samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් අද(26) අලුයම ඇති වු ගින්නකින් අනුරාධපුර නව නගර බස් නැවතුමීපොළ ඉදිරිපිට දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ අවන්හලක (චමී රෙස්ටුරන්ටී) පහළ මාලය සමීපුර්ණයෙන්ම විනාශ වී ඊට දැඩි අලාභ හානි සිදුවී තිබුනි. 


DSCF7538



DSCF7539

DSCF7540

DSCF7541

DSCF7542

DSCF7543

DSCF7544

අලුයම 03.00 ට පමණ අවන්හලතුල තිබු ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් අවන්හලේ සේවයේ නියුතුව සිටි සේවකයින් සිවුදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත. අද (26) උදෑසන අවන්හල විවෘත කිරීම සදහා සුළු කෑම පිළියල කරමින් සිටියදී එහි ඇතුලත තබා තිබු උදුනකට සවිකර තිබු ගෑස් සිලින්ඩරයක් පුපුරාගොස් ඇති අතර ක්‍ෂණිකව පහළ මාලය පුරා ගින්න පැතිරී ගොස් ඇත. 

සේවකයන් සහ අවන්හලේ හිමිකරුත් බිරිදත් මාස 10 යක් වියැති දරුවාත් එම අවස්ථාවේ ඉහළ මාලයේ සිට ඇති අතර ගින්න දැඩි වීම නිසා ආයතනයෙන් ඉවතට පැමිණීමට නොහැකි වී ඇති අතර ඔවුන් ඉහළ මාලයේ ජනේලයක් කඩා එහි සිට දරුවාද සමගින් බිමට බැස දිවි බේරාගෙන ඇත. ගින්නෙන් අවන්හලේ තිබු විදුලි උපකරණ ඇතුළු සියලුම භාණ්ඩ විනාශ වී ගොස් තිබු අතර රුපියල් ලක්‍ෂණ ගණනක අලාභයක්ද සිදුවී ඇත. 

මෙම ආයතනයේ ඇති වු ගින්න අනුරාධපුර මහ නගරසභාවේ ගිනි නිවන ඒකකය සහ පොලීසිය එක්ව මැඩ පවත්වා ඇති අතර ඔවුන් කඩිනමින් ක්‍රියාත්මක වී නිසා යාබද වෙළදසල් වලටද ගින්න පැතිරී යාම වළක්වා ගැනීමට හැකි වී ඇත. 

10 comments:

  1. images

    ලොකු ජීවිත හානි නූනා නම එච්චරයි!

    ReplyDelete
  2. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

    චමිව ගොඩක් දෙනෙක් දැකලා තියෙනවා.ඉරාජ්ගේ දේශපාලනය ගැන කියවෙන සින්දුවක ඇමතිට රඟපාන්නේ චමි..දක්ෂ සාමාන්‍ය පැලැන්තියේ ව්‍යාපාරිකයෙක්..කරදරයක් නැහැ කියලා හිතනවා ඔවුනට...මේ දවස් වල මේ ආරයේ සිදුවීම් වැඩි නේද...?

    ReplyDelete
    Replies
    1. blank

      ඕක කොතනද සහන් අයියා තිබ්බෙ. මට නිච්චි නෑ බන්.

      Delete
    2. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/

      දැන් දාල අවුරුදු 5 වගේ වෙන්නේ..අලුත් බස්ටෑන්ඩ් ඔරලෝසු කණුව ඉස්සරහම..

      අනිත් එක ටෙලිකොම් එකට මෙහා ෆාමසියට අල්ලපු කඩ කාමරේ...

      Delete
    3. blank

      එහෙමද. ස්තූතියි සහන් අයියා.තැන හිතාගත්තහැකි. ගිහින් නැහැ. - අ/පුර කොලුවා -

      Delete
  3. sira

    දිවා කාලයේ උනා නම් සෑහෙන ජීවිත හානියක් වෙන්න තිබුනා...ඔයින් ගියා මදෑ...

    ReplyDelete
  4. rani-mukherjee-63j

    ඔයින් බේරුනා ඇති...

    ReplyDelete
  5. blogger_logo_round_35
  6. blank

    කෙටි කෑම නෙවෙයි සුළු කෑම. short Eats කියන්නේ හිටගෙන වුනත් කටට දෙකට කාලා ඉවර කරන කෑම. ඒවා කෙටිකෑම නම් කිඹුලා බනිස් දිග කෑම වෙනවා.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      වරද පෙන්වාදීම ගැන ස්තුතියි ඇනෝ එය දැන් හදන්නම්.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT