මේ ලිපිය මා වෙත යොමු කළේ ඇවිද්ද පය බ්ලොග් අඩවිය ලියන සුදීක සහෘදයා යි.
මාතෘකාව දුටු විට කියන්න යන්නේ කුමක් ගැනදැයි පැහැදිලි ඇතැයි සිතමි. ඇත්තටම මෙය පිහිටා තිබෙන්නේ කොළඹ නගර සභා සීමාවේ නම් නොවේ. එහෙත් එයට ඉතා ආසන්න තැනක ය. දිනක් නලීන් තමන්ගේ ගමේ සොබා සෞන්දර්යය විස්තර කොට, එය විනාශ වේ දෝයි බියෙන් එය කුමන පළාතක දැයි හෙළි නොකළා මට අද වගේ මතකයි, ඉතිං මමත් මෙහි නිවැරදිම පිහිටිම සඟවා තබන්නම්. එහෙත් මගේ දියණිය පාසලට ඇරලවීමට යන මාර්ගයේ දිනපතා දකින මේ දර්ශණය ඔබ වෙත ගෙන එන්න මා දින කීයක් පෙරුම් පිරුවාදැ යි දන්නේ මා පමණි. ඒ මෙහි ජනයා නොගැවසෙන මොහොතක් සොයා ගැනීමට ය. ඒ තරමටම මෙය ජනයාගෙන් පිරී පවතින තැනකි. පසුගිය සෙනසුරාද සවස දෙකට පමණ ඒ අවස්ථාව උදා විය.
දිනෙන් දින විනාශ වී යන සොබා සෞන්දර්යය ගැන කොපමණ ලිපි පළ වුවත්, අප මේවා ආරක්ෂා කර ගන්නට කරන සත පහක දෙයක් වේද? මේ තවත් ඊට හොඳ උදාහරණයකි. මෙයද එක් නගර සභා සීමාවක තිබුණත්, මෙය දඩාවතේ යන්නට හැරදමා තිබෙන සතෙකු මෙන්, කිසිදු හව්හරණක් නැතිව නොනැසී තිබෙන ආකාරය පුදුම සහගතය. ඇත්තටම එය සොභා දහමේ සොඳුරු නිර්මාණයකි. ලිඳක හෝ ගලා යන ජල පාරකට හොඳම අසල්වැසියා ලැබීමට මෙය වාසනාවන්ත වී ඇත. ඒ කුඹුක් ගසක් මෙයට යාබදවම පිහිටා තිබීමය. මා මෙම ස්ථානය පසු කර යන සෑම මොහොතකම අඩුම වශයෙන් මිනිසුන් තුන් හතර දෙනෙක් වත් මෙහි සිටිති. එක් පසකින් ජලය උතුරා යාමට තබා තිබෙන කුඩා කපොල්ලකි.
නමුත් මෙය භාවිතා කරන්නට වාසනාව ලැබූ ජනයා එය පන මෙන් සුරකියි. එවැන්නක් කිසිවකු මා සමග පවසා නැතත්, නිතර දෙවේලේ ඒ අසලින් ගමන් ගන්නා මා පැමිණි නිගමනයකි. එය හේතු සහිතවය, මෙය භාවිතා කරන්නෝ අසල පැල්පත් වල සිටින අඩු ආදායම් ලාභී ජනයාය. එහෙත් කිසිම දිනක මේ අසල වාහන හෝ සතුන් නාවනවා නොදැකීම ඉහතින් සඳහන් කල ප්‍රේමයට කදිම නිදසුන්ය.
කලක් සුරියවැව උණුවතුර ලිං ද මේ තත්වයේ පැවතින. එහෙත් වර්තමානයේ ඒවා කදිමට පවත්වාගෙන යයි. මෙම ළිඳට ද අවශ්‍ය එවැනි පවත්වාගෙන යාමකි. එහෙත් එය එම ස්ථානය විනාශ මුඛයට යාමෙන් ගලවා ගැනීම සඳහා විය යුතුය. නැතිනම් සුරියවැව කෙරෙන්නා මෙන් මුදල් ඉපයීමට නොවිය යුතුය. ඇත්තටම කොළඹ නගර සීමාව තුල මෙවැන්නක් තිබීම ආශ්චර්යයකි. මා කුඩා කල මතුගම ප්‍රදේශයේ මෙවැනි ළිං තිබෙන තැන් වලට ගොස් නාකියාගෙන පැමිණ ඇත්තෙමි. එහෙත් නාගරීකරණයේ හිනිපෙත්තටම නැග තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ මෙවැනි දසුනක් දුර්ලභය.
කුඩා කල ඇලේ දොලේ පැන නාගත් මා වැනි කෙනෙකුට, මෙය දකින වාරයක් පාසා මෙහි ගොස් ස්නානයට සිත් පහල වුවද, ක්ලෝරීන් මිශ්‍ර ටැප් වතුරට එහා දෙයක් ලැබීමට වාසනාව නැත. මා මෙහි ගියහොත් මෙහි සිටින ජනයා අමුතු සතෙක් දෙස බලන බැල්ම හෙලනු ඇත. වැහි දිනකදී කුණු කාණු උතුරා ජලය පිරී යන මෙවැනි පෙදෙසක, මෙය පිරිසිදු තත්වයේ පවතින්නේ කෙසේද යන්න මට අදටත් ගැටලුවකි. මෙයට යාබදවම නිවාසවලින් පිට කරන අපවිත්‍ර ජලය ගලා යන කානුවකි. අවුරුදු ගණනකින් මෙය පිළිසකර කර නොමැති බව මේ ඡායාරුපය දකින ඕනෑම කෙනෙකුට පසක් වන කරුණකි. මෙය වටා කෙටි තාප්පයක්ද ඇත. එයද තැන් කිහිපකින් කඩා වැටී ඇත. අදාළ නගර සභාව මෙය පිළිසකර නොකරන්නේ, මෙවැනි තැනක් තිබෙන බව නොදැනද ? නැතිනම් ඒ පිළිබඳ දක්වන ඇල් මැරුණු උනන්දුව නිසාදැයි යන්න ගැටලු සහගතය. මගේ නිගමනය නම් ඒ දෙවැනි කාරණය නිසා බවයි.
ලියා එව්වේ : සුභාෂ් දිල්රුක් කන්නන්ගර
ප.ලි. මේ තැන පිහිටීම ගැන ලියවුණානම් හොඳය යන්න මගේ හැගීමයි . එවිට එම අදාළ ආතයතනයන් හි ඇස මේ කෙරෙහි යොමු කරවන්නට අවස්ථාව ඇත.
නලින්
මේ ළිඳේ වතුර හොඳට පැහැදිලිව තියෙනවද කියල බලාගන්නත් ෆොටෝ එකක් දාන්ට තිබුනෙ. මම හිතන්නෙ පැත්තකින් වැඩි වතුර ගලාගෙන යනව කිව්ව නිසා පිරිසිදු ජලය තමයි ඇත්තෙ, ඒත් මේ වගේ ජල උල්පතක් අදාල පළාත් පාලන ආයතනය නොසලකා හැරල තියෙන්නෙ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්.
ReplyDeleteමමත් හරි ආසයි ළිං වතුර නාන්න. ඒව මේ පයිප්ප දිගේ එන ගිනියම් වතුර වගේ නෙවෙයි. මෙහෙම කට ගාවට වතුර පිරුණු ළිඳකින් පොඩි කාලෙනම් නාලා තියෙනව. දැන්නම් එහෙම ළිඳක් දකින්නත් ආසයි.
ඔය වගේ ලිං වල නාන්න මම හරි ආසයි අර උසට ලිද වටේ බැදල තියනවට වඩා මේකෙ නාන එකට තමයි මම ආස.. කොලඹ වෙලා ඔහොම පිරිසිදුවට තියන එක හරි පුදුමයි.
ReplyDeleteඅපරාදේ...රටේ එක පැත්තක මිනිස්සු වතුර නැතුව දුක් විඳිනවා.මෙහෙ ලිං උතුරනවා :/
ReplyDeleteIs this in Papiliyana?
ReplyDeleteමේ තැන කෙවනම් තමයි හොඳ
ReplyDeleteOya wage niyama diya bubulak tiyenawa higurakgoda town eka kittuwat. E pettata kochchara pewwat eka uturanawa.
ReplyDeleteඅපි පුංචි කාලෙ නෑවෙත් මේ වගේ කොන්ක්රීමට් බැම්මක් නැති නිල් කැටේ වගේ වතුර තිබුණ පුංචි ළිදක. දැන් ඒ ළිද නැහැ...
ReplyDeleteවැඩසටහන්වලට මග්ගොන ළමා නිවාසෙට ගියාමත් මේ වගේ ළිං වලින් නාන්න පුළිවනි. බිම් මට්ටමට බැදපු මෙවැනි හතරැස් ළිං බොහොමයක් තියෙනවා. ළමා නිවාස භූමිය ඇතුළෙ වගේම ඒ ආසන්නයේත්...
අය්යෝ සල්ලි,, නාගන්න තිබ්බා අප්පා,,
ReplyDeleteඑක අතකට ඔහොම අප්රසිද්ධියේ තිබීම වඩා හොඳයි,.. නැත්නම් ඒ සම්පතත් විනාශ කරාවි මිනිස්සු.
ReplyDeletemeka thiyenne longdon place narahenpita jathika pola pitupasata wenna da?
ReplyDeleteදෙමටගොඩ හන්දියෙන් මරදාන පාර දිගේ පොලිසිය පාස්කරලා ටික දුරක් යනකොට පාරේ පොඩි කන්දක් වාගේ තියනවා, එකන්ද පාස්කරලා ටික දුක් ගියහම තියනවා . වත්තක් (අඩුආධායම් ලාභී නිවාස) ඒ වත්තේ ගෙවල් 20ක් විතර තිබුනා මතකයී, ඔය වත්ත කෙලවර වෙන්නේ ඔය වාගේ නිල් කැටේට වතුර තියන ලිදකින්, තවම තියනවද දන්නේ නැ දැනට අවුරුදු 10කට කලින් මම ඒ ලිදෙන් නාලා තියනවා, ඒ මිනිස්සු ඒ ලිද පරිස්සං කරපු හැටියට නොතිබෙනවා වෙන්ඩත් බැ,
ReplyDeleteඅපේ ගෙවල් පැත්තේ නං තාම ඔහොම ලීං තියනවා
ඕක නගර සභාව දැක්කොත් එහෙම ඔය වටේ ඉන්න මිනිස්සුන්ට නිදහසේ නාගන්න තියෙන අවස්ථාවත් නැතිකරල දායි.
ReplyDeleteතියන තැන ගැන විස්තර උනා නම් හොඳයි. ඉහල තැන් දැනුවත් කරන්ට තිබුනා. සුදීකටත් පේන්නේ හොඳ දේවල්නේ. :)
ReplyDeleteමේ ලිඳ තියෙන්නේ කොටිකාවත්ත කළු පාලම කිට්ටුව නෙමේ නේද????? මොකද මම දන්නා තැනක් තියෙනවා ඒ පැත්තේ මේ විදියටම
ReplyDeleteමේක තියෙන්නේ දෙහිවල-ගල්කිස්ස නගරසභා සීමාව තුල. දෙපැත්තක් අලුතින් සෑදු නිවසක තාප්පයකින් වට වෙලා.
ReplyDeleteනලීන් අපේ ගෙදරත් ඔය වගේම ලිදක් තියෙනව.... මම දන්නව නලීන් ඕකෙ තියෙන කූල් එක... මාරම සීතලක්,... කියල නිම කරන්න බෑ...
ReplyDeleteohoma lin thiyenawa me kolabama one tharam..
ReplyDeletekolaba kiwwata mekath eka gamak thaama..
kohom namuth sthoothiyi nalin ayye me satahanata..
mama nam kiyanne pot eka kiyanna epa...
අපිටත් තිබුන ෂෝක් ලිඳක්..රබර් වත්තක් මැද්දෙ..අපි ඒකට කිව්වෙ CCW කියල....
ReplyDeleteඒ කියන්නෙ Crystal Clear Water කෙටි කරල....දෙන්නෙක් නාපුවම වතුර ඉවර වෙනව...පැය භාගෙට වැඩිය යනව ආයෙ වතුර පිරෙන්න..
අනේ ඒක සංවර්ධනේට අහු උනානෙ....දැන් එතන Recycle centre එකක්
ඇසීමත් කණගාටුවට කරුණක්..
Deleteමෙහෙම ලිඳක් දින්නත් ආසයි! මොකෝ දැන් ෂවර් එක යටටම වෙලා ඉඳලා එපා වෙලා!
ReplyDeleteඔහොම ලිඳක් දෙකක් තිබ්බා කොස්ගස් හන්දියේ. එකක් පොදු බාල්දි ලිඳක්. අනික මම දන්න ගුරුවරෙයෙක්ගේ ගෙදර තමයි තිබ්බේ. අර සුගතදාස ස්ටේඩියම් එක කිට්ටුව ඔය.
ReplyDeleteමම දන්න විදියට ඕය වගේ ලිං කීපයක් කොලඹ තියෙනව. සමහර තැන් ව්‍යාපාර විදියට නාන්නම හදල තියෙන්නෙ. මගෙ යාලුවෙක්හිටිය ඉස්සර මිනිහ කොලඹ ව්‍යාපාර වැඩ වලට ගියාම දව්ස් දෙක තුන ඉන්නව. ඒ දව්ස් වල නාන්න පුලුවන්ලු ඕන තරම් රු.3ක් කිව්ව.
ReplyDeleteලඟදි රූපවාහිනියෙ වැඩසටහනකත් පෙන්නුව.උතුරල යන ලිං ,නිල්කැටේට වතුර..රු 15ක්වගේ මතක නාන්න.
අපේ පැත්තෙත් ඔය වගේ ලිඳක් තියෙනවා.
ReplyDeleteඅපේ ගෙදරත් ඔහොම ළිදක් තියෙනවා.මං කීපවතාවක්ම ඒ ලිද ඉහින්න [වතුර ඉවත්කරන්න ]කටයුතු කරලා තියෙනවා.මාර අමාරුයි වතුර ඇදලම,වතුර අදින වේගෙට වැඩියෙන් වතුර උනනවා.ආයෙත් ගමට ගියාම ලිදට පොඩි සත්කාරයක් කරලා ගන්න ඕන.කොච්චර අතලග වතුර තිබ්බත් මම ආස ඒ ළිදෙන් වතුර ඇදගෙන නාන්නයි,අපි නැතත් නියන් කාලෙට ගමේ උන් එක්කහු වෙලා ලිද සුද්ද කරලා ගන්නවා.අපේ වත්ත පහල තියෙන්නේ.ඒ ලිද දැනට අවුරුදු 150 ක් විතර පරණයි.
ReplyDeleteපිටකොටුවේ නාන ළිං වලත් වතුර සුපර්. මම නම් නාලත් තියෙනවා. ඒ කළේ නම් රුපියල් 10 ද කොහෙද, වතුර බාල්දි 20-30 විතර ටැංකියට පිරෙනවා. සමහර ගෙවල් වලත් සුපිරි වතුර තියෙනවා.
ReplyDeleteමේ වගේ තැනකින් මටත් නාන්න ලැබුණා, 89-90 කාලයේ. ඒ බොරැල්ලේ සයිකල් බසාර් එක ගාවින් තියෙන පාරේ ඇතුලට ගියාම තියෙන වත්තේ.
Deleteපුදුමයි කොළඹ මෙහෙම ලිං තියනවා කියන එක .....
ReplyDeleteහරි පැහැදිලි වතුර. එච්චර පිරිසක් ගැවසෙන තැනක් වෙලත් පිරිසිදුවට තියනවා නේ.
ReplyDeleteමාළුවෙකුත් ඉන්නවා වගේ.
Deleteමං මේ අද දවලුත් මතක් කළා අපේ ගෙවල් ළඟම තියෙන වෙලේ ලිඳ... ඒ ළිඳට නම් මිනිස්සු පණ වගේ... මෙහෙ ටැප් වතුර එපා වෙලා... එහෙදි නං ලිං වතුර ටිකක් හරි තිබ්බා.. මෙහෙ ඔලුවට වැටෙන වතුර ටික ගිනියම් වෙලා එන්නේ.. ඒ තරම් රස්නෙයි.. ඒවා නෑවට සනීපයක් නෑ...
ReplyDeleteගස් යට, විශේෂයෙන්ම කුඹුක් ගස් යට තියන ලිං වල වතුර සීතලම සීතලයි. මමත් එහෙම ඒවායින් නාලා තියනවා.
ReplyDeleteමෙය කාලෙකට ඉහතදී, කවුරුන් හරි නිර්මාණය කරනු ලැබූවක් නේද? එහි දවස් 365 ම වතුර ඇත්තේ කොහොමද කියලා හොයා බැලිය යුතුමයි. ඒවගේම එය අලුත්වැඩියා කලයුතු තත්වයක තියෙන්නේ. ඊට අදාළ පියවරක් ගන්න එකත් වැදගත්. මේ වගේ තැන් රැක බලාගන්න එක අපි හැමෝගෙම යුතුකමක්.
ReplyDeleteලංකාවට තාම වතුරෙන් අඩුවක් නෑ ඒත් ඉස්සරහට කොහොම වේවිද දන්නෙ නෑ
ReplyDeleteමහරගම නගර සීමාව ඇතුලතත් මේ වගේ ලිඳක් තියනවා..මේ වගේ අවධානය යොමුවිය යුතු තැන්වලට වගකිවයුත්තන්ගේ ඇස යොමු කරන්න අපිට කරන්න පුළුවන් දෙයක් තියනවද?
ReplyDeleteඈ... මේක යට වතුර බටයක් කැඩිලද ?
ReplyDeleteස්වභාවධර්මයට ආදරය කරන මිනිසුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු දායාදයක්.
ReplyDeleteඅපි ඉස්කෝලේ යනකාලේ ආවා 'ළඳක මහිම' කියලා චිත්‍රපටියක්. අනේ මේ වල් කොල්ලෝ (මම එහෙම නෙවෙයි ඔන්න)තාප්ප වල තිබුන ඒ චිත්‍රපටියේ පෝස්ටර් වල නම 'ළිඳක මහිම' කළා.එක ඉස්පිල්ලයිනේ අවශ්‍ය.
අසමි දකිමි සොයමි ලියන විචාරක