සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

ගව ඝාතනය හා තවත් සිදුවීම් කිපයකට විරෝධය පාමින් වෙසක් පොහෝ දින දළදා මාළිගය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය මේ වන විට කහවත්ත පොරෝණුව සුගත විහාරස්ථානයට වැඩම කොට ඇත. දේහය තැන්පත් කර ඇති අයුරු හා ඒ අවස්ථාවට එක් ව සිටි ජනතාව සේයා රූ මගින් දැක්වේ.



සේයා රූ ලසන්ත නිරෝෂන

52 comments:

  1. නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  2. මළ කඳටත් ගරහන ලෝකයක් නලින් අයියේ අද...

    ඒ ස්වාමින් වහන්සේට අරමුණ කරා යෑමට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ ...!

    එක එක ගස් බල්ලන්ට වඩා නම් මේ ස්වාමින් වහන්සේ ඉහළම තැනක ඉන්නේ...තව සතෙක්ගේ වේදනාවක් වෙනුවෙන් පණ පිටින් ගින්නට පනින්න දෛර්යක තිබුණ එක ගැන සතුටුයි..

    තමන්ගේ බත් පතට වැටෙන මස් කෑල්ල වෙනුවෙන් නම් ගොඩක් දෙනෙක් පෙනී ඉන්නවා දැක්කා අනේක විද තර්ක ගෙනත්.. ( ත්‍රිපිටකයම අවුස්සනවා දැක්කා මස් කෑම සදාරණීය කර ගන්න..අනිත් වෙලාවට නම් පන් සිල් වත් මතක නැහැ )

    එවැනි අය අතරේ මෙවැනි සංවේදී මිනිසුන් ඉපදීම අවාසනාවක්...!


    ෆොටෝ වලට සංවේදී වූ මිනිසුන් පණ පිටින් මිනිසෙක් ගිණි ගද්දි සංවේදී උනේ නැහැ මස් කෑල්ලක රසයට ගිජු කමේ...
    දී කිරට බළල්ලුත් සාක්කියි..සංසාරයේ දුක්ඛිත ස්වභාවයම තමයි මේ...!

    ReplyDelete
    Replies
    1. මස් කෑල්ල වෙනුවෙන් පෙනී සිටීමක් නෙමේ සහන්, මේ ක්‍රියාවෙන් සැපයෙන වැරදි ආදර්ශය වැළක්විය යුතුයි. මස් කෑම සාධාරණීකරණය කරන්න දෙයක් නැහැ, කොහොමත් සාධාරණයි තමා. :)

      Delete
    2. වෙන කවදාටත් වඩා හොඳින් ඔබේ සංවේදී කම මා මේ දින දෙක තුළ දුටුවා..

      Delete
    3. සහන් හිතට එකඟව අදහස් පල කරන්න. ජනප්‍රිය මතය පසු පස යන්න එපා...

      Delete
    4. ( මදුරුවෝ කුකුල්ලු ගෝන්නු මුවෝ පවා පව් ඒක නැහැ කියනවා නෙවේ )
      තහනම් මාතලන් සහ නලින් අයියට පොදුවේ කියන්නම් හොඳද ,

      මෙහෙමයි මේ දේ මල් පත්තර රැල්ල , මල් සින්දු රැල්ල , මෙගා රැල්ල වගේ යාවි කියලා හිතනවද ...? මිනිස්සු රැල්ලට ගිණි තියා ගනී කියලා හිතන්න පුලුවන්ද ...? අපි තුන් දෙනා ෆෝර්ම් වෙලා ගියා කියමු ගිණි තියා ගන්න රට වෙනුවෙන්..ඒත් පෙට්‍රෝල් කෑන් එක හලාගන්න පුලුවන්ද ...? ලයිටරේ අතට ගන්න පුලුවන්ද ...? ලයිටරේ ප්‍රෙස් කරන්න පුලුවන්ද රැල්ලට ...?

      මේ දේ ජෝක් එකට හරි , නාට්ටිය පිටපතකට හරි උනා කියන්න බැරි ඒකයි... ඉස්සර මම කාලයක් අනුරාධපුරේ හිටියේ තාත්ත එක්ක..මට ඉඩම් තියෙනවා අනුර්දහපුරේ.කොළඹ ඉඳන් මහා රෑ ආවම අපි දෙන්නා පයින් පාන්දර දෙක තුනටත් ඇවිදගෙන ගෙදර එනවා.. එහෙම එද්දී මම හැමදාම දකිනවා ට්‍රැක්ටර් වල පටවන් හරක්ව ගෙනියනවා..තාත්තගෙන් ඇහුවට කියන්නේ නැහැ..දවසක් මම දැක්කා ඒ හරක්ගේ ඇස් වලින් කඳුළු එනවා..එදා තමයි මට තාත්ත කිව්වේ පුතේ ඔය ගෙනියන්නේ මරන්න කියලා.යුරෝප් වල වගේ වේදනාව අඩු දේවල් නෙවේ පාවිච්චි කරන්නේ මරන්න...මම ඉතින් පාර දිගට අඬ අඬ එනවා ගෙදර ..ඕක වෙද්දී මට වයස 5 වගේ ඇති...පස්සේ කාලෙක මම ගියා හරක් මරනම තැනකට ..උන් පුදුම දුකක් බන් විඳින්නේ ..එක පාර මරලා දානවා නම් කමක් නැහැ..අම්මා ඉස්සරහ පැටියගේ ඔලුවට කුළු ගෙඩියෙන් ගහන්නේ..සමහර පැටව් මැරුණ වැස්සිගේ තනේ එල්ලිලා ඉන්නවා බයේ හැංගිලා..ලේ විලක්...

      මරන්න ගෙන හරක්ගේ කකුල් කඩල ගේන්නේ පොලු වලින් ගහලා..මෝල් ගස් වගේ පොලු..දවස් ගාණක් වතුර ටිකක් වත් නැතුව මඩු වල ඉන්නවා ඔර්ඩර් එනකම්..ඔය වගේ තත්වයක් තියෙන්නේ..අඩුම තරමේ මේ දේවල් හෝ වෙනස් වෙන්න ඕනේ බන්..මරන් කෑවට කමක් නැහැ , ඒත් ශිෂ්ඨ සම්පන්න විදිහට..අන්තිම වේදනාවක් දීලා මරණ එක නම් උහුලන්න බැහැ ..මාතලන් ප්ලීස් මචන් මරණ තැනකට ගිහින් බලහන්..පපුව පැලෙනවා ඒ විඳින දුකට..ඇත්තමයි ගෑණි දරුවෝ නැත්නම් ඒ වගේ දෙයක් දරාගෙන ජීවත් වෙන්න බැහැ..

      Delete
    5. ගැඩවිලාත් සම්පතක්... !... ඌත් ගොවිතැනට උදව් කරනො.. එතකොට ඇටි කුකුළත් සම්පතක්..!.. ඌ එළවලු කොරටු ගොලු බෙල්ලන්ගෙන් ආරස්සා කරනො.. !.. තලගොයාත් සම්පතකි.. !.. ඌත් මොකක් හරි එකක් කරනො..! ( මතක නෑ අලේ..! )...බැක්ටීරියාවන්ද සම්පත්ය..! .. උන් මළ මිනී කුණු කර පොළවටම යළි එකතු කරනො...!. .. මුචලින්ද නාගයාත් සම්පතකි..! ඌ බුදු හාමුදුරුවන්ට සෙවණ දුන්නො..! .. කැස්බෑවාද සම්පතකි...! ඌ බලන්න අපි හික්කඩුවෙ යනො..!.. සීල් මත්ස්‍යයාද සම්පතකි..! ඌ zoo එකේදී නහයෙන් බීච් බෝල කරකවා අපිට ආතල් දෙනො..! .. ඩොල්ෆින්ද සම්පතකි..! .. ඌ හොලිවුඩ් ෆිල්ම්ස් වල රඟපානො..! .. නිල් තල්මසාද සම්පතකි..!.. ඌ පිනෝකියෝ කථාවෙ පිනෝකියෝට තාත්තව මුණ ගස්සනො...!... හිපොග්‍රිෆ් ද සම්පතකි..!.. ඌ හැරී පොටර්ව පිටේ තියාගෙන පියාඹනො..!

      මිනිස්සු ඔය ඉහත සඳහන් සතුන් සියල්ලටම ගේම දෙති...එහෙනන් අපි එක් එක්කෙනා එක, එක සතා වෙනුවෙන් Assign කරගෙන ගිනි තියා ගම්මු... මම නම් තෝරා ගන්නේ "ඩක් බිල්ඩ් ප්ලැටිපස්" ය.. ඌ හරි හුරතල්ය...!.. ඌ වෙනුවෙන් ගිනි තියා ගැනීම අවුලක් නැතැයි සිතෙමි..!

      ඔය සේරටම වඩා මනුස්සයා සම්පතකි..! .. එහෙව් මනුස්සයන් දහස් ගණන් අතුරු දහන් වී සමූහ මිනී වළවලින් හමුවන, අත් පා බඳින ලද නිරුවත් මළ සිරුරු ලෙස හමුවන රටේ මනුස්සයෝ වෙනුවෙන් ගිනි තියා ගන්න පිට සක්වළ ජීවීන් සූදානම් වෙන බවට තොරතුරු සැළ වෙමින් පවතී... ඒකත් කවර් කරන්න ස්වණ්න වාහිනියෙන් යනවාය..! by DK

      Delete
    6. කල ක්‍රියාවේ සාධාරණ අසාධාරණ භාවය කෙසේ වෙතත් තවත් ප්‍රාණීයෙකුගේ ජීවිතයක් වෙනුවෙන් තම ජීවිතය පුද දීමට හැකිවීම ගැනනම් මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.

      මරාගෙන මැරෙන කොටි කාන්තාවන් ගැන ඔවුන්ගේ අරමුණු සාධාරණීයකරණය කරමින් කෙටි කතා ලියවෙන ලෝකයේ තවත් කෙනෙක් වෙනුවෙන් හඬක් නගන කොට එක යටපත් කරන්න හදන එකනම් පිළිකුල් සහගතයි.

      මිනිහෙක් පිච්චිලා මැරෙනකම් කැමරාව අල්ලාගෙන ඉන්න තරම් අමනුස්සයෙක් වෙච්ච කැමරාකරු රටින් පිටුවහල් කරන්නෙයි කියලා හඬක් නගන්න කාටවත් බැරි ඇයි?

      Delete
    7. මේ අවස්ථාවේදී මේ හිමිනම ගත්තේ කලේ වැරදි ක්‍රියාවක් , මේක හිමිනමකට සුදුසු දෙයක් නෙමේ .. එතනයි වැරැද්ද ..

      Delete
    8. තමන් හරියැයි පිළිගන්නා මතය සාක්ෂාත් කිරීමට කෙනෙක්ට තමන්ගේ ජීවිතය පුජා කිරීම වැරද්දක් විදියට මම දකින්නේ නෑ මොකද ඒක ඒ කෙනාගේ පෞද්ගලිකත්වය (මෙතැන හාමුදුරුවෝ ගිනිතියා ගත්තේ බැංකු ණය ගෙවාගන්න බැරුව වත් , කෙල්ල වෙන එකෙක් එක්ක යාලු උන නිසාවත් නෙවෙයි).තමන් හරියි කියලා පිළිගත්ත මතය තවත් ශක්තිමත් කරන්න.

      ඔය කතාව බුද්ධාගම අනුව බැලුවොත් සමහර භාවයන් බෝධිසත්වයෝ පාරමිතා පුරනවා කියලා කරලා තියෙන්නේ හරක් වැඩ නේ.ඇස් ඉස් මස් නහර දන් දෙන එකත් එතකොට හෙනම හරක් වැඩක නේ.එතකොට අර හසලක ගාමිණි ලා එහෙම ජීවිතය පුජා කරලා නෑ දිවිනසා ගෙන.ඇයි ඉතින් මැරෙන බව දැන දැනම ඔය පැනලා තියෙන්නේ.

      ඔය කතා ඔක්කොම පැත්තකින් තියමු.මම කොහෙත්ම ඔය හාමුදුරුවෝ ගිනිතියාගත්ත එක අනුමත කරන්නේ නෑ.මම කියන්නේ ඒ මනුස්සයාගේ තිබිච්ච අධිෂ්ටානය හෑල්ලු කරන්න එපා කියලා විතරයි.ඒ මනුස්සයා හරකෙක් කියන්න තරම් සදාචාරාත්මක අයිතියක් මේ කීබෝර්ඩ් පිටිපස්සේ හැංගිලා ඉන්න අම්මට කිරි එරෙන්නේ නැති දවසේ ඉඳං ගොන් කිරි බීපු තාමත් උදේ හවා ගොන්කිරි බොන ගොඩක් වීරයන්ට නෑ.

      Delete
    9. //ඒ ස්වාමින් වහන්සේට අරමුණ කරා යෑමට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ ...!//

      උන් වහන්සේගේ අරමුණ නිරයට යාමද ?

      Delete
    10. @Ano -නිර්නාමිකයෙක්ට කියල පලක් වෙන්නේ නැහැ
      @සු දී ක -යහපත් අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකිරීම නිරයට යාමට හේතුවක් වේවිද ?

      Delete
    11. උබ ගැන ාඅඩම්බරයි මචන් .. බැනුම් අහන්න බලාගෙන කෙලින් කතා කරන එකට.. විශිශ්ඨයි ..!!!!!
      - පත්තර මල්ලි.-

      Delete
    12. මාතලන් .. වචනයට සමාවෙයන් .උඹ කුහකයෙක්..‍රැඩිකල් කියන්නෙ අමනුස්සකම නෙමේ මචන්. ාඅයෙමත් සමාවෙ‍යන් ..
      - පත්තර මල්ලි. -

      Delete
  3. බෞද්ධකම ගැන හරි අවබෝධයක් නොතිබුණකම නිසා නිරපරාදෙ නැති වුණ ජිවිතයක්.ඇත්තටම ඒ ක්‍රියාව ගැන හැබෑ කැක්කුමක් තිබිලා තියෙනවා.ඒත් ඒ කැක්කුම හරි විදියට යොදාගන්න විදිය ගැන හාමුදුරුවන්ට හැගීමක් තිබිලා නෑ.හාමුදුරුවනේ ඔබ වහන්සේට මතු භවයන්හීදි යහපත් උපතක් ලැබී ලෝකයට සේවය කරන්න හැකියාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම ලැබෙනව නම් බුද්ධාගම බොරු. අනික මෙච්චර කල් දිවිනසාගත්ත උන්ට කොච්චර අසාධාරණයක්ද?. මින් මතුවටනම් ප්‍රශ්ණයක් නෑ. දිවි නසා ගැනීම උතුම් ක්‍රියාවක් නිසා...

      Delete
    2. *අරමුණක් වෙනුවෙන් ජීවිතය කැපකරන්න බැරිද ?

      මේ සම්බන්දව තර්ක කරන්න කිසිම කැමැත්තක් නැහැ නමුත් "බුද්ධාගම බොරු" කියපු නිසයි කිව්වේ. අනික ආගමක් හෑල්ලු වෙන විදියට හින්ට් එපා.

      Delete
  4. හද සසල කරන සිදුවීමක්. මහනුවර සිදුවීම රූපගත කල මාධ්‍යවේදීයාගේ ක්‍රියාකලාපය නින්දිතයි.

    ReplyDelete
  5. අපි දැන් කරන්නෙ ඒ හාමුදුරුවන් අපි අදහන මතය ඔප්පු කරන්න පාවිච්චි කරන එක, ප්‍රසිද්ධියේ සහ හිත ඇතුලෙන් , එක තමයි අපි හෑමෝම කරන්නේ ,

    ReplyDelete
    Replies
    1. මේ මැෂිමාට හිතුණොත් ඔහොම දෙයක් තමා.

      Delete
    2. ඇයි බං ඒක බොරුද හා

      Delete
    3. එක ඇත්ත,මේ සිද්ධියේදී විතරක්‌ නෙවෙයි,හැම සිද්ධියකදීම කතාව ඕකයි.

      Delete
  6. හද සසලකරන සිදුවීමක් .. ස්වාමින් වහන්සේගේ අරමුණ හොද උනාට ක්‍රියාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවන්. නමුත් උන් වහන්සේ පාරමිතාවක් පිරුවා කියන එකයි මගේ අදහස. .. .. .

    ශාසනයට මෙහෙවරක් කළහැකි යහපත් උපතක් ලැබේවා......

    ReplyDelete
  7. වැඩේ මොකක් උණත් සිද්ධ උණුදේ නම් හද සසල කරනවා.

    නලීන්ගේ මේ අඩවිය විදේශවල ඉන්න අයට හරියට වටිනවා. වැදගත් ප්‍රවෘත්ති ඉක්මනින් සපයනවට නලීන්ට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. තාර බර ඇරල ගන්නවනම් තමයි ඉතින් හොද... නලීන් උනත් පත්තර කාරයෙක්නෙ....

      Delete
    2. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසියයුතුයි කියල කියමනක් ඇත.

      Delete
  8. අරක්කු බාර් වලට, ගණිකා මඩම්වලට, බුකී වලට ගිනි තියාගන්න කවුරුත් නැද්ද?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. වෙසක් එක කෑවා!
    ටටා බුද්ධාගම

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හාමුදුරුවෝ බුදද්දාගමේ නෙවේ .චම්පිකයාගෙන් අහන්න ඕනේ

    ReplyDelete
  13. Subsequent inquiries have revealed that this monk, Indraratne of Bowatte who engaged in this anti religious act was a JHU member of the Pelmadulla local body ,and his membership was revoked because of his neglect of duties towards the public after being elected as their representative , that is he had been keeping away from attending the local body meetings. The JHU had earlier intimated by letter to the local body chairman that he had been sacked from the party.

    ReplyDelete
    Replies
    1. That only proves he is a genuine person unlike JHU monks..

      Delete
  14. ඒ හාමුදුරුවන්ගෙ චේතනාව පාරිශුද්ධ වෙන්න ඇති.නමුත් පැවිද්දෙකුට සහ බුද්ධ ධර්මයට සුදුසු දෙයක් නොවේ ඔහු කලේ.
    මා නම් සිතන්නෙ එම මල සිරුරට පොරකන බලු රැලට කරන්න තියෙන්නෙ යම්කිසි ක්‍රමවත් වැඩ පිළිවලක් සකස් කරල ජනතාව දැනුවත් කරන්න ඕන මස් කෑම එපා වන ලෙසට.
    ඕනෑ එකටයි එපා එකටයි සෙට් එක පේන්න සිවුරු උස්සන් TV කැමරා ඉස්සරහ වොයිස් කට් දෙන එක නමේ කල යුත්තෙ,මුළු රට පුරාම ජනතාව දැනුවත් කිරීමයි.ජනතාව කන එක නැවත්වුවාම මරණ එක අඩුවෙනව.නැත්නම් නැත්තටම නැති වෙනව.

    ReplyDelete
    Replies
    1. වීර ගව දිනය යනුවෙන් දිනයක් ප්‍රකාශ කර...වීර ගවයින් සැමරීමෙන් ගව ඝාතනය පිටුදැකිය හැක..... අවශ්‍ය වන්නේ රජයේ මැදිහත් වීම පමණි....

      Delete
  15. බොහෝ දෙනෙක් මේ හාමුදුරුවන්ව දන්නේ මේ ගිනිතබාගැනීම නිසයි, නමුත් මේ හිමි නම තමුන්ගේ ජීවිත කාලයෙන් බොහෝ කාලයක් ගව ඝාතනයට හා අන්‍යාගමීකරණයට විරුද්ධව ක්‍රියා කල කෙනෙක්(එය උන්වහන්සේ නියෝජනය කරන මතයට අනුව-විවිධ අයට විවිධ අර්ථකතන හා හැඳින්වීම් දෙන්නට පුළුවන්) ගිනිතබාගැනීම අනුමත කල නොහැකියි,
    නමුත් ජුගුප්සාජනකම සිද්ධිය මේ ගිනිතබාගැනීම දඩමීමා කරගනිමින් විවිධ වාසි ලබාගැනීමට පුද්ගලයන් ක්‍රියා කිරීමයි(මේ හා සම්බන්ධිත පුවත් බලන්න)

    ReplyDelete
  16. හාමුදුරුවෝ අපවත් වුනා කියලා ගව මස් කන උදවිය ගෙන් යම් පිරිසක් ගව මස් නොකා ඉඳීවි ..හාමුදුරුවෝ ආදාහනය කරල සතියකින් සියල්ල අමතකව යාවි ...අපරාදේ උන්නාන්සේගේ ජීවිතේ ...මේ වගේ හරක් ඉන්න රටක ජීවිත පූජා කරලා මොකටද ...?දැන් වත් ගත යුතු පියවර බලධාරීන් ගනියි 'දෝ සැකයි !උන්නාන්සේ කරපු දේ හොදයිද නරකද මම දන්නේ නෑ . හැබැයි උන්නාන්සේට තිබුනේ යහපත් චේතනාවක් ...ඒක වටිනවා ..

    ReplyDelete
  17. මේ දවස්වල මහනායක හිමිවරුන් සැතපෙනවා .පස්සේ අදහස් දක්වාවි .ටිකක් ඉවසන්න

    ReplyDelete
  18. මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා හමුවේ පැවැති අතර, එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් මහනුවර ප්‍රාදේශීය මාධ්‍යවේදියා මෙසේද කීය.

    "මා ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වශයෙන් වසර දහයක සිට කටයුතු කරනවා. 2013/05/24 වෙසක්‌ පොහෝදා කිව්වා ගව ඝාතනයට එරෙහිව විරෝධතා දක්‌වන භික්‍ෂූන් වහන්සේ නමක්‌ මහනුවර ක්‌වින්ස්‌ හෝටලය ඉදිරිපිට සිටිනවා, උන්වහන්සේ හමු වී මාධ්‍ය ආවරණයක්‌ කරන ලෙසට පණිවිඩය ලැබුණේ උදේ 10.30 ට විතර. පසුව මා යන විට දැක්‌කා අධික සෙනගක්‌ මහනුවර සිටින ආකාරය. මේ නිසා මා නැවත කොළඹ ප්‍රවෘත්ති අංශයට කිව්වා හිමිනමගේ දුරකථන අංකය ලබාදෙන ලෙසට. එය ලබාදෙන්නම් කියා දුරකථනය විසන්ධි කළා. ඉන් ස්‌වල්ප වේලාවකට පසු එම හිමියන්ම මගේ දුරකථනයට ඇමතුමක්‌ ලබාදෙනු ලැබුවා, ක්‌වීන්ස්‌ හෝටලය ඉදිරිපිට වාහල්කඩ අසලට පැමිණෙන ලෙසට."

    ඒ අනුව මා කැමරා ශිල්පී සංජීව සමග අදාළ ස්‌ථානයට ගොස්‌ භික්‍ෂූන් වහන්සේව මුණගැසුණා. උන්වහන්සේ සඳහන් කර සිටියා ගව ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට ඇති බව. ඒ අනුව මමත්, කැමරා ශිල්පී සංජීවත්, හිමිනමත් මහමළුවට පැමිණ හිමිනමගේ ප්‍රකාශය පටිගත කර ගැනීමට සූදානම් වුණා. ගව ඝාතනයට එරෙහිව තමන් විශාල වශයෙන් ක්‍රියාකාරකම් කළත් ලංකාවේ දිනකට ගවයින් පන්දහසක්‌ පමණ මස්‌ සඳහා ඝාතනය කරන බව උන්වහන්සේ කියා සිටියා. මේ සම්බන්ධයෙන් තමන් විරෝධය දැක්‌වුව ද මේ ගැන කිසිවකුගේ අවධානයක්‌ යොමු වුණේ නැහැ කියා උන්වහන්සේ කිව්වා. එනිසා එදින ආත්ම පූජාවක්‌ කිරීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ පැවසුවා. උන්වහන්සේ මේ සියලු දේ ගැන ලියූ ලිපි දෙකක්‌ ද මට දුන්නා. මා එය සාක්‌කුවේ දමා ගත්තා.

    ඉන් පසු අපි භික්‍ෂූන් වහන්සේ සමග මහමළුවෙන් එළියට ආවා. ඒ අවස්‌ථාවේ මා කැමරා ශිල්පියාට දැනුම් දුන්නා හාමුදුරුවන් සම්බන්ධයෙන් කල්පනාවෙන් සිටින ලෙසට. පසුව මා ඒ ආසන්නයේ තිබූ බත් දන්සල රූගත කරන ලෙස කැමරා ශිල්පියාට දැනුම් දුන්නා. මා නැවත හැරී බලනවිට කැමරා ශිල්පියා වෙනත් දෙසකට කැමරාව යොමු කරමින් සිටින ආකාරය මා දුටුවා. ඒ අවස්‌ථාවේ මා දුටුවා හිමිනම අත ප්ලාස්‌ටික්‌ කෑන් එකක්‌ තිබෙනවා.

    හදිසි මරණ පරීක්‍ෂක -

    මේ කෑන් එක කවුරුහරි හිමිනමට ගෙනත් දෙනවා ඔබ දැක්‌කාද?

    සාක්‍ෂිකරු -

    නැහැ ස්‌වාමීනි. මා කලින් දකිනවිට උන්වහන්සේගේ භාරයේ තිබුණේ රතුපාට පිටකවරයක්‌ සහිත දින පොතක්‌ පමණයි. නමුත් මා හිතනවා උන්වහන්සේට කිසිවකු විසින් මේ ප්ලාස්‌ටික්‌ කෑන් එක දෙන්න ඇති කියලා.

    පසුව උන්වහන්සේ, ගව ඝාතනය නවත්වනු කියා කෑගසමින් කිසිවකුත් මා අසලට ළං වෙන්න එපා යෑයි කියමින් කෑන් එකකින් දියරයක්‌ වැනි යමක්‌ ඇඟට වත් කර ගන්නවා දුටුවා. මා ඒ වෙලාවේ සිටියේ මීටර් 10 ක්‌ පමණ දුරින්. මා කෑගසමින් මේක නවත්වන්න... නවත්වන්න කියා කෑගැසුවා. එවිටම එතන සිටි පුද්ගලයෙක්‌ කෑන් එක ගැනීමට යනවාත් එක්‌කම උන්වහන්සේගේ සිවුරට ගිනි ඇවිලෙනවා දුටුවා. හිමිනම මද දුරක්‌ ගියා. ඒ අවස්‌ථාවේ දන්සලක්‌ අසල සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකාය හා ජනතාව එකතුව වතුර ගසා උන්වහන්සේගේ ඇඟේ ගින්න නිවා දැමීමට කටයුතු කළා. පසුව උන්වහන්සේ රෝහලට රැගෙන ගියා.

    කොළඹ දකුණ සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතා -

    "මෙම හිමිනම දිවි නසා ගන්නා බවට ප්‍රකාශ ඉදිරිපත් කර තිබියදී ඇයි ඔබ පොලිසියට දැනුම් දීමට කටයුතු නොකළේ?"

    මගේ අත්දැකීම් අනුව බොහෝ අය ගිනි තබාගන්නා බවට තර්ජන කළ ද එහෙම ගිනි තියා ගත්තේ නැහැ. ඒ නිසා මා මෙම හිමිනමගේ ප්‍රකාශය ගැන ද එතරම් සැලකිල්ලක්‌ දැක්‌වූවේ නැහැ."

    සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතා - "මාධ්‍යවේදියකු වශයෙන් මෙන්ම පුරවැසියකු වශයෙන් ඔබට ගිනි තබාගන්න සැරසෙන භික්‍ෂූන් වහන්සේව බේරාගන්න තිබුණා. නමුත් ඔබ එහෙම කළේ නැහැ නේද?

    "මම උන්වහන්සේගේ ක්‍රියාව නවත්වන්න කටයුතු කළා."

    සහකාර පොලිස්‌ අධිකාරි -

    "මම කියනවා සාක්‍ෂිකරු හා ඔබගේ කැමරා ශිල්පියා මෙම හිමිනම දිවි නසා ගන්නා බව දැන දැනම ඡායාරූපගත කිරීමේ කටයුතු කළා කියලා. ඒ වගේම උන්වහන්සේ බේරා ගැනීම සඳහා උත්සාහයක්‌ ගෙන නැතැයි ද පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

    සාක්‍ෂිකරු -

    "මා එය ප්‍රතික්‍ෂේප කරනවා"

    සහකාර පොලිස්‌ අධිකාරි -

    මෙම සාක්‍ෂිකරු හා කැමරා ශිල්පියා මෙම සිද්ධිය වූ ස්‌ථානයේ සිටි අන් අයට වඩා හිමිනම දෙස එක එල්ලේ කැමරාව එල්ල කර ඇති අන්දම පටිගත වී තිබෙනවා. මෙම හිමිනම බේරා ගැනීමට උත්සාහයක්‌ ගෙන නැති බවද මෙයින් පෙනෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

    සාක්‍ෂිකරු -

    මම එයත් ප්‍රතික්‍ෂේප කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔය වාර්තා කරන,කැමරා වලින් වෙන අට මගුල් කැමරාගත කරන එව්වන්ට හොද ඉවක් තියෙනව වොයිස් කට් දෙන එකා හැරෙන්නෙ තණකොළ ගොඩේ පහරන්නද,තණකොළ කන්නද කියල.
      ආරක්ෂක අංශ දැනුවත් නොකිරීම ගැන මේ බල්ලට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

      Delete
    2. මූ වගේ උන්ට ලොකු උන්ගෙ නම යටතෙ අර වගෙ උනු උනු එකක් දාගෙන බඩ මහත් කර ගැනීමයි .. උන්ගෙ ලොක්කන් උන කොම්පැණි කාරයින්ටත් ඕනෙ ඒකමයි ඔයවගෙ එවුවට උන්ට හොඳට ගෙවනවානෙ. අර හාමුදුරුවො බේරාගත්තානම් කොහෙද එහෙම ගතම් ? මූට දඬුවම් දෙන්න ඕනෙ මේ කල ජඩ වැඩේට..

      Delete
    3. මෙර්හන වැරද්දත් කමරාකාරයාට දාලා. පොර දන්සලට ගිය වෙලාවෙදිලු දියරෙ වක්කරගෙන තියෙන්නේ. 10M ඈතින් ඉද්දි පෙට්‍රල් සුවඳ දනිලවත් නෑ. :D

      වසරේ විශිෂ්ඨතම මාධ්‍යවේදියා සම්මානයෙන් පිදුම් ලබන්නේ..........

      Delete
    4. මේ සදාචාරයක් නැති බල්ලෝ හාමුදුරුවෝ බේරාගැනීම පැත්තකින් තියලා වීඩියෝ එක රෙකොර්ඩ් කළා "මේක තියෙන්නේ අපි ළඟ විතරයි කියන්න".

      මේ කාලකනි වීඩියෝ එකට සම්මානයක් දුන්නේ නැත්නම් තමයි පුදුමේ.

      Delete
  19. හාමුදුරුවන් මේ වෙනුවෙන් ජීවිතේ පූජා කරපු එක වටිනවා, ඒත් ඒක වැඩක් වෙන ආකාරයෙන් සිදු වුනා කියලා මටනම් හිතෙන්නෙ නෑ. කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරියට පියවර ගනී කියල හිතෙන්නෙ නෑ මට...

    ReplyDelete
  20. මේක අමතක වෙන්ඩ කලින් හරක් මරන එක නවත්තන්ඩ නීති හදාගන්ඩ අපි දැනගන්ඩ ඔ්නේ නීතියේ විදියට මේක සියදිවි හානි කරගැනීමක් කියලා නඩු දාන්ඩ ඔ්නේ ඒ නඩුවෙදි හරක් මරන එක නවත්තන්ඩ කියලා නීතියක් උසාවියෙන් සම්මත කරගන්ඩ අපිට පුළුවන් වෙන්ඩ ඔ්නේ ඒ වගේම තමයි හාමුදුරුවන්ගේ අන්තිම කැමැත්ති පත්‍රයෙත් තියෙන්නේ ගව ඝාතනය නතර කරන එක

    ReplyDelete
  21. ගව ඝාතනය නුසුදුසු වුණත් මෙ වැඩේ සුදුසු දෙයක් හැටියට මට පේන්නෙ නෑ.

    ReplyDelete
  22. ඇයි ම‌ට තර්ජන, වර්ජන, උපවාස, ගිනි තියාගැනීම්, බෙල්ලෙ වැල දාගැනීම්, ලිං වලට පැනීම් ගැන තව සති දෙකක් යනකම් පත්තර වලයි ටීවී වලයි දිගින් දිගටම පෙන්නයි කියලා හිතෙන්නේ...

    මං පහ වසරේ ඉන්න කොට අපේ ඉස්කෝලේ මොකද්ද කම්පේන් එකකට අපෙන් අත්සන් ගත්තා හරක් මස් කන්නේ නෑ කියලා.. ඒ කාලේ ඒකේ තෙරුම මොකද්ද කියලා කෙසේ වෙතත්, හරියට අත්සන් කරන්නවත් දන්නේ නෑ.. හැබැයි කාලයක් යනකම් ඒක හිතේ තිබ්බා... එතකම් මරක් මස් කාලා තිබ්බෙත් නෑ.. දැන් කන්නත් බෑ... මට හිතෙන්නේ මේ වගේ දෙයක් නවත්තනවා නං ඒක පොඩි කාලෙදිම කළොත් බොහෝ දුරට හරියයි කියලා....

    ReplyDelete
    Replies
    1. උම්බෑ.... උම්බෑ...
      උම්බෑ.... උම්බෑ...
      උම්බෑ.... උම්බෑ...
      උම්බෑ.... උම්බෑ...
      උම්බෑ.... උම්බෑ...

      Delete
  23. මොනම හේතුවක් නිස හෝ සිය පණ නසා ගැනීම පාපයක් හැටියට තමයි බුදු දහම හඳුන්වන්නෙ. හැබැයි ජාතක කතා අනුව ගියොත් ගෞතම බුදුන්වහන්සේ බෝධිසත්වයෙක් හැටියට එක වරක් කොටි දෙනක් කුස ගින්න නිසා තම දරුවන් කෑම වැලැක්වීමට දිවි පුදනවා. ඉතින් ඒක ජීවිත ගනනක් බේරන්න කල දිවි පිදීමක්. මෙතනදිත් හාමුදුරුවෝ නිර්නාමික සතුන් දහස් ගනනක් වෙනුවෙන් දිවි පිදු නිසා චේතනාව පාරිශුද්ධයි..ඒත් උන් වහන්සේට ජීවත්ව ඉඳගෙන ඊට වඩා මෙහෙයක් කරන්න තිබුණා. හැබැයි එහෙම කියල අනිත් පැත්තත් කියන්න ඕනෙ. බුද්ධාගම බේරාගන්න වගේම සතුන් මැරීම වලක්වන්න කෙසේ වෙතත් අවම කරන්න නම් කරන්න ඕනෙ ප්‍රතිපත්ති රකින සංග පරපුරක් හා ගිහි පරපුරක් ඇති කිරීමට වෙහෙසීමයි ආදර්ශයෙන් මිනිසුන් පෙලඹීමයි.. එහෙම නැතුව සිවුර කරට අරන් පොලිසිය එක්ක යුද්ද කරමින් රටේ නීතිය තමන් අතට ගැනීම නෙවෙයි..
    බුදුන් වහසේ වැඩසිටි අරමට අද්දර චුන්ද සූකර ඌරන් මැරුවා. බුදුන් වහන්සේ රජවරුන් හරහා නීති මගින් ඒවා නැවැත්වීම්ට තැත් කිරීම නිශ්පල බව දැන ගෙන පලමුව තමන් පාරිශුද්ධවීම පමණක් කල හැකි කලයුතු බව දේශනා කලා ක්‍රියාවෙන් ඔප්පු කලා. අදටත් මේ සත්‍යය ඒ විදිහටම වලංගුයි.. බටහිර රටවල ඇරඹුන නිර්මාංෂ ව්‍යාපාර ජනප්‍රියවෙන්නේ බුද්දාගම නිසා නෙවෙයි .. සතුන්ගේ අයිතිවාසිකම් පිලිගැනීමට තරම් බුද්දියෙන් මිනිසත්කමෙන් පරිනාම උන මිනිස්සුන් මූලික වීම නිසයි.. ‍රැකියාව උදෙසා රටවල සංචාරය කරන නිර්මාංෂිකයෙක් වන මම දශක යකට පෙර තරම් අසීරුකම් අද නොදකිමි. සෑම නගරයකම නිර්මාංශිකයින් සඳහා වෙන්වූ ආපන ශාලාත් සෑම ගුවන් සමාගමකම නිර්මාංෂික ආහාර සැපයීමත් බහුතරයක් හෝටල් වල නිර්මාංශික ආහාර වෙනම සැපයීමත් අද සාමාන්‍ය දෙයක්.. සෑම සතෙකුටම මේ මහ පොලොව මත වදයෙන් හිංසාවෙන් තොරව ජීවත් වීමේ අයිතියක් තියෙන බව පිලිගන්න තරම් මිනිසා මනුස්සත්වයෙන් පරිනාම වෙන්න කල්ප ගනනක් යාවි.අමතක කරන්න එපා මිනීමස් කා ජීවත් වූ මිනිසුන් සිටි යුගයක් නිමා වූ බව..මිස්නීමස් කෑ සියලු මිනිසුන් එය ආගමක් ලෙස සැලකූ බව හා එය වරදක් ලෙස නොදු‍ටු බව් අමතක කරන්න එපා ඒත් එක සත්ව ජීවිතයක් හෝ ‍රැකීම වටිනා දෙයක්.. පලමුවෙන්ම සංග පරම්පරාව නිර්මාංෂික විය යුතුයි.. මස් කැමේ වරදක් නැති බවට දේශනා කරන බහුතරයක් සිටින රටක ඔබ වහන්සේගේ පරිත්‍යාගය නිෂ්පල නොවේවා.
    සතුන් මැරිල්ල අපේ රටේ ශීග්‍රයෙන් වැඩිවේගෙන යන්නේ ඉල්ලුම වැඩිවීම නිසා මිස සැපයුම වැඩි වීම නිසා නෙවෙයි කලයුත්තේ ඉල්ලුම අඩු කිරීමයි එය කල හැක්කේ මිනිස් මනස් හැදීමෙන් විතරයි යන බුදු වදන මම මතක් කරන්නම්..
    දිවි පිදීමෙන් විසඳිය නොහැකි බව ඇත්තක් වුවත් අහිංසක සතුන්ගේ ජීවිත වෙනුවෙන් දිවි පිදූ ඔබ වහන්සේට මම ශීර්ෂ ප්‍රනාමය පුදමි..එහෙත් නියම මග එය නොවන බැවු බුදු හිමි පෙන්වූ මග බව නැවත් නැවතත් කියන්නෙමි..

    ReplyDelete
  24. මේ පුවත සමග සියල්ලෝම පිල් දෙකකට බෙදි මරාගන්නා හැටි දුටිමි .... හාමුදුරුවො ආත්ම පූජාවක් කලා ඇත්තය ...නමුත් සාර්තකද ? තව සති කිහිපයක් ඔය වෙනුවෙන් කෑගසනු ඇත ... නමුත් පලක් නැත .. දැණ් සන්විදානය වන්නන් මීට ප්‍රතම සන්විදානය වූවා නම් මෙම මරණය වලක්වා ගැනීමට තිබුනා නොවේද...

    …ආත්ම පූජා කල හාමුදුරුවන් වහන්සේට දොහොත් මුදුන් දී වන්දනා කරමි ..ඒ උන්වහන්සෙ සතුවූ අධිශ්ටාන පූර්වක බවටය ...

    …ගව ගාතනය අන් සියලුම සත්ව ගාතන වලට වඩා හිතට දැනෙන්නෙ ගවයා පවුලට සමීප සතෙකු වන නිසාය ... කොටින්ම මිනිසුන් හැදෙන්නෙ උගෙ කිරි වලින් නිසාය ... තහනම් කල යුතුය ... ඒ මීට වඩා ක්‍රමවත් ආකාරයකට මිස ජීවිත පූජාවෙන් නොවේ ...

    ReplyDelete
    Replies
    1. වර්තමාන ගවයාගෙන්- කිරි(සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන), පොහොර
      කුකුලාගෙන්- බිත්තර, පොහොර

      ගවයත් මස් කඩයට, බිත්තර දාපු කිකිළිත් 'කරි චිකන්' විදියට මසට!

      ලොකු වෙනසකුත් නෑ.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT