සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


යාල ජාතික වන උද්‍යනයට අමතරව මේ වන විට බුත්තල කතරගම මාර්ගයද සංචාරකයන් ගේ තෝතැන්නක් බවට පත්ව ඇත.


කිසිදු අයකිරිමකින් තොරව අලි ඇතුන් නැරඹීමට හැකි නිසා  බුත්තල කතරගම මාර්ගයේ නිතර සංචාරකයන් පැමිණේ.
මෙම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් නිතර මාර්ගයේ දෙපස සැරිසරයි. මෙම ජායාරුපයේ දැක්වෙනුයේ බුත්තල කතරගම ගල් ගේ අසළ නිතර දැකිය හැකි දළ ඇතෙකි.

කතරගම දේවප්‍රිය


10 comments:

  1. ඉතිං පාරේ ඉන්න එක භයානක නැද්ද??
    අර උඩවලවේ හරියේ නම් හිටියට පාරට එන්න බෑනේ.....

    ReplyDelete
  2. නලීන් අයියා පුද්ගලික ප්‍රශ්නයක් අහන්න අමනාප වෙන්නේ නෑ නේද?

    පන්සල්, දේවාල, ප්‍රභූ ගෙවල් වල සහ සූ වල අලි ඇති කරන එක ගන ඔයාගේ අදහස මොකද්ද?

    ඒකට කැමතිද අකමැතිද? ඒ ඇයි?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මා මෙයට එක හෙලා විරුද්ධත්වය දක්වන්නෙක්..එපමණක් නොව ඒ වෙනුවෙන් ලංකාවේ දි විරෝධතාවලට පවා එක් වූවෙක්. පින්නවල ඇතු පැටවු සිද්ධිය මතකනේ ඒ වෙනුවෙන් මෙරට දී ලොකු හඬක් නගන්නට අපට හැකි වුණා. ඒ වගේම මාලි නැමති ඇතින්නිය වෙනුවෙන් ද අප බොහෝ දේවල් සඳහා දායක වුණා.
      කොටින්ම නිවෙසක බැඳ හෝ කූඩු කොට බල්ලන් හැදීම ගැන වුවත් මගේ මනාපයක් නෑ.

      Delete
    2. සන්තෝසයි අයියා.

      ඒක නෙමේ අපි බ්ලොග් අවකාසේ කට්ටිය එකතු වෙලා මෙහෙම වැඩක් කරමුද?
      අලි සංගනනයක් කරමුද?

      බ්ලොග්ස් ලියන්න කියවන්න ලංකාවේ හතර දිබ්බාගෙන්ම කට්ටිය එන එකේ හැමෝගෙම උදව් ඉල්ල ගන්න පුලුවන් වෙයි.

      සංක්‍යාලේඛන හා තොරතුරු වලට ඇක්සස් අයියට තියෙන නිසා ලේසියෙන්ම තොරතුරු හොයා ගන්න පුලුවන් වෙයි.

      ඩී කියලා බ්ලොග් කියවන අලි සම්බන්ද තැනක වැඩකරන වෙට් ඩොක් කෙනෙක් ඉන්නවා. එයාගේ උදව් ගන්නත් පුලුවන් වෙයි.

      මොකෝ කියන්නේ අයියේ?

      Delete
    3. දුකා අයියගේ ඒ යෝජනාවට මෙන්න මගෙන් පොඩි ඔත්තුවක්.. හි හි...

      ඕකට ගොඩක් උදවු කරන්න පුළුවන් වෙයි ගාමිණි විජිත් අයියටත්... ... සමහර විට Deeයි දුකයි දන්නවත් ඇති එයාව...

      ගාමිණීගේ විජිතය

      Delete
    4. අනිවා . . මට ගාමිනී අයියව අමතකම උනා

      Delete
    5. අනිවා වැඩේ කරන්න උත්සාහ කරමු.. හොඳම යෝජනාවක්...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පරිස්සමින් අලියො. මම නම් උඹට කියන්නෙ පාර අයිනට එන්නෙ නැතුව පුලුවන් තරම් මිනිස්සුන්ගෙන් වහන් වෙලා ඉන්න කියල. මිනිස්සු හරි කූරයි අප්ප

    ReplyDelete
  5. ඔය කරන්න යන්නෙ කැලෑවෙ ඉන්න අලි ගැනද එහෙමත් නැත්තම් ඇති කරන අලි ගැනද?

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT