input tool එකෙන් කරන්නේ ශබ්දය අනුව අවශ්‍ය අකුර හොයලා එම අකුරු එකතු වීමෙන් හැදෙන ආසන්නම සමාන වචනය යෝජනා කිරීමයි. සමහර අකුරු වල ශබ්ද සඳහා ඉංග්‍රීසි අකුරු නොමැති කමින් නිවැරදි අක්ෂර ලබා ගැනීම අපහසු වේ. එම නිසා ශබ්ද වන ආකාරය අකුරු වලට කඩා ටයිප් කිරීමෙන් බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

      උදාහරණ අඹ = amba/ ගඳ = ganda/

      එමෙන්ම ක්‍රෝම් භාවිතා කරනවානම් ඉන්පුට් ටුල් එක්ස්ටේන්සන් (ekstenshan) ඉන්ස්ටෝල් කර ගන්න. සමහර අකුරු ලබා ගන්න ශුද්ධ සිංහල sls1134 යන්න තෝරා ගත යුතුය.

      ඔක්කොම ලියලා මෙතෙන්ට දාල පරික්ෂා කර ගන්න.

      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
    2. බොහොම ස්තුතියි ඔබට...

      Delete
  21. භාෂාවට නිති පනවන්න හැකියාවක් නෑ. ඒත් බස නිවැරදිව හසුරවන්නා ඒ නිතට හරියටම රකිනවා. බස නොබියව භාවිතා කර නිවැරදි දේවල් නිවැරදිව ලියන්න හැකියාවක් ඇති කර ගැනිම තමයි යමෙකු සත් ජයග්‍රහණය වන්නේ.

    ඔබේ මේ වෑයම ඊට හොඳ පිටුබලයක් වේවි.

    ReplyDelete
  22. වැඩේ සාර්ථක වේවා කියල ප්‍රාර්තනා කරනව. ෆේස්බුක් අපිට අකැපයි නෙව!
    මාත් කැමතියි නිවැරදි සිංහලෙන් ලියන්න(සිංහල හරියට දන්නෙ නැතත්). අඩුම තරමේ අක්ෂර වින්‍යාසය ලිංග භේදය වගේ දේවල් ගැනවත් හිතනව නං...
    තමුන්ට පුළුවන් තරමට බස නොනසා ඉන්න මාත් කැමතියි.

    ReplyDelete
  23. බොහෝ වේලාවන්හිදි බොහෝ අය ලියන ලිපි කියවීමට මා හට අවස්ථාව ලැබෙනුයේ ඉතාමත් ප්‍රමාදවය.ඒ මා රාජකාරි වේලාවෙන් පසුව ඒ සදහා කාලය ලබා ගගන්නා බැවිණි.පාසල් යන කාලයේදී මෙන්ම මා සිංහල බසට ආදරය කළෙමි.එහෙත් ගුරුවරයෙකු වීමේ ආශාව පැත්තක තබා සොල්දාදූවෙකු වීමට තරම් දෛවය වෙනස් විය.බොහෝ කලක් භාෂාව නොහැසිරවීම නිසා ඇත්තටම මා දැන් ළදරුවෙකුගේ තත්ත්වයටම වැටී ඇත්දැයි සැකයක්ද උපදී. ඒ කෙසේ වුවද ඔබේ වෑයමට මාද උපරිමයෙන් සහයෝගය ලබා දෙන අතර ඔබ සැමගේ ගුරු හරුකම් ලබන්නට තරම් මා පින් කර ඇතැයි සිතමි.

    ReplyDelete
  24. අපිත් නොදැනුවත්ව හරි සිංහල භාෂාව කොපමනනම් වැරැදිලෙස භාවිතා කරනවා ඇත්ද.... :/ හොඳ ආරම්බයක් නලින් අයියේ.. .... මානවසම්පත් වලින් වැදගත් දෙයක් කරන්න හොද අවස්තාවක් :)

    ග්‍රැෆික් ඩිසයින් වලට නවකයෙක් උනත් අදහස දෙනවනම් ප්‍රොෆෙෂනල් නිර්මාණයක් කරන්න පුළුවන්. ^_^

    (බුකියෙන් මැසේජ් එකක් දාන්න)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT