සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


මිහින්තලය පොලිස් වසමේ පිහිටි මහ කනදරාව වැවී රක්‍ෂිතයේ ඉදිකරමින් පවතින වනජිවි දෙපාර්තමේන්තුවේ නැරඹුම් මධ්‍යස්ථානයක් යැයි කියන ගොඩනැගිල්ල හේතුවෙන් ඉදිරියේ දී මහකනදරාව වැවට සහ වැව් රක්‍ෂිතය බරපතල ලෙස විනාශවී යාමේ තර්ජනයට මුහුණ පෑමට සිදුවන බව මිහින්තලය ප්‍රදේශවාසීහු පවසති.
ජලය පානය කිරීමට වන අලීන් පැමිණ සිටින අයුරු 






දෙපාර්තමේන්තු නැරඹුම් මධ්‍යස්ථානය 

මේ වන විට ලහි ලහියේ ගොඩනැගිල්ල ඉදිකරන අයුරුද දැක ගත හැකි අතර මෙම ගොඩනැගිල්ල අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැවේ දෙවන පාලම අසලදී ඉතා හොදින් මාර්ගයේ ගමන් කරන්නන්ට දිස්වේ. මිහින්තලය නගරයේ සිට කිලෝමීටර් 03 ක් පමණ කහටගස්දිගිලිය දෙසට ගමන් කර සියඹලාගස්වැව කනත්ත හංදියෙන් හැරී කිලෝ මීටරයක් ගිය පසු වැවී රක්‍ෂිතයේ ඉදිකර ඇති ස්ථීර ගොඩනැගිලි දෙකක් දැකිය හැකිය.  

වැවී රක්‍ෂිත කොටසේ තිබු වසර සිය ගණනක් පැරණි ගස් කොලන් කපා දමා මෙම නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර ප්‍රදේශයේ පදිංචිකරුවන් ප්‍රදේශයේ බලධාරීන්ගෙන් විමසු විට පවසා ඇත්තේ වන ජීවි දෙපාර්තුමේන්තුවේ නැරඹුමී මධ්‍යස්ථානයක් මෙම ස්ථානයේ ඉදිකරන බවයි. 
ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකු මෙම රක්‍ෂිතයෙන් උදලු මිටකට හෝ දර සදහා ලී කැබැල්ලක් කපා ගතහොත් අදාළ ආයතනවල නිළධාරීන් පැමිණ නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

එහෙත් මේවන විට රක්‍ෂිතයේ තිබු විශාල ගස්කොලන් කපා දමා මහා පාරසරික විනාශයක් සිදුකරද්දීත් බලධාරීන් මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

අලිමංකඩක් ලෙස මෙම රක්‍ෂිතයේතිබු ස්ථානයේ මෙම නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකෙරෙන අතර මේ හේතුවෙන් වන අලීන්ගේ ගමන් මග ඇහීරීමෙන් ඔවුන්ගේ ජීවන රටාවටද දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එහි ජනයා පවසති. 

නියං කාලයේ දී (අගෝස්තු) මාසයේදී අලීන් සිය ගණනක් මෙම ස්ථානයට ජලය පානය කිරිමට පැමිණෙන අතර නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකිරීම හේතුවෙන් ඉදිරියේදී වන අලීන්ට අගෝස්තු මාසයේදී ජලය බීමට හුරු පුරුදු ස්ථානයක් නොමැති විමෙන් ගම් වැදිමේ අවදානමක් තිබෙන බවද ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම නැරඹුම් මධ්‍යස්ථානයේ වැඩ කටයුතු අවසන් කර එය ආරම්භ කළ පසු ඉන්  බැහැර කරන  අපද්‍රව්‍ය මහකනදරාව වැවට මුදා හැරියහොත් ජලය දුෂණය වී  ජලජ ජීවීන් විනාශ වීමේ අවදානමක් අනිවාර්යෙන් ඇතිවිය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. 

ප්‍රදේශවාසීන් වගකිව යුතු නිළධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මෙම නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකිරීම නතර කොට මහකනදරාව වැවේ හා වැව් රක්‍ෂිතයේ ආරක්‍ෂාව තර කරන ලෙසසි.    

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා හමුවී මෙම ඉදිකිරීම සිදුකරන්නේ කවුරුන්ද යන්න කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ට ද මෙම ඉදිකිරීම සමීබන්ධයෙන් තොරතුරු දැනගැනීමට ලැබුණු නිසා එම ස්ථානයට කිහිප වතාවක්ම ගිය බවත් එහෙත් කිසිවෙකු හමුනොවීම නිසා තාක්‍ෂණික නිළධාරියෙකු ද එහි යවා තොරතුරු සොයා බැලුවත් ඒ පිළිබදව කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වු බවයි. තමන් මේ සම්බන්ධයෙන් වැඩ විස්තර නොදන්නා නිසා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් අසා දැනගන්නා ලෙස ඒ මහතා පැවසීය. 

මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රාදේශිය ලේකම් වරයාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙම ඉදිකිරිම සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බවයි.

වැව් රක්‍ෂිතය තුළ ඉදිකරන ගොඩනැගිලි සම්බන්ධයෙන්  වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකුගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඉදිකිරිම සිදුකරන්නේ තම දෙපාර්තමේන්තුව බවත් එය නැරඹුම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට කටයුතු කරන අතර රක්ෂිතයේ සිදුවන නීතිවිරෝධී වැඩකටයුතුවලට මේ මගින් වැට බැඳෙන බවයි. නිළධාරින් යොදවා රක්‍ෂිතයේ සිදුවන සියලු විනාශයන් මැඩපැවැත්වීමට හැකි බවත් මහකනදරාව වැවේ මෙම ඉදිකිරිමෙන් කිසිඳු හානියක් වැවට සිදු නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසී ය. 

මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ යම් ස්ථානයක ඉදිකිරීමක් සිදුකරන විට පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් අනිවාර්යෙන්ම ලබාගත යුතු අතර කුමන ආයතනයක් ඉදිකිරීම් සිදු කළත් අනිවාර්යෙන්ම ප්‍රදේශයේ වගකිවයුතු රජයේ ආයතනවලට මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් දැන්වීම අනිවාර්යය බවද ඔහු පැවසීය.

ජායාරූප සටහන අනුරාධපුර බුද්ධික මහේෂ්

12 comments:

  1. කාටද මේක කියන්න ඕන.. මං හිතන්නේ ඇමරිකාවේ ජනාධිපතිට තමා..

    ReplyDelete
    Replies
    1. එයාට කියල බලමු එහෙනං.

      Delete
    2. නෑ..එයාව ගනන් ගන්නෑ...ඉරානෙ එක්කෙනාට කියමු.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙහෙම දෙයක් රටට පෙන්නල දෙන එක ඇස් ඇරීමක්....

    ReplyDelete
    Replies
    1. බලමු මොනවද වෙන්නේ කියලා

      Delete
  4. ඔහොම පටන් ගන්න නැරඹුම් පොට්,ටික දවසකින් දේශපාලුවන්ගේ බඩු පොට් වෙලා එයාලගෙම නමට සින්න වෙනව.

    ReplyDelete
    Replies
    1. මෙය ටුවරිසම්වලට අත්‍යවශ දෙයක් නම් ඒ ගැන වෙනම හිතන්න වෙනවා. දැන් මේ ගැන කතිකාවක් ඇතිවේවිනේ.

      Delete
  5. අපේ පැත්තට ඇවිත් වගේ.තාම කනදරාවේ යන්න නම් බැරි වුනා..වැදගත් දෙයක් නම් සමකය වටේ යන්න ඕනේ :)

    ReplyDelete
  6. ඔය වගේ තමයි බෙහෙත් පැල වවන්න වගේ බොරු ප්‍රොජෙක්ට් රිපෝට් පෙන්නල ජීවන් K,අමරිකාවේ අවුරුදු ගානක් රැකියා කරල ආව නීල් රූපසිංහ ගේ පුතා ඇතුළු හුගක් අය වැව් අයිනේ ඔය වගේ පොට් අද >>පරිසර හිතකාමී නවාතැන්<<පොට් වෙලා.
    දේශපාලුවන්ගේ විතරක් නෙමේ පොලිස්/හමුදා නිලධාරීන්ගේ පවා එවැනි පොට් ලංකාව පුරා ඕන තරම්.

    ReplyDelete
  7. වැදගත් සටහනක් නිලින් අයියේ...

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT