සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

පෙරදා ඉතිරි වූ බත් පිගානක් (හීල් බත්)
කපාගත් ලොකු හෝපොඩි ළූනු ඇති පමණ
අමු මිරිස්,කරපිංච ඇති පමණ
බිත්තර ගෙඩියක්
මාගරීන් මේස හැදි ක්
ෆ්‍රයිපෑනය ලිප මත තබා භාජනය රත් වන විට මාගරින් දමා ටික වෙලාවකින් කපා ගත් සියල්ල තෙම්පරාදු ආකාරයට සියල්ල බැද ගිනි දැල් ටිකක් අඩු කොට බිත්තරය ඒ මතට කඩා දමා කුඩා කැබලි ඇතිවන ලෙසට කලවම් කරන ගමන් බත් ද එයට දමා හොදින් මිශ්‍ර කරගන්න.[මෙයට එළවලුද මිශ්‍ර කල හැක]

මෙහි හොදම රසය ගැනීමට නම් පෙරදා ඉතිරි මිරිස් මාළු/මස් හොදි සමග,වියලි/අමුමිරිස්,රතුළූනු,කරපිංචා,සුදු ළූනු,දෙහි ඇඹුල්,උම්බලකඩ සහ ලුනු පදමට දමා අඹරා/තලා ගත් පොල් සම්බලයක් තිබිය යුතුය.

ඔබ සවසට බොන්නෙක් ද?
එසේ නම් මෙසේ කරන්න.

ඉහත කී තෙම්පරාදු මිශ්‍රණය,බිත්තරය සමග 100%තලතෙල් මේස හැදී 3ක් සමග පිරිසිදු කොට සෝදාගත් වැල් පෙනල කොල මිටි 2ක් ගන්න.
පෙර පරිදි භාජනයට ළූනු ම්ශ්‍රනය සහ උම්බලකඩ දමා හොදින් බැදෙන විට පෙනල කොල දමා ඉක්මනින් කලවම් කර එවලේම ලිප නිවා බිත්තරය දමා කලවම් කර නිවෙන්න තබා ඔබ නාගන්න.පසුව බිරිද සමග මෙගා නාට්‍යයක් බලන ගමන් බිබී බයිටයේ රස බලන්න.
සතියකට පසු ඔබේ බිරිද අල්ලපු ගෙදර බිරිදට කියයි>>ආයිත් බැන්ද වගේ අනේ....!<<කියල. [ඔබත් එක් වරක් දෙකම හෝ එකක් පිළියෙල කොට කෑමට ගෙන බලන්න.]
Kenji @ Japan

52 comments:

  1. මෙව්වා හදල කෑව වගේ නෙමේ ...

    ReplyDelete
    Replies
    1. මොනව වෙයිද කෑවොත්.

      Delete
  2. නලින් අයියටත් ඉදලා හිටලා එන්නේ මාර අයිඩියා

    ReplyDelete
    Replies
    1. මේ මගේ අයිඩියාවක් නොවේ. පුර්ණ හිමිකම ගෞරවය කෙන්ජිට තමා.

      Delete
  3. වාසනාවන් වාසනාවන්.. වාසනාවන්.. මට දුකත් හිතෙනවා. කෙන්ජි ලිව්වයි කිව්වම..

    ReplyDelete
    Replies
    1. මේ වට්ටෝරුව මට එව්වේ කෙන්ජි තමා ඊතලයකින්. ඒක ගෙඩි පිටිංම මං බොගේ දැම්මා. එපමණයි.

      Delete
  4. අඩමානයක් නෑ මේවා කෙන්ජිගෙ අත්හදා බැලීම්.. නලිනුත් කරනවද ?
    බැරිවෙලාවත් අල්ලපු ගෙදර ගෑනු කෙනා මේ ගෙදර හාමිනේට කිවුවොත් අනේ ඔයාගෙ එක්කෙනා තාමත් ඉස්සර වගේමයි කියලා !!!

    ReplyDelete
    Replies
    1. මේක ඊයේ රෑ තමා මට හම්බ වුණේ හදල බලන්න ඕන. ගේ වටේටම පෙනෙල තියනවා ඕන තරං.

      Delete
  5. Replies
    1. සන්ජීවටත් නරකක් නැ මේවා.

      Delete
    2. ජයවේවා කෙලින් වේවා...

      Delete
    3. Naleen Ayya ganan gana epa mage Yalu Ano.. kenak.
      machan "Ano" istuti..
      Jayawewa

      Delete
    4. ඇනෝටත් එසේම වේවා.

      Delete
  6. චැක් හෙන අවුලකට තියෙන්නෙ ඕක හදලා කන්න පුළුවං වෙයිද කියලා :\

    ReplyDelete
    Replies
    1. යකෝ ගමේ කෑමනේ මේව. කන්න බැරි මොකද?

      Delete
  7. අපිට ඉතින් උයන්ට බැරි හන්දම හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. උයන්න බැරි වුණාට රෙසපිය මතක තියාගන්න. අනාගතේට ඕන වෙයි පොඩ්ඩිටත්.

      Delete
  8. මෙහෙ ඔය කියන ජාති නෑනෙ නලීන් අයියේ......

    ReplyDelete
    Replies
    1. ජර්මනියේ පෙනෙල නැතුවට ඔය පෙති ජාති එහෙම ඇතිනේ. නිමංකෝ මේකට මොනව හරි හදල දියෝ.

      Delete
  9. හරි හැදුවයි කියමුකෝ! කෝ නෝනෙක්??

    ReplyDelete
    Replies
    1. කොටු පැනපං එතකං

      Delete
    2. ubalat eka bahane itin, Naleen Ayyata kiyana ekat hoyala dena kiyalada?
      Jayawewa.

      Delete
  10. කෙන්ජි,අනේ බං මටත් රෙසිපියක් එවහංකො,හැබැයි මෙහෙ හදන්න පුලුවන් එකක්,ඔය පෙනෙල කොළ එහෙම හොයන්න ලංකාවටම යන්න එපායැ

    ReplyDelete
    Replies
    1. ලබන මාසේ එනවනේ.. එතකං ඉවසපං අයියේ.

      Delete
  11. නලින් අය්යා කාලා වගේ ..හිකිස් , වයිෆ් මොකෑ කිවේ ...?

    ReplyDelete
    Replies
    1. තාම බැරිවුණා කන්න. මේක ඊයෙ රෑනේ එවුවේ.

      Delete
  12. නලීන් අයියේ...කෙන්ජිට කියන්න ඔක්කොම හොයාත්තැහකි... කොහෙන්ද බොල ගෑනියෙක් හොයා ගන්නෙ... තනියම කන වට්ටෝරුවක් එවන්න කියන්න....

    ReplyDelete
    Replies
    1. තනියම කාපං මලයා. ඉන්පස්සේ දෑතේ කර්මාන්තයක් කොරගන හිටහං ටික කාලයක්.

      Delete
  13. මෙච්චර ඉෆෙක්ටිව් කෑමක් නම් හදන්න කළින් කළින් ගෑණියෙක් හොයා ගෙන ඉන්න ඕනේ ...

    ReplyDelete
    Replies
    1. අන්න අද ස්ත්‍රීවාදය මහත්මයා බිරියක් හොයාගන්න විදිය කියල දීල තියනවා. ඒ විදියට රවුම් පියොයුරු කතක් හොයාගන්න නැත්නං වැඩ වරදීවි.

      Delete
  14. කෙන්ජිගේ නම් මොනවද බඩුම තමයි. හැබැයි පුතෝ ඔවා කාල නෝනලගේ කොදු කඩන් එනව නෙමෙයි තෙල් ඉල්ලන්.

    ReplyDelete
    Replies
    1. තල තෙලට වඩා හොදයි එළගි තෙලින් පෙනෙල කොළ මලවා ගත්තම. නෝනලා ...... එක්කො ඕනෙ නැහැ.

      Delete
    2. වෙද අයියේ හොද රෙසිපියක් දාපන් කෝ

      Delete
    3. මේ ගැන ලිපි පෙළක්ම ලියන්න වෙද මහත්තයා ගාව කරුණු ඇති

      Delete
  15. ඕවා කන්න ගිහින්, නෝනාගෙන් කන්නයි වෙන්නේ, ඊට වඩා ලේසියි වෙද මහත්තයක්ගෙන් ඕවා ඔක්කෝම අඩංගු කරලා, නිශ්පාදනය කොරලා තියෙන මෝදක දෙකක් ඉල්ලගෙන කෑවම...

    ReplyDelete
    Replies
    1. හොඳ මොදකනං නරකමත් නෑ.

      Delete
  16. http://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf

    ReplyDelete
  17. කොලේක ලියල පන්ති පොත අස්සේ දාගත්තේ නැතිලු ඔන්න ඈ.. කට් කරලා අඩියක් ගහන්න ගියපු දවසට කනාවටවත් මතක් උනොත්.. හදනන් බැරියා ;-) තැනකුයි..ඈ. කෙන්ජි අයියටත් .. නලින් අයියටත් ..

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ පැත්තේ නං මෙයිට වඩා හොද කොල ජාතිත් තියෙනවානේ මලයා.

      Delete
  18. ඔක්කොම කාලා ඩෙසර්ට් එකට කෝලිකුට්ටු ගෙඩි දෙකකුත් කාහන්.

    ReplyDelete
    Replies
    1. කෝලිකුට්ටු නෙමේ මචෝ නේත්‍රප්පලම් තමා ඉස්තරම්. වෙදමහත්තයා ගෙන් අහන්න බොරුනම්.

      Delete
  19. අද හෙටම අත්හදා බැලීමට ඉටාගතිමි. බොහොම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එළම තමයි විචාරක තුමා.

      Delete
  20. කෙන්ජිත් ක්‍රමයෙන් බ්ලොග් ලියන්න පටන් ගන්නා බවට මූලික සංඥාවකිමේ.

    ReplyDelete
    Replies
    1. තවත් බ්ලොග් කරුවකුගේ ආගමනයේ මුල් පියවර. කදිමයි නේ.

      Delete
  21. අත්හදා බලපු එවුන් කියපල්ලා....පරීක්ශන කරපු එවුන් නිරීක්ශණ නිගමන කියන්නෝා්ා්.....අපිත් ප්‍රතිඵල විඳින්න!!

    ReplyDelete
    Replies
    1. අත්හදා බලන්න දෙයක් නෑ වෙද මහත්තයාත් සහතිකයක් දීල තියෙන්නේ උඩ.

      Delete
  22. අඩේ මගේ පවුලත් මගෙත් එක්ක අඩි ගහනවා මේ බයිට් එක පවුල කාල මට කරදරක් වෙයිද මචෝ

    ReplyDelete
    Replies
    1. එයාට වැඩියෙන් ඔයා කන්න ඇනෝ.

      Delete
  23. දැන් මොකද තත්වේ ?

    ReplyDelete
    Replies
    1. හුටු හුටු වෙලා තියෙන්නේ

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT