samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සූර්යතාපයෙන් මාළු  විජලනය කිරීමේ  තාප කුටීරයක් පළමු වරට අපේ රටේ නාත්තණ්ඩිය මූදූකටුව ධීවර ගම්මානයේ ස්ථාපිත කොට ඇත.

ගමට තාක‍ෂණය ගෙන යන විදාතා වැඩසටහන මඟින් ප්‍රදේශයට අවශ්‍ය තාක‍ෂණය සපයා ආවේනික සම්පත් භාවිතයෙන්  නාත්තණ්ඩිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. 

JPG_5435

JPG_5286

මූදූකටුව ධිවර ගම්මානයේ අතිරික්ත මාළු අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමයක් ලෙස සහ ධීවර ජනතාවට මාළු අස්වැන්නෙන් වැඩි ආදායමක් ලබා ගැනිමට පහසුකම්  සැලසිම  මඟින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

වෙනත් කිසිඳු බලශක්තියක් භාවිත නොකර සූර්යතාපයෙන් පමණක්  ක්‍රියාත්මක වන මෙම තාප කුටිරයෙන් දිනකට මාළු  කිලෝ 120ක් පමණ විජලනය කිරිමේ හැකියාව පවතී. මෙම  විජලිත මාළුවල විශේෂත්වය වන්නේ සම්ප්‍රදායික ක්‍රමයට සකස් කරන විජලිත මාළුවලට වඩා උසස් තත්ත්වයෙන් යුත් වැලි සහ අපද්‍රව්‍යයන්ගෙන් තොර රසයෙන් සහ ගුණයෙන් යුත් සෞඛ්‍ය ආරක‍ෂිත සහ ගුණාත්මක බවින් වැඩි කරවල නිෂ්පාදනයක් ලබා ගැනිමට හැකි වීමයි. 

සරල තාක‍ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විජලන තාප කුටීරය භාවිතය සහ නඩත්තුවද ඉතා සරල වීම සහ මුහුදට ආසන්නයේ ස්ථාපිත කිරීමට හැකිවීම විශේෂ ලක්ෂණයන් වේ. 

ප්‍රැක්ටිකල් ඇක්ෂන් ආයතනයේ තාක‍ෂණ දායකත්වය සපයා ඇති මෙම සූර්ය තාප මාළු විජලන කුටීරය තාක‍ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යාංශය මඟින් ස්ථාපිත කරනු ලැබූ පළමු විජලන තාප කුටීරය වන අතර මෙම ව්‍යාපෘතිය මීගමුව, හලාවත මුහුදු කලාපය තුළද විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා උතුරු නැගෙනහිර මුහුදු කලාපය තුළද ස්ථාපිත කිරීමට නියමිතය.

40 comments:

  1. MyPhoto

    අපතේ යාම පාලනය කිරීම, සෞක්‍ය ආරක්‍ෂිත බව ලැබෙන බවට විශ්වාසයි. හිට්ස් ලක්ෂයට සුබපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      බොහොම ස්තුතියි සු දී ක... ඒක මාත් දැක්කේ දැන්නේ.....

      Delete
  2. blogger_logo_round_35

    හොද වැඩක්,නියමයි...!!!

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      සාර්ථකව කළොත් හොඳ වැඩක් තමා.

      Delete
  3. FB_IMG_1561654098205

    බෝට්ටු කරවලවල මාකට් එක බහීවිද...?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මිල කෙසේ වෙතත් ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදනයක් කරන්න හැකිනම් හොදයි.

      Delete
  4. 197344_156019957792520_5855085_n

    දන්නවද ඔයිට වඩා මරු තාක්ෂණයක් තියෙනවා.. ආදාහනාගාරවල මිනී පිලිස්සිල අවසන් උනාම අළු ටික පැත්තකට කරල ඒ රස්නෙ පිටම කරවල දානවා.. පත්තරෙත් ගියා.. තාමත් සමහර පැතිවල ජයටම කෙරෙනවා

    ReplyDelete
    Replies
    1. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/


      අනේ වාසනාවන් ....

      Delete
    2. blogger_logo_round_35

      එහෙම දේවලුත් ඕන නෙව ආයිබොවන්.. නැතුව කොහොමෙයි ආශ්චර්යය කරා යන්නේ.

      Delete
    3. blogger_logo_round_35

      ඔබේ කතාව හරි සහෝ එහෙම දේවලුත් අපේ රටේ වුණා තමා.

      Delete
  5. .com/img/b/R29vZ2xl/AVvXsEh5XMJ6ul1Erwvj0gKPSEUNSuYsumMeISvFPZk1Rz_VjODEyikLHsRrm5k3gHFhvMy79Lgnkbwuz_QCbZf2ITglJB6Dvz4yptQveEPdfBH0lxg3ur1-Pcxdx4_83Q192w/s45-c/

    Karawala nokana hinda mata nam awlak na..
    Eth ithin dan me rate kerena asamajjaathi wada wala hatiyata oka mokadda neda Yasith.?

    Post 1e daala thiyana wade nam niyamayi. Me krameta one nam meheth karawala hadaaganna puluwan..
    Mata ewwa nam oya tika Sikuru walata genihin karawala karala genath denawane.. :-D

    ReplyDelete
  6. Untitled

    හොද වැඩක් වගේ....

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හැබැයි කොටුව ඇතුළට සමනළයන්ටවත් යන්න බෑ..

      Delete
  7. .com/img/b/R29vZ2xl/AVvXsEi_MXWqFyXMGiYLUF_JZ0Yhlg9xOoycbIpaS2Z3iqZWQ4yzuNhgkWjXXp5BQnqY-nCPx99GoQtZRGX_dTlp6o0zY_G8FPQiHA0nUZxv7DamNFPHWsTsshuyWjiDvqr7YFc/s45-c/


    ඕක හදාගන්න කීයක් විතර යනවද අයියේ .?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      රුපියල් ලක්ෂයකින් හැකියි කියා තමා විදාතා එක කියන්නේ.

      Delete
  8. 2023216-mount_fuji

    නලියො,නාත්තන්ඩියෙනම් මුදුකටුවක් නැහැ.මාරවිල මුහුදුකටුව නෙමේද?

    ReplyDelete
  9. 2023216-mount_fuji

    ඒ කරවල සුවදත් අර කරවල සුවදද...?

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      කොයි කරවල ගැන ද අහන්නේ... මන්නාරම් සුවද

      Delete
  10. blank

    දැලක් වගේ එකකින් වහල නේද තියන්නේ.. මාළුන්ට බය නැතුව අව්ව තපින්න පුළුවන් :D

    වැඩේ හොඳයි වාගේ. ඉහලින් තියන නිසා පිරිසිදුකම ත් රැකෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      පිරිසුදු කම කාර්යක්ෂම බව දෙකම සුරැකෙනවා

      Delete
  11. 1+-+Copy

    ඒ වුනාට අර ගෝනි වල දාලා කුණු කානුව දෙපැත්තේයි, ටකරං වහල උඩයි වේලන ඒවා තමයි ගුණ මම නම් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඇත්තටම ඒවා හරීඊඊඊ රසයි ආයිබොවන්..

      Delete
    2. blogger_logo_round_35

      මාල දිවයිනේ ඉන්න ඩූඩ්ට කරවල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ... සුපිරිම බඩු නේ ඔහේ තියෙන්නේ..

      Delete
  12. blogger_logo_round_35

    කොහොම උනත් මෙහෙම වැඩ අගය කල යුතුයි අපි. අපූරුයි...

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හොඳ වැඩක් සේ පෙනෙනවා සරා.

      Delete
  13. blogger_logo_round_35

    ආහාර කල්තබා ගැනීමේ නව ක්ර මයක්. දියුණුවේ මං සලකුණු.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      ඒ නිසාම තමයි මේ සටහන මෙතැනට එක් කළේ තරු

      Delete
  14. pro+pic

    ලංකාවේ ගොඩක් මාළු අස්වැන්න අපතේ යනවනේ. ඒක මගහරව ගන්න මේ වගේ ක්‍රමයක් ගොඩක් වටිනවා.

    ReplyDelete
  15. blank
  16. katuwaree

    හොඳ වැඩක් තමා. හිට්ස් ලක්ෂෙට මගෙත් සුබ පැතුම්!!!

    ReplyDelete
  17. ME

    හිට්ස් ලක්ෂයක් තියෙනවද? සුබ පැතුම්!!!
    වැඩේ නම් හොඳයි. වෙනවලුද? :)

    ReplyDelete
  18. blogger_logo_round_35

    නලින්, අමාවකේ කළාමැඳිරි වැඩේට නියම අර්ථකතනයක් දීලා තියෙනවා. ඔබද ඒ ලිපියට එහි ගොස් තිබෙනවා.
    ඔහු කියනවා වාගේ පරිමාණු ශක්තිය උපයෝගි කරගත් පරමාණු බල ශක්ති ඇමති පාඪලී අපි අගය කළ යුතුයි.
    දැන් කියයිනේ වැඩක් කලාම හොඳක් දකින්නෑ කියලා. ඒ නිසා දැනට බලා සිටිමු. තව වසරකින් ප්‍රගතිය ලියමු.

    ReplyDelete
  19. Self_Helpless_Logo

    අපතේ නොයන දෙයක් නම් කොහොම උනත් හොඳයි.

    ReplyDelete
  20. .com/img/b/R29vZ2xl/AVvXsEjwouAHe9pLqJh-DKqda5JFcYnXtM2x7E7uKIVZzA9uu8RU5x2koHXe1x2_1J7s_XMB8fmIfGGERlly7hiv1seH4P-HFdD-mIgvhaqRsGdPjdiE-jmjLl57XatqgnGMIw/s45-c/

    මේක හොද වැඩක්. බැනලා විතරක් හරියන්නේ නෑනෙ. හොද දේට හොදයි කියන්න එපැයි.

    ReplyDelete
  21. IMG_20190902_075227

    බොහොම වැදගත් මේ ක්‍රමය. මැස්සන්ගෙන් පැතිරෙන රෝග වලක්වාගන්නත්, මාලු කුණුවීමෙන් ඇතිවන ආසාදන වලක්වාගන්නත් පුළුවන් වේවි. මම මේ වාගේ ක්‍රමයක් මැලේසියාවේ දී දැක්කා. එහේ කරවල අපේ ඒවා වාගේ අපිරිසිදු නෑ. සුවඳත් හොඳයි. රසත් කදිමයි. ඒ මේවා වේලන ක්‍රමය නිසා වෙන්න ඇති.

    ReplyDelete
  22. IMG_7741+rat

    අපේ රටේ තියෙන සම්පත්වලින් නිසි ලෙස ප්‍රයෝජනය ගන්නවනම් මේ රට අද විශාල දියුනුවක් ලබන්න තිබුණා. මෙනත් නූතන ක්‍රම භාවිතයන්ට හැම ධිවරයෙක්ම දැනුවත් කරනවා නම් පිරිසිදු ව කරවල නිපදවාගන්න හැකියි.

    ReplyDelete
  23. blank

    http://bitternight.blogspot.dk/2013/04/blog-post_30.html

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT