රුපියල් 25000කින් පතායා යන්න මෙතැන කියවන්න
හිරු නැග හෝරා කිහිපයක් ගතවන තුරුත් මදක් අලසව පවතින සුන්දර පතායා වෙරළ තීරය කඩිසර වන්නේ පෙරවරු 10 පමණ වන විටය. ඉන් මදකට පසුව ගුවන් පාලම්වලත් මහ මගත් වාහන පිරී ඉතිරී යයි. දැන් වාහනවලින් සහ සංචාරකයන්ගෙන් පිරුණු මග දෙපස කාර්යබහුල ය.
තායිලන්තයේ බොහෝ ජනයා සිය ආහාර ගැනීමට පුරුදුව ඇත්තේ මහ මග දෙපස පිහිටි කුඩා අට්ටාල බඳු කෑම කඩවලිනි.සංචාරක නගරයක් වී ඇති පතායා නගරය නිතරම පාහේ සංචාරකයන්ගෙන් පිරී පවතී.
තායිලන්ත වැසියන්ගේ කාරුණිකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට මහත් හේතුවක් වී ඇත.
නමුත් තායි භාෂාව හැරෙන්නට සෙසු භාෂාවක් පිළිබඳ අල්ප දැනුමක් හෝ තායි වැසියන්ට නොතිබීම නිසා සංචාරකයන්ට මග පෙන්වන්නකු නොමැති විට මුහුණ දෙන්නට සිදුවන ගැටලු අනන්තය. අප්‍රමාණය.
තායිලන්ත වරාය, සෆාරි වර්ල්ඩ්, ෆිලෝමින් මාර්කට්, මන්කි ගාර්ඩන්, ලෝටස් ගාර්ඩන් වැනි ස්ථාන ද සියලුම සත්වෝද්‍යානද සංචාරක වැදගත්කමක් ඇති ස්ථානය. තායිලන්තයවෙත සංචාරක සිත් අද්දවා ගැනීමට තායි රජය මෙම ස්ථානවලට විවිධ අන්දමේ ක්‍රියාකාරකම් එක්කර තිබේ.
ඒ අතර ඉතා ත්‍රාසජනක වූත් විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රීඩාවකි පැරාසේලිං
පැරිෂුට් චාරිකාව යන්න නම බොට්ට්වේ යන්නම වෙනවා |
අපි දෙන්නා දෙපැත්තේ ඉන්නේ තායියෝ නොවේ කොරියානුවෝ |
තායි ගමනේ මගේ සහගා ආසිරිත් සමග |
(parasailing). පතායා වෙරළේ නවතා ඇති ජීවිතාරක්ෂක මෝටර් බෝට්ටුවකට නැග මුහුදු සැතපුම් 2ක් පමණ ගිය තැන හමුවන පාවෙන පීඨිකාවකදී මේ පැරාසේලිං ක්‍රීඩාවේ ත්‍රාසජනක අත්දැකීම සංචාරකයන්ට විඳ ගැනීමට අවස්ථාව උදා කර ඇත.
එම පාවෙන පීඨිකාවේදී පැරාසේලිං ක්‍රීඩාව පිළිබඳ උපදෙස් මාලාවක් එය මෙහෙයවන්නන් විසින් ලබාදෙන අතර මේ සඳහා විශේෂ වූ ජීවිතාරක්ෂක කබායක්ද හෙල්මටයක් සහ පා ආරක්ෂණයක්ද ලබා දෙයි.
මෙම පැරාසේලිං ගමන ආරම්භයට පෙර එම නිලධාරීන් විසින් අදාළ සියලු ආම්පන්න පරීක්ෂා කරනු ලබන අතර ඉන් ගමනේ සූදානම සහතික කරයි. ගමනාරම්භය සුළං හමන අතට සිදු කෙරෙන අතර එය පැයට කිලෝමීටර් 5 - 15 ත් අතර වේගයකිණි.
පැරසේල් ගමනකට මේ අයුරින් සූදානම් වන ක්‍රීඩකයකු පැරාසේලය අමුණා ගැනීමෙන් පසු වේගයෙන් ඉහළ අහසට ඉගිලී යනු ලබන අතර බෝට්ටුව වේගය පාලනය කරමින් මුහුද මත ගමන් කරන්නේ කඹය සෘජු අතට ඇදී පවතින අයුරිනි.
ක්‍රීඩකයා බෝට්ටුව දෙසට නොයන අතර සමබරතාව රැකගනිමින් ඉහළ අහසින් පියාසර කරයි. ත්‍රාසයත් විනෝදයත් ගෙන දෙමින් මෙහිදී ඉහළට එසවීම සිදු වන්නේ පියවර හතර පහකට පසුවය.
වමට හෝ දකුණට හැරවීම දෙපස ඇති ලීවර උපකරණයෙන් සිදු කර ගත හැකිය. බෝට්ටුවේ වේගය මත නැගෙන උස පාලනය වන අතර අඩි 200 ක කඹයකින් අඩි 100 ක උපරිම ඉහළට යෑමත් කළ හැකිය.
මෙහිදී ක්‍රීඩකයාට මෙහි ත්‍රාසය සහ විනෝදය උපරිමයෙන් ගෙනදීමට බෝට්ටුව මද දුරක් ගිය පසු එකවර වේගය අඩු කරයි. එවිට පැරාසේලය එකවර පහළට ඇදී ඇවිත් මුහුදේ පතිත වෙයි. ඉන් පසුව යළි ඉහළට එසවී ආරම්භක ස්ථානයෙන් ගමන අවසන් කරනු ලබයි.
මධ්‍ය පරිමාණ බෝට්ටුවක පැරාසේලිං ක්‍රීඩකයන් දෙදෙනෙක් එකවර ගෙන යා හැකිය. පතායා වෙරළේ සහ ලාන් දූපතේ (larn island) මෙවැනි පැරාසේල් මධ්‍යස්ථාන කිහිපයක්ම පිහිටා ඇත. එක් පැරාසේල් වාරයක් විනාඩි 5ක් පමණ වන අතර ඒ සඳහා බාත් 500 ක මුදලක් අය කරනු ලබයි. ඔබත් සුන්දර පතායා වෙරළට යන්නේ නම් පැරාසේලිං ක්‍රීඩාවේ යෙදීම ඔබ එතෙක් මෙතෙක් ජීවිතයේ අත්දකිනු ලබන ත්‍රාසජනක වූත් සුන්දර වූත් අත්දැකීමක් වනු ඇත.
නලින් දිල්රුක්ෂ සමඟ ආසිරි මල්ලවාරචිචි
තායිලන්ත සංචාරයකින් පසු...
ස්තූතිය
hemas travels (pvt) ltd හී මදූෂ වරුසවිතාන මහතාට සහ නිපොලැක්
ආයතනයේ මිහිරාන් ඕපාත මිතුරාට
ඉතිං නලින් අයියත් උඩ යැවුවද ඒ කට්ටිය.
ReplyDeleteගියා ගියා අපි දෙන්නම ගියා... මාර ආතල් බොක්ක කූල් වෙනවා
Deleteනලින් මමත් මේ අත්දැකීම ලැබුවා. ඇත්තෙන්ම හරිම සුන්දර අත්දැකීමක්. මුහුද මැද්දට අතහරින එක නම් නියමයි.
ReplyDeleteජීවිතයේ ලබන්න තියන ත්‍රාසජනක හොද අද්දැකිමක් වෙද මහතා....මුහුද යට කිමිදෙන වැඩේට ගියේ නැතිද?
Deleteනලින් මම මුහුද යටත් කිමිදුනා. ඒත් උඩ යන එක වගේ සොමියක් ඒකෙ නැහැ. ඇත්තෙන්ම පතාය කියන්නෙ මාරම තැනක්. ලොකෙ බලලා තියන්න ඕනෙ. නැත්නම් වැඩක් නැහැ. කෙන්ජි කියනව වගේ තායිවල ගෑණුම තමයි. පිරිමි බොහොම අඩුයි. රෑ 10 පස්සෙ යන ගමනුත් බොහොම වටිනවා. අත්දැකීම් ගන්න. මම නම් ගියා දින ගණනක්ම.
Deleteබොහොම ස්තුතියි වෙද මහතා මාත් දැන් 3පාරක් ගිහින් තියනවා.. බොහෝ කතා මෙතැන ලියන්න හැටියක් නෑ.
Deleteආ ඇත්තද
Deleteනියමායි
ReplyDeleteසොමිය උපරිමායි...
Deleteවටිනා අදහසක් නලින් අයියා .... මමයි බට්ටියි රවුමක් දාන්න යන්න ඕනේ තායි පැත්තට.
ReplyDeleteහොදට ප්ලෑන් කරලා යන්න... අඩු වියදමින් යන්න හැකියි... විස්තර අවශ්‍ය වුණොත් අහන්න..උපරිම ආතල් එක අඩුම වැයකින් ගන්න විදිය කියල දෙන්නම්.
Deleteඅඩේ,ණයක් අරන් හරි යන්න ඕනේ....
ReplyDeleteයන්න හැකිනම් හොද අද්දැකිමක් ම වේවි.
Deleteහොඳ චාරිකාවක් බව පේනවා. තායි අය, වෙනත් භාෂා දන්නේ නැති කතාව නම් ඇත්ත. ගයිඩ් කෙනෙක් නැත්නම්, දුර පලාත්වලට යද්දි සම්පූර්ණයෙන් අමාරුවේ වැටෙනවා.
ReplyDeleteමොකද අර දෙපැත්තේ ඉන්න ගෑනු ලමයි දෙන්නා රවාගෙන ඉන්නේ?:)
තායි පිරිමි අය හොඳ ස්වාමිපුරුෂයොලු.:D
හ්ම්..!තායි පිරිමි හොද ස්වාමි පුරුෂයො වෙන්නෙ ගෑනි එලියට ගිහිල්ල රෙද්ද උස්සල එනකන් ගෙදර වැඩ ටික කරල,කෂියා ෂොට් එක දාල ගෑනි එනකන් දුමක් ඇද ඇද ඉන්න හින්ද වෙන්න ඇති.
Deleteකෙන්ජි තායි ගැන යමක් දන්න හැඩයි.
Deleteපොඩ්ඩියේ උන් රවාගන නොවේ ඒ උන්ගේ හැටි... අපිත් එක්ක හොදට කතා කළා උන්..
Deleteතායි පිරිමි කම්මැලි ජාතියක් හරියට සිංහයෝ වගේ. ගෑනි උපයන එකෙන් තමයි ජීවත් වෙන්නේ.
Deleteතේරුම් යන අයුරින් පැහැදිලි කිරීමට ඔබට ස්තුතියි සුදික.
Deleteබොහෝ පිරිමි ගෙවල්වල රැදෙනවා.. තව පිරිසක් ධිවර වෘත්තියේ නියැලෙනවා.. වැඩිම ආදායමක් උපයන්නේ ලස්සන බිරියන් දියණියන් තමා..පතායා යනු නොනිදන තහංචි නැති නගරයක්.
Deleteතායි විතරක් නෙමේ පිලිපිනයත් එහෙමයි.
Deleteහොරණ විදුර රැවුල පිලිපීනයේ එකිලා ගැන මට වඩා හොදට කියයි.
නැතුව නැතුව කෙන්ජි... ඇයි කාම්බෝජය වියට්නාමය ඒවත් එමම තමයි.. පිලිපින් අය ගැන කියන්න තව කෙළිකාරයෝ කීප දෙනෙක්ම ඉන්නවා...
Deleteඋඩ ගිහින් මූදට වැටෙනවා කියන්නේ සෙල්ලං ද! යමුකෝ බලන්න!
ReplyDeleteසෙල්ලන්ද කියලත් අහනවා... බොක්කම කූල් වෙනවා ඒ වෙලාවට.
Deleteමම හිතනවා තව වැඩිකල් නොගිහින් මේවා මෙහාටත් එයි කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
පාසිකුඩා මේ වැඩේට කියාපුම තැනක්... උණවටුනත් නරකම නෑ.
Deleteමම අපේ ගමේදී මේක දැකල තියෙනවා. නමුත් ඒ වගේ මුදල් ඉපයීමක් විදියට සිදු වෙන්නේ නෑ.
Deleteඔබේ ගම් පැත්තෙ නම් ඉදහිට දක්න්න ඇති තමා සුදික. එත් වෘත්තිය මට්ටමෙන් නොවෙයි නේද?
DeleteApe loke nam polawa uda wathurath na, paawenna lesi waayugolekuth na.. Ithin mehetama enna one mewa balanna!
ReplyDeleteNiyamayi honde..
අගහරුවලට එන්න විස ගන්නේ කොහොමෙයි මලයා.
Deleteමොන්ටිසෝරි යන කාලෙ ඉදල මම ඉගෙන ගත්ත,ලෝකෙන් උතුම් රට සී ලංකාවයි/ඉන්දියන් සාගලේ චිච්චි ඇටේ සී ලංකාවයි කියවන කොට ඇත්ත තමා කියල මට හිතුනේ නිලාවේලි මුහුදෙ පළමු වතාවට පය තබපු වෙලාවෙ.
ReplyDeleteනමුත් තායිලන්ඩ් මුහුදු තීර කීපයක් තියෙනව පිස්සු හැදෙන සද ලෙසටම.
ඇග නලියන කොල්ලො සැට් එහෙකට සැප ගන්න දින 2කට කියාපු තැන.
හෝටල් සීමාවෙ එළිමහනේ බැදපු ජෝඩු වලට මුහුදු සුළං සමග තුරු සෙවනෙ පහස විදිමින් සැප ගන්න තැන් එමටය.[එහෙම ගන්න සැප දැක අතේ පත්තු කර ගන්නා වෙඩික්කාරයෝ නැත.]
සහතික ඇත්ත කතාව කෙන්ජි... පතායා වෙරළ හා සමානයි අපේ නිලාවැලි වෙලර..මාත් ඉතින් පතායා රාත්‍රී දෙකක් හිටියා නොවැ..අතේ පත්තු කරගන්න නම් ඕනම නෑ. බාත් 100ක් දිල බියර් එකක් අරන් බාර් එකක ඉදගත්තනම් මේස උඩ සුපිරි නැටුම් තමා..සංචාරක නිදහස උපරිමෙන්ම දි තිබෙන රටක් තායිලන්තය. සංචාරකයාට දේවත්වයෙන් සලකනවා.. ඒත් මාෆියා සීන් ගැනත් දැනගන ඉන්න එක ඇගට ගුණයි . යන අයට වැදගත් වේ කියා සිතු නිසයි මේ ටික කෙටුවේ.
Deleteමමත් පතායා යන්න ඉන්නේ. මේ අවුරුද්දේ කෝමහරි යන්න ඕනේ. නලීන් අයියව කන්ටැක් කරන්නම්කෝ වෙලාවක. සල්ලි නම් රෙඩි. අනිත් ටික තමා ඕනේ.
ReplyDeleteපතායා නේ....ආ ආ.......... ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අහන්න අහන්න දන්න දේ සේරම කියා දෙන්නං..
Deleteබැංකු පොතේ දැන්ම ඉදන් 80000ක බැලන්ස් එකක් තියාගන යන්න මාස 3ක් වත් යනකං. විස ගන්න ලේසියි එතකොට.
Deletemathaka ඇතුව අපට එහෙන් පපායා ගෙන්න
Deleteමමත් පැය කිහිපයක් පතායා ගත කොට ඇත්තෙමි. මට එහිදී ටෝනි නමැති කදිම ඉංග්‍රීසි දන්නා මග පෙන්වන්නෙක් මුණ ගැහුනා. ඔහුගේ මෝටර් සයිකයලෙන් ඔහු අපට අවශ්‍ය තැන් වලට කැඳවාගෙන යනවා. නැතිනම් ඒ අඩු කාල වෙලාව තුල හර්ඩ් රොක් කැෆේ එක සොයා ගැනීම උගහට වනවා සිකුරුයි. ඔහු මුදල තීරණය කරන්න මටම අවස්තාව ලබා දුන්නා. මා දුන් මුදල තුති පූර්වකව ලබා ගත්තා. තවමත් ඔහුගේ අංකය මා ගාව තිබෙනවා. අවැසි කෙනෙක් විමසන්න.
ReplyDeleteතොරතුරුවලට බොහොම ස්තුතියි සුදික. සමහරවිට අංකය ඕන වෙයි ඒක තියාගන්න...
Deleteආස හිතෙන වැඩක්. පැරාග්ලයිඩින් නුත් මේ වගේ නේද? හැබැයි මිට වඩා අනතුරුදායකයි මම හිතන්නේ.
Deleteසයුරි බිය විය යුතු නැත ආරක්ෂක විධිවිධාන සහිතවයි මේ ක්‍රියාකාරකම් සිදුවන්නේ.
Deleteඔන්න මම බය වෙන්නේ නෑ එහෙනම්. ඇත්තටම මම කිව්වේ පැරාග්ලයිඩින් ගැන. මෙතනනම් වැටුනත් වතුරටනේ. පැරාග්ලයිඩින් ගිහින් පැරලයිස් වෙන අයත් ඉන්නවා.
Deleteඅනේ මටත් යන්න ඕනියෝ......
ReplyDeleteඅනේ පැටික්කියේ උඹල මක්කටැයි ඒ පැත්තේ යන්නේ.. ඔන්න ඔහේ හිටු.. කසාදයක් බැන්ද දවසක මනුස්සයත් එක්කම පලයං යන්න ඕනම නම්
Deleteමේ කපේට නම් බැරිවෙයි.. මම උස් තැන් වල ඉදන් බිම බලන්න බයයි.. :/
ReplyDeleteමලා .... අර සාදිරිස් කොළුවත් හෙන උසයි නේද?... නැග්ග වෙලාවට බිම එහෙම බලනව නෙමේ ඔන්න.
Deleteබලාපොරොත්තු සුන් නොකරන්න,
Deleteඉස්සර කළුවරට බය අපි දැන්...
නලින් අයියට නම් පැරෂුට් එක ඕන නැහැ.බෝට්ටුවේ යමින් ගමන් කඹේ අල්ලන් හිටියා නම් උඩ යනවා :)
ReplyDeleteඒක හැබෑව... යන්තං ලේන්සුවක්වත් පිටිපස්සට වැටුණනම් උඩ යනවා... පඬරැල වගේනේ.
Deleteඋඹ නම් හැබෑ වාසනාවන්තයෙක් නලීන්! :)
ReplyDeleteරැකියාවට පින් සිදුවන්න මට මේ අවස්ථා ලැබෙන්නේ හෙන්රි...
Deleteපට්ට ආතල් වැඩක් නේ ඒක. පෝස්ට් එක කියවල ඉවර වෙලා වීඩියෝ එකකුත් හොයල බැලුවා.
ReplyDeleteආතල් එක කියල වැඩක් නැ.. විඩියෝවේ ලිංකුවත් එවන්නකෝ
Deleteඑකක් නෙවෙයි නලින් අයියේ.. ගුගල් වලින් ලොට් එකක්ම හොයා ගත්තා. පොඩි ක්ලිප් තමයි ඉතින්..
Deletehttp://www.youtube.com/watch?v=GNpd3qZghN0
http://www.youtube.com/watch?v=qT_NexMFX5A
මරු ගමන නලින් අයියේ.. තනියේම යන්ට තමා බැරි...... ;)
ReplyDeleteමාත් ගිහින් නෑනේ. කවුරු හරි හොයාගෙන, සල්ලි එකතු කරගෙන යන්න තව කොච්චර නම් කල් යයිද? :(
Deleteකසුන් එක්ක එක්කහු වුණානනම් යන්න තිබුණනේ කතුවරියේ..
Delete@Naleen අයිය කිව්වා වගේ යන්ද කියන්නේ :D ....මටනම් බයෙත් බැහැ වගේ අයියේ :p
Deleteහ්ම්ම් එහෙනං කොටි නැටුමත් (tiger show) බලන්නම ඇති../
ReplyDeleteනොබල කොහොමද?
Deleteදවසක දවසක මගේ අත්දැකීම් වල ගමන් බිමන් ලිපි පෙළ ඔය රටවල් ගැනත් තියේවි...
ReplyDeleteඅනිවා සුලා සහෝ ඔබ යා යතුම කෙනෙක්. ඔන්න ලාබෙට යන හැටිත් කියල තියනවා උඩින් ලිංකුවෙන් බලන්න.
Deleteලොකු විනෝදයක් ගත්තා කියලා නම් පේනවා...ස්තුතියි නලින් විස්තර බෙදාගත්තට..
ReplyDeleteniyamai nalin ayye...balamuko yanna ..harima lassanai wage...
ReplyDeleteAngaharu walata Visa awasi natha.. Haki kenek wethnam yaanayak hadan enna. Api baaraganimu. Mathaka athuwa awasi pamanata Oxygen ragena enna. Ehe mehe tharamata Oxygen natha.. Habayi awith lokaya apawithra kalahoth e obe awasaana gamanath wana bawa mathaka thabaaganna..
ReplyDelete(Ayi yako, Americaawen ewana sarungal kaali athu gaala apita epaa wela inne)
Pilithura Nalin Aiyaataya.
Wow.. It is great.
ReplyDeleteReally nice one.
ඔයාලා කැමතිනම් ලෝකේ වටේ සිදුවෙන හැම වැදගත් සිද්ධියක්ම සාරාංශව දැනගන්න "දසත නිව්ස්" සයිට් 1 ට එන්න. දවසකට සැරයක්වත් ඇවිත් ගියොත් ලෝකේ වැදගත් දේවල් ඔක්කොම එදාම දැනගන්න පුළුවන්.
රැකියාවක් කරන කාලෙක යන්න ඕන. ලංකාවේ ඇවිදින තැන් වත් ඉවර කරන්න බැරිවුනා
ReplyDeletehttp://sulakkhana.blogspot.com/