බොහෝ කාලයකට පසු මාධ්‍ය සගයන් සමග රාජකාරි ගමනක් යන්නයි මේ සූදානම. ශ්‍රී නාවික හමුදාවේ ඇරියුමින් කච්චතිව් වාර්ශික මංගල්‍යයයේ මාධ්‍ය ආවරණ චාරිකාවට මං එක් වන්නේ පස්යාල හන්දියෙන්. වෙනදා වගේ නොවෙයි අද නං පාරට වෙලා කට්ට කන්න වූණේ නෑ. කිව්ව වෙලාවට වඩා පරක්කු වුණේ විනාඩි 10යි. පස්යාලෙන් වාහනේට ගොඩවෙලා විනාඩි15ක් යන්නත් කලින් උදේ කෑමට නැවැත්තුවා.වරකපොළේ ජිනදාසගේ හෝටලේ. මෙන්න එතැන දසුන්
යනවා යනවා ඉවරයක් නෑ..සමහර තැන්වල මාර වේගෙකින් යන්න පුළුවන් වුණාට සමහර තැන්වල නැවතිලත් ඉන්න වෙනවා.. හේතුව තාම පාරවල් හැදෙන නිසා. සංවර්ධනයක් නෑ කිව්වට ඒව බලන්න නං රට තොට ටිකක් ඇවිදලම බලන්න ඕනෑ.ඉතිං මෙහෙම කම්මැලි කමේ ම යන්න පුළුවන්යෑ.. ගල්කුලම පහුවුණා විතරයි..මේවත් වාහනේට ආවා
ඔන්න ඉතින් දවල් කෑමට නැවැත්තුවා. පූනෑව නාවුක හමුදා කඳවුරේ. මැදවච්චිය පහු කරලා හැතැප්ම 4ක් විතර දුර තමයි මෙතැන තියෙන්නේ. බලන්නකෝ මෙතැන ලස්සන. මේක හමුදා කඳවුරක් කියා හිතන්නත් අමාරුයි.. හෝටලයක් වගේ. මෙතැනින් යන්නත් හිත දෙන්නේ නෑ. ඒ තරමට ම ලස්සනයි.. මෙන්න එතැන.
පූනෑව නාවුක කඳවුරෙන් පිටත් වෙන්න හදන්නේ වෙලාව හවස 2.25යි.
Live updating........
බොහෝම හොදයි..මගේ තොරතුරු ටිකත් එහොමම ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා... ඩෙල්ෆ් ගියාට කච්චතිවු යන්න උනේ නැහැ...
ReplyDeleteදැන් කැකිරාවේ ඉන්නේ ඔබේ තොරතුරු එවන්නම්
Deleteවැඩි දුර විස්තර බලාපොරොත්තුවෙන් සිටිමි.
ReplyDeleteහොඳ විස්තර ටිකක් ලැබේවි කියලා බලාගෙන ඉන්නවා නලින් අයියා....සුබ ගමන් !
ReplyDeleteහොඳ පිංතූර ටිකක් එක්ක හොඳ විස්තරයක් දෙන්න.
ReplyDeleteHAPPY JOURNEY, DUDE!!
ReplyDeleteසුභ ගමන්.
ReplyDeleteතව විස්තර දෙන්ඩෝ....
ReplyDeleteකච්චතීව් වලට මෙහා තියන දූපත් ටිකවත් දේශීය සංචාරකයන්ට පහසුවෙන් බලන්න යන්න අමාරුයි බෝට්ටු ගාස්තු ඉතා අධ්ක නිසා. ඒකට පිළියම් අවශ්‍යයි නලීන්. නැත්නම් මිනිස්සු යුද්ධ කාලේ වගේම ඔය පති වලට නොයා ඉඳියි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඩෙල්ෆ්ට් වලට නම් නොමිලේ බෝට්ටුවේ ගියෑකි.
Deleteමන්නාරමේ සිට වැලි පර බලන්න නම් එක් අයකුගෙන් 600ක් ගන්නවා 6දෙනෙක් ඉන්නත් ඕන... නැත්තං 3600ක් දීලා තනියම උනත් ගියෑකි... ඒ පරිප්පුව කාලා හරි බැළුවා එක පාරක්... ඒ මිල ගණන් තව ටිකක් අඩු උනා නම් හොදයි...
බාගෙන කණ වල ඉහගෙන කන්ඩද හදන්නේ කියලා හිතෙනවා මාරයෝ වෙලාවකට. දේශීය සංචාරකයාට මොකුත් නෑ. ඩොලර් තියනවානම් ..කත් ලෙවකයි. මම බැනලා ආවේ. මම කිව්වා යකෝ යුද්ද කාලේ වෙඩි කකා මෙව්වගෙ රිංගුවා, දැන් මෙච්චර සල්ලිත් ගෙවලද යන්ඩ කියන්නේ කියලා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බාගෙන කණ වල ඉහගෙන කන්ඩද හදන්නේ කියලා හිතෙනවා මාරයෝ වෙලාවකට. දේශීය සංචාරකයාට මොකුත් නෑ. ඩොලර් තියනවානම් ..කත් ලෙවකයි. මම බැනලා ආවේ. මම කිව්වා යකෝ යුද්ද කාලේ වෙඩි කකා මෙව්වගෙ රිංගුවා, දැන් මෙච්චර සල්ලිත් ගෙවලද යන්ඩ කියන්නේ කියලා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
කියලා වැඩක් නැත අයියේ... හිතන්නකෝ මෙච්චර දුර බයිසිකලේ පැස්ටෝල් පුච්චං ගියාට පස්සේ ඔතනට ගිහිං ආයේ නොගිහිං ආවැකියෑ.. ඒ කමටයි අර පස්ස පැත්තේ අමාරුවටයි මාත් ගියා බෝට්ටුවක්ම අරං.. මොකද ආයේ කවදා යන්න වෙයිද කවුද දන්නේ... එහෙම වෙලාවට මොකක්ම හරි සහනදායි ක්‍රමයක් තියෙන්න එපෑ... හැබැයි ඉතිං සර්විස් එකනං හොඳයි...
Deleteඅපි ඩෙල්ෆ්ට් වලට 8000 ක් ගෙව්වා මට මතක විදියට. 12 දෙනෙක් ගිය හින්දා ගානක් නෑ.
Deleteමම මෙහෙ ගැන දන්නේ නැහැනේ :O
ReplyDeleteහොද විස්තර ටිකක් ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා...
ReplyDeleteසුභ ගමනක් ප්‍රර්ථනා කරන අතරේ අපිත් ඔබේ අඩවිය හා නිරතුරුව රැඳී ඉන්නවා සජීවී ප්‍රචාරය සමග එකතුවී. ක්සැන්ඩර් සමග ඉන්දික.
ReplyDeleteබොන එක තමා හරි නැත්තේ.. :) :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නලින් අයියා සජීවී විස්තර කථනයදෙන්ඩ ඈ..පොටෝත් එක්ක.
ReplyDeleteපූනෑවෙ කඳවුරට මීට අවු.6කට7කට උඩදි ගියා මල්ලිගෙ විසිරයාමේ උත්සවයට ඒ දවස්වල නම් ඔච්චර ලස්සනට තිබ්බෙ නෑ
දැන් නම් මාරම ලස්සනට හදදා තියනවා මලයෝ
ReplyDelete@මාර මලයා - ඔබ කියු පාර තියෙන්නේ පරන්තන් හන්දියෙන් හැරිලා යන්නයි. ඒත් එතැන හැමෝම කියන්නේ ඔබ කියු වාහනයක යන්න එපා කියලයි. පාර හදනවා තාම ඒ නිසා ඒ වාහනයකට යන්න අපහසු තැන් බොහොමයක් තියනවා කියනවා.සිග්නල් අවුල් fb ලෝඩ් වෙන්නේ නෑ.මං දැන් ඉන්නේ කංකසන්තුරේ නාවුක කඳවුරේ.
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි..ඔය තොරතුරු ටික හරියකට දැන ගන්න විදියක් නැතිව ගමනේ ඔතනින් එහාට හරිය ප්ලෑන් කර ගන්න විදියක් නැතිව හිටියේ.. මං හරිම වෙලාවේ හරිම මනුස්සයගෙන් වැඩේ ඇහුවේ.. ආයෙමත් කිව්වා බොහෝම ස්තූතියි... දිගටම විස්තර ලියං යන්න...
Deleteමරු ඩබල.. හි හි...
Deleteසුභාගමන්. ඉතුරු පින්තූර ටික කොළඹ ඇවිල්ලම දාන්න.
ReplyDeleteඅනිත් විස්තරත් කියමුකෝ එහෙනම්. මොනව ද අර බෝතලේ තියන්නේ හැබෑට. ;)
ReplyDeleteඩෙල්ෆ්ට් ගිය දවසේ කච්චතිව් තියෙන පූජාවකට එහෙ මිනිසුන්ගෙන් භාගයක් ගිහිං. අපි අත් ට්‍රැක්ටර් එකකින් ගියේ. ඒක ගෙනිච්ච එකා යාපනේ එකෙක් නිසා පාරවල් දන්නේ නෑ. පස්සේ අපි ඒකෙන් බැහාලා බස් එකේ ආවා. ඔව් ඩෙල්ෆ්ට් වල බස් එකක් දුවනවා. :)
ReplyDeleteශුභ ගමන්!
ReplyDeleteසුභ ගමන් නලින් අයියා... අර බෝතල් තියෙන පින්තූරු ඇර අනික් එව්වා නම් හරි ලස්සනයි...:)))
ReplyDeleteඅර බ්‍රෑන්ඩ් එකට අපිත් මනාපයි ඔන්න...
ReplyDeleteඅපොයි එහෙත් ගිහිල්ලා මේකා බොනවා.. :ඩී
ReplyDeleteපරිස්සමෙන් වරෙන් අයියා :)
සුභ ගමන් අය්යේ...
ReplyDeleteනලින්, බ්‍රෑන්ඩ් එකනම් නියමයි. සුභ ගමන්.
ReplyDelete