![]() |
පතායා හෝටලයේ පිවිසුම අසල |
සමකය වටේ මා ගිය ලිපි දැකපු බොහෝ දෙනෙක් මගෙන් අහනවා මේ ටුවර්වලට මාර වියදමක් යන්න ඇති නේද කියල. ඔව් සෑහෙන වියදමක් ගියා. ඒත් මගේ අද්දැකීම් එක්ක අඩුම වියදමකින්
(රුපියල් 25000)තායිලන්තයේ බැංකොක් හා පතායා යන්නේ කොහොමද කියල අද මං මගේ මිතුරන්ට කියලදෙන්නම්.
මුලින්ම කළ යුත්තේ ලාබදායී ගුවන් සේවාවකින් ටිකට් පත වෙන්කර ගැනීමයි. air asia (එයා ඒෂියා) වැනි ගුවන්සේවාවකින් අද ටිකට්
![]() |
දහවලට නිදන ඇවිදින වීදිය |
අන්තර්ජාලය හරහා ටිකට් වෙන්ක ගත හැකියි. ඔබ ගුවන්යානය තෝරා ගත යුත්තේ ශ්‍රී ලංකාවෙන් රාත්‍රී පිටත් වෙන එකක්.
ඉන් අනතුරුව කළ යුත්තේ ඒ දින සඳහා හෝටලයක් වෙන්කර ගැනීමයි. පළමු දින දෙක පතායා ගත කිරීමට සැලසුම් කරන්න.අන්තර් ජාලය
![]() |
රාත්‍රිය එළැඹෙමින් |
හරහා පතායා හි තරු 3 වර්ගයේ හෝටලයක් වෙන් කරගන්නේ නම් වැයවන්නේ දිනකට ඩොලර් 22ක් වැනි මුදලකි(රුපියල් 2600ක් ).මේ දෙදෙනකු සඳහා උදේ ආහාරයද සහිතවය.එනිසා හැම විටම ගමන සඳහා දෙදෙනකු සිටීයි නම් මහත් වාසියකි.එවිට එක් අයෙකුට
![]() |
මෙහෙම දේවලුත් තියනවා |
යා හැකිය. ගුවන් තොටුපළ පර්යන්තයේ දොරටුව අසලටම බස් පැමිණේ.ගමන් ගාස්තුව බාත් 200කි.රුපියල් 1000කට ආසන්න
ගනනකි.අධිවේගී මගේ පතාය යන්නට පැය 2කක පමණ කාලයක් ගතවේ.
එසේ කිරීමෙන් දහවල් 12ට ආසන්න වන විට හෝටලය ට ඔබට යා හැකිය. හෝටලයට ගිය විගස ඇගේ අමාරුව යන්නත් එක්ක පැය
![]() |
හොටලයේ කාමරයට යමින් |
පුරා ඔබ පිනවන්නට දහසක් දේ එහි ඇත. යමක් කරන්නට පෙර මිල ගනන් විමසා සිටීම ඔබට හිතකරය. නොමිලේ බැලීමට බොහෝ දේ
ඇතුවා සේම මුදලට කළහැකි දේද බොහෝය. අත මිට ඇති පමණින් සැනසෙන්න.
![]() |
පතායා හොටලයේ දී සැඳෑව |
කෑමට යන්න .එම කෑම වේල උපරිමයෙන් ගන්න.දහවල් 11ට උදේ කෑම දීම අවසන් වේ. මේ වෙලාවට ආහාර ගැනීමෙන් දිවා ආහාර වේල ෂේප් කරගත හැකිය. අනතුරුව පතායා හි ඇති සුන්දර ස්ථාන නරඹන්න යන්න. සවස්වන තුරුම ඔබට ඒ සඳහා කාලය ඇත.
පසුදින දහවල් 12 දක්වා ඔබට හෝටලයේම සිටිය හැකි මුත් උදේ 8වනවිට පතායාවලින් පිටත් වී බැංකොක් බසයකින් බැංකොක්හි එක්
![]() |
බැංකොක් හෝටලය ඉදිරිපිටදී |
මේ තායිලන්තයේ වෙළෙද නගරයයි. ඔබට අවැසි දේ මිල දී ගන්නට මේ කදිම තැනකි. ඩෙනිම් ටී ෂර්ට්ස් ඇඳුම් පරිඝණක උපකරණ මෙහි
පුදුම ලාබය.එදින හවස් වරුව හා පසුදින වරුවක් පමණ ඔබට සාප්පු සවාරියේ යෙදිය හැකිය. මතක ඇතිව ආපසු පැමිණෙන ගුවන්යානයේ
වේලාවට පැය 5ක් විතර තිබියදි හෝටලයෙන් පිටත්වන්න. මේ සඳහා ටුක් ටුක් රියක් භාවිතයට ගන්න(ත්‍රිරෝද රියක්)
ඉහත උපදෙස් අනුව යන්නේ නම් ඔබට වැය වන්නේ රුපියල් 25000ටත් අඩු මුදලකි. අමතර වැය ඔබගේ රුචිකත්වය පරිදිය.
වැඩි විස්තර ඕනැ නම් කොමෙන්ටුවක් දාන්නකෝ විස්තර දෙන්නම්.
හොඳ ඔත්තුවක්... නිවාඩු පාඩුවේ උත්සාහ කරන්න ඕනේ
ReplyDeleteට්‍රයි එකක් දෙන්න වෙනසකටත් එක්ක
Deleteඕවයි යන්න කෝ සල්ලි. මාසම 3.3333333 ක් ජීවත් වෙන්න තියන සල්ලිනේ. ඒක නිසා බ්ලොග් එකෙන්ම විස්තර දැන ගන්නවා. හරියට ගියා වගේනේ
ReplyDeleteලංකාවේ දවස් 3ක ට්‍රිපක් ගියත් 10ක් වත් නැතුව බෑ දැන් කාලෙ(වාහනයක ගියොත්)
Deleteෂාහ් මරු නේ ලාබෙට වැඩේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් නේ :)
ReplyDeleteඇත්තටම පුළුවන්. මං කිව්වට ඔයාලත් ජාලේ සැරිසරල බලන්නකෝ.විස්තර හොයාගන්න පුල්‍රවන්
Deleteමරුනේ අෆ්ෆා මේ වගේ ගානකට තායිලන්තයට යන්න තියෙනවනම්.. ඒත් දවස් තුනකින් රටේ ඇවිදින්න තියෙන ඉඩ කඩ අඩුයි නේ..
ReplyDeleteමහ ගොඩක් තැන් බලන්න බෑ. ඒත් හුගක් දේවල් බලාගන්න පුළුවන්.මගේ තායි ලිපි ටික කියවන්න.
Deleteආහා...
ReplyDeleteමාත් මේ අඩු ගානට යන්න තැනක් හොය හොය හිටියේ..
තායිලන්තෙනං ගියා..
ඒත් හිටියේ බැංකොක් වල..
ඉන්දියාවෙ පැත්තෙ යන්න බැරිද ඔය ගානට වගේ???????
පෝස්ට් එකනං ගොඩක් ප්‍රයෝජනවත්...
ඉන්දියාවේ චෙන්නායිවලට බොහොම අඩුගානකින් ගියෑකි.ලොකු රටත් නිසා ඇතුළට යනවනම් කාලය ගතවෙනවා.මම ඉන්දියාවේ ගිහින් තියනවා 7 පාරක්.ප්‍රෙද්ශ ගනනාවකටම එතකොට සෑහෙන වියදමක් යනවා.
Deleteමරු ට්‍රිප් එක
ReplyDeleteයනවනම් නියම ක්‍රමේ
සලකල බලන්න මලයා.සැබෑ වෙනසක්
Deleteශි..........යන්න කලින් මේ ක්‍රමේ දැනගන්න තිබුනේ..අපරාදේ..අන්කල් බැලුවද මම බැංකොක් ෆොටෝස් දැම්මා? Photography ටැග් එකේ තිබුනේ..
ReplyDeleteෆොටෝ බැලුවා ලස්නයි
Deleteස්තුතියි අන්කල් මට පහසුවෙන් ඉන්දියාවට යන විදිහක් කියන්නකෝ
ReplyDeleteඉන්දියාවේ කොහාටද යන්න හිතන් ඉන්නේ.
Deleteමම ටිකට් ගණන් බැලුවා එකේ 2013 මැයි මාසේ , 1 ක්ට රු. 22,000ක් වගෙ වෙනවා.මැයි මාසෙන් පස්සේ ටිකට් දැන්ම බුක් කරන්න බැ
ReplyDeleteස්තුතියි ලිපියට
නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්න.ඔෆර් දෙනවා.ජූනි අගෝස්තු අතර අඩුවෙනවා.
Deleteමරුනෙ..
ReplyDeleteඅන්තර් ජාලයේ පරික්ෂාකාරීව ඉන්න අවස්ථා දෙනවා.
Deletemata nam thawa kaalekata mehema sawariyak yanna bariwenawa appa.. :(
ReplyDeleteඅයියෝ ඇයි රෙහානි...පුංචි පැටියෙක් වත් ඉන්නවද
Deleteමමත් කියවලා බැලුවා ම්ම්ම් හොද ලිපියක් යන්නත් ආසාවක් ඇති උනා
ReplyDeleteහොඳට සැලසුම් කරලා යන්න.අඩුම වියදමකින් ගියෑකි.ට්‍රැවල් ඒජන්සි හරහා ගියොත් එක්කෙනෙකුට අඩුම 50000ක් ගන්නවා.
Deleteනියමයිනේ අන්කල් :)
Deleteමටත් ආසයි ලෝකේ වටේ ඇවිදින්න :) :) :) :) :)
යන්න අමා හරි වටිනවා.
Deleteනියම ට්‍රිප් එක
ReplyDeleteස්තුතියි දැනුවත් කරාට අනිවා කවදාහරි මාත් යනවා.
ට්‍රයි එකක් දෙන්න.
Deleteසල්ලි ටිකක් එකතු කරන ට්‍රයි එකක් දෙන්න ඕනේ. ස්තුතියි අයියා පොස්ටුවට.
ReplyDeleteයමු යමු කෝරලේ මහත්තයා
Deleteස්තුතියි තොරතුරට
ReplyDeleteහොඳ වෙනසක් යන්න වෙලාවක.
Deleteමේ දවස් වල tigerairways.com එකේ ලාබෙට සිංගප්පූරු යන්නත් පැකේජ් තියෙනවා... www.airasia.com එකේ ඔය වගේ පැකේජ් වලදි කෑම බීම එහෙම දෙනවද?
ReplyDeleteමචෝ පැකේජ හිටිගමං දෙනවා. ඒත් මචං මම airasia වල ගිහිං නෑ.දන්න තරමින් කෑම දෙනවා.වෙබ් එකට ගිහින් තොරතුරු ගන්න පුළුවන්.
Deleteඔය තියෙන්නේ නියම අදහසක්. වෙනසකට එක්ක ගිහින් එන්න හිතෙනවා..
ReplyDeleteඇලෙක්ස් ඔබව සාදරයෙන් පිලිගන්නවා. වෙලාවක යන්න ට්‍රයි එකක් දෙන්න.පට්ට ෆන්. ඒ වගේම බලන්න දේත් බොහොමයි.
Deleteඔන්න දැන් ප්ලෑන් කරන ගමන. ඒ හින්ද ආයේ මෙහෙ ඇවිත් මේ විස්තර කියෙව්වේ. අදහස මේ අගෝස්තුවේ නැත්තං ඊළඟ අවුරුද්දේ අගෝස්තුවේ යන්න. බලන්න ඕනේ දේ එහෙම ටිකක් විස්තර කරමුද?
Deleteතායි යත්ත visa on arrival ද? නැත්නම් කොහොමද ඒවා කරගන්නේ විස්තර ටිකක් කියනවාද?
ReplyDeleteමගේ e mail eka rnbuddhi at yahoo dot com
වීසා මෙහේ තායි එම්බසියෙන් අරගෙන යන්න ඕන ඒකටම රුපියල් 4000 ක් යනවා 25000කින් යන්න නම් අමාරුයි පතායා ගියොත් නම් අඩුගානේ 7-8දාහක් එක රෑකට කුඩු ඇස් බැඳගෙන ගියොත්නම් ශේප්
Deleteහොද ලිපියක්. මටත් යන්න ආසාවක් ආවා අඩුවට යන්න පුලුවන්නම්.
ReplyDeletemethana pathaaya Kello gana dhaala nAaa neeee
ReplyDeleteDear Mr.Nalin,
ReplyDeleteRecenly I visited singapore by a budget air line.It was much cheaper.But we have to be alert about air lines.I look forward to visit Europe If you know a chief air passage let me know. Thank you.
Nelson
මැලේසියා නම් ගියා..මේ ට්‍රිපත් මාරු වගේ!!! ගිහින් බලන්න ඕනේ!!!!!!
ReplyDeleteතාම ඇවිදින්නෙ ලංකාව ඇතුලෙ විතරයි. මාත් යනවා ඔය තැන් බලන්න කවදාහරි...
ReplyDeleteගාන අඩු air line මොනවද කියන්ඩ පුලුවන්ඩ දෑන් air asia ලන්කවට එන්නෙ නෑ නෙ.මට mail එකක් දනවද?ලොකු උදව්වක්
ReplyDeleteNo more AirAsia flights to sri lanka, what we can do?
ReplyDeleteමේ මිල ගනන් දැන් ගොඩක් වෙනස් වෙලා අතිද? air asia දැන ලංකාවෙ තියෙනව නේද?
ReplyDeleteමේ ගනන් දැන් ගොඩක් වෙනස් ඇති නේද? ෆැමිලි ටුවර් එකක් ප්ලෑන් කරනවනම් කොහොමද තායිලන්තෙ. විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
ReplyDelete