සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශයේ,  තලගස්ස හා පරදුව යාකෙරෙන නිල්වලා ගඟ හරහා වැටී ඇති වැල් පාලම ස්ථිපිත කර ඇත්තේ මෙයට වසර 100 කටත්, ඉහතදී බව ප්‍රදේශයේ පැරැන්නන් සඳහන් කරති. 
 පාසැල් ළමුන් , රජයේ හා පෞද්ගලික අංශවල රැකියා සඳහා යන්නන් අකුරැස්ස - මාතර හා අකුරැස්ස - ගාල්ල යන ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශවීමේ  ඉතාමත් කෙටි මාර්ගයක් ලෙස මෙම වැල්පාලම උපයෝගී කරගන්නා අතර, අතදරුවන් රැගෙන රෝහල වෙත යන කාන්තාවන් මෙන්ම ගැබිණි මාතාවන් විශාල පිරිසක්ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායන වෙත ගමන් ගන්නේද  මෙම පාලම හරහාය.
 දිනපතාම දහසකට අධික පිරිසක් මෙම වැල්පාලම හරහා ගමන් කරන අතර , මිනීමරු කිඹුලන් වෙසෙන නිල්වලා ගඟ හරහා යොදා ඇති පාලම දිරාපත් වෙමින් පවතින අයුරු පෙන්වා දෙන ප්‍රදේශවාසීන් අප හා පැවසුවේ පාලමේ ගමන අනතුරකට අතවැනීමක් වන බවත්, 70 දශකයේදී පාසැල් ගුරුවරියක් මෙම වැල්පාලම මතින් නිල්වලා ගඟට බිලිවී ඇති බවත්  සිහිගන්වමිනි.
කලින් කලට මෙම පාලමෙහි දිරාපත්වන ලෑලි පටි අළුත්වැඩියා කරන මුත්, කලක සිට පාලමෙහි අත්ඇඳි වලට යොදා ඇති හා පාලම ඇද ගැටගසා ඇති වානේ කම්බිද දිනෙන් දින දිරාපත්වෙමින් පවතී.  යොදා ඇති ලෑලි පටිද තැනින් තැන දිරාපත්වී කැඩී ඇති අතර, ඇතැම් ස්ථානවල ලෑලි පටිද නිසියාකාරව නොමැත.
මෙයට සතියකට පමණ පෙර, කඩිනමින් පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස  ඉල්ලමින් ප්‍රදේශවාසීන් එකතුව උද්ඝෝෂණයක්ද දියත් කර තිබුනි.
මෙම වැල්පාලම කුමන ආයතනයකට අයත්වනවාදැයි කිසිවෙකුත් නොදන්නා බව පසුගියදා පැවැති අකුරැස්ස  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කථිකාවක් පවා ඇතිවිය. පාලමෙහි එක් පැත්තක් අතුරලිය ප්‍රාදේශීයසභාවටද අනෙක් පස අකුරැස්ස ප්‍රාදේශීය සභාවටද අයත් වේ. මාර්ග සංවර්ධන අධිකාරියටද අයත් නොවන බව එම රැස්වීමේදී ප්‍රකාශ වුනි.
කෙසේ වෙතත්,  පසුගියදා අකුරැස්ස ආසනයේ විවිධ වැඩසටහන් කිහිපයක් සඳහා දකුණු පළාත් සභාවේ සභානායක මනෝජ් සිරිසේන හා හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන යන මහත්වරුන්ගේ ආරාධනය අනුව පැමිණි  යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඔවුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව,  ‍මෙම ‍අනතුරුදායක වැල්පාලම සියැසින් දැකබලාගෙන යම් විසඳුමක් ලබාදීමේ අරමුණින් තලගස්ස ප්‍රදේශයෙන් මෙම වැල්පාලමට ගොඩවී  ඇත.
ඔහුගේ මැදිහත්වීම මත  ත්‍රීරෝද රථයක් ගමන්කිරීමට හැකිවන අයුරින් කඩිනමින් වැල්පාලම ඉතාම හොඳ තත්වයකින් තනා දෙන්ට පියවර ගෙන ඇත
-------------------------------------------------------------------------------------------
විජිත සල්ගාදු 

2 comments:

  1. අනේ මේ අපේ ගෙවල් ලග පාරටත් දැන් අවුරුද්දකට වැඩිය තාර දාන්න ගල් ගෙනත් දාලා... තාම තාර දැම්මේ නැහැ.... පාර ලොකු කරන්න ඕනි කියල තමා වැඩේ නවත්තලා තියෙන්නේ. ඒත් දැන් දෙකෙන් එකක්වත් වෙන්නේ නැ. පාරේ යන්නත් බැරි තරම් දැන්. වාහනත් ඔක්කොම සවුත්තු වෙනවා. ගල් ගොඩවල් නිසා තවත් අමාරුයි. අපොයි එපා වෙනවා....

    ReplyDelete
  2. අපේ පැත්තේ නම් ඔය වගේ වැල් පාලම් නෑ. හොඳ වෙලාඅවට ගඟකුත් යන්නේ නෑ. ඒ හින්ද අපි ගොඩ. ඒත් ඉතින් මේ වගේ වැලක් උඩ යන එකත් හෙන බයානක වැඩක්.

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT