සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


sharapova
අන්තර් ජාතික ක්‍රීඩා පිටියේ ලොකුම සල්ලි මල්ලට හිමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අපූරු ලැයිස්තුවක මුල් තැන ගැනීමට ලෝක පූජිත ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පසුගියදා සමත්වුණා. 
සුප්‍රකට ‘ෆෝබ්ස්‘ සඟරාව වාර්ෂිකව තෝරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනකුගෙන් යුත් මේ ලැයිස්තුවට අනුව වුඩ්ස් ගේ පසුගිය මාස 12ක කාලයේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 78.2ක්. එය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් කෝටි දහසකට අධිකයි. ඔහු මේ ලැයිස්තුවේ මුල් තැනට පත්වුණේ 12වැනි වතාවටයි. ඊට පෙර 2001 වසරේ පටන් 2011 වනතුරු මේ අපූරු ලැයිස්තුවේ පෙරමුණ ඔහු රැක ගත්තා. 
ඒත් 2012 නම් ඔහුට අන්තිම නරක වසරක් වී තිබුණා. විවාහ ජීවිතය බිඳ වැටීමත්, එක දිගටම තරගාවලි පරාජය වීමත් හේතුවෙන් 2012දී ටයිගර් වුඩ්ස්ට මේ ලැයිස්තුවේ මුල්තැන විතරක් නොවෙයි ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයත් අහිමි වුණා. ඒ නිසාම අනුග්‍රාහකත්ව 5කුත්, වාර්ෂික ආදායමෙන් ඩොලර් මිලියන 50කුත් පසුගිය වසරේ දී ඔහුගෙන් ගිලිහී ගියා.
Tiger Woods

කොහොමවුණත් ‘ෆෝබ්ස්‘ තක්සේරුවට අනුව පසුගිය වසරේ දී ගොල්ෆ් තරග ජය ගැනීමෙන් ඩොලර් මිලියන 13කුත්, පිටියෙන් පිට විවිධ අනුග්‍රාහකත්ව ලැබීමෙන් වගේම ගොල්ෆ් ක්‍රීඩා පිටි නිර්මාණය කිරීමෙන් තවත් ඩොලර් මිලියන 65කුත් පසුගිය මාස 12ක කාලයේදී ටයිගර් වුඩ්ස් ලබා තිබෙනවා.
මේ ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර්. ඔහු පසුගිය මාස 12ක කාලයේ අමෙරිකානු ඩොලර් මිලියන 71.5ක් උපයා ගැනීමට සමත්වුණා.
අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක කෝබේ බ්‍රියන්ට් ඩොලර් මිලියන 61.9කට හිමිකම් කියමින් තුන්වැනි තැනට පත්වුණා. සුප්‍රකට එන්.බී.ඒ. බාස්කට් බෝල් තරගබිමේ ඉහළම වැටුපට හිමිකම් කියන්නෙත් බ්‍රියන්ට් තමයි. ඔහු එක් තරග වාරයකදී ඩොලර් මිලියන 27.8ක වැටුපක් ලබනවා. එය සෙසු ක්‍රීඩකයන්ට වඩා මිලියන 7ක වැඩිවීමක්. ඔහුගේම සමකාලීන බාස්කට්බෝල් ක්‍රීඩක ලීබොන් ජේම්ස් ඩොලර් මිලියන 59.8ක ආදායමක් හිමිකර ගනිමින් මේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයට පත්වුණා.
සුපිරි පාපන්දු ක්‍රීඩක එංගලන්තයේ ඩේවිඩ් බෙකම් ඩොලර් මිලියන 47.2ක වාර්ෂික ආදායමක් ලබා ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ 8වැනි තැන හිමිකර ගත්තා. ඒ අනුව ලොව වැඩිම ආදායමක් ලබන පාපන්දු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.පාපන්දු පිටියෙන් ඩොලර් මිලියන 5ක ආදායමක් අත්කර ගත් බෙකම් පිටියෙන් පිටත අනුග්‍රාහකත්ව ලැබීමෙන් ඉපැයූ ආදායම ඩොලර් මිලියන 42ක්. 
David Beckham
පෘතුගාලයේ පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට මේ ලැයිස්තුවේ හිමිවුණේ 9වැනි තැනයි. ඔහුගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 44යි. ආර්ජෙන්ටිනාවේ ලයනල් මෙසී ඩොලර් මිලියන 41.3ක ආදායමක් ලබා ලැයිස්තුවේ 10වැනි ස්ථානයට පත්වුණා.
පසුගිය වසරේ දී ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවට අනුව වැඩිම ආදායමක් උපයාගත් ක්‍රීඩකයා බවට පත්වුණු ප්‍රවීන බොක්සිං ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් මෙවර 14වැනි තැනට පත්වීම විශේෂ සිදුවීමක්. ඔහුගේ වාර්ෂික ආදායම වුණේ ඩොලර් මිලියන 34යි. ඔහු පසුගිය වසරේ පෙරමුණ ගත්තේ ඩොලර් මිලියන 85ක ආදායමක් ලබාගෙනයි. ඒ අනුව මේ වනවිට මේවෙදර් දැඩි පසුබෑමකට ලක්වී ඇති බව පැහැදිලියි. මෙහි විශේෂත්වය වන්නේ මේවෙදර්ගේ සම්පූර්ණ ආදායම ලැබී ඇත්තේ බොක්සිං වළල්ලෙන් පමණක් වීමයි. ඒ හැරුණුවිට කිසිම අනුග්‍රාහකත්වයක් නම් ඔහුට ලැබී නෑ. මේ අතර ඔහුගේ ප්‍රතිවාදී ක්‍රීඩක පිලිපීනයේ මැනී පැකියෝ ද ඩොලර් මිලියන 34ක ආදායමක් ලබා 14වැනි ස්ථානයේ පසුවෙනවා.
ලෝක කෙළිබිමේ දැඩි අවධානයට ලක්වූ මේ ලැයිස්තුවට අනුව ක්‍රිකට් පිටියේ වැඩිම ආදායමක් ලබාගන්නා ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියා පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි සමත්ව සිටිනවා. පසුගිය මාස 12ක කාලයේ ඩොලර් මිලියන 31.5ක ආදායමක් ලැබූ දෝනි මෙවර ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ 16වැනි තැන හිමිකරගැනීමට සමත්වුණා. 
Mahendra Singh Dhoni
ඩොලර් මිලියන 3.5ක මුදලක් තරගවලින් උපයාගත් දෝනිගේ වෙළෙඳ අනුග්‍රාහක්ව මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 28යි. මේ ලැයිස්තුවට එක්වී සිටින අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ සචින් තෙන්ඩුල්කර්. ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ ඔහුට හිමිවී ඇත්තේ 51වැනි ස්ථානයයි. ඔහු ඩොලර් මිලියන 22ක වාර්ෂික ආදායමකට හිමිකම් කියනවා. ඉන් ඩොලර් මිලියන 18ක්ම ඔහු උපයාගෙන ඇත්තේ වෙළෙඳ අනුග්‍රාහකත්ව ගිවිසුම්වලිනුයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100දෙනකුගෙන් යුත් මේ ලැයිස්තුවේ ඇතුලත්ව සිටින්නේ ක්‍රීඩිකාවන් තිදෙනකු පමණක් වන අතර ඒ තිදෙනාම ටෙනිස් ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක්. ඒ අතර මුල් තැන සිටින්නේ ටෙනිස් පිටියේ සුරූපිනිය රුසියාවේ මරියා ෂරපෝවා. 
ඇය ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රීඩිකාව වෙමින් මෙවර ‘ෆෝබ්ස්‘ ලැයිස්තුවේ 22වැනි තැන අත්කර ගත්තා. ඇය පසුගිය මාස 12ක කාලයේ උපයාගත් මුදල ඩොලර් මිලියන 29යි. ඉන් ඩොලර් මිලියන 23ක්ම ඇය උපයාගත්තේ වෙළෙඳ අනුග්‍රාහකත්ව සමාගම්වලිනුයි. ෂරපෝවා පරාජය කරමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනූ අමෙරිකාවේ සෙරීනා විලියම්ස්ට මේ ලැයිස්තුවේ හිමිවී ඇත්තේ 69වැනි ස්ථානයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 20.5යි. චීනයේ ලී නාට හිමිවී ඇත්තේ 85වැනි ස්ථානයයි. ඇගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 18.2ක්.
මෙවර ලැයිස්තුවේ සිටින එකම මලල ක්‍රීඩකයා වන්නේ උසේන් බෝල්ට් පමණයි. ඩොලර් මිලියන 24.2ක ආදායමක් පසුගිය මාස 12දී උපයාගත් බෝල්ට් ලැයිස්තුවේ 40වැනි ස්ථානයේ පසුවෙනවා. බෝලට්ගේ ආදායමෙන් ඩොලර් මිලියන 24ක්ම ලැබී ඇත්තේ වෙළෙඳ අනුග්‍රාහකත්ව සමාගම්වලිනුයි. තරගවලින් ඔහු උපයාගත් මුදල ඩොලර් ලක්ෂ 2ක් පමණක් වීම විශේෂත්වයක්.
සුපිරි මෝටර් රථ ධාවන ශූරයකු වන ස්පාඤ්ඤයේ ෆර්නෑන්ඩෝ අල්පෝන්සෝ ‍ඩොලර් මිලියන 30ක ආදායමක් උපයා මේ ලැයිස්තුවේ 19වැනි ස්ථානය ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියකු වන ඉතාලියේ වැලන්ටිනෝ රෝසි ‍ඩොලර් මිලියන 22ක ආදායමකට හිමිකම් කියමින් ‍’ෆෝබ්ස්’ ලැයිස්තුවේ 51වැන්නා ‍ලෙස තෙන්ඩුල්කර් සමග සම තැන අත්කරගත්තා. පාපන්දු ක්‍රීඩකයන් වන එංගලන්තයේ වේන් රූනි ඩොලර් මිලියන 21.1ක ආදායමක් ලබා 61වැනි තැනත්, බ්‍රසීලයේ කාකා ඩොලර් මිලියන 19.3ක ආදායමක් ලබා 79වැනි තැනත් ලබා ගත්තා. ප්‍රබල බොක්සිං ක්‍රීඩක යුක් ‍රේනයේ ව්ලැඩිමිර් ක්ලිච්ස්කෝ 42වැනි ස්ථානය අත්කර ගත්තේ ඩොලර් මිලියන 24ක ආදායමක් උපයාගනිමින්.
මෙවර ලැයිස්තු ගතකරනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට බේස්බෝල් ක්‍රීඩකයන් 27ක්, බාස්කට්බෝල් ක්‍රීඩකයන් 21ක් හා අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයන් 13දෙනකුත් ඇතුළත් වුණා.
ෆවුස් මොහොමඩ්
අන්තර් ජාලය ඇසුරිණි

24 comments:

  1. @ගොල්ෆ් ප්‍රරක්ටිස් වෙමින්

    ReplyDelete
    Replies
    1. කොහෙද --- හේනක ද?

      Delete
    2. හරි, නලීන් අයියා ඔහොම ඇහැව්වෙ දැන් හේනක ඉඳන් උනත් සැනෙකින් අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන්න පුළුවන් තරම් අපි දියුණුයි කියල කියන්නනේ. මට තේරුණා, අර මොකාටද වගේ. :D :D :D

      @ සුදු මහත්තයා,

      හේනක බැරි නම් ලැට් එකේ හරි කමක් නෑ කොළුවො, ගහපං. ලංකාවෙ නම් හැබැයි අනාගතයක් තියෙන්නෙ රගර් ගැහැව්වොත් විතරයි.

      Delete
    3. මාර උපහැරනේ ddt මලේ.. මටත් ඒක ඔයාට විදියටම තේරුණා.

      Delete
  2. රන් මසු කෙසේ වෙතත්,මම නම් ෂරපෝවට වඩා කැමති තද කළු හම තියෙන සෙරීනා V ට.

    ReplyDelete
    Replies
    1. කළු දොදොල් රහ එහෙනං කෙන්ජි අයියත් හොදට දන්නවා නේද?

      Delete
    2. බටර් කේක් වගේද බිබික්කං.

      Delete
  3. මමත් කර ගත්ත කරුමයක්.බෝ පැල වගේ හිටපු පත්තිනි තාත්තල ව අවුස්සා ගෙන.දාන්නෙම පොඩි එව්වො මයින කෙලින් කර ගන්න වැටකොලු,පතෝල කරල් ම නෙ.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ එහෙම ඒව නෑ...පිංතුරේ විතරයි.

      Delete
  4. ඔච්චර සල්ලි හොයනව වගේම එයාලට ගොඩක් දේවල් කැප කරන්න වෙනව නේද? ගොඩක් අයගෙ පවුල් අවුල්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ප්‍රසිද්ධ අයගේ පවුල් ජීවිත ටිකක් අවුල්වෙන්න තියන ඉඩ කඩ වැඩියි.

      Delete
    2. පවුල් අවුල් නෙමෙයි ජීවීතේ විඳිනවා. අනික් උන් විඳවනවා...

      Delete
    3. ඇත්ත මාතලන් උන් ජීවිතයනං විදිනවා.

      Delete
  5. හැබෑට, මුළු රටකටම කන්න දෙන්න පුළුවන් තරම් ආදායමකට මේ මිනිස්සු මොනවත් දන්නෙ නෑ...නේ කරන්නෙ. අපි මේ තාම 2500 න් මාසෙ කාලා ඉන්නෙ අපූරුවට.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ මම නම් දැන් කන්නෙත් නැහැ වැඩිය..ඉන්නම බැරුව කලන්තෙට වගේ අවොත් පාන් කෑල්ලක් කනවා ළූණු ගෙඩියක් හප හප..

      Delete
  6. ගෝල්ෆ්,, අඩෙ අප්පා, ගෝල්ෆ් සෙට් එකක්ම අපේ ගෙදර තීනෝ.. හැබැයි ඉතින් ඕක අර්න නාවල වැඩි පාර්ක් තමයි යන්න වෙන්නේ.. :/

    ReplyDelete
    Replies
    1. අර නොහික්මුණු ළමයටවත් දෙන්න සෙල්ලම් කරන්න

      Delete
  7. මේ වටිනා විස්තරය ගෙන ඒම සම්බන්ධයෙන් නලින් අයියටත් , ෆවුස්ටත් බොහොම ස්තූතියි...නොදන්නම දේවල් ටිකක් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. +++++++ මමත් ස්තුති කරන්න ඕන වටින ලිපියක්

      Delete
    2. ස්තුතියි දෙන්නටම

      Delete
  8. ලංකාවේ එකෙක් කවද ඔය list එකට ඒවිද මන්දා

    ReplyDelete
    Replies
    1. යනවනං ඉතිං තව කාලයක් යාවි. අහලකට හරි එන්න හිටියේ සනා සංගා හෝ මාලි තමා.

      Delete
    2. හොයලා බලහං නලින් අයියේ ලංකාවේ රගර් කැප්ටන් ඉන්න පුළුවන්,

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT