සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



බ්‍රිතාන්‍ය ජාතිකයන් අතරින් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයකු මාසයකට වරක්වත් තම නිදියහනේ ඇතිරිල්ල මාරු නොකරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පුද්ගලයන් දෙදෙහසක් දෙනා සහභාගි කරවාගෙන මෑතකදී බ්‍රිතාන්‍යයේ පැවැත්වූ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සෑම පස් දෙනකු අතරින්ම එක් අයෙක් මසකට වතාවක් හෝ තම ඇඳ ඇතිරිල්ල මාරු නොකරන, සෝදා පිරිසුදු නොකරන බවය. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට කිවිසුම්යාම, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම හා දද වැනි රෝගාබාධ වැළඳීමය.
ඩියුනෙල්ම් මිල් නමැති වාණිජ සමාගමක මෙහෙයවීමෙන් උක්ත අධ්‍යයනය සිදුකර තිබිණි. එහිදී හෙළි වී තවත් කරුණක් වන්නේ සෑම පස් දෙනෙකු අතරින්ම එක් අයකු සතියකට වතාවක් තම ඇඳ ඇතිරිල්ල මාරුකරන බවය. 36%ක් ඇඳ ඇතිරිල්ල මාරු කිරීමට පුරුදු වී සිටින්නේ දෙසතියකට වතාවක් බවද තවත් 17%ක් තෙසතියක් මාසයක් අතර කාලයකදී ඇඳ ඇතිරිලි මාරුකරන බවත් මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. 6%ක් දෙනා සතියකට දෙවතාවක් පමණ ඇඳ ඇතිරිලි මාරු කරන්නට පුරුදු වී සිටින අතර 1%ක් දෙනා පිළිගෙන තිබුණේ තමන් ඇඳ ඇතිරිලි මාරු කරන්නේ වසරකට වතාවක් බවය. තවත් 3%කට තමන් ඇඳ ඇතිරිලි මාරුකරන කාල වකවානු පිළිබඳ නිවැරදි අදහසක් තිබුණේ නැත.






නිදන කාමරයේ සෞඛ්‍යමය වටපිටාව ගැන කාන්තාවන් සහ පිරිමින් අතරින් සැලකිල්ල නොදක්වන වැඩිම ප්‍රතිශතය කාන්තාවන් යැයි පැවසීම සමහර විට ඔබ මවිතයට පත් කරවන කරුණක් වීමට ඉඩ තිබේ. සමීක්ෂණයට සහභාගි වු කාන්තාවන්ගෙන් අඩක්ම තම ඇඳ ඇතිරිලි සතියකට වතාවක් පිරිසුදු නොකරන අය බව හෙළිවිය. කාන්තාවන්ගෙන් 12%ක් දෙනා පුරුදුව සිටියේ මසකට වතාවක් ඇඳ ඇතිරිලි මාරු කරන්නටය. 1% ක් පිළිගත්තේ තමන් කිසිවිටෙක ඇඳ ඇතිරිල්ල මාරු කිරීම පිළිබඳ නොසිතන බවය.
නමුත් සමීක්ෂණයට සහභාගි වූ පිරිමින්ගෙන් 40%ක්ම, සති පතා ඇඳ ඇතිරිලි මාරු කරන අය වු අතර 8%ක් දෙනා සතියකට දෙතුන් වතාවක්ම එසේ කරන අය වූහ. ලන්ඩනයේ ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඇඩම් ෆොක්ස් පවසන්නේ කිළිටි ඇඳ ඇතිරිලි විවිධ අසාත්මිකතාවන්ට හා සෞඛ්‍යමය ගැටලුවලට හේතුවිය හැකිය කියායි.
අප ජීවත්වන කාලයෙන් 1/3 ක් වෙන්වෙන්නේ නින්ද සඳහාය. එහෙයින්ම අප නින්දට යන පරිසරය ගැන සැලකිළිමත් වීම ඉතා වැදගත් වෙයි. කිළිටි ඇඳ ඇතිරිල්ලක් මත නින්දට වැටීම කුණු හා දූවිලි පිරීගත් පරිසරයක නින්දට යාමක් බව වෛද්‍ය ඇඩම් ෆොක්ස් පෙන්වා දෙයි.
අපේ චර්ම සෛල දස ලක්ෂ ගණන් දිනපතා ශරීරයෙන් ඉවත් වනවා. බොහෝ විට ඒවා ඉවත්වන්නේ නින්දේදී ශරීරය ඇඳ ඇතිරිල්ල මත ඇතිල්ලීමත් සමඟම චර්ම සෛල වගේම අපේ ශරීරයෙන් විවිධ ද්‍රව, දහදිය හා තෙල්ද නින්දේ සිටින විට පිටවන බව අප දැනගත යුතුයි” වෛද්‍ය ඇඩම් ෆොක්ස් තවදුරටත් පවසයි.
ශරීරයෙන් ඉවත්වන මෙම අපද්‍රව්‍ය සමහර ක්ෂුද්‍ර ජීවීන්ට රසවත් ආහාර වෙයි. අනෙක් අතට ඇඳ ඇතිරිලි මත දූවිලි ද රැඳෙන අතර එම ක්ෂුද්‍ර ජීවීන් හා දූවිලි සමහර අසාත්මිකතාවන්ටද හේතු වෙයි. නිදන කාමරයේ සෞඛ්‍යමය වටපිටාව ගැන සිතන අය අඩුම තරමින් සතියකට දෙවතාවක් හෝ ඇඳ ඇතිරිලි මාරු කළ යුතු බව වෛද්‍ය උපදෙස් වෙයි.
මෙම අධ්‍යයනයේදී හෙළි වී ඇති තවත් කාරණයක් වන්නේ බ්‍රිතාන්‍යයේ වයඹ දිග ප්‍රදේශවල ජනතාවගෙන් බහුතරය නිදි ඇඳේ පිරිසුදු බව ගැන වඩාත් සැලකිලිමත් වන බවය. සංසන්දනයේදී වඩාත් අපිරිසුදු යහන් මත නින්දට යන්නේ බ්‍රිතාන්‍යයේ ගිනිකොණ දිග වැසියන් බවද හෙළි වී තිබේ.



අප කළ යුත්තේ ‘සුද්දන් අපිරිසුදුයි’ යනුවෙන් සිතමින් උපහාසාත්මක සිනහවක් මුව රඳවා ගනිමින් මෙම ලිපියේ අඩංගු තොරතුරු මිතුරන්ට පැවසීම නොවේ. අපේ නිදන කාමරවල තත්ත්වය ගැන වඩ වඩාත් සැලකිලිමත් වීමය.


සමනලී වරුසවිතාන
මේල් ඔන්ලයින් ඇසුරිනි
දැනමුතු සඟරාව වෙනුවෙන් ලියන ලද්දකි.
සේයාරූ ඉස්සුවේ ගූගල් ගෙනි

25 comments:

  1. සුද්දො මෙහෙමනම් කළු සුද්දො කොහොමට ඇද්ද.....

    ReplyDelete
  2. මමත් ටිකක් කුණු වෙන්න කැමති පොරක්...
    කම්මැලිකමද කුණුකමද මංදා...

    ReplyDelete
  3. සමහර වෙලාවට අපි කාගෙ කාගෙ කුණු ඇදෙත් සැපට නින්ද යනවා රජ මැදුරුවල සිනිදු සේල අලුත් අතිරිලිලි වලට වඩා...

    ReplyDelete
  4. සමහර සුද්දෝ නාන්නෙත් ඔය වගේ විදිහටනේ නේද ?

    ReplyDelete
  5. කොහොමත් කතාවට කිව්වට සුද්ද වගේ ඉන්නව කියල දැන් එහෙම පිරිසිදු සුද්දො නැතිපාටයී....

    ReplyDelete
  6. අපේ ඇඳේ නම් ඇතිරිල්ල මාස හයකටවත් මාරු කරන්නේ නැහැ ඉතින් කෝ ඔය කියන විදියට කිසිම සෙම්ප්‍රතිශ්‍යාවක් නැහැනේ?.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ උඹ ඌරු කොටුවක්නේ. අඩුගානෙ සති දෙකකට සැරයක්වත් ඕක හෝදපන්.

      ඒක නෙවි බං, ‘අපේ ඇඳේ‘ කියල කිව්වෙ .....

      Delete
    2. ඇද පැත්තක තියලා බිම නිදා ගන්නවා ඇති එකයි

      Delete
  7. මගේ එක නම් සති 2කට පාරක් හෝදනවා.. මං නම් නෙවෙයි.. අපේ අම්ම තමයි බැන බැන සෝදන්නේ

    ReplyDelete
  8. සති දෙක කිට්ටු වෙනකොටම මටත් ඇඳ ෂීට් නම් ඇලජික් වෙනව. මට නම් කිවිසුම් යනවට වඩා කැස්ස හැදෙනව. අනික් පැත්තට, හෝදල කබඩ් එකේ දාලා තියපු ෂීට් කොට්ට උර දැම්මමත් දාපු දවසෙ ඒවයෙ තියෙන සුවඳ නිසා ටිකක් කැස්ස එනව. ඒ කැස්ස නම් මහ වදයක්.

    ReplyDelete
  9. ඒක එහෙමයි කියමුකෝ.අනිත් රටවලත් ඔය සමීක්ෂනය කලානම් තවත් රසවත් තොරතුරු හොයාගන්න තිබ්බා.

    ඒක නෙවෙයි මචං. මොකක්ද බං අර උඩින්ම දාලා තියෙන පින්තූරෙ තේරුම? ඒවයෙ උඩ කොටස නෑ නේද?

    ReplyDelete
  10. නිතර හේදිල්ල කෙසේ වෙතත් සතියකට සැරයක් වගේ අව්වට නම් විසි කරලා ගන්නවා...

    ReplyDelete
  11. මම නම් ඇඳ ඇතිරිල්ලයි,පෙරවන එකයි, ඔලුව තියන කොට්ටෙ තියන එකයි මාරු කරනවා මාස 3කට වගේ පාරක්.. කාමරේ අස්කරනවානේ පුරුද්දට වගේ එතකොටම ඒකත් වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. //සමීක්ෂණයට සහභාගි වු කාන්තාවන්ගෙන් අඩක්ම තම ඇඳ ඇතිරිලි සතියකට වතාවක් පිරිසුදු නොකරන අය බව හෙළිවිය//

      සුද්දියො හොඳයි....ශම්මි ලා හොඳාාාාාාායි....!

      Delete
  12. එහෙනං මම සුද්දෙක්!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. මාත් සති දෙකකට තුනකට පාරක් වගේ මාරු කරනවා.... නැත්තන් අපේ අම්මා බෙරිහන් දෙන්න පටන් ගන්නවා...හික්....

    ReplyDelete
  14. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හොඳ අදසක්....! මේ අනුව අපේ ගොඩ සුද්දෝ ද යමක් තේරුම් ගත යුතුයි.

    ReplyDelete
  15. මං නම් සති දෙකයි.. ඊට වඩා නෑ..

    ReplyDelete
  16. අන්න සුද්දො.. ඒකට අපි...

    ReplyDelete
  17. කවුරුත් එකයි බැලුවාම....

    ReplyDelete
  18. ලංකවේ ඕක කරා නම් සුදෝ එකෙනුත් පරදිනවා අපි හැම තැනම කප් ගහන එකේ ලංකාවේ මේ ගැන දෙවනි වෙයි කියලා හිතන්න බෑ අපේ උන් ඩේනිම මාස හයත් හොදන්නේ නැතුව අදිනවා නම් සුද්දා ගැන මොන කතා ද සුද්ධා පරාදයි ......................ඌරට මොන සෞඛ්‍යද..................

    ReplyDelete
  19. සුද්දෝ එහෙම පුරුදු වෙලා ඇත්තේ සිතල හින්දා වෙන්න ඇති ..

    ReplyDelete
  20. හෙහ් සුද්දෝ වගේ ඉන්ට හදන අපේ සමහරක් ට හොඳ පාඩම...

    ReplyDelete
  21. ඒ උනාට අපි පස්ස පැත්ත හෝදාගන්නවානෙ..

    ReplyDelete
  22. මාත් නිදාගන්නේ නියම සුද්දෙක් වගේ , මාත් සාමාන්‍යයෙන් මාස 2 or 3 කට පාරක් වගේ තමයි ඕක හෝදන්න දාන්නේ :D :D

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT