ගිරවා ගේ පාට කොළ කියලනේ අපි අහලා තියෙන්නේ. සාමාන්‍යෙයන් අපි දැකලා තියෙන්නෙත් ඒ වාගේ කොළ පාට ගිරවු විතරයිනේ.
ඒත් දැන් එහෙම කියපු කාලෙ ඉවරයි.
ඕං අපිට හම්බ වුණා කළු පාට ගිරවෙක්.පොලොන්නරුව නව නගරයේ ගලන්ගොල්ල ගමෙනුයි මේ ගිරවව හම්බ වුණේ. ඒක වුණේ මෙන්න මෙහෙමයි.
ජී.වී. චන්ද්‍රසිරි මහත්තයලගෙ ගෙදර ඇඹරැල්ලා ගහක් තියෙනවා. මේ ගහේ තියෙන කුඩා බෙනයකයි ගිරව වාසය කළේ.
ගිරවුන්ගේ සදාකාලික වෛරක්කාරයා වුණ ගැරඩියා හදිසියේම බෙනය ආක්‍රමණය කරලා.
මේ හදිස්සි ව්‍යසනයෙන් කලබල වුණ ගිරවා ගහෙන් බිමට වැටිලා.
එහෙම වැටිලා ඉන්නකොටයි චන්ද්‍රසිරි මහත්තයලගෙ ගෙදර උදවියට හම්බ වෙලා තියෙන්නේ.
ගිරවගේ ඇගේ මොනවා හරි කළු පාට දෙයක් ගෑවිලා කියලා ගෙදර උදවිය ෂැම්පු දාලා හෝදලා එහෙමත් තියෙනවා.
ඒත් පස්සෙ තමයි හෙළි වෙලා තියෙන්නේ මේ ගිරවාගෙ සාමාන්‍ය ස්වාභාවය කියලා.
ඒ කියන්නේ කොළ පාට ගිරවා කළු පාට වෙලා.
ඒ ගැන හොඳටම පුදුමයට පත් නොවී ඉන්නම බැරි නිසයි මෙහෙම පළ කරන්නේ.
දිනමිණ පුදුමයි ඒත් ඇත්තයි තීරයට මේ පුවත එව්වේ
මනම්පිටියේ නිමල් ජයරත්න
අනේ බන්... ගිරවගෙ ඇගේ කලුපාට ගාලා පෙන්නුවාම උඹල රැවටිලා රටම රවට්ටනවා....
ReplyDeleteඔබට වැරදීමක් ඇනෝ මේ පුවත ආ පසු අප වාර්ථාකරුවකුගේ මාර්ගයෙන් එහි සත්‍යතාව තහවුරු කර ගත්තා. ඇලි සතුන් සිටිත් නම් කාලවර්ණ සත්වයන්ද සිටිය හැක.
Deleteකාක්කෙක්ගේ කැත වැඩක්.. කපුටිට මාට්ටු උනොත් බඩුම තමයි...
ReplyDeleteගිරවට මාට්ටු උනොත් නිකන් ඉඳි කියලා හිතනවද ...?
Deleteසැකයේ වාසිය විත්තියටලු
Deleteමෙම ගිරවා සොයා අඹරැල්ලා ගස් බඩ ගෑ ගැරඬියාට මගේ උපහාරය...
ReplyDeleteඒකත් අදහන්න වටින වචනයක් තමා
Deleteඑහෙනම් අපිට ඉස්සරහට ගිරවා කලු පාටයි කියන්නත් පුලුවන්
ReplyDeleteගිරවො නුඹේ හොට වකුටුයි කියන්නත් බැරිවෙයිද ඉදිරියට
Deleteගිරවා කලු පාටය ,,,,ගිරවාට හෙටක් ඇත අපිට හෙටක් නැත.. :P
ReplyDeleteඑනමුත් පූසා කළුපාටය. පූසන් සමග අපට හෙටක් ඇත.
Deleteපූසන් සමඟ හෙටක් පතන නලීන් ට ජයවේවා!
Deleteනලිය ඕව පෙන්වන්න ලංකාවෙ සංවර්ධන ය කරන්න හිර කාරයො චීනෙන් ගෙන්නපු කොමිස් කාරයන්ට.
ReplyDeleteඋන්නැහේලත් දැකලා ඇති මේ වෙන කොට කෙන්ජි අයියා.
Deleteකවුද දන්නේ මේ ගිරා පැටියට කටුසු බිත්තර කැවිලා පාට වෙනස් කිරීමේ හැකියාවක් ලැබිලද කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ශික් සත්තුත් අනියම් සැප හොයාගෙන ගිහින්
ReplyDeleteසත්තුත් දැන් මිනිස්සු වගේ වෙලා නේ
ReplyDeleteදැන් කපුටොයි, ගිරවොයි මිශ්‍රවෙලා...:D
ReplyDeleteනලීන් අයියත් හොයාගන්න දේවල්... බොහොම අගෙයි.... මම මගේ ලමයට උගන්නනව දැන් කාලෙ පුතේ කලු ගිරවොත් ඉන්නව කියල...
ReplyDeleteමේක නම් වල් වනචර කාක්කෙක්ගේ වැඩක් ...
ReplyDeleteයකෝ කුරුල්ලොත් කොටු පනින්න පටං අරන්ද ඒ ගමන?
ReplyDeleteඅන්න කපුටා නලින් අයියට විරුද්ධව අපහාස නඩුවක් දාල ලු. යසට හිටිය ඌට දැන් පාරෙ බැහැල යන්නත් නෑලු අයියා මේක ලෝකෙටම කිව්ව නිසා. :D
ReplyDeleteමේකේ කමෙන්ට් ටික නම් මරු.... ෆේස්බුක් එකට නම් කියලා වැඩක් නෑ... හි හි
ReplyDeleteමේ දැක්කමයි...ලොකු අයියෙ...
ReplyDeleteඅනේ අපොයි, ගිරවටත් කොළ පාට එපා වෙලා වගේ.
ReplyDeleteඉදල හිටල එහෙම වර්ණ විපර්යාසයන් වෙනවා.....ඒත් නොදැකපුම දෙයක් මේක.....වෙනස්.......
ReplyDeleteහැබැයි ලැබුන කමෙන්ට් නම් කියල වැඩක් නෑ.......