
උඩවලව සිට නැඟෙනහිර කලාපයේ කුමන ලාහුගල ගල්ඔය මාදුරුඔය ත්‍රිකුණාමලය දක්වා වන අලින් සංචාරය කරනු ලබනවා. මෙහිදි එක් ඉසව්වක පමණක් රැදි නොසිටින අලින් තම ගමන් මාර්ගය කිසි දින වෙනස් කරන්නේ නැත.
අලින් ගමන් ගන්නා මාර්ග අවහිර වන පරිදි නව ජනපද පිහිටුවිම නිසාවෙන් අලින් හට කැලයකින් කැලයකට සංක්‍රමණය විමට නොහැකි වී තිබේ.අද වන විට කැළයකින් කැළයකට අලින් හට යාමට සිදුව ඇතුතේ මිනිසුන් වාසය කරනු ලබන ජනාවාස මැදින්ය මේ ගැටලුව ට විසදුම් ලෙස අලි වැටවල් ඉදිකිරිම සිදු කරනු ලබයි .නමුත් එයින් සිදු වන්නේ ද අලින් හට තම ගමන් ගන්නා මාර්ගය නැතිව යාමකි .මේ කොටු කිරිමට අලින් කැමැත්තක් දක්වන්නේ නැත.
දිනෙන් දින වන අලින් ප්රචණ්ඩව හැසිරෙන ස්වභාවය වැඩි වී තිබේ .මේ ගැටලුව හදුනා ගන්නා තුරු අලි මිනිස් ගැටුම නිම වනනේ නැත.
මෙහිදි ඉතාමත් අමිහිරිම සිදුවිම් කිපයක් පසුගිය අප්‍රේල් මාසයෙදි අම්පාර ගලපිටගල ප්‍රදේශයේන් වර්තා විය.සති දෙකක් ඇතුළත මිනිස් ජිවිත දෙකක් අහිමි විය. නිවාස පහකට ආසන්න ප්‍රමාණයක් වන අලින් විසින් විනාශ කරන ලදි.
මෙම තත්ත්වය මත උද්ඝෝෂන ඇතිවිය .රජයේ නිළධාරින් දැඩි ලෙස අපහසුතාවයට පත් විය .
මෙම තත්ත්වයට අවසාන විසදුම වුයේ ප්රචණ්ඩව හැසිරෙන වන අලින් අල්ලා වෙනත් වනයකට ගෙන ගොස් දැමිමය.අනිකුත් අලින් සංවිධානත්මකව පලවා හැරිමට ද තිරණය විය .
එක් අලියෙකු ඇලිම සදහා රුපියල් ලක්ෂ තුනක් පමණ රජයට වැයවේ .මෙම තත්ත්ව හමුවේ මෙම වන භූමියේ ප්රචණ්ඩ අලින් තිදෙනෙකු ගම්වාසින් විසින් හදුනා ගෙන තිබිණ.
අලින් ඇල්ලිම සදහා වන ජිවි නිළධාරින් තිහකට ආසන්න පිරිසක් එම ගම්මාණයේ සතියක සිට කදවුරු බැද සිටිය අතර මෙහිදි ප්රචණ්ඩ අලින් හදුනා ගැනිම,හා ඔවුන් නිදහස් භූමියක දී නිරිවින්දනය කිරිමට සැලසුම් කිරිම වැනි කරුණු රාශියක් සිදු කිරිමට සිදු විය .
වන අලින් ඇල්ලම ආරම්භ වනුයේ ප්‍රදේශයේ ගම්භාර දෙවියන් සිහි කර වන ජිවි නිළධාරින් විසින් පොල් ගෙඩියක් පෙකර ගසක එල්ලා භාර විමෙන් ය.දින ගණනාවක් තිසසේ හදුනා ගත් අලියා අල්ලා ගැනිම සිදු කරනුයේ වන ජිවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය වරයෙකු යටතේ ය .
මෙම අවස්ථාවට එක් වුයේ අලින් නිර්වින්දනය කිරිම පිළිබද වසර ගණනාවක පලපුරුද්දක් ඇති ඩබ්.ඒ.ධර්මකිර්ති මහතාය.අලින් හැටකට අධික සංඛ්‍යවක් නිර්වින්දනය කර ඇති ධර්මකිර්ති මහතා පවසන පරිදි අලියෙකු නිරෝගි බව උස වැනි කරුණු විමසුමකට ලක් කිරිමෙන් නිරිවින්දනය කරනු ලබන බෙහෙත් ප්‍රමාණය තිරණය කරනු ලබන බවය.
අලියා නිර්වින්දන කිරිමෙන් පසුව මිටර් සියයක පමණ දුරක් ගමන් ගන්නා අතර ඉන් අනතුරුව දිගු නින්දකට වැටේ. මෙම අවස්ථාවේ දි කලින් සකස් කර ගනු ලැබු කඹ යොදා ගනිමින් අලියා බැද දැමිම සිදු වේ. මෙම අවස්ථාවේදි විටින් විට අලියා ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබෙන අතර එහි අවදානමක් තිබෙන අවස්ථා එමට ය.අලියා හට නිරිවින්දන බෙහෙත් විදිම සදහා යන අවස්ථාව දැඩි අවදාමක් පවති. එහිදි අලියා ආසන්නයට යා යුතු අතර පැය ගණනාවක් වනය තුළ බිහිසුනු අත්දැකිම් විදිමට සිදුවේ .මෙහිදි වනජිවි නිළධාරින් තම ජිවිතය පිළිබද සිතිමට වත් කාලයක් නැති අවස්ථා උදාවේ .
නිර්වින්දනය කරනු ලැබු පසු කඹ දමා බැද ගනු ලබන අලියා ප්‍රවාහනය කරනු ලබන ලෝරිය නිවැරැදි ලෙස ස්ථාන ගත කර ගැනිමට පැය කිපයක් ගතවේ මෙම අවස්ථාව වන විට අලියා නැවත් ප්‍රකෘති සිහිය ලබාදිමට ඖෂධ ලබා දේ. ඒ අතර තුර ආහාර ලබාදිම ද සිදු කරනු ලබයි.
මෙම ගම්මාණයේ ගම්වාසින් හට මෙම අලියා කොතරම් අලභහානි සිදු කරද අලියා බැද දමා අති අකාරය ගැන කනගාටුවෙන් සිටිය අවස්ථාද දක්නට ලැබින. ඇතැම් ගොවින් තම අස්වැන් පාළු කළ මෙම අලියා හට වී ගොනියක් ගෙනවිත් දිම සංවේදි දර්ශනයක් විය .අලියා බැද දමා ඇති විට නිතර නිතර අලියා හට ජලය ඉසිම සිදු කරනු ලබයි.
පැය කිපයකට පසුව බැකෝ යන්ත්‍රයක් මගින් ලෝරිය බිම් මට්ටට සකස් කර ගැනිම සිදු කළ පසුව නැවත වරක් යම් ප්‍රමාණයකට නිරවින්දනය කර කඹ ඇදිමෙන් අලියා පිටුපසට වන්නට ලෝරියට නංවා ගනි .
නැවත වරක් සුදුසු වන පෙතකට යන තුරු මෙම දැවැන්තයා විදින වේදනාවන් සුළුපටු නොව්. වෛද්‍යවරයා පැවසු පරිදි මෙය පව්කාර ක්‍රියාකාර කමකි.
මේ දුර්ලභ සේයා රෑ පෙළ මා වෙත ලබා දුන්නේ මා මිත්‍ර දිගාමඩුල්ලේ
චන්දන ලියනාරචිචි මිතුරායි
මේ සේයාරූ උපුටාගත්තාට කම් නැත. සේයා රෑ හිමිකරුගේ නම දැමිමටවත් සදාචාර සම්පන්න වන්න
මොනවා උනත් අලියෝ වැටිලා ඉන්නවා දැක්කාම දුක හිතෙනවා. අලියන්ටත් වැරැද්දක් කියන්න බෑ. අලියෝ කොහොමද දන්නේ ඒ ගොල්ලන්ගේ ගමන් මාර්ග වෙනස් කරලා කියලා. පින්තූරත්, සටහනත් හරියට වටිනවා නලීන්.
ReplyDeleteපින්තූරු ගත්තු චන්දනටත් විශේෂ ස්තූතිය.
මගේ දෑසට කදුලක් ඉනුවෙ නිරායාසයෙන්...ඒ මා දැඩිව සතුන්ට ආදරය කරන නිසාවෙන්. ලෝකයේ අප අද දියුණු ශිෂ්ඨාචාරයක පිවිස ඇතැයි උදම් ඇනුවත් සැබෑ ලෙසම එය එසේදැයි සිතා බැලිම වටී. මේ ලෝකය මිනිසාට පමණක් නොව අවශේෂ සතුන්ටද එකසේ හිමිය. එහෙත් අද මිනිසුන් ක්‍රියා කරන්නේ ඒ කාරණය කිසිසේත තැකීමකින් තොරව බව පැහැදිලිය.
ReplyDeleteසංවේදී කථාවක් අපට ගෙන ආ නලින්/චන්දන සුසංයෝගයට මගේ ස්තූතියි.
හැබෑටම දුර්ලභ පින්තුරු කතාවක් තමා...
ReplyDeleteදුප්පත් අලි. ජායාරුපවලින් කියවෙන්නේ ලොකු කතාවක්. අලි මං කඩවල් අයින් කරලා ජනාවාස හදන්ට බැරිද?
ReplyDeleteඅලි මංකඩ වල් කියනනේ අලින් ගමන් ගන්නා මාර්ග මේවා නැති කරලා දානවා කියනනේ අලින්ගේ මුලික අයිතිවාසිකමක් නැති කරනවා කියන එක
Deleteසජීව අත්දැකීම් තියෙනවා අයියේ. හැබැයි ඉස්සර තරම්නම් දැන් අලි ගම වදින්නේ නැහැ . මට හිතෙන්නෙත් උන් වඳවෙලා කියල. වටිනා සම්පත් :/
ReplyDeleteහතර බීරි වැඩක්... http://www.sciencedaily.com/releases/2012/12/121212130942.htm
ReplyDeleteමෙහෙමයි මෙතන මම කියන්නේ සම්පූර්ණ වැරැද්ද මිනිස්සුන්ගේ. අලින්ට වරදක් කියන්න බැහැ
ReplyDeleteකොහොම කලාත් සතුන්ද වෙධනාවක් තමා. අපි අනුන්ගේ ඉඩම් බලෙන් අරගෙන ඒවායේ අයිතිවාසිකම් ඉල්ලල්ලා පෙළපාලි යන වැඩක් මේක.(අදහසක් දෙකක් තියෙනවා මෙතන)
ReplyDeleteසංවේදී කතාවක්..... ඒ අහිංසක සත්තු මොනා කරන්නද.... උන්ගේ වාසස්ථාන අයිති කර ගත්තු අපියි වැරදිකාරයො..... මේකට ඇත්තටම විසදුමක් නැද්ද??
ReplyDeleteකවදා වත් ඉවර වෙන ප්‍රශ්නයක් නම් නෙවේ මේක
ReplyDelete\\\\වෛද්‍යවරයා පැවසු පරිදි මෙය පව්කාර ක්‍රියාකාර කමකි. \\\
ReplyDeleteමෙහෙම කියන එක නම් හරි නැහැ නේද ..? වට්ටක්කා ගෙඩි ඇතුලේ හක්ක පටස් , අලි වෙඩි , වෙන වෙන දේවල් දාල පුපුරවන එකට කියන්න දෙයක් නැති වෙනවා නේද ඔතොකොට...?
මේ අලින් අල්ලන විදියට උන් විදින දුක් කියන්න බැ එක දකින් ඕනෑ
Deleteමම දැකලා තියෙනවා චන්දන අලි අල්ලන් ගෙනල්ලත් තියෙනවා . කට ඇතුලේ හක්ක පටස් පුපුරලා මැරෙන්න පණ අදින සත්තුත් දැකල තියෙනවා.පින්නවල සත්තු විදින දුකත් දැකල තියෙනවා . ඔක්කොම දැකලා තියෙනවා . ඔය හැම දේම දුකයි.
Deleteඒත් මම මෙතන කී බෝර්ඩ් එකෙන් ශෝක ප්‍රකාශ කරාට අලින්ට වෙන සෙතක් නැහැ.ඒ වගේම අලි නිසා දුක් විඳින මිනිස්සුත් දැකලා තියෙනවා.වල් අලි නෙවේ හීලෑ අලි නිසා මස් කැලි කෑලි යන්න කුඩු උන මිනිස්සුත් දැකල තියෙනවා. මගේ සීයා කෙනෙක්ගේ ඇතෙක්ට වස දීලා මරපු එකත් දැකලා තියෙනවා .ඕව ඔක්කොම දැකලයි මම ඉන්නේ.
ඕව එකක් වත් නවත්තන්න අපිට බැහැ චන්දන . මිනිස්සු ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා .කැලෑ එළිවෙනවා . ගස් කෝලන් නැති වෙනවා . අලි කෑම හොයන් යනවා . අලි ගමට එනවා .
මිනිස්සුන්ට කැලෑ එළි කරන්න එපා කියලා අලින්ටත් ගම් වලට එන්න එපා කිව්වම හරියයි නම් ඔන්න කමක් නැහැ.
අම්පාරේ අක්කර දාස් ගානක් එළි කරා නිකරුණේ සති දෙකක උවමනාවට . ඒ වගේ අධූරදර්ශී ආණ්ඩුවක් ඉන්න රටක චන්දනලා අපි දුක් ගත්තට කරන්න දෙයක් නැහැ..ඒ වගේම චන්දන මේක වරදවා තෙරුම්ගන්නත් එපා.
චන්දන මහන්සියෙන් ගත්ත පින්තූර ටික වටිනවා ගොඩක්.ඒ දේවල් නොවෙන්න රට්ටු දැනගන්නෙත් නැහැනේ මෙහෙම දේවල්..මේ වගේ දේවල් දකින්නේ සීමිත පිරිසයි.ඇස ගැටෙන්නම ඕනේ මිනිස්සුන්ගේ ඇස ගැටෙන්නේ නැහැ..ඒ නිසා චන්දනත් මාත් ගැටිලා පලක් නැහැ...!
අපි තමයි ඉතිං වැරදිකාරයෝ....
ReplyDeleteමට නම් සියුම් වේදනාවක් දැනුනා මේක දැකල. අනේ මන්දා ඉතින් දෙපැත්තම බේරනවා කියන ඒකත් ලේසි නෑ නේ. ඔය ගිහින් දාන ඇතැම් අලි ආයෙත් කලින් හිටපු ප්‍රදේශ වලටම ආපු අවස්ථාත් තියනවා ලු..
ReplyDeleteමිනිසුන් වන අපිට තවම අනෙකුත් සතුන්ට අවශ්‍ය දේ දෙන්න නොහැකි වි ඇත.කොයි තරම් අපි දියුණු කියලා කිව්වත් අපි පරාජිතය.
ReplyDeleteමේ පිංතූර ටික දැක්ක ලංකාදීපෙ
ReplyDeleteසද්ධන්ත නෙවෙයි නලීන් සද්දන්ත
වරද පෙන්වා දීම ගැන ස්තුතියි හැලපයියේ... මේ වදන මගෙන් ලෙස්සා ගිය එකක්..
Deleteමම නම් අනුමත කරන්නෙ නෑ මේ වැඩ...බලපුලුවන්කාරයො අලින්ගෙ වාසස්ථාන අවහිර කරනව උන් ගම් වදිනව මිනිස්සු මරනව...උන්ව අල්ලන් ගිහින් අතාරිනව. ඒත් උන් ආයිත් එනව.
ReplyDelete"Minisun pamanak jeewath weemata theeranaya kala daa sita..." menna me tika nam mage hithata thadinma waduna. Oya maha lokuwata kaagahana ungen gihin ahanna one unge idamaka kenek awith balen padinchi unoth un aroota mayithree karala kanna bonna denawada kiyala..
ReplyDeleteඇත්තටම සමහර පින්තූර දිහා නම් බලන්නත් බැරි තරම්. මෙතනදි සත්තුන්ගෙ වැරැද්දක් නෑනෙ. උන් ඉන්නෙ හැමදාම උන් හිටපු තැන. මේක හරියට අපෙ ගෙදර බලෙන් පදිංචි වෙලා අපිට කරදර කරල ගෙයින් එළියට දානවා වගේ වැඩක්නෙ. ඒ සත්තුන්ට කොයි තරම් වධයක් දෙනවද.. මේ ප්‍රශ්නෙ මීට වඩා සැළසුම් සහගතව විසඳ ගන්න උත්සහ කරන එක සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් හොඳයි.
ReplyDeleteඇ නලින් අයියේ ඔය අලි ඔක්කොමලා අල්ලලා , යාලට හරි කොහාට හරි දාලා එන්ඩ බැරි වෙන්ඩ වැටක් ගැහුවනං ඉවරයිනේ.එතකොට මිනිස්සුන්ගේ පාඩුවේ මිනිස්සු අලින්ගේ පාඩුවේ අලි
ReplyDeleteආ අන්න හරි එතකොට අටමට හැමදාම උදේට අලින්ට කෑම ලොරි පිටින් අරගෙන යන්න පුළුවනි
Deleteබොහොම සන්වේදී රූපරාමු ටිකක් නලීන් අයියේ.... ඇත්තටම දුකයි... අපේ රටේ ඉහල පැලැන්තිවල ඉන්න සත්තු නිසා.... කෑලෑවෙ ඉන්න අහින්සක සත්තු ටික අකාලයේ මරෙනව....
ReplyDeleteබොහොම වටිනවා නලින්.
ReplyDeleteඉතාමත් සංවේදී පින්තූර ටිකක්. ඇත්තටම මේ අලි මිනිස් ගැටුමෙන් මිනිස්සුන්ට වැඩිය නැතිවෙලා යන්නෙ සත්තුංගෙ ජීවිත. මේක වලක්වගන්න ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්තෙ ඇයි කියල හිතෙනව. අපිට ඕන හැටියට ඉඩං අල්ලගෙන සත්තු උංගෙ පුරුදු පරිසරයෙන් ඉවත් කරන එක මමනං අනුමත කරන්නෙ නෑ.
ReplyDeleteඅලි අල්ලන එකත් අලි වැඩක්නේ......
ReplyDeleteඅලි ගැන දුකක් දැණුනෙ.. මේ අලි මිනිස් ප්‍රශ්නෙට විසදුමක් දෙන්න අමාරුයි... එන්න එන්න ප්‍රශ්නෙ බරපතල වෙන එකයි වෙන්නෙ...
ReplyDeleteඅළුතෙන් කැලෑ හිටවන්න ඕන... දැනට තියෙන කැලෑවලත් සත්තුන්ට කන්න ඕන දේවල් වගා කරන ක්‍රමයක්වත් ඇති කරන්න ඕන... අපි භුමියේ තනි අයිතිය ගැන හිතන එක වැරදියි..
ඒත් මේ ගම්වල ඉන්නෙ ගොවිතැනින් ජීවත් වෙන දුප්පත් මිනිස්සුනෙ.... ඒ මිනිස්සුත් අසරණයි...
එක්කෝ වහල් සේවය නැත්නම් මරණය යන දෙකෙන් එකක් තෝරාගන්න තත්වෙට අලි පත්වෙලා අපේ රටේ..
ReplyDeleteමේක දැක්කාම මට මතක් වුනේ තැන වෙනස් කරන්න ගිහින් වාහනය කඩන් වැටිලා මැරුනු දළ ඇතාව... මේ සතාට එහෙම දෙයක් නොවුන එකට දහස් වාරයක් හිතෙන් සතුටු වෙනවා... ඡායාරූප වලටයි ලිපියටයි ගොඩක් ස්තූතියි නලින්.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමේ කතාවේ එහෙම කතාවකුත් තියෙනවා මේ අලියා අරගෙන යන වේලාවේ අලියා ගිනියන ලෝරිය පෙරලෙන්න ගියා .ඒ වේලාවේ මම හිතුවේ මම කියන්න යන දේ වෙනස් වෙයි කියලා නමුල් ඒ සිදුවිම ඒ මොහොට පමනක් සිමා වුනා .නමුත් කුමණ අභය භුමියට මේ අලියා අරගෙන ගිහින් කැලයට අත අරින්න වුනේ නෑ ලෝරිය පෙරළුනා .ඒ කතාව කේදාන්තයක් වුනේ නෑ නමුත් ඒ සිදුවිමට නෑ කම් කියන්න .මේ අලියටත් තව ඩින්ගෙන් සිද්ධ වෙනවා .නමුත් ආරංචි වුන විදියට අලියා බෙරුනා කියලා තමයි ආරංච් මාර්ග සදහන් කලේ නමුත් අලියගේ වේදනාව සුළු දෙයක් නොවේ කියලා නම් දන්නවා .ඒ වේලාවේ එහි ගිය එක් අයෙක් අම්පාර රෝහලට ගෙනවිත් තිබුනා අලියගේ කඹ කපා දමා නිළධාරින් අලියා නිදහස් කරලා .තියෙනවා නමුත් අලියා ගැන කියන්න දෙයක් මට නැත්තේ දින කිපයක් ගත වන තුරු ලොරිය එම ස්ථානයෙන් ගන්න බැරි වුනා කියලා දන ගත්තම නමුත් වෛද්‍ය වරයා මට කියා සිටියේ අලියා සුවෙන් සිටින බවයි.මම තාම ඒ කතාව විශ්වාස කරනවා
Deleteමේ ප්‍රශ්නයට තිබෙන,කල් පවතින එකම විසදුම අලි ඉන්න ප්‍රදේශවලින් මිනිසුන් ඉවත් කිරීම සහ මිනිස් ගහණය පාලනය කිරීමයි.
ReplyDeleteඅනේ පලයන් සුමිත් තෝ දන්න ජන පාලනය.
Deleteඅනේ මන්දා... හොඳයි නරකයි ....
ReplyDeleteසුදු මහත්තයා කියන කතාව ඇතුලේ මොනවද හංගන්න හදනවා වගේ දැනේනවා
DeleteThis comment has been removed by a blog administrator.
Delete@AnonymousMay 11, 2013 at 10:21 AM - ඇනෝ සහෝ තවකෙකුට පුද්ගලික මඩ ප්‍රහාරයක් බැවින් ඔබේ කමෙන්ටුව මකන ලදී..මතවාදීව ඕනම දෙයක් කියන්න අවස්ථාව ඇත.
Deleteඅපිට වඩා දියුණු සත්වයෙක් ඉඳලා අපිවත් ඔහොම අල්ලලා නිර්වින්දනය කරලා කොහේ හරි ගිහිං දැම්මනම් අපිට කොහොම හිතෙයිද. අලියාටත් හිතීමේ ශක්තිය තියෙනවා.
ReplyDeleteකෑලය ඇතුලේ සැරිසරලා මේ දෙවල් බලන්න ලෙසි නැති හින්දා මම මගේ හිවත් ඔබ වෙනුවෙන් මේ ජායා රූප පෙල ගෙන අවා. මේ ජායා රූප කිසිදු මාධ්‍යක මා පලකර නෑ මේ සියල් සමකය වටේ ගෙන එන්නට උදව් කල නලින් මහත්මයා හට මගේ ස්තුතිය පිරිනමනවා ලෝකයේ සැගවුන දේ සොයා කැමරා ඇස ගෙන යන්න මා සුදානම්. මේ ජායා රුප වෙනුවෙන් කතා කරපු හැමොටම මගේ ප්‍රණාමය මේ හැම කොමන්ටුවක්ම මට ශක්තියක් මේ වගේ අවදානමක් ගන්න නැවත් වරක් නොපෙනෙන ලෝකය ඔබවෙත ගෙන එන්න කැමරාව හැම මොහොතකම මගේ අතේ තියෙවා.ඔබ කියන හැම දෙයක්ම තවත් මාණයක් ගොඩ නගන්න ශක්තියක්
Deleteඉස්සර අලි මෙල්ලකරන්න අලි මන්තර තිබිල තියනවලු නේද?
ReplyDelete