ජර්මන් ජාතිකයන් දෙදෙනකු වන Elke Frey සහ Gerhard Lemmer විසින් 1996 වර්ෂයේදි රචිත 'Sri Lanka' නම් ග්‍රන්ථය මා හට කියවන්නට ලැබිණි.
වර්ෂ 1890 දි ගත් ජායාරුපයකි |
මෙම කෘතියේ, ශ්‍රි ලංකාවේ සංස්කෘතික සිද්ධස්ථාන, ආගමික සිද්ධස්ථාන සහ දර්ශනීය ස්ථානයන් හි වසර සිය ගණනකට පෙර කාලයේ ඡායාරුප 160 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් ය.
මෙම ජායාරුප අතුරින් මගේ සිත් ගත් එක ජායාරුපයක් විය. කෘතියේ සඳහන් පරිදි එම ජායාරුපය ශිල්පියා විසින් එය රූප ගත කර ඇත්තේ 1890 වර්ෂයේ දි ය. එම සේයාරුවේ ශ්‍රි දන්ත ධතුන් වහන්සේ සහිත කුඩා ප්‍රමාණයේ කරඩුවක් පැරණි මාලිගාවේ එළිමහන් ස්ථානයක වැඩ හිදුවා එයට වන්දනාමාන කරන දේශිය විදේශිය පිරිසක් හා ස්වාමින් වහන්සෙලා පිරිසක් දැකිය හැකි ය. ජර්මන් භාෂාවෙන් රචිත මෙම කෘතියේ මේ සේයාරුව සඳහා විශේෂ සඳහනක් ද දක්වා ඇත.
වර්ෂ 1875 දි ගත් ජායාරුපයකි |
එම සේයාරුවට අනුව දන්ත ධාතුන් වහන්සේට නමස්කාර කරන ලබන ගිහියන් වු පිරිමි සහ කාන්තාවන් කිහිප දෙනකු හැර අන් සියල්ලන් ගේ හිස් ජටාවලින් සමන්විත ය. එහිදි එම පිරිස අන්‍ය ආගමිකයන් ද යන්න සැකයක් උපදි. මගේ සිතුවිල්ල සත්‍යක් වේ නම් එදා ශ්‍රි ලංකාව තුළ නොතිබු උස් පහත් තරාතිරමට අමතරව ආගම් භේදයක් ද නොතිබෙන්නට ඇත.
සමකය වටා එක්ව මේ සටහන කියවනු ලබන පාඨක ඔබට තිරණය භාර කරමි.
මේ අගනා ඉපැරණි සේයා රූ සහිත තාර්කික ලිපිය සමකය වටේ බ්ලොගයට ඇතුළත් කරන්නට මා වෙත යොමු කළේ දැනට ජර්මනියේ ස්ථිරව පදිංචි මා හිත මිත්‍ර
නිමල් සියඹලාදුව විසිනි
හිමිනමක් ගිනි තබා ගැනීම පිළිබද බ්ලොග් ලිපි කීපයකට මෙතැනින් පිවිසිය හැකිය
එදා පාහියන් භික්ෂුව,රොබට් නොක්ස්, ආර්.එල්.ස්පිට්ල්, ලුසියානෝ මරාන්සි, එස්.මහින්ද හිමි, ඕල්කොට් තුමා වැනි ලංකාවට සහ මේ සංස්කෘතියට ආදරය කළ විදේශිකයන් හිටියා. අදත් ඉදහිටලා එවැනි මිනිසුන් හමුවෙනවා.
ReplyDeleteමෙවන් යුගයක Elke Frey සහ Gerhard Lemmer වැනි මිනිසුන් ලංකාවේ ප්‍රතිරූපය ලෝකයට ගෙනයන්න සටහන් කර ඇති මේ කාතිය ගැන ආඩම්ර විය හැකියි.
මගේ දැනුමේ හැටියටත් දළදා වහන්සේට පුදපූජා වැවැත්විම සදහා තෝරාගත් ආවතේව කරුවන් අතීතයේ හිටියා අදත් ඉන්නවා. මේ එවැනි දලදා වහන්සේට ආවතේව කිරිමට භාර වූ පිරිසක් විය හැකියි. ඡායාරූප දෙක නම් ඉතාමත් ඉහළ වටිනාකමක් දෙනවා.
ඒත් එදා සහ අද යුගය වෙනස්.
මට මතක් වෙන්නෙ වික්ටර් රත්නායක සංගීවත්කොට ගැයූ රත්න ශ්‍රී විජේසිංහ ලියු මේ ගීතය
පාත ඉඳන් අපි අවේ නාමල් පූජා කරන්න
දලදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉදගෙන බෑ හේන් කුඹුරු වැඩකරන්න
ඇඟපත කලු කලු වුනත් අපේ කිලිකුණු නැති හිත බලන්න
දලදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා පිළී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවදයි එපා බාර නොගෙන ඉන්න
දලදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
අර උඩම තියෙන පිංතූරය කියන්නේ ඒ පුවත නොවේද?
ඔබ හරි දයා... අද අපට අපේ ඉතිහාසයේ සමහර තැන් හමුවන්නේ විදේශිකයන් නිසා..ඔබ නම්කළ විදේශීය ලේඛකයන්ට අමතරව අප අමතක කර ඇති තවත් දෙන්නෙක් ඉන්නවා ඉතාම වටින කෘති දෙකක් තිළිණ කළ. ඒ තමයි පෘතුගීසි සෙබළ ජෝන් රිබෙයිරෝ- (Historical Tragady Of Ceilao) සහ ඕලන්ද ජාතික පූජකවරයෙක් වූ පිලිප්පුස් බැලඩියස් - (Discription Of Ceylon)
Deleteඑසේම ඔබ කියන ගීතයත් එක්ක ගත් කල අනිවාර්යෙන්ම මේ සේයාරුවේ දැක්වෙන්නේ ඒ පුවත කියා උපකල්පනයකට එන්න හැකියි.
බොහොම ස්තුතියි මේ වටිනා සටහනට.
බොහොම වැදගත් නලින් අය්යේ...ඒ මහතාටත් ස්තූතියි...
ReplyDeleteස්තුතියි සහන් ඔබේ පැමිණිම ගැන.
Deleteපර සුද්දන්ට අපි මේ තරම් ගැතියි කියලයි මේ පිංතුර වලින් පේන්නේ.
ReplyDeleteඇනෝ ඔයා අඳින්නේ ජාතික ඇඳුමද?
Deleteනිළමෙලා ටික දැක්කාම හිනාත් ගියා. ජටා බැඳගත්තු අය පේන්නේ පිට දේසෙකින් ආව අය වගේ. පින්තූරු ටික ගොඩක් වටිනවා.
ReplyDelete//මර්මස්ථාන// කියන්නේ මොනවද?
මර්මස්ථාන යනු දුර්වල ස්ථානය යනුයි... වරද නිවරද කළා පොඩ්ඩියේ..පෙන්වාදීම ගැන ස්තුතියි..// ශ්‍රි ලංකාවේ සංස්කෘතික මර්මස්ථාන//
Deleteනලින්, මර්මස්ථාන කියන්නේ ප්‍රධාන/වැඩි වටිනාකමක් ඇති ස්ථාන කියන එක නේද? ජටා බැඳන් ඉන්නේ තේවාව කරන අය වෙන්න ඇති..
Deleteනැහැ ඇනෝ සහෝ... මර්මස්ථාන යන්නට මලල සේකර ශබ්ද කෝෂය දී තිබෙන්නෙත් weak point යන තේරුම.
Deleteඒ අදහසින් තමයි මර්මස්ථානවලට පහර දෙනවා කියන්නේ දුර්වලම තැනට පහරදීම.
ශරීරයේ මර්මස්ථාන :- උගුරු දණ්ඩ , හිස පිටුපස
Deleteමර්මස්ථානයක් කියන්නේ පොඩි වෙහෙසකින් සියල්ල විනාශ කල හැකි තැනකට..යුද්ධයක් වගේ දේකදී මර්මස්ථානයක් විදිහට " යුධහමුදාපති ඉන්න ස්ථානයක් , අවිගබඩාවක් , ගුවන් යානා අංගනයක් " වගේ දෙයක් සලකන්න පුළුවන් ..
ආර්ථිකයෙදි නම් " වරාය , ගුවන් තොටුපළවල් , දේශීය කර්මාන්ත " වගේ දේවල් සලකන්න පුළුවන්..
ආදරයේදී නම් " විශ්වාසය " සලකන්න පුළුවන්..
සහන්ගේ විස්තර කිරීම වඩාත් නිවැරදියි...මා බැලුවේ මලලසේකර ශබ්දකෝශය පමණයි..ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය මේ වෙලාවේ මා සතුව නෑ. එය බලා එහි තේරුමත් දමන්නම්.
Deleteපළවෙනි පින්තූරය දැක්කම හරිම සතුටක් දැනෙනව නලීන්...අද කෝ ඒ සහජීවනය...ඔක්කොම මූලධර්මවාදයට යටවෙලා
ReplyDeleteලොකු කතාවක් කියන්න හැකි සේයා රූ දෙකක් මේ තියෙන්නේ හැලප අයියේ.. අද පිංතුරෙත් මාරු කරලා. හරියට සිල් අරන් වගේ.
Deleteනලින් අයියට ත් නිමල් මහත්මයාට ත් ස්තුතියි මේ විස්තර දැම්මට.
ReplyDeleteස්තුතියි චන්දන.
Deleteඅතීතයේ සොල්දාදුවෙකු ලෙස අවියක් අතැතිව සිටි මාගේ අත පැනට සහ කොලයක් වෙත මර්ගය යොමුකල Gihan Karunakalage සහා Naleen Dilruksha පුතාලාට ඉතා ස්තුති වන්ත වෙමි.මාගේ ප්‍රථම උත්සාහය වු 'සියවසකට එපිටින් සේයාරුවක් කියන අපේ අතීතය' අදහස් දැක්වු නොදැක්වු සමකය වටා සිටින පාඨක සැමට මාගේ ප්‍රණාමය පුදකරමි.මතුවටද අර්ථවත් වු යමක් ඔබ වෙත ලබා දිමට උත්සාහ කරමි.
ReplyDeleteඔබට බොහොම ස්තුතියි මේ අගනා ලිපිය මගේ අඩවියට යොමු කළාට. ඒ වගේම ගිහාන්ටත් ස්තුතියි.
Deleteනිමල් මහත්මයා මේ ලිපිය හරිම වටිනවා. මේ චායාරූප දෙක ඒ වටිනකම දෙගුන කරනවා. ඒත් ඔබේ මතය නම් පිළිගන්න අමාරුයි. ඒ මොකද කියනවානම් එදා රජ දවස උඩරට තරම් කුලවාදය දරුණු ලෙස වෙන කවරදාවත් තිබී නැ. මුල් චායාරූපයේ ඇත්තේ ජටා බැදගන ඉන්න තේවාවන් කරන කුල හිනයන් වෙන්න පුලුවන්. ඒ නිසයි ඔවුන් බිම ඇන තියාගන ඉන්නේ.අදත් දලදා තේවාවට යන පිරිස ජටා බැඳගන තමයි යන්නේ.
ReplyDeleteකොහොම වුනත් මේ වගේ දෙයක් ඉදිරිපත් කිරිම ගැන ඔබටත් නලින්ටත් ස්තුතියි.
ඔබ දෙදෙනාටම ස්තුතියි..
ReplyDeleteරෙහානි ඔබ බොහොම කාලෙකින්... දැන් ලංකාවේ නැතිද? බ්ලොග් එක ලියන්නෙත් නැතිද?
Deleteදළදාව වඳින අය නෙමෙයි අර උඩ ඉඳන් බලන් ඉන්න හාමුදුරුවරුන්ගෙ හොඳින් නිර්‍රික්ෂනය කරන්න. මට නම් පේන්නෙ ඔවුන් අවඥාවෙන් බලන් ඉන්න අයුරකුයි.
ReplyDeleteඔව් ඉන්දික ඔබ හරියටම හරි දළදාවහන්සේ පහළ තැබූ මොහොතක මොනම හේතුවක් නිසාවත් ඊට ඉහළින් හාමුදුරුවරු ඉන්නේ නෑ තමා. මේ පහත් කුළ මිනිසුන්ට දළදාව කියා බොරුවක් පෙන්වන අවස්ථාවක් වෙන්නත් හැකියි. ඉහළ හිමිවරුන්ගේ ඉරිඅව් ඒ බැව් කියා පානවා.. ඔබේ නිරීක්ෂණය ඉස්තරම්.
Deleteපින්තූර වල වටිනකම නම් කියලා නිම කරන්න බෑ..
ReplyDeleteඔව් දිනේෂ් මලයා ඒ දෙකම වටින පිංතුර දෙකක්.
Deletehttps://lh6.googleusercontent.com/-3lD8wrb97Hw/UaEuZ3S0XII/AAAAAAAAAT4/PfBgJ80hzeM/w607-h391-no/2013-05-25
ReplyDeleteදළඳා වහන්සේගේ සමීප මට e-mail වලින් ආපු ජායාරුපයක්. පලවෙනි රූපය මීට පෙර දැක ඇත.නමුත් අද තරම් නිරීක්ෂණය කලේනම් නැත. ඔබේ කරුණු එක්කනම් එකඟ නෑ. කුලබේද ආගම් බේද අදටත් වඩා තිබුනේ අසා තිබෙන විදියට ඉස්සර. වටිනා පොස්ට් එකක්.
ඔබේ ලිංකුවට බොහොම ස්තුතියි..
Deleteඉතිහසය වෙනස් කරන්න අපි කොච්චර නිතිරිති හදාගෙන තිබේනනවද .අපේ මිනිසුසුන්ට එදා බුදුන් ඇස් දෙකෙන් දැකලා වදින්න පුළුවන් වුනා වගේ දන්ත දාතන් ධතුන් වහන්සේ දැකලා වදින්න පුළුවන් වුනා .අද අපි හදා ගෙන තියෙන මේ ඉතිහසය නිසා අද කී දෙනාටද ධාතුන් වහන්සේ සිටින කුටියට වත් යන්න ලැබෙන්නේ .පලමු ජායා රූපය දුටු හැම කෙනෙකුටම අද දැනේන දේ අද මෙච්චර ආරක්ෂාවක් තිබිලත් තමන්ගේ ඇස් දෙකෙන් තමන් වදින දන්ත දාතන් ධතුන් වහන්සේ දැකලා හිත සතුටු කර ගන්න බෑ .ඒ තරමට පව්කාර කමක් තියෙනවද කියලා හිතෙනවා .
ReplyDeleteමේ විදියට ඉතිහසය වෙනස් කරන එක සුද්දා අපේ පාලක පංතියට දිපු අදහසක් ඒක සුදා හිතපු විදියටම අපේ අය කරා ඉතිහසය අපේ පොත්වලින් අයින් කරලා දැම්මා ඒ වගේම අපේ බෞද්ධයින් හට දන්ත දාත්න් වහන්සේ ඇස් දෙකෙන් දැක ගැනිමට ඇති අවස්ථාව නැති කරා මේ නිසා මිනිසුන් තුල මේ ආගම මිත්‍ය ලක්ෂ සහිත දෙයක් බවට පත් කරලා දැම්මා .අද එක සාර්ථකයි අපේ රටේ බෞද්ධයි අද මේ දහම අදහන මට්ටමට ගෙනල්ලා වහනයක් ගන්න ටිකට් එක්ක ඇදෙන්න දළදා මැදුරට පඩුරු වෙන් කරන තත්ත්තවයට පත් වෙලා බුදු දහම තුල ඇති නියම ච්න්තකයා මරලා දාලා .
සුද්දා මේ දෙවල් කලේ මේ රටේ මිනිස්සු උන්ගේ වෙළද පොලට හරව ගන්න ඒක සාර්තයි.
පලමු ජායා රූපය දකින විට ඇති වෙන සතුට අද මේ රටේ බෞද්ධයින්ට දැනේනනේ නෑ .දැන් දැනේනනේ දේවාලයකට ගිහින් වන්දනා මාන කරනවා වගේ පරිිසරයක්. මේ ධර්මය ඇසෙන කාලයක දහම තිබෙන කාලයක තවමත් බුදුන් වහන්සේගේ ධාතුන් වන්දනා කරන් පුළුවන් කියලා හිතන කාලයක් කියන සිතුවිල් දැන් මරලා .
අද අපි දුරින් ඉදලා වදින්වා .තේවාව අහනවා මල් පුජා කරන්නවා එච්චරයි.
ඇස් දෙක ලග රැවටෙන්න පුළුවන් පරිසයක් හදලා මේ බෞද්ධ ජනතාව වෙනත් මානයකට ගෙන යන ක්‍රියවලිය දසක ගනනාක් තිස්සේ සිදු වෙනවා.
සුදු මහත්වරු අපේ හිතට දාපු කතාව අද ක්‍රියාත්මකයි.ක්වින්ස් හෝටලය සුද්දා හැදුවා කියලා කව්රුවත් අකමැති උණේ නෑ ඒ හෝටලය ඇතුලේ සුද්දා නිදා ගන්න විතරක් හැදුවා නොවේ .සුද්දියක් එක්ක රති රමනයත් කරනවා. දළදා හමුදුරුවෝ දළදා මැදුරේ දෙවන මහලේ වැඩ ඉන්නවා මිටර් දෙසියක් පමණ දුරින්. සුද්දා රති රමනය කරනවා රැජින හොටලයේ දෙවන මහලේ.
මේ බව සිංහල මිනිහට දැනුනොත් කැරල්ලක් ඇති වෙනවා ඒහේම වෙන්නේ දළදා හමුදුරුවෝ මිනිසුන්ට දකින් ලැබුනොත් විතරයි .මේ නිසා සගවා වන්දනා කරන්න අවස්ථාව උදා කරන්න අද පවතින නීති හදන්න එදා හිටිය අයට උදව් කරා අදහස් දුන්නා .අද රැජිනගේ හෝටලේ උඩ තත්ත්ටුවේ ඉදලා ඕනෑ දෙයක් කරන්න සුද්දා නිදහස ලබා ගෙන ඉන්නවා.
සුදා හැම දෙයක්ම අපේ ඔළුවට දැම්මේ දුරදිග බලලා එක සාර්තකයි.
අපි පහතමාලයට වැටුනේ ඒ නිසා තමියි.දළදා හමුදුරුවෝ අපිට පෙන්න නෑති කරපු නීතිය ඇතුලේ දළදා හමුදුරුවෝ පෙන්නුවවෝත වහිනවා කියන මත්ය හෙල්ලුනොත් වරදිනවා කියන මතය අපිට දුන්නේ සුද්දාගේ නීතිය.නමුත් මේ පලමු ජායා රුපය කියන සාක්ෂාය දැක්කම අපිට හිතන්න දෙයක් තියෙනවා මේ වදින අය එලිහමනේ වදිනේ දළදා හමුදුරුවන් වැඩ වාසය කරන මාලිගවේ එළි මහනේ.....
බොහොම ස්තුතියි මේ දීරඝ විස්තර කිරීමට චන්දන.
Deleteඅපි නොදුටු තවත් මේ වගේ වැදගත් පින්තූර නම් කොච්චර නම් අත්ද නලින් අයියෙ.... මේ වගේ දේවල් ලැබුනු සැනින් දාන්න ගොඩක් දෙනෙක් බලන් ඉන්නව එවැනි දේ බලන්න සහ කියවන්න....
ReplyDeleteනලින් මට තේරෙන හැටියට තොප්පිය වගේ තියෙන්නේ ජටා හෝ තුප්පොට්ටි. උඩරැටියන් හිස්වැස්මක් දැම්මනේ. අදටත් නිලමේ සූත එකට තියෙන්නේ.
ReplyDeleteකාන්තාවන් උඩුකය වැසීම ලංකාවේ තිබ්බ එකක් නොවේ. එක ඔප්ෂනල් දෙයක්. පිරිමින්ටත් එසේමයි. ඝර්ම කලාපිය දූපතක [හියුමිඩිටි නිසා] එහෙම වීම පුදුමයක් නොවේ. බාලිවල අත්ත්වය වෙනම පින්තුරයකින් දැක්කා බුකියේම. සමකාසන්න අනිකුත් කලාප වන අප්‍රිකා හා අමසොනියාවේ උඩුකය හා යටිකය දෙකම අඩුවෙන් වහන්නේ. උඩුකය නිරුවත් කතුන් හාමුදුරුවන්ට සීල බිඳෙන්න අමුතු හේතුවක් වුනා කියා මම නම හිතන්නේ නැහැ.
එහෙත් සුද්දා ගෙනාව අම්බානට පසුගාමී වික්ටෝරියානු සංස්කෘතිය. තවම අපේ අය අපේකම කියාගෙන සුරකින්න දඟලන්නේ ඔන්න ඕකයි. ඒක වර්තමාන මුස්ලිම් සංස්කෘතිය වගේ අම්බානක පසුගාමී එකක්. ගැහැණිය මුළු සිරුරම වහන්න ඕනේ එකක්. කොටින්ම ගැහැනියකට ප්‍රසිද්ධියේ පිහිනන්න නාන්න තහනම් එකක්, එහෙත් ගැහැණියට බල නොකර ඇය ඊට මුලා කරගන්න රේන්ද ගෙත්තම් වලින් ඔවුන් රවටා ගත්තා.
ඊට අමතරව ඔය කාලේ වෙද්දී ලංකාවේ ප්‍රචලිත් කුලවාදය නිසා උඩුකයවැහීම තහනම් වෙච්ච අයත් උන්නා. සුද්දගේ ඒක චාටර් නිසා අපේ තිබ්බ ඒක සිරා කියා මම කිව්වේ නැහැ. එහිත් එයට ආවේනික අඩුපාඩු තිබ්බා.
දළදාව අද ඔයාකාරයෙන් එලියට ගන්න බැහැ. එයට හේතුව එය බලන්න එන සංඛ්‍යාවේ වැඩිකම. ඒ වගේම වසා තැබීමෙන් පූජනීයත්වයක් ලැබෙන බවක් හිතනවා ඇති. දළදා ප්‍රදර්ශන වල අතීත කතා බැලුවම එදා සිට අද දක්වා ක්‍රමයෙන් සිද්ධි වෙනස් වූ හැටි දැක ගන්න පුළුවන්.
-සුජීව කොකාවල-
උඩුකය වහන්නේ නැතිව යන එක විසිවන සියවසේ මුල් භාගයේත් තිබිලා තියෙනවා, ගම් ප්‍රධානියාගේ නිවාස ඉදිරියෙන් සමහර කුලවල අයට උඩුකයට ඇදුමක් ඇදලා යනඑක තහනම්...
ReplyDeletePara San
මට මතක් වුනේ කාලෙකට කලින් මාතොට සඟරාවෙ තිබ්බ කතාවක්. ඒ, ‘ෂෝක් එකට තිබ්බ අපේ රට සුද්ද ආවට පස්සෙ බල්ලට ගිහින්‘ වගේ අදහසක්.
ReplyDeleteපළමුවෙනි විජයබාහු රජු ගේ අඹගමු සෙල්ලිපියෙ තියෙනවා, කුළහීනයන්ට සිරීපාදෙ වන්දනාවට පාත මලුවක් නියම කර සකස් කිරීමක්. ඒ වගේ දේවලින් පේන්නෙ කුලය, තරාතිරම අනුව මිනිස්සුන්ට ආගමික පරිසරයකදී පවා වෙනස් ආකාරවලට සැළකීම නුවර යුගයටත් වඩා එහාට යන බව.
ඒ වගේම හංගලා තියෙන දේක ගූඨ, ගුප්ත, පූජනීය බව වැඩිවෙන බව සාමාන්‍ය සත්ත්ව විද්‍යාව. ඒ වගේම, දළදා වහන්සේ නිරාවරණය කරලා ප්‍රදර්ශනය කළොත් (අගෞරවයක් කරන්න හිතුවෙ නෑ) සමහරු ප්‍රශ්න කරන්නත් පුළුවන් මේක මනුෂ්‍ය දතකට වඩා ගොඩක් වෙනස් නේද කියලා.
උඩ කොමෙන්ටුවක සඳහන් රිබෙයිරෝ ගෙ ලංකා ඉතිහාසයෙ සඳහන් වෙනවා, දන්ත ධාතුවක් කුඩු කරලා පුළුස්සලා විනාශ කරපු බවක්. (සත්‍යය මොකක්ද කියලා විමර්ශනය කළ යුතුයි. නිකම් මතක් වුනාට කිව්වෙ.)