සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


-මහාචාර්ය අතුල සේනාරත්න
පිටසක්වල ජීව විශේෂයක්ද සහිතව අරලගංවිල ප‍්‍රදේශයට ඇද වැටුණු බව කිවූ උල්කාපාත බවට සැක කළ පාෂාණ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය සිදු කළ පර්යේෂණ මඟින් ඒවා කිසිසේත් උල්කාපාත නොවන බව ස්ථිර ලෙසට තහවුරු වී ඇත.

අකුණක් වැදීමෙන් එම ස්ථානයේ පස උණුසුම්වීම හේතුවෙන් අසල වූ පාෂාණ කොටස් උණුවීම මගින් අදාළ පාෂාණවල හැඩයේ පෙනුමේ හා අන්තර්ගතයේ වෙනසක් සිදුව තිබෙන බව පර්යේෂණ මඟින් අනාවරණය වී තිබේ.

මෙම පාෂාණ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මේවා උල්කාපාත බවට තහවුරු කර තිබිණි. එම මතය නිවැරදි නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු කණ්ඩායමක් ඛනිජ විද්‍යාත්මකව හා රසායනික විද්‍යාත්මකව සිදු කළ සියලු පර්යේෂණ මගින් මේවා උල්කාපාත නොවන බව තහවුරු වී තිබෙන අතර එම මතයට අභියෝග කරන ඕනෑම අයෙකුට පිළිතුරු ලබාදීමට සූදානම් බවද විද්වත් කණ්ඩායම පවසති.

අකුණු සැර වැදීමත් සමඟ අසල තිබූ එම ද්‍රව්‍ය පාෂාණය තුළට කා වැදී ඇති බවත් පැවසූ කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා මිරිදිය මඩවල ඇති ඩයටම හා මෙම පාෂාණවල ඇති ඩයටම සමාන බවද කීය.

අදාළ තොරතුරු මාධ්‍ය වෙත දැනුම්දීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය (11) දා විශ්වවිද්‍යාලයේදී පැවති අතර එම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ‍ශාන්ත හෙන්නායක මහතාද සහභාගී විය. 

24 comments:

  1. අයියෝ යන රැල්ලටම එක එක දේවල් මවන්න ගිහින් එයත් අනාගෙන වගෙයි.

    ReplyDelete
  2. ඒ වගේ තමා පේන්නේ...

    ReplyDelete
  3. මේ අතුල සේනාරත අර කේන්දර බලල බුමි කම්පා වෙනබව කිව්වා පොර නේද ? මෙයකියන ඒවා වැඩිය කවුරුත් ගණන් ගන්න එපා

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න මම නොදනිමි.

      Delete
  4. කවුරු කියන එක පිළිගන්නද මංදා...
    මේ පැත්තෙත් එන්න..

    ජාතිවාදයට විසඳුමක්...!!! ෴

    ReplyDelete
    Replies
    1. දෙන්නම අපේ රටේ විද්වතුන්. ඒත් චන්ද්‍රා වැඩ නාසා එකට. අතුල මහතා පේරාදෙණියේ.
      එන්නං ඔය පැත්තට.

      Delete
    2. එංගලන්තයේ පළවෙන වාර්තාවකට අනුව චන්ද්‍රා Sir Fred Hoyle යටතේ වූ සිසුවෙක් සහ එයා යටතේ වැඩ කරපු පර්යේෂකයෙක්. එයා නාසා විද්‍යාඥයෙක් වූ Richard Hoover විසින් ෆොසීල වූ උල්කාෂ්ම තුනක පිටසක්වල ජීවින් හිටි බවට සාක්ෂි සොයාගත්තා යැයි කියූවට එකඟ වූ අයෙක්. චන්ද්‍රා යනු නාසා විද්‍යාඥයෙක් යැයි මෙහි ද සඳහනක් නැහැ: http://en.wikipedia.org/wiki/Chandra_Wickramasinghe

      මෙතැන කියන්නේ එයාට දීලා තිබුණ පර්යේෂණ funding අයින් කරපු බවයි. ඒ විශ්ව විද්‍යාලයේ astro biology center එකේ මුදල් වේතනයක් ලබමින් සේවය කරපු එකම එක්කෙනා ඔහු පමණයි. ඒ අහිමි වූ funding නැවත ලැබිච්ච බවක් කිසිම තැනකින් හොයාගන්න බැරිවුනා. http://spaceguarduk.com/news-archive/88-spaceguard-uk/news/337-chandra-wickramasinghe-dismissed-from-cardiff-university-in-wales

      මිනිස් හිතේ හාස්කම් ලියා ප්‍රසිද්ධ වුනාට පස්සෙ, ලංකාවේ ඉහළම තැනක ඉන්න හාමුදුරුකෙනෙක් පත්තරේට ලියලා තිබුණා මගේ තාත්තා සයන්ටොලොජිකාරයෙක් කියලා!!!! කියවලා බැලුවොත් තාත්තාගේ පොත් වල නෙමෙයි මේ චන්ද්‍රා නේ සයන්ටොලොජි අදහස් ලෝකෙටම කියලා තියෙන්නෙ!!!!! ඒත් ඉතින් ඕවා කියවලා තේරුම් ගන්න කාට ද ඕනේ. ඔන්න තමන් අදහන කෙනෙක් තමන්ට කැමති අදහසක් කිව්වොත් ඕන ගුණ්ඩුවක් ගිලියි.

      Delete
    3. මේ තොරතුරුවලට බොහොම ස්තුතියි අරුණි.

      Delete
  5. අපොයි පටිරෝල්

    ReplyDelete
    Replies
    1. දෙදෙනා අතර හොඳ විද්වත් සංවාදයක් ඇතිවෙයි ඉදිරියට.

      Delete
  6. ඔය පර්යේෂණ ඔක්කොම කරන්න ඉස්සර මම සාමාන්‍ය දැනුමින් කිවුවා ඔය පාෂාණවල තත්ත්‍වය...
    වැඩේ තියෙන්නෙ අපේ විද්‍යුත් මාධ්‍ය කාරයෝ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕනම මගුලක් වාර්තා කරනවා... ඒ නිසා අන්තිමට වෙන්නෙ මිනිස්සු නොමඟ යනවා...
    පිටරට නම් මාධ්‍ය ආයතනවල ඉන්නවා විද්‍යාත්මක උපදේශකවරු.. මේ වගේ සංසිද්ධියක් ඇතිවුනාම ඒ අය මුලින් හොයලා බලලා හරිද වැරදිද කියලා බලලා තමයි වැඩේ ප්‍රසිද්ධියට පත් කරන්නෙ...
    ලංකාවෙ ඉතිං ඉන්නෙ සියල්ල දත් අය නෙ...
    අන්තිමට පුක බිම ඇණ ගත්තාම නිවැරදි කරනවා... එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඇල්කෙමී ඔබත් ලාංකීය විද්වතෙක්. මේ විෂය ගැන ප්‍රමාණික දැනුමක් ඇත්තෙක්. මාධ්‍ය මගින් කෙරුණේ අපේම විද්වතුන්ගේ මතය ජනතාව අතරට ගෙනයාමයි.විද්වතුන් අතර මත ගැටුම අවශේෂ ලෝකයාට දැනුම් උල්පතක් නොවෙද?

      Delete
  7. දෙන්නම මහාචාර්යවරු.. දැන් කවුරු කියන එකද හරි කියල බලන්න කාලයට ඉඩ දෙන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. තොරුන් මෝරුන් හැප්පෙද්දී අපට කරන්න හැකි බලන් ඉදිම පමණයි.

      Delete
  8. අයියෝ අපරාදේ ඒවා උල්කාපාත නොවුනේ.මගේ බලාපොරොත්තු සුන් වුනා :(

    ReplyDelete
  9. අයියෝ සල්ලි... ඒ උල්කාපාත නෙවෙයිද... දැන් කවුරු කියන එකද විස්වාස කරන්නේ... බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල..

    ReplyDelete
  10. මේකේ ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හිතන්න අපි තවම වේලාසන වැඩි.තවමත් දෙගොල්ලෝ මත දෙකක ඉන්නේ. නාසා ආයතනයට සම්බන්ද විද්වතුන් කියන දේ බොරුවක්ය කියන කොට අපි කාවද විශ්වාස කරන්නේ.

    ReplyDelete
  11. බලාගෙන ඉන්න වෙනවා ඉතින් කාලයට ඉඩ දීලා.. මොනවා උනත් සමහර අය තමාව ප්‍රසිද්ද කර ගන්න ඇත් තාක් නොවුනත් ප්‍රකාශ කරනවනේ ටික කාලයකට හරි ප්‍රසිද්ද වෙන්න.........

    ReplyDelete
  12. හයියෝ....... ශම්මි,, මේවා දකින අපි කෝමද නිවන් දකින්නේ,, විකාරයි අප්පා,, මේ මිනිස්සු නිකම් කඩේට ගිහින් පාන් ගේනවා වගේ ප්‍ර‍කාශ කරනවා :/

    ReplyDelete
  13. නලින් මගේ බ්ලොග් එකට අලුත්. නැත්නම් අනාවැකි කියන අය ගැන, දන්නවා ලෙසින් නොදන්නා දේවල් කියන අය, දන්න දේවල් ඉක්මවා ගිහින් නොදන්නා දේවල් ගැනත් කියනා අය වගේම, කාව විශ්වාස කරනවා ද කියා තෝරා බේරා ගන්නේ කොහොම ද ගැන එහෙම අනේක සටහන් ලියැවිලා තියෙනවා.

    බ්‍රිතාන්‍යයේ රිචඩ් ඩෝකින්ස් සහ සූසන් ග්‍රීන්ෆීල්ඩ් නොහොත් බැරනස් ග්‍රීන්ඩ්ෆීල්ඩ් යන දෙදෙනා කදිම නිදසුන්. ඔවුන් විද්‍යත්මක දැනුමක් සම්මත ආකාරයෙන් ඉගෙන ගෙන ඇති බව කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒත් ඔවුන් තමන්ගේ විද්‍යාත්මක නොවන අදහස් විද්‍යාත්මක ලේබල් අලවා සමාජයට ඉදිරිපත් කරනවා. ඔවුන් ඒවා ගැන සෙසු peer review කරත හැකි විද්‍යාත්මක සඟරා වලට ලිපි ලියන්නේ හෝ විද්‍යාත්මක සම්මන්ත්‍රණ වල දී කියන්නේ නැහැ. ඔවුන් තම විද්‍යාත්මක අදහස් විද්‍යාත්මක දැනුමක්, පුහුණුවක් හෝ ක්‍රමවේදයන් නොදන්නා ලෝකයාටයි කියමින් තමයි ප්‍රසිද්ධියක් ලබන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම බ්ලොග් ලෝකයටම අලුත් කෙනෙක්... මේ තොරතුරු ඔස්සේ මා හැදෑරිමක් කරන්නම්... යළිත් ඔබට ස්තුතියි..

      Delete
  14. තව ටික දවසකින් තව මොනා හරි කියාවිද දන්නේ නෑ නලීන් අයියේ..

    ReplyDelete
  15. දැන් ෙදපැත්ෙත ෙදෙගාල්ෙලා මරා ගනී

    peradeni VS Chandra !

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT