samakaya+logo+-4

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

executionerb02
රිසානාගේ අලුගෝසු මුහමද් සාද් අල් - බේෂි

ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගිය රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම පසුගිය ජනවාරිය මුල මෙරට හා විදෙස් ජන මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. රිසානාට මරණ දඬුවම ලබාදීම හරහා සෞදි අරාබියේ තවමත් පවතින මධ්‍යකාලීන දඬුවම් ක්‍රම පිළිබඳ ද ජාත්‍යන්තරයෙන් විරෝධය එල්ල විය. රිසානාගේ හිස ගසා දැමීම රිසාද් නගරය ආසන්න ඩවාඩ්මි හි දී ප්‍රසිද්ධියේ සිදු කෙරුණු බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

ෂර්යා නීතිය යටතේ සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වන අපරාධ රැසක් තිබේ. අනාචාරයේ හැසිරීම ඉන් එක වරදකි. අවිවාහකව ළාබාලව අනාචාරයේ හැසිරෙන අයට කස පහර 100 ක් දඬුවම් ලෙස නියම වන අතර අනාචාරයේ හැසිරී ඇත්තේ විවාහකයකු නම් ඔහු හෝ ඇය ගල්ගසා මරා දැමිය යුතු යැයි නියම වන්නට ද පුළුවන. ඇදහූ ආගම අත්හල අයට හිස ගසා මරා දැමීමේ දඬුවම නියම වෙයි. මරණ දඬුවමෙන් ගැළවෙන්නට නම් ඔවුන් දින තුනක් ඇතුළත කළ වරද පිළිගෙන නැවත ඉස්ලාමය වැලඳගත යුතුය. ආයුධ සන්නද්ධව මංකොල්ල කෑම බහු භාර්යා හෝ පුරුෂ සේවනය, මෝටර් රථ සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මිනීමැරීම් වැනි වැරදිවලට ද සෞදි අරාබියේදී හිස ගසා මරා දැමීමේ දඬුවම නියම වෙයි. සමලිංගිකත්වය, ස්ත්‍රී දූෂණය, ලිංගිකව වැරදි ආකාරයට හැසිරීම, ත්‍රස්තවාදී ක්‍රියා, ශුද්ධවූ අල්ලාහ්ට එරෙහිව යුද කිරීම වැනි වැරදිවලට ද සෞදි අරාබියේ පවතින ෂර්යා නීතිය යටතේ මරණ දඬුවම හිමිවෙයි.

Dira_Square

2007 – 2010 අතර කාලයේ ප්‍රසිද්ධියේ හිස ගසා මරා දැමීම් 345 ක් සිදු වී ඇති බව වාර්තා වෙයි. එම කාලය ඇතුළත සෞදියේ ගල්ගසා මරා දැමීම් සිදු වී නැත. 2012 වසරේ අවසාන හිස ගසා මරා දැමීමට ලක් වී ඇත්තේ යන්ත මන්ත්‍ර ගුරුකම්වල නියැළුණේ යැයි චෝදනා ලැබූ අයෙකි. 1981 – 1992 කාලය ඇතුළත එරට ගල්ගසා මරා දැමීම් හතරක් සිදුවී තිබේ.
සමහර අවස්ථාවල හිස ගසා මරා දැමූ තැනැත්තාගේ සිරුර කුරුසියේ ඇණ ගසා ප්‍රදර්ශනයට තබන්නට ද නියම වෙයි. 2009 දී ‘සෞදි ගැසට්’ හි පළවූ වාර්තාවකින් කියැවුණේ සන්නද්ධ කල්ලියක නායකයකු එසේ ගල් ගසා මරා සිරුර දින තුනක් කුරුසියේ ඇණ ගසා ප්‍රදර්ශනයේ තබන්නට සෞදි අධිකරණයක් නියම කළ බවය. අසිර් ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිහලක් කොල්ල කා තිබූ එම සන්නද්ධ කණ්ඩායමේ ඉතිරි සය දෙනාගේ හිස් ගසා මරා දමන්නට නියම වී තිබිණි.

පසුගිය කාලයේ සෞදියේදී මරණ දඬුවම හිමි වූ කාන්තාවන් මරා දැමුණේ වෙඩි තබා ය. එහෙත් මෑතක සිට යළි හිස ගසා මරා දැමීම ක්‍රියාත්මක වී තිබේ. කෙසේ වෙතත් එරට අපරාධ සඳහා නියම කෙරෙන මධ්‍ය කාලීන කෲර දඬුවම්වලට එරෙහිව ජාත්‍යන්තරයේ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම හඬ නඟතත් එම හඬ නැඟීම්වලින් මෙතෙක් කිසිම පලයක් ලැබී නැත. 2012 වසරේදී පුද්ගලයන් 82 ක් සඳහා සෞදියේ මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇතැයි අම්නෙස්ටි සංවිධානය පවසයි. ඒ අය අතර කාන්තාවන් කී දෙනකු සිටියේද, හිස ගසා දැමීම් කොපමණ සිදුවීද යන්න අනාවරණය වී නැත. එහෙත් අම්නෙස්ටි සංවිධානය පවසන්නේ පසුගිය වසරේ මරණ දණ්ඩනයට පත් කෙරුණු අයගෙන් බහුතරය රිසානා නෆීක් වැනි විදේශිකයන් බවය.
හිස ගසා මරා දැමීම් ප්‍රසිද්ධියේ සිදුවන්නේ ඒ ඒ බන්ධනාගාරවලට ආසන්නතම නගරය මධ්‍යයේය. අලුගෝසුවා මෙන්ම මරණ දඬුවම නියම වී සිටින තැනැත්තාද මරණ දඬුවම ක්‍රියාත්මක වීමට නියමිත තැනට පැමිණෙන්නේ සුදු හැඳගෙනය. වැරදිකරුට මාංචු දමා දෑස් බැඳ අදාළ ස්ථානයට ගෙන එන අතර ඔහු හෝ ඇය දණින් හිඳුවන තැන වටා අඩි කිහිපයක විෂ්කම්භය සහිත ප්ලාස්ටික් රවුමක් රඳවන්නේ වෑහෙන රුධිරය ඉන් එපිටට ගලා යනු වළකනු පිණිසය.

සෞදි අරාබියේ ප්‍රධානතම අලුගෝසුවා මුහමද් සාද් අල් - බේෂි ය. ඔහු සෞදි අරාබියේ පළවන ‘ඇරැබ් නිව්ස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සිය පෞද්ගලික ජීවිතය හා හිස ගසා මරා දැමීම පිළිබඳ කරුණු රැසක් හෙළි කර තිබේ.


PANCUNG+400


 “දෑත් හා දෑස් බැද දණින් හිඳුවන වැරදිකරුගේ හිස එක කඩු පහරින් වෙන් කිරීමයි මට පැවරෙන රාජකාරිය. කැපුණු හිස බිම වැටී මීටර කිහිපයක් ඈතට රෝල් වෙනවා. සමහර දිනවල මට පුද්ගලයන් දස දෙනකු පමණ මරා දමන්නට සිදු වනවා. වෙඩි තැබීමෙන් හෝ හිස ගසා දැමීමෙන් මා ඔවුන්ට මරණ දඬුවම ලබා දෙනවා. බොහෝ වේලාවට මට සිදුවන්නේ හිස ගසා දැමීම සිදු කිරීමටයි” අල් - බේෂි එහිදී පැවසා තිබේ.
 ම අසිපත මුවහත්වත් පිරිසුදුවත් තබා ගනු පිණිස තම දරුවන් උපකාර කරන බවද ඔහු පැවසුවේය. මිනිසුන් වදයට පමුණුවාලීම පිළිබඳ වෘත්තිය පුහුණුව ලබා සිටින ඔහු අත් පා කැපීම හා දිව කැපීම වැනි දඬුවම් ද සිදු කරයි.

 “ප්‍රසිද්ධියේ හිස ගසා දැමීම් සිදුකරන විට එතැනට බොහෝ දෙනා රැස් වෙනවා. මරණ වදය දුටුවිට සමහර අය ක්ලාන්ත වී ඇද වැටෙනවා. ඒ දෙස බලාගෙන ඉන්න බැරිනම් එයාලා මොකටද එතැනට එන්නේ?” අල් - බේෂි විමසයි.
 “වරදකරු මරණ වදය ක්‍රියාත්මක කෙරෙන ස්ථානයට ගෙන එන විට ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ චිත්ත ධෛර්යය සිඳී ගිහින්. බොහෝ දෙනා දණ ගැස්සවූ විට නොසෙල්වී සිටින්නේ යම් මොහොතක තම ගෙල හරහා අසිපත ඇදී යන බව දැන දැනමයි. මම මුලින්ම වරදකරුටත් රොක්ව සිටින අයටත් ඇසෙන ලෙස අධිකරණයෙන් නිකුත් කර ඇති මරණ දඬුවම පිළිබඳ නියෝගය හඬ නඟා කියවනවා. ඉන්පසු ඉහළ නිලධාරියකුගේ සංඥාව ලැබුණ වහා මම වේගයෙන් අසිපත හසුරුවනවා.”

හිස ගසා මරා දැමුණු අයගේ සිරුරු ප්‍රදර්ශනය කරන්නටද අධිකරණයෙන් නියම වී ඇත්නම් එය කෙරෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක ඉදි කෙරෙන කුරුසියක ඇණ ගැසීමෙන් පමණක් නොවේ. 2011 දී සෞදි අධිකරණයක් නියම කළේ ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක ගේ හිස සිඳ සිරුර හෙලිකොප්ටරයකින් ඉහළට ඔසොවා එල්ලා ප්‍රදර්ශනය කරන ලෙසිනි.
සෞදි අරාබියේ ප්‍රධාන අලුගෝසුවාට හොඳ වැටුපක් හා වෙනත් දීමනා ලැබේ.
 “දවසකට මරන්නට සිදුවන පුද්ගල සංඛ්‍යාව මට වැදගත් නැහැ. මම කරන්නේ දෙවියන් මට පවරා ඇති රාජකාරිය. වරදකරුට මාංචු දමා දෑස් බැද වදය පමුණුවන ස්ථානයට ගෙන ඒම තමයි මට මුලින්ම පැවරී තිබූ රාජකාරිය. මට ඉහළින් සිටි අලුගෝසුවා යටතේ මා සියල්ල පුහුණු වුණා. අලුගෝසු තනතුර හිස් වූ වහා එම තනතුරට අයැදුම් පත් කැඳවූවා. මාත් අයැදුම් පතක් ඉදිරිපත් කළා. තනතුර සඳහා මාව තෝරා ගත්තා.” අල් - බේෂි අතීතය සිහි කරයි.
 “මට පළමුවෙන්ම කෙනෙකුට මරණ වදය පමුණුවාලීම පැවරුණේ 1998 වසරේ ජෙඩා හිදී. මම එක පහරින්ම ඔහු ගේ හිස කඳින් වෙන් කළා. එදා නම් මම වැඩ කළේ සිතේ චකිතයක් හා නොසන්සුන් බවක් ඇතිව. දැන් නම් මට සන්සුන්ව ඕනෑම වරදකරුවකු හිස ගසා හෝ වෙඩි තබා මරා දමන්න පුළුවනි. සමහර අය මගෙන් අහන්නේ මට රෑට හොඳට නින්ද යනවාද කියායි. ඔව්. මට හොඳින් නින්ද යනවා.”
කෙනෙකුට මරණ දඬුවම ලබාදීමට නියමිත දිනට පෙර දින එම වරදකරුගේ නිවෙසට ගොස් ඒ අයගේ පවුලේ අය හමුවී දෙවියන්ගේ අණ පරිදි තමන් කරන දෙයට ඔවුනගෙන් සමාව ඉල්ලා සිටීම තම පුරුද්දක් බව අල් - බේෂි පවසයි. සෞදි අරාබියේ කිසිවකු තමා දෙස වපරැසින් නොබලන බවත් තමාට බියක් නොදක්වන බවත් ඔහු පවසයි.
 “මා ඉටු කරන්නේ දෙවියන් වහන්සේගේ නීතිය බව සෞදි අරාබියේ සැවොම දන්නවා. කවුරුවත් මා කෙරේ බියක් පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. මට හුඟාක් ඥාතීන් හා මිතුරන් ඉන්නවා. මම ඒ අය එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මගේ සමාජ ජීවිතයේදී මට ප්‍රශ්න නැහැ.”


algojo


සෞදි රජය තමාට ගෙවන වැටුප කොපමණද යන්න ඔහු හෙළි කරන්නේ නැත. එය ඉහළ වැටුපක් බව පමණක් අල් - බේෂි පවසයි.
 මගේ කඩුව සෞදි රියාල් විසි දහසක් පමණ වටිනවා. එය මට සෞදි රජයෙන් ලැබුණ ත්‍යාගයක්. නිතරම ඒ අසිපතේ මුවහත ගැන මා පරීක්ෂාකාරී වෙනවා. එහි ලේ පැල්ලම් නොරැඳෙන්නටත් මා වගබලා ගන්නවා. එකම පහරකින් හිසක් සිඳී යන විට හුඟ දෙනා විමතිය පළ කරන්නේ අසිපතේ මුවහත ගැනයි.”
හිස ගසා දමන්නට සිදුවන්නේ ගැහැනියකගේද පිරිමියකුගේද යන්න තමාට වැදගත් නොවන බව අල් - බේෂි ප්‍රකාශ කරයි.
 “කාන්තාවන්ට වද හිංසා කිරීම මම සාමාන්‍ය ජීවිතයේදී අනුමත කරන්නේ නැහැ. එහෙත් ගැහැනියකට මරණ දඬුවම ෂර්යා නීතියෙන් නියම වී ඇත්නම් එය දෙවියන්ගේ අණ බව මා දන්නවා. එතුමන්ගේ අණ මා ක්‍රියාවට නංවනවා.”
ගැහැනියකට මරණ දඬුම ලබා දීමේදී ඒ සඳහා භාවිත කරන අවිය තෝරා ගැනීමේ නිදහස අල් - බේෂි සතුය.
 “මා එවිට එම කාන්තාවගෙන් අසනවා වෙඩි තබන්න ද නැතිනම් හිස ගසා දමන්න ද කියා. ඔවුන්ගෙන් වැඩි දෙනා මට කියන්නේ කඩුව පාවිච්චි කරන්න කියලායි.”
තමාගෙන් පසු සෞදි අරාබියේ ප්‍රධාන අලුගෝසු තනතුරට ඔහු තම වැඩිමල් පුත් මුසාද් පුහුණු කරවා තිබේ. අසිපත නිවැරදිව අල්ලා ගැනීම ගෙලෙහි නියමිත ස්ථානයට පතිත කිරීම, එසේ පතිත කරන වේගය ආදිය එම පුහුණුවට ඇතුළත් වෙයි. අල් - බේෂි පවසන්නේ අත්පා සහ දිව කපා දැමීම්වලදී තමන් අසිපත වෙනුවට තියුණු පිහියක් භාවිත කරන බවය.
 “එම පිහියේ මුවහත ගැනත් මා නිතරම සැලකිළිමත් වෙනවා. අත හෝ පය කපන්න ඕන කොතැනින්ද යන්න ගැන මට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබෙනවා. ඒ අනුව මා ක්‍රියාත්මක වනවා.”
අල් - බේෂි විවාහකයෙකි. දරුවන් සත් දෙනකුගේ පියෙකි. තමා අලුගෝසු තනතුර බාරගන්නා විට ඊට තම බිරිය එරෙහි නොවූ බවද ඔහු පවසයි.
 “එයා මට කීවේ තනතුර බාරගන්න කලින් ඒ ගැන ඉතා හොඳින් හිතා බලන්න කියා විතරයි. කෙනකුට මරණ දඬුවම ලබා දී ගෙදරට යනකොටත් වෙනදාට වගේම ඇය මා හොඳින් පිළිගන්නවා. මගේ දරුවන් මට ආදරෙයි. මගේ දියණියට පුතකු ඉන්නවා. ඒ මුනුපුරාගේ නම හාසා. එයා තමයි මගේ ජීවිතයේ ලොකුම ප්‍රමෝධය. දෙවියන්ගේ අණ ඉටුකරන මට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හිමියි.”

කුමාර සිරිවර්ධන
ඇරැබ් නිව්ස් හා අන්තර්ජාලය ඇසුරිනි

මෙම ලිපිය දැනමුතු සඟරාව වෙනුවෙන් පරිවර්ථනය කරන ලද්දකි.


70 comments:

  1. IMG_7741+rat

    මේකාට නින්ද යනවා කිව්වාම මට හිතා ගන්නවත් බෑ.. ඇයි බාලවයස් තරුවෙක් මරන්න තරම් හිතක් තියෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදයෙන්ලු..

    ඒ මාර දෙයියෙක්නේ..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේ පිළිතුරක් නොවේ.........හිතන්න යමක්...අද අපේ රටේ මරණ දඩුවම ක්‍රියාත්මක නෑ.. ඒත් එය ක්‍රීයාත්මක වූ වකවානුවේ සත්‍ය කතාවක් තමා පූජා නම් සිනමා පටයෙන් ධර්මසිරි ගමගේ මහතා කතා කළේ. ඒ අපේ රටේ හිටි අලුගෝස් උන්නැහේ කෙනෙක් ගැන..

      Delete
    2. 12832864909625

      මම බලලා තියනවා ඒක.

      Delete
  2. 3157554_orig

    පෙර ආත්ම වල කරපු ලොකු අකුසලයක් මේනම් .

    ReplyDelete
  3. sri-lanka

    පවු අහිංසකය. හොද කඩුවක් තෑගි දේන්ට හිතෙනව මට.

    තමන් මොකක් හරි දෙයක් දැඩි ලෙස විශ්වාස කරනව නම් අනෙක් හැගීම් දැනීම් සියල්ලම ඒකට යට වෙනව.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      දේශ් ඉස්සෙල්ලා කිව්ව කතාව තමයි මටත් හිතුනේ , හොද කඩුවක් අරන් දෙන්න හිතෙනවා... :/

      Delete
  4. blogger_logo_round_35

    මුගෙ දරුවවත් දැනගස්සල තිබ්බොත් දෙවියන්ගේ කැමෙත්ත කියල කපයිද දන්නේ නෑ බෙල්ල..මුන්ගේ *කේ කතා ..දෙවියන්ගේ කැමෙත්ත ,පුක තමා

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මම කියන්න හිතපු දේම තමයි මේ.

      Delete
  5. waterfall3

    විශ්වාසයට , භක්තියට මනුස්සයෙක් මොන තරම් දුරක් ගෙන යන්න පුලුවන්ද ?

    ReplyDelete
  6. blogger_logo_round_35

    ආගම සම්බන්ධ පොත් වල මොනා තිවුනත් ඒක බුද්ධියෙන් විමසලා බලලා තීන්දු තීරන ගන්න ඕනේ.

    ReplyDelete
  7. imagesCA0PDJJ2

    මේ මිනිහගේ අතින් මේ මිනිහගේ පවුලම මැරෙන්න ලැබෙන්න ඕනා..මහා බල්ලෙක්..මට කඩුව ලැබුණානම් සරියාට නටා ගන්න කියලා මම කපනවා මේකාගේ බෙල්ල..

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මචෝ එතකොට මේක http://www.youtube.com/watch?v=Ox7wHHcphUI&list=UUSUKQhM61tZxdt071yjdLqQ

      Delete
  8. blank

    මනුස්සකමක් නැති මිලේච්ඡ ආගමක්..
    ගොඩක් ස්තූතියි මෙක අපි වෙනුවෙන් ලිව්වට

    ReplyDelete
  9. blank

    මේ ලිපිය කියවන කොට නම් ඇත්තටම තරහක් ඇති වුණා.ඒ ස්වුදි රජය ගැන නම් නෙවෙයි අපේ ආණ්ඩුව ගැන.

    සවුදිය කියන්නේ ශරීයා නීතියේ මූලාරම්භය.මේ නීති වල තියෙන්නේ ඉස්ලාම් ආගමේ දේවලටත් වඩා ගෝත්‍රික වාදී දේවල්.ඈත අතීතයේ ඒ ගෝත්‍රික නීතින් කිසිඳු වෙනස් කිරීමකින් තොරවම මේ මිනිස්සු වර්තමාණයටත් ගෙනල්ලා ඒවා ආගමික කරගෙන.ඒ මදිවාට ඒ තුච්ච නීතීන අන් රටවලටත් මුදල් මාර්ගයෙන් ආගමේ නාමයෙන් විහිදුවා දමනවා.ලංකාවේ මඩකළපුව පැත්තේ ජිහාද් පුහුණුවීම් වලට කෝටි ගණන් මුදල් දෙන්නේ සවුදියේ කෝටිපතියන් බව බොහෝදෙනෙක් දන්නවා. ඔය මිනිස්සුන්ට හිතක් පපුවක් නෑ.අර අඵුගෝසුවාට ඉතින් රෑට නින්ද යන එක ගැන අහන්නත් දෙයක්ද?

    සවිදිය කියන රටේ ගෙවල් වල වැඩට යන ගෑණු දුක් විඳින්නේ අද ඊයේ සිට නෙවෙයි.අන් මුස්ලිම් රට වල් වලට වඩා සවුදි වල ගෙවල් වල වැඩට යන ගෑණු ගොඩක් දුක් විඳිනවා.ඒ නිසා තමයි ඒ රටට යන්නටත් කළින් මාස තුනක පඩි පිටත් වෙන්නත් කළින දීලා ලංකාවේ ගෑණු එහෙට ගෙන්න ගන්නේ.

    ලංකාවේ රජයෙන් ගැහැණුන් සවුදි යැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ.ඒවා නොකර මිනිස්සු මැරුණාට පස්සේ බයිලා කියවලා තේරුමක් තියෙනවාද? වසර දෙක තුනක්ම ඉතාලිය සහ තවත් යුරෝපීය රටවල් දෙකකින් ලංකාවට රැකියා කොටා දුන්නා එක රටකින් රැකියා 35000 කට කිට්ටු වෙන්න. කෝ යැව්වද මිනිස්සු ? රැකියා 5000කටත් වඩා අඩුවෙන් යැව්වේ ඒකත් එක මනුස්සයෙක්ගෙන් ලක්ෂගාණක් අරගෙන අන්තිමට ඊට පස්සේ අවුරුද්දේ ඒ කෝටාව වෙනත් රටකට හම්බ උණා.

    මේ ජඩ දේශපාලකයෝ නිසා කවදාවත් මේ රටේ මිනිස්සුන්ට හරියන්නේ නෑ.ඒ තිස්පන්දාහ පිළිවෙළකට අපේ රටේ රැකියා විරහිත්යන් යැව්වානම්,අපිට ලැබෙන කොටා එක තව වැඩිවෙනවා.ආර්තිකයෙත් විශාල වර්ධණයක් ඇති වෙනවා.අද අපේ රටේ ගෑණු බැලමෙහෙවරකම් කරන්න මැදපෙරදිග යන්න ඕනෙ නෑ.දේශපාලකයන්ගේ මඩිය තර කරගන්න උන් ඕන දෙයක් කරාවි.හැම ආණ්ඩුවක්ම එක වගෙයි.හැම ආණ්ඩුවකම කම්කරු ඇමතිලාට කෝටි ගණන් මිනිස්සුන්ට හුළං.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      +++++

      දවසේ කතාව....

      Delete
    2. blogger_logo_round_35

      ෂමිතුරු ඔබ කියන සිද්ධිය හරි..... ඒත් ඒ රටවල්වලින් ඉල්ලුවේ සුදුසුකම් සහිත පුහුණු ශ්‍රමිකයන්. ඒ සුදුසුකම් සපුරපු අය නැතිවීම තමයි ගැටලුව වුණේ.අවම තරමින් උන් ඉල්ලුව මූලිකම සුදුසුකම් ටිකවත් අපේ අයට තිබුණේ නෑ. එතැනයි ගැටලුව වුණේ.

      Delete
    3. blogger_logo_round_35

      පුහුණු ශ්‍රමිකයෝ කොහෙද ඉන්නේ? ඔක්කොම වගේ කට්ටිය රට ඉන්නේ. ලංකාවේ ඉතුරු ටික දෙනා හොඳ වැටුප් වලට වැඩ. තව කොටසක් යන්න කැමති නෑ වගේ ප්‍රශ්න. ඉතිං කොහෙන්ද පුහුණු ශ්‍රමිකයෝ? මොකද අපේ ඉස්කෝල වල විධිමත් වෘත්තීය පුහුණුවක් තියේද? ළමයින්ට නිසි මගපෙන්වීමක් තියේද? ලෝකේ අනිත් රටවල් වල අවුරුදු 20 වෙනකොට එක්කෝ කාර්මික අතින් නැත්තන් කළමනාකරණය අතින් සැහෙන සුදුසුකම් තියන වෘත්තීය පුහුණුවක් එක්ක ඉන්න තරුණ පිරිසක් ඉන්නේ. ඒ ඒ රටවල් තමන්ගේ අධ්‍යාපනය නිසි ජාතික ප්‍රතිපත්තියක් එක්ක කරන නිසා. ලංකාවේ කොහෙද ජාතික ප්‍රතිපත්ති? තාරා ඩි මෙල් ඉන්නකොට එකක්. තව කෙනෙක් ඉන්නකොට එකක් විදියට පුද්ගල හා දේශපාලන ප්‍රතිපත්ති වෙනස්වන රටක්නේ ලංකාව.

      Delete
    4. blogger_logo_round_35

      ඔබ හරි මලයා. ඒත් මේ වෙනකොට ශ්‍රමිකයන් පුහුණුවට පමණක් සාමාන්‍ය වැඩපිළිවෙළක් තියනවා. ඒත් තාම ජාතික ප්‍රතිපත්තියක් නෑ. එවැන්නක් හදන්න නම් පක්ෂ විපක්ෂ සියලුදෙනා එක මතයකට පැමිණිය යුතුයි.

      Delete
    5. sg

      නලින් අයියා මම කටාර් ඉන්නකාලේ විස්වාස කටයුතු මාර්ගයකින් දැන ගත්තා ඒ කාලේ හිටි එජාප රජය ඊට කලින් රජය ගිවිසිම් අත්සන් කල මුදලට වඩා අඩු මුදලට ගෘහසේවිකාවන් වැඩි පිරිසක් එවන්න ගිවිසුම් ගහලා ගිය බව.

      අපේ සියලුම රජයවල් වලට ඕන රැකියා ප්‍රශ්නය විසඳුමක් විදිහට වැඩි දෙනෙක් රට පටවන එක මිසක් නියමිත පුහුනුවක් දීලා පුහුනු ශ්‍රමිකයන් ඉහල වැටුපකට යවන්න නෙමේ.

      ලේක් හවුස් එකේ වැඩ කරන අයට නම් පත්වෙන රජයේ කුනු රෙදි අපුල්ලන්න ගියාම රටේ ප්‍රශ්න දිහා නියමාකාරයෙන් බලන්න වෙලාවක් නැති නිසා නොපෙනෙනවා වෙන්න පුලුවන්.

      ඒත් මද්‍යස්ථ මාධ්‍යවේයෝ කියන දිවයිනේ ලංකාදීපේ @#%@ පුතාලටත් ඒවා නොපෙනී යන එකයි දුක.

      Delete
    6. blogger_logo_round_35

      ඔබේ සෘජු පිළිතුර ගැන ආඩම්බරයි. ඔබ කියන ගිවිසුම ගැන කට කතා මිස පැහැදිලි සාක්ෂි ඔබ සතුද? මා මෙයට ඉහත පිළිතුරේ කියා තිබෙන දේත් පැහැදිලිව කියවා බලන්න.එසේම මා දෙසද පාට කණ්නාඩි නැතිව බලන්න උත්සාහ කරන්න. ඔබ කියු දේ ගැන පැහැදිලි විස්තර ඇතිනම් ඒ ගැන දැනුවත් කරන්න.

      Delete
    7. sg

      මාධය ක්ශේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මම හිතන්නේ ඔබට පුලුවන් විවෘත ආර්ථිකයේ ප්‍රතිපලයක් විදිහට 1977න් පස්සේ ගෑනු රට පටවන්න පටන් ගත්තු දා ඉඳන් අද වෙනකම් මැද පෙරදිග රටවල් වලට ගෘහසේවිකාවන් යවද්දී අවම වැටුප ඔවුනෙග සුභ සාධනය ගැන ඒ ඒ කාලවල රජයන් ගත් ක්‍රියාමාර්ග ආදිය සොයා බලා පැහැදිලි කිරීමක් කරන්න. දැනුවත් කිරීමක් කරන්න. මේ අලුගෝසුවා ගැන ලියූ ජාතියේ වගේ වැදගත් ලිපියක් ලියන්න

      මේ ලිපිය කියවපු කෙනෙක් තමන්ගේ පවුලක කෙනෙක්ට සවුදි වල සේවයට යන්න දෙන එකක් නෑ (පාරේ හිඟා කෑවත් කමක් නෑ මෙන්න මෙහේ ඉමු කියලා කියයි මිසක)

      මම මැදපෙරදිග රැකියාවක් කරන සාමාන්‍ය පුද්ගලයෙක්. කටාර් වල මම හිටියේ 2000 සිට 2004 වෙන තුරු. අවාසනාවට මට තොරතුරු ලබ දුන් කෙනා සමඟ සම්බන්ධතා බිඳ වැටිලා.

      අයියා මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නිසා පහසුවෙන් ඒ සියලු තොරතුරු සොයා බලා වැදගත් ලිපියක් පල කරන්න හැකි වේවි.

      එසේ කලොත් නම් එය අපේ රටෙන් මැදපෙරදිග යන ගෘහසේවිකාවන්ට හෝ ඔවුන්ගේ පවුල් වල අයට ලොකු සේවයක් වෙයි.

      බ්ලොග් කලාව සෑහෙන දෙනෙක් අතර ප්‍රසිද්ද නිසා ඔයාගේ බ්ලොග් එක වටා රොක් වුනු ලොකු පිරිසකුත් ඉන්න නිසා ඒ වගේ ලිපි ලිව්වොතේ ඔයාගේ බ්ලොග් එක කියවන කෙනෙක්ගේ පවුලක කෙනෙක් හෝ මැදපෙරදිග යද්දී ඒ අය දැනුවත් කරාවි.

      Delete
    8. blogger_logo_round_35

      ඔබ හොදම ඉසව්වකට මාව තල්ලු කළේ. මා ඒ ගැන සියලු තොරතුරු හොයා බලන්නං.

      Delete
    9. blank

      නලීන් ශ්‍රමිකයන්ට පුහුණුව නෑ ඒ නිසා ඒ රැකියා පුරප්පාඩු පුරවගන්න බැරි උනා කියන එක නම් මං පිලි ගන්නේ නෑ.මොකද ඔතනදී ඇමති වරු අතින් රැකියා ලබපු හැම කෙනාටම පුහුණුවීම් තියා අවම සුදුසුකම් වත් නොතිබුණු අය හිටිය බව නලින් දන්නවාද? ඔය රැකියා වලට ගිය අයට යන්න කලින්ම පුහුණුවක් පවා ලබා දුන්නා.මොකද රට යවන එකත් එක පාරටම වෙන්නේ නැති නිසා.

      නලින් දන්නවාද ඔය එක රැකියාවක් ගැනවත් පත්තරේක ඇඩ් එකක් වත් දැම්මේ නෑ කියලා.එහෙම දැම්මා නම් ඊට වඩා විශාල පිරිසක් ඒ රටවල් වලට යවන්න තිබුණා.

      මම කියන ඔය කෝටා එක ලැබුණේ මීට අවුරුදු පහ හයකට කලින් එතකොට හිටපු තවත් ඇමති කෙනෙක් කිව්වලු හිටපු කම්කරු ඇමතිට 'තනියම කන්නේ නැතිව බෙදාගෙන කාහන් කියලා.'

      ඔය ඉන්සිඩන්ට් එක ගැන මම සීයට සීයක්ම දන්න නිසයි කියන්නේ. මේ දේශපාලකයෝ කරන්නේ වැඩි හරියක්ම බොරුව.

      නලින් මතුවට ඔබ ගෘහ සේවිකාවන් ගැන ලිපිය ලියන කොට මැදපෙරදිග යන ගෘහසේවිකාවන් නොයවන තරමටම ලියන්න.

      Delete
  10. .com/img/b/R29vZ2xl/AVvXsEhWkdegFqKab9hh6CBvfrf6aIPH3ldrolzqEWf_j-wTfJ_aTFTdSp9_dT2RK96Ka4MCfi1IH2y-xa_d6JcpMbkeQxBjac1QMO7a6k5FpTOJCNBTDome8BNV81z7xXQT8g/s45-c/

    මේ යකානම් මිනිහෙක් වෙන්න බෑ!

    ReplyDelete
  11. blogger_logo_round_35

    මම නම් මේ මනුසස්සයට බනින්නේ නෑ.. වැරද්ද තියෙන්නේ මොල හෝදන ඔය මිනීමරු ආගමික නීති හදපු උන්ගේ.. ආගමික විශ්වාසයෙන් අන්ධ වෙච්ච මේ මනුසස්සයා මොනවා කරන්නද දැන්..

    ReplyDelete
  12. z

    මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ ... මු මැරුණම යන්න වෙනමම තැනක් ඇති ..

    ReplyDelete
  13. twilight3+-+Copy

    මේ මනුස්සයගේ ආගමික විශ්වාසය මොන තරම් දැඩිද, ඒ ආගමික නීති රීති නිසා හැඟීම් දැනීම් නොදැනෙන තත්වයකට පත්වෙලා. අනුකම්පා කලයුතු පුද්ගලයෙක් කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  14. edited

    පේන්න ඉන්න මනුස්සයට වඩා නොපෙනෙන්න ඉන්න දෙවියෝ ඉහේ තියන් ඉන්න මනසක් නැති එකෙක්..

    ReplyDelete
  15. Untitled-1.

    මට දැනුනේ පිළිකුලක්ද ..තරහක්ද.. පුදුමයක්ද කියලා හිතා ගන්න බෑ. තවත් කෙනෙකුට ආගමේ නාමයෙන් මේ කියන හැටියට ලේසියෙන්ම මරන්න පුළුවන් නම්...ඒ ආගමේ..ඒ නීතියේ තරම ගැන හිතා ගන්නත් පුළුවන්...

    මම හිතන්නේ මම වාසනාවන්තයි. මේ වගේ මෙලේච්ඡ ආගමකට ..ජාතියකට දාව නොඉපදුන එක.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මට කියන්න ඇත්තේද ඔබ කියනා දේ පමණයි.

      Delete
  16. .com/img/b/R29vZ2xl/AVvXsEj7yctO6IIU4zQBoV7yvNOdUtGF8r4EobK_VYD8cOuhCY9mlJcjjFwbt0eL6-PkdXRiI0mqKF8nUeIqJcEXOOaqWDB48ex90fmWniFLt-zSi9txvHKYdoEN9EHAfuVnrg/s45-c/

    ලෝකේ තියෙන කරුමම රස්සාව වෙන්ඩ ඇති..

    ReplyDelete
  17. lotus_flower-300x225

    මේ මිනිහාගේම වරද නෙමේ . ක්‍රමේ වරද . අපේ රටේ ළමයින් දුෂණය කරන අයව නම් සෞදියට පටවන්න ඕන මේකා ලව්වා හිස ගස්සන්න . .

    ReplyDelete
  18. blank

    මම නම් මේක දකින්නේ මෙහෙමයි.මේ පුද්ගලයා දැඩිවම මෙය විශ්වාස කරනවා.ඒ නිසා රෑට නින්ද යාම වගෙ ගැටලු නෑ.පවුලෙ අය දනගස්සල තිබුනත් බෙල්ල කපන එක ඔහුට ප්‍රශ්නයක් නොවෙයි.සියලුම සිතිවිලි මෙහෙයවන ප්‍රධාන චේතනාව දෙවියන්.
    ඉතින් අනෙක් හැම එකක්ම ඊට යටයි.මේකෙ අමුත්තක් නෑ.මනෝවිද්‍යාව හදාරපු අය මේක තේරෙනවා.ත්‍රස්තවාදී සංවිධානවලට බදවා ගන්නෙත් මේ විදියට බ්‍රේන් වොශ් කරල තමයි.

    ReplyDelete
  19. blank

    බෙල්ල කැපීමටත් වඩා අත්පය කැපීම හා දිව කැපීම නම් ම්ලේච්ඡයි.සොරකමකට අතක් කැපුවම ජීවිත කාලෙම ඒ මනුස්සය හිගා කන්න වෙනවා.දිව කැපුවම කතා කරන්න බෑ.කන්නත් බෑ.
    මේ නීති සවුදි ජාතිකයන්ට ක්‍රියාත්මක වෙනව කියල හිතන්න බෑ.ඒ වාගෙම ලිබියාවෙත් ගඩාෆිත් බලයට ආපු අලුත අත් කැපුවලු.ඔහු දවසක් පාරෙ යනකොට අත් නැති හිගන්නො පිරිල ඉන්නව දැකල ඒ ගැන අහපුවම තමන්ගෙ දඩුවම් ගැන කලකිරිල වහාම ඒවා නැවැත්තුවලු

    ReplyDelete
  20. photo+%284%29

    අන්ධ විස්වාසයෙන් ඉන්න මිනිස්සු...ඒ මිනිහ මොකද කරන්නෙ කියල ඒ මිනිහම දන්නෙ නෑ...

    ReplyDelete
  21. blogger_logo_round_35

    මට නම් හම කෑල්ලක් කපන්න බැහැ කාගේවත් ඉතින් මේ වගේ මනුස්සයෙක් මොනා කියෙව්වත් දරුණු දරදඩු මිනිහෙක් කියලා හිතෙනවා

    ReplyDelete
  22. avatar_big_701_1328289649

    මුහමද් සාද් අල් - බේෂි

    මුට මොනවා වෙයිද මේ පුරවගන්න පවු වලට...නොදකින් මුන්ගේ ආගමට ආගමක් කියන්න බෑ ඇත්තටම...මිනිහෙක්ගේ ආගමක් කියන්නේ මිනිස්සුන්ව යහමගට ගන්න සදාචාර පද්ධතියක්..එත් මේ කාලකන්නි ආගමෙන් මිනිස්සුන්ව තව තව අපායට ඇදලා දානවා..මුස්ලිම් කියන ආගම මේ ලෝකේ කොහොම බිහි උනත් ඒ බිහි වුනේ නම් අන්තිම තිරිසන්නු ටික එකේ අනුගාමිකයෝ කරලා...

    ReplyDelete
  23. CTK3133

    කට්ටිය කොහොම කිව්වත් මෙහේ අලුගෝසු තනතුරට කොච්චර අයදුම්පත් ලැබුනද..? ගෑණු අයත් හිටියා කියලා මට මතකයි. මිනිස්සුන්ට ඕන රස්සාවක් කරන්න පුළුවන් තත්වයට එන වෙලාවල් තියෙනවා. එතනදී අලුගෝසුකමත් රස්සාවක් විතරයි. ගෙදර උන්ට කන්න බොන්න නැතිව ඉන්නවනං..කොයිතරං මනුස්සකං ගැන කියවන උන් ඇවිත් ගෙදර උන්ට එක වේලක් කන්න දෙන්නේ නැත්තං එහෙම තත්වයක් යටතේ අනුන්ට අත පාන්න කැමති නැති එකෙක් තවත් එක රස්සාවක් උන අලුගෝසුකම කරන එකේ වරදක් මංනං දකින්නේ නැහැ. රටේ නීතීයට අනුව මිස මරනවද නැද්ද කියන එක තිරණය වෙන්නේ අලුගෝසුවා අතින් නෙවෙයිනේ.
    මේ මනුස්සය මටනං තමුන් කරන රස්සාවට අවංකව කැප වෙලා වැඩ කරන මනුස්සයෙක් විතරයි. නීතිය හා දඩුවම් ක්‍රමවල ඇති දරුණු ගතියයි... උපතේ සිට ආගමක් හරහා කාවද්දලා තියෙන අසීමාන්තික බැදිමයි කියන ඒවෑ මිස මේ මිනිහගේ අවුලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මාර මලයෝ ඔබ පෙන්වා දෙන්නේ නියම ඇත්ත. මං උඩම තැනක ඔය ගැන ටිකක් දැම්මා. කාලෙකින් හෝ මේ පැත්තට කමෙන්ටුවක් දැමීම ගැන හරිම සතුටුයි.

      Delete
    2. 12832864909625
    3. blank

      ඔව් මාරයෝ මමත් ඔය අලු‍ගෝසු තනතුරට ඇප්ලිකේෂන් දාන්ඩයි හැදුවේ කොහෙද මේ අපේ එකාලා එකිලා වලලන්ඩ තියාගත්තනේ,

      අපේ අර ගගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්ගෙන් මම එහෙම කලොත් පව පලදෙන ආකාරය අහන්ඩ ගිහිල්ලත් හොදවැයින් අහගත්තා

      Delete
  24. merman

    මේක කියවන මොහොතෙදිත් මගෙ හිරිගඩුත් පිපිල :/

    ReplyDelete
  25. 1+-+Copy

    රස්සාව නම් ඔය somebody's gotta do that වර්ගයේ එකක් නිසා කමක් නෑ කියමු. නමුත් පොරගෙ ආකල්ප!!!!

    ReplyDelete
    Replies
    1. z

      +++++++ අන්න ඒ ආකල්ප නිසයි මිනිහ ගැන පිළිකුලක් ඇතිවෙන්නේ,

      Delete
    2. blogger_logo_round_35

      එකඟයි ඩූඩ් මේ වදන සමග

      Delete
  26. blogger_logo_round_35

    සවුදිය කියන්නේ එයාලගේ ආගමේ උපරිම තැන. ඉතිං එයාලට එයාලගේ නීති සාධාරණයි. ලංකාවේ මේ ටිකේ ඔය ගැන කතාව ටිකක් ඇදිලා ආවේ මුස්ලිම් විරෝධී රැල්ලක් යන නිසා මම කියන්නේ. මොකද රිසානා ලංකාවේ පළවෙනියා නෙවෙයි හිසගසා දාපු. ඒ එක්කම අන්තිම සිරකරුවාත් නෙවෙයි.

    කොහොම උනත් එකක් කියන්න ඕනේ. සවුදි කාරයෝ ටිකක් ඔලුව උදුම්මගත්තු ජාතියක්.

    ReplyDelete
  27. blank

    හිතවත් නලින් ඔබටත් මේ ලිපිය කියවූ හා අදහස් දැක්වූ සැමටත් ස්තූතියි.
    ලෝකයේ රසබර,හරවත් තොරතුරු කියවන්න.
    "දැනමුතු' සඟරාව හා එක්වන්නැයි ඔබට ඇරයුම් කරමි.

    හෙට (7) සුද්දන්ගේ ඇඳ ඇතිරිලි කොයි තරම් කිළිටි දැයි කියවා දැන ගන්න " සමකය වටේ" ට එන්න.

    ReplyDelete
  28. sg

    පිලිපීනය කොයි තරම් දරිද්‍රතාවයේ ඉන්න රටක් උනත් දැන් ඒ රටේ ඉන්න නායකයෝ (මාකෝස්ලා ඉමෙල්ඩා ල වගේම වෙන්නත් ඇති ඒත් පොඩ්ඩක් හරි මිනිස්සු ගැනත් හිතන ) මැද පෙරදිග රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරනව එයාලගේ රටෙන් එවන ශ්‍රමිකයන්ගේ ගාස්තුව, ඔවුන්ගේ ආරක්ෂාව, නීතිමය කටයුතු ගැන.

    තුට්ටු දෙකට අරාබියේ ගෙවල් වක කක්කුස්සි හෝදන ගෑනු එවන සල්ලි වලින් අපේ රටේ නායකයෝ මොකද කරන්නේ ??

    පුතාලගේ මන දොල සංසිඳවන්න
    * මහ රෑට ලයිට් දාගෙන නයිට් කාර් රේස් තියනවා. ඒක ඉවර වෙලා බාගෙට ඇඳගත්තු රුසියානු ගෑනු නටෝනවා
    * ඉන්දියාවේ නිලියෝ ගෙනල්ලා ශෝස් තියනවා.
    * චීන්නුන්ට සැටලයිට් යවන්න උන්ගෙන්ම නයට සල්ලි ගන්නවා
    * ස්පෝර්ට්ස් නාලිකා දාලා දීලා ස්පෝර්ට් මීට් තියනවා

    ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඉන්න හොඳට නැමෙන්න පුලුවන් උන් ඔක්කෝම ඇමතිලා කරලා උන්ට සැප දෙනවා.

    මහජනයා වෙනුවෙන් පෙනී සිටින්න ඕන මාධ්‍ය කාරයා කියන අය මොකෝ කරන්නේ . ..

    ජනාධිපතිගෙන් ලැප්ටොප් තෑගි අරගෙන ජනාදිපතිගෙයි පවුලේ අයගෙයි අමුඩ ලේන්සු හෝදනවා.

    මෙහෙව් රටක් අයියේ . . . . .

    ලෝකේ කොහේවත් නැතුව ඇති . .

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      1)ඔබ පවසනා පරිදි මේ වන විට අප රටේ එවන් ගිවිසුම් නැතිද? සොයා බලන්න විසේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්.
      2) ඉන් පසු ඔබ පෙන්වාදෙන කරුණු ටික පිලිපිනයේ තායිලන්තයේ නොවෙත් ද?
      3) එස් ලැප්ටොප් ලැබූවෙක්මි මමත්.
      4) එසේ නම් ඔබට අනුව මා ආණ්ඩු දෙකකටම එනම් රනිල් හා මහින්ද දෙදෙනාගේම අමුඩ සෝදා ඇත.

      රටේ දේශපාලනය ගැන ඔබට ගැටලු ඇති. ඒත් හිතන්න මේ අපේ සිංහලයාට ඇති එකම රට මෙය පමණක් බව. මෙරට නායකයා කව්ද කුමන පක්ෂයකින්ද යන්න නොව ගැටලුව. විදෙස් රටක සිට තම මවුබිම පහත් කිරිමයි. මෙරට නායකයා කවුරුන්ද යන්න ජනතාව තම ජන්දයෙන් තෝරා ගනිවි.ඒ තෝරාගත් නායකයා රට කරවාවි. බටහිර රටක හා අපේ රටේ ජනයාගේ වෙනස මෙතැනයි. ඔවුන් කිසිදාක පක්ෂය කුමක් වුව තම රට හෝ නායකයා හෙළා නොදකියි. මේ ඉතාම කෙටි පිළිතුරකි

      Delete
    2. blank

      නලින් ඔයා කියන ඔය ගිවිසුම වි.සේ.නි.කා තියෙනවා වෙන්න පුඵුවන් නමුත් ඒවා හරියටම ක්‍රියාත්ම වෙන්නේ නෑනේද? ඒ රටවල ඉන්න අපේ තානාපතිවරුත් කරන්නේ උන්ගේ පස්සෙන් වැටිලා ඉන්නවා මිසක අපේ මිනිස්සුස් ගැන හොයා බලනවාද?

      මම චන්දේ දැම්මේ අපේ ජනාධිපතිතුමාට,මොකද මේ රටේ යුද්ධය නැති කළේ හොඳ ටීම් වර්ක් එකක් තිබුණු නිසා.හියුමන්‍රයිට්ස් කොමිසමට ලංකාව ගියාම මොනවා වෙයිදෝ කියලා බයෙන් හිටියේ මොකද මට මගේ රට වැදගත් නිසා.නමුත් මේ ආණ්ඩුවෙන් කරන හැම දෙයක්ම හරි කියන තැන නම් මම නෑ.වැරැද්දක් දකින කොට ටිකක් හෙලාදකින්නත් ඕනෙ නේද? වැරැද්ද පෙන්නලා දෙන්නත් ඕනේ නේද? ඔයත් හරියට මගේ මහත්තයා වගේ.

      Delete
    3. sg

      නලින් අයියා වැරදියට ඉන්ටර්ප්‍රීට් කරන්න එපා. මම වෙන රටක ඉඳගෙන මගේ මව් රට පහත් කරලා කතා කලා නෙමේ. මහනජටතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මගේ රටේ ජනමාධ්‍යය කරුවන් ගේ ආකාරය මෙහෙමයි කියා කිව්වා පමනයි. විදෙස් රටක රැකියාව කලත් මමත් නන්දා මාලනිය "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම" ගයන අයුරු දිවි ගෙවන කෙනෙක්.
      රටේ පුරවසියෙක් විදිහට මගේ රටේ දෙයක් විවේචනය කිරීම විදෙස් බලවේගයක් කියලා, විදෙස් රටක සිට මව් බිම පහත් කිරීමක් කියලා කියනවනම් අපිට තව දුරටත් මහත්වරු වගේ සංවාදයක් කරන්න පුලුවන්ද කියලත් හිතෙනවා

      Delete
    4. blogger_logo_round_35

      සමාවෙන්න දුකා මලයා.. මොනම විදියකින්වත් මා ඔබ ගැන වැරදි චිත්‍රයක් මවාගෙන නොවෙයි මේ වාදය ඇදගන ගියේ..ඔබ ඉතාමත් මහත්මා ලීලාවෙන් මේ වාදයට එකතු වුණේ.. මාගේ පුර්ණ ගෞරවට ඔබට හිමි වෙනවා.
      මා ඉහතින් කී දේ අදාළ වන්නේ මවු රටෙන් බැහැරව එන් ජී ඕ මුදල් මත යම් යම් ක්‍රියාකාරකම් වල නිරත පුද්ගලයන්ට යි.
      ඔබ විදෙස් සේවාවක නියැලුණත් රටට හානිකර දේවල නිරත වන්නේ නැති බැව් මා හොදින්ම දන්නවා...
      එසේම ඔබ හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක් බවත් ඉතාමත් හොදින් දන්නවා...
      මගේ ඉහත කියමනින් හිත් රිදවා ගැන්මක් කරන්න එපා.. එය ඔබ ඉලක්ක කොට ලියූවක් නොවෙයි...

      Delete
    5. blogger_logo_round_35

      සුමිතුරු වරදක් පෙන්වා දිම වරදක් නොවෙයි.. වැරදි දේ ගැන නොවෙයි මා කියන්නේ. රටක් ලෙස අප රටේ අභිමානය සුරැකිය යුතුයි යන්නයි. නීති ඇතත් ඒවා ක්‍රියාත්මක නොවිම නං මාත් පිළිගන්නවා...

      Delete
  29. Self_Helpless_Logo

    මේක පුදුමයි දෙවියන්ගේ කැමැත්ත.කව්ද්දවත් මනුෂ්ෂ්‍ය ගති පිහිටයිද දන්නේ නැහැ.

    ReplyDelete
  30. blogger_logo_round_35

    100% ක් දුකා හා එකඟයි !

    ReplyDelete
  31. blogger_logo_round_35

    මරණ දඬුවම යලිත් ක්‍රියාත්මක කරන්න අලුගොසුවන් පුරුදුකරන රටක් හැටියට අපිට මේක දිහා ඒ තරම් පිලිකුලෙන් බලන්න බැහැ නේද ? මරන්නේ කොහොම උනත් මරනවා නම් ඒක අමානුශිකයි.. සවුදිය වගෙ රටවල ඇතිප්‍රශ්නය දඬුවම් දෙන මේ ක්‍රමය විතරක් නෙවෙයිනෙ. සාධාරණ යුක්තියක් ලබා ගැනීමට හැකි අපක්ශපාත පරීක්ශණයක් නොවීමයි. රිසානාගෙ සිදුවීම හොඳ උදාහරණයක්. අනිත් අතට බැලුවාම දැන් මාතලෙ ගොඩ ගන්න සිය ගනන් වද දීල මරපු මිනිස්සු ගැන හිතුවාම මේ ගැන කතා කරන්න අපිට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද කියල මට හිතෙනවා. ඒ මිනිස්සුන්ගෙ නඩු ඇහුවෙ කවුද ? දුන්න දෙතිස් වද අනුමත කලෙ කවුද ?

    ReplyDelete
  32. 11312781_909946182385043_9158189637692344954_o

    මාර ෙදයිෙයක් බං !

    ReplyDelete
  33. Su+1

    මගේනම් පුද්ගලික අදහස ඉස්ලාමය ලොවින් අතුගා දැමිය යුතුයි යන්නයි. මිනිස් ශිෂ්ටාචාරය ආපසු හරවන්න ආගමික ම්ලේච්ඡයන්ට ඉඩ දිය යුතු නෑ.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      හිනා යනවා ඕයි .. මේකත් බලපන් උන්ගෙන තමයි තියෙන්නේ
      http://www.youtube.com/watch?v=Ox7wHHcphUI&list=UUSUKQhM61tZxdt071yjdLqQ

      Delete
  34. The+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F

    ඔය මනුස්සයාම ලංකාව වගේ රටක ඉපදීලා බුද්දාගම වගේ ආගමක් ඇදහුවනම් අද ඔය මිනිහම ඔය ක්‍රමයට විරුද්ද වෙන්න තිබුනා. වැරැද්ද තියෙන්නේ මනුස්සයගේ නෙවෙයි. අදහන ඇදහිල්ලේ. ඕනිම කෙනෙක් කරන්නේ කියන්නේ තමන් විශ්වාස කරන දේ. තමන්ට පුරුදු දේ. උගන්නපු දේ. ඒත් ඉතින් මෙව්වා කියවද්දි ඇගේ ලේ කෝප වෙන එකනම් නවත්තගන්න බෑ. මේ මිනිහට වෛර නොකර උන්ගේ ආගමයි කියන එකේ තියන පහත්තත්වය විතරක්තේරුම් ගත්තොත් ඇති.

    ReplyDelete
    Replies
    1. blogger_logo_round_35

      මේකත් අන්වර්යේන්ම බලන්න http://www.youtube.com/watch?v=Ox7wHHcphUI&list=UUSUKQhM61tZxdt071yjdLqQ

      Delete
  35. blank

    මාරයගෙ කතාව ඇත්ත.අපි හිතන්නෙ අපේ සංස්කෘතියට සාපේක්ෂව.ශරීයා නීතිය ඒ රටේ නීතිය ඒ ගැන කතා කරන්න අපට අයිතියක් නෑ.කරන්න ඕන අපේ ගෑනු එහෙ නොයවන එකයි.රිසානගෙ සිද්ධියෙදි මුස්ලිම්වරු ඒක අනුමත කළා.රිසානට වුනත් ඒ බෙලි කැපිල්ලට විරුද්ධ වෙන්න බෑ.රිසානගෙ පවුලෙ අය ගමේ පූජකයා බෙලි කැපිල්ල අනුමත කළා
    මේව නොදන්න මෝඩයො බොරුවට බෙරිහන් දෙනවා

    ReplyDelete
  36. blank

    සරත් ලංකාප්‍රිය ඔබ නිවැරදියි.මටත් මූනු දෙකක් පෙන්වීම හා වංචනික බව කුහක කම තමයි පෙන්නන්න බැරි.මෙහෙ අලුගෝසුවො පුහුණුකරනවා.සවුදියෙ මරණ දඩුවමට නියම වුන අය ගැන කදුලු සලනවා.මෙහෙ මොනවහරි වුනහම අරාබි නීතිය ගේන්න කියනවා.මෙහෙ මරණැ දඩුවම හරි සවුදියෙ වැරදියි මොන විකාර අදහසක්ද ඒ?
    මෙහෙ අලුගෝසුව හොදයි සවුදි අලුගෝසුව නරකයි

    ReplyDelete
  37. blogger_logo_round_35

    මිනිසා කොච්චර ශිෂ්ඨයි කියලා හිතාගෙන හිටියත්, තාමත් ගෝත්‍රික මතවාද මිනිස් සමාජයෙන් තුරන් වෙලා නෑ..

    ReplyDelete
  38. 197344_156019957792520_5855085_n
  39. Untitled-1

    මේ මනුස්සයට අලගෝසුවා වීම වෙනුවෙන් නම් මම වරදක් කියන්නේ නෑ , හැබැයි මේ වගේ තිරිසන් ගෝත්‍රික වාදයක් ආගමක් වශයෙන් පැවතිම ගැන නම් &^%&^%%$&%$#&%$

    ReplyDelete
  40. uuuu
  41. blank

    තෝ අපායට ගියාමත් ගොඩක් යාලුවො හම්බවෙයි

    ReplyDelete
  42. Angel+Rose

    අසාරේ සාර මතිනෝ
    සාරේ වා-සාර දස්සිනෝ
    තේ සාරාං නධිගච්චන්ති
    මිච්චා සංකප්ප ගොචරා

    ReplyDelete
  43. 1197405679_f

    athatama mara deiyek thamai mekage paule kenek danagassawala bella kapanna kiuwoth deviyange kamaththa kiyala meka kapai matanam danenne me manussaya hithata ekagawa adahas prekasha karala na kiyala

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT