සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

කොළඹ සම්බෝධි  විහාරය  අසළ කැසිනෝ   මධ්‍යස්ථානයක්  ආරම්භ කිරීමට  තමන් වහන්සේ සම්පුර්ණයෙන්  විරුද්ධ බවත්  මෙය අපේ රටට කිසිසේත්ම  සුදුසු නැති බවත් මෙය ආරම්භ කරනවානම් පළමුවෙන්ම  පාරට බහින්නේ මම බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියෝ අද උදේ (10) මාධ්‍ය හමුවකදී  පැවසුහ.
ඒ අවස්ථාවේදීම උන්වහන්සේ දළදාමාළිගයට පූජාකොට තිබූ බාල අට පිරිකර කීපයක්ද මාධ්‍යයට පෙන්වූහ.





28 comments:

  1. මහානායක සවාමීන්වහන්සේ කියන දේකටත් පිටින් යන්න බැහැ නෙව...ඒ නිසා මම මේකත් අනුමත කරනවා...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අපොයි ඇති යන්තම් අපේ හාමුදුරුවන්ට විහාරෙන් එලියට වැඩලා පොඩ්ඩක් වටේ පිටේ වෙන දේවල් ගැන බලන්න හිතුනා..

    ReplyDelete
  4. ගිනි තියා ගත්තනම් අහවරයිනේ...

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ඕනෑම දෙයක් කිමට අයිතියක් ඇත.ඒ අප රටට පිං සිදු වන්නටය.ඔබට පමණක් නොව මේ රටේ සැමට.ඒත් මම හිතන විදියට මාතලන් කියන්නෙ බෞද්ධ දර්ශණය මුලිකව හැදුනු වැඩුනු මනුෂ්‍යෙයක්.ජොතිෂ්‍ය විද්‍යාව පිළිබඳව ත් මනා දැනුමක් තියෙනවා නේද?බෞද්ධ දර්ශණයත් සමඟ යන විෂයයක්.මට වඩා මහත් බුද්ධියක් දැනුමක් තියෙන පුද්ගලයෙක්.ඒ ඇරුණු කොට මම බ්ලොග් ලොවට පා තැබු දවසේ මුලින්ම කිය වු බිලොග් 3 අතර ඔබේ බ්ලොග් එකත් තිබුණා.එහෙත් ඔබ මේ සමහරක් ප්‍රතිචාර දක්වන ආකාරය ඔබට ගැළපෙනවාද?

      Delete
    2. @G MANJU
      නම් වලට බියනොවී ඔබේ අදහස්‌ දැක්වීම ගැන සතුටුයි.

      කේන්දර විස්වාස කරන,බුදුදහම නොඅදහන,ඉතා සංවේදී මන්නුස්සය නේද මේ...:D කව්ද දන්නේ දෙකකක් දාගෙන කිව්වද දන්නැනේ.ඔබේ පිළිවෙත් බොහෝ දෙබිඩියි. එසේ වීමට ඔබට ඇති අයතියට ගරු කර නිහඩ වෙමි.

      Delete
    3. නෑ ඉතින් අලුත් ට්‍රෙන්ඩ් එක ඒකනේ. මහ උන්නාන්සෙලත් වචනයක් වත් දේශණා කලේ නෑ නේ ඒවාට විරුද්ධව. මට හිතෙන දේ මම කියනවා ඒක විවේච්නය කරන්න ඔබටත් අයිතිය තියෙනවා. ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

      Delete
    4. ගැළපුනත් නොගැලපුනත් මාතලන් කියා තියෙන්නෙ ඇත්තය...මහානායක වරුන්ගේ දීර්ඝ නිද්‍රාව රටම දනී

      Delete
    5. කූරිය ගහන්න කිට්ටු උනාම මරු කියවනව කියල පරණ කතාවක් තියෙනව.

      Delete
  5. ගෞතම බුදුන් වහන්සේ ජිවමාන වැඩ විසු දවසෙත් මේ දෙවල් මේ ආකාරයටම නැති උනත් වෙනත් ආකාරකට සිදු වන්නට ඇත.බුදුන් වහන්සේද මස් කෑම නවත්වන්න කියලා පාරට බැස්සෙ නැත.එහෙත් උන්වහන්සෙ එහි ආදිනයන් පිළිබඳව දැනුවත් කරන ලදි.එදාට වඩා අද සමාජය දඩබ්රය.එම නිසා මේ විනාශය ශාසනයට පමණක් තනිවම සිදු කරන්න පුළුවන් යමක් නොවෙයි.කණගාටුවෙන් වුවද කිමට ඇත්තෙ අද අපේ හමුදුරුවන් ගොඩාක් අසරණ වි ඇත.

    ReplyDelete
    Replies
    1. විහින් කරගන්න දේවල් වලට අපි මක් කරන්නද..??
      හාමුදුරුවෝ කිව්වම ඇත්තම කිව්වොත් කිසිම ගෞරවයක් මගේ හිතට නම් දැනෙන්නේ නෑ දැන්.පන්සල කිව්වත් වැඩි වෙනසක් නෑ.

      Delete
  6. එහෙම කිව්වා? මේ අපේ අස්ගිරියෙ මහනායක හාමුදුරුවො ????????????

    අස්ගිරි මහ විහාර භූමියෙම එහෙම එකක් අරින්න කලින් ඔබ වහන්සේ දීර්ඝ නිද්‍රාවෙන් අවදි උන එක ගැන මට සතුටුයි හාමුදුරුවනේ. ඒ උනාට මම හිතන්නෙ මේ ගැන දිගින් දිගටම කටයුතු කරන්න ඔබ වහන්සේට සිද්ධ වෙනකක් නෑ. හෙට අනිද්දට රජයෙන් ඔබ වහන්සේට විදේශ ධර්මදූත චාරිකාවක් එහෙම ලැහැස්තිකරල දෙයි.

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව අලුත් වාහනයක් එහෙම මිදුලෙ තියෙයි නේද ඩීඩීටී

      Delete
    2. අනිවාර්යෙන් හැලපයියා. ඔය ලක්‍ෂ 200 ක 300 ක වත් කාර් කටුවක් නැතුව උන්නාන්සෙ ධර්ම ප්‍රචාරක කටයුතුවලට වඩින්නෙ කොහොමෙයි. මහනායක හාමුදුරුවරුන්ට ෂලකන්න ඕන හැටි එදා ඉඳල හිටි හැම පාලකයම දන්නව. ඒ වගේම පාලකයොන්ට ඒව අතපසු උනාම මතක් කරල දෙන්නෙ කොහොමද කියල උන්නාන්සෙලත් හොඳට දන්නවා.

      Delete
  7. අන්තීමට ඉනාමළුවේගෙ ටුවර් එක වගේ තියේවී...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් කිව්වනං මාතලන්

      Delete
    2. කණ්ඩලමේ හෝටලය හදපු කාලේ ගැන මේ කියන්නේ

      Delete
    3. හැලපේ... උඹ මාව ගිනි තියන්නෙයි ලෑස්ති වෙන්නේ. හම්බ උන වෙලාවක අහපන්. මතක් කොරලම කියන්නම්...

      Delete
    4. උන් වහන්සෙ නේද තායිලන්තය ට වැඩල වන්දනා මානත් කොරගෙන,මැද නහර කොර වෙච්ච එකට තායි තෙල් මසාජී එකත් කොරගෙන නැවත වැඩියෙ.

      Delete
  8. අනේ මන්දා කලකිරීම විතරයි හැමදාම

    ReplyDelete
  9. එහෙම හිතිච්ච එකත් මදෑ ඉතිං

    ReplyDelete
  10. අනේ මේ ප්‍රකාශ ගැන කතාකරන්න වැය කරන වෙලාවත් අපතේ..

    ReplyDelete
  11. අනේ ඔබ වහන්සේලා ඔක්කොම පාරට බහින්න බැරිනම් ඔක්කොම එකතු වෙලා සාමුහික දිවි නසා ගැනීමක්වත් කරලා අපේ රට ඔබ වහන්සේලා වගේ අයගෙන් ගලවලා දෙන්න.

    ReplyDelete
  12. SF හිරේ වැටුන කාලේ ලොක්ක දීපු කාර් එක අබලන් ද දන්නෙ නැහැ.

    ReplyDelete
  13. නායක ස්වාමීන් වහන්සේලාට මේ නිර්භීත භාවය ආරෝපණය කර ගන්නට තිබුනේ මීටත් කලින්...නමුත් තවමත් පමා නැත..

    ReplyDelete
  14. අනේ සාධු සාධු , අපේ මහා නායක හාමුදුරුවෝ නින්දෙන් ඇහැරිලා. රජ්ජුරුවෝ අපහු නිදි කරවාවිද දන්නේ නැහැ.

    අපහු නිදාගන්න නම් එපා අපේ හාමුදුරුවනේ.

    ReplyDelete
  15. පත්තිරිප්පුවෙ ධම්ම සජ්ජායනය ද මොකක්ද කරන්න යද්දී,මැරවියගේ ඩප්පි කතාවට භය වෙලා මිලියන ගණන් සැප වාහන ඇතුලෙ Cool වුන "හූනන් වහන්සේලා"ගැන මොන කතාද?

    ReplyDelete
  16. බෝම්බ ගහනවා කියා හෙළ උරුම හාමුදුරු වරු තර්ජනය කළාම සංඝ සම්මේළනය අකුළා ගත්ත මහා නායක වරුන්ගේ වචන දැන් දේශපාලනික සමාජයේ ඒ තරම් වළංගු නෑනේ. මාතලන් වචන කීපයකින් කියන දේ පසුබිම ඒකයි.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT