සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



බොහෝ කාලයකට පසු මාධ්‍ය සගයන් සමග රාජකාරි ගමනක් යන්නයි මේ සූදානම. ශ්‍රී නාවික හමුදාවේ ඇරියුමින් කච්චතිව් වාර්ශික මංගල්‍යයයේ මාධ්‍ය ආවරණ චාරිකාවට මං එක් වන්නේ පස්යාල හන්දියෙන්. වෙනදා වගේ නොවෙයි අද නං පාරට වෙලා කට්ට කන්න වූණේ නෑ. කිව්ව වෙලාවට වඩා පරක්කු වුණේ විනාඩි 10යි. පස්යාලෙන් වාහනේට ගොඩවෙලා විනාඩි15ක් යන්නත් කලින් උදේ කෑමට නැවැත්තුවා.වරකපොළේ ජිනදාසගේ හෝටලේ. මෙන්න එතැන දසුන්





යනවා යනවා ඉවරයක් නෑ..සමහර තැන්වල මාර වේගෙකින් යන්න පුළුවන් වුණාට සමහර තැන්වල නැවතිලත් ඉන්න වෙනවා.. හේතුව තාම පාරවල් හැදෙන නිසා. සංවර්ධනයක් නෑ කිව්වට ඒව බලන්න නං රට තොට ටිකක් ඇවිදලම බලන්න ඕනෑ.ඉතිං මෙහෙම කම්මැලි කමේ ම  යන්න පුළුවන්යෑ.. ගල්කුලම පහුවුණා විතරයි..මේවත් වාහනේට ආවා












ඔන්න ඉතින් දවල් කෑමට නැවැත්තුවා. පූනෑව නාවුක හමුදා කඳවුරේ. මැදවච්චිය පහු කරලා හැතැප්ම 4ක් විතර දුර තමයි මෙතැන තියෙන්නේ. බලන්නකෝ මෙතැන ලස්සන. මේක හමුදා කඳවුරක් කියා හිතන්නත් අමාරුයි.. හෝටලයක් වගේ. මෙතැනින් යන්නත් හිත දෙන්නේ නෑ. ඒ තරමට ම ලස්සනයි.. මෙන්න එතැන.















පූනෑව නාවුක කඳවුරෙන් පිටත් වෙන්න හදන්නේ වෙලාව හවස 2.25යි.

Live updating........

32 comments:

  1. බොහෝම හොදයි..මගේ තොරතුරු ටිකත් එහොමම ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා... ඩෙල්ෆ් ගියාට කච්චතිවු යන්න උනේ නැහැ...

    ReplyDelete
    Replies
    1. දැන් කැකිරාවේ ඉන්නේ ඔබේ තොරතුරු එවන්නම්

      Delete
  2. වැඩි දුර විස්තර බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
  3. හොඳ විස්තර ටිකක් ලැබේවි කියලා බලාගෙන ඉන්නවා නලින් අයියා....සුබ ගමන් !

    ReplyDelete
  4. හොඳ පිංතූර ටිකක් එක්ක හොඳ විස්තරයක් දෙන්න.

    ReplyDelete
  5. තව විස්තර දෙන්ඩෝ....

    ReplyDelete
  6. කච්චතීව් වලට මෙහා තියන දූපත් ටිකවත් දේශීය සංචාරකයන්ට පහසුවෙන් බලන්න යන්න අමාරුයි බෝට්ටු ගාස්තු ඉතා අධ්ක නිසා. ඒකට පිළියම් අවශ්‍යයි නලීන්. නැත්නම් මිනිස්සු යුද්ධ කාලේ වගේම ඔය පති වලට නොයා ඉඳියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඩෙල්ෆ්ට් වලට නම් නොමිලේ බෝට්ටුවේ ගියෑකි.

      මන්නාරමේ සිට වැලි පර බලන්න නම් එක් අයකුගෙන් 600ක් ගන්නවා 6දෙනෙක් ඉන්නත් ඕන... නැත්තං 3600ක් දීලා තනියම උනත් ගියෑකි... ඒ පරිප්පුව කාලා හරි බැළුවා එක පාරක්... ඒ මිල ගණන් තව ටිකක් අඩු උනා නම් හොදයි...

      Delete
    2. බාගෙන කණ වල ඉහගෙන කන්ඩද හදන්නේ කියලා හිතෙනවා මාරයෝ වෙලාවකට. දේශීය සංචාරකයාට මොකුත් නෑ. ඩොලර් තියනවානම් ..කත් ලෙවකයි. මම බැනලා ආවේ. මම කිව්වා යකෝ යුද්ද කාලේ වෙඩි කකා මෙව්වගෙ රිංගුවා, දැන් මෙච්චර සල්ලිත් ගෙවලද යන්ඩ කියන්නේ කියලා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. බාගෙන කණ වල ඉහගෙන කන්ඩද හදන්නේ කියලා හිතෙනවා මාරයෝ වෙලාවකට. දේශීය සංචාරකයාට මොකුත් නෑ. ඩොලර් තියනවානම් ..කත් ලෙවකයි. මම බැනලා ආවේ. මම කිව්වා යකෝ යුද්ද කාලේ වෙඩි කකා මෙව්වගෙ රිංගුවා, දැන් මෙච්චර සල්ලිත් ගෙවලද යන්ඩ කියන්නේ කියලා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. කියලා වැඩක් නැත අයියේ... හිතන්නකෝ මෙච්චර දුර බයිසිකලේ පැස්ටෝල් පුච්චං ගියාට පස්සේ ඔතනට ගිහිං ආයේ නොගිහිං ආවැකියෑ.. ඒ කමටයි අර පස්ස පැත්තේ අමාරුවටයි මාත් ගියා බෝට්ටුවක්ම අරං.. මොකද ආයේ කවදා යන්න වෙයිද කවුද දන්නේ... එහෙම වෙලාවට මොකක්ම හරි සහනදායි ක්‍රමයක් තියෙන්න එපෑ... හැබැයි ඉතිං සර්විස් එකනං හොඳයි...

      Delete
    5. අපි ඩෙල්ෆ්ට් වලට 8000 ක් ගෙව්වා මට මතක විදියට. 12 දෙනෙක් ගිය හින්දා ගානක් නෑ.

      Delete
  7. මම මෙහෙ ගැන දන්නේ නැහැනේ :O

    ReplyDelete
  8. හොද විස්තර ටිකක් ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා...

    ReplyDelete
  9. සුභ ගමනක් ප්‍රර්ථනා කරන අතරේ අපිත් ඔබේ අඩවිය හා නිරතුරුව රැඳී ඉන්නවා සජීවී ප්‍රචාරය සමග එකතුවී. ක්සැන්ඩර් සමග ඉන්දික.

    ReplyDelete
  10. බොන එක තමා හරි නැත්තේ.. :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. නලින් අයියා සජීවී විස්තර කථනයදෙන්ඩ ඈ..පොටෝත් එක්ක.

    පූනෑවෙ කඳවුරට මීට අවු.6කට7කට උඩදි ගියා මල්ලිගෙ විසිරයාමේ උත්සවයට ඒ දවස්වල නම් ඔච්චර ලස්සනට තිබ්බෙ නෑ

    ReplyDelete
  12. දැන් නම් මාරම ලස්සනට හදදා තියනවා මලයෝ

    ReplyDelete
  13. @මාර මලයා - ඔබ කියු පාර තියෙන්නේ පරන්තන් හන්දියෙන් හැරිලා යන්නයි. ඒත් එතැන හැමෝම කියන්නේ ඔබ කියු වාහනයක යන්න එපා කියලයි. පාර හදනවා තාම ඒ නිසා ඒ වාහනයකට යන්න අපහසු තැන් බොහොමයක් තියනවා කියනවා.සිග්නල් අවුල් fb ලෝඩ් වෙන්නේ නෑ.මං දැන් ඉන්නේ කංකසන්තුරේ නාවුක කඳවුරේ.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි..ඔය තොරතුරු ටික හරියකට දැන ගන්න විදියක් නැතිව ගමනේ ඔතනින් එහාට හරිය ප්ලෑන් කර ගන්න විදියක් නැතිව හිටියේ.. මං හරිම වෙලාවේ හරිම මනුස්සයගෙන් වැඩේ ඇහුවේ.. ආයෙමත් කිව්වා බොහෝම ස්තූතියි... දිගටම විස්තර ලියං යන්න...

      Delete
    2. මරු ඩබල.. හි හි...

      Delete
  14. සුභාගමන්. ඉතුරු පින්තූර ටික කොළඹ ඇවිල්ලම දාන්න.

    ReplyDelete
  15. අනිත් විස්තරත් කියමුකෝ එහෙනම්. මොනව ද අර බෝතලේ තියන්නේ හැබෑට. ;)

    ReplyDelete
  16. ඩෙල්ෆ්ට් ගිය දවසේ කච්චතිව් තියෙන පූජාවකට එහෙ මිනිසුන්ගෙන් භාගයක් ගිහිං. අපි අත් ට්‍රැක්ටර් එකකින් ගියේ. ඒක ගෙනිච්ච එකා යාපනේ එකෙක් නිසා පාරවල් දන්නේ නෑ. පස්සේ අපි ඒකෙන් බැහාලා බස් එකේ ආවා. ඔව් ඩෙල්ෆ්ට් වල බස් එකක් දුවනවා. :)

    ReplyDelete
  17. සුභ ගමන් නලින් අයියා... අර බෝතල් තියෙන පින්තූරු ඇර අනික් එව්වා නම් හරි ලස්සනයි...:)))

    ReplyDelete
  18. අර බ්‍රෑන්ඩ් එකට අපිත් මනාපයි ඔන්න...

    ReplyDelete
  19. අපොයි එහෙත් ගිහිල්ලා මේකා බොනවා.. :ඩී

    පරිස්සමෙන් වරෙන් අයියා :)

    ReplyDelete
  20. සුභ ගමන් අය්යේ...

    ReplyDelete
  21. නලින්, බ්‍රෑන්ඩ් එකනම් නියමයි. සුභ ගමන්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT