samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


imagesසංක්‍රමණය යන වදනත් සමගම සාමාන්‍ය සමාජයේ පැතිරගොස් ඇත්තේ සාවද්‍ය මතයකි. සංක්‍රමණය යනු අයහපත් දෙයක් නොවේ. එහෙත් මෑතක සිට නිරන්තර අසන්නට දකින්නට ලැබෙන  විදෙස් රටවල් කරා අනාරක්ෂිත ක්‍රම මගින් පලායන්නට යත්න දරන පුද්ගල සංඛ්‍යාව ඉහළ යාමත් සමගින් සංක්‍රමණය යන වදන පිළිබද සාවද්‍ය මතය පැතිරෙන්නට විය. 


සංක්‍රමණය යනු අපේ අයිතිවාසිකමකි. අන්තර් ජාතික ලෙස සංක්‍රමණය මගින් බොහෝ ධනාත්මක වාසි අත්වේ. එමගින් ගමන පටන් ගන්නා රාජ්‍යයට මෙන්ම ගමනාන්ත රාජ්‍යයටද බොහෝ ප්‍රතිලාභ අත් කර දෙයි.

පුද්ගල වෙළෙදාම හා මිනිස් ජාවාරම මැඩලීම වෙනුවෙන් ඒක් එක් රාජ්‍යයන් ගන්නා නෛතික ක්‍රියාමාර්ග හේතුවෙන් මේ සංක්‍රමණය යන්න අධම දෙයක් ලෙස සමාජගතව ඇත. 
images+(1)

බොහෝ විට නීත්‍යානුකූල සංක්‍රමණිකයන් වන්නේ ඉහළ අධ්‍යාපනයක් ලද්දෝ ය. එසේත් නැතිනම් නිශ්චිත කාර්යයක මනා පුහුණුව ලද්දෝ ය.මේ හැරුණු විට ඇතැම් රාජ්‍යයන් කරා දෙරටේම රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉහත කී දෙවර්ගයටම අයත් නොමැත්තෝ ද නීත්‍යානුකූලව සංක්‍රමණය වෙති. ඒ ගෘහ සේවිකා කම්කරු වැනි වෘත්තීන් උදෙසා ය.
ඉහත කී කුමන අයුරකින් සංක්‍රමණය වුවද දෙරටටම වාසි අත්වේ. වැඩි වාසි ඇත්තේ ඉහළ වැටුපකට සංක්‍රමණය වන්නන්ට ය. එසේ නම් ඔබත් සංක්‍රමණය කරන්නට බලාපොරොත්තුවන්නේ නම් පළමුව කළ යුත්තේ අවැසි සුදුසුකම් ඉහළින් ම සකසා ගැන්මට යත්න දැරීමයි.

මේ ක්‍රමවලට පටහැනිව කිසිදු නීත්‍යානුකූල භාවයක් නොමැතිව පුද්ගලයන් සංක්‍රමණය කරවන ජාවාරම් කරුවෝ හැම රටකම පාහේ සිටිති. ඔවුන් ඇතැම් විට ජාලයක් සේ ක්‍රියාත්මක වෙයි. මෙතැන කරළියට එන්නේ සංක්‍රමණයටත් වඩා පුද්ගල වෙළෙදාමයි. ඒ සමගම මිනිස් ජාවාරම ද ක්‍රියාත්මක වෙයි. 

මිනිස් ජාවාරම

ඒජන්සියක ට මුදල් ගෙවා නීත්‍යානුකූල වීසා ඇතිව මැදපෙරදිග රටක ගෘහ සේවය සදහා කාන්තාවක් පිටත්ව යාම පිරිසිදු සංක්‍රමණයකි. එහෙත් ගමනාන්තයේ දී ඇයට මුලින් කතිකා කොටගත් සේවායෝජකයා ගේ නිවෙසේ සේවය වෙනුවට වෙනත් ප්‍රද්ගලයෙක් ඇය කැඳවාගන ගොස් ගුවන් ගමන් බලපත්‍රය තමන් සන්තකයට ගෙන ගණිකා වෘත්තියේ යොදවයි. මෙතැන දී වන්නේ නිත්‍යානුකූල සංක්‍රමණයක් මිනිස් ජාවාරමක් බවට පත්වීම යි.

පුද්ගල වෙළෙදාම

මේ උදාහරණය දෙස බලන්න. එක්තරා පුද්ගලයෙක් රැකියා නියෝජිත ආයතනයක් හරහා යම් රටක අරක්කැමි තනතුරක් පතයි. එම ආයතනය එම පුද්ගලයාගෙන් තැරැව්කාර ගාස්තුවක් ද අය කරන බව දන්වා එම ගාස්තුව වෙනුවෙන් ටික දිනක් එකි රටේ බෝට්ටුවක සේවය කරන ලෙස ඉල්ලා සිටියි. මෙයට කැමතිවන පුද්ගලයා එකි රටට පිටත්ව යයි. එහිදී නියෝජිතයකු මගින් බොට්ටුවේ සේවයට මේ තැනැත්තා යොමුවන අතර අධි වෙහෙසකර සේවයක නිරතවන්නට සිදු වෙයි. ගොඩබිමට පැමිණියද ඔහුට ඉන් බැසිමට අවසර නොලැබේ
බොහෝ හිරිහැර මැද දැන් ඔහුට දියඹේ සේවය කිරීමට සිදුවේ. මෙතැන වන්නේ පුද්ගල වෙළෙදාම යි.

මේ ක්‍රියාදාමයන් දෙකම අති අමානුෂික සිද්ධීන් ලෙස ලොව හැම රාජ්‍යයක්ම අර්ථ දක්වයි. එහෙත් විපතට පත් පුද්ගලයිනට රාජ්‍යයක පිහිට පතන්නට නොහැකි වන සේ ජාවාරම් කරුවෝ එම වින්ධිත පුද්ගලයන්ව සූක්ෂම අයුරින් වරද කාරී පුද්ගලයන් බවට පත් කෙරේ. සංක්‍රමණය වන්නට හිතන අය මූලිකවම සිහි තබාගත යුත්තේ එම කරුණයි.

විදෙස් ගත වන්නට ඇති අනෙක් ක්‍රමය නම් සංචාරයයි. එය එතරම් කරදර කාරි දෙයක් නොවේ. අවශ්‍යවන්නේ යහමින් මුදල් තිබීම හා නිවැරදි මාර්ගෝපදේශ සපයන විශ්වාසවන්ත ඒජන්ත වරයෙක් සොයා ගැන්මයි.

නිරන්තර අප රට ගැන සෘණාත්මක කතා කියමින් එතෙර සුරපුරක් බවට සපථ වෙමින් කතා කරන පුද්ගලයන් ගැන විමසිලිමත් වන්න. බොහෝ විට ඔවුහු මිනිස් වෙළෙන්දෝ විය හැකිය.


46 comments:

  1. blogger_logo_round_35

    ශ්‍රී ලංකාව ගැන වැරදි ච්ට්‍ර්ය්ක් මවනේ එයුං උල තියන ඕන
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දැන් බොහොම දියුණු වෙලා.. සිංහල කොටනවා.....
      රට ගැන වැරදි චිත්‍ර මවන්නන් අතර ජාවාරම් කරුවන් හා යූරෝපිය රටවල තවදුරටත් රැදීසිටින්නට උපක්‍රම ලෙස මේ රට ගැන බොරු ඇදබාන්නන් විශේෂ වෙනවා. මෙරට සිටිය නොහැකි බවට බටහිරට ඒත්තුගන්වා විදෙස් රටවලට ගොස් තම දූදරුවන් ද සමග යහතින් සිටින්නන් එරට සිටින තම කාලය දීර්ඝ කරගන්න නොකරන ජරා වැඩක් නෑ. මා මෙයින් කියන්නේ නෑ ඇත්තටම තරජිතව ගිය අය නැතෙයි කියලා.
      වැඩි පුරම ඉන්නේ බොරු කාරයන්. තම හා තම පවුලේ සුඛ විහරණය වෙනුවෙන් මේ රට විනාස කරනවා ඔවුන්.

      Delete
    2. blogger_logo_round_35

      සිංහල කොටන්න උද්ව් කරපු ගොඩක් අය ඉන්නව එ අතරින් සරත් ලන්කප්රිය , සෙන්නා ලොකු සහයෝගයක් දුන්නා.
      මම මැරුවට් මගේ රට පවලා දෙන්න නැහැ . රට පවලා දන එඋන්ට හෙන ගහපිය
      ජයවෙවා

      Delete
    3. photo

      උදේට තේ බොනකොට ඕව කියන්නෙ නැද්ද

      Delete
  2. blogger_logo_round_35

    අවධානයට ගත යුතු කරුණක්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      විදෙස් ගතවන්නට ලැදියාවක් ඇත්නම් මේ ගැන සිතන්න.

      Delete
    2. blogger_logo_round_35

      එහෙම නම් නෑ.

      Delete
  3. blogger_logo_round_35

    වැදගත් ලිපියක් නලින්, ඔබ කියනා ආකාරයේ මිනිස් ජාවාරම් බොහොමයක් සිදුවෙනවා නීතියේ මුවාවෙන්.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් ඒ ගැන පෙන්වා දෙන්න තමයි මා මේ සටහන ඉතාම කෙටියෙන් ලිව්වේ. රට යන්න කලින් රුපියල් ලක්ෂයක් යන්නාට ගෙවන ඒජන්සි තියනවා. අන්න ඒවා ගැන පරිස්සම් විය යුතුයි.

      Delete
  4. FB_IMG_1561654098205

    මම හිතන්නේ නලීන් සංක්‍රමනයයි, විදෙස් රැකියා කියන එකයි ටපලගෙන වගේ... මේ දෙක දෙකක් නලීන්....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      නෑ මාතලන් මේ දෙකම එකක්. එය මා නොව කියන්නේ ජිනිවා හි ඇති ජාත්‍යන්තර කම්කරු කවුන්සිලයයි.බලන්න www.ilo.org/publns වෙබ් අඩවිය.
      යමෙක් රැකියාවට හෝ පදිංචියට වෙනත් රාජ්‍යයක් කරා යාම සංක්‍රමණයයි.

      Delete
    2. blogger_logo_round_35

      මගේ මේ ලිපියට පාදක වුණේ දෙවන සේයා රුවේ ඇති වාර්තාවයි මාතලන්.

      Delete
    3. FB_IMG_1561654098205

      නැවත් එන්නේ නෙමෙයි.. පදිංචියට...

      Delete
  5. photo

    ලංකාවේ මිනිස් ජාවාරම් සිදුවන්නේ බොහෝ විට දේශපාලන බලාධිකාරයේ අනුදැනුමෙන්, මතකනම්, මීට වසර කීපයකට පෙර රජයේ හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් තමන්ගේ අමාත්‍යාංශයේදීම මිනිසුන් පිටරට යැවීමේ ජාවාරමක් කල බවට අතටම අහු වුනා, නමුත් නීතියෙන් සිදුවුණා යමක නැහැ, අද ඔහු තවත් අමාත්‍යාංශයක ඇමති කෙනෙක්.
    අද වනවිට තානාපතිවරුන්, අමාත්‍යවරුන්, ක්‍රීඩකයන්, නළු නිලියන්, ගායකයන් ඇතුළු සමාජයේ කැපීපෙනෙන චරිත බොහොමයකට මේ මිනිස් ජාවාරම් චෝදනා (ඔප්පු කල හැකි) එල්ල වුනත්, ඔවුන් කිසිවෙක් අරභයා නීතිය ක්‍රියාත්මක නොවීම මත මෙය තවත් එක මැඩලිය නොහැකි අපරාධයක් බවට පත්ව තිබෙනවා.
    රටේ නීතිය ස්වාධීන නොවීම (නොකිරීම) මත මෙය පමණක් නොවේ කිසිදු අපරාධයක් මැඩලිය හැකි වේද?

    ReplyDelete
  6. IMG_20190902_075227

    වැදගත් ලිපියක් නලින්. මා දන්නා කෙනෙක් ඉන්නවා මේ මිනිස් ජාවාරමට අහුවුන. ඔහු එයට කැමැත්තෙන් එක් වුනා දැයි දන්නේ නෑ. නමුත් ඔහුව මෙහෙන් යවලා තියෙන්නෙ බෙරකාරයෙක් ලෙස. ඊට පස්සෙ ජපානයේ අවුරුදු ගානක් දුක් විඳලා ආවා. කරගත්ත දෙයකුත් නෑ. හරිම ඛෙදනීයයි මෙ තත්වය.

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ජපානෙ දුක් විදල ආවයි කියනවනම් ඒක තනිකර අවලමෙක් වෙන්න ඇති.
      විසා නැතිව අහුවෙන්නෙ නැතිව හොරෙන් වැඩ කරල ජප්පියෙකුත් බැදගෙන හරි බිස්නස් කරගෙන හරි ගිය අයනම් කී දෙනෙක් ඉන්නවද.
      පීලිපින් එකීලා ඉන්න "ස්නැක්"වල බින්න බැහැගෙන බීගෙන,කාගෙන සුදි කරපු එව්වො නම් නන්නතාර වෙලා අල්ලල යවපු එව්වොත් නැතුවා නෙමේ.

      Delete
    2. IMG_20190902_075227

      කෙන්ජි, ඒකා බොහොම හොඳ කොල්ලෙක් ඒකනෙ දුක. අවලමෙක් නම් කට්ට කාගෙන ඉන්නවානෙ.

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    අනේ මාවත් ඔය කොහෙට හරි කන්ඩ ටිකකුයි වතුර ටිකකුයි තියෙන තැනකට යවපල්ලකෝ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ප්‍රංශයට යවන්නද?

      Delete
    2. blank

      පුක හොදනම් ජපන් යතෑකි...

      Delete
    3. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      චී චී චී අපි ඔව්වට නැහැ නෙව..

      Delete
    4. blogger_logo_round_35

      අසැබි වදන් එපා ඇනෝ සහෝ.. මේ වදන අප දැන් සම්මුතියක් ලෙද ගන්න නිසා කමක් නෑ.

      Delete
  8. images+%281%29

    මිනිස් ජාවාරම කියන්නේ නොකළයුතු රස්සාවල් වලින් එකක් නේ

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අමානුෂික එහෙත් අධික ලාභයක් ලබන ජාවාරමක්. ගණිකාව මුදල් හෙවුවාට එහි වැඩි කොටස අතරමැදියන්ට.

      Delete
  9. Sam+2010

    අගේ ඇති ලිපියක් මලේ. මට නං නොකා නොබී හරි අඹු දරුවොත් එක්ක මෙහේ වැටිලා ඉන්න තියෙනව නං ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්ත අයියේ... දින ගණනකට වුවත් විදෙස් ගත වුණාම තමා තේරෙන්නේ ඒකේ රඟේ. එන්නේ කොයි වෙලාවෙද කියල තමා ඇඟිලි ගනින්නේ.

      Delete
  10. Sam+2010
  11. blogger_logo_round_35

    මේ ගැන ලෝකයපුරාම කල ගවේෂණ වලින් හෙළිව ඇති තොරතුරු බොහොම භයානකයි. කනගාටුදායකයි. අපේ වෙරල තීරය තවමත් 100% ක් ආරක්‍ෂිත නැහැ. මුහුදු සීමාව 100% ක් නිරීක්ෂණයට ලක්වන්නෙත් නැහැ. දේශපාලුවෝ මේ ජාවාරමට දැනටමත් හොට දාලා තියෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පැහැදිලිවම විචාරක තුමා... මේ ව්‍යාපාරයේ යෙදෙන්නේ හොඳ කෙළිකාරයන් තමා.අපේ මුහුදු සීමාව 100% රැකගන්න තරම් සම්පත් අපට තියනවද කියන එක ගැන මං හරියටම දන්නේ නෑ.

      Delete
  12. blogger_logo_round_35

    නෙත් එෆ්එම් මඟින් ඉදිරිපත් කරන වැඩසටහනක් මගින්ද මිනිස් ජාවාරම් ගැන මහජනතාව දැනුවත් කරා.දුප්පත්කම නිසා තමයි වැඩිදෙනෙක් රැවටෙන්නේ.ඊට අමතරව පණ්ඩිත මිනිසුන් මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමනය වෙන්න ගොස් අත්අඩංගුවට පත් වෙච්ච අවස්ථා බොහෝමයක් ඇත.වැදගත් ලිපියක් නලින් අයියා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහෝ වාර්තා මගින් කියැවෙන්නේ මෙය අති අමානුෂීය ක්‍රියාවක් බවයි. දැන් ලොව බොහෝ රටවල් මෙයට වැට බඳින්න පියවර ගනිමින් සිටිනවා.

      Delete
  13. photo

    සංක්‍යාව=සංඛ්‍යාව
    සඵත=සපථ

    ReplyDelete
    Replies
    1. 2023216-mount_fuji

      ස්තුතියි හැලප.එක ලිපියකට මෙහෙම වචන දෙක ගානෙ හරි කමක් නැහැ දැනුවත් කරනව නම් මාසයක් විතර යද්දී කාටත් වැරදි හුගක් හදාගන්න හැකි වෙයි.

      Delete
    2. blogger_logo_round_35

      බොහොම ස්තුතියි හැලපයියේ. මේ කමෙන්ට් එකත් එක්ක මං අලුත් වැඩක් පටන් ගත්තා. මෙන්න ඒ ගැන විස්තර
      අද මගේ බ්ලොගයේ ලිපියක වූ වැරදි වදන් දෙකක් පෙන්වා දෙමින් හැලපයා බ්ලොග ලියන හැලපේ කමෙන්ටුවක් දමා තිබුණා. මේ සයිබරය තුළ අප කරන වැරදි එසේ පෙන්වා දෙන්නේ නම් අපටද අපේ බස නිවැරදිව ලියන්නට(කොටන්නට) හැකි ය. එසේ එදිනෙදා භාවිතයේ හමුවන වදන් හි නිවැරදිම වදන් එකතු කොට ගූගල් ඩොක් එකක් සෑදීම මේ වෑයමේ අරමුණයි. මේ සඳහා වියත් සිංහල ඇදුරන් කීප දෙනකුම එක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. එය සැමටම භාවිතයට ගත හැකි ලෙසයි නිර්මාණය කරන්නට බලාපොරොත්තුවන්නේ. සිංහල බසට ලැදි ඔබ සැමට මා ආරාධනය කර සිටිනවා මේ හා එක්වන ලෙස. බ්ලොගක වේවා මුහුණු පොතේ වේවා දකින වැරදි වදන් නිවැරදි කර මේ සමූහයේ සටහන් කරන්න. වාද විවාදවලින් අනතුරුව හොඳින්ම තහවුරු කරගත් වදන් ඩොක් එකට එක්කරනවා. මුලින්ම වදන් 100ක් තහවුරු කරගත් පසු ඩොක් එක එළියට දානවා. ඒ වගේම මේ සමූහය සඳහා හොද කවරයේ සේයා රුවක් හා ලාංජනයක් හැකිනම් නිර්මාණය කර මගේ මේලයට එවන්න. ඒ අරියුම දක්ෂ නිර්මාණකරන හැකියාවැති මිතුරන්ටයි.
      මේ අදහස හිතට දුන් දයාබර හැලපේ අයියාට ස්තුතිය
      මෙන්න ඒ මා නිර්මාණය කළ සමූහයේ ලිංකුව. ඉදිරියටත් දන්නා වදන් නිවැරදිව පෙන්වා දෙන්න මේ සමුහයට එක් වන ලෙද ඉතාමත් ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා හැලප අයියේ ඔබට වගේම කෙන්ජි අයියටත්.

      Delete
    3. blank

      ඊයා.............එක්කෝ හැලපේ කියලා ලියන්න. එහෙම නැත්තන් හැලප අයියේ කියලා ලියන්න. ඔයා ලියලා තියන විදිහට අපේ හිතේ ඇඳෙන්නේ පැතලි වෙලා ගිය ...........

      Delete
    4. blogger_logo_round_35

      පෙන්වා දුන් වැරැදි ටිකත් හැදුවා හැලප අයියේ.

      Delete
  14. 2023216-mount_fuji

    අනේ කොල්ලන්ගෙන් ලක්ෂ 10 ගානෙ අරන් ඇමතියො එක එක රටවල හලල යනව.[දැන්නම් එයිට වැඩි ඇති.මම කියන්නෙ 95'න් විතර පස්සෙ]එක සැරයක් මගෙ යාලුවෙක් නිසා උදව්වක් කෙරුවාමයි දැනගත්තෙ ඒ කාලේ ලංකාවෙ මාළු මාළු ඇමතියෙක් 10 ගානෙ අරන් 3ක් හලල ගිහිල්ල කියල.මම කොල්ලන්ට කන්න ඉන්න දිල රස්සාවල් හොයල දීල අත පිහදා ගත්ත.ඔය වගේ උදව් නම් කොතෙක්වත් කලා.එහෙම අනවසර අයට පිහිට විමෙත් සීමාවක් තිබෙනව.නරක දෙයක් උනොත් ගාගන්න වෙන්නෙ පැරකුම් ටින්කිරි බැරල් ගණන් වලින්.
    10 ගානෙ ගත්ත ඇමති අද පැත්ත වැටිල කොර වෙල ඉන්නව.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පල්ලියේ බෝම්බයෙන් නේද,

      Delete
  15. blogger_logo_round_35

    හ්ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මොකද බෙන් ජාවාරමකට අහුවෙලා ද?

      Delete
  16. 2023216-mount_fuji

    W.G.P.වික්‍රමනායක(වික්‍රම),
    පිය තුමනි,ඔබට නිවන් සුව අත්වේවා...!
    ඔබ අපව සතුටු කරමින් ඇදී සිතුවම් සදා මතකයේ රැදේ...!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මා එතුමන්ට නිවන් සුව පැතුවා උදේම මූණු පොතේ තේනුවරගේ සටහනකින්. එතුමා අපත් එක්ක එකට ලංකාදිපයේ සේවය කළ යුගය යළි මතකයට ආවා. පුදුම නිරහංකාර නිවුණු මනුස්සයෙක් වික්‍රම අයියා.
      ලංකාදීපෙට මං ගිය අලුත මං නිතරම රැඳුනේ දයා අයියා වික්‍රම අයියා පියල් උදය සමරවිර අයියා හිටිය ආර්ට් රූම් එකේ තමා. මුලින්ම රොටිට්‍රින් පෑනක් මට තෑගි කළේත් වික්‍රම අයියා.

      Delete
    2. IMG_20190902_075227

      වික්‍රමනායක මැතිතුමාට නුවන් සුව ලැබේවා!

      Delete
  17. MyPhoto

    මම මේ ගැන වැඩසටහනක් බැලුව ඩිස්කවරි එකේ. ලංකාවට වඩා මේවා වෙන්නේ බංග්ලාදේශය, නේපාලය වගේ රටවල. ඒ වැඩසටහනින් කිව්වේ Human Trafficking කියලා. ගණිකා වෘත්තියට බාල වයස්කාර දරුවන් සංක්‍රමණය කිරීම තමයි එහිදී විස්තර කලේ. ලංකාව දුපතක නිසා ඒවා අඩු වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔව් සුදීක මා මේ ලිපිය ලිව්වේද 2012 Human Trafficking වාර්තාව කියැවීමෙන් අනතුරුවයි.

      Delete
  18. photo++99999

    තවදුරත් මෙවැනි නිර්ඹෘණයන් කිරීමට ඔබට හැකි වේවා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT