සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

චාරිකා සටහන් හා පොත් විචාර ලියමින් මා ආරම්භ කළ සමකය වටේ අඩවියට පසු කාලීනව තවත් විශේෂාංග ද එක්කළෙමි. ඉත් අනතුරුව විවිධ විචාරයන් ද මා අරබයා ඇති වන හැටි දුටුවෙමි. විටෙක මා කඩේ යන්නෙකු ලෙසද හැඳින් විණි. ඒ මා දිනමිණ සාමාජිකයෙකු බව හෙළි කරමින් සෘජුවම නියම නමින් පෙනී සිටි නිසාවෙනි. ඉතින් එහෙමනම් මෙන්න අපේ කඩේ යාම ගැන බිඳක්.මොන විවේචන තිබුණද ඔබ හා බැඳි ලෙංගතු කමට එම විවේචන බාධකයක් නොවේ...විවේචනය මට ශක්තියකි....





ආණ්ඩුවේ හොරණෑව යැයි නමක් අපට පටබැඳී තිබේ. ආණ්ඩුවට කඩේ යනවා යැයි විවේචනයක් ද අප වෙත එල්ල වී තිබේ. නම් පටබැඳීම ගැන හෝ විවේචන එල්ලකිරීම ගැන හෝ විරෝධයක් අප තුළ නැත. සිතිවිලි හා සිහින බැඳ දැමිය නො හැකි ය. ඒවාට සීමා - මායිම් නැත. හේතු ප්‍රත්‍යය ද නැත. මිනිසාගේ ආකල්ප හා මතිමතාන්තර ද එසේම ය. ඒවාට නිදහසේ ගලායෑමට ඉඩතැබීම යුතුකම ය. අවශ්‍ය තැන දී පමණක් හැරවුම් ලක්ෂයක් ඇති කිරීමට අපි ප්‍රයත්න දරමු. කුමක් වුව ජනතාව වෙනුවෙන් පෙනී සිටීම අපගේ අරමුණ ය. ඔවුන් වෙනුවෙන් කඩේ යා හැකි නම්; කිසිදු ඇඹරීමකින් තොර ව අපි එම කාර්යය ඉටු කරන්නෙමු.
රජය හා ආණ්ඩුව යනු වචන දෙකකි. සංකල්ප දෙකකි. අර්ථ දෙකකි. එහෙත් ජනතාව මේ වචන දෙක ම භාවිත කරනුයේ එක ම තේරුමක් සඳහා ය. අද දවසේ පාලන තන්ත්‍රය හැඳින්වීම සඳහා ඔව්හු එම වචන දෙක ම භාවිත කරති. එය වෙනස් කළ නො හැකි ය. කුමක් වුව රජය යනු ද ජනතාව ය. ආණ්ඩුව යනු ද ජනතාව ය. දේශපාලන අර්ථයකින් විග්‍රහ කරන විට ආණ්ඩුවක් පත් කරනුයේ ජනතාව ය. එනම්; ජනතාවගේ පරම බලය වූ ඡන්ද අයිතියෙන් ආණ්ඩුවක් පත් කෙරේ. එසේ නම්; බහුතර ජනතාවකගේ ජන මනස වෙනුවෙන් පෙනී සිටීම වරදක් ද? ඔවුන් සඳහා කඩේ යෑම වරදක් ද?

ලෝකයේ විධිමත් පුවත්පත් කලාව ආරම්භ වී වසර 400කට වඩා ගෙවී ගොස් නැත. එදා සිට අද දක්වා සෑම පුවත්පතකටම න්‍යාය පත්‍රයක් තිබේ. ඉලක්කයක් තිබේ. සේවාවක් තිබේ. අපගේ න්‍යාය පත්‍රය සැකසී ඇත්තේ ජනතාව වෙනුවෙන් ය. ඒ අනුව ජනතාව පත් කළ ආණ්ඩුවක් ආරක්ෂා කිරීම අපගේ ප්‍රතිපත්තිය වේ. ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ කිසිදු වරදක් ද අපට නො පෙනේ. එහෙත් රජයේ ඇතැම් ආයතන විවේචනය කළ යුතු තැන දී අපි එය නො වලහා ඉටු කරන්නෙමු. එහෙත් එම විවේචනය සද්භාවයකින් යුතුව කරන්නට අපි වග බලා ගනිමු. එය අපගේ ශෛලිය හා මෝස්තරය වේ.

මේ යුගය වනා හී ලෝකයේ සියලු පුවත්පත් ආයතන අභියෝගයට ලක් වී ඇති කාලයෙකි. මේ වන විට ප්‍රවෘත්ති දැන ගැනීම සඳහා පුවත්පත් මිලට ගැනීම අවසන් වෙමින් පවතී. වඩාත් වේගවත් හා සජීවී ප්‍රවෘත්තිකරණයක් විද්්‍යුත් ජනමාධ්‍යයට පවතී. විද්යුත් ජනමාධ්‍ය විසින් මුද්‍රිත ජනමාධ්‍යය ආක්‍රමණය කර තිබේ. ඒ අනුව නව උපාය මාර්ග ඔස්සේ පුවත්පත් ජනප්‍රිය කරවීමට අපට සිදු වී තිබේ. එම උපාය මාර්ග මොනවාදැ’යි පැහැදිලි නොකරන නමුදු අප පරාජය වී නැති බව පමණක් කියන්නට කැමැත්තෙමු. ගිය වසරේ අපගේ ආදායම රුපියල් ලක්ෂ තිස්හත්දහසකි. එය මෙරට ජනමාධ්‍යය ආයතනයක් ගිය වසරේ ලැබූ ඉහළම ආදායම බව ද කියන්නට කැමැත්තෙමු.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් “ලේක්හවුස්” ආයතනය මෙරට පවත්නා පැරැණිම හා විධිමත් ම මුද්‍රිත ජනමාධ්‍ය ආයතනය වේ. අග්නිදිග ආසියාවේ පවත්නා ඓතිහාසික ජනමාධ්‍ය ආයතනයක් ලෙස ද එය ගෞරවයට පාත්‍ර වේ. කලින් කලට විවිධ පුවත්පත් සමාගම් බිහි වන අතර ඒවා සමඟ තරගයක යෙදෙන්නට ද අපට සිදු වී තිබේ. එම තරගයට ද මුහුණ දෙමින් විවිධ පාලන තන්ත්‍ර යටතේ ක්‍රියාත්මක වීමට ද අපට සිදු වේ. එය එක් අතකින් අභියෝගයකි. විශාල ම අභියෝගය වන්නේ ආයතනයක් මුල්‍යම ය වශයෙන් අසාර්ථක නො වී පවත්වාගෙන යෑම ය. එම අභියෝගය අප විසින් සාර්ථක ව ජයග්‍රහණය කර තිබේ. ලබන වසරේ අපගේ ඉලක්කය රුපියල් ලක්ෂ හතළිස් දහසක ආදායමකි.

බොහෝ ආයතන ලාභ ලබන’මුත් සේවකයාට නිසි ලෙස සලකන්නේ නැත. සේවකයාගේ ශ්‍රමයට නියමිත වැටුපක් ගෙවන්නේ ද නැත. නොයෙක් ආයතනවල අඩු පඩියට, අඩු පහසුකම් යටතේ වැඩ කරන සේවකයන්ගේ අෙඳීනාව අපි අසා ඇත්තෙමු. ඒ අතින් ලේක්හවුස් ආයතනය බොහෝ වෙනස් ය. එහි ප්‍රධාන සම්පත වැඩ කරන සේවකයා ය. මෙතරම් ප්‍රසාද දීමනා දෙන ආයතනයක් ශ්‍රී ලංකාවේ කිසිදු තැනෙක නැත. මෙතරම් පහසුකම් ඇති ආයතනයක් ද මෙතරම් නිදහසක් ඇති ආයතනයක් ද ශශ්‍රී ලංකාවේ කිසිදු තැනෙක නැත. මේ වසරේ සිට සියලු ම සේවකයන්ගේ මාසික වැටුප රුපියල් දහසකින් වැඩි කිරීමට ද ආයතනය තීන්දු කර තිබේ.

ආයතනයක සාර්ථක හෝ අසාර්ථක හෝ තත්ත්වයෙන් අඩකට පමණ ම වගකිව යුත්තේ එහි පාලකයා ය. හෙවත් ආයතන ප්‍රධානියා ය. ලේක්හවුස් ආයතනයේ පාලකයා එහි සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. වත්මන් සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂවරයා බන්දුල පද්මකුමාර මහතා ය. ඔහු මුළු රටම හඳුනන ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. බන්දුල පද්මකුමාර මහතා ලේක්හවුස් ආයතනය භාර ගත්තේ මීට වසර පහකට පෙරාතුව ය. ඒ වන විට ආයතනයේ මුල්‍ය ශක්තිය යම් පමණකින් පිරිහී තිබිණි. මේ වන විට එම අංශ දෙක ම යථාවත් කිරීමට සභාපතිවරයාට හැකි වී තිබේ. එය විශාල ජයග්‍රහණයක් ලෙස සටහන් කර තබමු.

ආණ්ඩුවේ හොරණෑව යැයි විවේචනයක් තිබුණ ද රාජ්‍ය භාණ්ඩාගාරය මේ ආයතනය සඳහා මුදල් වෙන් කරන්නේ නැත. එබඳු අපේක්ෂාවක් ද මෙහි පාලනා’ධිකාරිය තුළ නැත. ලේක්හවුසිය වනා හී ස්වාධීන ආයතනයකි. එය මුදල් උයමින් ලාභ ලබන ආයතනයක් ලෙස බරපතළ ජනතා සේවයක් ද ඉටු කරයි. රටේ පොදු මහත් ජනතාවගේ අධ්‍යාපනය, දැනුම හා රසාස්වාදය ඉහළ මට්ටමකට රැගෙන යෑම මේ ආයතනයේ එක් ඉලක්කයකි. ඒ සඳහා නූතන තාක්ෂණය ද, පරිකල්පනය ද උපරිමයෙන් යෙදැවීම අපගේ ප්‍රතිපත්තිය වේ. එහි අති සාර්ථක කඩඉමකට අපි දැන් පැමිණ සිටිමු. මේ ජයග්‍රහණය අපගේ ජයග්‍රහණයකටත් වඩා ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස සලකන්නට කැමැත්තෙමු.

අප ආයතනය වඩාත් වැදගත් යැයි සලකන සම්පත් දෙකක් තිබේ. පළමු සම්පත නම් ; අපගේ පාඨක ප්‍රජාව ය. ඔවුන් නො වන්නට මේ කිසිදු ජයක් අප වෙත ළඟා නො වේ. දෙවන සම්පත නම් ; අපගේ සේවක ප්‍රජාව ය. ආයතනය ලබන ජයග්‍රහණ යනු සේවක ප්‍රජාවගේ දහදිය මහන්සියේ ප්‍රතිඵල ය. මේ සම්පත් දෙක ද ආරක්ෂා කරමින් දුර ගමනක් යෑම අපගේ ඉලක්කය යි. එබැවින් කඩේ යෑමට බයක් අප ළඟ නැත. මන් ද? අප කඩේ යන්නේ ජනතාව සඳහා බැවිනි.
මේ අද දින දිනමිණ කතුවැකියයි.

21 comments:

  1. කවදත් පවතින ආණ්ඩුවේ හොරණැව බව නොකිය මනාය. මොන ආණ්ඩුව ආවත් තාම කන්නේ ඩී එස් ලොක්කාගෙන් එන වී ටික බව මතක තබා ගැනීම හොදය.. මාතලං ගේ කතාව මට ආරුඩ වෙලාය.. උඹට හොදනං අපිට මොකදැයි අපිම අහගන්න එක වඩා සුභය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දේශකයා රාජ්‍ය මාධ්‍ය කියන්නේ..

      Delete
  2. මා දේශපාලන මාතෘකා ගැන කතා කිරීමට අකමැති මුත් මේ මාතෘකාව පළිබඳ මගේ අදහස ලියා තැබීමට අදහස් කරමි..
    මට නැගෙන මුල්ම ප්‍රශ්නය නම් කඩේ යන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවට පමණක්ද යන්නය.. තවත් බොහෝ මාධ්‍ය ප්‍රසිද්ධියේ කුඩා දෙකයි පණහේ දේශපාලන පක්ෂ වලට කඩේ යයි(ප්‍රධාන විපක්ෂයටනම් ඒත් කමක් නැත).. නමුත් ඒ පිළිබඳව කිසිවෙකු කතා නොකිරීම ප්‍රශ්නයකි..
    මෙසේ උදාහරණයක් දක්වමි..
    පහුගිය දිනක(මට මතක ලෙස වසරකට වත් පෙර) ස්වර්ණවාහිනියේ විකාශය වන මුල් පිටුව ඉදිරිපත් කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාට එක් පුවත්පතක් "පුළුවන්නම් කියවන්න"යන සිරස යටතේ ප්‍රවෘත්තියක් පළ කොට තිබුණි.. ඉන් කියවුණේ මුල් පිටුව ආණ්ඩුවට කඩේ යන බවකි..
    බන්ධුල පද්මකුමාර මහතා ඒ පුවතද කියවීය.. මෙතන ඇති හාස්‍යට කරුණ නම් අදාල පුවත්පත එක්තරා පක්ෂයක නිල නොවන පක්ෂයේ පුවත්පතක් වීමය..
    ප්‍රශ්නය කඩේ යාම නම් එය සියලු දෙනාටම පොදු වියයුතුය.. ලංකාවේ ආණ්ඩුවේ සංවර්ධන පුවත් කියවීමට (ඕනම ඇණ්ඩුවක් ඇතිවිට) සෙනග වැඩිය.. මන්ද ආණ්ඩුවක් පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙන් වන බැවිනි..
    ඉතින් එසේ තිබියදී කුඩා පක්ෂ වලට කඩේ යාම අනුමත කර බහු ජනතාවගේ පක්ෂයට කඩේ යාම හෙලා දැකීම විහිලුවකි..
    එය හෙලා දැකීමට මධ්‍යස්ථ වියයුතුබව යාන්ත්‍රිකයාගේ හැඟීමයි..

    රටේ විවිධ අදහස් ඇති මිනිසුන් සිටින බව අමතක නොකළ යුතුය.. ආණ්ඩුවට මෙන්ම විපතක්ෂයට ඡන්දෙ දෙන ඒ අතර ඇත.. ඉතින් ඔවුන්ගේ පුවත් දැනගැනීමේ අභිලාෂය ද වෙනස්ය.. එය අප සිහි තබා ගත යුතුය..

    ඊළඟට මටද කඩේ යනවා යැයි කීමට බැරි කමක් නැත.. නමුත් කිව යුතු දේ කියයුතුය.. මගේ බ්ලොගයේ දේශපාලන ලිපි පළ නොවන්නේ ඒ නිසාය..

    ReplyDelete
    Replies
    1. විවෘත මනසකින් මේ දෙස බැලීම ගැන සහ දීර්ඝ කමෙන්ටුවට ස්තුතියි යාන්ත්‍රිකයා

      Delete
  3. ආන්ඩුවට කඩේ ගියාට අවුලක් නැත. නමුත් වැරදි පෙන්වා දිය යුතුය. වැරදි දේ නිවැරදි දේ ලෙස දැකීමත්, නිවැරදි දේ වැරදි ලෙස දැකීමත් කඩේ යාම නොව. ඇන්දීමකි. අවසානයේ හෙළුවෙන යන තුරු දන්නේ නැත.

    ReplyDelete
  4. සමහර මාධ්‍ය අපි සමබර පුවත් පල කරනවා යයි පවසති. එත් පුවතක් සමබර වන්නේ කෙසේද?
    පුවතක් යනු ඇත්ත සිදුවීමක් ය. එය සමබර කරන්නේ ඇයි? එවැනි අයිතියක් මාධ්‍ය ආයතන
    වලට තියෙනවද?

    ReplyDelete
    Replies
    1. පුවතකට විවිධ මානයන් තියෙනවා ශ්‍රී ලාල්

      Delete
  5. මට කොයි එකාගේ දේශපාලනයත් තිත්ත බව නලීන් දැනටමත් දන්නවා ඇතැයි සිතමි.
    මගේ ඒ දේශපාලන ආසාත්මිකතාව ඇතිවූයේ මා ලේක්හවුස් ආයතනයේ ‍රැකියාවකට ගොස් දේශපාලනය නොකරන පාපකර්මය නිසා නිසා බෙල්ල කපාදැමූ දින සිටය. ඒ ගැන වැඩි විස්තර පෝස්ට් එකක් හැටියටම දැම්මොත් හොඳයයි සිතේ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔබ ලේක් හවුස් සේවකයෙක් සේ සිටි බවක් මා දැන සිටියේ නැත. ලියන්න එය ලියන්න.

      Delete
  6. ඔව් අනුන්ව අන්දනපුරුද්ද තවම තියෙනවා මිනිසුන් අතර. පාරක් හදලා දෙන්නම්, අරකයි මේකයි කියලා මිනිසුන් ඇන්දුවට මිනිස්සුත් මෝඩයෝ වගේ ඇඳෙන එක නම් හරිම අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියනේ ඇසිය යුතුයි නේ මලයා

      Delete
  7. ආණ්ඩුව / රජය යනු ජනතාව බව පවසා, අපි කඩේ යන්නේ ජනතාව වෙනුවෙන් බව පැවසීම පැහැදිලි ඇන්දවීමකි. ජනතාව පත් කරගත් ආණ්ඩුවක් ආරාක්ෂා කරගතයුතු බවට නියමයක් මාධ්‍යවලට නැත. අනික කාගෙන්ද ආරක්ෂා කරන්නේ? එම පුවත්පත් කියවන, ආණ්ඩුව පත් කරගත් ජනතාවගෙන්මද? පත්කල ආණ්ඩු වෙනස් කරන්නේද, ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නේද ජනතාවමය. ජනතාව තමන් පත්කල ආණ්ඩුව, තමන් අපේක්ෂා කල පරිදි කටයුතු කරනවාද නැද්ද දැනගන්නේ මාධ්‍ය මගිනි. මේ ආණ්ඩුව ජනතාව පත්කල ආණ්ඩුවක් බව පවසා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ඒ අතින් ගත්කල කිසිම තාර්කානුකූල ප්‍රකාශයක් නොවේ.

    ඒ කතු වැකිය ගැනය...

    නලීන් දිල්රුක්ෂ යන පුද්ගලයා ගත් කල, ඔබ සේවය කරන ස්ථානය ඉහත ආකාරයේ කඩේ යන එකක්ද නැද්ද යන්න මට අදාල නැත. රත්න ශ්‍රී පවා ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකි. ඔබ මට අදාල වන්නේ, ඔබගේ බ්ලොග් එක හරහා බැවින් මෙහි පලවන දෑ ගැන මට කියන්නට යමක් ඇත්නම් ඒ ගැන කතාකරමි. ඔබගේ රැකියා ස්ථානය නිසා ගොඩනගාගත් පූර්ව නිගමන මා ලඟ නැත.

    ReplyDelete
    Replies
    1. ත්සර සහෝ ඔබගේ සහෝදරත්වය හරිම අපූර්වය. තදින්ම මා සිතට එය කාවැදිණි.

      Delete
  8. ආයතන සේවකයා ගරුකටයුතු කෙනෙකැයි සිතනා ආයත්නයක් වෙතොත් එය අනිවාර්යයෙන්ම දියුනුව කරා පිය නගන බව නම් ස්තීරය. ඔබට ජයවේවා නලින් සහෝදරයා. සුභ නව වසරක් වෙවා...!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් සහෝ...

      Delete
  9. යාළුකම පැත්තක දාල හොඳ (මගේ පෞද්ගලික) උත්තරයක් දෙන්න හැදුවෙ.. ඒත් අන්තිමට තිබුණ //මේ අද දින දිනමිණ කතුවැකියයි.// කියන එක දැක්කම මේක වෙනස් උනා. ඒ මේක ඔබතුමාගෙ පෞද්ගලික අදහස නොවන නිසා...

    ReplyDelete
    Replies
    1. යසිත් කේන්ති ගියා ද මා ගැන....

      Delete
  10. නලින් මේ ගැන කමෙන්ටුවක් නො දමන්නෙමි. දෙශපාලනය හා අසැබි පොස්ට් වලින් ප්‍රතිපත්තියක් ලෙස ඈත්වී සිටිමි. ඔබේ අදහස් වලට ගරු කරමි.

    ReplyDelete
    Replies
    1. කිසිම අමනාපයක් නෑ චන්දි මා දන්නවා ඔබ කවදත් මට ලෙංගතු බව.

      Delete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT