සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


ගිනිගත්හේන - දාගම්පිටිය ප්‍රදේශයේ කෙසෙල්ගමුව ඔය රක්ෂිතයේ මහ පරිමාණ ගස් කැපිමේ ජාවාරමක් ක්‍රියාත්මක වේප්‍රදේශවාසින් විසින් මෙම දැව ජාවාරම පිළිබදව අදාළ බලධාරින් දැනුවත් කළ ද කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවට චෝදනා කරති.
හැටන් අඩවිවන වනසංරක්ෂන කාර්යාල පරිපාලන ප්‍රදේශයට අයත්වන කෙසෙල්ගමුව ඔය රක්ෂිතයේ ඉහළ වටිනා කමක් ඇති ප්‍රදේශයට ආවෙනික ශාක හා ඖෂධිය වටිනාකමක් ඇති පැලෑටි රැසක් ද විනාශ වෙමින් පවති.





කෙසෙල්ගමුව ඔය රක්ෂිතයේ සාරවත්ව වැවී තිබු කොස්,වල්දෙල්,පොරෝමාරු ශාක කපා දමා ඇති අතර එම ශාක සෙවනේ වැඩෙන වෙනිවැල්,නව හන්දි වැනි ඖෂධිය පැලෑටි බොහෝමයක් විනාශ වෙමින් පවති.එමෙන්ම දැව ජාවාරම නිසා ප්‍රදේශයේ ජල උල්පත් සිදියාමේ අවදානමක් ද උද්ගතව තිබෙන බවට ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.
ඔය රක්ෂිතයේ ශාක විනාශ විමත් සමග ඉවුර ඛාදනය වී පාංශු කාධනය විමේ හේතුවෙන් නාය යෑමේ තර්ජනයක්ද එල්ලවිය හැක.මෙම ප්‍රදේශයේ නිතර සිදුකරන අධි බරැති දැව ප්‍ර‍වාහන ලොරි රථ ධාවනය කිරිම හේතුවෙන් කළවැල්දේණිය මාර්ගය ,මෑතකදි සංවර්ධනය කරන ලද දාගම්පිටිය මාර්ගය ද තාර ගැලවී වලවල් සැදි සාමාන්‍ය වාහන ධාවනය මෙන්ම පදික ගමනා ගමනයද අසිරූ කටයුත්තක් බවට පත්ව තිබේ.
දැනට සති දෙකකට පමණ පෙර මෙම ගස් කපා දමා ඇති අයුරු දුටු සැනින් අධාල නිලධාරින් දැනුවත් කළ මුත් මේ දක්වා කිසිම පියවරක් නොගත් බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු, ඇතුම් පුද්ගලයින් ඉහළ නිලධාරින් සදහා සන්තොසම් ලබාදේමින් රක්ෂිතය සදහා හිමිකම් ඔප්පු සකස් කර ගැනිමේ වෑයමක නිරත වී සිටින බවටත් ,සමාන්‍ය පුද්ගලයෙක් තම නිවසේ අවධාම ඉවත්කර ගැනිම සදහා ගසක අත්තක් කපා දැමුවත් දඩුවම් ලැබිමට සිදුවද්දි මහපරිමාන දැව ජාවාරම් කරුවන් වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි විමතිය පලකරති.

හැටන් සමුහ චන්දන ජයවීර



No comments:

Post a Comment

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT