samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

දෙසතිය පුවත් සඟරාව සිය 35 වැනි උපන් දිනය අද සමරනු ලැබිය. ඒ වෙනුවෙන් පැවැති උත්සවයට එක්වන්නට මම අවස්ථාව ලදිමි. අද 35වැනි වසරට පාතබන දෙසතිය සඟරාවටත් එහි කතෘ මණ්ඩලයටත් මෙසේ සුබ පැතුම් එක්කරමින් එහි 35වැනි කලාපයේ වූ එක් ලිපියක් මෙසේ ඔබ වෙත ගෙන එන්නම්. බ්ලොග් ලියන හැලපෙත් කාලයක්ම හිටියේ මේ දෙසතියේ තමා.
IMG00360-20130612-1558

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 98%ක්. එහෙත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහිලා. අවාසනාවකට මෙන් අධ්‍යාපන ආයතනවල මානව ලිංගිකත්වය වගේ ම ලිංගික කාර්යයන් පිළිබඳ කෙරෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නැහැ. මෙලෙස පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය කේ. කරුණාතිලක. ලිංගිකත්වය හා ලිංගික චර්යාවන් කෙරෙහි සමාජය දක්වන ආකල්පය වෙනස්. මෙයට ආගමික හා සංස්කෘතික විශ්වාස මෙන් ම සමාජ, ආර්ථික හා දේශපාලන සාධකත් බලපාන බව ඔහු පෙන්වා දෙනවා.


මෙවන් පසුබිමක ශ්‍රී ලාංකිකයන් ලිංගිකත්වය පිළිබඳ සොයා බැලීම අරුමයක්ද? ගූගල් වෙබ් අඩවියේ (Google Search Engine) ලිංගිකත්වය (Sex) යන යෙදුම ඔස්සේ සොයා බැලූ රටවල් අතර පළමු වැනි ස්ථානයට 2012 වර්ෂයේ දී පත් වූයේ ශ්‍රී ලංකාව. එක් අතකින් අප පරිගණකය හා අන්තර්ජාලය භාවිතය අතින් ලෝකයේ සෙසු රටවල් අභිබවා ඉදිරියට පැමිණියාවත්ද? ගූගල් ප්‍රවණතා පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලාංකිකයන් තම වෙබ් ජාලයෙන් වැඩිපුර ම සොයා ඇත්තේ 'නිදහස් ලිංගික' (Free Sex) යන්න යි.

මහාචාර්ය කේ. කරුණාතිලක පවසන පරිදි 2004 ජනවාරි මාසයේ එය 51% ක්. 2008 මැයි මාසයේ 72%ක්. 2011 අප්‍රේල් මාසයේ එය 100% ක්. කලාපීය හා ගෝලීය වශයෙන් බලන විට ශ්‍රී ලංකාව පළමු තැනට ද පිළිවෙළින් ඉන්දියාව, බංග්ලාදේශය, ඉතියෝපියාව, පකිස්ථානය, වියට්නාමය, නේපාලය, කාම්බෝජය ආදී රටවල් සෙසු ස්ථාන ද දිනා තිබෙනවා. අඩු ම ප්‍රවණතාවක් ගත් රටවල් අතරට ජපානය, චීනය, රුසියාව හා ආර්ජන්ටිනාව ඇතුළත්.

මානව ලිංගිකත්වය පිළිබඳ වඩා නිදහස් පරිසරයක් තිබිය යුතු බව යි මහාචාර්යවරයා පවසන්නේ. ඕනෑවට වඩා පාලනයට යාමෙන් බරපතළ හානි සිදුවීමත් වැළැක්විය නොහැකි යි. මේ අනුව මතු කළ යුතු කරුණක් වන්නේ මානව ලිංගිකත්වය පිළිබඳ ව විවෘත ව සාකච්ඡා කිරීමටත් සංස්කෘතික කඩතුරාව හැර ජනයා වඩාත් පුළුල් ආකල්පමය වෙනසකට ලක් කරන අතර ම වඩාත් යථාර්ථවාදී ප්‍රතිපත්ති හා සැලසුම් සහගත පාලනයකට යොමු කිරීමට කටයුතු කිරීම යි.

අයෝමි ශශිකලා පලිහවඩන 

25 comments:

  1. 1+-+Copy

    අපි නොදන්න සැක්ස්!

    ඔය අරුන්ට වැරදිලා බං නලීන්. අපේ උන් හොයලා තියෙන්නේ මේස් ගැන, උන්ට හොයන්න ඕනෙ වෙලා තියෙන්නේ socks. අර අකුරු පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා sex වැදිලා. උඹලා ඕකට කාඩ් ගහන එක වැරදියි. ඇයි බං අර එක්කෙනෙකුට hotmail.com වලට පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා hotmale.com වැදිලා, හෝ ගාලා ලෝඩ් වෙන්න අරං. කරුමේ කියන්නේ බ්‍රව්සර් එක වැහෙන්නෙත් නැහැල්ලු.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඔන්න තවත් පොටක් පාදලා දීලා අපේ හෙන්රිත්.

      Delete
    2. 2023216-mount_fuji

      හෙන්රි ඉතින් කතා මවන්න දෙය්යනෙ.පොඩි කොනක් තිබුනාම ඇතිනෙ.

      Delete
    3. blank

      ඒ උනාට උඹේ කොන කපලා සෑහෙන කල් නේද කෙන්ජි ?

      Delete
  2. 2023216-mount_fuji

    සක්විතියට උල් පන්දම් දීපු,අහිංසක,අං නැති,ගොං ජනතාව මුලා කරල සල්ලි ගරන්න උදව් කරපු එකෙක් ගෙ මුණ දාල අපිට මොනවද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මං සුබ පැතුවේ දෙසතියට මිසක් එයා ට නොවේ කෙන්ජි අයියා.

      Delete
    2. DDT

      ඒ ගමන මෙයා මොකද මේ දිගට හරහට වනන්න පටන් අරන් තියෙන්නෙ. හොඳට හිටී මනුස්සයට එකපාර මොනව උනාද මේ.

      Delete
    3. FB_IMG_1561654098205

      බේත් නෑ..... දොස්තර මැරිලා..... :)

      Delete
    4. 2023216-mount_fuji

      DDT මල්ලිය,නලිය දන්නව මම ඒකට බොක්කෙ සහෝදරත්වයෙන් සලකන බව :).

      Delete
    5. blogger_logo_round_35

      අනිවා කෙන්ජි අයියා ....දාන්න පහක්..

      Delete
  3. DDT

    අපේ තාත්තා ඉස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙක වැඩ කළේ. එහාට නම් දෙසතිය සඟරා මිටියක්ම එනවළු. මතක හැටියට ඒ කාලෙ රුපියල් 5 ක් හරි 10 ක් හරි වුනේ. ඉතිං ඔෆීස් එකේ ඒ සඟරා ගන්න කීප දෙනාගෙන් එක්කෙනෙක් අපේ තාත්තා. ඒ නිසා මගේ ළඟත් කාලයක් තිස්සෙ එකතුකරපු සඟරා ලොකු මිටියක් තිබුනා. ටිකක් දීර්ඝව යන කවරයෙ කතාවක් සමඟ තවත් හොඳ ලිපි කීපයක්ම හැම සඟරාවකම තියෙනවා. ඉස්සර ඉන්ටනෙට් තිබුනයැ අපිට, රට-ලෝකෙ ගැන දැනගත්තෙ එවුවයින් තමා. දැන්නම් දෙසතිය සඟරාවක් දැකපු කාලයක් මතක නෑ.

    පරණ මිත්‍රයා දෙසතිය, ඔබට සුබ උපන්දිනයක් !

    අපේ රටේ ඉන්න බක පණ්ඩිතයො පිරිසක් නිසා පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කරන්නෙ නැහැ. ඉතිං අපේ සමාජෙ ඒ සම්බන්ධව ඉන්නෙ සාපේක්‍ෂව හුඟක් පිටුපසන්. ඒකෙ ප්‍රතිවිපාක පවුල් ආරවුල්, අනවශ්‍ය ගැබ්ගැනීම්වල සිට මිනීමැරුම් දක්වා පරාසයක විහිදෙනවා. සංස්කෘතිය සදාචාරය රැකෙන්න නම් අපේ සමාජය දැනුවත් සමාජයක් විය යුතුයි. නැතුව සංස්කෘතිය සදාචාරය රැකෙන්න කියල කරන මේ වැඩෙන් වෙන්නෙ අසහනකාරයොයි, ලිංගික කුහකත්වයකුයි බිහිවෙන එක විතරයි. නිසි පුහුණු ගුරුවරු පත්කළ යුතුයි අනිවාර්යෙන්.පාසල් අධ්‍යාපනයට (සාපෙළ විෂය නිර්දේශයට) ඇතුලත් කරල තියෙන ජීව විද්‍යා කොටසට අදාල ප්‍රජනනය පාඩමවත් හුඟක් ගුරුවරු ළමයිට උගන්නන්නෙ නෑ. විශේෂයෙන් ගුරුවරියො. ඒ අයට ලැජ්ජයි. මේක මහ විකාරයක්. ඉතිං උන් සමාජෙට ඇවිත් ඒව ඉගෙන ගන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනව. අපේ අධ්‍යාපන විශේෂඥයො එකෙක්වත් මේව ගැන කතාකරන්නෙවත් නෑ, සංස්කෘතික පොලිසියෙන් ඇවිත් නෙලල යයි කියල.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      /සංස්කෘතික පොලිසියෙන්/

      ගැලපෙනම වචනේ DDT... හි හි

      Delete
    2. blogger_logo_round_35

      හොද අර්ථකතනයක් ddt

      Delete
  4. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    මුතුහර , මනහර , සිව්දෙස වගේ සඟරා නම් නියමයි..ඉස්සර අපේ රත්නපුරේ මාම ළඟ තිබුණා ගෝනි උර වල දාල මිටි මිටි ගහලා..මම ඉතින් ගියාම ඔක්කොම කියවනවා..එකක් නෑර අවුස්සනවා...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මගෙත් තිබුණා ඔබේ වගේම පරණ පොත් පත්තර ගොන්නක්ම.

      Delete
  5. FB_IMG_1561654098205

    ඕවා කතා කරන්න ගිහින් ඉත්තෑපානේලා ඥානසාරලා අපේ තියෙන එකත් කපලා දායි....

    ReplyDelete
    Replies
    1. photo

      මාතලන්,වානර බලයටයි බේබදු බල සේනාවටයි බැඳෙන්න ඇප්ලිකේෂන් දෙකක් මටත් අරං තියනවද මම එනකොට මතක ඇතුව.

      Delete
    2. blogger_logo_round_35

      ආ ඒනඩකෝ දැන් ළගයි නේද දිනේ

      Delete
  6. photo

    අවුරුදු කීපයක් දෙසතියෙ බෙදාහැරීම භාරව හිටපු සුන්දර අතීතය ආපහු මතකයට ආවා...දැන්නම් දෙසතිය කියවන්න ලැබෙන්නෙත් නෑ...
    කොහොම වුණත් මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. sira

      ඉතිං ඒ කාලෙ ගින්දරට දෙසතිය බෙදුවද ?

      Delete
    2. blogger_logo_round_35

      මොනව අහනවද හැලප අයියා වටේටම බෙදුවා

      Delete
  7. ME

    මට නම් හිතුනේ අපි මෙහෙ බලලා අරහේ බලනකොට නලීන්ගෙන් පෝස්ට් එකක් වැටිලා...:D

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වෙලාව ලැබුණම දානවා පොඩ්ඩී. වැදගත් වේවි කියලා හිතුන ඒවා

      Delete
  8. sira

    සුභ පැතුමක් එක් කරන්න ඉතිං...අතින් පයින් යනවයැ...දෙසතියට මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      අනේද කියන්නේ මලයා

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT