සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]



බ්ලොග් ලියන කියවන හැමට ඉතාම වැදගත් පුවතකි මේ..
බ්ලොග් ලිවීමේදී සිංහල බස නිවරද ලෙස භාවිත නොවන බවට නිරන්තර චෝදනා එල්ල වෙයි. මෙන්න එයට කදිම විසඳුමක්. ලබන 20 දින සිට සිංහල ශබ්ද කෝෂය අන්තර් ජාලයට එක් වෙයි. මෙමගින් ඕනෑම සිංහල වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය මෙන්ම තේරුමද සැනෙකින් බලාගැන්මට අවස්ථාව උදාවෙනු ඇත.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සකස් කරන ලද මෙම වෙබ් අඩවිය www.sinhaladictionary.lk වන අතර සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිංහල - සිංහල සංශෝධිත ශබ්ද කෝෂය, සිංහල - ඉංග්‍රීසි ශබ්ද කෝෂය සහ සිංහල - දෙමල - ඉංග්‍රීසි ශබ්ද කෝෂයන්හි වචන පහසුවෙන් සොයාගත හැකි පරිදි නිර්මාණය කර තිබේ.

සිංහල ශබ්ද කෝෂ කාර්යාලයේ ඉතිහාසය, ඉදිරි සැළසුම්, උපදේශක මණ්ඩලය ඇතුළු එම කාර්යාලය මඟින් නිකුත් කරන ලද ප්‍රකාශ ආදී සියලු තොරතුරු මේ මඟින් දැනගත හැකිවන අතර එම වෙබ් අඩවිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සම්බන්ධීකරණයෙන් ත්‍රෛභාෂාවෙන්ම නිර්මාණයකර ඇත.

ඉදිරි ගමනක් සනිටුහන් කරන සිංහල භාෂාව සම්බන්ධයෙන් පළකළ සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂය අන්තර්ජාලයට මුදාහැරීම විශාල ජයග්‍රහණයක් බවද එය අන්තර්ජාලයට එක්කිරීම අනිද්දා (20) සිදුකෙරෙන බවද සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ අකුරටියේ නන්ද හිමියෝ ප්‍රකාශ කරති.

ලොව විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් තිබෙන සිංහල භාෂාව සියලු මානව වර්ගයා වෙත ප්‍රදානය කිරීමේ වේගවත්ම හා ජනප්‍රියම මාධ්‍යය අන්තර්ජාලය බව පෙන්වාදෙන උන්වහන්සේ මෙය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන බවද සඳහන් කරති.

මේ කාර්යය සිංහල භාෂාවේ ප්‍රගමනය හා අභිවර්ධනය අපේක්ෂා කරන සැමට වි‍ශාල ප්‍රයෝජනයක් වන බවද අකුරටියේ නන්ද හිමියෝ පවසති.

ක්‍රමික විකාශනයන්ට ලක්වූ සිංහල භාෂාව නූතනය වනවිට වචන සමුදායකින් පෝෂනය වී තිබෙන අතර ව්‍යවහාර භාෂාව සහ ලේඛන භාෂාව පිරික්සීමෙන් එය සනාථ වෙයි.

සිංහල සංක්ෂිප්ත ශබ්ද කෝෂය වචන 43,400 කින් පරිපූර්ණව වෙළෙඳ පොලට නිකුත් කර තිබෙන අතර එහි සංශෝධිත දෙවැනි මුද්‍රණයද සිදුවෙමින් තිබේ.


31 comments:

  1. මට නම් සෑහෙන්න වටිනා ආරංචියක්

    ReplyDelete
  2. හරි වැදගත් වැඩක් ...

    ReplyDelete
  3. aththatama hari watina wadak nalin ayye..
    oyatath godak sthoothi me gana kiwwata...

    ReplyDelete
  4. සෑහෙන්න වටිනවා.ස්තූති නිව්ස් එකට!

    ReplyDelete
  5. හරිම වැදගත් වැඩක් මේක නම්...

    ReplyDelete
  6. වටිනා වැඩක්. ඔන්න දැම්මම බුක් මාර්ක් කරගත්ත. මේ ගැන කිව්වට ස්තුතියි නලින් අයියා..!

    ReplyDelete
  7. @ සියලු දෙනාටම - මේක හරිම වටිනවා බුක් මාක් දාල තියාගන්න ලිංකුව

    ReplyDelete
  8. දැනුවත් කලාට ස්තූතියි නලීන් .

    ReplyDelete
  9. මටත් ගොඩක් වටින ආරංචියක්..
    ස්තූතියි මේ වටින ආරංචිය ගෙනාවට..

    ReplyDelete
  10. නියම වැඩක්. ස්තුතියි යාළු ප්‍රවෘතියට.

    ReplyDelete
  11. බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්...

    ReplyDelete
  12. මෙ කතාව කියවනකොට හිතට පුන්චි ආඩම්බර කමක් දැනුනා

    ReplyDelete
  13. හප්පච්චියේ, අවුරුදු කීයක් විලිරුදා වින්දද මේක බිහි කරන්න. ඇහුවොත් කියන්නෙ තාම නයන්න කියලා. මම හිතුවේ ක්‍රි ව 3500වත් වෙයි කියලා වැඩ නිම වෙනකොට.

    ReplyDelete
  14. ඉතා හොඳ ආරංචියක්.........

    ReplyDelete
  15. ඉතාමත් වැදගත් දෙයක්. ස්තූතියි නලින් අයිය තොරතුරට...

    ReplyDelete
  16. හඳුන්වාදීම නම් වටිනවා. අපි භාෂා ප්‍රවීණයෝ නෙමෙයිනෙ.

    ReplyDelete
  17. ගොඩක් වටින වැදගත් වැඩක්.. ස්තූති වන්ත වෙනවා නලීන් අයියටත් පනිවිඩේ කිව්වට

    ReplyDelete
  18. මට නම් ඉතාමත් වටිනා පුවතකි.ස්තුතියි නලින් අයියේ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  19. මේකනම් ගොඩක් වටිනවා

    ReplyDelete
  20. හුඟාක් වටින වැඩක්.

    ReplyDelete
  21. ඒක ගොඩාක් හොඳ වැඩක්..
    පණිවිඩේට ස්තුතියි නලින් අයියා..

    ReplyDelete
  22. ඔත්තුවට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  23. Bandwidth Limit Exceeded

    The server is temporarily unable to service your request due to the site owner reaching his/her bandwidth limit. Please try again later.

    Apache Server at www.dictionary.gov.lk Port 80

    ReplyDelete
  24. නලින් මෙන්න මටත් ලැබුන උත්තරේ. වැඩේ හොඳ උනාට ප්‍රධාන පහසුකම් අධ්‍යයනය කරල නැහැ වගේ.

    Bandwidth Limit Exceeded
    The server is temporarily unable to service your request due to the site owner reaching his/her bandwidth limit. Please try again later.
    Apache Server at www.dictionary.gov.lk Port 80

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT