කර්තෘ නවකතාවෙන් ඉවත් විය යුතු යැයි උපදේශනයක් පැවැතිය ද එය සාකල්‍යයෙන් ඉටුවන සාධකයක් නො වේ. කතුවරයාගේ හැඟීම්, දැනීම්, ආකල්ප හා දැක්ම ප්‍රබන්ධයෙන් ප්‍රකාශ වීම නො වැළැක්විය හැකි ය. මහා නවකතාකරු ටොල්ස්ටෝයිගේ සිට කොළොම්බියාවේ ගාර්ෂියා මාකේස් දක්වා කුමන පරපුරක ප්‍රබන්ධ ගත්ත ද මේ කියමන සනාථ වේ. එක්කෝ කථකයා විසින් කර්තෘගේ ප්‍රවාද ගොනු කරනු ලැබේ. නැතහොත් සෙසු චරිත විසින් කර්තෘගේ ප්‍රවාද ගොනු කරනු ලැබේ. නුසුදුසු වන්නේ කර්තෘ බැහැරින් සිට විග්‍රහ ඉදිරිපත් කිරීම ය. මෙයින් පැහැදිලි වන්නේ නවකතා විචාරයේ දී මෙන් ම රස වින්දනයේ දී ද කර්තෘගේ දැක්ම නොසලකා හැරීම යුක්තිසහගත නො වන බව ය.
“හත්වෙනි කන්ද, රචනා කළ පවිත්‍රා කුරුවිටආරච්චි මෙනෙවියට තම මවුබිම පිළිබඳ අභිමානයක් තිබේ. එහි ශිෂ්ටාචාරය, මනුෂ්‍ය චර්යාධර්ම, සංස්කෘතික විලාසයන් කතුවරියගේ සැලැකිල්ලට ලක් ව තිබේ. ඈ සිය ප්‍රබන්ධය ගොතනුයේ එම පසුබිමෙහි ස්ථාවර වෙමින් ය. එය සාහිත්‍යය සම්බන්ධයෙන් ඉතා වැදගත් ආකල්පයෙකි. ලෝකයේ අති සාර්ථක සෑම නවකතාකරුවෙක් ම තම මවුබිමේ ඉතිහාසය ගවේෂණය කරමින් ප්‍රබන්ධකරණයෙහි යෙදුණු බව සාක්ෂ්‍ය සහිත ව සනාථ කළ හැකි ය. අර්නස්ට් හෙමිං වේ වරක් කියා සිටියේ අප කෝපි පානයකොට එම බඳුන පීරිසිය මත තබන ආකාරයේ ද හැඟීමක් හා දැනීමක් ඇති බව ය.
“ජීවිතය යනු හුදෙක් ලෞකික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දීර්ඝ සටනක් නොවන බවත්, තම උරුමයන් රැකගැනීමේ වගකීමෙන් හෙළයා බැඳී ඇති බවත්, බොදුනුවන් හැටියට ජය ගන්නට, සංසාර ගමන කෙළවර මහා සටනක් කාටත් හිමි බවත් මතක් කරවමින් දිග හැරෙන හත්වෙනි කන්ද කතා මාලාවේ පළමු කොටස මේ ග්‍රන්ථය යි.”
“අසිරිමත් හෙළ ඉතිහාසයේ බොහෝ කරුණු වත්මන් ලොවින් වසං වී ඇත. එහි සත්‍යාසත්‍යභාවය තෝරා බේරා ගන්නට හැකියාව ඇත්තේ ද උනන්දුවෙන් හා ඉවසීමෙන් සත්‍ය සොයා යන්නන් වෙත ය. එවන් වූ අසිරිමත් ඉතිහාසයක් දෙස වර්තමානයේ සිට බලන්නට ගත් වෑයමක ප්‍රතිඵලයක් ලෙස මා හඳුන්වා දීමට කැමැති “හත්වෙනි කන්ද” කතා මාලාවේ පළමු කොටස පාඨක ඔබ අතට මෙලෙසින් පත් කරමි”
කතුවරියට අරමුණු දෙකක් ඇති බව පෙනී යයි. පළමුවන්න අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය හා උරුමයන් මතුකිරීම ය. දෙවන්න අපට ජීවන දර්ශනයක් හෙවත් අධ්‍යාත්මික ප්‍රවේශයක් තැනීම ය. මේ අරමුණු දෙක ම අතිශයින් වැදගත් ය. එහෙත් ප්‍රබන්ධ කථාවක් ඔස්සේ උක්ත අරමුණු සාක්ෂාත් කර ගත හැක්කේ පරිණත ඥානයක් ඇති ලේඛකයකුට පමණි. ඒ - ඒ විෂයයන් පිළිබඳ දැනුම හා ජීවිත පරිඥානය ද ඊට අවශ්‍ය වේ. යෞවන වියේ පසුවන කතුවරියට එම සුදුසුකම් නැත. එබැවින් ඈ අවුල් ජාලයක පැටැලී ඇති බව පෙනෙයි. ඒ හැරෙන්නට පඬිවදන් දේශනා කරන කතුවරියක ලෙස ද ඇයට ලේබලයක් ඇලවෙන්නට පුළුවන.
ඈ මුලදී කියා ඇත්තේ මේ කතාව රූප මාධ්‍යයට ගැළපෙන ලෙස සකස් කළ බව ය. ටෙලි මාධ්‍යය යනු එකකි. නවකතා මාධ්‍යය යනු තවත් එකකි. ඈ ඊළඟට කියා ඇත්තේ මෙය වික්‍රමාන්විත කතාවක් සේ ගොතා ඇති බවය. නවකතා වර්ගීකරණය අනුව ගතහොත් මෙය යොවුන් නවකතාවකි. අ.පො.ස.උ.පෙ. විභාගයට සූදානම් වන තරුණ පිරිසක වටා කතාව ගෙතී ඇත. එහි දී ඈ මූලිකත්වය දී ඇත්තේ තරුණ කණ්ඩායම් තුළ නිසගයෙන් ම පිහිටන සෙවිල්ල හෙවත් ගවේෂණයට හා වීරත්වයට යි. කතාවේ එන චාරිකා ඊට කදිම නිදසුන ය.
පන්සල්, වලව්, ගුහා, කඳු, නිධන්, වනාන්තර ගවේෂණය ඉතා විචිත්‍ර අත්දැකීම් ගොනු කරන උපාය මාර්ගයකි. එහෙත් එය සාර්ථක නිරූපණයක් දක්වා විකාශය වී නැත. නිදසුනක් කිවහොත් මේ කතාවේ සංකේත අර්ථයක් වන හත්වෙනි කන්ද පිළිබඳ හැඟීමක් පාඨකයා තුළ ඇතිවන්නේ නැත. හත්වෙනි කන්ද පිළිබඳ නිරූපණයන් ද එහි නැත. එය චරිත අතර කතාබහට ලක් වන වචනයක් පමණි. හත්වන කලාව, හත්වන කන්ද, යන යෙදුම් පිටුපසින් සංස්කෘතික කියැවීමක් තිබේ. කතුවරියට එය හසු වී නැත.
හත්වෙනි කන්ද නවකතාවේ අවුලට හේතු වූ ප්‍රධාන දුර්වලතා හතරක් පෙන්වා දිය හැකි ය.
1 ප්‍රබල කතා වස්තුවක් නොමැති වීම
2 චරිත නිරූපණය දුර්වලවීම
3 අනුසන්ධානය නොසලකා හැරීම
4 ශක්තිමත් භාෂා රටාවක් නැතිකම
නවකතාවක් රචනයේ දී අපහසු ම කාර්යය ප්‍රබල කතා වස්තුවක් ගොඩනැඟීම යැයි කියනු ලැබේ. පවිත්‍රා ද එම ගැටලුවට මුහුණ දී එයින් පරාජය වි සිටින්නී ය. ඇයට ඇත්තේ එහෙන් - මෙහෙන් විසිරුණු කතා කෑලි මිස ප්‍රබල කතා වස්තුවක් නො වේ. පළමුව නවකතාවකින් මතුවිය යුත්තේ කතා රසය යි. නවකතාවකට තදින් ම ප්‍රවේශ වන පාඨකයා බාහිර බලපෑම් නොතකා හැර එහි චරිත හා සිදුවීම් සමඟ ජීවත්වන්නට පටන් ගනී. ඊළඟට සිදුවන්නේ කුමක් ද? එය සිදුවන ආකාරය කෙසේ ද? යනුවෙන් පාඨකයා තුළ කුහුලක් මතු වේ. ඒ කුහුල හා ප්‍රහර්ෂය “හත්වෙනි කන්ද” නවකතාවේ නැත.
කථාන්දරය යන්න අත්හැරීම හා ඊට ගර්හා කිරීම නූතන නවකතාකරුවන්ගේ මෝස්තරය වී ඇතත්; කථාන්දරයක් නැති නවකතාවක් නැත. සෑම ප්‍රබන්ධයකම කතාවක් තිබේ. නවකතාකරුවාගේ කාර්යය වන්නේ සමාජයට අරුතක් දෙන අලුත් කථාන්දරයක් නිරූපණය කිරීම යැයි කිවහොත් එය අසත්‍යයක් නොවේ.
කතුවරිය කැනඩාවේ විශ්වවිද්‍යාලයයක සිට ලෝක ඉතිහාසය හදාරන බැවින් ඇයට එම විෂය පිළිබඳ දැනුමක් තිබේ. ඈ සිංහලයේ ඉතිහාසය ගැන හොඳ වැටහීමකින් සිටින බවද පෙනෙයි. රාවණා රජු ඇසුරුකොටගත් සිදුවීම් කතාවට ඇතුළු කරනුයේ ද ඓතිහාසික ස්ථාන ප්‍රධාන කතාවට සම්බන්ධ කරනුයේ ද ඉතිහාසය පිළිබඳ හැඟීම නිසා විය යුතු ය. එහෙත් නවකතාව කියවන පාඨකයාට මේ සිදුවීම් ඔස්සේ අලුත් ප්‍රහර්ෂයක් හෝ ජාතිය පිළිබඳ අභිමානයක් හෝ ඇති වන්නේ නැත. කතුවරියට නවකතාවේ තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති බව ඉන් ප්‍රකට වේ.
පවිත්‍රා සිය ප්‍රබන්ධයේ සංවාද ලෙස ද, ආඛ්‍යාන ලෙස ද දීර්ඝ හෑලි ඉදිරිපත් කරයි. ඒවා බෙහෙවින් නීරස අතර පාඨකයා වෙහෙසට පත් කරවන සුලු ය. සෑම පරිච්ඡේදයක ම එබඳු සංවාද හා ආඛ්‍යාන පවතී. සෑම සංවාදයකට ම ගැඹුරු අර්ථයක් තිබිය යුතුය. සෑම ආඛ්‍යානයකටම සියුම් නිරූපණයක් තිබිය යුතුය.
මේ නවකතාවේ දක්නට ලැබෙන එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඉතිහාසය හා වර්තමානය එකිනෙකට සම්බන්ධ කිරීම ය. වරෙක ඉතිහාසයට යන චරිත නැවත වර්තමානයට එති. මේ උපාය මාර්ගය තෝරා ගැනීම යහපත් ලක්ෂණයක් වුව එය මනාව ගළපා ගැනීමට කතුවරිය අසමත් ය. එබැවින් ඇගේ ප්‍රයත්නයෙහි ව්‍යාජ ස්වරූපයක් දකින්නට ලැබේ. පස්වන පරිච්ඡේදයෙහි එන නාග - යක්ෂ යුද්ධය එවැන්නකි. පරණ වලව්ව, විලියම්ගේ දිනපොත වැනි සාධකවලින් ද කතාවට යම් මෙහෙයක් සිදු වී නැත. කතාවේ සියලු අංග එක් අරමුණක් සඳහා ගොනු කිරීම හෙවත් අනුසන්ධානය ගැන පවිත්‍රා නොදන්නා බව පෙනී යයි.
කතුවරියට නවකතාවකට උචිත ශක්තිමත් භාෂා රටාවක් ද නැත. ඒ නිසා ම නවකතාවේ ප්‍රහර්ෂය මෙන් ම ගැඹුර ද බිඳී යයි. නවකතා රචනයේ දී හැඟීම් දනවනසුලු භාවික භාෂාවක් තනාගත යුතුය. එය උඩින් - පල්ලෙන් උකහාගත් යාන්ත්‍රික භාෂාවක් නොවිය යුතුය.
“මට තාමත් හිතාගන්න අමාරුයි මේ වෙච්ච දේවල් හරියට හීනයක් වගේ” අනූෂ කිව්වෙ කල්පනාවේ ගිලිල ඉන්න අපි ව කතාවට අල්ලගන්න අදහසින්.
අනූෂයි දිලිනියි ඒ වෙනකොට ඉඳගෙන හිටපු ගල්තලාව පැත්තට මමයි ලක්ෂ්මීයි හෙමිහිට කිට්ටු කළා. අපි දෙන්නත් හරිබරි ගැහිලා ඉඳගන්නකම් බලාගෙන හිටපු අනූෂ ආයෙම හඬ අවදි කළා.
උදේ වලව්ව පිච්චිලා තියෙන හැටි දැක්කම මට මතක් වුණේ පූර්ණකව හ්ම්ම්ම... ඒ කියන්නෙ පූර්ණක එනකම් බලාගෙන ඉඳලා තියෙන්නේ මම විතරක් නෙමෙයි. අපි හතරදෙනා හුඟාක් වෙලා කතා කළා පූර්ණක ගැන”
නවකතා කලාව තුළ කතුවරයාගේ දැක්ම, චරිත හා සිද්ධි නිරූපණ යන සියල්ල ප්‍රකාශ වන්නේ භාෂාව ඔස්සේ ය. භාෂාවේ රිද්මය, ලාලිත්‍යය, භාවික ගුණය, ඖචිත්‍යය යන ගුණාංග ඊට බලපායි. ශක්තිමත් භාෂාවකින් තොරව හොඳ නවකතාවක් රචනා කළ නො හැකි ය. කතුවරියට ඇත්තේ හැඟීම් - දැනීම් නැති රේඛීය භාෂාවකි. ඉහත සංවාදයෙන් පෙනී යන්නේ පවිත්‍රාගේ භාෂා භාවිතයේ දුර්වලතාව හා නිරූපණයේ දුර්වලතාවයි.
සිංහලෙන් ලියැවුණු සාර්ථක යොවුන් නවකතා කිහිපයක් තිබේ. මඩොල්දූව හා අඹ යහළුවෝ ඒ අතර ප්‍රධාන ය. මේ කතා දෙකෙහිම හරවත් ලක්ෂණ දෙකක් පවතී. පළමුවන්න යෞවන ජීවිතය මැනැවින් නිරූපණය කිරීමය. දෙවන්න වීරත්වය නිරූපණය කිරීම ය. “හත්වෙනි කන්ද” නවකතාවෙන් මතුවන වීරත්වයක් නැත. එලෙස ම නූතන තරුණ ජීවිත මේ පොතෙන් නිසි ලෙස නිරූපණය වන්නේ ද නැත. එබඳු එක් උත්සාහයක් පමණක් දකින්නට ලැබිණි. ඒ හත්වන පරිච්ඡේදයේ ය.
“ඒ ලෙවල් කියලා මෙහෙමත් පාඩම් කරන්න පුළුවන් ද? හුස්ම ගන්න වෙලාවෙත් ඒක නොකර කෙටි සටහන් ගහන්න පුළුවන් නම් ඒකත් කරයි සමහරු. මේ සේරම කරන්නෙ අධ්‍යාපනයක් ලබා ගන්නවට වඩා තරගයක් ජය ගන්න වගෙයි නේද? මේ තරගයෙන් තොරව සැපවත් සුන්දර ජීවිතයක් ලබන්න ම බැරි ද?
(පිටුව 78 හත්වෙනි කන්ද)
පවිත්‍රා කුරුවිටආරච්චි මෙනවියට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ඛේදවාචකය මැනවින් වැටහී ඇති බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ඈ මේ කතාව ඉන් ඔබ්බට ගෙන යන්නේ නැත. අධ්‍යාපන තරගය බිහිවූයේ ඉංගී‍්‍රසීන් අනුකරණය කිරීමත්; අපට ගැළපෙන දේශපාලන සංස්කෘතියක් බිහි නොවීමත් නිසා ය. එය අපගේ උරුමයන් සොයා යන ගමනට සම්බන්ධ කළ හැකි ය. අතීතය හා වර්තමානය යා කරමින් සමාජ යථාර්ථයන් නිරූපණය කිරීමේ අවස්ථා මේ කතාව තුළ ම තිබේ. එහෙත් කතුවරිය ඉන් ප්‍රයෝජනයක් ගෙන නැත.
ලේඛිකාව කියන ලෙස මේ ඇයගේ ප්‍රථම ප්‍රබන්ධයයි. ඇය මේ අත්දැකීම් උපයෝගී කරමින් කතා මාලාවක් ගෙතීමට සූදානමින් සිටින බවද සඳහන් ය. අපගේ මතයට අනුව ඇගේ කතා මාලාවේ අංක එක අසාර්ථක ය. එහෙත් අංක දෙකේ සිට අලුත් පිම්මක් පනින්නට හැකියාව ඇති කර ගත හැකි ය. ඒ සඳහා ඉතිහාසය හැදෑරීම මෙන් ම කතා කලාව හැදෑරීමද වැදගත් වන බව සිතට ගැනීම වැදගත් ය.

(පෙරවදන හත්වෙනි කන්ද)

රන්ජන් අමරරත්න
දැන් දැන් හුරු වෙලාද මන්දා අද එක නම් හොඳයි වගේ...
ReplyDeleteසහන් මෙවන් විචාරයක් ආධුනිකයෙකුට ඉතාම වටිනවා. මේ අප නොදන්න කෙනෙක් නොවේ අපේ හිතවතියක්. ඇය දැනට පදිංචි කැනඩාවේ.
Deleteවිචාරයකට වඩා අපහසුතාවයකට පත්කිරීමක්ද මන්දා. මට එහෙමත් හිතුනා.හොදයිම කියන්නත් ඕනේ නෑ. ඒත්....
ReplyDeleteකිසිසේත්ම අපහසුතාවකට පත් කිරීමක් නොවේ.
Deleteමන්දා හැමදාම එකවගේ.
ReplyDeleteඅනිවා ඇය තව පොත් ලියනවා ඉදිරියට. දන්නා තරමින් ඇය විවේචනයට සැලෙන්නියක් නොවේ. එයින් දිරිය ලබන්නියක්
Deleteඅර කෙලී ආයේ කවදාවත් ලියන එකක් නැතිවෙයිද මන්දා
ReplyDeleteඅනිවා ඇය තව පොත් ලියනවා ඉදිරියට. දන්නා තරමින් ඇය විවේචනයට සැලෙන්නියක් නොවේ. එයින් දිරිය ලබන්නියක්
Deleteawit giya.
ReplyDeleteJayawewa.
ආයුබෝවන් කිව්වා සන්ජීව
Deleteමං නං අද ඉඳලා අමරේගේ පොත් විචාර කියලා මාතෘකාව දකිනකොටම මඟෑරලා යන්න පුරුදු වෙනවා.. හි හි...
ReplyDeleteඒ ඔබ පූර්ව නිගමනයකින් මේ දෙස බලන නිසයි
Deleteඅමරෙ;ඔබ මොංගල් එකෙක්ද?නැත්නම් තාම බුමිතෙල් සුවද එන ගෙදර මහන පටි දෙකේ "ලන්කට්"අදින බුවෙක්ද?
ReplyDeleteමේ කෑල්ලනං මං අනිවා අමරෙටම පෙන්නනවා.. ඌ අදින එකත් නවත්තයි.
Deleteමම ඒ සොයුරියට කියන්නෙ මේ හැම කාරණයක්ම හොදින් තේරුම් අරගෙන, තවත් හොදට පොත් කියවල අඩුපාඩුත් හදාගෙන ආයෙම ලියන්න කියලයි... විවේචන ආශිර්වාදයක් කර ගැනීම තමයි හොදම දේ...
ReplyDeleteඅද අපි දකින ගොඩක් විශිෂ්ඨ ලේඛකයනගේ මුල්ම නිර්මාණවල මේ වගේ දුර්වලකම් තියෙනවා...
මේ විචාරයේ අරුත යම් අයුරකින් හෝ තේරුම් ගැනීම ගැන සතුටුයි තරු.
Deleteමේවට කියන්නේ "නිදන් පෙන්වා දෙනවා".. කියලා.. විචාරය කියන්නේ බොහොම වැදගත් දෙයක්.. පවිත්‍රාට තියෙන්නේ මේ දේවල් හදා ගෙන ඉස්සරහට යන එක.. තමන්ගෙ නිර්මාණයකට විචාරයක් ලබනවා කියන්නේ කියලවත් කරගන්න බැරි දෙයක්..
ReplyDeleteතරු රසි වගේම ඔබත් ඉතාමත් යහපත් මනසින් මේ දෙස බැලීම ගැන සතුටුයි. මේ විචාරය නිසාම ආධුනික ලේඛිකාවට ලැබෙන ප්‍රතිචාරය ඇගේ අනාගත ගමන් මගේ අඩිතාලමයි.
Delete